26.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා සහෝදරයින්, ජීවාත්මයන් බව සලකා එකිනෙකා කෙරෙහි ආධ්‍යාත්මික සෙනෙහසක් පවත්වා ගන්න. සතෝප්‍රධාත් වීමට අවශ්‍ය නම් අන් අයගේ වැරදි දකින්න එපා.

ප්‍රශ්නය:
කෝටි ගණනක උරුමයක් ඔබට පරම පියාගෙන් දිනාගත හැක්කේ කුමන පදනමක් මතද?

පිළිතුර:
කෝටි ගණනක උරුමයක් පරම පියාගෙන් දිනා ගැනීමට නම්, සිහි කිරිමේ වන්දනාවේ නිරත වන්න. පරම පියාව හැරෙන්න අන් සෑම දෙයක්ම අමතක කර දමන්න. -අරයා මේ වගේ, මෙයා මේ වගේ, අරයා මේ මේ දේවල් කරනවා වැනි දේ සම්බන්ධයෙන් තම කාලය අපතේ නොහරින්න. ගමනාන්තය ඉතාමත් ඉහළයි. එමනිසා, සෑම විටම සතෝප්‍රධාන් වීමේ ඉලක්කය ලබා ගන්න. සෙනෙහසින් පරම පියාගේම එල්ලීගෙන සිටින්න. සියුම් ලෙස තමාව පරීක්ෂා කර බලන්න. එවිට ඔබට මුළු උරුමයම දිනා ගත හැකිවනු ඇත.

ඕම් ශාන්ති.
අසීමිත පියා දැන් නැවතත් වතාවක් තමාව සතෝප්‍රධාන් කරවන බව මෙහි අසුන් ගෙන සිටිනා ඔය දරුවන් දන්නවා. ඔහු ඔබට කියනා ප්‍රධානම කාරණය නම් තමත් සහෝදරයින්, ජීවාත්ම බව සලකන්න. ඔබට දී ඇති ප්‍රධානම ඉගැන්වීම නම් තමන් එකිනෙකා කෙරෙහි දැඩි ආධ්‍යාත්මික සෙනෙහසක් තබා ගන්න යන්නයි. ඔබලා අතර ආධ්‍යාත්මික සෙනෙහස තිබුණු කාලයක් තිබුණා. නමුත් දැන් නැහැ. අශාරීරික ලෝකය තුළ සෙනෙහස යන කාරණය මතු වන්නේ නැහැ. එමනිසා, අසීමිත පියා පැමිණ දරුවන්ට උගන්වනවා : දරුවනි, අද හෙට, අද හෙට කිය කියා ඉන්නා අතරේ කාලයත් දින, සති, මාස පුරා ගෙවී යනවා. ඔබලා ලක්ෂ්මි හා නාරායන සේ සිටි බව පරම පියා ඔබට කියා තිබෙනවා. ඔබව ඒ තත්ත්වයට පත් කෙරෙව්වේ කවුද ? උත්තරීතර පියායි. ඔබලා පහළට පැමිණියේ කෙසේද යන්නත් පියා විසින් ඔබට පහදා දී තිබෙනවා. උඩ සිට පහළට පැමිණෙන ගමනේ දී කාලය ගෙවී ගිහින් තිබෙනවා. ඒ දිනය ගෙවී ගිහින්: ඒ මාසය ගෙවී ගිහින්. අවුරුද්දත් ගෙවී ගිහින් ඒ කාලය අවසන් වෙලා. මුලදී තමන් සතෝප්‍රධාන්ව සිටි බව ඔබලාට තේරෙනවා: එකිනෙකා කෙරෙහි ඔබ තුළ සෑහෙත සෙනෙහසක් තිබුණා. ඔය සියලුම සහෝදරවරුන්ට පියා උගන්වා තිබෙන්නේ සහෝදරයින් එකිනෙකා අතර විශාල සෙනෙහසක් තිබිය යුතු බවයි. මම ඔබගේ පරම පියායි. මම ඔබව ඉතාමත් සෙනෙහසින් රැක බලා ගන්නවා. මම ඔබව තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් කරවනවා. ඔබගේ අරමුණ හා ඉලක්කය