24.06.22    Avyakt Bapdada      Sinhala Murli     15.12.63    Om Shanti    Madhuban


ජගදම්මා මාතේෂ්වරි අනුස්මරණීය දිනයේ දී පන්තියේ දී කියවිමට මිහිරි උතුම් වදන්.
සතුට හා දුකට හේතුව වන්නේ ඔබ කරන දෙයයි.


සතුටු හෝ අසතුටු දිවියක ඵලය රඳා පවතින්නේ තමා විසින් කරනා දේ මත බව මිනිසුන් දනී. දුක හා සතුට ලෙසින් ඵල පාක විඳින ආකාරයේ යම් යම් ක්‍රියා අනිවාර්යෙන්ම අප යම්කිසි දිනෙක කර ඇත. එසේනම් සතුටත් දුකත් අප කරන කියන දේ හා සම්බන්ධය. කර්මයට කිස්මත් (වාසනාව) කියන්නේ නැහැ. ඇතැම් අය එය තම දෛවයයි කියා සලකන නිසා සතුට හා දුකත් තමාගේ දෛවයමයි කියා සිතාගෙන සිටිනවා. "මගේ වාසනාවේ ඇති ඕනෑදෙයක්" කියා ඇතැම් අය සිතනා නිසා සතුටත් දුකත් දෙකම තම වාසනාවයි කියා සලකනවා. දෙවියන් නැතිනම් වෙන යම් කෙනෙක් විසින් තම වාසනාව නිර්මාණය කර තිබෙනවා කියා ඔවුන් සිතනා නිසා තමයි "වාසනාවේ ඇති ඕනෑම දෙයක්" කියා කියන්නේ. කෙසේ වෙතත්, වාසනාව නිර්මාණය කළේ කවුරුන්ද යන්නත් තේරුම් ගත යුතුයි. දෙවියන් අපේ දෛවය නිර්මාණය කලේ නැහැ. එමෙන්ම අපේ දෛවය කල්තබා තීරණය වූ දෙයක් ද නොවෙයි. මිනිසුන් විඳින සතුට හා දුක ඔවුම විසින් නිර්මාණය කර ගත් දෙයක්. මන්ද කියා කරන්නේ මිනිසුනුයි. මේ නිසා තමයි එය අපේම වගකීම වන්නේ. ක්‍රියා කරන්නේ මානව ජීවයන් විසිනුයි. එමනිසා, වගකීම මගේ අතේයි. "කළ දේ, ඵල දේ" යන්න සාමාන්‍ය කියමනකි. කවුරු කළත් ඒ දෙයෙහි ඵලය ඔහුට ලැබෙනු ඇත. ගීතාවේත් සඳහන්ව තිබෙන්නේ: ජීවාත්මය තමාගේම මිතුරා හෝ සතුරා වේ. මම ඔබගේ සතුරායි. මම ඔබගේ මිතුරායි කියා කිව්වේ නැහැ. ජීවාත්ම සත්තාව තමාගේම සතුරාත් මිතුරාත් වේ, මෙන්න මේ නිසා තමයි කෙනෙක් තමාගේම මිතුරාත් වන අතර තමාගේ සතුරාත් වන්නේ. කෙනෙක් තමාටම සතුට හෝ දුක ගෙන එයි. එමනිසා, තම සතුටටත් දුකටත් වගකිව යුත්තේ තමන්ම බව පැහැදිලි කරුණක් වේ. කුමනාකාරයක දුකක් පැමිණියත් සෑම කෙනෙක්ම උත්සාහ කරන්නේ එය පලවා හරින්නයි. යම් අඩදබරයක් ආරවුලක් සිදුවූවත් සෑම කෙනෙක්ම උත්සාහ දරන්නේ එය විසඳා ගැනීමටයි. ඇතැම් විට කෙනෙක් අකල් මරණයකට ලක් වූ විට දුක් වෙන අය එවන් දෙයක් සිදු වූයේ ඇයි දැයි කියා විමසනවා. ඔබට සිදු වුණු සෑම දෙයක්ම ඒ සිදු වුණු අකල් මරණය, මේ සියල්ල කළේ දෙවියන් විසින් ද? රෝගයක ස්වරූපයෙන් මට දුක් විඳීමට සිදු වුණු විටෙක එයත් කළේ දෙවියන්ද? ලෝකයේ දැන් පවතින අඩ දබර, ආරවුල් හා නොයෙකුත් දුක් කරදර - මේ සියල්ල ඇති කළේ දෙවියන් ද? ආහා... දෙවියන්ව හඳුන්වන්නේ දුක නැති කර සතුට දානය කරනා කියලයි. මෙන්න මේ නිසා තමයි කිසියම් දුකක් විඳිනා විටෙක මිනිස්සු දෙවියන්ට සිහි කරන්නේ. ශාරිරික ලෙඩක් දුකක් හැදුණු විටෙක: අහෝ දෙවියනේ කියා කන්නලව් කරනවා. දුකකදී මිනිස්සු කන්නලව් කරන්නේ ඔහුටම පමණයි. දුක් ඇති කරවන්නේ ඔහු නම් දුක් ඇති කරපු කෙනා මොනවා කරයි ද? කියා මට කියන්න. තමන්ට දුකක් දැණුනු විට සිහි වෙන කෙනා තමන්ට දුක් දුන්නා කියා කිව නොහැකියි. මෙයත් අවබෝධ කර ගත යුතු කාරණාවක්. දුක් ගෙන දෙන කෙනාව ඔබ දුකේ දී සිහි කරනවා ද? මේ ගැන ඔබ සිතා බැලිය යුතුයි :දුක් විඳින මොහොතේදී ඔහුව සිහි කළා නම්, ඒදුක ගෙන ආවේ ඔහුයි කියා ඔබට කියන්න බැහැ. මෙයත් අවබෝධ කරගත යුතු කරුණක්. අපි ඔහුව සිහි කරන්නේ අපට ඔහුත් සමඟ ඇත්තේ වෙනමම සබඳතාවකි. දුක් දෙන කෙනා නොවෙයි. දුකට හේතුව ඔහු වන නිසා නොවෙයි. දුකට හේතුව හෝ එයට වගකිව යුත්තා වෙනමම කෙනෙක් විය හැකියි. කෙසේ වෙතත්, තුන්වැන්නෙක් නැහැ. මමත් මගේ නිර්මාණකරුත් පමණයි. දෙදෙනෙක් පමණයි. එක් කෙනෙක් මම.ඔහුගේ නිර්මාණය, නැතිනම් දරුවා. දෙවැන්නා පරම පියා. ඉතින් එසේනම් එක්කෝ පියා වගකිව යුතුයි. නැතිනම් මා වගකිව යුතුයි. කෙසේ වෙතත්, මම දුක් විඳිනා විට මට එය දැනෙන්නේ දෙවියන් දුක් දෙනවා වගෙයි. ඇතුලාන්තයෙන් මට දැනෙන්නේ ඔහු මගේ සතුට දානය කරන්නායි. සතුට සඳහා ආධාරක පතන්නාක් සේ දෙවියනේ මගේ දුක නැති කරන්න. දෙවියනේ මට වැඩි ආයුෂ දෙන්න කියලත් කියනවා. බලන්න. ඔවුන් ඔහුගෙන් දීර්ඝායුෂත් ඉල්ලනවා. දෙවියන්ගෙන් දීර්ඝායුෂ ඉල්ලා දුකේදී ඔහුට කන්නලව් කරමින් ලෙඩක් දුකක් සෑදුණු විටෙක දී, ආරවුලකදී හෝ කලබලයකදී පවා යාදින්නේත් දෙවියන්ටමයි. තම දරුවන්ගේ හැසිරීම හොඳ නැති වුණු විටත් ඔවුන්ට කියන්නේ: අහෝ දෙවියනේ. මේ දරුවාගේ බුද්ධිය පාදා දෙන්න කියලයි. ඉතින් උපදෙස් පතනවා. තමන්ට දුකක් දැනුණු සෑම විටකම ඔවුන්ට ඔහුව සිහි වන අතර තමාට අවශ්‍ය සෑම දෙයක්ම ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔවුන් එසේ යමක් ඔහුගෙන් ඉල්ලන නිසා අනිවාර්යයෙන්ම ඔහු එය දෙන කෙනා විය යුතුයි. අපට සතුට දෙන එකම එක කෙනා ඔහුම පමණක් වන නිසා තමයි ඔහුගෙන්ම සියල්ලම ඉල්ලන්නේ. ඉන් අදහස් වන්නේ සියල්ලට ප්‍රතිකර්මය ඔහු ලඟ තිබෙනා බවයි. අප ඔහුව නිකම්ම සිහි කරන්නේ නැහැ, ඔහු ලඟ තමයි ප්‍රතිකර්මය තිබෙන්නේ. කෙනෙක් කුමනාකාරයක පුරුද්දක සිටියා වුවත් දුකක් දැනුණු අවස්ථාවක දී සෑම කෙනෙක්ම දැන හෝ නොදැන අනිවාර්යෙන්ම අප සිහි කරන්නේ ඒ දෙවියන්වමයි. ඒ නිසා තමයි ඒ සෑම කෙනෙක්ම "අනේ මගේ දෙවියනේ" කියා කියන්නේ. කෙනෙක් දෙවියන් ගැන හා ඔහු කරන කියන දේ ගැන දැන සිටියත් නැතත් අනිවාර්යෙන්ම මෙය මුවින් පිට වෙනවා. මෙයත් තේරුම් ගත යුතු දෙයක්. අවසානයේ දී අප සිහි කරන කෙනාට අපේ සෑම දුකක් සමඟම සම්බන්ධතාවයක් තිබෙනවා ද? ඔහු දුක දානය කරන්නා ද, නැතිනම් අපට සතුට දීම සම්බන්ධයෙන් ඔහුට අප හා සබඳතාවක් තිබෙනවා ද? අප ඔහුව සිහි කිරීම ම, දුකට හේතුව ඔහු නොවන බව ඔප්පු කරයි. ඔහු අපට දුක් දෙනවා නම් ඇයි අපි සිහි කරන්නේ? සාමාන්‍යෙයන් දුකක් දෙන කෙනෙක් කෙරෙහි ඇති වන්නේ තරහකි. ඒ කෙනාට මොනව කරන්න ද කියා මට නම් තේරෙන්නේ නැහැ කියා තමයි එවිට ඔබ කියන්නේ. කෙසේ වෙතත්, දුකක් ඇති වුණු මොහොතක විශේෂයෙන්ම දෙවියන් කෙරෙහි වූ අපේ ඇල්ම ඉස්මතු වන්නේ ඔහු අපගේ කළණ මිතුරෙක් වෙනවා වගේයි. මේ සියල්ල සම්බන්ධ වන්නේ අපට අනිවාර්යයෙන්ම සතුටු සබඳතාවක් ඔහු හා පවතින බව කීමටයි. දුකට හේතුව වෙනකකි. තෙවැන්නෙක් නැහැ. මමත් ඔහුත් පමණයි. ඉතින් එසේනම් මම අනිවාර්යයෙන්ම වගකිව යුතුයි (මගේ දුකට).

