25.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුමේ රෑ කොවුලන්වී දවස පුරාම දැනුමේ හඬ නඟන්න. එවිට ඔබට ඔබේ භෞතික සහ ආධ්‍යාත්මික මව්පියන්ව හෙළිදරව් කිරීමට හැකි වේවි.

ප්‍රශ්නය:
මෙසේ කියා තිබේ: තම මිශ්‍රණයට ඇවැසි රස ද්‍රව්‍යන් අඹරා ගත් විට තම කුල්මත්භාවය වැඩි වේවි. මෙහි තේරුම කුමක්ද?

පිළිතුර:
තමාගේ මිශ්‍රණයට ඇවැසි රස ද්‍රව්‍යයන් යනු ඔබේ බුද්ධි යෝගාව එහෙ මෙහෙ නොයවා ඒකායන පියාවම ස්මරණය කිරීමයි. ඔබේ බුද්ධිය තුළ පරම පියාගේ ස්මරණය පමණක් ඇති විට ඔබේ කුල්මත්භාවය ඉහළ නැඟේ. කෙසේවෙතත් මෙහිදී, ශරීර අවධානය බොහෝ සේ බාධා කරයි. සමහරු යම්තමින් ලෙඩ වූවත් මහත් පීඩාවට පත් වෙතී. එවිට ඔවුන් තම නෑ හිත මිතුරන් සිහිපත් කරන්න පටන් ගන්නා නිසා ඔවුන්ගේ කුල්මත්භාවය වැඩි වෙන්නේ නැත. ඔවුන් යෝගාවෙහි ඉඳිනවා නම් ඔවුන්ගේ වේදනාව අඩු වී යනු ඇත.

ගීතය:
රාත්‍රිය නිදියමින් සහ දහවල අනුභව කරමින් ඔබ කාලය අපතේ හැරියා.

ඕම් ශාන්ති.
මේ සියලු දේවල් වේද ග්‍රන්ථ වල ලියා ඇත. ඔවුන් ඒවා එකිනෙකාට ද පැහැදිළි කරති. ගුරුන් අනේක විද උපදෙස් දෙති. ඉතාමත් යහපත් බැතිමතුන් කුඩා කුටියක ඉඳිමින් රෙදි පසුම්බියක් (ගව් මුඛ්) තුළ අත දමා රෝසරි මාලයේ ඇට කරකවති. ඔවුන්ට කියා දී තිබෙනා එයද විලාසිතාවක් වී ඇත. පරම පියා දැන් කියනවා: ඒ සියල්ලක්ම අත් හරින්න. ජීවාත්මය තම පියාවයි සිහිපත් කළ යුත්තේ. මෙහි රෝසරිය කරකවන ප්‍රශ්නයක් නැත. හොඳම ගීතය වන්නේ ශිවාට නමස්කාර වේවා. මෙම ගීතයේ තමයි ඔවුන් කියා ඇත්තේ මව සහ පියා ඔබමය කියා. දෙවියන්ට පමණයි නිර්මාපක, පරම පියා කියන්නේ. නිර්මාපක යැයි ඔහුට කියන්නේ නම් ඔහු කුමක් නිර්මාණය කරන්නට ඇත් ද? සැබැවින්ම ඔහු නිර්මාණය කරනුයේ නව ලොවක් බව කවුරුත් වටහා ගනී. මිනිස්සු මෙසේද ගයති: මවත් පියාත් ඔබමය. අප ඔබගේ දරුවන්ය. ඉතින් ප්‍රථමයෙන්ම දෙවියන් සියල්ලන්ගේම පියා වේ. පියෙකු සිටියදී මවකගේ අවශ්‍යතාවය ද ඇති වේ. ඔහුට මවක් නැතිව නිර්මාණය කිරීම කළ නොහැකියි. ඔහු නිර්මාණය කරන්නේ කෙසේද යන්න මිනිසුන් නොදනී. දෙවනුව