26.11.23    Avyakt Bapdada      Sinhala Murli     31.12.96    Om Shanti    Madhuban


නව වසරේ අත්දැකීම් වල ප්‍රතිරුවක් වී, අන් අයවත් අත්දැකීම් ඇත්තන් කරන්න.
(අසීමිත ශාන්තිවාන් ශාලාව විවෘත කිරීමේදි)


අද දින, බාප්දාදා, එක බැල්මකින් ඔබව එපිටට ගෙන යන ඒකායන කෙනා, සෙනෙහසේ ගැලී සිටින, ඔය ගැඹුරු සෙනෙහස ඇති සහයෝගී දරුවන්ව දකිනවා. සෑම දරුවෙකුගේ නළලේ සහ හදවතේ, සෙනෙහසේ සහතිකය දිස් වෙනවා. (ශාලාවේ පිටුපස අසුන්ගෙන සිටින සහෝදරයන් සහ සහෝදරියන්ට කතා කරමින්). පිටුපස අසුන් ගෙන සිටින අයව බාප්දාදාට නොපෙනෙනවා කියා ඔබ සිතනවා ඇති, නමුත් බාප්දාදාට කෙතරම් අසහාය රූපවාහිනියක් තිබෙන්නේද යත්, දුර ඇති ජවනිකා ඉතා සමීප ලෙස ඔහුගේ දෑස් වලට පෙනෙයි. ඔබ කොහේ හරි කොනක අසුන් ගෙන සිටිනවා විය හැක, නමුත් ඔබ සිටින්නේ පියා ඉදිරියේ. දැන් ඔබ අඩු තරමින් බොහෝ සැප පහසුවෙන් අසුන් ගෙන සිටිනවා. අද ඔබට බොහෝ උනන්දුව, උද්යෝගය සහ ප්‍රීතිය තිබෙනවා, ඒ නිසා ඔබ අත්පුඩි ගැසීමෙන් එය පෙන්වනවා, නමුත් ඔබ‌ගේ හදවත් වල ඇති සතුට බාප්දාදා දන්නවා. සහයෝගය ඔප්පු කර පෙන්වීමෙන් සෑම දරුවෙක් තුළම බොහෝ සතුට ඇති බව බාප්දාදා දකිනවා, අත් දාහක් පෙන්වා තිබෙන්නේ මේ නිසයි. අත්, සහයෝගයේ සංකේතයකි. මේ දේශයේ හෝ විදෙස් රටක වුවද, සෑම තැකනම සිටින ඔය සෑම දරුවෙක්ම, ඔහුගේ මනසින් , සිරුරින් හෝ ධනයෙන්, අනිවාර්යෙන් සහයෝගය ලබා දී ඇති බව බාප්දාදා දන්නවා, එමෙන්ම එම සහයෝගයේ සහතිකයක් ලෙස ඔබ අද සැප පහසුවෙන් අසුන්ගෙන ශාලාවේ සෑම දෙයක්ම දකිමින් එයට සවන් දෙමින් සිටියි. දැන් එතරම් අත්පුඩි නොගසන්න! සෑම කෙනෙකුගේම මනසේ අත්පොළසන් බාප්දාදා වෙතට ළඟා වී තිබේ. අද විශේෂත්ව දෙකක් තිබේ. එකක් වන්නේ ඔබ සියලු දෙනාම උනන්දුවෙන් සහ උද්යෝගයෙන් නිර්මාණය කළ මෙම ශාන්තිවාන්ය. අද ඔය සියලුම දරුවන් බාප්දාදා සමග එය විවෘත කරනවා. දෙවනුව, නාටකයට අනුව, නව වසරත් ආරම්භ වීමට ඉතා ආසන්නයි. ඒ නිසා බාප්දාදා, ඔහුගේ දරුවන් වන ඔය සියලු දෙනාව, ඔහුගේ අත් දෙකින් වැලඳගෙන මෙම උත්සව දෙක වෙනුවෙන් ඔබට සුබ පතනවා. භෞතික ස්වරූපයෙන් ඔබ සියලු දෙනාම පියා සමග වර්තමානයේ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් නටන සේම, නව වසරේ, අව්‍යක්ත ස්වරූපයෙන් ඔබ සහකරුවන් බව සලකන්න - මෙය අත්විඳින්න. මෙම සහකාරිත්වයේ අත්දැකීම ඉතාම ආදරණීයයි. දරුවන් නොමැතිව සිටීමට බාප්දාදා අකමැතියි. (මයික්‍රෆෝනය ක්‍රියා කිරීම නතර විය). පළමුවන අත්දැකීම මෙයයි. එබැවින් මෙය නාටකයේ ක්‍රීඩාවක් බව සලකන්න. එය යම් වැරදි දෙයක් බව සලකන්න එපා. සෑම දෙයක්ම හොඳ වන අතර සෑම දෙයක්ම හොඳ වෙයි. සෑම කෙනෙක්ම හොඳ බව පවසන අතර ඔබද හොඳ වී, නාටකයේ සෑම ජවනිකාවක්ම හොඳ වෙයි, මන්ද, ඔබ හොඳ බවට පත් වීමේ තරංග, ඕනෑම ජවනිකාවක්, එය ඍණාත්මක දෙයක් වුණත් ධනාත්මක බවට වෙනස් කරයි. ඔය දරුවන්ට එතරම් බලය තිබෙනවා; එය භාවිතා කරන්න, එපමණයි. ඔබට බොහෝ හොඳ බලයන් තිබේ, එමෙන්ම නිවැරදි වෙලාවට ඒවා භාවිතා කිරීමෙන්, ඔබට ඉතා හොඳ අත්දැකීම් ඇති වෙයි.

මෙය අළුත් ශාලාවක් වන අතර එය නව වසරයි, එසේ නම් ඔබ එහිදී කරන්නේ මොනවාද? ඔබ නව වසරේ යම් නවතාවයක් ගෙන එනවා නේද? මේ වසර, අත්දැකීම් වල ප්‍රතිරූපයක් වී, අන් අයට අත්දැකීම් ලබා දීමේ වසරකි. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? ඔබ මේ සියල්ල අත්විඳිය යුතුයි. ඔබ දැනටමත් වචන භාවිතා කරයි, නමුත් සෑම දරුවෙක්ම දැන් සෑම බලයක් සහ සෑම ගුණධර්මයක්ම අත්විඳිය යුතුයි. ඔබ අත්දැකීම් වල ප්‍රතිරූ නේද? ඔබ අත්දැකීම් වල ප්‍රතිරූද, නැත්නම් වචන වල ප්‍රතිරූද? ඔබට අත්දැකීම් තිබෙනවා, නමුත් මේ වසරේ තමාට යම් කාරණාවන්හි අත්දැකීම් තිබෙන නමුත් වෙනත් කාරණාවක අත්දැකීම් නොමැති බව, කිසිම දරුවෙක් නොකිව යුතුයි. එවන් කිසිම දරුවෙක් නොසිටිය යුතුයි, මන්ද, මෙම දැනුම යනු වටහාගැනීම පමණක් නොවෙයි, නමුත් එය අත්විඳීමත්ය, මන්ද, ඔබම එය අත්විඳ නොමැති නම්, ඔබට වෙනත් කෙනෙකුට එම අත්දැකීම ලබා දිය නොහැක. ඔබට අත්දැකීම නොමැති නම්, ඔබ ළඟා වී ඇත්තේ වචන වල අවස්ථාවට පමණයි නම්, එවිට ඔබ සේවය කිරීමට උපකරණයක් වී ඇති ජීවාත්මද මෙසේ කියයි, එය ඉතා හොඳයි, එය ඉතා හොඳයි, එය විශ්මයකි. ඔවුන් පැමිණෙන්නේ එතරම් දුරකට පමණයි. කෙසේවෙතත්, කෝටි ගණනකින් අත්දැකීම් ඇති