24.05.20    Avyakt Bapdada      Sinhala Murli     15.01.86    Om Shanti    Madhuban


ලාභදායක ගනුදෙනුවක් සහ ඉතිරි කිරීමේ අය වැයක්.


මැණික් වෙළෙන්දා වන පරම පියාණන්, විශාලතම ගනුදෙනුව කරන ඔහුගේ ව්‍යාපාරික දරුවන් දැකීමෙන් සිනහසෙයි. මෙම ගනුදෙනුව ඉතා විශාලයි, නමුත් ලෝකය සමඟ සැසඳීමේදි, මෙම ගනුදෙනුව සිදුකරන අය, සාමාන්‍යයි අහිංසකයි. පරමාත්ම දෙවියන් සමඟ ගනුදෙනුවක් සිදු කරන භාග්‍යවන්ත ජීව වන්නේ කුමන ජීවාත්මද? පරම පියා මෙය දැක සිනහමුසුව සිටියා. ඔබ එක උපතකදි මෙතරම් විශාල ගනුදෙනුවක් සිදුකර, උපත් 21 ක් නිරන්තරයෙන් සමෘද්ධිමත් වෙයි. ඔබ දෙන්නේ මොනවාද සහ ඔබට ලැබෙන්නේ මොනවාද? ඔබ ඉතා පහසුවෙන් නොගිණිය හැකි කෝටි ප්‍රමාණයක ආදායමක් උපයාගෙන කෝටි ප්‍රකෝටි ගණනක ගනුදෙනුවක් සිදු කරයි. ඇත්ත වශයෙන් මෙම ගනුදෙනුව සිදුකිරීමට ගත වන්නේ තත්පර කිහිපයක් පමණයි. ඔබ සිදුකළ ගනුදෙනුව කෙතරම් ලාභද? ඔබ එක් ප්‍රකාශයකින් තත්පරයකදි ගනුදෙනුවක් සිදුකළා ඔබ හදවතින් පිළිගත්තා මගේ බාබා! මෙම එක් ප්‍රකාශයෙන් ඔබ මෙතරම් දැවැන්ත නොගිණිය හැකි සම්පත් ගනු දෙනුවක් සිදුකරයි. එය ලාභදායක ගනුදෙනුවක් නොවෙයිද? එය අපහසු හෝ මිල අධික නොවෙයි, එමෙන්ම ඔබට කාලය ලබා දීමට අවශ්‍ය නැහැ. ඔබ සීමිත ගනුදෙනු සිදු කරන විට ඔබට බොහෝ කාලය ලබා දීමට සිදුවෙයි. එමෙන්ම ඔබට උත්සාහ දැරීමටද සිදුවන අතර එය දිනෙන් දින මිල අධිකද වෙයි. එය කෙතරම් කාලයක් පවතිද? ඔබට එය එක උපතකටවත් සහතික කළ නොහැක. එබැවින් ඔබ ශ්‍රේෂ්ඨ ගනුදෙනුවක් සිදුකර තිබෙනවාද, නැත්නම් ඔබ එය කළ යුතු බව සිතනවාද? ඔබ ස්ථීර ව්‍යාපාරික ගනුදෙනුවක් සිදුකර තිබෙනවා නේද? ව්‍යාපාරිකයන් වන ඔහුගේ දරුවන් දෙස බාප්දාදා බලා, ව්‍යාපාරික ලැයිස්තුවේ ප්‍රසිද්ධ අය කවුරුන්ද කියා බලමින් සිටියා. ලෝකයේ මිනිසුන් ප්‍රසිද්ධ අයගේ ලැයිස්තුවක් සාදනවා නේද? ඔවුන් විශේෂ නාමාවලියක් සහිත පොතක් සාදයි. පරම පියාගේ නාමාවලියේ සඳහන් වන්නේ කාගේ නම්ද? පරම පියා සමඟ ගනුදෙනුවක් සිදුකර තිබෙන්නේ, ලෝකයාගේ දෑස් ඇදී නොයන අයයි, එමෙන්ම ඔවුන් පරමාත්ම දෙවියන්ගේ දෑස්වල තරු, දෙවියන්ගේ දෑසේ ආලෝකය වී තිබේ. බලාපොරොත්තු නොමැති ජීවාත්මයන්ව, ඔහු විශේෂ ජීවාත්ම බවට පත්කළා. පරමාත්ම දෙවියන්ගේ නාමාවලියේ, එවන් විශේෂ ප්‍රභූවරු (VIP) වීමේ කුල්මත් බව ඔබට තිබෙනවාද? දෙවියන් අයිති අහිංසක අයට බව සිහිකර තිබෙන්නේ ඒ නිසයි. දක‍්ෂතම කෙනා ඔහු වුනත්, ඔහු ආදරය කරන්නේ අහිංසකයන්ටයි. පරම පියා, ලෝකයේ දක‍්ෂ, බාහිරට යොමු වූ අයට කැමැත්තක් නොදක්වයි. එක මොහොතක කෝටිපතියන්ද, ඊලඟ මොහොතේ කිසිවක් නොමැති අය වන, ඔවුන්ගේ රාජධානිය, කලි යුගයයි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාම සෑම කලටම කෝටිපතියන් වෙයි. එය බියකරු රාජධානියක් නොවෙයි. එහි බිය නොමැත.

