24.03.24    Avyakt Bapdada      Sinhala Murli     13.03.98    Om Shanti    Madhuban


“හෝලි” යන වචනයේ අරුතේ ස්ථාවර වීම යනු පියාට සමාන වීමයි.


අද දින ලෝකයේ සෑම තැනකම සිටින වඩාත්ම පූජනීය, ශ්‍රේෂ්ඨතම සහ ධනවත්ම වන ඔහුගේ දරුවන්ව බාප්දාදා දකිනවා. දරුවන් ඔහු ඉදිරියේ පෞද්ගලිකවම අසුන් ගෙන සිටියත්, හදවත් වලින් සමීප වන අතර දුර ඈත අසුන් ගෙන සිටියත් කම් නැත, සෑම තැනකම සිටින දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. සෑම දරුවෙක්ම කෙතරම් පූජනීය වන්නේද යත්, මුළු චක්‍රය පුරාම කිසිම පිවිතුරු මහාත්මයක් කිසිදා එතරම් පූජනීය වී නැති අතර එසේ වන්නේද නැත. කෙසේවෙතත්, ඔවුන්ගේ පාරිශුද්ධත්වය සහ ඔබගේ පාරිශුද්ධත්වය අතර වෙනසක් තිබේ. ඔබ මෙකල පිවිතුරු වී, මෙකල පිවිතුරු බවේ ප්‍රාප්ති සහ ප්‍රතිලාභ ඔබගේ බොහෝ අනාගත උපත් ගණනකාවකදි ඔබට ලැබෙයි; ඔබගේ සිරුරු, මනස, ධනය, නෑ සබදතා සහ ජීවාත්ම වන ඔබ, සියලු දෙනාම පිවිතුරුව රැදී සිටියි. ජීවාත්ම වන ඔබ සහ ඔබගේ සිරුරු යන දෙකම පිවිතුරු වෙයි. ඔය ජීවාත්ම එතරම් පාරිශුද්ධත්වයක් හිමි කර ගනි. ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් පිවිතුරු වීමෙන් ඔබට එතරම් විශාල ප්‍රතිලාභයක් හිමි වෙයි. එබැවින් වඩාත්ම පූජනීය ජීවාත්ම ඔබයි. තමන් එවන් පූජනීයම ජීවාත්ම බව ඔබ සලකනවාද? ඔබ එවන් ජීවාත්ම බවට පත්වී තිබේද, නැත්නම් ඔබ තවමත් එය බවට පත් වෙමින් සිටිනවාද? ඔබ එවන් ජීවාත්ම වෙලාද? එය වීම පහසුද නැත්නම් ටිකක් අපහසුද? කෙසේවෙතත්, පෙර කල්පයේ ඔබ එය බවට පත් වූ අතර ඔබ දැන් නැවතත් එය විය යුතුයි. ඔබ එය විය යුතුයි, එහෙම නේද? මෙය ස්ථිරයිද, නැත්නම් ඔබ සිටින ආකාරයෙන්ම ඉන්නවාද? නැහැ. ඔබගේ සිහින වල පවා අපවිත්‍ර බව අවසන් විය යුතුයි. ඔබට මෙතරම් විශ්වාසයක් තිබෙනවා නේද? ඔබ අද එය බවට පත් වෙමින් සිටින අතර හෙට දිනයේ ඔබ එය බවට පත් වී ඇතැයි, යන විශ්වාසය ඔබට තිබෙනවා නේද? එබැවින් පූජනීයම සහ ශ්‍රේෂ්ඨතම අය ඔබයි.