සතෝප්‍රධාන් වීමයි. වැඩි වැඩියෙන් සතෝප්‍රධාන් වුණු තරමට ඔබට අත්විඳිය හැකි සතුටත් වැඩි වත බව ඔබලාට තේරෙනවා. ඔබලා සතෝප්‍රධාන්ව සිටියා. ඔය සහෝදරවරුන් එකිනෙකා කෙරෙහි වූ හරිම සෙනෙහසින් ජීවත් වුණා. දේවතාවරුන් ලෙසින් ඔබලා එකිනෙකාට මහත් වූ සෙනෙහසින් සිටි බව ඔබ පියාගෙන් දැන ගත්තා. ඒ දේවතාවරුන්ගේ හා දිව්‍යලෝකයේ මහා වර්ණනාව මෙයයි. ඔබලා දෙව්ලොව වැසියන් ලෙසිනුත් සිටියා. අද හෙට අද හෙට කිය කියා සිටින අතර ඔබලා අද වෙන තෙක් පහළට ඇදගෙන වැටී සිටිනවා. වසර 5000න් තව වසර කිහිපයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. තමන් මුල පටන්ම තම චරිත කොටස රඟදක්වා ගෙන පැමිණියේ කෙසේද යන්න ඔබගේ සිහියේ තිබෙනවා. ශාරීරික අවධානය නිසා එකිනෙකා අතර තිබුණු ඒ සෙනෙහස දැන් නැහැ. නිතරම ඔබලා අන් අයගේ වැරදිම දකිනවා: අරයා මේ මේ වගේ. ජීවාත්ම අවධානයෙන් සිටි කල, ඔබ කිසිම කෙනෙකුගේ වැරැද්දක් දැක්කේ නැහැ. එකිනෙකා කෙරෙහි ඔබ තුළ මහත් වූ සෙනෙහසක් තිබුණා. ඒ තත්ත්වයම ඔබ තුළ දැනුත් ඇති විය යුතුයි. මෙහිදී ඔබලා එකිනෙකා අතර අඬ දබර ඇති විය හැකි ආකාරයේ බැල්මකින් එකිනෙකා දෙස බලනවා. මෙය අවසන් කරගත හැක්කේ කෙසේද ? පරම පියා පහදා දෙනවා : දරුවනි, ඔබලා සතෝප්‍රධාන්ව සිටියා. වන්දනීය දේවතාවරුන් ලෙසින් සිටියා. පසුව ක්‍රම ක්‍රමයෙන් පහළට එන අතර ඔබලා තමෝප්‍රධාන් වුණා. ඔබලා ඉතාමත් ප්‍රසන්නව සිටියා. ඒ ලෙසින්ම ඔබලා දැනුත් ප්‍රසන්න විය යුතුයි. සතුට දානය කරන්නන් ලෙසින් සිටි ඔබලා දැන් දුක දානය කරන්නන් වෙලා. රාවන්ගේ රාජ්‍යයේ දී ඔබලා රාග අසිපත පරිහරණයට ගත් නිසා එකිනෙකාට දුක් දෙන්න පටත් ගත්තා. ඔබලා සතෝප්‍රධාන්ව සිටි කළ රාග අසිපත පරිහරණය කළේ නැහැ. පස් පව් ඔබගේ සතුරායි. මෙය පාපකාරී ලෝකයක්; රාමාගේ රාජ්‍යය හා රාවන්ගේ රාජ්‍යය කියා අදහස් කරන්නේ කුමක්ද කියා ඔබලාට තේරෙනවා. අද හෙට, අද හෙට කිය කියා සිටිනා අතර ස්වර්ණමය යුගය, රිදී යුගය හා තඹ යුගය අවසන් වී ගියා. කලි යුගය පවා දැන් අවසන් වීමටයි යන්නේ. ඔබලා සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වෙලා. ඔබගේ ආධ්‍යාත්මික සතුට අතුරුදහන් වී ආයු කාලය පවා කෙටි වුණා. මම දැන් පැමිණ සිටිනවා, ඉතින් මම අනිවාර්යෙන්ම ඔබව නැවතත් වතාවක් සතෝප්‍රධාන් කරවන්නම්. අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! කියා