24.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
ශිව පරමාත්ම දෙවියන් පවසයි සුමිහිරි දරුවනි, මා සිහිපත් කර මට සෙනෙහස පාන්න, මන්ද ඔබව නිරන්තරයෙන් සතුටට පත් කරවීමට පැමිණෙන්නේ මා පමණයි.

ප්‍රශ්නය:
දිගින් දිගටම නොසැලකිලිමත් වන දරුවන්ගේ මුවගින් ඉබේටම පිට වන්නේ කුමන වදන්ද?

පිළිතුර:
මගේ භාග්‍යයේ ඇති කුමන හෝ දෙයක් මට ලැබෙයි! මා කොහොමත් නිසැකයෙන්ම දිව්‍ය ලෝකකයට යයි! බාබා පවසන්නේ මේවා උත්සාහ දරන දරුවන්ගේ වදන් නොවෙයි. ඔබ උසස් තත්ත්වයක් හිමි කරගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඔබට උසස් තත්ත්වයක් ලබා දීමට පියා පැමිණ ඇති බැවින්, නොසැලකිලිමත් වන්න එපා!

ගීතය:
ඔබගේ ළමා කාලය අමතක නොකරන්න.

ඕම් ශාන්ති.

සුමිහිරි ආධ්‍යාත්මික දරුවනේ, ගීතයේ එම පද පේළියේ අරුත ඔබට වැටහුණා. ඔබ දැන් දිවි ඇති තුරා, පියා සතු වෙයි. ඔබ චක්‍රය පුරාවටම සීමිත පියවරුන්ට අයත් වෙයි. දැන් ඔය බ්‍රහ්මණ දරුවන් අයත් වන්නේ අසීමිත පියාට පමණයි. ඔබට අසීමිත පියාගෙන් ඔබගේ අසීමිත උරුමය හිමි වන බව ඔබට වැටහෙයි. ඔබ පියා හැර ගියොත්, ඔබගේ අසීමිත උරුමය හිමි කරගැනීමට ඔබට නොහැකි වෙයි. ඔබ පහදා දුන්නද, කිසිවෙක් ටිකකින් තෘප්තිමත් වන්නේ නැත. මිනිසුන්ට ධනය උවමනාය. ධනය නොමැතිව සතුට තිබිය නොහැක. ධනය අවශ්‍යයි, සාමය අවශ්‍යයි, එමෙන්ම රෝග වලින් නිදහස් වුණු සිරුරක් අවශ්‍යයි. ලෝකයේ අද තිබෙන්නේ කුමක්ද, එමෙන්ම හෙට දිනයේ වන්නට යන්නේ කුමක්ද කියා, දන්නේ ඔය දරුවන් පමණයි. විනාශය අත ලඟය. මෙම දේවල් වෙනත් කිසිවෙකුගේ බුද්ධියේ නොමැත. විනාශය අත ලඟ බව ඔවුන්ට වැටහුණත්, එබැවින් ඔවුන් කළ යුත්තේ කුමක්ද කියා ඔවුන්ට වැටහෙන්නේ නැත. යුද්ධය ඕනෑම විටෙක සිදු විය හැකි බව, වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. කුඩා ගිණි පුලිඟුවක් (යුද්ධයේ) ඇති වන්නේ නම්, ගින්න වේගයෙන් පැතිර යාමට වැඩි කාලයක් ගත නොවෙයි. මෙම පැරණි ලෝකය විනාශ වීමට ඉතා ආසන්න බවත්, එබැවින් ඔබ විගසින් පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගත යුතු බවත් ඔය දරුවන්ට වැටහෙයි. ඔබ නිරතුරුවම පරමාත්ම පියාගේ සිහි කිරීමේ සිටින විට, ඔබ බොහෝ ප්‍රබෝදමත්ව සිටියි. ශරීර අවධානයට පත් වීමෙන්, ඔබට පියා අමතක වී, ඔබ දුක් ගනී. ඔබ පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට, අසීමිත පියාගෙන් ඔබට වැඩියෙන් සතුට ලැබෙයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ ලක‍්ෂ්මි සහ නාරායන