උසස්ම-උසස් පියාගේ දරුවන්, උසස්ම-උසස් අයයි. ඔබ වන්දනීත්වයට පත් වන්නේ ඔබ උසස්ම අය වූ විටයි. වර්තමානයේ කිසිම උසස් ජීවාත්මයක්, සිටි නමුත් දැන් නොසිටින කිසිම රජ කෙනෙක් මෙන්ම කිසිම ජනාධිපතිවරයෙක් හෝ අගමැති කෙනෙක් කිසිදා වන්දනීයත්වයට සුදුසු වන්නේ නැත. ඔවුන් පුදන්නන් වී, වන්දනීයත්වයට පත්වන ඔය ජීවාත්ම ඉදිරියේ හිස නමා ඔබව වන්දනා කරයි. මෙකල, ඔබ ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති අය වන අතර අනාගතයේ ඔබ රජවරුන්ගේ රජවරු බවට පත් වෙයි. එබැවින් උසස්ම තත්ත්වය අත්කර ගන්නේ ඔබයි. මෙයට අමතරව ලෝකයේ සිටින ධනවත්ම අය ඔබයි. ඔබගේ නම්බු නාමය වන්නේ “ කෝටි- ප්‍රකෝටිපතියන්”. ඔබගේ සම්පත් කෙබදු වන්නේද යත්, වත්මන් කෝටිපතියන් සහ බිලියනපතියන්ට ඔවුන්ගේ කෝටි ගණන් සහ බිලියන ගණන් වලින් වුවද, එවන් සම්පත් හිමි කර ගැනීමට නොහැක. පියා විසින් ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගේ භාග්‍යය නිර්මාණය කෙරෙන්නේ කෙබදු ආකාරයකටද යත්, ඔබ එය අත්විද ඒ ගැන පවසන්නේ, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබට කෝටි ගුණයක් ලැබෙන බවයි. ඔබගේ සෑම පියවරකදීම ඔබට ප්‍රකෝටි ගුණයක් තිබෙනවාද, නැත්නම් එය සිය ගුණයක් හෝ දහස් ගුණයක්ද? ‍ශ්‍රේෂ්ඨතම කෝටිපතියාට වුනත් එවන් ආදායමක් උපයාගත නොහැක. ඔබට පියවරක් ගැනීමට කෙතරම් කාලයක් ගත වෙනවාද? ඔබ පියවරක් ගන්නා විට, එයට කෙතරම් කාලයක් ගත වෙනවාද? තත්පරයක්. හොදයි, එය තත්පර දෙකක් ගනිවි. පියවරක් ගැනීමට තත්පර දෙකක් වැය වන බව ඔබ පැවසුවත්, එසේ නම් ඔබ සෑම තත්පර දෙකකදීම ප්‍රකෝටි ගුණයක් උපයා ගන්නවා. එසේ නම් මුඵ දවසක් අවසානයේ එය කෝටි කීයක් වෙයිද? මෙය සරළව ගණනය කර බලන්න. එක් දිනකදි මෙතරම් ආදායමක් උපයා ගත හැකි කෝටිපතියන් කිසිවෙක් සිටිනවාද? එවන් කිසිවෙක් සිටිය හැකිද? එබැවින් ලෝකයේ ධනවත්ම අය ඔබලා නේද? ඔබගේ සම්පත් කෙබදු වන්නේද යත්, කිසිම ගින්නකින් එය පිළිස්සෙන්නේ නැත, කිසිම ජල පහරකට එය ගිල්වා දැමිය නොහැක, කිසිම සොරෙකුට එය පැහැර ගත නොහැකි වන අතර කිසිම පාලකයෙකුට ඔබගෙන් ඒවා උදුරා ගත නොහැක. එවන් සම්පත් ඔබට ලබා ගත හැක්කේ මෙම වඩාත්ම ශුභදායක සංගම යුගයෙදි පමණයි. ඔබගේ අවධානය තුළ එවන් ස්ව-අභිමානයක් තිබෙනවාද? ඔව්ද, නැද්ද? පිටුපස අසුන් ගෙන සිටින අය ඔවුන්ගේ අත් වනනවා. පිටුපස අසුන් ගෙන සිටින ඔබ සියලු දෙනාම පහසුවෙන් අසුන් ගෙන සිටිනවා නේද? ලෝකයේ ධනවත්ම අය ඔබයි, එබැවින් ඔබට තිබෙන්නේ සැප පහසුකම්ම පමණයි. උසස්ම විශ්ව විද්‍යාලවල වත් ශිෂ්‍යයන් කවිච්චි මත අසුන් ගන්නේ නැහැ. කෙසේවෙතත්, රාජ කුමාරයන් බවට පත් වන යාචකයන් ඔබයි. ඔබ යාචකයන් මෙන්ම රජ කුමරුන්ය. සෑම දෙයක්ම අත්හැරීම යනු යාචකයෙක් වීමය, එමෙන්ම සියලු ලැබීම් තිබීම යනු රජ කුමරෙක් වීමයි. සියලු දේ අත්නොහැර, ඔබට මෙතරම් විශාල භාග්‍යයක් හිමි කර ගත නොහැක. ඔබගේ භාග්‍යය ඔබට හිමි වන්නේ ඔබගේ අත්හැරීම තුළින්ය. ඔබගේ සිරුර, මනස, ධනය සහ නෑදෑයින්ව ඔබ අත්හැර