කන්නලව් කළේ ඔබයි. පරම පියා පහදා දෙනවා : මම සෑම වසර 5000කට වතාවක්ම සංගම යුගයේ දී පැමිණෙනවා. දැන් තමන් ජීවාත්ම බව සලකා පරම පියාව සිහි කරන්න. වැඩි වැඩියෙන් මා සිහි කළ තරමට ඔබගේ දුර්ගුණ ද වැඩි වැඩියෙන් දුරු වී යාවි. ඔබ සතෝප්‍රධාන්ව සිටි කල කිසිම දුර්ගුණයක් තිබුණේ නැහැ. ඔබ තමන්ව හඳුන්වා ගත්තේ දේවතාවරුන් ලෙසින්. දැන් ඒ දුර්ගුණ නැති කර ගන්නේ කෙසේද ? නොසන්සුන්තාවයට පත් වන්නේ ජීවාත්මයයි. තමන් නොසන්සුන් වූයේ ඇයි කියා ඔබ පරික්ෂා කර බැලිය යුතුයි. තමන් සහෝදරයින් කියා සැලකු විට එකිනෙකා කෙරෙහි විශාල සෙනෙහසක් තිබුණා. ඒ පරම පියා දැන් පැමිණ සිටිනවා. ඔහු කියනවා : තමන් ජීවාත්ම, සහෝදරයින් බව සලකන්න. එකිනෙකාට සෙනෙහස දක්වන්න ශාරීරික අවධානයට පැමිණීමෙන් ඔබට පෙනෙන්නේ එකිනෙකාගේ දුර්ගුණමයි. පරම පියා කියනවා : උසස් තත්ත්වයක් දිනා ගැනීමට නම් තමන්ගේ තත්ත්වය නිර්මාණය කර ගන්න. පරම පියා එවන් උරුමයක් ලබා දෙමින් තමාව මුළුමනින්ම පිරෙව්ව බව ඔබට තේරෙනවා. පරම පියා දැන් පැමිණ සිටිනවා; ඉතින් ඇයි අපි ඔහුගේ උපදෙස් අනුගමනය කර මුළු උරුමයම නැවතත් වතාවක් දිනා නොගන්නේ ? අපි දේවතාවරුන් ලෙසින් සිටියා, උපත් 84ක් ගත්තා. ඔය ආදරණීය දරුවන් ඉතාමත් ස්ථාවරව සිටියා. ඔබලා අතර කිසිම රණ්ඩුවක් තිබුණේ නැහැ. ඔබ කාවවත් අපහාසයට ලක් කළේ තැහැ. දැන් කුමන හෝ දුර්වලතාවයක් තිබෙනා නිසා එය නැති කර ගත යුතුයි. අප සෑම කෙනෙක්ම සහෝදරයින්. ඔබ විසින් සිහි කළ යුත්තේ එකම එක පියාව පමණයි. සතෝප්‍රධාන් වීමේ සැලකිල්ල පමණයි ඔබට තිබිය යුත්තේ. අරයා මේ වගේ, මෙයා මේ වගේ දේවල් කළා: දැන් එවන් දේ සියල්ල අමතක කර දමන්න. පරම පියා කියනවා: එවැනි සියලුම දේ පැත්තකින් තබා තමා ජීවාත්මයක් බව සලකන්න. සතෝප්‍රධාන් වීමේ උත්සාහය දැන් දරන්න. ශාරීරික අවධානයට පත් වීමෙන් තමයි ඔබ අන් අයගේ වැරදි දකින්නේ. තමන් ජීවාත්මයක් බව සලකා පරම පියාව සිහි කරන්න. තමන් එකිනෙකා සහෝදරයින් ලෙස දැකීමෙන් ඔබට පෙනෙන්නේ ගුණධර්ම ම පමණයි. අන් අයටත් ගුණවත් වීමට උනන්දු කරවන්න. කවුරු හෝ කෙනෙක් කිසියම් වැරැද්දක් කළහොත් ඒ පුද්ගලයා තමෝප්‍රධාන් හෝ රජෝප්‍රධාන් නිසා තමයි එවන් හැසිරීම් රටාවක් එම පුද්ගලයාට ඇත්තේ යන්න අවබෝධ කර ගත යුතු කරුණක්. වැඩිම