24.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ කියනා සත්‍ය කරුණු හරිහැටි ඉලක්කයට වදින්නේ ඔබගේ හදවත පිරිසිඳු හා අවංක හදවතක් වුවහොත් පමණයි. සත්‍ය පියාගේ ආශ්‍රය ඔබට ලැබී තිබෙනවා. එමනිසා, අවංක වන්න. සත්‍යවාදී වන්න.

ප්‍රශ්නය:
ශිෂ්‍යයින් වන ඔබලා වඩාත් ප්‍රවේසම් විය යුත්තේ කුමන කාරණය සම්බන්ධයෙන්ද?

පිළිතුර:
අත්වැරදීමක් වුණු සැනෙකින්ම ඔබ සත්‍යයම පැවසිය යුතුයි. ඇත්ත කතා කිරීමෙන් පමණයි ඔබට වර්ධනය විය හැකි වන්නේ. අන් අයගෙන් ඔබ පුද්ගලික උදව් නොගත යුතුයි. මෙහිදී ඔබ එවන් සේවාවන් අන් අය ලවා කර ගත හොත් එහි ගිහින් ඔබට සේවය කිරීමට සිදු වේවි. ඔය සිසු දරුවන් හොඳින් ඉගෙනගෙන අන් අයටත් ඉගැන්විය යුතුයි. පරම පියා සතුටු වන්නේ එවිට පමණයි. පරම පියා සෙනෙහසේ සාගරය වන අතර ඔහුගේ සෙනෙහස වන්නේ ඔය දරුවන්ට හොඳින් උගන්වා ඔබලාට හොඳ උසස් තත්ත්වයක් හිමිකර දීමයි.

ගීතය:
මෙම නාටකය නිර්මාණය කර සැඟව ගියේ කවුරුන්දෝ?

ඕම් ශාන්ති.
මේ දිනවල මිනිසුන් ගීතා ජයන්තිය සමරණවාය යන ආරංචිය අපට ලැබුණා. තේමාව තමයි ගීතාවට උපත දුන්නේ කවුද? ජයන්තිය කියා කියනා නිසා අනිවාර්යෙන්ම එය උපතක් විය හැකියි. ශ්‍රීමත් භගවත් ගීතා ජයන්තිය කියා කියනා නිසා එයට උපත දුන් කෙනෙක් අනිවාර්යෙන්ම ඇති. සෑම කෙනෙක්ම කියන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් අමතයි කියලයි. එසේනම්, පළමුව ශ්‍රී ක්‍රිෂ්ණා පැමිණෙන අතර ගීතාව පැමිණෙන්නේ ඔහුට පසුවයි. ගීතාව නිර්මාණය කළ කෙනෙක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒ ශ්‍රී ක්‍රිෂ්ණායි කියා කියුවහොත් පළමුව ශී ක්‍රිෂ්ණා පැමිණ දෙවනුව ගීතාව පැමිණිය යුතුයි. කෙසේවෙතත්, ශ්‍රී ක්‍රිෂ්ණා කුඩා දරුවෙක් වන නිසා ඔහු ගීතාව කියුවා වෙන්න බැහැ. ගීතාවට උපත දුන්නේ කවුදැයි කියා ඔබ ඔප්පු කර පෙන්විය යුතුයි. මෙය ගැඹුරු කරුණක්. ක්‍රිෂ්ණා ඔහුගේ මවගේ කුසයෙන් බිහිවුණා ඔහු ස්වර්ණමය යුගයේ රාජ කුමාරයෙක්ව සිටියා. ගීතාව මඟින් රාජයෝගාව ඉගෙනගෙන ඔහු රාජ කුමාර තත්ත්වය දිනා ගත්තා. ඉතින් එසේනම්, ගීතාවට උපත දුන්නේ කවුරුන්ද? ඒ පරමාත්මය වන ශිව පරම පියාද, නැතිනම් ශ්‍රී ක්‍රිෂ්ණාද? ඇත්තෙන්ම