තිබේ; එනම්, ඔබ ඒ සියල්ල පරිවර්ථනය කර ඇත. “සිරුර මගෙයි” කියනවා වෙනුවට ඔබ පවසන්නේ “ සිරුර ඔබගේය”. ඔබගේ මනස, ධනය සහ නෑදෑයින් අතින් “මගේ” යන අවධානය, “ඔබගේ” බවට, එම එක් වචනය පමණක් වෙනස් කිරීමෙන්, මේ ආකාරයට “මගේ” යන අවධානය අත්හැරීමෙන් ඔබ එවන් භාග්‍යයකට ඔබගේ අයිතිය හිමි කර ගනි. එබැවින් ඔබට ලැබෙන භාග්‍යය සමග සසදන විට මෙම අත්හැරීම කුමක්ද? එය ලොකු දෙයක්ද? එය සුඵ දෙයක් පමණයි නේද? එසේ නැත්නම් එය ලොකු දෙයක්ද? එය විටෙක විශාල වෙයි. “ඔබගේ” පැවසීම යනු විශාල දෙයක් කුඩා කිරීම වන අතර “මගේ” පැවසීම යනු, කුඩා දෙයක් ලොකු කිරීමය. කුමක් සිදු වුනත්, ඔබට හිමාලයටත් වඩා සිය ගුණයක් විශාල ගැටළුවක් තිබුණත්, ඔබ “ඔබගේ” පවසන විට, ඉන් අදහස් වන්නේ ඔබ කන්දක්, පුළුන් බවට වෙනස් කරන බවයි - අබ ඇටයක්වත් නොවෙයි, නමුත් පුළුන් රොදක් තත්පරයකදි පියාඹා යයි. “ඔබගේ” කියා නිකම්ම නොකියන්න. එය “ඔබගේ” කියා විශ්වාස කිරීම පමණක් නොවෙයි, නමුත් එයට අනුව, ක්‍රියාද සිදු කරන්න! එක වචනයක් පමණක් පරිවර්ථනය කිරීම පහසුයි නේද? ඔබ වෙනත් කිසිවක් නොවෙයි, යහපතම අත්දකිවි; මෙයින් කිසිම පාඩුවක් විය නොහැක. “ඔබගේ” කියා පැවසීමෙන්, ඔබගේ සම්පූර්ණ බර, ඔබ පියාට ලබා දෙයි. ඔබ බාබාට පවසන්නේ: “ඔබගේ වන සෑම දෙයක්ම ඔබ දන්නවා; මා උපකරණයක් පමණයි”. එබැවින් මෙහි යහපතක් තිබෙනවා නේද? ඔබ නොබැදී සිටි අතර පරමාත්ම දෙවියන්ගේ සෙනහසට පාත්‍ර විය. පරමාත්ම දෙවියන්ගේ සෙනහස ලබන අය, ලෝකයේ සෙනෙහස ලබයි. ඔබට ලැබීම් හිමි වන්නේ අනාගතයේ පමණක් නොව, ඔබට වත්මන් කාලයේ ලැබීම්ද තිබේ. ඔබ දැනටමත් තත්පරයකදී මෙය අත්විද ඇති අතර ඔබට මෙය අත්හදා බැලිය හැක. ඕනෑම දෙයක් සිදුවන විට “ඔබගේ!” කියා පමණක් කියන්න, එය විශ්වාස කරන්න සහ ඒ අනුව ක්‍රියා කරන්න, ඉන්පසුව ඔබගේ බර සැහැල්ලු වන්නේද, නැද්ද කියා බලන්න. ඔබ මෙය අත්දැක තිබෙනවා නේද? මෙහි අසුන්ගෙන සිටින සියලු දෙනාට අත්දැකීම් තිබෙනවා නේද? සිදුවන්නේ, ඔබට උපත් 63ක් පුරාවටම “මගේ, මගේ” කීමේ පුරුද්ද තිබෙන නිසා, ඔබ, “ඔබගේ, ඔබගේ” කීම ආරම්භ කරන නමුත් ඉන්පසුව ඔබ “මගේ” කියා පවසයි, එමෙන්ම ඔබ එය “මගේ” කියා විශ්වාස කරන විට එම සිදුවීම පැයක් හෝ දෙකක් හෝ දවසක් වුවද පවතින නමුත් ඔබ “ඔබගේ” “මගේ” බවට වෙනස් කිරීමෙන්, එහි ඵලය තව දිගු කාලයක් පැවතීමයි. සිදුවීම පැය භාගයක් පමණක් පවතින්නට ඇති, නමුත් පසුතැවිලි වීමේ ස්වරූපයෙන් හෝ එම සිදුවීම වෙනස් කිරීමේ අරමුණින් ඔබ නැවත නැවතත් එම සිදුවීම නොකඩවා මතක් කරයි. එබැවින් පරම පියා සියලුම දරුවන්ට පවසන්නේ: ඔබට “මගේ” යන වචනය කෙරෙහි සෙනෙහසක් ඇත්නම්, ඔබට මෙම පුරුද්ද හෝ සංස්කාරය ඇත්නම්, එමෙන්ම එසේ පැවසීම ඔබට අත්හල නොහැකි නම්, එවිට “මගේ බාබා” කියා කියන්න. බොහෝ දෙනෙක් ඔවුන්ගේ පුරුදු වල බලපෑම යටතේ සිටියි. “මගේ” යන අවධානයේ හැගීමක් ඔබට ඇති වන ඕනෑම විටෙකදි, “මගේ බාබා” කියා පවසා එයට නැවතීමක් තබන්න. බොහෝ විවිධාකාරයේ “මගේ” දේවල්, “මගේ බාබා” බවට වෙනස් කරන්න.