ගුණධර්ම ගණනක් ඇත්තේ පරම පියාටයි. එමනිසා, පරම පියාගෙන් සියලුම ගුණධර්ම උකහා ගෙන අන් සෑම දෙයක්ම අත්හැර දමන්න. දුර්ගුණ අතහැර දමා ගුණධර්ම උකහා ගන්න. පරම පියා ඔබව ඉතාමත් ගුණවත් කෙනෙක් බවට පත් කරවනවා. ඔහු කියනවා : ඔය දරුවනුත් මා සේම ගුණවත් විය යුතුයි. සතුට දානය කරන්නා පියායි. අපත් සතුට දානය කරන්නන් විය යුතුයි. ඔබ තුළ තිබිය යුතු එකම එක සැලකිල්ල සතෝප්‍රධාන් වීම පමණයි. වෙන කිසිම දෙයකට ඇහුම් කන් දෙන්න එපා, කිසිම කෙනෙක්ව අපහාසයට ලක් කරන්න එපා. සෑම කෙනෙක් තුළම කුමන හෝ ආකාරයක දුර්වලතාවයක් තිබෙනවා. තමන්ටම තේරුම් ගත නොහැකි ආකාරයේ දුර්වලතාවයන් තිබෙනවා. එවන් දුර්වලතාවයක් කෙනෙක් තුළ ඇති බව අන් අයට අවබෝධ වුණත් ඒ අය සිතා ගෙන සිටින්නේ තමන් ඉතාමත් හොඳ පුද්ගලයෙක් බවයි. කෙසේවෙතත්, කුමන හෝ තැනක දී ඒ පුද්ගලයාගේ කටින් වැරදි වචන මතු වෙනවා. සතෝප්‍රධාන් මට්ටමකදී එවන් දේවල් සිදු වන්නේ නැහැ. මෙහි ඔබ තුළ යම් යම් අඩුපාඩු තිබුණා වුණත් ඒ පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා ඔබ තමන් ඉතාමත් දක්ෂ අයෙක් ලෙස සිතාගෙන සිටිනවා. පරම පියා කියනවා : මම තමයි දක්ෂම දක්ෂ කෙනා. මා පැමිණ සිටින්නේ ඔබ සෑම කෙනෙක්වම දක්ෂ මිහිරිම අය බවට පත් කරවීමටයි. ඔබගේ සෑම දුර්වලතාවයක්ම අතහැර දමන්න. තමන්ගේම නාඩි බලා: මම කෙතරම් දුරට මගේ සුමිහිරි ආධ්‍යාත්මික පියාව ආදරයෙන් සිහි කරනවාදැයි කියා බලන්න. මේ කරුණු ඔබ කෙතරම් දුරට තේරුම් ගන්නවා ද, කෙතරම් දුරට අන් අයට පහදා දෙනවා ද ? ශාරීරික අවධානයට පත් වීමේ කිසිම යහපතක් නැහැ. පැහැදිලි කිරිමට ඇති ප්‍රධානම කරුණ නම් ලෝකය දැන් තමෝප්‍රධාන් බවයි. එය සතෝප්‍රධාන්ව තිබුණු කළ දේවතාවරුන්ගේ රාජ්‍යයක් ලෙසින් තිබුණා. ඔබ දැන් උපත් 84ක් ගෙන තමෝප්‍රධාන් වෙලා. දැන් ඔබ නැවතත් වතාවක් සතෝප්‍රධාන් විය යුතුයි. තමෝප්‍රධාන් වන්නේත් නැවතත් සතෝප්‍රධාන් වන්නේත් භාරතවාසීන්මයි. වෙන කිසිම කෙනෙක්ට සතෝප්‍රධාන් කියා කියන්න බැහැ. ස්වර්ණමය යුගයේ වෙන කිසිම ධර්මයක් නැහැ. පරම පියා කියනවා : තමෝප්‍රධාන් ඔබ අනේක වාර ගණනක් සතෝප්‍රධාන් වී තිබෙනා නිසා දැන් නැවතත් වතාවක් ඒ තත්ත්වයට පත් විය යුතුයි. ශ්‍රීමත් පිළිපැද මා සිහි කරන්න. ඔබ සැලකිල්ලක් දැක්විය යුතු එකම එක කාරණය මෙය පමණයි. ඔබලාගේ හිස් මත මහා විශාල බරක් පැටවී තිබෙනවා. පරම පියා දැන් ඔබව අවදි කරවා තිබෙනවා. දේවතාවරුන් ඉදිරියට යන භක්තිවන්තයින්: අපි පාපකාරි අයයි කියා කියන්නේ දේවතාවරුන් තුළ ඒ පාරිශුද්ධත්වයේ ආකර්ෂණය ඇති නිසායි. මෙන්න මේ නිසා තමයි මිනිස්සු ඔවුන් ඉදිරියට ගිහින් එසේ කියන්නේ. කෙසේවෙතත්, නැවත ගෙවල් දොරවල් බලා ගිය පසු එය අමතක වෙනවා. දේවතාවරුන් ඉදිරියට ගිය විට තමන් ගැන කලකිරීමක් ඇති වුණත් නැවත නිවෙස් බලා ගිය පසු ඒ කලකිරීම පහව යනවා. තමන්ව ඒ තත්ත්වයට පත් කෙරෙව්වේ කවුද යන්න ගැනවත් ඔවුන් සිතන්නේ නැහැ. පරම පියා දැන් කියනවා : දේවතාවරයෙක් වීමට අවශ්‍ය නම් ඔබ අනිවාර්යෙන්ම අධ්‍යයනයේ නිරත විය යුතුයි. ඔබ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. පරම පියා කියනවා : පළමුවෙන්ම, ඔබ තමන්ව සතෝප්‍රධාන් කර ගත යුතුයි. එමනිසා, නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඕපාදුප කතා කරන්න එපා. තමන් මේ තත්ත්වයට පත් විය යුතුයි යන එකම එක සැලකිල්ලේ පමණක් සිටින්න. පරම පියා කියනවා : ආදි සනාතන දේවි දේවතා ධර්මයට අයිතිව සිටි අය ඔබලායි. ඉන් පසුව ඔබලා ගියේ කොහේද ? මොහුගේ උපත් 84 කතාව ලියා තිබෙනවා. අපි දැන් මේ තත්ත්වයට පත් විය යුතුයි. අපි දිව්‍යමය ගුණධර්ම උකහා ගත යුතුයි. තමන් එකිනෙකා සහෝදරවරුන් බව සලකා පරම පියාව සිහි කරන්න. පරම පියාගෙන් ඔබ තමාගේ උරුමය දිනා ගත යුතුයි. මිනිස්සු දෙවියන්ගේ ගුණ ගයා ඔහුව අපහාසයටත් ලක්කර ඇති බව ඔබගේ සිහියේ තිබිය යුතුයි. ඇත්තටම කියනවා නම් කිසිම ගුණ ගැයීමක් නැහැ. අපහාසම පමණයි. එක් පැත්තකින් ගුණ ගායනා කර අනිත් පැත්තෙන් අපහාස කරනවා. මන්ද ඔවුන් ඔහු ගැන දන්නේ නැහැ. එක් පැත්තකින් ගුණ ගයා අනිත් පැත්තෙන් දෙවියන් සෑම තැනකම සිටිනවායි කියාත් කියනවා. දෙවියත් ගස් ගල් වලත් සිටිනවා කියා කීමෙන් ඔවුන් බොහෝ දුරට සත්‍යයෙන් ඈත් වෙලා. විනාශය සිදු වන මොහොතේ දී සත්‍යයෙන් ඈත් වුණු බුද්ධිය විනාශයට ගමන් කරනා අතර සත්‍යය කෙරෙහි බැඳී තිබෙනා බුද්ධිය ජයග්‍රහණය කරා යාවි. හැකි උපරිමයෙන් පරම පියාව සිහි කිරීමට උත්සාහ දරන්න. මීට පෙර ඔබ ඔහුව සිහි කළත් ඒ සිහි කිරීම බොහෝ දෙනෙක්ව සිහි කිරීමක් වන නිසා කිසිම පැහැදිලිතාවයක් නැහැ. පරම පියා දැන් කියන්නේ : පිරිසිදු සිහි කිරීමක සිටින්න. මා