කියනවානම්, ශ්‍රී ක්‍රිෂ්ණා ත්‍රිලෝකනාථ හෝ ත්‍රිකාලදර්ශී කියා හඳුන්වන්නත් බැහැ. ත්‍රිලෝකනාථ හෝ ත්‍රිකාලදර්ශී වන්නේ එකම එක කෙනා පමණයි. ත්‍රිලෝකනාථ යනු ලෝක තුන පාලනය කරන්නායි. නිර්වාණ දනව්ව, සූක්ෂම දනව්ව හා භෞතික ලෝකය යන තුන තමයි ත්‍රිලෝක කියන්නේ. මෙම ලෝක තුන ගැන දන්නා කෙනා ත්‍රිලෝකනාථ, ත්‍රිකාලදර්ශී පරමාත්ම ශිව පරම පියායි. මේ ඔහුගේ ගුණ වර්ණනාවයි. ශ්‍රී ක්‍රිෂ්ණාගේ නොවෙයි. ක්‍රිෂ්ණාගේ වර්ණනාව වන්නේ සොළොස් කලාවෙන් පිරි, සියලුම ගුණයන්ගෙන් පිරුණු කෙනා යන්නයි. ඔහුව උපමා කරන්නේ පුර සඳටයි. පරමාත්ම ජීවයව ඔබ පුර සඳට සම කරන්නේ නැහැ. ඔහු ගීතාව ජනනය කරනා නිර්මාණකරුයි. දේවතාවරුන් නිර්මාණය වන්නේ ගීතා දැනුමින් හා රාජයෝගාවෙනි. සාමාන්‍ය මනුෂ්‍යයින් දේවතාවරුන් කරවීම සඳහා පරම පියා පැමිණ ඥානය දිය යුතුව තිබෙනවා. මෙම පැහැදිලි කිරීම දිය හැකි ඉතාමත් හොඳ බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් අවශ්‍ය වෙනවා. සෑම කෙනෙක්ටම එකම විදියට පැහැදිලි කරන්න බැහැ. එක් එක් දියණියන් සිටින්නේ එක් එක් මට්ටම් වලයි. තේමාවත් ශ්‍රීමත් භගවත් ගීතාවට උපත දුන්නේ කවුද? යන්න විය යුතුයි. මේ සඳහා ඔබ වෙනස පැහැදිලි කළ යුතුයි. දෙවියන් එකම එක කෙනෙකුයි සිටින්නේ ඔහු පරමාත්ම පියා වන ශිව පරමාත්මයයි. ක්‍රිෂ්ණාත් ඒ තත්ත්වය දිනා ගත්තේ ඥාන සාගරයේ ඥානයට ඇහුම් කන් දීලයි. පහසු රාජයෝගාවෙන් ඔහු ඒ තත්ත්වය දිනා ගත්තේ කෙසේදැයි කියා ඔබ පහදා දිය යුතුයි. පළමුවෙන්ම, බ්‍රහ්මා හරහා පරම පියා බ්‍රහමින්වරුන්ව නිර්මාණය කරනවා. ඔහු සියලුම වේද ග්‍රන්ථ හා ආගමික ග්‍රන්ථ වල සාරය ඉදිරිපත් කරනවා. බ්‍රහ්මා සමඟින් බ්‍රහ්මාගේ කටින් උපන් පරපුරත් අවශ්‍ය වෙනවා. ත්‍රිකාල්දර්ශී ඥානය ලබන්නේ බ්‍රහ්මා පමණයි. ත්‍රිලෝක යනු ඔහු ලෝක තුන පිළිබඳ වූ ඥානයත් ලබනවා යන්නයි. මුල, මැද හා අග, කාල තුන වන අතර නිර්වාණ දනව්ව, සූක්ෂම දනව්ව හා භෞතික ලෝකය තුන් ලෝකය වේ. මෙම වචන හොඳින් මතක තබා ගත යුතුයි. දරුවන්ට මේවා අමතක වෙනවා. ශාරීරික අහංකාරය යන ස්වරූපයෙන් පැමිණෙන මායා තමයි ඔබට මේවා අමතක කරවන්නේ. ඉතින්, ගීතාවේ නිර්මාණකරු වන්නේ පරම පියා වන ශිව පරමාත්මයයි. ක්‍රිෂ්ණා නොවෙයි. පරම පියා වන පරමාත්මය පමණයි ත්‍රිකාලදර්ශී හා ත්‍රිලෝකනාථ වන්නේ. ක්‍රිෂ්ණාටවත්, ලක්ෂ්මී හෝ නාරායන්ටවත් මෙම ඥානය ඇත්තේ නැහැ. ඔව්, පරම පියාගෙන් මෙම දැනුම ලබාගත් අය ලෝක පාලකවරුන් වෙනවා තමයි. ඔබට විමුක්තිය ලැබුණායින් පසුව මෙම දැනුම බුද්ධියෙන් ඉවත් වෙනවා. සියලු දෙනාටම විමුක්තිය ලබා දෙන්නා ඒ එකම එක කෙනායි. ඔහු නැවත උපත් ගන්නා කෙනෙක් නොවෙයි. නැවත ඉපදීම් ඇරඹෙන්නේ ස්වර්ණමය යුගයේ ආරම්භයේ සිටයි. එතැන් පටන් කලි යුගයේ අවසානය දක්වා ඔබ උපත් 84ක් ගන්නවා. මෙය පැහැදිලි කර දිය යුතුයි. සෑම කෙනෙක්ම උපත් 84ක් ගන්නේ නැහැ. ඒ ගීතාව ලියූ කෙනා ත්‍රිකාල්දර්ශී කියා කියන්න බැහැ. පළමුවෙන්ම, ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් කතා කරයි කියා ලියා තිබීම සම්පූර්ණයෙන්ම වැරදියි. එය අනිවාර්යෙන්ම වැරදි දෙයක් විය යුතුයි. සියලුම ආගමික ග්‍රන්ථ වැරදි වුණු විට තමයි නිවැරදි දේ කියා දීම සඳහා පරම පියා පැමිණෙන්නේ. සැබවින්ම ඔහු සියලුම වේද ග්‍රන්ථ හා ආගමික පොත්පත් වල ඇති දෙයෙහි සාරය බ්‍රහ්මා හරහා කියා දෙන නිසා තමයි ඔහුට සත්‍යය කියා කියන්නේ. ඔබට දැන් ඔබවත් සත්‍යවාදී කරවනා සත්‍යයේ ආශ්‍රය ලැබී තිබෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මාත් ඔහුගේ මුවින් උපන් ජගදම්බා සරස්වතීත් සිටිනවා. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ සියලුම දරුවන් සහෝදර සහෝදරියන්ය. ඕනෑම තැනක ඇති දේවාලයකට ගිහින් ඔබ මේ පිළිබඳ කතා පැවැත්විය යුතුයි. බොහෝ අය ඒ තැන්වල ලස්සන බලන්න යනවා. එක්කෙනෙකුට පැහැදිලි කිරීමට පටන් ගත් විට මුළු කණ්ඩායමක්ම එකට එකතු වේවි. ඒ වගේම ඔබ සොහොන් බිම් වලටත් යා යුතුයි. එහි මිනිසුන් සිටින්නේ කලකිරීමෙන්. කෙසේවෙතත් බාබා කියනවා මගේ බැතිමතුන්ට පැහැදිලි කරා නම් ඔවුන් ඉක්මනින්ම සියල්ල තේරුම් ගනීවි. ඉතින් එමනිසා, ඔබ ශිව බාබාගේත්, ලක්ෂ්මී හා නාරායන්ගේත් දේවාල වලට යා යුතුයි. ලක්ෂ්මී හා නාරායන් මව පියා කියා හඳුන්වන්නේ නැහැ. ශිවාට බාබා කියා කියනා නිසා අනිවාර්යෙන්ම මමාත් සිටිය යුතුයි. ඇය අදෘෂ්‍යමානයි. නිර්මාණකරු වන ශිව බාබාට මාතා පිතා කියාත් කීමේ අදෘෂ්‍යමාන රහස කිසිම කෙනෙක්ට දැනගත නොහැකියි. ලක්ෂ්මී හා නාරායන්ට සිටින්නේ එක් පිරිමි දරුවෙක් පමණයි. කෙසේවෙතත්, මොහුගේ නම ප්‍රජාපිතා බ්‍රහ්මා යන්නයි. විෂ්ණු හා ශංකර් ඉහළින් තබන්නේ නැහැ. ඉහළම කෙනා වශයෙන් සලකන්නේ ත්‍රිමූර්ති බ්‍රහ්මායි. ශිව දෙවියන් නිර්මාණකරු කියා හඳුන්වන්නාක් සේ බ්‍රහ්මාවත් නිර්මාණකරු කියා හඳුන්වනවා. ඔහු කොහොමත් අදෘෂ්‍යමානයි. නිර්මාණකරු කියන වචනය භාවිත කළහොත් ඔහු නිර්මාණය කරන්නේ කෙසේද කියා ඔවුන් අසාවි. ඔහු කොහොමත් නිර්මාණකරුයි. කෙසේවෙතත්, නිර්මාණය සිදුවන්නේ බ්‍රහ්මා හරහායි. පරමාත්ම පියා දැන් සියලුම ජීවයන්ට බ්‍රහ්මා හරහා ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ දැනුම ලබා දෙනවා. වේද ග්‍රන්ථ හා ආගමික ග්‍රන්ථ සෑම දෙයක්ම භක්ති මාර්ගයේ විච්චූරණයි. භක්ති මාර්ගය කල්ප බාගයක් පුරාවට ගමන් කරනවා. මෙය ඥාන ක්‍රියාදාමයයි. භක්ති මාර්ගය අවසන් වී සෑම කෙනෙක්ම අපිරිසිඳු හා තමෝප්‍රධාන් වුණු විට තමයි පරම පියා වන මම පැමිණෙන්නේ. ඔබ මුලදී සතෝප්‍රධාන්ව සිටියා. පසුව, සතෝ, රජෝ හා තමෝ තත්ත්ව පසු කරමින් පැමිණියා. ඉහළින් පැමිණි පාරිශුද්ධ ජීව දුක් වේදනා විඳීමට සිදුවන ආකාරයේ ක්‍රියා තවමත් කර නැහැ. කුරුසයේ ඇණ ගැසූ ක්‍රිස්තුන් වහන්සේ ගැන මිනිස්සු කතා කරනවා. නමුත් එවන් දෙයක් වෙන්න බැහැ. ආගමක් ස්ථාපනය කිරීමට පහළට පැමිණෙන නව ජීවයකට එවන් දුක් වේදනා එන්න බැහැ. මන්ද, ආගමක් ස්ථාපනය කිරීමට පැමිණෙන ජීවයක් තම කර්මතීත් තත්ත්වයේ දී පැමිණෙන දූතයෙක්. සටන් බිමකට දූතයෙක් යන විට සුදු කොඩියක් ඔසවාගෙන යනවා. එවිට මේ පැමිණෙන්නේ සංදේශයක් ගෙන එන දූතයෙක් කියා අනිත් පස පිරිසටත් අවබෝධ වෙනවා. එවන් මොහොතක දී ඔවුන් ඒ පුද්ගලයාට කිසිම හානියක් කරන්නේ නැහැ. ඉතින් එමනිසා, කිසිම කෙනෙක්ට එවන් දූතයෙක්ව කුරුසයක ඇණ ගස්වන්න බැහැ. දුක් විඳින්නේ ජීවයයි. තමන් කරන ක්‍රියාවක ඵලයට ලක් නොවී සිටීමට ජීවයකට නොහැකි බව ඔබ ලිවිය යුතුයි. ජීවයක් තමන් විසින් කරන ක්‍රියා වල බලපෑමකට ලක්වන්නේ නැහැයි කියා කීම වැරදියි. මෙසේ කීවේ කවුද? මේවා ශිව පරමාත්මය විසින් කියූ දේවලුයි. මෙම කරුණු ඔබ විසින් සටහන් කර ගත යුතුයි. මේවා ලිවීමට ඔබට ඉතාමත් පුළුල් අසීමිත බුද්ධියක් අවශ්‍යයි. ප්‍රදර්ශන නැරඹීමට ක්‍රිස්තියානු භක්තිකයින් පැමිණි විට, කුරුසයේ ඇණ ගැසීමට ලක්වූයේ ක්‍රිස්තු ජීවය නොවෙයි, ක්‍රිස්තුන්වහන්සේ ඇතුළු වුණු ශරීරයේ සිටි ජීවයට තමයි ඒ වේදනාව විඳීමට සිදු වූයේ කියා ඔබ කියා දිය යුතුයි. එවන් දේවල් ඇසුණු විට ඔවුන් පුදුමයට පත් වේවි. ඒ පිරිසිඳු ජීවය පරමාත්ම පරම පියාගේ නියෝගයට අනුව පැමිණ ආගමක් ස්ථාපනය කළා. මේකත් නාටකයයි. ඇතැම් මිනිසුන් නාටකය තේරුම් ගත්තත් එහි මුල, මැද හෝ අග ගැන දන්නේ නැහැ. එවන් දේවලට ඇහුම්කන් දුන් විට ඔවුන් ඒවා තේරුම් ගැනීමට උත්සාහ දරාවි. ක්‍රිෂ්ණාට අපහාස කිරීමේ හැකියාවක් කිසිම කෙනෙක්ට නැහැ. මේ කාලයේ සැබවින්ම අපහාසයට ලක් වන්නේ කවුරුන්ද? ශිව බාබාත් නොවෙයි. මේ ශාරීරික කෙනායි. පාරිශුද්ධ ජීවය වන බාබා ගුරුවරයා වන අතර මොහු අපිරිසිඳු කෙනෙක්, පිරිසිඳු වෙමින් සිටිනවා. පැහැදිලිව තේරුම් ගත් අය පැකිලීමකින් තොරව කතා කරයි. නැතිනම්, ඔබ නිකම් කටපාඩම් කරගෙන කියනවා කියා මිනිසුන්ට හිතේවි. එවිට ඔවුන් එය පිළිගන්නේ නැති අතර ඊතලය හරි ඉලක්කයට වදින්නේ නැහැ. හොඳ අවංක බවක් හා පිරිසිඳුතාවයක් අවශ්‍ය වෙනවා. පාපයේ ගැලෙනා කෙනෙක් රාගය තමයි ලොකුම සතුරා කියා කීවොත් ඒ ඊතලය හරි ඉලක්කයට වදින්නේ නැහැ. රාමා රාමා නම ජප කරමින් ගඟින් එතෙර වන්නැයි කියා කියූ පණ්ඩිතවරයෙකුගේ කතාවක් තිබෙනවා. මෙය අදාල මේ කාලයටයි. ශිව බාබා කියනවා මා සිහි කිරීමෙන් ඔබට වස සයුරින් එතෙර වී යා හැකියි. මොන සාගරයද කියාවත් පණ්ඩිතවරුන් දන්නේ නැහැ. ගණිකාහලකින් ඔබ ශිවාලයාවට යනවා. ඔබ ඉතාමත් හොඳින් ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. බාබා ඔබ මට ආදරේ කළත්, මාව පන්නා දැමුවත්... කියා ඔබ කියනවා. මෙම පැහැදිලි කිරීම දෙන්නේ මෙහිදීම පමණක් වුවත් ඇතැම් අය තවමත් මළමිණී බවට පත් වෙනවා. ඔය දරුවන් ඉතාමත් හොඳින් ඉගෙන ගත යුතුයි. පියා ස්නේහ සාගරයයි. ඔහු ඔබට උගන්වා උසස් තත්ත්වයක් ලබා ගැනීමට ඉඩ සලස්වනවා. මේ ඔහුගේ සෙනෙහසයි. පරම පියා ඔබට උගන්වනා නිසා ඔබ හොඳින් ඉගෙනගෙන