අප සියලු දෙනාම සහෝදර සහෝදරියන් ය. එසේ වූ විට කිසිම පාප දැක්මක් තිබිය නොහැක. එක් මවක් සහ පියෙකු සිටී. මේ කරුණු ඉතා හොඳින් වටහාගෙන අන් අයටත් පැහැදිළි කරන්න. තෙවනුව, ලොව නිර්මාණය කළේ නියතවම පියාමයි. අප ඔහුගේ දරුවන් වී සිටියා. දැන් නැවතත් එසේ වී සිටිනවා. උපත් 84ක චක්‍රය සම්පූර්ණ කරමින් භක්ති මාර්ගයේ මිනිස්සු සිහිපත් කරන මව සහ පියාට අප අයිති වූවා. මවත් පියාත් ලොව නිර්මාණය කරයි. ඉතින්, ඔහු අපට අනිවාර්යෙන්ම බොහෝ සතුට ලබා දෙයි. එම දෙවියන් මව සහ පියා වේය කියා කිසිවකු නොදනී. ඔහු ගුරුවරයා සහ සත්ගුරු ද වේ. බ්‍රහ්මාගේ දරුවන් වන අප, අප අතරේ සහෝදර සහෝදරියන් වේ. අපව බ්‍රහ්ම කුමාර සහ බ්‍රහ්ම කුමාරින් කියා හඳුන්වනවා. ඔහුමයි අපවත් නිර්මාණය කරන්නේ. අප බොහෝ සතුට ලබා ගැනීම සඳහා මව සහ පියාගෙන් රාජයෝග හදාරනවා. අපට බොහෝ සතුට ලබා ගැනීමට හැකිවන්නේ අප දුකෙහි සිටිද්දී පමණයි. අනාගතයේ අප සතුටින් සිටිද්දී ඔහු ඇවිත් දැනුම දෙනවා නොවෙයි. අප දුකෙන් සිටින විටයි අපට සතුටු ලොවට යාම සඳහා දැනුම ලැබෙන්නේ. එම මවත් පියාත් පැමිණ අපට සතුට ලබා දෙනවා. ආදම් ඊවා, ඉතා ප්‍රසිද්ධ අයයි. අනිවාර්යෙන්ම ඔවුනුත් දෙවියන්ගේ දරුවන්ය. එසේනම්, දෙවියන් කවුරුන් ද? පරම පියා දැනුම දෙන්නේ සියලුම ආගම් වල අයට බව ඔය දරුවන් දන්නවා. සමස්ථ ලොවේම බුද්ධි යෝගාව පරම පියා වෙතින් බිඳී ගොස් ඇත. මායා යකින්න, ඔබේ බුද්ධියේ යෝගාව සම්බන්ධ වීමට ඉඩ නොදෙයි. ඒ වෙනුවට ඇය විසින් තව තවත් කඩා බිඳ දමයි. පරම පියා ඇවිත් එම යකින්න මර්ධනය කිරීමට ඔබට උපකාර වෙයි. මෙකල ලොවෙහි ඍද්ධි බල ඇත්තන් බොහෝ සිටී. මෙය යක්‍ෂ පෙරේතයින්ගේ ලෝකයයි. කාම රාගය නම් පාපයේ යක්‍ෂයා එහි මුල සිට, මැද හා අන්තිම දක්වාම එකිනෙකාට දුක ඇති කරවයි. යකුන්ගේ රාජකාරිය දුක් දීමයි. ස්වර්ණම යුගයේ යකුන් නොසිටී. බයිබලයේත් යක්‍ෂයා ගැන සඳහන් වී තිබෙන බව පැහැදිළි කර ඇත. රාවන යනු යක්‍ෂයෙකි. මෙය යකුන්ගේ අධිරාජ්‍යයයි. රාම අධිරාජ්‍යයේ යකුත් නොසිටී. එහි බොහෝ සේ සතුට ඇත. "ශිවාට නමස්කාර" යන