25.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අභ්‍යන්තර ගත වී ඥාන සාගරය මතගාන්න, එවිට ඔබ සතුට සහ කුල්මත්භාවය අත්විඳ, පියා හා සමාන ගුරුවරු බවට පත් වෙයි.

ප්‍රශ්නය:
ඔබගේ ඇතුලාන්තයේ ඇති සතුට, නිරන්තර විය හැක්කේ කුමන පදනම මතද?

පිළිතුර:
ඔබ නිරතුරුවම සතුටින් සිටින්නේ, ඔබ අන් අයට යහපත ගෙන දි, සියලු දෙනාවම සතුටට පත් කළ විටයි. සානුකම්පිත වන්න, එවිට ඔබ සතුටින් රැඳි සිටීවි. සානුකම්පිත වන අයගේ බුද්ධියේ රැඳී තිබෙන්නේ ඔහෝ! සියලුම ජීවාත්මයන්ගේ පියා අපට උගන්වා, අපව පිවිතුරු කරනවා. අප ලෝක අධිපතියන් බවට පත් වනවා. ඔවුන් අඛණ්ඩවම එවන් සතුට දානය කරති.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්ගෙන් අසන්නේ දරුවනි, ’ඕම් ශාන්ති‘ කීවේ කවුද? (ශිව බාබා). ඔව්, ශිව බාබා එසේ කීවේ, ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියා බව, ඔය දරුවන් දන්නා නිසා. ඔහු පවසන්නේ : මම සෑම චක්‍රයකම මෙම රථයට ඇතුලු වී, ඔබට උගන්වනවා. එබැවින්, ඔහු උගන්වන ගුරුවරයාය. ගුරුවරයෙක් පැමිණි විට ඔහු කියන්නේ ශුභ උදෑසනක්, කියා. එවිට දරුවන් ප්‍රතිචාර දක්වන්නේ ශුභ උදෑසනක් කියා. ඔය දරුවන් දන්නවා පරමාත්ම ජීවය, ජීවාත්මයන්හට ’ශුභ උදෑසනක්‘ කියා කියන බව. ලෞකික අන්දමකින් ’ශුභ උදෑසනක්‘ කියා කියන බොහෝ දෙනෙක් සිටිනවා. මෙසේ පැමිණ ඔබට උගන්වන්නේ, අසීමිත පියාය. මුලු ගසෙහිම එමෙන්ම නාටකයේ රහස් ඔහු ඔය දරුවන්ට විස්තර කර දෙනවා. සියලුම ජීවාත්මයන්ගේ පියා පැමිණ ඇති බව ඔබට වැටහෙනවා. අපට අසීමිත පියා උගන්වනවා, යන විශ්වාසය, දවස පුරාම ඔබගේ බුද්ධියේ තිබිය යුතුයි. ඔහු අපගේ පියා, ගුරුවරයා මෙන්ම ගුරු ද වෙයි. ඔහුට නිර්මාණකරු යැයි ද කියයි. ඔහු ජීවාත්ම නිර්මාණය නොකරන බව ඔබ වටහා ගත යුතුයි. ඔහු විස්තර කරන්නේ බීජය මමයි. මම ඔබට, මනුෂ්‍ය ලෝක ගසෙහි දැනුම කියන්නෙමි. බීජය හැරුණු කොට, වෙන කාටද මෙම දැනුම ඔබට ලබා දිය හැකි වන්නේ ? ඔහු ගස නිර්මාණය කළා කියා ඔබට කිව නොහැක. ඔහු පවසන්නේ දරුවනි, මෙම ගස සදාකාලිකයි. එසේ නොමැති නම්, එය නිර්මාණය වුනේ කෙසේද සහ කවදාද යන දිනයන් මම ඔබට කියා දෙනු ඇත. කෙසේවෙතත්, මෙම නිර්මාණය සදාකාලිකයි. පියාට ඥාන සාගරය යැයි කියයි. ’ජනීජනන්හාර්‘ හි අරුත යනු, ගසෙහි මුල සිට මැද හරහා අවසානය තෙක් රහස් දන්නා කෙනාය. මෙම මනුෂ්‍ය ලෝක ගසෙහි, බීජය පරමාත්ම පියාය. ඔහු ඥාන සාගරයයි. ඔහු තුළ සම්පූර්ණ දැනුමම ඇත. ඔහු පැමිණ දරුවන්ට උගන්වයි. සෑම මනුෂ්‍යයෙක්ම දිගින් දිගටම විමසන්නේ සාමය ඇති වන්නේ කෙසේද ? ඔබ දැන් කියන්නේ, සාමය නිර්මාණය කරන්නේ, සාම සාගරයයි. ඔහු සාමයේ සහ සතුටෙහි සාගරය මෙන්ම, ඥානයේ ද සාගරයයි. කුමන ඥානයද ? ඔහු තුළ මෙම ලෝකයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ දැනුම තිබේ. එම මිනිසුන් සිතන්නේ ආගමික ග්‍රන්ථ ඥානය කියාය. එවන් ග්‍රන්ථ කියා දෙන අය බොහෝ සිටිති. අසීමිත පියාම පැමිණ ඔහුගේ හැඳින්වීම ලබා දි, ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ද ඔබට ලබා දෙයි. සාමය ස්ථාපනය වන්නේ ඔහු පැමිණි විටයි කියා ද ඔබට වැටහෙනවා. සාම දේශයේ සාමය තිබේ. සාම දේශයේ සියලුම දෙනා සාමයෙන් සිටි බව කිසිවෙකු නොදනී. ලෝකයේ සාමය ඇති වන්නේ කෙසේද කියා සෑම කෙනෙක්ම දිගින් දිගටම විමසයි. මෙහි නිසැකයෙන්ම සාමය තිබිණි. ඔබට රාම රාජ්‍යයේ සාමය අවශ්‍යයි. රාම රාජ්‍යය පැවතුණේ කවදාද කියා කිසිවෙකු නොදනී. ජීවාත්මයන් අසංඛේය සංඛ්‍යාවක් සිටින බවත්, ඔහු ඒ සියලුම දෙනාගේ පියා බවත්, පරමාත්ම පියා දන්නවා. අන් කිසිවෙකුට මෙය කිව නොහැක. සිටින සියලුම ජීවාත්මයන්, මෙකළ මෙහි පෙනී සිටිනවා. මුලදී, ඔවුන් සාම දේශයේ සිටියා. ඉන්පසුව ඔවුන් සතුටු දේශයෙන්, දුක් දේශයට ගියා. මෙම සතුට සහ දුක පිළිබඳ නාටකය නිර්මාණය වන්නේ කෙසේද කියා කිසිවෙකු නොදනී. මෙය පැමිණිමේ සහ පිටව යාමේ නාටකයක්, කියා පමණක් ඔවුන් කියයි. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියා බව, ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් තිබේ. ඔහු අපට ඥානය කියා දෙනවා. ඔහු පැමිණ දිව්‍යලෝකයේ රාජධානිය ස්ථාපනය කරනවා. ඔහු අපට උගන්වනවා. ඔහු පවසන්නේ : දරුවනි, ඔබ දේවතාවන් වී සිටියා. අන් කිසිවෙකු මෙසේ නොකියයි. සියලුම ජීවාත්මයන්ගේ පියා ඔබට උගන්වනවා. මෙය එතරම් විශාල අසීමිත නාටකයකි, නමුත් ඔවුන් කියන්නේ එය වසර සිය දහස් ගණනක් පැවතෙන බවයි. ඔබ කියන්නේ මෙම නාටකයේ කාල පරාසය වසර 5000ක් කියාය. දෙවිදියක සාමය ඇති බව, දැන් ඔබට දැනගන්නට ලැබී තිබේ, එකක් සාම දේශයේ ඇති සාමයයි, අනෙක සතුටු දේශයේ සාමයයි. සියලුම ජීවාත්මයන්ගේ පියා අපට උගන්වනවා, කියා ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් තිබේ. මෙය කිසිම ආගමික ග්‍රන්ථයක සඳහන් කර නොමැත. මේ, සියලුම ආගම් වල මිනිසුන්, අල්ලා, දෙවි පියාණන්, ප්‍රභූ ආදි වශයෙන් හඳුන්වන අසීමිත පියාය. ඔහුගේ ඉගැන්වීම් නිසැකයෙන්ම උසස්ම විය යුතුයි. දවස පුරාම මෙය ඔබගේ බුද්ධියේ රැඳී තිබිය යුතුයි. පියා පවසන්නේ : මම ඔබට අලුත් විදියට, අලුත් කාරණා කියා දෙනවා. ඔබ ඉන්පසුව ඒවා අන් අයට කියා දෙනවා. භක්ති මාර්ගයේදී දේවතාවන්ට විශාල වශයෙන් ගෞරවයක් තිබේ. ඇත්ත වශයෙන්ම ජ්‍යෙෂ්ඨ මව වන්නේ මෙම බ්‍රහ්මායි. අර කෙනාට (ශිවා) නිකම්ම පියා කියා අමතයි. මෙම කෙනාට මව සහ පියා යැයි කියයි. පියා, මෙම මවගේ මාර්ගයෙන් ඔබව දරුකමට හදාගෙන, දිගින් දිගටම මෙසේ කියයි : දරුවා, දරුවා, කියා. පියා පවසන්නේ : මම සෑම වසර 5000කට වරක්ම පැමිණෙන්නේ ඔබට මෙම ඥානය කියා දිමටයි. මෙම චක්‍රයද ඔබගේ බුද්ධියේ තිබේ. ඔබ සවන් දෙන සෑම වචනයක්ම අලුත්ය. මෙය, ඥාන සාගරය වන පියාගේ ආධ්‍යාත්මික ඥානයයි. ආධ්‍යාත්මික පියා, ඥාන සාගරයයි. ජීවාත්ම කියන්නේ: බාබා, කියා. ඔය දරුවන් මේ සෑම කාරණයක්ම හොඳින් ඔබගේ බුද්ධිය තුළට ධාරණය කර ගනී. ඔබ අභ්‍යන්තර ගත වී මෙම ඥාන සාගරය මතගාන විට, ඔබට සතුට සහ කුල්මත්භාවය අත්විඳීමට හැකි වෙයි. ශිව බාබා ශ්‍රේෂ්ඨතම ගුරුවරයාය. ඔහු ඔබවත් ගුරුවරු බවට පත් කරවයි. ඔබ සෑම කෙනෙක්ම අංකානුරූපයි. හොඳින් ඉගැන්වීමට හැක්කේ කොයි දරුවන්ටද කියා බාබා දන්නවා. සෑම කෙනෙක්ම සතුටට පත් වනවා. ඔවුන් කියන්නේ: ඔබව ඔය ආකාරයට පත් කළ බාබා වෙතට, අපව ඉක්මනින්ම ගෙන යන්න. බාබා පවසන්නේ : මම පැමිණ, මෙම කෙනාගේ බොහෝ උපත් වල අවසාන උපතේ අගදී ඔහු තුළට ඇතුලු වන්නේ, ඔබට ඉගැන්වීමටයි. මම සෑම චක්‍රයකදීම මෙම භාරතයට කී වතාවක් එන්නට ඇත්ද? අසීමිත පියා අපට උගන්වන මෙම අලුත් දේවල් අසා ඔබ මවිතයට පත් වනවා. භක්ති මාර්ගයේදී ඔහුට බොහෝ නම් තිබේ ඔහුට පරමාත්මය, රාමා, ප්‍රභූ සහ අල්ලා යැයි කියයි. බලන්න, ඇත්තේ එක් ගුරුවරයායි, එහෙත් ඔහුව බොහෝ නම් වලින් සිහි කරයි. ගුරුවරයාට තිබිය යුත්තේ එක් නමකි. ඔහුට ඔය තරම් බොහෝ නම් තිබිය හැකිද? බොහෝ භාෂා තිබේ. සමහරු දෙවියන් යන වචනය භාවිත කරන අතර සමහරුන් කුදා යැයි කියයි. ඔහුටම වැටහෙනවා : මම පැමිණ සිටින්නේ ඔය දරුවන්ට උගන්වන්නයි. ඔය දරුවන් ඉගෙනගෙන, දේවතාවන් බවට පත් වූ පසු, විනාශය සිදු වෙයි. මෙම ලෝකය දැන් පැරණිය, ඉතිං එය අලුත් කළ හැක්කේ කාටද? පියා පවසන්නේ : එය