27.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට සත්‍යය පවසන්නේ, එකම පියා පමණයි. එබැවින් මනුෂ්‍යයින්ට නොව, පියාට පමණක් සවන් දෙන්න. පියාට පමණක් සවන් දෙන අය, දැනුමැති ජීවයන්ය.

ප්‍රශ්නය:
ඔබගේ දේවතා වංශයට අයත් ජීවයන්ගේ ප්‍රධාන සළකුණු මොනවාද?

පිළිතුර:
මෙම දැනුම ඉතා හොඳ මෙන්ම මධුර බව ඔවුන්ට දැනෙයි. ඔවුන් මනුෂ්‍යයින්ගේ උපදෙස් පිළිපැදීම නවතා, දෙවියන්ගේ උපදෙස් පිළිපැදීමට පටන් ගනී. ශ්‍රීමත් පිළිපැදීමෙන් පමණයි ඔවුන් ශ්‍රේෂ්ඨ වන්නේ කියා ඔවුන්ගේ බුද්ධියට ඇතුලු වෙයි. මෙය දැන් ඉතාමත්ම සුබදායක සංගම යුගයයි. වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින් විය යුත්තේ අපයි.

ඕම් ශාන්ති.
සුමිහිරි ආධ්‍යාත්මික දරුවනි, ඔබ ජීවාත්ම අවධානයට පත් වේවා! ශරීරය පිළිබඳ අවධානය අතහැර, තමන් ජීවාත්ම බව සළකන්න. උත්තරීතර ජීවාත්මය, එක් අයෙක් පමණක් බවත් ඔබ දන්නවා. බ්‍රහ්මාට උත්තරීතර ජීවාත්මය යැයි කිව නොහැක. ඔබ බ්‍රහ්මාගේ උපත් 84හි කතා පුවත දන්නවා. මෙය ඔහුගේ අවසන් උපතයි. සම්පූර්ණ උපත් 84ම ගත් කෙනා තුළට මා ඇතුලු විය යුතුයි. ඔහුගේ උපත් 84 ගැන ඔහු නොදන්නා බවත්, ඔබට ඒ ගැන කිව හැක්කේ මා හට පමණක් බවත්, මම ඔහුට කියනවා. පළමුව ඒ දේවතාවන් වූයේ ඔබයි. ඔබ දැන් එසේ වීමට උත්සාහ දැරිය යුතුයි. පළමු උපතේ සිටම පුනරුත්පත්ති ගැනීම ආරම්භ වෙයි. පියා දැන් පවසන්නේ: මා ඔබට කුමක් කීවත් එය නිවැරදියි. ඔබ අසා ඇති අන් සෑම දෙයක්ම වැරදියි. මට සත්‍යය යැයි, සත්‍යය කතා කරන කෙනා යැයි කියයි. මා පැමිණෙන්නේ සත්‍ය ධර්මය ස්ථාපනය කිරීමටයි. මෙවැනි කියමනක් තිබේ: සත්‍යය ඇති තැන, ජීවාත්මය නර්තනයක යෙදෙයි, එනම්, ඔබ සත්‍යවාදී නම්, ඔබට සතුටින් නර්තනය කළ හැක. මෙය ඥානයේ නර්තනයයි. ඒ මිනිසුන් පෙන්වන්නේ ක්‍රිෂ්ණා බටනලාව වාදනය කරමින් නර්තනයක යෙදුණු බවයි. ඔහු සත්‍ය දේශයේ අධිපතියාය, නමුත් ඔහුව එය බවට පත් කළේ කවුරුන්ද? සත්‍ය දේශය ස්ථාපනය කළේ කවුද? එය සත්‍ය දේශය වන අතර මෙය, අසත්‍යයේ දේශයයි. ලක‍්ෂ්මි සහ නාරායන ගේ රාජධානිය පැවති කල, භාරතය, සත්‍යයේ දේශය විය. එකල වෙනත් දේශ නොතිබිණි. දිව්‍යලෝකය තිබෙන්නේ කොහෙද කියා මිනිසුන් නොදනී. කෙනෙක් මිය ගිය විට, ඔහු දිව්‍යලෝකයේ වැසියෙක් වී ඇති බව මිනිසුන් කියති. ඔබ උඩු යටිකුරු වී, එල්ලී සිටින බව පියා විස්තර කරයි. ඔබ මායා