ගීතය ඉතා හොඳයි. ශිවා. මවත් පියාත් වේ. බ්‍රහ්මා. විෂ්ණු සහ ශංකර්ට මව සහ පියා කියා කිව නොහැක. ශිවාටයි තවමත් පියා යැයි කියන්නේ. ආදම් සහ ඊවා එනම්, බ්‍රහ්මා සහ සරස්වතී. මෙහි සිටී. ක්‍රිස්තියානීන් දෙවි පියාණන්ට යාඥා කරති. මව සහ පියාගේ භූමියයි මේ භාරතය. ඔහුගේ උපත සිදුවන්නේ මෙහිය. ඉතින්, ඔබ පැහැදිළි කළ යුත්තේ: ඔබ මව හා පියා කියන නිසා අප සහෝදර සහෝදරියන් විය යුතුයි. ඔහු ප්‍රජාපිතා බ්‍රහ්මා තුළින් නිර්මාණයන් නිර්මාණය කළා. ඔහු ඔවුන්ව භාරගත්තා. සරස්වතීවත් භාරගත්තා. ප්‍රජාපිතා බ්‍රහ්මා අපව භාරගත්තා, මේ විලසින් බොහෝ අය බ්‍රහ්ම කුමාරයින් සහ බ්‍රහ්ම කුමාරින් වූහ. ශිව බාබා නොකඩවා අපව භාරගනී. තව ලොව නිර්මාණය වනුයේ බ්‍රහ්මා තුළින්ම පමණයි. පැහැදිළි කිරීමට මාර්ග බොහෝ ඇතත්, ඔබ සම්පූර්ණයෙන් පැහැදිළි කරන්නේ නැහැ. බාබා කිහිප වතාවක් කියා තිබෙයි: "ශිවාට නමස්කාර" යන ගීතය සැම තැනම වාදනය කරන්න. අප මව හා පියාගේ දරුවන් වූයේ කෙසේ ද? පරම පියා මෙහි ඉඳිමින් මෙය පැහැදිළි කර දෙයි. නව ලොව බ්‍රහ්මා තුළින් ස්ථාපිත වූවා. මෙය යකඩ යුග අන්තය වන අතර අප නැවත වරක් ස්වර්ණම යුගය ස්ථාපනය කරමින් සිටිනවා. බුද්ධියෙන් මෙය උරාගත යුතු කරුණකි. දැනුම නම් ඉතාමත් පහසුයි. ඔබට දැනුම සහ යෝගාවෙහි ඉඳීමට මායාගේ කුණාටු ඉඩ නොදේ. බුද්ධිය මවිත කරවයි. සැමවිටම ඔබ පැහැදිළි කළ යුත්තේ: සියල්ලන්ගේම නිර්මාතෘවරයා වූ දෙවියන් එක්කෙනෙකි. සැවොම ඔහුට කතාකරන්නේ පියා කියායි. නොවේ ද? අශාරීරික කෙනා වූ කලී උපත විපත ඉක්ම වූ එකම කෙනායි. බ්‍රහ්මාට, විෂ්ණුට සහ ශංකර්ට සූක්ෂම විස්තර තිබෙනවා. මෙහි තමයි මිනිස්සු උපත් 84ක් ගන්නේ: ඔවුන් සූක්ෂම ලොවේ උපත් නොගනී. අප තමයි මව සහ පියාගේ දරුවන් යන්න ඔබ දන්නවා. අප නව දරුවන්ය. පරම පියා අපව භාරගෙන ඇත. ජනතාවගේ පියා නම් වූ ප්‍රජාපිතා සිටිනවා නම්. බොහෝ ජනයා සිටිනු ඇත! ඔවුන්ව සැබැවින්ම භාරගන්නේ ඔහු තමයි. ඔවුන් බ්‍රහ්මාව අත් බොහෝමයක් ඇතිව සිත්තම් කර තිබේ. නමුත් එහි අර්ථය ඔවුන්ට නොවැටහේ. සියලු රූපයන්. වේද