මෙන් වීමටයි. රජ කෙනෙකුගේ සහ රැජිනකගේ දාසයන් සහ සේවකයන් වීමේ සහ පුරවැසියන්ගේ දාසයන් සහ සේවකයන් වීම අතර විශාල වෙනසක් තිබේ. ඔබ දැන් දරන උත්සාහය, සෑම චක්‍රයකටම, සෑම කලටම නියමිත වෙයි. අවසානයේදී ඔවුන් කෙතරම් උත්සාහ දැරුවේද කියා, සෑම කෙනෙකුටම දර්ශන ලැබෙයි. පරම පියා දැන් වුවද, ඔබගේ ස්ථීතිය පරීක‍්ෂා කර බලන්නට කියා දිගින් දිගටම ඔබට පවසයි. දිව්‍ය ලෝකකයේ උරුමය මට හිමි කරදෙන මිහිරිතම බාබාව මා කෙතරම් සිහිපත් කරනවාද? ඔබගේ සෑම දෙයක්ම රඳා පවතින්නේ සිහිපත් කිරීම මතයි. ඔබ වැඩියෙන් සිහිපත් කිරීමේ සිටින තරමට, ඔබ වැඩියෙන් සතුටින් සිටිවි. එවිට ඔබ බොහෝ සමීපයට පැමිණ ඇති බව, ඔබට වැටහෙයි. ඇතැම් අය බොහෝ වෙහෙසට පත් වී, ගමනාන්තය තව කෙතරම් දුරද කියා සිතයි. ඔවුන්ගේ ගමනාන්තයට ඔවුන් ලඟා වන්නේ නම්, ඔවුන් දැරූ උත්සාහයේ වටිනාකමක් තිබෙයි. ඔබ යන ගමනාන්තය ගැන ලෝකයා නොදනී. දෙවියන් ලෙස හඳුන්වන කෙනා කවුරුන්ද කියාවත් ලෝකයා නොදනී. ඔවුන් දෙවියන් ගැන කතා කරන අතර ඉන්පසුව පවසන්නේ ඔහු ගල් සහ වැලි වලත් සිටින බවයි. ඔබ අයත් වන්නේ පරමාත්ම පියාට බව, ඔය දරුවන් දැන් දන්නවා. ඔබ දැන් පියාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔබ විදේශයක වාසය කළත් ඔබ පියා සිහි කළ යුතුයි. ඔබට ශ්‍රීමත් ලැබෙනවා. සිහිපත් කිරීමේ නොසිට, ජීවාත්මයකට තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය නොහැක. ඔබ පවසන්නේ බාබා, මා සම්පූර්ණ උරුමයම ඔබගෙන් හිමි කරගන්නෙමි. මමා සහ බාබා, ඔවුන්ගේ උරුමය හිමි කරගත් ආකාරයෙන්, මාද උත්සාහ දරා අනිවාර්යෙන්ම ඔවුන්ගේ සිහසුනේ අසුන් ගමි. මමා සහ බාබා, රජකුමරා සහ රාජ කුමාරිය වන අතර මාද එය වෙන්නෙමි. සෑම කෙනෙකුටම විභාගය එකයි. ඔබට උගන්වනු ලබන්නේ ඉතා ටිකයි ඒකායන පියාව සිහිපත් කරන්න, එපමණයි! මෙයට පහසු යෝගාවේ බලය යැයි කියයි. සිහිපත් කිරීම තුළින් ඔබට බොහෝ බලය ලැබෙන බව, ඔබට වැටහෙනවා. ඔබ කිසියම් පාපකාරී ක්‍රියා සිදු කළොත්, බොහෝ දඬුවම් අත්විඳීමට සිදු වන අතර, තත්ත්වය විනාශ වන බවද ඔබට වැටහෙයි. මායා බාධා කරන්නේ ඔබගේ සිහි කිරීමේය. සත්ගුරුට අපහාස කරන අයට, ඔවුන්ගේ ගමනාන්තයට ලඟා විය නොහැකි බව සිහි කර ඇත. එම මිනිසුන් පවසන්නේ ගුරුට අපහාස කරන අය... අශාරීරික කෙනා ගැන කිසිම කෙනෙකුට වැටහෙන්නේ නැත. ඔවුන්ගේ භක්තියේ ඵලය, බැතිමතුන්ට දෙන්නේ, පරමාත්ම දෙවියන් පමණක් බව සිහි කෙරේ. තාපසයින්, පූජකයන් යන සියල්ලන්ම බැතිමතුන්ය. බැතිමතුන් ගංඟා නදියේ දිය නෑමට