මත යැපෙන්නෙක් බවට පත් වී සිටියි. පියා දැන් පැමිණ ඔබව නිවැරදි පැත්තට හරවනවා. බැතිමතුන්ට, ඔවුන්ගේ භක්තියේ ඵලය ලබා දෙන්නේ පරමාත්ම දෙවියන් බව ඔබ දන්නවා. මෙකල, සෑම කෙනෙක්ම භක්තියේ නියැලී සිටිනවා. සියලුම ආගමික ග්‍රන්ථ ආදිය අයත් වන්නේ භක්ති මාර්ගයටයි. මෙම ගීත ආදිය ගායනා කිරීමද, භක්ති මාර්ගයයි. ඥාන මාර්ගයේ භක්ති ගීත නොමැත. ඔබ ශබ්දයෙන් ඔබ්බට යා යුතු බව ඔබ දන්නවා, ඔබ ආපසු නිවසට යා යුතුයි. පියා පවසන්නේ: සුමිහිරි දරුවනි, ඔබ කිසි විටෙක ’අහෝ දෙවියනි !‘යැයි නොකිව යුතුයි. එයද භක්ති මාර්ගයයි. කලි යුගයේ අවසානය තෙක් භක්ති මාර්ගය පැවතෙයි. මෙය දැන් පරමාත්ම පියා පැමිණ, ඥානය තුළින් ඔබව ශ්‍රේෂ්ඨ ජීවයන් බවට පත් කරවන, සුබදායක සංගම යුගයයි. ඔබ පිළිපැදිය යුත්තේ එක් අයගේ දේවමය උපදෙස් පමණයි. දෙවියන් ඔබට කුමක් කීවත් එය නිවැරදියි. බාබා මනුෂ්‍ය ශරීරයක් තුළට ඇතුලු වී ඔබට කියන්නේ: ඔබ බොහෝ සේ නුවණ ඇති අයව සිට, දැන් බොහෝ සේ නුවණ නොමැති අය බවට පත්ව සිටියි. ඔබ ස්වර්ණමය යුගයේ සිටි අතර, දැන් කලි යුගයේ සිටියි. මෙහි අයත් අය, මෙම දැනුම බොහෝ රසවිඳිනු ඇත. මෙහි අයත් අයට එහි මිහිර දැනෙයි. මෙම බාබාද පෙර කල, ගීතාව කියවූවා. ඔහුට බාබාව හමු වූ පසු ඒ සියලු දේ කිරිම අත්හැර දැමුවා. ඔහුට බොහෝ ගුරුන්ද සිටියා. පියා පැවසුවේ: ඒ සියලු දෙනාම භක්ති මාර්ගයේ ගුරුන්ය. ඥාන මාර්ගයේ ගුරු වන්නේ, මා පමණයි. කෙනෙක් මගෙන් දැනුමට සවන් දුන් විට පමණයි, ඔහුට ග්‍යානී කෙනෙක් යැයි කියන්නේ. අන් සියලුම දෙනා බැතිමතුන්ය. ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රීමත් පමණයි, මන්ද, ඉතිරි සියල්ලම මනුෂ්‍ය අණය. මේවා පරමාත්ම දෙවියන්ගේ උපදෙස්ය. ඒවා රාවණ්ගේ අණ වන අතර, මේවා දෙවියන්ගේ උපදෙස්ය. දෙවියන් කතා කරයි: ඔබ විශාල ලෙසින් භාග්‍යවන්තයි. මේ නිසයි මෙකල ඔබගේ උපත, දියමන්තියක් සේ වන්නේ. මිනිසුන් මුද්දක් මැද, දියමන්තියක් සවි කරයි. මාලාවක, ඉහළින් ටැසලයක් ඇති අතර, ඉන්පසුව ද්විත්ව පබුලු තිබේ. ඔවුන්ගේ නම, ආදම්-බීබීය. ඔබ කියන්නේ: මමා සහ බාබාය. ආදී දේව් සහ ආදි දේවී අයත් වන්නේ සංගම යුගයටයි. එම රාජධානිය ස්ථාපනය කරනු ලබන සංගම යුගය, වඩාත්ම උසස්ය. ඔය දරුවන් දිව්‍යමය අංශක 16ක් පරිපූර්ණ විය යුත්තේ මෙහිදිය. පියා පැමිණෙන්නේ පැරණි ලෝකය අලුත් කිරීමටයි. ඔය දරුවන් හැර, මේ ලෝකයේ කාල වකවානුව වෙන කිසිවෙක් නොදනී. ඔවුන් කියන්නේ එය වසර සිය දහස් ගණනක් කියාය. ඒ සෑම එකක්ම අසත්‍ය කරුණුය. මෙසේ කියැවේ: මායා අසත්‍ය වන අතර ශරීරයද අසත්‍යයි. නව ලොව සත්‍යයි. මෙය අසත්‍යයේ දේශයයි. අසත්‍යයේ දේශය, සත්‍යයේ දේශය බවට පත් කිරීමේ වගකීම, පියාගේ පමණයි. පියා පවසන්නේ: ඔබ භක්ති මාර්ගයේ ඉගෙන ගෙන ඇති සෑම දෙයක්ම අමතක කර දමන්න. ඔබගේ අසීමිත නිරාශාව මෙයයි. ඒ මිනිසුන් නිකම්ම මේ ලෝකයේ ඔවුන්ගේ නිවෙස් සහ පවුල් අත්හැර, ඉන්පසුව වනාන්තර තුළට යයි. මෙයද නාටකයේ නියම වී තිබේ. ඔවුන් එසේ කරන්නේ මන්ද කියන ප්‍රශ්නයක් නොමැත, මෙය පෙර නියම වූ නාටකයකි. එවන් දේ සිදුවන බව, පියා ඔබට විස්තර කර දෙනවා. අන් සියලු ආගම් වල අයට දිව්‍යලෝකයට යෑමට නොහැක. බෞද්ධ පෙළපතේ සහ ක්‍රිස්තියානි පෙළපතේ අය, දිව්‍යලෝකයට නොයයි, ඔවුන් පැමිණෙන්නේ පසුවයි. පළමුවෙන්ම ඇත්තේ දේවතා පෙළපතයි, ඉන්පසුව ඒබ්‍රහම්තුමා, බුදුන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ගේම ආගම් ස්ථාපනය කිරීමට පැමිණෙනවා. බාබා ඉතා සුබ වූ සංගම යුගයේ පැමිණ දේවතා පෙළපත ස්ථාපනය කරනවා. ජීවාත්මයක් පළමුවෙන්ම ගර්භාෂයක් තුළට ඇතුලු වෙයි. කුඩා දරුවෙක් ඉන්පසුව වැඩෙයි. ශිව බාබා ලොකු හෝ කුඩා වන්නේවත්, ගර්භාෂයක් තුළින් උපතක් ලබන්නේවත් නැත. බුදුන්ගේ ජීවාත්මය, තව කෙනෙක් තුළට ඇතුලු විය, බෞද්ධාගම ඊට පෙර නොපැවතිණි. ඔහු නිසැකයෙන්ම ඒ වන විටත් මෙහි සිටින කෙනෙකු තුළට ඇතුලු වන අතර, ඔහු අනිවාර්යෙන්ම ගර්භාෂයක් තුළට ඇතුලු වෙයි. බෞද්ධාගම ස්ථාපනය කළේ එක් අයෙක් පමණක් වන අතර, ඉන්පසුව බොහෝ දෙනෙක් දිගින් දිගටම ඔහු පසුපස පහළට පැමිණි අතර, ඉන්පසුව ව්‍යාප්තිය සිදු විය. ඔවුන් සිය දහස් ගණනක් සිටින විට, ඔවුන්ගේ රාජධානිය එවිට ආරම්භ වනවා. බෞද්ධයින්ගේ රාජධානියද තිබිණි. පියා විස්තර කරනවා: ඔවුන් සෑම කෙනෙක්ම පැමිණෙන්නේ පසුවයි. ඔවුන්ට ගුරුන් යැයි නොකියයි. ඇත්තේ එක් ගුරු කෙනෙක් පමණයි. ඒ මිනිසුන් ඔවුන්ගේම ආගම් ස්ථාපනය කර, ඉන්පසුව දිගින් දිගටම පහළට එයි. පියා සෑම කෙනෙක්ම ඉහළට යැවූ අතර, ඔවුන් ඉන්පසුව මුක්ති දේශයේ සිට එක් එක්කෙනා බැගින් පහළට පැමිණෙනවා. ඔබ පහළට පැමිණෙන්නේ ජීවන මුක්තියේ සිටයි. ඒ අන්දමින්ම ඒ මිනිසුන්ද පහළට පැමිණෙන්නේ මුක්තියේ සිටයි. ඔවුන්ව වර්ණනා කළ යුත්තේ ඇයි? ඒ වන විට ඥානය අතුරුදහන් වී තිබේ. පියා