ග්‍රන්ථයත් මතු වූයේ නාටකය පදනම් කොට ගෙනයි. බ්‍රහ්මාගේ දහවලයි. ඉන්පසු භක්ති මාර්ගය ඇරඹෙයි. එය දිගටම පැවතෙනවා. පරම පියා පමණයි ඇවිත් අපට මෙම රාජයෝග උගන්වන්නේ. මෙය ඔබේ බුද්ධි තුළ රඳවා ගත යුතුයි. මෙසේ කියා ඇත: ඔබේම රස ද්‍රව්‍යය අඹරන විට ඔබේ කුල්මත් බව අධික වේවි. කෙසේවෙතත් ඔබේ බුද්ධියේ යෝගාව සම්බන්ධ විය යුත්තේ පරම පියා වෙතයි. මෙහි බොහෝ අයගේ බුද්ධි යෝගාව ඇත්තේ වෙනතකයි. එය ඔවුන්ගේ පරණ ලොවේ හිතමිතුරත් ඥාතීන් සමඟයි. නැතිනම් ශරීර අවධානයෙහිය. ඔවුන් යාන්තම් ලෙඩ වූවත් නොසෑහෙන්න පීඩාවට පත්වෙති. ඕහ්! ඒ වුණාට ඔබ යෝගාවෙහි සිටියොත් ඔබේ වේදනාව අඩු වී යාවි. යෝගා නැතිනම්, ලෙඩ වලින් නිදහස් වන්නේ කොහොම ද? ඔබ ඒ ගැන සිතිය යුතුයි: මව සහ පියා තමයි ප්‍රථම අංකයේ පිවිතුරු ජීවාත්මයන් ඒ අය තමයි බොහෝ දුර පහළට පැමිණීයේ. අවසානය තෙක්ම බොහෝ සේ කර්මය ගෙවන්නට වන්නේ ඔවුන්ටයි. කෙසේවෙතත් යෝගාවෙහි ඉඳින නිසා, ඔවුන්ගේ ලෙඩ රෝග නොකඩවා ඉවත් වී ගියා. නැතිනම්, උපරිම කර්ම විඳවීම් වලට භාජනය වන්නේ ඔවුන් තමයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ විඳවීම් යෝග බලයෙන් ඉවත් වූවාත් සමඟ ඔවුන් බොහෝ සතුට ලැබුවා: අප බාබාගෙන් දිව්‍යලෝකයේ සතුට බොහෝ සේ ලබමින් සිටිනවා. බොහෝ දරුවන් තමන්ව ජීවාත්මයන් යැයි සලකන්නේ නැත. දවස පුරාම, ඔවුන්ගේ ශරීරය ගැනමයි සිතන්නේ. බාබා ඔබට කුරුල්ලන් හඬ නගන්නාක් සේ දැනුම දෙන ආකාරය කියා දෙනවා. එමනිසා, ඔබ රෑ කොවුලන් වෙන්න ඕන. බීෂ්මපිතාමාටත් දැනුම දුන්නේ ඔබ කුමාරින්ය. කුඩා දරුවන්ව ඉතා අවදිමත් ක්‍රියාශීලී අය කරවන්න ඕන. කුඩා දරුවන් තම භෞතික දෙමාපියන්වත් ආධ්‍යාත්මික දෙමාපියන්වත් හෙළිදරව් කර පෙන්වති. එවිට මෙලොවත් එලොවත් අතිශයින් වර්ණනාවට ලක් වේ. එසේනම්, භෞතික දෙමාපියන්වත් ඉහළ නංවන්න ඕන. කුඩා දරුවන් තම දෙමාපියන්ව ඉහළ නංවන ආකාරය ඔබ දකීවි. කුමාරින්ට ගෞරව දක්වති. සැවොම කුමාරීන්ට ආචාර දක්වති. ශිව ශක්ති සේනාවේ සියල්ලන්ම කුමාරින් වේ. සමහරු මව්වරු වුවත්, ඔවුන්ටත් කුමාරින් කියායි