වත්මන් ලෝකයේ ධනය මෙන්ම බියද තිබේ. ඔවුන්ට වැඩියෙන් ධනය තිබෙන තරමට, ඔවුන් කෑම කන්නේ, නින්දට යන්නේ, වඩාත් බියෙන් වන අතර ඔබ සැහැල්ලු අධිරාජයන් වෙයි ඔබ නොබිය වෙයි. බිය යනු නපුරු භූතයෙක් බව කියයි. ඔබ එම නපුරු භූතයාගෙන් නිදහස් වෙයි. ඔබ නිදහස ලබා තිබෙනවා, එහෙම නේද? ඔබට කිසිදු බියක් තිබෙනවාද? මගේ යන අවධානය ඇති තැන නිසැකවම බිය තිබෙයි. මගේ බාබා! ඔබගේ බිය නැති කරන්නේ ශිව බාබා පමණයි. ඔහු හැර, මගේ වන ඕනෑම දෙයක්, රත්තරං මුවෙක් හෝ ඇත්නම්, එවිට බිය ඇති වෙයි. එබැවින්, ඔබගේ බ්‍රහ්මණ ජීවිතයේ සූක‍්ෂම ස්වරූපයකින් වත් මගේ, මගේ යන සංස්කාරයක් තවමත් ඉතිරිවී තිබේද කියා පරීක‍්ෂා කර බලන්න. ඔබ රිදී ජුබිලිය සහ ස්වර්ණ ජුබිලිය සමරනවා. ගින්නක උණුකර, එයත් සමඟ මිශ්‍ර වී ඇති සියලු දේ ඉවත් කළ විට, රිදී සහ රත්රං සැබෑ වෙයි. සැබෑ රිදි ජුබිලිය සහ ස්වර්ණ ජුබිලිය මෙයයි, එහෙම නේද? එබැවින් ජුබිලිය සැමරීම සඳහා ඔබට සැබෑ රිදි සහ සැබෑ රත්රං වීමට සිදුවෙයි. රිදි ජුබිලිය සමරන අය රිදි වනවා නොවෙයි. එය රිදී ජුබිලිය බව ඔබ පවසන්නේ වසර ගණනට අනුවයි. කෙසේනමුත්, ඔබ සියලු දෙනාම ස්වර්ණමය යුගයට අයත් අය සහ ස්වර්ණමය යුගයට අයිතියක් ඇති අයයි. එබැවින් ඔබ කෙතරම් ප්‍රමාණයකට සැබෑ රත්රං වී තිබේද කියා පරීක‍්ෂා කර බලන්න. ඔබ ගනුදෙනුවක් සිදු කළා, නමුත් ඔබට යමක් ලැබී ඔබ එය භාවිත කර අවසන් කළා නොවෙයි. ඔබට පරම්පරා 21 ක් නිරන්තරයෙන් පිරිපුන්ව සිටීය හැකි වන සේ සහ ඔබගේ පෙලපතද සමෘද්ධිමත්ව රැඳී තිබෙන සේ, ඔබ එතරම්ම රැස් කරගෙන තිබෙනවාද? උපත් 21 කට පමණක් නොවෙයි නමුත් තඹ යුගයට පවා? ඔබ බැතිමත් ජීවාත්ම වන නිසා, ඔබට කිසි අඩුවක් නොතිබෙයි. තඹ යුගයේ පවා ඔබට බොහෝ ධනය තිබෙන අතර ඔබට ඉතා හොඳින් දන් දී පුණ්‍යකර්ම සිදු කිරීමට හැකි වෙයි. බලන්න, කලි යුගයේ අවසානයේ, ඔබගේ අවසන් උපතෙදි පවා, ඔබ යාචකයන් වී නැහැ නේද? ඔබ අඩු තරමින් පරිප්පු සහ රොටී කෑමට හැකි අය වී තිබේ. ඔබට නීති විරෝධි මුදල් නැහැ, නමුත් ඔබට අඩු තරමින් පරිප්පු සහ රොටී තිබේ. කල්පය පුරාවටම ඔබ යාචකයන් නොවන බවට, මෙකල ආදායම සහතික කරයි. ඔබ කෙතරම් රැස් කරගෙන තිබේද යත්, අවසන් උපතේ පවා ඔබට පරිප්පු සහ රොටී කෑ හැක. ඔබ කෙතරම් ඉතිරි කරගෙන තිබෙනවාද කියා ඔබ ගණනය කර තිබේද? ඔබගේ අය වැය ලේඛණය සෑදීමට ඔබ දන්නවාද? රැස් කිරීමේදි ඔබ දක‍්ෂයි නේද? එසේ නැත්නම්, ඔබ උපත් 21 ක් කරන්නේ කුමක්ද? ඔබ ආදායමක් උපයාගන්නා අය වෙනවාද, නැත්නම් රාජධානියකට අයතියක් ඇති සහ රාජධානියක් පාලනය කරන අය වෙනවාද? රාජකීය පවුලක අයට කිසි දෙයක් උපයා ගැනීමට අවශ්‍ය නැහැ. පුරවැසියන් උපයා ගත යුතුයි. එයත් අංකානුරූපයි ධනවත් පුරවැසියන් සහ සාමාන්‍ය පුරවැසියන් සිටියි. එහි දුප්පත් කිසිවෙක් නැත. කෙසේවෙතත්, ඔවුන්ගේ උත්සාහයන් වල ප්‍රතිඵලය ලෙස, රාජකීය පවුලකට රාජධානියක් හිමි වෙයි. ඔවුන් උපතින් උපතට රාජකීය පවුලට අයිතියක් ඇති අය බවට පත් වෙයි. සෑම උපතකම රාජකීය සිහසුනකට ඔවුන්ට අයිතියක් නැති වුවද, උපතින් උපතට ඔවුන්ට රාජකීය පවුලට අයිතියක් හිමි වෙයි. එසේ නම් ඔබ කවුරුන්ද වන්නේ? දැන් ඔබගේ අය වැය ලේඛණය සාදන්න. ඉතුරුම් සැලැස්මක් සාදන්න.