පමණක්ම සිහි කරන්න. ඔබ විසින් සිහි කරනා රූප ගණනාවක් භක්ති මාර්ගයේත් තිබෙනවා. ඔබ දැන් නැවත වතාවක් සතෝප්‍රධාන් විය යුතුයි. එහි භක්ති මාර්ගය නොමැති නිසා සිහි කිරිමකුත් අවශ්‍ය වන්නේ නැහැ. පරම පියා කියනවා : සතෝප්‍රධාන් විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සැලකිලිමත් වන්න. දැන් ඔබට ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද යන ඥානය තිබෙනවා. එය ඉතාමත් පහසුයි. අච්චා. ඔබෙන් කාට හෝ මෙය පැහැදිලි කළ නොහැකි නම් අවම තරමින් තමන් සතෝප්‍රධාන් තත්ත්වයෙන් තමෝප්‍රධාත් වී ඇති බවත් දැන් ඔබ අනිවාර්යෙන්ම නැවතත් සතෝප්‍රධාන් විය යුතු බවත් තේරෙනවා. කෙනෙක්ට කතා කරන්න බැරි නම් එය ඒ පුද්ගලයාගේ වාසනාව හෝ අවාසනාව කියා කිව හැකියි. පරම පියා ඔබට ඉතාමත් සරළ ක්‍රමයක් පෙන්වා තිබෙනවා. බැජ් එක පාවිච්චි කර පහදා දීම පහසුයි. මින් පෙන්නුම් කරන්නේ අසීමිත පියායි. අපගේ උරුමය අපට හිමි වන්නේ ඔහුගෙනුයි. පරම පියා අනිවාර්යෙන්ම දිව්‍යලෝකය නිර්මාණය කරාවි. ඔහු අනිවාර්යෙන්ම එය නිර්මාණය කරන්නේ මෙහියි. ශිව උපත යනු දිව්‍යලෝකයේ උපතයි. දිව්‍යලෝකයේ සිටින්නේ දේවතාවරුනුයි. ඉතින් ඔවුන් ඒ තත්ත්වයට පත් වූයේ කෙසේද ? ඔවුන් දේවතාවරුන් වුණේ ඉතාමත් සුබම සුබ වූ සංගම යුගයේ දී පැමිණ ඉගෙන ගැනීම නිසායි. ඔය දරුවන්ට දැන් සියල්ල අවබෝධ වන නිසා අන් අයටත් පහදා දිය යුතුයි. මෙය ඔබගේ පහසු ඥානය, පහසු යෝගාව හා පහසු උරුමයත් වෙනවා. කෙසේවෙතත්, පැන්ස කිහිපයක් වටිනා උරුමයක් පමණක් දිනා ගන්නා අයත් සිටිනා අතර කෝටි ප්‍රකෝටි ගණනින් උපයනා අයත් සිටිනවා. සියල්ල රඳා පවතින්නේ ඔබ කෙතරම් දුරට ඉගෙන ගන්නවා ද යන්න මතයි. ස්මරණ වන්දනාවේ නිරතව සිට සියල්ල අමතක කර දමන්න. අහවල් අහවල් කෙනා මේ වගේ වැනි දේ සමග කාලය අපතේ නොහරින්න. ගමනාන්තය ඉතාමත් ඉහළයි. සතෝප්‍රධාන් වීමේ ගමනට මායා බාධක ගෙන එනවා. මෙම ඥානය හැදෑරීමේ දී එතරම් බාධක එන්නේ නැහැ. බාබා කියනවා : තමාව පරික්ෂා කර කෙතරම් දුරක සෙනෙහසක් ඇත්දැයි කියා බලන්න. ඔබගේ සෙනෙහස පියාගේ ඇඟේ එල්ලෙන තරම් සෙනෙහසක් විය යුතුයි. ඔබට උගන්වන්නේ පරම පියායි; මොහුගේ ජීවාත්මය ඔබට උගන්වනවා නොවෙයි; ඔහුත් ඉගෙන ගන්නවා. බාබා, ඔබ මාව ඉතාමත් ඥානවන්ත කරවනවා. ඔබ ඉහළම ඉහළ වන අතර මෙම මානව ලෝකයේ මෙතරම් උසස් කෙනෙක් බවට මාව පත් කරවන්නේ ඔබයි. මේ ආකාරයෙන් ඔබ ඇතුලාන්තයෙත් බාබාගේ ගුණ ගායනා කළ යුතුයි. “බාබා, ඔබ මහා පුදුම දේ කරන්නේ.” පරම පියා කියනවා : දරුවනි, පැමිණ ඔබගේ රාජ්‍යයේ උරුමය නැවතත් වතාවක් දිනා ගන්න. නිරන්තරයෙන්ම සතුටින් මා පමණක් සිහි කරන්න. තමාගෙන්ම අහන්න: මම කෙතරම් දුරට බාබා සිහි කරනවාද ? සතුට තරම් පෝෂණයක් තවත් නැහැයි කියා කියනවා. පරම පියා මුණ ගැසීමේ සතුට තිබෙනවා. කෙසේවෙතත්, එම සතුට ඇතුලාන්තයෙන් රඳවා ගැනීමට ඇතැම් දරුවන් නොහැකි වී සිටිනවා. නැතිනම් ලොකු සතුටක් ඇති බව හෘද සාක්ෂියම පැවසිය යුතුයි. මෙම ඉගෙනීමෙන් අපි රජවරුන් වෙමු. අපි අසීමිත පියාගේ දරුවනුයි. උත්තරීතර බාබා අපට උගන්වනවා. බාබා ඉතාමත් කරුණාවන්තයි. මෙහි සිට ඔහු ඔය දරුවන්ට අළුත් කරුණු පහදා දෙන්නේ කෙසේද කියා ටිකක් බලන්න. වෙන කිසිම කෙනෙකුගේ බුද්ධියේ නොමැති අළුත් කරුණු රාශියක් දැන් ඔබලාගේ බුද්ධියේ තිබෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ජීවාත්ම අවධාන මට්ටම හොඳින් ග්‍රහණය කරගෙන සතුට දානය කරන්නන් වන්න. කිසිම කෙනෙකුගේ වැරදි දකින්න එපා. සෙනෙහසින් ජීවත් වන්න, මත ගැටුම් ඇති කර ගන්න එපා.

2. අන් සියල්ල අත්හැර දමා එකම එක පරම පියාගේ ගුණදම් පමණක් උකහා ගන්න. සතෝප්‍රධාන් වීමේ සැලකිල්ල පමණක් තබා ගන්න. කිසිම කෙනෙකු ගැන අපහාස කතා වලට ඇහුම්කන් දෙන්නත් එපා, අපහාස කරන්නත් එපා. තමන් ගැන ඕනෑවට වඩා දක්ෂ යැයි සිතන්න එපා.

වරදානය:
කාලයට අනුව පරීක්ෂා කර බලා තමාව වෙනස් කර ගනිමින් නිරන්තරයෙන් උසස්, ජයග්‍රාහී ජීවාත්මයක් බවට ඔබ පත් වේවා.

සැබෑ රාජ යෝගීන් කිසිදු අයහපත් තත්ත්වයකින් කිසිදා කලබල වන්නේ නැත. ඒ නිසා කාලයට අනුව මේ ආකාරයෙන් තමන්ව සෝදිසි කර බැලීමෙන් පසු පරීක්ෂා කර තමාව වෙනස් කර ගන්න. ඔබ ඔබව සරළව පරීක්ෂා කර බැලුවහොත්, කලකිරීමට පත් වී, “මට මෙම දුර්වලතාවය ඇත, එය නිවැරදි වේ දැයි මම නොදනිමි” යැයි සිතනු ඇත. ඒ නිසා හැම දේම කාලයට අනුව කරන අය නිරතුරුවම ජය ලබන නිසා ඔබ ඔබවම පරීක්ෂා කර බලන්න. එබැවින් නිරන්තරයෙන්ම දැඩි උත්සාහයෙන් අංක එකට පත්වීමට ජයග්‍රහණය කරනා උසස් ජීවාත්මයක් බවට පත්වන්න.

පාඨය:
ඔබේ මනස සහ බුද්ධිය පාලනය කිරීමට පුරුදු වූ විට ඔබට තත්පරයක් තුළදී අශාරීරික වීමට හැකි වනු ඇත.