රුසියානුවන් එක බෝනික්කෙක් ඇතුලේ තව බොහෝ බෝනික්කන් සිටින බෝනික්කෙක් ගෙන එයි - එක් එක්කෙනා අනෙකා තුළ සිටින අතර එය එක බෝනික්කෙක් පමණක් වෙයි. ඒ ආකාරයෙන්ම, ඔබ සියලු විවිධාකාර “මගේ”, “මගේ බාබා” බවට මුසු කර ඒ සියල්ල අවසන් කළ යුතුයි. ඔබට මෙය කළ හැකිද? ඔබ මෙය කරන නමුත් ඇතැම් විටෙක ඔබ “මගේ” යන විස්තාරණය තුළට යයි. වර්තමානයේ මෙය සිදුවන්නේ ඇතැම් විටක පමණයි. කෙසේවෙතත්, සෑම කලටම “මගේ” යන්න “ඔබගේ” බවට වෙනස් කිරීම අංක පිළිවෙලයි. A1 වන අය සිටින අතර අංක එක වන අය සහ ඉන්පසු අංකයක් ඇති අය සිටියි. ඔබ පැමිණ සිටින්නේ හෝලි සැමරීමට නේද? එබැවින් මෙම මන්ත්‍රය මතකයේ තබා ගන්න: “ මා දැන් පියාගේ බවට පත් වී සිටියි. මා දැන් අයිති බාබාටයි. මා දැන් දේවමය පවුලේ කොටසක් බවට පත් වෙලා, එනම්,මා දැන් අයිති මෙහාටයි.” එසේ නම් ඔබ මේ ආකාරයට හෝලි සැමරුවාද? ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? ඔබට තවමත් පිළිස්සීමට යමක් තිබෙනවාද, නැත්නම් ඔබ සියල්ල දැනටමත් පුළුස්සා අවසන්ද? ඔබ මෙයට “ඔව්” නොකියයි: ඔබ තවමත් ඒ ගැන සිතනවා.

භක්ති මාර්ගයේ මිනිසුන් කුමන උත්සව සැමරුවත්, ඒවා සිහිවටන පමණයි, නමුත් ඒවායේ නිර්මාණයේ යම් වැදගත්කමක් තිබෙනවා. ප්‍රථමයෙන් ඔබ සියල්ල පුඵස්සා දැමිය යුතු අතර ඉන්පසුව ඔබ සමරයි. ඔබ ප්‍රථමයෙන් සමරා ඉන්පසුව පුළුස්සා දමනවා නොවෙයි. ප්‍රථමයෙන් අපවිත්‍රතා, දුර්වලතා සහ පළුදු පුළුස්සා දමන්න, ඉන්පසුව සමරන්න. එබැවින්, ඔබ සියලු දෙනාම බොහෝ කලකට පෙර සෑම දෙයක්ම පුළුස්සා දැමුවා, එසේ නැත්නම් ඔබගේ සළුවෙන් කුඩා කොටසක් පුළුස්සා දැමීමට ඉතිරිවී තිබෙනවාද? නැත්නම්, පාණ්ඩවයන්ගේ කමිස හෝ දිග පැලදුමේ කොටසක් පුළුස්සා දැමීමට තවමත් තිබෙනවාද? සාරියක කුඩා කොනක් තවමත් පිළිස්සීමට ඉතිරිව තිබෙනවාද? ඇත්ත වශයෙන්ම, සැමරීම සදහා, ඔබට මෙම ආධ්‍යාත්මික සැමරුමේ සහ භෞතික සැමරුමේ බලයේ සහ අතීන්ද්‍රීය සුඛයේ අත්දැකීම ලබා දිය හැකි වන්නේ ඔබ පළමුව සියල්ල පුළුස්සා දමා ඇති විට පමණයි. විනෝදය වෙනුවෙන් සැමරීම වෙනම කාරණාවක්. ඒ සදහා, ප්‍රීතිය අත්දැකීමේ යුගය, සංගම යුගයයි. මේ නිසයි මිනිසුන් එය විනෝදයක් ලෙසින් සමරන්නේ, එමෙන්ම ඔබටත් එය කළ හැක; ඔබට මේ ආකාරයෙන් බොහෝ සැමරිය හැක. කෙසේවෙතත් පරමාත්ම දෙවියන්ගේ පැහැයෙන් වර්ණවත් වීම යනු පියාට සමාන වීමය. පැහැයෙන් වර්ණවත් වීම යන්නෙහි අරුත මෙයයි. පියා අශාරීරිකයි එමෙන්ම අව්‍යක්තයි, එබැවින් අශාරීරික ස්ථිතිය සහ සුරදූත අව්‍යක්ත ස්ථිතිය අත්විදීම යනු, ඔහුගේ පැහැයෙන් වර්ණවත් වීමයි. ක්‍රියා සිදු කරන්න, නමුත් අව්‍යක්ත සුරදූතයන් ලෙසින් එය සිදු කරන්න. ඔබට අවශ්‍ය විට අශාරීරික ස්ථිතිය අත්විදින්න. ඔබගේ මනස සහ බුද්ධිය මේ අන්දමින් ඔබ විසින් පාලනය කළ යුතුයි. තමන්ට අශාරීරික වන්න කියා නියෝග කරන්න, ඔබ එම නියෝගය ලබා දුන් සැනින් ඔබට එය වීමට හැකි විය යුතුයි. එවිට ඔබ සුරදූතයන් වෙයි. ඔබට අවශ්‍ය ඕනෑම මනෝ ස්ථිතියක තත්පරයක් තුළ ඔබගේ මනස ස්ථාවර කිරීමට හැකි විය යුතුයි. එයට බොහෝ වෙලාවක් ගත නොවූ බව, ගත වුනේ තත්පර 5ක් පමණයි හෝ එයට තත්පර 2ක් පමණක් ගත වූ බව නොසිතන්න. ඔබට නියෝගය ඉටු කිරීමට නොහැකි විය, එබැවින් ඔබගේ මනස ඔබගේ පාලනය යටතේ නොතිබිණි. අවස්ථාව කුමක් වුනත්, යම් කිසි අන්දමක චංචලත්වයක් තිබුණත්, ඕනෑම චංචලත්වයක් මැද, ඔබ ස්ථාවර විය යුතුයි. ඔබට එවන් පාලන බලයක් තිබෙනවාද? එසේ නැත්නම්, අශාරීරික වීම පිළිබදව නැවත නැවතත් සිතන අතර, ඒ ගැන සිතීමටම පමණක් කාලය ගෙවී යනවාද? සමහර දරුවන් ඔවුන්ගේ ඉරියව් විටින් විට වෙනස් කරන අන්දම දෙස පියා නොකඩවා බලා සිටියි. ඔවුන් සිතන්නේ: “මට අශාරීරික වීමට අවශ්‍යයි.” ඉන්පසුව ඔවුන් සිතන්නේ: “අශාරීරික වීම යනු ජීවාත්මයේ ස්වරූපයේ ස්ථාවර වීමයි.” ඊට පසුව ඔවුන් සිතන්නේ: “ඔව්, මම ජීවාත්මයක්; මා සිරුරක් නොවෙයි, මා ජීවාත්මයක්. මා පැමිණියේ ජීවාත්මයක් ලෙසයි, මා ජීවාත්මයක් විය යුතුයි.” එබැවින් මෙසේ සිතීමෙන් ඔබ අශාරීරික වුණාද? නැත්නම් අශාරීරික වීමට ඔබ සටනක පමණක් යෙදුණාද? තත්පරයකදි අශාරීරික වීමට, ඔබ ඔබගේ මනසට නියෝග කළා; අශාරීරික වීම යන්නෙහි අරුත කුමක්ද හෝ ඔබට අශාරීරික විය හැක්කේ කවදාද හෝ කෙසේද කියා ඔබගේ මනසට සිතීමට ඔබ පැවසුවේ නැත. එබැවින් ඔබගේ මනස, ඔබගේ නියෝගයට කීකරු නොවීය. එබැවින් ඔබට පාලන බලය නොමැත, එහෙම නේද? කාලයට අනුව, ඔබට දැන් මෙම පුහුණුව තිබීම අවශ්‍යයි. ඔබට පාලන බලය නොමැති නම්, එවිට බොහෝ සිදුවීම්, කැලඹීම් වලට මගපාදයි. එබැවින් ඔබ “හෝලි” යන එක වචනය පමණක් හෝ මතකයේ තබා ගන්නේ නම්, එවිට එයත් සෑහෙයි. හෝලි යනු, “අතීතය, අතීතයයි.” එමෙන්ම හෝ ලී යනු, “මා අයිති පරම පියාටයි.” ඔබ තව කවුරු බවටද පත්ව ඇත්තේ? හෝලි යනු, ඔබ පිවිතුරු ජීවාත්මයක් වී ඇති බවයි. “හෝලි” යන එක වචනය සිහියේ තබාගෙන එහි අරුත් තුන සමග එය භාවිතා කරන්න. ඒ ගැන කතා කිරීම පමණක් සිදු නොකරන්න, මන්ද, හෝලි යනු, අතීතය, අතීතය බවයි. ඔව්, අතීතය, අතීතයයි. සිදු වී අවසන් වූ දේවල් ගැන සිතමින් ඒ ගැන කතා කරමින් නොසිටින්න. නැහැ; එහි අරුතේ ස්ථාවර වන්න. ඒ ගැන සිතූ සැනින් එය බවට පත් වන්න. ඔබ ඒ ගැන සිතන විට, ඒ ගැන සිතීමේ පමණක් ඔබ ගිලී සිටීම සිදු නොවිය යුතුයි; නැහැ. ඔබ ඒ ගැන සිතූ සැනින්, එය බවට පත් වන්න. තමන්ව එහි ස්ථාවර කරගන්න.

(බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය). දැන්, කාලයට අනුව, නිරන්තරයෙන් ස්මරණයේ සහ සේවයේ නියැලී සිටින ඔය සියලුම උපකරණ, බලවත් චිත්ත තරංග වල වේගය වැඩි කර, ස්ව-පරිවර්ථනය තුළින් ලෝක පරිවර්ථනය ගෙන ආ යුතුයි. මිනිසුන්ගේ සිත් වල දුක සහ අසාමය සහ අහිතකර සිදුවීම් ඉතා විගසින් සෑම තැනකම වැඩි වෙනවා. ලෝකයේ ජීවාත්ම ගැන බාප්දාදාට අනුකම්පාවක් දැනෙනවා. දුක් රළ ඉතා විගසින් වැඩි වන තරමටම, එයට අනුකූලව, සතුට පිරිනමන්නාගේ ඔය දරුවන්, ඔබගේ ආකල්පයෙන්, ඔබගේ මනසින් සේවය කිරීමෙන් සහ බලවත් ධාරාවකින් (සකාශ්) සේවය කරමින් සෑම තැනකම සිටින ජීවාත්මයන්ට සුළුවෙන් හෝ සතුටක අත්දැකීම ලබා දිය යුතුයි. ඔවුන් කොහොමත් පියාට කන්නලව් කරනවා, නමුත් ඔවුන් එක් හෝ තව ස්වරූපයකින් ඔය වන්දනීය ජීවාත්මයන්ටත් කන්නලව් කරනවා: “අහෝ දේවතා ජීව!” “අහෝ වන්දනීය ජීවාත්ම!” ඔබගේ බැතිමත් ජීවාත්මයන්ට බලවත් ධාරාවක් ලබා දෙන්න. සියලු දුක් ඉවත් කිරීමට නිපැයුමක් නිර්මාණය කරන්නේ කෙසේද කියා විද්‍යාඥයන් පවා සිතමින් සිටිනවා. සතුට සමගම ඔවුන්ගේ නිපැයුම් දුකද ගෙන දෙයි, එබැවින් කිසිදු දුකක් නොතිබිය යුතු බවත්, සතුටේ ලැබීම පමණක් තිබිය යුතු බව, ඔවුන් නියත වශයෙන්ම සිතමින් සිටියි. කෙසේවෙතත්, එම ජීවාත්මයන්ට (විද්‍යාඥයින්) පවා අවිනාශී සතුටේ අත්දැකීම නොමැත, එබැවින් ඔවුන් මෙය අන් අයට ලබා දෙන්නේ කෙසේද? කෙසේවෙතත්, ඔබ සියලු දෙනාම සතුට, සාමය සහ පරාර්ථකාමී සෙනෙහසේ තොගයක් රැස් කර ගෙන තිබේ. ඔබ මෙය රැස් කරගෙන තිබෙනවාද, නැත්නම් ඔබ රැස් කරගත් සියල්ල ඔබ වියදම් කර අවසන්ද? ඔබ රැස් කර ගත් සියල්ල එවිටම වියදම් කර අවසන් කරනවාද කියා පරීක්ෂා කර බලන්න. මෙම දැනුමේ සම්පත් ඔබ වැඩියෙන් භාවිතා කරන තරමට, ඒවා වැඩි වෙයි; ඒවා අඩු වන්නේ නැහැ. ඔබ තමන්ගේම සංස්කාර සහ ස්වභාවය වෙනුවෙන් හෝ මායා නිර්මාණය කරන ප්‍රශ්න මත ඔබගේ බල දිගින් දිගටම භාවිතා කරන්නේ නම්, එවිට ඔබ රැස් කරගත් ගිණුම අඩු වෙයි. එබැවින් ඔබ රැස් කරගන්නා දේ වියදම් කරන විට, කෙතරම් ඉතිරි වන්නේද කියා පරීක්ෂා කරන්න. ඔබ උපයා, ඉන්පසුව වියදම් කර, සියල්ල අවසන් කරනවා නොවෙයි නේද? ඔබ දින දෙකකදි යමක් උපයන අතර ඉන්පසුව ඔබ උපයා ගත් සියල්ල වියදම් කර එක දවසකදි බොහෝ අහිමි කරගනී. ඔබගේ ගිණුම එවැනි එකක් නොවෙයි නේද? ඔබ උපයාගෙන සියල්ල භාවිතා