තමන් කුමනාකාරයේ දෙයකට උපකරණයක් වුවත්, දුක පැමිණෙන විට ඒ දුක විඳින්නේ තමන්මයි. එය නිර්මාණය කළේ තමනුයි. ඉතින් මෙය හරිම අනුවණ දෙයක්. තමා ගැලවුම බලාපොරොත්තු වන්නේ කොයි දෙයකින්ද ඒ දේ නිර්මාණය කර ගන්නේ තමන්මයි. ඒක හරිම පුදුම දෙයක් නේද? කිසිම කෙනෙක් කිසිම දුකක් විඳින්න කැමති නැහැ. නමුත් ඔවුන්ම එය නිර්මාණය කර ගන්නවා. ඉතින් එසේනම් අනිවාර්යයෙන්ම ඔවුන් නොදන්නා ඔවුන්ට නොතේරෙත යමක් ඇති. ඉතිත් නොතේරෙන යමක් තිබෙනවා නම් පළමුවෙන්ම ඔබ එය සොයා ගත යුතුයි. ඒ පිළිබඳව මා තුළ අනිවාර්යයෙන්ම යම් දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි. පළමුවෙන්ම මා එය දැන ගත යුතුයි. නමුත් පුදුමයට කරුණ නම් අදටත් තවමත් පැමිණ මෙය තේරුම් ගැනීමට මිනිසුන් විසින් නොයෙකුත් සමාවට කරුණු ගෙනහැර දැක්වීමයි. කාලය නැහැයි කියා කියනවා. "අපි මොනවා කරන්න ද?" අපි අපේ ගෙදර දොර බලා කියා ගන්න ද, නැතිනම් මේ එක එක දේ කර කර ඉන්න ද? නමුත් ඔවුන් දුක් විඳින්නේත් මෙහිදීමයි. කෙසේවෙතත්, ඒ සෑම ආකාරයකම දුක් මා නිර්මාණය කර ගත්තා. "මගේ, මගේ" ඒ සෑම දෙයක් තුළම මම යම් දුකක් ඇති කළා. එසේනම් සියල්ලට පළමුවෙන් ඒ දේ දෙස බැලිය යුතුයි. යමක් නිර්මාණය කිරීමට ප්‍රථම, මට ඒ පිළිබඳ තොරතුරු තිබිය යුතුයි. දුක් ගෙන දෙන දෙයක් මා විසින් නිර්මාණය වෙමින් පවතිනවාය යන්න මා අවබෝධ කර ගත යුතුයි : නැතිනම් සතුටක් කියා දෙයක් මට ඇත්තේම නැත්ද? මොකක්ද? මේ සියල්ල මා සොයා ගත යුතුයි.

මෙම පණිවිඩය අපට පෙන්වා දෙන්නේ, ඔබගේ දුකට හේතුව වන්නේ ඔබ තමාගේයි කියා සලකන දේවලය යන අවබෝධයෙනුයි. එම දුකට විකල්පය කුමක්දැයි යන්න දැන ගැනීම ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණයකි. මෙය ගැන දැන දැනත් ඔවුන් කියන්නේ, "අපි මොනවා කරන්න ද? අපි කොහොමද කිසිම දෙයක් කරන්නේ?" අපේ ගෙවල් දොරවල් අතහැර දමා යන්න ද?" නොයෙකුත් සමාවට කරුණු. මහා විශාල දුක් කන්දරාවකින් පිරී තිබෙන මිනිසුන්ගේ බුද්ධිය ඒවා නිසාම මුලුමනින්ම ඉවත්ව ගිහින් තිබෙනා නිසා මෙවන් අවබෝධයක් දුන්නා වුවත් එය තේරුම් ගැනීමටවත් මිනිසුන් යම් කාලයක් වෙන් නොකිරීම මහා පුදුම කාරණයක්. අපි තේරුම් ගෙන ධාරණය කර ගෙන අත්විඳ මෙය අත්දැකීමෙන්ම බැලිය යුතු දෙයක් කියා ඔවුන්ට කියා දෙනවා. අපි මෙය අනිවාර්යයෙන්ම අත්විඳ තිබෙන නිසායි මෙසේ කියන්නේ. ඉතින් එසේනම් කොහොම සතුටු වෙන්න ද? මෙම බලාපොරොත්තුව අප තුළ බොහෝ කාලයක් තිස්සේ පැවතියා. දැන් සතුට දානය කරන්නාම තම හැඳින්වීම ලබා දෙමින් අප අසතුටු වුණේ කෙසේදැයි කියා කියා දෙනවා. එය ඔබගේ වැරදයි. නමුත් ඇයි ඔබ ඒ දුක තමා මතට ගන්නේ. ඔබගේ දුකට හේතු වුණු ක්‍රියා මොනවා ද? ඒවා මොනවාද? පැමිණ මෙය අවබෝධ කර ගන්න. බලන්න, අපි එවන් දෙයක් දෙනවා. ඒ වුණත්, ඒ දේ ඇසි ඇසීත්, "අපි මේ විදියටම ඉන්නම්" කියා ඒ අසරණයින් කියනවා. අන්න ඒකට තමයි, මායා වෙත වූ බැඳීම කියා කියන්නේ: මායා ඔවුන්ව මුලුමනින්ම අල්ලා ගෙන. මුලු දවස පුරාම තම හිස වෙහෙසවමින් බලාපොරොත්තු වන දේ දීමට පරමාත්ම පියා පැමිණ සිටිනවා, ඔබට අවශ්‍ය කරන දේම ඔහු දෙනවා. දරුවනි, ඔබගේ සතුටට හා දුකට හේතුව කුමක් ද? ඔහු මෙහි සිට සියල්ල පැහැදිලි කර කියා දෙනවා.