අලුත් කිරීම මගේ චරිත කොටසයි. මමද නාටකයේ බන්දනයෙන් බැඳී සිටින්නෙමි. භක්ති මාර්ගයේ බොහෝ සේ ව්‍යාප්තිය ඇති බව ඔය දරුවන්ද දන්නවා. මෙයද නාටකයකි. භක්ති මාර්ගය චක්‍රයෙන් භාගයක් පවති. පියා දැන් පැමිණ සිටියි. අපට උගන්වන කෙනා ඔහුයි. සාමය ස්ථාපනය කරන කෙනා ඔහුයි. එය ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානියව තිබුණු විට, සාමය තිබිණි. මෙහි අසාමය තිබේ. බොහෝ ජීවාත්ම සිටින අතර ඇත්තේ එක් පරමාත්ම පියා පමණයි. මෙය බොහෝ ආශ්චර්යමත් නාටකයකි! බාබා, සියලුම ජීවාත්මයන්ගේ පියා, අපට උගන්වනවා. ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. අප ගොපලු ගොපළියන් බවත්, බාබා ගොපලු ගොපළියන්ගේ පියා බවත් ඔබට වැටහෙනවා. ගොපලු ගොපළියන් යැයි කියන්නේ ජීවාත්මයන්ට පමණක් නොවෙයි. ඔය ජීවාත්ම, ශරීර තුළ සිටින විටයි ඔබට ගොපලු ගොපළියන්, එනම්, සහෝදර සහෝදරියන් කියා කියන්නේ. ගොපලු ගොපලියන්, ශිව බාබාගේ දරුවන්ය. ’ගොපලු ගොපළියන්‘ යන ප්‍රකාශය ඉතාමත් මිහිරිය. ගොපළියන් සහ ඔවුන්ගේ ස්වාමියාගේ ප්‍රශංසාව ගැන ගීතයක් තිබේ. මෙම ප්‍රශංසාව අයත් වන්නේ මෙකලටයි. කෙසේවෙතත්, ඔහු කවුද කියා නොදන්නා නිසා, ඔවුන් සෑම කෙනෙක්වම පටලවා, අවුල් කර තිබේ. පියා මෙතැන අසුන්ගෙන ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය විස්තර කර දෙයි. මිනිසුන් දන්නේ මෙම භූමිය ගැන පමණයි. ස්වර්ණමය යුගය පාලනය කළේ කවුරුන්ද කියා හෝ එය කොපමණ කාලයක් පැවතුණේද කියාවත් ඔවුන් නොදනී. ඔවුන් මෙය නොදන්නේ, චක්‍රයක කාල පරාසය වසර සිය දහස් ගණනාවක් කියා ඔවුන් කියා ඇති බැවින්ය. ඔවුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේය. පියා දැන් පැමිණ ඔබට ලෝක චක්‍රයේ දැනුම ලබා දෙයි. මෙය දැන ගැනීමෙන් ඔබ තුන් කාලය ගැන දන්නා අය බවට පත් වෙයි, ඔබ ත්‍රිනේති වෙයි (නේත්‍ර තුනක් ඇති අය). මෙය අධ්‍යයනයකි. පියාම පවසන්නේ : මම සෑම චක්‍රයකදීම, චක්‍ර වල සංගමයේදී පැමිණෙන්නේ, ඔබව වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින් බවට පත් කිරීමටයි. ඔබ මෙය බවට පත් වන්නේ අංක පිළිවෙලටයි. ඔබට තත්ත්වයක් ලැබෙන්නේ අධ්‍යනයක් තුළිනි. අසීමිත පියා ඔබට උගන්වන බව ඔබට වැටහෙනවා. මිනිසුන් කියන්නේ දෙවියන්ට, නමක් හෝ ස්වරූපයක් නොමැති බවත්, ඔහු ගල් සහ වැලි වල සිටින බවත්ය. ඔහු ගැන බොහෝ වෙනස් දේවල් කියයි. ඔවුන් දේවතාවන්ව