යයි. බැතිමතුන්ට වෙනත් බැතිමතුන්ට ඵල ලබා දිය නොහැක. බැතිමතුන්ට, බැතිමතුන්ට ඵල ලබා දිය හැකි නම්, ඔවුන් දෙවියන් සිහි කරන්නේ මන්ද? එය භක්ති මාර්ගයයි. සෑම කෙනෙක්ම බැතිමතෙකි. බැතිමතුන්ට ඔවුන්ගේ ඵල ලබා දෙන්නේ, පරමාත්ම දෙවියන් පමණයි. බොහෝ වන්දනාමාන ආදිය සිදු කරන අය, අඩුවෙන් වන්දනාමාන කරන අයට ඵල ලබා දෙනවා නොවෙයි. නැත! භක්තිය යනු භක්තියයි! ඔවුන් නිර්මාණයට උරුමයක් දෙන්නේ කෙසේද? උරුමයක් ලැබෙන්නේ නිර්මාපකයාගෙන් පමණයි. මෙකල සෑම කෙනෙක්ම බැතිමතෙකි. ඔබට දැනුම ලැබෙන විට, ඔබ ඉබේටම භක්තියේ යෙදීම නවතයි. දැනුමට ජයග්‍රහණය තිබේ, දැනුම නොමැතිව, විමුක්තිය තිබෙන්නේ කෙසේද? සෑම කෙනෙක්ම ඔවුන්ගේ කර්ම ගිණුම් පියවා, ආපසු යයි. විනාශය ඉතා ආසන්නයේ ඇති බව, ඔය දරුවන්ට දැන් වැටහෙයි. එයට පෙර උත්සාහ දරා, පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමයම හිමි කර ගන්න! ඔබ පිවිතුරු ලෝකයට යන බව, ඔබ දන්නවා. බ්‍රහ්මණයන් වන අය, උපකරණ වෙයි. බ්‍රහ්මණයෙක්, බ්‍රහ්මගේ මුඛයෙන්-උපන් නිර්මාණයක්, නොවී, ඔබට පරම පියාගෙන් ඔබගේ උරුමය හිමි කර ගත නොහැක. පියෙක් දරුවන් නිර්මාණය කරන්නේ, ඔවුන්ට උරුමයක් ලබා දීමටයි. ඔබ කොහොමත් ශිව බාබාට අයත්ය. ඔහු ලෝකය නිර්මාණය කරන්නේ, ඔය දරුවන්ට උරුමයක් ලබා දීමටයි. ඔහු උරුමය ලබා දෙන්නේ ශාරීරික ජීවයන්ටයි. ජීවාත්ම, වාසය කරන්නේ උඩ ඉහළය. එහි උරුමයක් හෝ ප්‍රතිලාභයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබ දැන් උත්සාහ දරමින්, ඔබගේ ප්‍රතිලාභය හිමි කරගන්නවා ලෝකයා මේ ගැන කිසි දෙයක් නොදනී. කාලය දැන් ලඟා වනවා. බෝම්බ නිපදවා ඇත්තේ නිකම්ම ගබඩා කර තැබීමට නොවෙයි. බොහෝ සූදානම් කිරීම් සිදු වෙනවා. පියා දැන් අපට අණ කරනවා මා සිහි කරන්න! එසේ නැත්නම් ඔබට අවසානයේ බොහෝ සේ අඬන්නට සිදුවෙයි! කෙනෙක් උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් විභාගයක් අසමත් වූ විට, ඔහු කෝපයෙන් ගොස් තමන්ව ජලයේ ගිල්ලවයි. මෙහිදී කෝපය පිළිබඳ ප්‍රශ්නයක් නැත. අවසානයේදී ඔබට බොහෝ දර්ශන ලැබෙයි. ඔබ කුමක් වෙයිද කියා, ඔබට දැන ගන්නට ලැබෙයි. පියාගේ වගකීම වන්නේ ඔබව උත්සාහ කිරීමට දිරිමත් කිරීමයි. දරුවන් පවසන්නේ බාබා, ක්‍රියා සිදුකරන විට සිහිපත් කිරීමේ සිටින්නට අපට අමතක වෙනවා. ඇතමුන් කියන්නේ ඔවුන්ට සිහිපත් කිරීමට කාලය නොමැති බවයි. එවිට බාබා මෙසේ පවසනු ඇත එසේ නම් සිහිපත් කිරීමේ අසුන් ගැනීමට කාලය සාදාගන්න. පියා සිහි කරන්න. ඔබට එකිනෙකාව මුණ ගැසෙන