වත්මන් ලෝකයේ ඔවුන් අපතේ යන ද්‍රව්‍ය වලින් හොඳම දේ සාදයි. ඔවුන් සියලු අපතේ යෑම් අවසන් කරයි. එබැවින් ඔබ සියලු දෙනාද ඔබගේ ඉතිරුම් ගිණුම, ඔබගේ අවධානයේ තබාගන්න. ඔබගේ සිතිවිලි බලය, ඔබගේ වචන වල බලය, ඔබගේ ක්‍රියාවන්ගේ බලය සහ ඔබගේ කාලයේ බලය, ඔබ භාවිත කරන්නේ කෙසේද සහ කොහේද ගැන, අය වැය ලේඛණයක් සාදන්න. මේ සියලුම බලයන් අපතේ යෑම සිදු නොවිය යුතුයි. ඔබගේ සිතිවිලි සාමාන්‍ය හෝ නිෂ්ඵල නම්, එවිට සාමාන්‍ය සහ නිෂ්ඵල යන දෙකම කිසිවක් ඉතිරි නොකරන අතර ඔබට යමක් අහිමි කරවයි. මුළු දවස ගැනම ඔබගේ වාර්තාව ලියන්න. මා මෙම බල කෙතරම් භාවිත කර ඒවා වැඩි කරගත්තාද? ඔබ ඒවා කාර්යයකට වැඩියෙන් භාවිත කරන තරමට එම බලය වඩාත් වැඩි වෙයි. සිතිවිලි, බලයක් බව ඔබ සියලු දෙනාම දන්නවා, නමුත් එය ක්‍රියාවට නැංවීමේදි ඔබ සියලු දෙනාම අංක පිලිවෙලයි. ඇතැමුන් එය කාර්යයකට භාවිත කරන්නේ නැති අතර එය පාපකාරී ක්‍රියා සිදු කිරීමෙන් අපතේ හරින්නේද නැත. කෙසේවෙතත්, ඔබ රැස් නොකළ නිසා, සාමාන්‍ය කාල සටහනකදි ඔබ උපයා නොගත් අතර ඔබ අහිමි කරගත්තේද නැහැ. සාමාන්‍ය සේවයක යෙදෙන කාලසටහනක් තිබීම හෝ සාමාන්‍ය පවුල් දිවියක කාල සටහනක් තිබීම, ඉතුරුම් ගිණුමක රැස් කර ගැනීම ලෙස හැඳින්වෙන්නේ නැත. ඔබගේ හැකියාවට අනුව ඔබ සේවය කර, ඉගෙන ගත්තාද, ඔබ කිසිවෙකුට දුක් නොදුන්නාද, ඔබ කිසිදු වැරදි ක්‍රියාවක් සිදු නොකළේද, කියා පරීක‍්ෂා නොකරන්න. ඔබ කිසිවෙකුට දුකක් නොදුන් නමුත් ඔබ ඔවුන්ට සතුට ලබා දුන්නාද? ඔබට කළ හැකිව තිබුණු ප්‍රමාණයෙන් ඔබ බලවත් සේවයක් සිදු කළාද? නිදසුනක් ලෙස බාප්දාදා සෑම විටම මෙම උපදෙස ලබා දෙයි මම සහ මගේ යන අවධානය අත්හැරීම, සැබෑ සේවයයි. එබැවින් මා ඒ ආකාරයෙන් සේවය කළාද? මා වැරදි වචන කතා නොකළ නමුත් මා බලාපොරොත්තු