අන් අයටත් ඉගැන්විය යුතුයි. ඔබ පරම පියාව සතුටු කරවිය යුතුයි. පරම පිය සේවයේ ඔබ කාර්යබහුලව නිරත විය යුතුයි. පරම පියාගේ සේවය ඔබගේ ශරීරයෙන්, මනසින් හා ධනයෙන් ඔබ භාරතයට කරනා සැබෑ සේවයයි. හොඳින් ශබ්ද නඟා පැහැදිලි හඬකින් විස්තර කර දිය යුතුයි. එක් එක් අය එක් එක් ආකාරයේයි. අධිරාජ්‍යයකත් ඔවුන් සිටින්නේ එක් එක් මට්ටම් වලයි. ඔබ දිව්‍යමය අධිරාජ්‍යයේ කුමන තත්ත්වයක් දිනා ගනීද කියා ගුරුවරයාට තේරුම් ගත හැකියි. ප්‍රධාන අය බවට පත්වන්නේ කවුරුන්දැයි කියා ඔවුන් කරනා සේවයෙන් තේරුම් ගත හැකියි. මමා හා බාබා තරම් සේවයක් කළේ නැතිනම්, තමන්ට දැසි දස්සන් වීමට සිදුවන බව ඔබටම තේරුම් ගත හැකියි. ඉදිරියට යද්දී සියල්ලම තේරුම් ගත හැකි වේවි. තමන් ශ්‍රීමත් අනුගමනය නොකරනා බව පැහැදිලිවම පෙනෙන්නට තිබේවි. දැන් ඔබ සෑම කෙනෙක්ම ශිෂ්‍යයින්. මේ කාලයේදී ඔබ තවත් කෙනෙක්ව තම සේවකයෙක් කර ගතහොත් ඔබට ඉදිරියේදී සේවකයෙක් වීමට සිදු වේවි. මේ කාලයේ රැජිණක් වෙනවා යනු ශාරීරික අවධානයයි. ඔබ ඇත්ත කතා කළ යුතුයි බාබා, මම මේ වැරැද්ද කළා. කිසිම කෙනෙක් තවම පරිපූර්ණ වී නැහැ. කෙනෙක් විභාගයකින් අසමත් වුණු විට ලැජ්ජාවට පත් වෙනවා. උපත් 21ක් ගැන මිනිස්සු කතා කළත් මේ එකම එක දේවමය උපත වෙනස්ම එකක් බව බාබා රැය පුරා සිත සිතා සිටියා. ස්වර්ණමය යුගයේ උපත් අටකුත් රිදි යුගයේ උපත් දොළසකුත් තඹ යුගයේ උපත් විසි එකකුත් කලි යුගයේ උපත් 42කුත් ගන්නවා. මේ අරගෙන සිටිනා ඔබගේ මෙම දිව්‍යමය උපත තමයි සියලුම උපත් වලින් ඉතාමත් උසස්ම උපත. මෙය ඔය බ්‍රහමින්වරුන්ටම පමණක් අදාල ඉතාමත් වාසනාවන්තම උපතයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෙනෙහස් සාගරය වන පරම පිය සෙනෙහසට කළගුණ දක්වන්න. හොඳින් ඉගෙනගෙන අන් අයටත් උගන්වන්න. ඔබ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි.

2. පළමුවෙන්ම අවංකවත් පිරිසිඳු හදවතකිනුත් ඥානය හොඳින් ධාරණය කරගෙන අන් අයටත් එය ධාරණය කර ගැනීමට උනන්දු කරවන්න. එකම එක පිය ආශ්‍රයේ පමණක්ම සිටින්න.

වරදානය:
ඔබ උපකරණ ජීවාත්ම ලබා දෙන උපදෙස් වල වැදගත්කම දැන ගැනීමෙන් නුවණැත්තෙක් වන්න, එමෙන්ම පාපයන්ගෙන් නිදහස් වේවා.