බොහෝ අත් ඇතිව පෙන්වා තිබේ. රාවනව හිස් 10ක් ඇතිව පෙන්වා තිබේ. දරුවනි, ඔබගේ හදවත් වලට ඇතුලු විය යුත්තේ, සියලුම ජීවාත්මයන්ගේ පියා අපට උගන්වන බවත්, ඔහු අපව පිවිතුරු කරන බවත්ය. එබැවින් ඔබගේ ඇතුලාන්තයේ කොපමණ සතුට තිබිය යුතුද ! කෙසේවෙතත්, මෙම සතුට ඉස්මතු වන්නේ, ඔබ සානුකම්පිත වී, සැම කෙනෙකුටම සෙත සළසා, ඔවුන්ව සතුටට පත් කළ විට පමණයි. ඔහෝ! බාබා අපව ලෝකයේ අධිරාජයන් බවට පත් කරවනවා. රජවරු, රැජීනියන් සහ පුරවැසියන්, සෑම කෙනෙක්ම ලෝක පාලකවරුන් බවට පත් වෙයි. එහි අනුශාසකයන් නොමැත. දැන් කොහෙවත් රජවරු නොමැත, සෑම තැනකම ඇත්තේ අනුශාසකයන් පමණයි. දැන් ඇත්තේ ජනතාව, ජනතාව විසින් පාලනය කිරීමය. අසීමිත පියා ඔබට උගන්වන දේ, ඔබගේ බුද්ධියට නැවත නැවත ඇතුලු විය යුතුයි. ඉතාමත්ම හොඳින් ඉගෙන ගන්නා අය, පළමු ස්ථානයට පැමිණ, උසස් තත්ත්වයක් හිමි කර ගනී. ලක්ෂ්මි සහ නාරායන එතරම් ධනවත් වුණේ කෙසේද? ඔවුන් කළේ කුමක්ද? භක්ති මාර්ගයේ මිනිසුන් ධනවත් නම්, එයින් වැටහෙන්නේ ඔවුන් යම් උසස් ක්‍රියා සිදු කරන්නට ඇති බවයි. මිනිසුන් දෙවියන්ගේ නාමයෙන් පුණ්‍ය කටයුතු සිදුකර දන් දෙති. ඔවුන් විශ්වාස කරන්නේ එහි ඵලය වශයෙන් ඔවුන්ට බොහෝ දේ ලැබෙයි කියාය. එබැවින් ඔවුන්ගේ මතු උපතේදී ඔවුන් ධනවත් වෙයි. කෙසේවෙතත්, ඔවුන් දෙන්නේ වක්‍රාකාරයෙනි, ඒ මඟින් ඔවුන්ට තාවකාලික කාලයකට යම් දෙයක් ලැබෙයි. පියා දැන් ඔබ වෙතට ඍජුවම පැමිණ සිටියි. සෑම කෙනෙක්ම ඔහුව සිහිපත් කරන්නේ: පැමිණ අපව පිවිතුරු කරන්න. ඔවුන් මෙසේ නොකියයි: පැමිණ අපට ඥානය ලබා දී, අපව ලක්ෂ්මි සහ නාරායන මෙන් කරන්න. මනුෂ්‍යයින්ගේ බුද්ධි, ක්‍රිෂ්ණාව සිහි කරයි. පරම පියාව හඳුනා නොගැනීම නිසා, ඔවුන් බොහෝ දුකට පත්ව සිටියි. පියා ඔබව දැන් දේවමය සමාජයට අයත් අය බවට පත් කරවනවා. ඔබ පළමුවෙන්ම සාම දේශයට ගොස්, ඉන්පසුව සතුටු දේශයට පැමිණෙයි. පියා දැන් සෑම දෙයක්ම පැහැදිලිව විස්තර කරයි. ඔවුන් සවන් දුන්නද, ඔවුන්ට නෑසුණා මෙනි. ඔවුන් ගල් බුද්ධි ඇති අයගෙන්, පිවිතුරු බුද්ධි ඇති අය බවට පරිවර්ථනය වන්නේ නැත. ඔබ දවස පුරාම බාබාගේ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. භාර්යාවක් ඇගේ ස්වාමියාට කෙතරම් ආදරය කරන්නේද යත්, ඇය ඔහු වෙනුවෙන් මිය යෑමටද සූදානම්. මෙහි, ඔබ සෑම කෙනෙක්ම දරුවන් වුවද, ඔබ අංකානුරූපයි. ඔබට මෙවන් අසීමිත පියෙක්ව නැවත නැවතත් අමතක වන බව ඔබට වැටහෙනවා. පියා පවසන්නේ : මා සිහිපත් කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වෙයි. කෙසේවෙතත්, ඒත් ඔබට අමතක වෙයි. ඔහෝ! ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන එවන් පියෙක්ව ඔබ අමතක කරන්නේ ඇයි? මායාගේ කුණාටු පැමිණෙයි, නමුත් ඔබ අඛණ්ඩව උත්සාහ දැරිය යුතුයි. පියාව සිහිපත් කරන්න, එවිට ඔබට ඔබගේ උරුමය හිමි වෙයි. ඔබ සෑම කෙනෙක්ම දේවතාවන්, දිව්‍යලෝකයේ වැසියන් බවට පත් වෙයි. කෙසේවෙතත්, සමහරුන්ට දඬුවම් විඳිමට සිදුවෙයි, ඉන්පසුව ඔවුන්ද දේවතාවන් බවට පත් වෙයි, නමුත් ඔවුන්ගේ තත්ත්වය පහත් වෙයි. මේ සෑම කාරණාවක්ම අලුත්ය. ඔබ පියා සහ ගුරුවරයාව සිහි කරන විට පමණයි, ඔබගේ අවධානය මෙම කරුණු වෙතට යොමු වන්නේ. ඔබට ගුරුවරයා පවා අමතක වෙයි. පියා පවසන්නේ : මෙම අධ්‍යයනය, මා මෙහි සිටින තාක් කල්, විනාශ කාලය දක්වාම, එමෙන්ම සෑම දෙයක්ම මෙම යාග ගින්නට බිලි වෙන තුරුම පවති. ඔහු සෑම දෙයක්ම උගන්වා ඇති බවත්, තවත් කුමක් උගන්වන්නද? කියා, ඔබ කියයි. බාබා පවසන්නේ අලුත් කාරණා දිගින් දිගටම ඉස්මතු වෙයි. ඔබ මේවා ඇසීමෙන් සතුටට පත් වෙයි. එබැවින් හොඳින් ඉගෙන ගෙන, සුදාම කළාක් මෙන්, සෑම දෙයක්ම මාරු කර හරින්න. මෙයද විශාල ව්‍යාපාරයකි. ඔහු ඔහුගේ ආදායමෙන් දහයෙන් එකක් දන් දුන්නා. ඔහුට ලාභයක් නොලැබුණත්, පළමුවෙන්ම දන් දිය යුතු බව, ඔහුට හැඟෙයි. ඔවුන්, ඔහුට කියන්නේ ඔබ අත දිගහැර දන් දෙන බව අන් අය දුටුවහොත්, ඔවුන්ටද එසේ කිරීමට සිතක් පහළ වී, බොහෝ දෙනෙකුට යහපතක් සිදු වෙයි, කියා. එය භක්ති මාර්ගය වීය. මෙහි, සෑම දෙයක්ම පියාට දෙනු ලැබෙයි. බාබා සෑම දෙයක්ම ගන්න! පියා පවසන්නේ : මම මුලු ලොවෙහිම රාජධානිය ඔබට ලබා දෙනවා. බාබාට විනාශයේ දර්ශනයක් මෙන්ම, අත් සතරක් ඇති පිළිරුවේ දර්ශනයක්ද ලැබුණා. ඒ වෙලාවේදී, මම ලොවට අධිපති වීමට යන බව මට වැටහුණා. බාබා මා තුළට ඇතුලු වී, මට විනාශයේ දර්ශන ලබා දුන්නා. එපමණයි! මෙම ලෝකයේ අවසානය අත ළඟය. මම තව දුරටත් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නේ කුමකටද? මෙම 'බූරු වැඩ' අත්හරින්න! මට රාජධානිය ලැබීමටයි යන්නේ. මෙම පැරණි ලෝකය විනාශ වීමට යන බව පියා විස්තර කරනවා. කුම්බකරණ නින්දෙන් ඔබව අවදි කරවීමට බොහෝ උත්සාහ දැරුවද, ඔබ තවමත් අවදි නොවෙයි. එබැවින් ඔය දරුවන් එක් පියාව