ජීවාත්ම සිටින්නේ ඉතා සුළු දෙනෙක් පමණයි, එමෙන්ම හෙළිදරව්වේ පදනම, අත්දැකීම්ය. අත්දැකීම් ඇති ජීවාත්ම කිසිම විටෙක වාතාවරණයේ බලපෑමට හසු වන්නේ හෝ යම් ඇසුරකින් පැහැ ගැන්වෙන්නේ නැත. වචන වල බලපෑම යටතේ සිටින අය ඇතැම් විට නර්ථනය කරන අතර වෙනත් වෙලාවන්හි ඔවුන්ට බොහෝ සිතිවිලි ඇති වීම ඇරඹෙයි. අත්දැකීම් යනු ශක්තිමත් අත්තිවාරමක් තිබීමය. අත්දැකීම අසම්පූර්ණ නම්, එවිට අත්තිවාරමද අර්ධ වශයෙන් පමණක් ශක්තිමත් වෙයි. මෙහි ලක්ෂණය වන්නේ ඔවුන් සුළු දේ වලට චංචල වීමය. ඔවුන් අචල වන්නේ නැහැ, මන්ද, පැමිණෙන සිදුවීම් හෝ පැමිණෙන ප්‍රශ්න ඊට වඩා ශක්තිමත් වෙයි. මේ නිසයි අත්තිවාරම අසම්පූර්ණ අය කොර ගසමින් ගමන් කරන්නේ. ඔවුන් වැටෙන්නේ නැත, නමුත් කොර ගසමින් ගමන් කරයි. එබැවින් මේ වසරේ ප්‍රථමයෙන්ම අත්දැකීම් වල ප්‍රතිරුවක් වීමේ ඔබගේ අත්තිවාරම ශක්තිමත් කරගන්න. ගමන් කරන අතර සමහර දරුවන් අද බොහෝ වේගවත් විය හැක, නමුත් හෙට දිනයේ ඔවුන්ගේ මුහුණු ටිකක් වෙනස් වී තිබෙයි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ අත්දැකීම් වල අත්තිවාරම ශක්තිමත් නොවීමය. අත්දැකීම් ඇති ජීවාත්ම, විශාලතම ගැටළුව පවා කිසි දෙයක් සිදු නොවූවා සේ විසඳයි. එය පැමිණ එහි කොටස රඟ පෑවා, නමුත් ආදරණීය සහ නොබැඳි නරඹන්නන් ලෙස හිඳිමින් ඔවුන් එය ක්‍රීඩාවක් බව සලකනු ඇත. එය විශාල සිදුවීමක් නොවෙයි, නමුත් ක්‍රීඩාවක්ය. එය විනෝදාත්මක දෙයක් පමණයි. ඔබ විනෝදයට කැමති නේද? අවස්ථාව කුමක් වුණත්, අත්තිවාරම සුළුවෙන් හෝ දුර්වල නම් ඔබට එය විශාල දෙයකි. එය 75% හෝ 90% ශක්තිමත් වුණත් අත්තිවාරම සෙලවීමට හැකියාවක් තිබේ. ඔය දරුවන් වෙහෙස වනවා හෝ සටන් කරනවා දැකීමට බාප්දාදා ප්‍රිය කරන්නේ නැත. ඔබ වෙහෙස වී වැඩ කරන්නේ කුමටද? ඔබ සටන් කරන්නේ කුමටද? යෝගී ජීවාත්ම වනවා වෙනුවට ඔබ ක්ෂත්‍රියයන් වන අයද? එසේ නැත්නම් ඔබ යෝගී ජීවාත්මද? සටන් කිරීමේ සංස්කාර ඔබව චන්ද්‍ර වංශයට ගෙන යයි, නමුත් යෝගී ජීවාත්මයකගේ සංස්කාර ඔබව සූර්ය වංශයට ගෙන යයි. එසේ නම්, ඔබට වීමට අවශ්‍ය කුමක්ද: සූර්ය වංශයද? චන්ද්‍ර වංශයද? ඔබට සූර්ය වංශයේ කොටසක් වීමට අවශ්‍ය