ඔබට මුක්තිය සහ ජීවන මුක්තිය සඳහා ඥානය ලබා දෙයි. ඔහු ගර්භාෂයකට ඇතුලු නොවෙයි, ඔහු මෙම කෙනා තුළ අසුන් ගෙන සිටියි. ඔහුට වෙන නමක් නොමැත. අනෙක් සියලුම ජීව, ඔවුන්ගේ ශරීරවල නම් ගනී. එම කෙනා පරමාත්මයයි. ඔහු ඥාන සාගරයයි. ආදි සනාතන දෙවිදේවතා ධර්මයේ ජීවාත්මයන්ට, පළමුවෙන්ම මෙම ඥානය ලැබෙයි, මන්ද ඔවුන්ගේ භක්තියේ ඵලය ලැබන්නේ ඔවුන්ටය. භක්තිය ආරම්භ කරන්නේ ඔබයි. එහි ඵලය, මම ලබා දෙන්නේ ඔබට පමණයි. අන් සියල්ලම අතුරු කතාය. ඔවුන් උපත් 84ක් වත් ගන්නේ නැත. පියා පවසන්නේ: දරුවනි, ජීවාත්ම අවධානයට පත් වන්න! එහිදීද ඔබ එක් ශරීරයක් අතහැර තව එකක් ගන්නා බව විස්තර කර ඇත. එහි දුක පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. එහි දුර්ගුණ පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. දුර්ගුණ පවතින්නේ රාවණ්ගේ රාජධානියේය. එය දුර්ගුණ නොමැති ලෝකයයි. ඔබ ඔවුන්ට විස්තර කරන මුත්, ඔවුන් ඔබව විශ්වාස කරන්නේ නැත. පෙර චක්‍රයට අනුව, ඔබව විශ්වාස කරන අයට තත්ත්වයක් හිමි වන අතර, ඔබව විශ්වාස නොකරන අයට තත්ත්වයක් හිමි නොවෙයි. ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම පිවිතුරු වන අතර, සාමයෙන් සහ සතුටින් ජීවත් වෙති. උපත් 21කට ඔවුන්ගේ සියලුම ආශාවන් ඉටු වනවා. ස්වර්ණමය යුගයේ ආශාවන් නොමැත. එහි ඔබට ආහාර මෙන්ම සෑම දෙයක්ම බොහෝ සෙයින් ලැබෙයි. මෙම බොම්බාය මුලදී තිබුණේ නැත. දේවතාවන් ලවණ සහිත පොළවේ වාසය නොකරයි. දේවතාවන් වාසය කළේ මියුරු ගංගාවන් තිබුණු තැන්වලයි. මනුෂ්‍යයින් ඉතා සුලු ප්‍රමාණයක් සිටි අතර, ඒ සෑම කෙනෙකුටම විශාල ඉඩම් ප්‍රමාණයක් තිබිණි. සුදාමා හාල් මිටක් දී, එහි ඵලය ලෙස මාලිගාවක් ලබා ගන්නා අන්දම ඔවුන් පෙන්වා තිබේ. මිනිසුන් දෙවියන්ගේ නාමයෙන් දන් දී පිංකම් කරයි, නමුත් ඔහු සිඟන්නෙක්ද? පරමාත්ම දෙවියන් පිරිනමන්නාය! ඔවුන්ගේ මතු උපතේදී දෙවියන් ඔවුන්ට බොහෝ දේ ලබා දෙයි කියා ඔවුන් විශ්වාස කරනවා. ඔබ අත මිටවල් දෙකක් දී, නව ලොවේදී විශාල වශයෙන් ලබා ගනී. මෙම ඉගැන්වීම් සෑම කෙනෙකුටම ලබා ගැනීමට හැකි වන සේ, ඔබ මුදල් වියදම් කර, මධ්‍යස්ථාන ආදිය විවෘත කරයි. ඔබ, ඔබගේම ධනය වියදම් කරන බැවින් රාජධානියක් ලැබෙන්නේ ඔබටයි. පියා පවසන්නේ: මමම මගේ හැඳින්වීම ඔබට ලබා දෙනවා. කිසි කෙනෙක් මගේ හැඳින්වීම නොදන්නා අතර, මා වෙන කිසිවෙකුගේ ශරීරයක් තුළට