පමණක් සිහිපත් කළ යුතුයි. ඔබ සෑම දෙයක්ම පියාට ලබා දී ඇත්නම්, ඔබ නිසැකයෙන්ම සිහි කළ යුත්තේ එක් පියාවයි. ඔය දරුවන්ට බොහෝ වේලාවක් සිහිපත් කිරිමේ සිටිය හැක. මේ බාබාට බොහෝ වගකීම් තිබේ. බන්දනයන් තුළ සිටින අයගෙන් බොහෝ පුවත් ලැබෙයි. අසරණ මව්වරුන් බොහෝ පහර කෑම් වලට ලක් වීම ගැන, බාබා බොහෝ සැලකිලිමත් වනවා. ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන්ට බොහෝ හිරිහැර කරනවා. මෙය නාටකයේ ඇති බව ඔවුන්ට වැටහෙනවා, එනමුත් ඔවුන්ට ඒ ගැන කළ හැක්කේ කුමක්ද? පෙර චක්‍රයේද අහිංසකයන් පහරකෑම් වලට ලක් වූවා. නව ලොව ස්ථාපනය විය යුතුයි. පියා පවසන්නේ : මම මෙම කෙනාගේ බොහෝ උපත් වල අවසාන උපතේ අගදී, ඔහුගේ ශරීරය තුළට ඇතුලු වන්නෙමි. එබැවින් අපි නිසැකයෙන්ම රූමත්ව සිට, දැන් අවලස්සන වී තිබේ. පළමු අංකය ගන්නේ මමයි. මම ගොස්, ක්‍රිෂ්ණා වන්නෙමි. මෙම පිංතූරය දකින විට, මම සිතන්නේ මම මෙය බවට පත් වීමට යනවා. එබැවින් පියා දරුවන්ට ඉතාමත්ම පැහැදිලිව විස්තර කරනවා. මෙය වටහාගෙන, ඉන්පසුව අන් අයට විස්තර කර දීම, දැන් ඔය දරුවන්ගේ කාර්යයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අපි ගොපලුවන්ගේ පියාගේ, ගොපලුවන් සහ ගොපළියන්ය. මෙම සතුටෙහි සහ කුල්මත්භාවයේ රැඳී සිටින්න. අභ්‍යන්තර ගත වී, ඥාන සාගරය කලතා, පියා මෙන් ගුරුවරයෙක් වන්න.

2. සුදාම මෙන් වී, ඔබට ඇති සෑම දෙයක්ම මාරු කර හරින්න, එමෙන්ම හොඳින් ඉගෙන ගන්න. විනාශය සිදු වීමට පෙර, පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කර ගන්න. සෑම කෙනෙක්වම කුම්බකරණ නින්දෙන් අවදි කරන්න.

වරදානය:
මිහිරි ගුණයෙන් සංස්කාර එකමුතු කරගනිමින් සුබ හමුවක් රැස් කරන ඔබ ශුද්ධ වූ හංසයෙක් වේවා.

හෝලි දිනයේදී, ඔබ වර්ණ සමඟ සෙල්ලම් කරනවා, එකිනෙකාගේ මුව මිහිරි කරමින් සුබ රැස්වීම සමරනවා. එලෙසම ශුද්ධ වූ හංස දරුවන් වන ඔබ ආධ්‍යාත්මික ඇසුරේ වර්ණයෙන් එකිනෙකා වර්ණවත් කර එකිනෙකාට මිහිරි බවේ තෝලිය ලබා දෙන විට, ඔබේ ඇසේ, මුඛයේ සහ ක්‍රියාකාරකම්වල මිහිරියාව ප්‍රායෝගිකව පෙනෙන විට, එවිට සුබ රැස්වීමක්, එනම්, සංස්කාරයන්ගේ සංහිඳියාව සිදුවේ. ඔබේ සංස්කාර අන් අය සමඟ සමපාත කිරීම හෙළිදරව්වේ පදනමයි. මේ හරහා ජය ඝෝෂා නැඟෙනු ඇත.

පාඨය:
අශාරීරික වීමට පුරුදු වන්න: මෙම පුරුදු වීම ඔබට "හදිසියේ" යන ප්‍රශ්න පත්‍රය සමත් වීමට ඉඩ සලසයි.