නොමැති ජීවාත්මයකට බලාපොරොත්තු ඇති කළ වචන කතා කළාද? එඩිතරකම නැති ජීවාත්මයකට එඩිතරකම ඇති කිරීමට? මා යමෙකු තුළට සතුටේ උනන්දුව සහ උද්යෝගය දැම්මාද? මෙය රැස්කර ගැනීම සහ ඉතිරි කිරීමයි. සාමාන්‍ය ලෙස පැය දෙකක් හෝ සතරක් ගත කිරීම, කිසිවක් ඉතිරි කරගැනීම නොවෙයි. ඔබ සියලු බල ඉතිරි කර රැස්කර ගන්නා, එවන් අය-වැය ලේඛණයක් නිර්මාණය කරගන්න. මේ වසරේ ඔබගේ කාර්යය, අය වැය ලේඛණයක් සමඟ සිදු කරන්න. ඔබ සෑම බලයක්ම භාවිත කරන අන්දම පිළිබඳව සැලසුමක් සාදන්න. ලෝකයේ සෑම ජීවාත්මයක්ම යමක් ලබා ගෙන ඔබගේ වර්ණනා ගයන ආකාරයේ එවන් ආධ්‍යාත්මික අය වැය ලේඛණයක් සාදන්න. ඔබ ඔවුන්ට ලබා දෙන්නේ, මුක්තිය හෝ ජීවන-මුක්තිය වුවත්, ඔබ අනිවාර්යෙන්ම සියලු දෙනාටම එක හෝ තව දෙයක් ලබා දිය යුතුයි. ඔබ මනුෂ්‍ය ජීවාත්ම පිවිතුරු කිරීමේ සේවය පමණක් නොව, නමුත් පදාර්ථ පිවිතුරු කිරීමද සිදු කරනවා. ආධ්‍යාත්මික (දේවමය) අය වැයක් යනු, සියලු ජීවාත්ම සහ පදාර්ථ සතුටු සහ සාමකාමී වීමයි. අර රජය අය වැයක් සකස් කරන්නේ, ඔවුන් මෙතරම් ජලය, මෙතරම් ගොඩනැගිලි, මෙතරම් විදුලිය ආදිය ලබා දෙන බවටයි. ඔබ නිර්මාණය කරන්නේ කුමන අය වැයක්ද? ඔබ බොහෝ උපත් ගණනාවකට සියලු දෙනාටම මුක්තිය සහ ජීවන-මුක්තිය ලබා දී ඔවුන්ව දුගීභාවයෙන්, දුකෙන් සහ අසාමයෙන් මුදවා ගන්නා බවයි. කල්ප භාගයක් ඔවුන් සැපෙන් වාසය කරයි. ඔවුන්ගේ ආශා අනිවාර්යෙන් ඉටු කෙරෙයි. ඒ මිනිසුන්ට අවශ්‍ය මුක්තිය පමණයි. ඔවුන් එය නොදන්නා නමුත්, ඔවුන් ඉල්ලන්නේ එයයි, එහෙම නේද? එබැවින් තමන්ට සහ ලෝකයට, ආධ්‍යාත්මික (දේවමය) අයවැයක් සාදන්න. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? ඔබ මේ වසරේ රිදි ජුබිලිය මෙන්ම ස්වර්ණ ජුබිලියත් සමරනවා නේද? එබැවින් මෙය වැදගත් වසරක්. අච්චා.