පරමාත්ම පියාම කියන්නේ: මා දැන් පැමිණ සිටින්නේ ඔබ සියලු දෙනාගේම දුක් නිවන්නයි. සතුටේ මඟ පෙන්වා දෙන්නයි. මන්ද ඔබ කන්නලව් කරන්නේ: අහෝ දුක නැති කර සතුට දානය කරන්නාණනි කියලා. අද ඔබ දුක දානය කර සතුට නැති කරන්නැයි කියා ඔවුන් කවදාවත් කිව්වේ නැහැ. ඔහු දුක නැති කරන්නායි. ඉතින් පරමාත්ම පියා කියන්නේ දරුවනි මා පැමිණ සිටින්නේ ඔබගේ දුක නැති කරන්නයි. ඒ දුක නැති කිරීමට නම්, දුක ඉවත්ව යන ආකාරයේ ක්‍රියා කිරීමට මම ඔබලාව දිරිමත් කරවනවා. මා උගන්වන ලද්දේ, පැහැදිලි කර කියන දේ තේරුම් ගෙන නොනවත්වාම උත්සාහ දරා මේ ආකාරයෙන් ඔබගේ දුක නැති කර ගන්න. මා ඔබට දෙන්නේ ඔබට තමාගේම දුක නැති කර ගත හැකි ආකාරයේ දැනුමයි. ඔබ මෙය ධාරණය කර ගත යුතුයි. මන්ද එය ඔබගේ මහා වස්තුවයි. කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයින් තමන් දෙවියන්ට යම් සේවයක් කරනවායි කියා සිතා පුදුම සහගත විදියේ සමාවට කරුණුයි කියන්නේ. වෙලාවක් ලැබුණොත් මෙය කරන්නම් කියා ඔවුන් කියනවා. අහෝ සහෝදරයාණනි, අන් අයට කවන පොවන ආදී.... ඒ සෑම කරුණකම - ඔබ පැටලී සිටින්නේ එවන් ක්‍රියා මඟින් නිර්මාණය වුණු ගිණුම් තුළයි. ඔබව දුකට පත් කරන්නේත් ඒවාමයි. එක් පැත්තකින් ඔබ කියනවා දුකින් නිදහස් විය යුතුයි කියලා. අනිත් පැත්තෙන්. පරමාත්ම පියාම ඒ දුකින් ඔබට ඔබව ගලවා ගත හැකි මඟ පැහැදිලි කර කියා දෙනවා. ඒ වුණත් එය ඔවුනගේ සිහියේ රඳන්නේ තැහැ. මේ ආකාරයෙන් බොහෝ දෙනා මෙම ධනය, යස ඉසුර, ශරීරය මායාවක් කියා සිතනවා. නිදහස් විය හැකියි කියා ඔවුන් විසින් සිතාගෙන සිටිනා මංපෙත් සොයා ගැනීමට උත්සාහ දරණවා. අනේ නැහැ. ඔබගේ දුකට හේතුව වෙනත් එකක්. පරමාත්ම දෙවියන් කියනවා. මගේ මේ සදාතනික වූ නිර්මාණය දුකට හේතුව නොවෙයි. පංච පාපයන් (මායා) කියා අමතර දෙයක් ඔබ විසින් අරගෙන තිබෙනවා. දුර්ගුණ පාපයන්ට කියන්නේ මායා කියලයි. ශරීරය පාපයක් නොවෙයි, ලෝකය පාපයක් නොවෙයි. ධනය හෝ යස ඉසුර පාපයක් නොවෙයි. පාප යනු වෙනමම දෙයක්. ඒ පාපයන්ගේ පැමිණීම නිසා