නම්, සියලු සටන් කිරීම් අවසන් කරන්න. මේ වසරේ ඔබගේ සටන් අවසන්ද? මෙයට ඔබ ඔව් කීවේ නැහැ! ඔබ ඔව් කීවේ එය අවසන්ද කියා බාබා ඔබගෙන් විමසූ විට පමණයි. එය නොදකින අතර වුවද බාප්දාදා දරුවන්ගේ ප්‍රතිඵලය දකියි. සෑම මොහොතකම ප්‍රතිඵලය දෑස් ඉදිරියේ නොමැත, නමුත් එය බාබාගේ හදවතේ මතු වෙයි. ඔබ මෙහි, භෞතික ලෝකයේ සුළුවෙන් හෝ බොහෝ සේ චංචල වන විට, යම් කෙනෙක් චංචල වන බව බාප්දාදා සූක්ෂම ලෝකයේ අත්දකියි. එබැවින් ඔබට ශාන්තිවාන් සහ මෙම ශාලාවේ සතුට තිබෙන සේම, බාප්දාදා සහ මෙම විශාල සමූහය ඉදිරියේ, ඔබ මේ වසරේ සියලු කැලඹිලි අභිබවා යා යුතු බව සහ ඔබ අචල සහ නොසැලී සිටිය යුතු බව පොරොන්දු වන්න: ඔබ එය වන බව නොවෙයි, නමුත් ඔබ එය විය යුතු බව. එය මෙසේද? ඔබ මේ ගැන සිතන බව හෝ කරන බව නොවෙයි, ඔබ මෙය විය යුතු බව හැගෙන අය, අත් ඔසවන්න! ඔබගේ අත් ඉහළට ඔසවන්න! අච්චා, සුබ පැතැම්! ඕනෑම හේතුවක් නිසා අත් එසවූ නැති අය, මෙය බවට පත්නොවීම, කිසිසේත් විය නොහැකි දෙයක්. කෙසේවෙතත්, ඔබ ඕනෑම හේතුවක් නිසා ඔබගේ අත් එසවූයේ නැත්නම්, දැන් ඔබගේ අත ඔසවන්න! එය එසවීමට ඔබ ලැජ්ජා වෙනවාද? එසේ නම්, ඒ ගැන සිතා බලන්න: ඔබගේ අත එසවීමට ඔබ වඩාත් ලැජ්ජා වන්නේ නම්, ඔබ එය සිදු කරන වෙලාවේද (චංචල වන විට) ඔබ ලැජ්ජා විය යුතුයි. මෙය ලැජ්ජා විය යුතු දෙයක් කියා ඔබ සිතන විට, ඔබ එය නොකරන අතර, ඒ නිසා ඔබ ශක්තිමත් වෙයි. සමහර දරුවන් ඔවුන්ගේ හදවතට සමීප කතා බස් වලදි බාප්දාදාගෙන් සහ උපකරණ දරුවන්ගෙන් නැවත නැවතත් එකම ප්‍රශ්නය අසයි: බාබා අපට විනාශයේ දිනය කියන්න. ඔබ සියලු දෙනාටම මෙම ප්‍රශ්නය තිබෙනවාද? අච්චා, බාබා ඔබට දිනය ලබා දී, වසර 2000 දී නිමාව සිදු වන බව පවසන්නේ නම්, එවිට ඔබ කරන්නේ කුමක්ද? බාබා ඔබට දිනයක් ලබා දෙනවා නොවෙයි, ඒ නිසා වැරදි වැටහීමක් තිබිය යුතු නැහැ. බාබා ඔබගෙන් විමසන්නේ, සෑම දෙයක්ම 2000දි අවසන් වන බව ඔහු ඔබට පවසන්නේ නම්, එවිට ඔබ කරන්නේ කුමක්ද? ඔබ නොසැලකිලිමත් වනවාද, තීව්‍ර උත්සාහ දරන්නන් වෙනවාද? ඔබ තීව්‍ර උත්සාහ දරන්නන් වෙයි. කෙසේවෙතත්, මේ වසරේ කැලඹිලි ඇති වෙයි කියා බාප්දාදා ඔබට පවසන්නේ නම්, එවිට ඔබ කරන්නේ කුමක්ද? ඔබ ඊටත් වැඩි තීව්‍ර උත්සාහ දරන්නන් වෙයිද? එසේ නැත්නම්, දැන් එක වසරක් ගෙවි ගොසින්, දැන් තව මාසයක් ගෙවී ගොසින් කියා ඔබ ටිකක් දිනය ගැන අවධානයට පත් වෙයිද? ඉතිං, ඔබ දින අවධානයට පත් වෙයිද, ජීව අවධානයට පත් වෙයිද? ඔබ කරන්නේ කුමක්ද? ඔබ නොසැලකිලිමත් වන්නේ නැහැ නේද? එසේ නැත්නම් ඔබට තව වසර හතරක් ඉතිරිව තිබෙන බවත් ඔබ අවසන් වසරේ උත්සාහ දරන බව සිතනවාද? ඔබ මේ අන්දමින් නොසැලකිලිමත් වන්නේ නැහැ නේද? එසේ නැත්නම් ඔබ ටිකක් නොසැලකිලිමත් වෙනවාද? ඔබ නොසැලකිලිමත් නොවුනත් මායා ඔබට සවන් දෙමින් සිටින අතර නොසැලකිල්ල සහ අලසකම විටින් විට රිංගන ආකාරයට ඇය ඔබ ඉදිරියට නොයෙක් දේ ගෙන එයි. එබැවින් ඔබ එවිට කරන්නේ කුමක්ද? මේ නිසයි බාප්දාදා ඔබට දිනය ගැන අවධානයෙන් නොසිට සෑම මොහොතක්ම ඔබගේ අවසන් මොහොත බව සිතා, සෑම මොහොතකදීම නිති සූදානමින් සිටීමට කියා කලින් පැවසුවේ. හොඳයි, එය 2000ට පසුව සිදු වෙයි කියා බාප්දාදා ඇතැම් විට කියයි; ඔබ එය පිළිගනු ඇත. එය එසේ නොවන නමුත් ඔබ එය පිළිගත්තා, එබැවින් ඔබ 2000 වසර වන විට අංග සම්පූර්ණ වෙයි. එසේ නම්, ඔබ අන් අයව පරිපූර්ණ කරන්නේ කවදාද? ස්වර්ණමය යුගයේ? ඔබ ස්වර්ණමය යුගයෙදි අන් අයව පරිපූර්ණත්වයට පත් කරනවාද? අන් අයව එය බවට පත් කරන ටික දෙනෙක් සහ එය බවට පත් වන බොහෝ දෙනෙක් සිටියි. ඔබට ඔවුන් වෙනුවෙන් කාලය අවශ්‍යද නැද්ද? ස්වර්ණමය යුගයේ අවම ජනගහණය වන 900,000 ඔබ නිර්මාණය කළාද කියා බාප්දාදා ඔබගෙන් පසුගිය වාරයේද විමසුවා. ඔබ තවමත් ඔවුන්ව නිර්මාණය කර නොමැති නම්, විනාශය සිදු වන්නේ කෙසේද? ඔබ පාලනය කරන්නේ කාවද? ඔබ පැරණි ජීවාත්මයන්ව පාලනය කරනවාද? අළුත් ජීවාත්ම තවමත් සූදානම් නැහැ, එබැවින් විනාශය සිදු වන්නේ නම් එවිට ඔබ කරන්නේ කුමක්ද? මේ නිසයි බාප්දාදා මෙම කාර්යය, ජ්‍යෝතිෂ්‍යයන් වන ඔහුගේ දරුවන්ට තබා ඇත්තේ. ජ්‍යෝතිෂ්‍යයන් කරන කාර්ය පියා කරන්නේ කුමටද? ඔවුන්ද පියාගේ දරුවන්ය. ඔවුන් තම ආදායම උපයාගත්තදෙන්. මෙය ඔවුන්ගේ ආදායම් මාර්ගයයි. එය දැනගැනීමට යම් කෙනෙකුට විශාල හදිස්සියක් ඇත්නම්, ඒ දරුවන්ගෙන් අහන්න! පියා ඔබට පවසන්නේ නැහැ.