සෑම විටම ශ්‍රේෂ්ඨ ගනුදෙනුව තම අවධානයේ තබා ගන්නා අයට, තම රැස්කිරීමේ ගිණුම සෑම විටම වැඩි කරගන්නා අයට, තම සෑම බලයක්ම භාවිත කර ඒ අනුව එය වැඩි කරගන්නා අයට, සෑම විටම කාලයේ වැදගත්කම දැන, ශ්‍රේෂ්ඨත්වයට පත් වී, අන් අයවත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන අයට, එවන් ශ්‍රේෂ්ඨ, ධනවත්, නුවණැති දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

බාප්දාදා කුමාර්ලා මුණගැසෙමින්

ඔබ වැරදි ඉනිමග නැගීමෙන් බේරී ඇති නිසා කුමාර් දිවියක් වාසනාවන්ත දිවියකි. ඔබට කිසිම විටෙක වැරදි ඉනිමග නැගීමේ සිතිවිල්ල ඇති වන්නේ නැහැ නේද? ඉහළ නැග ඇති අයත් පහළට පැමිණෙනවා. ගෘහවාසීන් පවා තමන්ව කුමාර් සහ කුමාරීන් ලෙස හඳුන්වනවා, එහෙම නේද? එබැවින් ඔවුන් ඉනිමග දිගේ පහළට ඇවිත්, නේද? එබැවින් සෑම විටම ඔබගේ මෙම ශ්‍රේෂ්ඨ භාග්‍යය ඔබගේ අවධානයේ තබාගන්න. කුමර දිවියක් යනු ඔබ බන්දන වලින් බේරී ඇති දිවියකි. එසේ නැත්නම් ඔබ කෙතරම් බන්දන වල බැඳී සිටියිද කියා බලන්න. එබැවින් බන්දන ඔබව ඇද ගැනීමෙන් ඔබ ආරක‍්ෂා වී ඇත. ඔබගේ මනසින් ඔබ නිදහස්ය, එමෙන්ම සම්බන්ධතා වලින්ද නිදහස්ය. කුමර දිවියක් ස්වාධීන ජීවිතයකි. ඔබට කිසිදා යම් උදව්කරුවෙක්, ඔබට සහකරුවෙක් සොයාගැනීමට, ඔවුන් ඔබට රෝගි අවස්ථාවක උපකාර කරනු ඇතැයි සිතිවිල්ලක්, ඔබගේ සිහිනෙන්වත් ඇති වන්නේ නැහැ නේද? ඔබ කිසිදාක මේ ආකාරයෙන් සිතනවාද? ඔබට මෙම සිතිවිල්ල කොහෙත්ම ඇති වෙනවාද? කුමර දිවියක් යනු නිරන්තරයෙන් පියාසර කරන කුරුල්ලෙක් වීමයි, බන්දන වල සිර වූ කෙනෙක් නොවෙයි. මෙම සිතිවිල්ල කිසිදා ඇති නොවිය යුතුයි. සෑම විටම බන්දන වලින් නිදහස්ව සිට, නොකඩවා සීඝ්‍ර වේගයකින් ඉදිරියට ගමන් කරන්න.