විට, බාබා සිහි කිරීමට උත්සාහ කරන්නට කියා, එකිනෙකාට මතක් කර දෙන්න. එකට අසුන් ගෙන සිටීමෙන් ඔබට ඉතා හොඳින් සිහිපත් කිරීමේ සිටීමට හැකි වෙයි ඔබට උදව් ලැබෙයි. ප්‍රධාන දේ පරමාත්ම පියා සිහි කිරීමයි. විදේශයකට යන කෙනෙක් වුවද එක් දෙයක් පමණක් සිහියේ තබා ගත යුතුයි ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණක් බව. පපරම පියා පවසන්නේ එක් දෙයක් පමණක් මතක තබා ගන්න පියා සිහි කරන්න, එපමණයි. යෝගා බලයෙන් සියලුම පාපයන් පිළිස්සි යයි. පියා පවසන්නේ මන්මනාභව! මා සිහිපත් කරන්න, එවිට ඔබ ලෝකයේ අධිපතියන් වෙයි. ප්‍රධානතම දේ සිහිපත් කිරීමයි. කොහෙවත් යාම පිළිබඳ ප්‍රශ්නයක් නැත. නිවසේ සිට නිකම්ම පියා සිහි කරන්න. ඔබ පිවිතුරු නොවන්නේ නම්, ඔබට සිහිපත් කිරීමේ සිටීමට නොහැකි වෙයි. සෑම කෙනෙක්ම පැමිණ, පංතියේ ඉගෙනගන්නේ නැත. ඔවුන් නිකම්ම මන්ත්‍රයක් ගෙන, ඉන්පසුව ඔවුන්ට අවශ්‍ය තැනකට යයි. ඔබට සතෝප්‍රධාන් වීමට ඇති මාර්ගය පියා දැනටමත් පෙන්වා දී තිබේ. ඇත්ත වශයෙන්ම ඔබගේ මධ්‍යස්ථානයට ඔබ ගිය විට, ඔබට බොහෝ අළුත් කරුණු අසන්නට ලැබෙයි. කුමක් හෝ හේතුවක් නිසා ඔබට යාමට නොහැකි වන්නේ නම්, තද වැස්සක් හෝ ඇඳිරි නීතියක් තිබී කිසි කෙනෙකුට පිටතට යෑමට නොහැකි නම්, ඔබ කරන්නේ කුමක්ද? පියා පවසන්නේ එයට කමක් නැත! ශිවාගේ ප්‍රතිමාවකට ඔබට කිරි හෝ ජලය පූජා කළ හැක්කේ දේවාලයක පමණක් නොවෙයි. ඔබ කොහේ සිටියත් සිහිපත් කිරීමේ සිටින්න! ඇවිදින අතර සහ එහෙ මෙහෙ යන අතර, සිහිපත් කිරීමේ සිටින්න. අන් අයට කියන්න පියාව සිහි කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වී, ඔබ දේවතාවන් වෙයි. තිබෙන්නේ වචන දෙකයි. ඔබගේ උරුමය ඔබ පියා, නිර්මාණකරුගෙන් හිමි කර ගත යුතුයි. නිර්මාණකරු, එක්කෙනෙක් පමණයි. ඔහු ඔබට බොහෝ පහසු මාවතක් පෙන්වනවා! පියා සිහිකිරීමේ මන්ත්‍රය ඔබට ලබා දී තිබේ. පියා පවසන්නේ මෙම ළමා කාලයේ දින අමතක කරන්න එපා! අද ඔබ සිනහසෙන නමුත්, හෙට, ඔබ පියා අමතක කළහොත් ඔබට අඬන්නට සිදුවෙයි. ඔබගේ සම්පූර්ණ උරුමයම ඔබ පියාගෙන් හිමි කරගත යුතුයි. ඔවුන් අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකකයට යන බවත්, ඔවුන්ගේ භාග්‍යයේ ඇති කුමක් හෝ ඔවුන්ට ලැබෙන බවත්, කියන බොහෝ දෙනෙක් සිටියිි! එවන් අයට උත්සාහ දරන්නන් යැයි නොකියයි. මිනිසුන් උත්සාහ දරන්නේ උසස් තත්ත්වයක් හිමි කරගැනීමටයි. දැන් ඔබට පියාගෙන් උසස් තත්ත්වයක් හිමි කරගත හැකි බැවින්, ඔබ නොසැලකිලිමත් වන්නේ ඇයි? ඔබ පාසැලේදී ඉගෙනගන්නේ නැත්නම්, ඔබට, ඉගෙනගත් අය ඉදිරියේ හිස නමන්න සිදුවෙයි. පරමාත්ම පියාව සම්පූර්ණයෙන් සිහි නොකරන අය, පුරවැසියන්ගේ සේවකයන් සහ දාසයන් බවට පත් වෙයි. ඔබ එයත් සමඟ සතුටු නොවිය යුතුයි. දරුවන් පෞද්ගලිකවම මෙහි පැමිණ, නැවුම් වී ආපසු යයි. බන්දන වල සිටින බොහෝ දෙනෙකි එයට කම් නැත, මන්ද ඔවුන්ට නිවසේ අසුන්ගෙන සිටියදී, පියා සිහි කළ හැක. මරණය අත ලඟ බවත්, යුද්ධය හදිසියේම ආරම්භ වන බවත් පියා බොහෝ වාර ගණනක් පහදා දී තිබේ. යුද්ධයක් ආරම්භ වීමට ආසන්න වන විට එය දැක ගත හැක. ඔබට රේඩියෝවෙන් සෑම දෙයක්ම දැනගත හැක. ඔවුන් එකිනෙකාට තර්ජනය කරගනී ඔබ වරදක් කළොත්, අපි මෙය කරනවා. ඔවුන් මේ අන්දමින් පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දෙයි. ඔවුන්ගේ බෝම්බ ගැන ඔවුන්ට විශාල මානයක් ඇත. පරම පියා පවසන්නේ දරුවන් යෝගා බලයෙන් එතරම් දක‍්ෂ වී නැහැ. නාටකයට අනුව, යුද්ධය නිකම්ම ඒ අන්දමින් ආරම්භ වන්නේ නැත. දරුවන් තවමත් ඔවුන්ගේ සම්පූර්ණ උරුමය හිමි කරගෙන නැහැ. මුළු රාජධානියම තවමත් ස්ථාපිත වී නැත. තව ටික කාලයක් අවශ්‍යයි. බාබා ඔබව උත්සාහ දැරීමට දිරිමත් කරයි. යමක් සිදු වන්නේ කොයි මොහොතේද කියා ඔබට කිව නොහැක අහස් යානා කඩා වැටෙයි, දුම්රිය අනතුරු සිදුවෙයි! මරණය බොහෝ පහසුවෙන් අත ලඟ සිටිනවා. භූමි කම්පා සිදුවනවා. වැඩිම කාර්යයක් කළ යුතුව තිබෙන්නේ භූමි කම්පාවලටය. පොළව සෙලවෙන විට පමණයි, ගොඩනැගිලි ආදිය කඩා වැටෙන්නේ. මරණය පැමිණෙන්නට පෙර ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කරගන්න! එබැවින් බොහෝ සෙනෙහසින් යුතුව පරමාත්ම පියා සිහිපත් කරන්න. බාබා, මට වෙනත් කිසිවෙක් නොමැත, ඔබ පමණයි! දිගටම පියා සිහිපත් කරන්න, එපමණයි! බාබා මෙතැන අසුන් ගෙන, ඔබ කුඩා දරුවන්ට විස්තර කරන ආකාරයෙන් බොහෝ පහසුවෙන් විස්තර කරයි. ඔහු ඔබට වෙනත් අපහසුතාවයක් නොදෙයි. ඔහුව සිහිපත් කරන්න, එපමණයි. රාගයේ කොත මත අසුන් ගැනීමෙන් ඔබ පිළිස්සී ඇත. දැන් දැනුම කොතේ අසුන්ගෙන, පාරිශුද්ධ වන්න! ඔබගේ අරමුණ කුමක්ද කියා ඔබගෙන් මිනිසුන් විමසු විට, ඔවුන්ට කියන්න සියල්ලන්ගේම පියා වන ශිව බාබා පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී, ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි. කලි යුගයේ සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්ය. සියල්ලන්ට විමුක්තිය පිරිනමන්නා, පරමාත්ම පියා පමණයි. පියා පවසන්නේ දැන් මා සිහිපත් කරන්න, එවිට මළකඩ ඉවත් වෙයි. ඔබට