කියන්නේ. බොහෝම හොඳ කුමාරින් මතු වේවි. තරුණ දියණීයන් තමයි සැමට හෙළි දක්වන්නේ. ඇතැම් තරුණ දියණීයන් බොහෝ දක්‍ෂයි. ඇතැම් අයට බොහෝ ඇල්ම ඇත. මෙම ඇල්ම ඉතා නරකයි. මෙයත් දුර්ශක්තියක් වන අතර එය ඔබව පියාගෙන් වෙන් කරවයි. ඔබව පරම පියා පරමාත්මගෙන් ඈත් කිරීම මායා යකින්නගේ රාජකාරිය වේ. "ශිවාට නමස්කාර" ගීතය සියල්ලෙන්ම හොඳම ගීතය වේ. මෙම ගීතයෙහි ඔවුන් මවත් පියාත් ඔබමයි යනුවෙන් කියා ඇත. සාමාන්‍යයෙන් රාඩේ ක්‍රිෂ්ණා කෝවිල් වල ජෝඩුවක ස්වරූපයෙන් පෙන්වා ඇත. නමුත් රාඩේ ක්‍රිෂ්ණා සමඟ එකට සිටිනවා සේ ගීතාවෙහි සඳහත් වී නැත. ක්‍රිෂ්ණාගේ වර්ණනා විරලයි: සර්ව ගුණ සම්පන්න. කලා දහසයෙන් සපිරි ශිවාගේ වර්ණනා වෙනස් ය. ශිවාට ආර්තී පූජාවේ දී (තැටියක් මත පහන් දල්වා වඳින විට) ගයන්නේ බොහෝ සේ වර්ණනා කරමින්ය. එහෙත් ඔවුන්ට කොහෙත්ම එහි අර්ථය නොවැටහේ. ඔවුන් ඒ තරමටම වැඳීමෙන් වෙහෙසට පත් වෙලයි සිටින්නේ. ඔබ දන්නවා. මමා, බාබා සහ ඔබ බ්‍රහ්මින්වරු තමයි වඩාත් භක්ති කර තිබෙන්නේ. දැන් ඔබ ඇවිත් බ්‍රහමින්වරුන් වී සිටිනවා. මෙහිදීත් අංක අනුපිළිවෙලක් ගනී. තවද යෝග බලයෙන් ක්‍ෂය කළ යුතු කර්ම විඳවීම් ද ඇත. ඔබේ ශරීර අවධානය බිඳ දමන්න ඕන. ඔබ පරම පියා සිහිපත් කරමින් බොහෝ සතුටින් සිටින්න ඕන. අප මව සහ පියාගෙන් බොහෝ සතුටක් ලබනවා. මේ බ්‍රහ්මා කියනවා: මා බාබා වෙතින් උරුමය ලබනවා. මාගේ රථය බාබා ණයට අරගෙන ඇත. එමනිසා, බාබා මේ රථයට විශේෂ සත්කාර කරාවි. කලින් මා සිතුවේ: ජීව සන්තාවක් වූ මා මේ රථය පෝෂණය කරනවා. මෙයද රථයක්ය. දැන් කියන්නේ: ඔහු තමයි මෙයාට කවන්නේ පොවන්නේ. මේ රථය හොඳින් බලාගන්න ඕන. අශ්වයෙක් මත අසුන් ගත් පසු ස්වාමියෙක් තම අතින්ම ඌට කවයි. සමහර විට පිට අතගායි. එසේ හොඳින් රැක බලාගත්තේ උන් මත ගමන් කරන නිසාවෙනී. බාබා මොහු මත ගමන් කරනවා. ඉතින් ඔහු එම විශේෂ සත්කාර නොකරයි ද? බාබා ස්නානය කරන විට ඔහු සිතයි: මා ද ඔබව නාවනවා, ඔබේ ශරිරයට කවනවා. මා අනුභව කරන්නේ නැහැ. එහෙත් මා මේ ශරීරයට කවනවා. බාබා කවයි. නමුත් ඔහු කන්නේ නැහැ. මෙවැනි වෙනස් වූ සිතිවිලි ස්නානය කරන විට ගමන් කරන විට ඔහුට ඇතිවෙනවා. මෙය ඔහුගේ අත්දැකීම් ය. බාබා ම කියනවා: මොහුගේ උපත් ගණනාවෙන් අන්තිම උපතේ දී තමයි මා මොහුගේ ශරීරයට පිවිසෙන්නේ මොහු සිය උපත් පිළිබඳව කිසිවක් නොදනී. ඒවා මා දන්නවා. බාබා නැවත වතාවක් ඔබට දැනුම දෙනවා කියා ඔබ කියයි. දිව්‍යලෝක උරුමය ඔබ ලබාගන්න ඕන. ස්වර්ණම යුගයේ රජවරු සහ ප්‍රජාවන් ද සිටිනවා. ඔබේ සම්පූර්ණ ප්‍රාප්තිය ඔබ පරම පියාගෙන් ලබාගන්න ඕන. ඔබ එය ලබා නොගන්නේ නම්, සෑම චක්‍රයේම එය ඔබට මඟහැරේවි. එවන් වූ උසස් තත්ත්වයක් ඔබට ලබා ගැනීමට නොහැකි වනු ඇත. එය උපතක් උපතක් පාසා ඇති ගනුදෙනුවකි. එබැවිත් බොහෝ සේ ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතු වෙනවා. සෑම චක්‍රයේම ඔබ උපකරණයක් වනවා ඇත. ඔබේ ලැබීම් ඔබ සෑම චක්‍රයේම ලබනවා ඇත. මෙම ඉගෙනුම සෑම චක්‍රයක් පාසාම වේ. මෙයට විශාල අවධානයක් ඔබ දෙන්න ඕන. දින හතකට අරමුණක් තබාගන්න, පසුව නිවසේ දී මුරලිය ඉගෙන ගැනීම කළ හැකියි. එය ඔබ වෙනුවෙන් පහසු කර ඇත. ඔබේ බුද්ධියෙහි නාටකය රැඳී තිබෙන්න ඕන. මෙයට කියන්නේ ලෝක විශ්ව විද්‍යාලයයි. ඔබ කොතැනක ගියත්. ඇමරිකාවට ගියා වුවත් ඔබට පරම පියාගෙන් උරුමය ලබාගත හැකියි. සරලව සතියකට මෙම දැනුම උකහාගන්න. ඔබ දෙවියන්ගේ දරුවන්, එමනිසා, ඔබලා සහෝදර සහෝදරියන්ය. ප්‍රජාපිතා බ්‍රහ්මා සිටී. ඉතිත්. ඔහුගේ දරුවන් වන ඔබ සැම සහෝදර සහෝදරියන් වේ. ඔබ නිවසේ ඔබේ පවුලේ අයත් සමඟ සහෝදර සහෝදරියන් වශයෙන් වෙසෙන විට ඇත්තෙන්ම පිවිතුරුව සිටිනු ඇත. එය ඉතා පහසුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ මායා නම් භූතයාගෙන් සුරැකීම සඳහා දැනුම සහ යෝගාවෙහි නියැළෙන්න. ඇල්ම නම් කුරිරු යකා අතඅහැර දමා පරම පියාව හෙළිදරව් කරන්න. දැනුම ගයන්න.

2. සම්පූර්ණ අවධානය දැනුමට යොමුකර, පරම පියාගෙන් ඔබේ උරුමය අත්කර ගන්න. සෑම චක්‍රයේම මොනම තත්ත්වයක් යටතේදී වත් මෙම වාසිය අහිමි නොකරගන්න.

වරදානය:
ඔබ රුප් සහ බසාන්ට් වීමෙන්, එනම්, කාලයට අනුව ග්‍යානී සහ යෝගී වීමෙන්, තමන්ගේ පාලකයා වේවා.