බාප්දාදා කුමාරීන් මුණගැසෙමින්

සේවයේ ඉදිරියට යාමට කුමාරීන්ට විදුලි සෝපානයක් (lift) ලැබී තිබේ. මෙම විදුලි සෝපානය ශ්‍රේෂ්ඨ තිළිණයකි. ඔබ මෙම තිළිණය භාවිත කරන අන්දම දන්නවා නේද? ඔබ තමන්ව වඩාත් ශක්තිමත් කරවන තරමට ඔබ සිදුකරන සේවය වඩාත් ශක්තිමත් වෙයි. ඕනෑම කරුණකින් ඔබ දුර්වල නම්, එවිට සේවයද දුර්වල වෙයි. එබැවින් බලවත් වී බලවත් සේවාධාරියෙක් වන්න. කාලය පැමිණි විට, ඔබට තමන්ව සේවයේ සාර්ථකව කාර්ය බහුල කරගෙන, ඉදිරි අංකයක් හිමි කරගැනීමට, අඛණ්ඩව එවන් සැලසුම් සාදන්න. වර්තමානයේ ඔබට තම ඉගෙනුමට කාලය ලබා දීමට සිදුවී තිබේ, පසුව ඔබට කිරීමට එක දෙයක් පමණක් තිබෙයි. එබැවින් ඔබ කොහේ සිටියත් නොකඩවා පුහුණුව ලබා ගන්න. උපකරණ ජීවාත්මයන්ගේ ඇසුරේ හිඳිමින් තමන්ව දිගටම සුදානම් කරගන්න, එවිට ඔබ වටිනා සේවාධාරියෙක් වෙයි. ඔබ වැඩියෙන් ඉදිරියට යන තරමට ඔබට වඩාත් යහපතක් සිදු වෙයි.

බාප්දාදා සේවාධාරී ගුරුවරුන් මුණගැසෙමින්

1) සේවාධාරියෙක් යනු, සෑම විටම උපකරණයක් වන කෙනෙකි. උපකරණයක් වීමේ හැඟීම, ඉබේටම ඔබට සේවයේ සාර්ථකත්වය ගෙන දෙයි. උපකරණයක් වීමේ හැඟීම නොමැති නම්, සාර්ථකත්වය නොමැත. ඔබ නිරන්තරයෙන් පියාට අයත් වන බවට, ඔබ පියාට අයත් බව, සහ ඔබ සෑමදාම ඔහුට අයත්ව සිටින බවට ඔබ පොරොන්දුවක් වී තිබේ, එහෙම නේද? සේවාධාරියෙක් යනු, තම සෑම පියවරක්ම, පියාගේ පියසටහන් මත තබන කෙනෙකි. මෙය, පියාව අනුගමනය කරන කෙනෙක් වීම, ලෙස හැඳින්වෙයි. ඔබ ශ්‍රේෂ්ඨ උපදෙස් පිලිපැදීමෙන්, සෑම පියවරක්ම ශ්‍රේෂ්ඨ කරගන්නා සේවාධාරීන්, නේද? සේවාධාරියෙකුගේ ශ්‍රේෂ්ඨ අරමුණ වන්නේ, සේවයේ සාර්ථකත්වය ලැබ ගැනීමය. ඉතිං ඔබ සියලු දෙනාම ශ්‍රේෂ්ඨ අරමුණක් තබාගන්න අය නේද? තමන් තුළ මෙන්ම සේවයේ සියලු නිෂ්ඵලත්වය වැඩියෙන් අවසන් වන තරමට ඔබ මෙන්ම සේවයද, වඩාත් ශක්තිමත් වෙයි. එබැවින් සේවාධාරීන්ගේ විශේෂත්වය වන්නේ, සියලු නිෂ්ඵලත්වය අවසන් කර නිරතුරුවම ශක්තිමත්ව රැඳී සිටීමයි. ඔය උපකරණ ජීවාත්ම වැඩියෙන් බලවත් වන තරමට සේවය වඩාත් බලවත් වෙයි. සේවාධාරියෙක් වීම යනු, නිරන්තරයෙන් සේවය තුළට උනන්දුව සහ උද්යෝගය දැමීමයි. උනන්දුව සහ උද්යෝගය ඇති අයට අන් අයටද උනන්දුව සහ උද්යෝගය ලබා දිය හැක. එබැවින් සෑම විටම උනන්දුව සහ උද්යෝගය ප්‍රායෝගිකව දිස් විය යුතුයි. ඇතුලාන්තයෙන් මා ඒ ආකාරයට සිටින නමුත් එය බාහිරව නොපෙනි තිබිම, සිදු නොවිය යුතුයි. අදෘෂ්‍යමාන උත්සාහය වෙනම එකකි නමුත් උනන්දුව සහ උද්යෝගය සැඟවිය නොහැක. නිරන්තර උනන්දුව සහ උද්යෝගයේ දීප්තිය ඔබගේ මුහුණේ ඉබේටම දිස් විය යුතුයි. ඔබ යමක් පැවසුවත් නැතත් ඔබගේ මුහුණ සහ දීප්තිය එය පැවසිය යුතුයි. ඔබ එවන් සේවාධාරීන්ද?