ඔබ මේ වසරේ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? අත්දැකීම්වල ප්‍රතිරූ වන්න! බොහෝ දරුවන් මිහිරි හදවතට සමීප කතාබස් වල යෙදී මෙසේ පවසයි, බාබා අප කුමක් කරන්නද? දැනටමත් බොහෝ දේ නිම කර තිබේ, එබැවින් ඔබට ඉතිරිය කළ හැක. අපි පාලනය කරන්නම්, නමුත් ඔබ අපව පරිපූර්ණ කළ යුතුයි. මෙය හරි යයිද? පියා අනිවාර්යෙන්ම ඔබගේ උදව්කරු වන අතර අවසානය දක්වාම එසේ වෙයි, මෙය සහතිකයක්, නමුත් ඔහු කාගේ උදව්කරුද වෙන්නේ? පියා, එඩිතරකමේ පළමු පියවර ගන්නා අයට සම්පූර්ණයෙන් උදව් කරයි. ඉන්පසුව ඔබට උදව්වේ දෙවන පියවර ගැනීමට පියා සම්පූර්ණයෙන් උපකාර කරයි. ඔබ එඩිතරකමේ පියවරක් නොගෙන, නිකම්ම බාබාට මෙසේ කියන්නේ නම්, බාබා, ඔබ මෙය කරන්න, ඔබ මේක කරන්න, එවිට බාප්දාදා ද මෙසේ පවසයි: මම බලන්නම්, නමුත් අඩු තරමින් පළමු පියවරවත් ගන්න! ඔබ එක් පියවරක්වත් නොගන්නේ නම් කිසිම දෙයක් සිදු වන්නේ කෙසේද? මේ නිසයි, මේ වසරේ ඔබගේ එඩිතරකමේ පියවර ශක්තිමත්ද කියා සෑම මොහොතකම පරීක්ෂා කර බලන්න. පියාගෙන් ඉල්ලීමට පෙර පරීක්ෂා කර බලන්න. ඔබ එඩිතර පියවරක් ගන්න විට, බාබා උපකාර නොකිරීම, කිසිසේත් සිදු විය නොහැක්කක්. සරළව එඩිතර පියවරක් ගන්න. මෙවන් කියමනක් තිබෙන්නේ මේ නිසයි: දරුවාට එඩිතරකම තිබෙන විට, පියා උපකාර කරයි. මෙය වැරදි ආකාරයට ගෙන, පියා උදව් කළ පසුව දරුවන්ට එඩිතරකම ඇති වන බව නොසිතන්න. පියා දිගටම සිනහමුසුව මෙසේ පවසයි, අපූරුයි! මගේ දරුවනේ! අපූරුයි! මගේ සදාදරණීය දරුවනේ! ඔබ විශ්වාසයෙන් එක එඩිතර පියවරක් ගන්නේ නම්, පියා සෑම මොහොතකම ඔය සෑම දරුවෙකුටම කෝටි ගුණයක උපකාර ලබා දීමට සූදානම්.

ඔබ නව වසරේ තව කිරීමට යන්නේ මොනවාද? දැන් වුණත් සේවයේ එක කාරණාවක් තවමත් ඉතිරිව තිබෙනවා. එය කුමක්ද? ගීතාවේ දෙවියන් ඔප්පු කළ යුතුයි. කෙසේවෙතත්, බාප්දාදා පසුගිය වසරේ සෑම කලාපයකටම පැවසුවේ, ඔබ සමග සම්බන්ධ වන බොහෝ ආදරණීය සහ සහයෝගී ජීවාත්ම ඔබ නිර්මාණය කර ඇති අතර නොකඩවාම නිර්මාණය කරනු ඇත, නමුත් ඔබ දැන් උරුමකරුවන් නිර්මාණය කළ යුතුයි. උරුමකරුවන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණයි මතු වන්නේ. බාප්දාදා දිනපතාම සෑම මධ්‍යස්ථානයකම ප්‍රතිඵලය දකිනවා. සෑම දිශාවකම ප්‍රතිඵලය වන්නේ, උරුමකරුවන් ඉතා සුළු පිරිසක් සිටින අතර ආදරණීය සහ සහයෝගී ජීවාත්ම බොහෝ සිටීමයි. කෙසේවෙතත්, ඔබ ඔවුන්ව ඉදිරියට ගමන් කරවිය