ස්ව පාලකයන් වන අයට, අවශ්‍ය විට රුප් වීමටත් අවශ්‍ය විට බසාන්ට් වීමටත් හැක. ඔවුන්ට තත්පරයකදි මේ ස්ථිති දෙකෙන් අවශ්‍ය එකක් නිර්මාණය කළ හැක. ඔබට රුප් වීමට අවශ්‍ය වන නමුත් ඔබට දැනුමේ කාරණා සිහිවීම සිදු නොවිය යුතුයි. තත්පරයකට අඩු කාලයකදි නැවතීමේ තිතක් තබන්න. බලවත් තිරිංගයක් තැබූ සැනින් එය ක්‍රියාත්මක වෙයි. මේ සඳහා ඔබගේ මනස සහ බුද්ධිය, ඔබට අවශ්‍ය ස්ථිතියක, ඔබට අවශ්‍ය වෙලාවක ස්ථාවර කරගැනීම පුහුණු වන්න. එවන් පාලනය කිරීමේ සහ හසුරුවා ගැනීමේ බල ඇති කරගන්න.

පාඨය:
සාම පණිවිඩකරුවෙක් යනු, කුණාටු ගෙන එන අයට සාමයේ තිලිණය ලබා දෙන කෙනෙකි.

මාතේශ්වරිගේ සුමිහිරි උසස් වදන්

මිනිසුන් දෙවියන්ගෙන් කුමක් ප්‍රාර්ථනා කරයිද ඔවුන් එම දෙයම ලබති.

"මවත් පියාත් ඔබ වේ. අප ඔබගේ දරුවන් ඔබේ කරුණාව නිසා අප්‍රමාණ සතුට ලැබුවා". කවුරුන් උදෙසා මෙම ප්‍රශස්තිය ගැයුවේ ද? අනිවාර්යෙන්ම දෙවියන් උදෙසායි. මන්ද, දෙවියන් ඔහු විසින්ම මව සහ පියාගේ ස්වරූපයෙන් ලොවට අසීමිත සතුට ලබා දුන්නා. අනිවාර්යෙන්ම යම් කලෙක දෙවියන් විසින් සතුටු ලොවක් නිර්මාණය කළ නිසායි, ඔහුට මව සහ පියා කියා අමතනු ලැබුවේ. කෙසේවෙතත්, මිනිස්සු සතුට යනු කුමක්දැයි නොදනී. මෙම ලොවේ අප්‍රමාණ සතුට තිබූ කල ලොව මත සාමයත් තිබුණී. එනමුත්, තවදුරටත් එම සතුට නොතිබේ. නියතවම සතුට වෙනුවෙන් ආශාව මිනිසුන්ට ඇත. එහෙත් ඉන්පසු සමහරු ධනය ඉල්ලති. සමහරු දරුමල්ලන් ඉල්ලති. සමහරු කිසිදා වැන්දබුවක් නොවන විශ්වාසනීය පතිනියක් වී සිටීමට පවා ඉල්ලති. ඔවුන්ගේ ආශාව සතුට වෙනුවෙන්ම පමණී. ඉතිත් දෙවියන් ඔවුන්ගේ ආශාවන් යම් අවස්ථාවක දී ඉෂ්ඨ කරනවා ඇත. ස්වර්ණම යුගයෙහි, පොළොව මත දිව්‍යලෝකය තිබෙන විට, එහි සදා සතුට පමණයි තිබෙන්නේ. කාන්තාවන් කිසිදා වැන්දබුවන් නොවෙති. එමනිසා, එහිදී, අප්‍රමාණ සතුට ඇති ස්වර්ණම යුගයෙහි එම ආශාව ඉෂ්ඨ වේ. නැත්තම් අපාය වූ මෙකල මිනිසුන්ට ඇත්තේ දුක් විඳවීම්ම පමණයි. අච්චා.