සේවය කිරීමට රන් අවස්ථාවක් ලැබීමත් ශ්‍රේෂ්ඨ භාග්‍යයේ සලකුණකි. සේවාධාරියෙක් වීමේ භාග්‍යය ඔබට හිමි වී තිබේ, නමුත් දැන්, ඔබ ඔබගේ භාග්‍යය නිර්මාණය කර, එය අංක එකටද අංක දෙකටද තිබෙන්නේ කියා බැලිය යුතුයි. එක වර්ගයක භාග්‍යය ලබා ගැනීමට නොව, නමුත් භාග්‍යය පිට භාග්‍යය හිමි කරගැනීමට. ඔබ නොකඩවා වැඩියෙන් භාග්‍යය ලබා ගන්නා තරමට, ඔබගේ අංකය ඉබේටම වඩාත් ඉදිරියට ගමන් කරනු ඇත. මෙය කෝටි ගුණයක් වාසනාවන්ත වීම ලෙස හැඳින්වෙයි. එක් විෂයකින් පමණක් සාර්ථකත්වයේ ප්‍රතිරුවක් නොවන්න, නමුත් සියලු විෂයන් ගෙන්. අච්චා.

2) වැඩියෙන්ම සතුට තිබෙන්නේ කාටද - ඔබටද පරම පියාටද? වැඩියෙන් සතුට තිබෙන්නේ ඔබට කියා ඔබ නොකියන්නේ ඇයි? තඹ යුගයේ සිට ඔබ භක්තියේ කන්නලව් කරමින් හිඳ ඇත, එබැවින් දැන් ඔබට ඔහුව හමු වී ඇති බැවින්, ඔබට බොහෝ සේ සතුට තිබිය යුතුයි! උපත් 63ක් ඔහුව ලබා ගැනීමේ ආශාව ඔබට තිබුණි, දැන් එම උපත් 63 ආශාව ඉටු වී ඇති නිසා, බොහෝ සතුට තිබේ! ඕනෑම ආශාවක් ඉටු වූ විට ඔබ සතුටට පත් වනවා නේද? මෙම සතුට, ලෝකයට සතුට ලබා දෙයි. ඔබ සතුටට පත් වන විට, මුළු ලෝකයම සතුටට පත් වෙයි. ඔබට එවන් සතුට ලැබී තිබෙනවා නේද? ඔබ පරිවර්ථනය වන විට, ලෝකයත් පරිවර්ථනය වන අතර දුක හෝ අසාමයේ නමක් හෝ සලකුණක් පවා ඉතිරි නොවන ආකාරයට එය පරිවර්ථනය වෙයි. එබැවින් නිරතුරුවම නොකඩවා සතුටින් නර්ථනය කරන්න. සෑම විටම ඔබගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්ගේ ගිණුමේ අඛණ්ඩව රැස් කරගන්න. සියලු දෙනාටම සතුටේ සම්පත් බෙදා දෙන්න. වත්මන් ලෝකයේ සතුටක් නැත. සියලු දෙනාම සතුටේ යාචකයන්, එබැවින් ඔවුන්ව සතුටින් පුරවන්න. සෑම විටම නොකඩවා මෙම සේවයෙන් ඉදිරියට යන්න. බලාපොරොත්තු විරහිත ජීවාත්මයන්ට නොකඩවා උනන්දුව සහ උද්යෝගය ලබා දෙන්න. ඔවුන් මෙසේ සිතමින් බලාපොරොත්තු නැති කරගෙන තිබේ, මට කිසිවක් කළ නොහැක, එය කිසිසේත් සිදු විය නොහැක... ඉතිං, ඔබ ජය ගෙන, ඔවුන්ව ජයග්‍රහණය කරවා, ඔවුන්ගේ උනන්දුව සහ උද්යෝගය වැඩි කරන්න. ජයග්‍රහණයේ අවධානයේ තිලකය, සෑම විටම දමා තබන්න. ඔබ, තිලකය ඇති අය මෙන්ම ස්ව-ආධිපත්‍යයටද අයිතියක් ඇති අයයි. සෑම විටම මෙම අවධානය පවත්වා ගන්න. අච්චා.