යුතුයි. අළුත් අය ගෙනැවිත් මෙම අවසන් අයට වේගයෙන් ඉදිරියට යාමට මඟපාදා, ඒ අනුව පියා ඉදිරියට උරුමකරු-ගුණයේ ජීවාත්ම ගෙන එන්න. උරුමකරු ජීවාත්ම මතු වන්නේ ඉතා අඩුවෙනි - ඔබට ගණන් කළ හැකි සංඛ්‍යාවක් පමණයි. ඔබට 2000 වන විට පරිවර්ථනය සිදු වීමට අවශ්‍ය බැවින්, එමෙන්ම සියලු දෙනාටම අවශ්‍ය එයයි, ඔබ උරුමකරුවන් කී දෙනෙක් නිර්මාණය කර තිබෙනවාද? ස්වර්ණමය යුගයේ මිනිසුන් රාජකීය විය යුතුයි, එමෙන්ම එවන් අය සිටින්නේ ඉතා අඩුවෙන්. ඔබ නිර්මාණය කර තිබෙන්නේ පුරවැසියන්වයි. ඔබ බොහෝ විවිධ සම්මන්ත්‍රණ පවත්වා ඇති අතර බොහෝ බාහිර වැඩසටහන් වලට ආරාධනා ලැබ ඇත. මේ වසරේ, බලපෑමේ ප්‍රතිඵලය - පුරවැසියන් - හොඳයි, නමුත් බාප්දාදාට අවශ්‍ය වන්නේ, කුමක්ද? දැන් උරුමක්කාර-ගුණාත්මක බවින් යුත් ජීවාත්ම නිර්මාණය කරන්න. පෙර ගමන් ගිය අය (advance party) හෙළිදරව් වන්නේ ඔබ උරුමකරුවන්ව මෙහි රැගෙන ආ විට පමණයි. එවිට පියාගේ නම හෙළිදරව් වීමේ බෙර හඬ සෑම දිශාවකම වැයෙයි. මේ දක්වා ප්‍රතිඵලයේ ඔබ ඉතා හොඳ කාර්යයන් සිදු කරනවා. මෙය කළ හැක්කේ ඔබට පමණක් කියා, සමහරු පවසයි. ඔවුන් මෙය පවා කියයි, නමුත් දැන් ඔවුන්ගේ අවධානය පරමාත්ම ජීවය වෙතට යොමු කිරීමට අවශ්‍යයි. පරමාත්ම දෙවියන්ගේ කාර්යය සිදු වෙන බව තවමත් අදෘෂ්‍යමානයි. ඔබගේ බලය සහ සෙනෙහස නිසා, ඔය දරුවන් පියාව හෙළිදරව් කිරීමට ඉතා හොඳ උත්සාහ දරනවා. කෙසේවෙතත්, ඔවුන් තවමත් ආදරණීය සහ සහයෝගීව පමණක් සිටින තාක්, පියාගේ හෙළිදරව්ව සිදු විය නොහැක. ඔබ මේ දක්වා පැමිණ ඇති ස්ථානය හොඳයි, නමුත් එය දැන් කාලයයි, පියා පැමිණ සිටිනවා යන හඬ සියලු දෙනාගේ දෙතොල් වලින් මතු විය යුතුයි. එවිට විනාශයත් සිදු වෙයි. පරමාත්ම පියා පවසන්නේ: විනාශය සිදු වන්නේ කවදාද කියා, පියා ගෙන් අහන්න එපා. ඔබ සූදානම් වන්නේ කවදාද කියා, පියා ඔබගෙන් විමසනවා. තිරය විවෘත කළ යුතුද? තිරය විවෘත වීම සඳහා ඔබ සූදානම්ද? එසේ නැත්නම් තිරය විවෘත වන නමුත් ඔබ තවමත් සූදානම් වෙමින් සිටියිද? අඩු තරමින් ස්ථිර ශක්තිමත් මැණික් 16,108 හෙළිදරව් කරන්න! අඩු තරමින් මාලාව නිර්මාණය කරන්න! මාලාව සූදානම්ද කියා පියාද බලනවා. මෙතරම් ඉඩක් තිබේ. බාබා වැඩිය ඉල්ලන්නේ නැහැ. ඔහු 90,000 ඉල්ලන්නේ නැහැ, නමුත් ඉල්ලා සිටින්නේ ඔබට 16,108 මාලාවක් නිර්මාණය කරන ලෙසයි. එබැවින් මේ වසරේ එය නිර්මාණය කරන්න. බාධක වලින් නිදහස් 16,108 අචල මාලාව