අඩු තරමින් මෙම පණිවිඩය දිය හැක! ඔබම සිහිපත් කිරීමේ සිටින විට පමණයි, ඔබට අන් අයට මේ ගැන මතක් කළ හැකි වන්නේ. එසේ නැත්නම් එය ඔබගේ හදවතින්ම මතු නොවෙයි. පියා විස්තර කරන්නේ ඔබ කොහේ සිටියත් ඔබට හැකි තාක් කාලයක්, සිහිපත් කිරීමේ සිටින්න. ඔබට කවුරු මුණ ගැසුණත්, ඔවුන්ට මෙම අවවාදය දෙන්න මරණය අත ලඟයිි! පියා පවසන්නේ ඔබ සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් සහ අපවිත්‍ර වී තිබේ. දැන් මා සිහිකර, පිවිතුරු වන්න! අපවිත්‍ර වී තිබෙන්නේ ජීවාත්මයයි. ස්වර්ණමය යුගයේ ජීවාත්ම පිවිතුරුයි. පියා පවසන්නේ සිහිපත් කිරීම තුළින් පමණයි, ජීව පිවිතුරු වන්නේ වෙනත් මඟක් නැත. මෙම පණිවිඩය දිගටම සෑම කෙනෙකුටම ලබා දෙන්න, එවිට බොහෝ දෙනෙකුට යහපතක් සිදුවෙයි. බාබා ඔබට වෙනත් කිසිම අපහසුතාවයක් නොදෙයි. සියලුම ජීවාත්ම පිවිතුරු කරවන්නේ, පාරිශුද්ධකරු පරමාත්ම පියා පමණයි. පියා සෑම කෙනෙක්වම වඩාත්ම ශ්‍රේෂ්ට ජීවයන් බවට පත් කරවයි. පිදුම් ලබන්නට සුදුසුව සිටි අය, වඳින්නන් බවට පත් වී ඇත. අපි රාවනගේ රාජධානියේ වඳින්නන් බවට පත් වනවා. රාමාගේ රාජධානියේ අපි පිදුම් ලබන්නට සුදුසු වනවා. එය දැන් රාවනගේ රාජධානියේ අවසානයයි. මෙම මාර්ගය, වෙනත් අයටද පෙන්වන්න. වඳින්නන්ගෙන් අපි දැන් පියා සිහිපත් කිරීමෙන්, පිදුම් ලබන්නට සුදුස්සන් බවට පත්වනවා. මහළු මව්වරුන්ද සේවය කළ යුතුයි, මෙම පණිවිඩය, ඔබගේ නෑ මිතුරන්ටද දෙන්න. බොහෝ විවිධ මාදිලියේ ආධ්‍යාත්මික හමුවීම්, පංසල් ආදිය තිබේ. ඔබගේ එය එක් මාදිලියක් පමණයි. පියාගේ හැඳින්වීම සරළව දෙන්න. ශිව බාබා පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න, එවිට ඔබ දිව්‍ය ලෝකකයේ අධිපතියන් වෙයි. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන, අශාරීරික ශිව බාබා, ජීවාත්මයන්ට පවසන්නේ මා සිහි කරන්න, එවිට තමෝප්‍රධාන් බවින් ඔබ සතෝප්‍රධාන් වෙයි. මෙය විස්තර කිරීම පහසුයි, එහෙම නේද? මහළු මව්වරුන්ට පවා සේවය කළ හැක. ප්‍රධානතම දෙය, මෙයයි. ඔබ විවාහ උත්සව ආදියට ගිය විට, මෙය ඔවුන්ගේ කණට මුමුණන්න. ගීතාවේ දෙවියන් පවසන්නේ මා සිහි කරන්න! සෑම කෙනෙක්ම මෙයට කැමති වනු ඇත. ඊට වැඩි දෙයක් කියන්නට අවශ්‍ය නැත. සරළව, පියාගේ පණිඩිඩය දෙන්න මා සිහි කරන්න! අච්චා, පරමාත්ම දෙවියන් ඔබව දිරිමත් කරවනවා කියා සිතන්න! ඔබ සිහිනෙන් දර්ශන දකිනවා. ඔබට හඬ ඇසෙයි. පියා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි. තවද ඔබ නිකම්ම දිගින් දිගටම මේ ගැන