කර අවසන් කළා නම්, හෝ තමන් වෙනුවෙන් භාවිතා කළා නම්, උපත් 21 වෙනුවෙන් ඔබ කුමක් රැස් කර ගනීද? රැස් කර ගන්න විට ඔබ සතුටු වෙයි, නමුත් ඔබගේ වියදම ගැන සැලකිලිමත් නොවන්නේ නම් ඔබ මුලා වෙයි. ඔබගේ රැස් කිරීමේ ගිණුමත් පරීක්ෂා කර බලන්න. ඒ සමගම ඔබ තමන් වෙනුවෙන් කෙතරම් භාවිතා කළාද? ඔබ අන් අයට ගුණධර්ම, බල හෝ දැනුමේ සම්පත් ලබා දුන්නා - එය වියදමක් නොවෙයි; එය ඔබගේ රැස් කිරීමේ ගිණුමේ එකතු වෙයි. කෙසේවෙතත්, ඔබ විටින් විට තමන් වෙනුවෙන් එය වැය කරන්නේ නම්, එවිට ඔබගේ ගිණුම හිස් වෙයි. එබැවින්, පුළුල් සහ අසීමිත බුද්ධියකින් මෙය පරීක්ෂා කරන්න. ඔබට බොහෝ තර සහ නිරෝගි රැස් කිරීමේ ගිණුමක් තිබිය යුතුයි. එය ඉතා පහසුයි! ඔබ සෑම පියවරකදී කෝටි ගණනක් රැස් කර ගන්නේ නම්, එවිට ඔබගේ රැස් කිරීමේ ගිණුම ඉතා විශාල වෙයි. ඔබගේ ක්‍රියා සහ ඔබගේ පියවර, බ්‍රහ්ම පියාගේ මෙන් තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. ඔබට අත්දැකීම් තිබෙනවා. ඔබ යහපත් ක්‍රියාවක් සිදු කරන විට සතුට, බලය සහ සාර්ථකත්වයේ ස්වරූපයෙන් ඔබට ක්ෂණික ඵල ලැබෙන අතර ඔබ සැහැල්ලුවෙන් සහ ආලෝකමත්ව රැදී සිටියි. ඔබ පියා සමග ක්‍රියා කළ නිසා ඔබ සැහැල්ලුවෙන් සහ ආලෝකමත්ව රැදී සිටියා. ඔබ කිසියම් පාපකාරී ක්‍රියාවක් සිදු කරන්නේ නම් - ඇත්ත වශයෙන් ඔබ පාපකාරී ක්‍රියා සිදු නොකළ යුතුයි, මන්ද ඒ කාලය දැන් පසු වී ඇත - නමුත් ඔබට නිෂ්ඵල සිතිවිලි, නිෂ්ඵල වචන හෝ නිෂ්ඵල ක්‍රියා හෝ නිෂ්ඵල නෑ සම්බන්ධතා ඇත්නම්, ඒවා ඔබව බොහෝ මුලා කරන අතර ඒ වෙනුවෙන් ඔබගේ පසුතැවිල්ල බොහෝ කාලයක් පවති. එවිට ඔබ ඇසුරු කරන අයගෙන් පැහැ ගැන්වෙයි. සමහර දරුවන් බොහෝ දක්ෂයි. ඔවුන් එවන් ඇසුරුකම් පවත්වන්නේ නැති මුත් අන් අය ඔවුන්ට තනිව සිටින්නට ඉඩ නොදෙන බව ඔවුන් කියයි. “ මා ඔවුන්ව ඇසුරු නොකරන නමුත් ඔවුන් මාව තනි කරන්නේ නැහැ.” එබැවින්, තමන්ව දුරස්ථ කරගන්නා අන්දම ඔබ නොදන්නේද? ඔබට කෙනෙක් යම් නරක දෙයක් ලබා දෙන විට, ඔබ එය ගන්නේ ඇයි? ලබන කෙනා එය නොගන්නේ නම්, දෙන කෙනාට කළ හැක්කේ කුමක්ද? මේ නිසයි නිෂ්ඵල නෑ සබදතාවන්ටත් ඔබගේ ගිණුම් හිස් කිරීමට හැකි වන්නේ. ඒ වෙලාවේ ඔබගේ යටි හිත දොස් පවරන අතර සහ ඔබ එය නොකළ යුතු බව, ඔබගේ හදවතට හැගෙන නමුත් ඒ තිබියදී ඔබ එය සිදු කරයි. ඔබට සවන් දීමට අවශ්‍ය වුනේ නැහැ, නමුත් ඒ පුද්ගලයා