උපකරණ ජීවාත්ම, උපදෙස් ලබා දෙන්නේ, යම් කෙනෙක් ඔවුන්ට කිසියම් දෙයක් පැවසූ නිසා කියා, නුවණැති දරුවන් කිසි විටෙක නොසිතයි. උපකරණ ජීවාත්ම පිළිබඳව එවන් නිෂ්ඵල සිතිවිලි කිසි විටෙක ඇති කර නොගන්න. යම් කෙනෙක් ඔබ අකමැති තීරණයක් ගත්තත්, ඔබ එයට වගකිව යුතු නැහැ, එබැවින් ඔබ ඒ නිසා පාපයක් රැස් කර නොගනී, මන්ද, එම කෙනාව උපකරණයක් බවට පත් කළේ පියා බැවින් ඔහුට එම පාපය වෙනස් කළ හැක. මෙම වැදගත්කම අදෘෂ්‍යමානයි; එය අදෘෂ්‍යමාන යාන්ත්‍රනයකි.

පාඨය:
අවංක පුද්ගලයෙක්, පරමාත්ම දෙවියන්ට සහ ලෝකයාට සෙනෙහස දක්වයි, ඔහු විවේක ගැනීමට ප්‍රිය කරන්නෙක් නොවෙයි.

මාතේශ්වරීගේ ශ්‍රේෂ්ඨ වදන්

මනුෂ්‍යයන් ගන්නේ උපත් 84කි, ඔවුන් සත්ව වර්ග මිලියන 8.4ක් තුළට ඇතුළු නොවෙයි.

අපව එතෙරට ගෙන යන්නට කියා අප දෙවියන්ගෙන් ඉල්ලන විට, එතෙර` යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එතෙරට, එහා පැත්තට යාමෙන් අදහස් කෙරෙන්නේ, උපත් සහ මරණ චක්‍රයට නොපැමීණීම, එනම්, විමුක්තිය ලැබීමයි කියා මිනිසුන් සිතයි. මිනිසුන් මෙසේ පවසන නමුත්, එම ඒකායන කෙනා පවසන්නේ දරුවනේ, සැබවින්ම සතුට සහ සාමය ඇති ස්ථානය, දුක සහ අසාමයෙන් බොහෝ දුරස්ත තැන, ලෝකයක් ලෙස හඳුන්වන්නේ නැත. මිනිසුන්ට සතුට අවශ්‍ය වූ විට - එය මේ ජීවිතයේ විය යුතුයි. ස්වර්ණමය යුගයේ එය පාරාදීසිය විය, දේවතාවන්ගේ ලෝකය, සම්පූර්ණ සතුට ඇති ජීවිතයක් තිබුණු තැනයි. එම දේවතාවන් අමරණීය බව කියයි. අමරණීයත්වයේ අරුතක් නැත. ඔවුන් කිසිදා මිය නොයන පරිදි, දේවතාවන්ගේ ආයුෂ බොහෝ දීර්ඝ වනවා නොවෙයි. ඔවුන් ගැන මෙසේ පැවසීම වැරදියි, මන්ද, එය එසේ නොවෙයි. ඔවුන්ගේ ආයුෂ, ස්වර්ණමය සහ රිදී යුගය අවසානය තෙක්ම පවතින්නේ නැත. කෙසේවෙතත්, ස්වර්ණමය සහ රිදී යුගයන්හි දේවතාවන්ට බොහෝ උපත් තිබී ඇත. ඔවුන් ඉතා හොඳින් උපත් 21ක් රාජධානිය පාලනය කළා. ඉන්පසුව ඔවුන් තඹ යුගයේ සිට කලි යුගය අවසානය දක්වා උපත් 63ක් ගෙන තිබේ. සම්පූර්ණ වශයෙන් ඔවුන් ඉහළ නැඟීමේ ස්ථීතියේ උපත් 21ක්ද පහත බැසීමේ ස්ථීතියේ උපත් 63ක්ද ගෙන ඇත මනුෂ්‍යයන් සම්පූර්ණ වශයෙන් උපත් 84ක් ගනී. කෙසේවෙතත්, මනුෂ්‍යයන් සත්ව වර්ග මිලියන 8.4ක් තුළින් යන බව මිනිසුන් සිතන විට, එය වැරදීමකි. ඔවුන්ගේ සතුටේ සහ දුක් චරිත කොටස් මනුෂ්‍ය උපතකදී පමණක් ගැනීමට මනුෂ්‍යයන්ට හැකි නම්, සත්ව රාජධානියේ දුක් විඳීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය කුමක්ද? කෙසේවෙතත්, මිනිසුන්ට මෙම දැනුම නැත. මනුෂ්‍යයන් උපත් 84ක් ගන්නා නමුත්, අනිවාර්යෙන් සත්වයින්, පක්ෂීන් ආදීන් වර්ග මිලියන 8.4ක් මෙම පෘථීවියේ සිටියි. සෑම ආකාරයකම නිර්මාණ තිබෙන අතර එයින් මනුෂ්‍යයන් ඔවුන්ගේ පාපයන් සහ පුණ්‍යකර්ම මනුෂ්‍ය වර්ගය තුළ අත්විඳින අතර සත්වයින් සෑම දෙයක්ම ඔවුන්ගේ සත්ව රාජධානියේ අත්විඳියි. මනුෂ්‍යයන්, සතුන් ලෙස උපත් නොගන්නා අතර සත්වයින් මනුෂ්‍යයන් ලෙස උපදින්නේ ද නැත. මනුෂ්‍යයන්ට ඔවුන්ගේ දුක් විඳීම තම වර්ගයා තුළදිම අත්විඳිය යුතු අතර එබැවින් සතුට සහ දුක පිළිබඳ හැඟීම ඇති වෙයි. ඒ ආකාරයෙන්ම සත්වයන්ට ඔවුන්ගේ සතුට සහ දුකෙහි අත්දැකීම තම රාජධානියේ අත්විඳිය යුතුයි. කෙසේවෙතත්, ඔවුන් දුක් විඳින්නේ කුමන ක්‍රියාවටද කියා වටහාගැනීමට බුද්ධියක් ඔවුන්ට නොමැත. ඔවුන්ට බුද්ධියක් ඇති බැවින් මනුෂ්‍යයන්ට ඔවුන්ගේ දුක් විඳීම දැනෙයි, නමුත් මනුෂ්‍යයන් සත්ව වර්ග මිලියන 8.4ක් තුළට නොයයි. අජීවි ගසක් ද තම වර්ගයට අයත් වෙයි. මෙය පහසු මෙන්ම බුද්ධියෙන් වටහාගත හැකි කරුණකි. අජීවී ගසක් කර්ම ගිණුමක් ඇති කිරීමට කුමන කර්මයක් හෝ අකර්මයක් සිදුකර තිබේද? නිදසුනක් ලෙස ගුරු නානක් මෙම ශ්‍රේෂ්ඨ වදන් පැවසුවා: අවසන් මොහොතේ තම පුත්‍රයා සිහිකරන අය, එවන් පීඩාවකින් මිය යන අය, ඌරෙක් ලෙස උපදියි. කෙසේවෙතත්, මින් අදහස් වන්නේ මනුෂ්‍යයන් ඌරු වර්ගයට ඇතුළු වනවා කියා නොව, නමුත් ඉන් අදහස් වන්නේ ඔවුන්ගේ ක්‍රියා තිරිසනෙකුගේ මෙන් බවයි. කෙසේවෙතත්, මනුෂ්‍යයන් සත්වයන් වෙනවා නොවෙයි. මෙම ඉගැන්වීම් ලබාදෙන්නේ මිනිසුන් බිය වැද්දීම සඳහාය. එබැවින් මෙම සංගම යුගයෙදි ඔබගේ ජීවිතය පරිවර්ථනය කර, පාපාත්මයන්ගෙන් පුණ්‍යාත්ම බවට පත් විය යුතුයි. අච්චා.