සිතිය යුතුයි, එවිට ඔබගේ ඔරුව එතෙරට යයි. අපි දැන් ප්‍රායෝගිකවම අසීමිත පියාට අයත් වන අතර, අපට අපගේ උපත් 21 ක උරුමය පියාගෙන් හිමි වනවා. එබැවින් එම සතුට තිබිය යුතුයි. ඔබට අපහසුතා ඇති වන්නේ පියාව අමතක කළ විට පමණයි. පියා ඔබට බොහෝ පහසුවෙන් පවසයිි තමන් ජීවාත්මයක් බව සලකා පපරමාාත්ම පියාව සිහිපත් කරන්න, එවිට ජීවාත්මය සතෝප්‍රධාන් වෙයි. ඔබට සැබවින්ම නිවැරදි මාවත හමුවී ඇති බව, සෑම කෙනෙක්ම සිතයි. වෙනත් කිසිවෙකුට මෙම මාර්ගය, ඔබට, පෙන්විය නොහැක. පූජකයන් ආදිය ඔබට ශිව බාබාව සිහි කරන්නට යැයි කීවේ නම්, ඔවුන් වෙතට කවුරු යයිද? ඔබගේ නිවෙස් වලින් ඔබට පිටතට යෑමට නොහැකි කාලයක් පැමිණෙයි. ඔබ පියාව සිහිපත් කරමින් ඔබගේ සිරුරු හැර යයි. ඔවුන්ගේ අවසන් මොහොතේ ශිව බාබා සිහිපත් කරන අය, නාරායන්ගේ වංශයට යයිි ඔවුන් ලක‍්ෂ්මි සහ නාරායනගේ රජ පෙළපත තුළට යයි. ඔවුන් නැවත නැවතත් රාජකීය තත්ත්වයක් හිමි කරගනී. එපමණයි! පියාව සිහිපත් කර, ඔහුට සෙනෙහසින් යුතු වන්න! ඔහුව සිහිපත් නොකර ඔබ ඔහුට සෙනෙහස දක්වන්නේ කෙසේද? ඔබට සතුට ලැබෙන විට පමණයි ඔබ ඔහුට සෙනෙහස දක්වන්නේ. ඔබට දුක දෙන කෙනෙකුට ඔබ සෙනෙහස දක්වන්නේ නැත. පියා පවසන්නේ මා ඔබව දිව්‍ය ලෝකකයේ අධිපතියන් බවට පත් කරවනවා. එබැවින් මට ආදරය කරන්න! ඔබ පියාගේ උපදෙස් පිිළිපැදිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සතුටින් සිටීම සඳහා, සිහිපත් කිරීමේ සිටින්නට උත්සාහ දරන්න. යෝගාවේ බලය, ජීවාත්මය සතෝප්‍රධාන් කරවයි. බොහෝ සෙනෙහසින් යුතුව පරමාත්ම පියා සිහි කරන්න.

2. උසස් තත්ත්වයක් හිමි කරගැනීමට, ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඔබගේ භාග්‍යයේ ඇති දෙයක් ඔබට ලැබෙයි කියා නොසින්න. නොසැලකිලිමත් වීම නතර කර, ඔබගේ සම්පූර්ණ උරුමයට අයිතියක් හිමි කරගන්න.

වරදානය:
ඔබගේ සිතිම සහ කිරීම අතර ඇති වෙනස අවසන් කර, ඔබ ස්ව-පරිවර්ථකයෙක් සහ ලෝක පරිවර්ථකයෙක් වේවා.

නිවැරදි නොවන ඕනෑම සංස්කාරයක්, ස්වභාවයක්, වචනයක් හෝ සබැඳියාවක් නිෂ්ඵලයි එම නිෂ්ඵලත්වය පරිවර්ථනය කිරීමට යාන්ත්‍රණය වේගවත් කරන්න. සිතන්න, ඉන්පසුව කරන්න ලෝක පරිවර්ථනයේ යාන්ත්‍රණය වේගවත් වන්නේ එවිට පමණයි. මේ මොහොතේ ස්ථාපනයට උපකරණ වන ජීවාත්ම තුළ සිතීම සහ කිරීම අතර වෙනසක් පෙනෙයි. එබැවින්, මෙම වෙනස අවසන් කරන්න. ඔය ස්ව-පරිවර්ථකයන්ට, ලෝක පරිවර්ථකයන් වීමට හැකි වන්නේ එවිට පමණයි.

පාඨය:
භාග්‍යවන්තම අය වන්නේ තම ජීවිතවල අත්දැකීම් වල තිළිණය ලබා ඇති අයයි.