ප්‍රශ්නය:
සමීප තාරකා වන අයගේ ලක‍්ෂණ මොනවාද?

පිළිතුර:
ඔවුන් සමාන බව පෙනෙයි. සමීප තාරකා තුළ, බාප්දාදාගේ ගුණධර්ම සහ ඔහුගේ කාර්යය පැහැදිලිව පෙනෙයි. සමීපතාවය වැඩි වන තරමට, සමාන බව වැඩි වෙයි. සෑම කෙනෙකුගේම මුහුණ, බාප්දාදාගේ දර්ශනයක් ලබා දීමට කැඩපතක් වෙයි. ඔවුන්ව දැකීමෙන් මිනිසුන්ට බාප්දාදාගේ හැඳින්වීම ලැබෙයි. ඔවුන් දකින්නේ ඔබව වුනත්, ඔවුන් බාප්දාදා වෙතට ආකර්ෂණය වෙයි. මෙය, පුතණුවන්, පියාව පෙන්වයි ලෙස හැඳින්වෙයි. ඔබ සෙනෙහස දක්වන්නේ කාටද, එම කෙනාගේ මුද්‍රාව, ඔබගේ සෑම පියවරකම දිස්වෙයි. ඔබ ප්‍රබෝදමත් වන තරමට, ඔබ ආකර්ෂණීය පිලිරුවක් වෙයි. අච්චා.

වරදානය:
ඔබ මහා දානපතියෙක් වී, බොහෝ ජීවාත්මයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරත්වා.

මහා දානපතියෙක් වීම යනු, අන් අයට සේවය කිරීමය. අන් අයට සේවය කිරීමෙන් ඔබට ඉබේටම සේවයක් සිදුවෙයි. මහා දානපතියෙක් වීම යනු, තමාව සියලු සම්පත් වලින් පුරවා ගැනීමය. ඔබ සතුටේ, බලයේ සහ ඥානයේ දානය ජීවාත්ම කොපමණ සංඛ්‍යාවකට ලබා දෙන්නේද, ලැබීම්වල හඬ හෝ ඔවුන්ගෙන් මතුවන ආශිර්වාද, ඔබට ආශිර්වාදයන්ගේ ස්වරූපයක් වෙයි. මෙම ආශිර්වාද, ඔබව ඉදිරියට ගෙන යාමට මඟකි. ආශිර්වාද හිමි වන අය, සෑම විටම සිටින්නේ සතුටින්ය. එබැවින් සෑම දිනකම අම්රිත් වේලාවේ, මහා දානපතියෙක් වීමට වැඩ සටහනක් සාදන්න. ඔබ දානයක් නොදෙන එක දිනයක් වත් නොතිබිය යුතුයි.

පාඨය:
වත්මන් කාලයේ ක‍්ෂණික සහ ප්‍රායෝගික ඵලය, ජීවාත්මයට පියාසර ස්ථීතියේ බලය ලබා දෙයි.