අර කියූ සෑම දෙයක්මත් දුක් ගෙන දෙන දේවල් වෙලා. නැතිනම්, ඒ සෑම සුඛවිහරණයක්ම ජීවාත්මයන්ගේ සතුටට හේතු වන දේවලුයි. ඔවුන්ට ධනය හා යස ඉසුරු සතුටට මඟ වෙනවා. නමුත් ඒ දේවල් පිළිබඳ පූර්ණ දැනුම නොමැතිකම නිසා ඒ සියල්ල දුකට හේතුව වි තිබෙනවා, මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා කියන්නේ: මා නිර්මාණය කළ නිමැවුම සදාතනිකයි. එය දුකට හේතුව නොවෙයි. දුකට හේතුව ඔබමයි. ඔබ තුළට අමතර දේ එකතු වෙලා. ඒ අමුතු දේ තමයි මායාගේ පංච පාපයන්. දැන් ඔබ ඒවා දුරු කර ගත යුතුයි. ඇතැම් අය කියනවා පරමාත්ම දෙවියන් ඒවා දුන්නා කියලා. කෙසේවෙතත්, සතුටු විමට දේවල් පරමාත්ම දෙවියන් අපට දීලයි තිබෙන්නේ, නැද්ද? නමුත් ඔබ කරක්ගෙන ඇත්තේ දුෂිත පාපයන් ඒවාට එකතු කරගෙන ඒ සියල්ල නැති කර ගැනීමයි. මෙන්න මේ නිසා තමයි ඔබට කියන්නේ: ඔබ පරමාත්ම පියාගේ දරුවනුයි. දැන් ඉතින් ඒ සියල්ල ඉවත් කර දැමූ විට ඔබට සතුටට මඟ සොයා ගත හැකි වේවි. මේ සියල්ල තේරුම් ගත යුතුයි. මේ සඳහා තමයි ඔබට නිතර නිතර මෙහි පැමිණ මේ දේවල් තේරුම් ගන්න කියා කියන්නේ. කෙසේ වෙතත්, ඇතැම් අය මෙහි පැමිණ, මේවාට ඇහුම් කන් දී, ආපසු ගිය සැනකින් සියල්ල අවසන්. ඉතින් එය මහා අරුම පුදුම දෙයක් ද, ජීවිතය සම්බන්ධයෙන් ඔබට ඇති ආශාවන්ට හේතුව කුමක්ද, ඒවා ඉටු කර ගත හැක්කේ කෙසේද? ඒ සඳහා මෙහි පැමිණ ටිකක් අවබෝධ කර ගන්න. මම මොනවා කරන්න ද? මම මෙහෙම කරන්න ද, අරෙහෙම කරන්න ද? කියා සිතන්න එපා. ඇතැම් අය සිතන්නේ මෙය මහළු අයට තිබෙනා දෙයක් කියලයි. මහළු අයටද තම ජීවිත නිර්මාණය කර ගැනීමේ වැදගත්කම තිබෙන්නේ? මහළු අය කියන්නේ වැරදි ඉණිමඟේ නැඟ සියල්ල අත්විඳ පසුව පහළට බැස්ස අයයි. ඒ වෙනුවට. ඉණිම නැඟීමට පෙර ප්‍රවේසම් වන්න, තම ජීවිතය ගත කළ යුත්තේ කෙසේදැයි යන්න අවබෝධ කර ගන්න. ඉතින් මෙය අවබෝධයට ගත යුතු කරුණකි. එහෙම නේද? මෙන්න මේ නිසා තමයි මේ දේවල් යම් තරමින් හෝ අවබෝධ කරගෙන දුක් වලට හේතු සාධක වන කරුණු අවසන් කරගන්නැයි කියා ඔවුනට උපදෙස් දෙන්නේ.

පරමාත්ම දෙවියන් කෙරෙහි අපට ඇති අයිතිය ද අප තේරුම් ගත යුතුය. එමෙන්ම, සියල්ලගේ පරමාත්ම පියා වන පරමාත්ම දෙවියන්ගේ හිමිකම ඔබ විසින් දිනා ගත යුතුයි. පරමාත්ම පියා කියා ඔහු අමතනවා පමණක් නොව ඔහුගෙන් ලබා ගත හැකි උරුමයත් අප දිනා ගත යුතුයි. අප දිගින් දිගටම මෙය සෑම කෙනෙකුටම ඉදිරිපත් කරන්නම්. මීට පෙරත් අප මෙම පණිවිඩය හා ආරාධනාව සෑම කෙනෙකුටම දුන්නා. ඉන්, අතේ ඇඟිලි ගණනක පිරිසක් අවදී වුණා. මේ දෙයම එදත් සිදු වුණා. මේ නිසා තමයි. සිය දහසක් අතුරින් අතලොස්සක් පමණයි තමාව හරියටම තේරුම් ගෙන සිටින්නේ කියා පරමාත්ම පියාම කියා තිබෙන්නේ. දැන් ඇති තත්ත්වය මෙයයි. එසේ වෙතත් ඔහු කියන්නේ ටික දෙනෙක් හරි සිටිනවා නේද? ඉතින් එමනිසා මෙහි පැමිණීමෙන් ඔබ මේ දේවල් තේරුම් ගෙන ඒ ගැන කතා බහ කර ඒවා ධාරණය කරගත යුතුයි. මේ සෑම දෙයක්ම එක දවසකින් කියන්නත් බැහැ.අච්චා.

සුමිහිරි දරුවන් සෑම කෙනෙක්ම සෙනෙහසින් සිහි කරමි. නමස්තේ.

වරදානය:
තම වන්දනීය ස්වරූපය පිළිබඳව නිරන්තර අවධානයේ සිටිමින් ජීවන මුක්තිය ලබා නිරන්තරයෙන් ආධ්‍යාත්මික කුල්මත් බව පවත්වා ගත්තෙක් වේවා.

බ්‍රහ්මන දිවියේ වින්දනය රඳා පවතින්නේ ජීවන මුක්ති අවධානය මතයි. තම වන්දනීය ස්වරූපය පිළිබඳව නිරන්තර අවධානයේ සිටින්නන්ට පරමාත්ම පියාගෙන් එහා කිසිම දෙයක් වෙත තම දෑස් යොමු කළ නොහැක. එවන් වන්දනීය ජීවාත්ම ඉදිරියේ සෑම කෙනෙක්ම හා සෑම නිලතලයක්ම පවා වැඳවැටෙනු ඇත. ඔවුන් කිසිදු විටෙක කිසිම කෙනෙක් වෙත තමන්ගේම ශරීරය, සබඳතා, නිලතල හෝ සංස්කාර ඉදිරියේ වැඳ වැටෙන්නේ නැත. ඔවුන් කිසිදු විටෙක කිසිදු දෙයක් මත බැඳී නොසිටින නිසා නිරන්තරයෙන් ජීවන මූක්තිය අත්විඳිමින් සිටිනු ඇත.

පාඨය:
සැබෑ සේවාධාරින් උපකරණ වන අතර නිහතමානී අය ද වේ.