යමක් පැවසුවා, එබැවින් ඔබ කුමක් කරන්නද? කෙසේවෙතත්, ඔබ උත්සාහ දරන්නෙක් නම්, එවිට ඔබ නිෂ්ඵල ක්‍රියාද සිදු නොකරයි. ඔබ නොසැලකිලිමත් වී, ඒ ගැන සිතන්නේ පවා නොමැතිව සැපෙන් නිදාගන්නේ නම්, එවිට රිදී යුගයට පැමිණෙන්න! කෙසේවෙතත්, ඔබ සැබවින්ම උත්සාහ දරන්නේ නම්, එවිට ඒ මොහොතේ ඔබගේ හදවතට දැනී, ඔබ එය නොකළ යුතු බව ඔබගේ යටි හිත ඔබට දොස් පවරයි. කෙසේවෙතත්, ඒ තිබියදි ඔබ ගොස් එය සිදු කරයි, බාප්දාදා පවසන්නේ: එය එවන් දරුවන්ගේ විශ්මයකි! ඔවුන්ගේ කැමැත්තට විරුද්ධ දෙයක් ඔවුන් නොකඩවා සිදුකරයි; ඔවුන්ගේ යටි සිත දොස් පවරන නමුත්, ඒ තිබියදි ඔවුන් දිගටම නිෂ්ඵල දේට සවන් දී නිෂ්ඵල දේවල් සිදු කරයි, එබැවින් ඔවුන් ඉතා බලවත් ජීවාත්මයි. එබැවින් අවධානයෙන් නිෂ්ඵලත්වය පරීක්ෂා කරන්න. අච්චා.

සෑම දිශාවකම සිටින පූජනීයම ජීවාත්මයන්ට, උසස්ම මනෝ ස්ථිතියේ නිරන්තරයෙන් ස්ථාවරව රැදී සිටින උසස්ම ජීවාත්මයන්ට, සියලු සම්පත් වලින් පිරිපුන් ධනවත්ම ජීවාත්මයන්ට, සෑම පියවරකදීම කෝටි ගුණයක් රැස් කරගන්නා අයට, පරම පියාට සමාන වීමට යන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, නිරතුරුවම සියලු දෙනාට සමාව දෙන සානුකම්පිත මාස්ටර් සමාවේ සාගරවන ජීවාත්මයන්ට, ලෝකයේ දුක්බර ජීවාත්මයන්ට සාමයේ සහ සතුටේ බිදක් ලබා දෙන ජීවාත්මයන්ට, සෑම මොහොතකදීම ඔවුන්ගේ රැස් කිරීමේ ගිණුම් නිරන්තරයෙන් පිරිපුන්ව තබා ගන්නා තීව්‍ර උත්සාහ දරන්නන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ, “හෝලි” යන වචනයේ අරුත ඔබගේ ජීවිතයට එකතු කර ගැනීමෙන් ඔබගේ උත්සාහයන්ගේ වේගය වැඩි කරගන්නා තීව්‍ර උත්සාහ දරන්නෙක් වේවා.

“හෝ ලි” යනු දැනටමත් සිදු වී අවසන් දේවල්ය, එය අතීතයයි එබැවින් එය සම්පූර්ණයෙන් අවසන් කරන්න. අතීතය අතීතයේම තබා ඉදිරියට ගමන් කරන්න: හෝලි සැමරීම යනු මෙයයි. අතීතයේ දේවල්, වෙනත් උපතකදි සිදුවුනු ඉතා පැරණි දේවල් ලෙසින් අත්දකින්න. ඔබගේ මනෝ ස්ථිතිය මෙවන් ආකාරයට පත් වූ විට, ඔබගේ උත්සාහයන්ගේ වේගය, වේගවත් වෙයි. එබැවින් අතීතයේ කිසි දෙයක් ගැන නොසිතන්න - තමන්ගේ හෝ අන් අයගේ. එය ඔබගේ යටි සිතේ තබා නොගන්න එමෙන්ම ඒ ගැන අනිවාර්යෙන් කිසිදා කතා නොකරන්න; ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වන්නේ එවිට පමණයි.

පාඨය:
“මගේ” යන බොහෝ සම්බන්ධතා අවසන් කිරීම යනු සුරදූතයෙක් වීමය.