සූදානම්ද කියා අපි බලමු. එසේ නැත්නම් ඔබ තවමත් කොර ගසමින් යමින් ඔබගේ ක්‍රීඩා ටිකක් පෙන්වනවාද? ඔය පාණ්ඩවයන් සිතන්නේ කුමක්ද? ඔබ සූදානම්ද? කතා කරන්න! දාදීන් පවසන්නේ, ඔව් කියා. ඔව්, 16,108 මාලාව සූදානම් කියා ශක්තීන් කියනවාද? අච්චා, 18 වන දා වන විට මාලාව සූදානම් කරන්න. බාබා ඔබට අත් ඔසවන්න කියන්නේ නම්, සමූහයෙන් භාගයක්ම ඔවුන් 16,108 කොටසක් බව කියයි. ඔවුන් මෙම මාලාවේ සිටින බව සිතන අය, ඔබ 16,108ටේ ද, නැත්නම් 108 ටේ සිටින්නේද කියා, දාදීන්ට කුඩා ලිපියක් ලබා දෙන්න. දාදීන් එවිට මෙහි නිරවද්‍යතාවය තහවුරු කරයි. ඔබගේ නම කොල කැබැල්ලක ලියා දුන් නිසා, එය සෑහෙයි කියා නොසිතන්න. ප්‍රථමයෙන් ඔවුන් එය සමත් කරයි, ඉන්පසුව බාප්දාදා එය සමත් කරයි, ඉන්පසුව ඔබට අවසන් ප්‍රතිඵලය ලබා දෙයි. අච්චා.

උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කරන සෑම දිශාවකම සිටින අයට, අරපිරිමැස්මේ අවතරණ වී, ඔවුන්ගේ කාලය, සිතිවිලි, වචන සහ ක්‍රියා තම ඉතිරුම් ගිණුම් වල රැස් කර ගන්නා අයට, භෞතික සහ සූක්ෂම ස්වරූප වලින් නව වසර සමරන අයට, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට, සෑම දිශාවකම දරුවන් - ශාරීරික ස්වරූපයෙන් නැත්නම් සූක්ෂම ස්වරූපයෙන් - මධුබන් වල සිටින බවත්, සූක්ෂම ස්වරූපයෙන් සමරන බවත් බාප්දාදා දකිනවා, එබැවින් ශාන්තිවාන් ස්ථාපනය කිරීම වෙනුවෙන් සහ නව වසර වෙනුවෙන් බාබා සියලු දෙනාටම සුබ පතන අතර සියලුම තෘප්තිමත් මැණික් වලට සෙනෙහස, ස්මරණය සහ නමස්කාර ලබා දෙනවා.

වරදානය:
ඔබගේ ආදිතම සහ සදාතනික ස්වරූපයේ අවධානය තිබීමෙන්, ඔබ නිදහස් වී, බන්දන වලින් නිදහස් වී, සියලු බන්දන අවසන් කරත්වා.

සෑම ජීවාත්මයකගේම ආදි සහ සදාතනික ස්වරූපය නිදහසය - පාලකයෙක් වීම. ජීවාත්ම යැපෙන්නන් වන්නේ පසුවයි. එබැවින් ඔබගේ ආදි සහ සදාතනික ස්වරූපය ඔබගේ අවධානයේ තබා ගැනීමෙන් බන්දන වලින් නිදහස් වන්න. ඔබගේ මනසේ වත් බන්දනයක් නොතිබිය යුතුයි. ඔබගේ මනස තුළ කිසියම් බන්දනයක් ඇත්නම්, එම බන්දනය, වෙනත් බන්දන කැඳවයි. බන්දන වලින් නිදහස් වීම යනු, රජ කෙනෙක්, තමන්ගේ පාලකයෙක්, ස්ව-අධිරාජයෙක් වීමය. බන්දන වලින් නිදහස් සහ විමුක්තිය ඇති ජීවාත්ම සම්මාන ඇතිව සමත් වෙයි, එනම්, ඔවුන් ප්‍රථම කොට්ඨාශයට යයි.

පාඨය:
මාස්ටර් දුක ඉවත් කරන්නෙක් වීමත් දුක, ආධ්‍යාත්මික සතුට බවට පරිවර්ථනය කිරීමත් යනු, සැබෑ සේවය කිරීමය.