ඇතුලු වන්නේද නැත. අපවිත්‍ර ලෝකය පරිවර්ථනය කිරීමට ඇති විට, මා එක් වරක් පමණක් පැමිණෙන්නෙමි. පාරිශුද්ධකරුවා මමයි. මගේ චරිත කොටස ඇත්තේ සංගම යුගයේදීය, එබැවින් මම පැමිණෙන්නේ මගේ නිවැරදි කාලයේදීය. ශිව බාබා මෙම කෙනා තුළට ඇතුලු වන්නේ කවදාද කියා ඔබට කිව නොහැක. ක්‍රිෂ්ණා ගේ පැමිණීමට ඔවුන් දිනයක්, වෙලාවක්, මිනිත්තුවක් ආදිය දී තිබේ. මෙම කෙනා පැමිණෙන්නේ හරියටම කුමන මිනිත්තුවේදීද කියා ඔබට කිව නොහැක. මෙම බ්‍රහ්මා වුවද එය දැන සිටියේ නැත. ඔහු ඥානය කතා කළ විට පමණයි, ඔහු ඒ බව දැනගත්තේ. එම ආකර්ෂණය තිබේ. මෙම කෙනා මත මළ බැඳී තිබිණි. උත්තරීතර පියා, පරමාත්මය මෙම කෙනා තුළට ඇතුලු වුණු විට, ඔබ ආකර්ෂණය වී, දිව ආවේය. ඔබ වෙන කිසිම දෙයක් ගැන සැළකුවේ නැත. පියා පවසන්නේ, මා සම්පූර්ණයෙන්ම පාරිශුද්ධයි. ඔය ජීවාත්ම මළකඩ වලින් වැසී තිබේ, ඉතිං එය ඉවත් කරගන්නේ කෙසේද? නාටකයේ, සෑම ජීවාත්මයකටම තමන්ගේම චරිත කොටස් ලැබී තිබේ. මේවා බොහෝ ගැඹුරු කරුණුය. ජීවාත්මයක් ඉතාමත්ම කුඩාය. දිව්‍යමය දර්ශනයකින් තොරව, කිසිවෙකුට එය නොපෙනෙයි. පියා පැමිණ ඔබට ඥානයේ තෙවැනි ඇස ලබා දෙයි. පියා උගන්වන්නේ ඔය ජීවයන්ට පමණක් බව ඔබ දන්නවා. භක්ති මාර්ගයේ ඔවුන්ට ඇති දැනුම, පිටි ගෝනියක ඇති ලුණු බිඳක් මෙනි. නිදසුනක් වශයෙන් ’දෙවියන් කතා කරයි‘ නිවැරදිය, නමුත් කතා කරන්නේ ක්‍රිෂ්ණා යැයි කීමෙන්, එය වැරදි වෙයි. ’මන්මනභව්‘ යන වචනය හොඳයි, නමුත් ඔවුන් එහි තේරුම නොදනි. ’නිරතුරුවම මා පමණක් සිහි කරන්න‘ යන වචන නිවැරදියි. මෙය ගීතාවේ කාල වකවානුවයි. පරමාත්ම දෙවියන් මෙම රථයට ඇතුලු වන්නේ මෙම කාලයේදී පමණයි. ඔවුන් ඉන්පසුව ක්‍රිෂ්ණා එහි තුළ අසුන් ගෙන සිටිනා, අශ්ව රථයක් පෙන්වා තිබේ. දෙවියන්ගේ මෙම රථය සහ අශ්ව රථයක් අතර විශාල වෙනසක් තිබේ. ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. මෙය අසීමිත පියාගේ නිවහනයි. පරමාත්ම පියා ඔය සැම ජීවාත්මයකටම, දරුවෙකුටම, උපත් 21කට නිරෝගිකම, ධනය සහ සතුට ලබා දෙයි. මෙය සදාතනික, අවිනාශී, පෙර නියම වූ නාටකයද වෙයි. එය ආරම්භ වූයේ කවදාද කියා කිව නොහැක. චක්‍රය අඛණ්ඩව බ්‍රමණය වෙයි. මෙම සංගම යුගය ගැන කිසිවෙක් නොදනි. මෙම නාටකය වසර 5000ක් පමණක් බව පියා ඔබට කියයි. චක්‍රයෙන් භාගයක් සූර්ය සහ චන්ද්‍ර වංශික පෙළපත්ද, ඉන්පසුව ඊලඟ භාගයේදි, එනම් වසර 2500ක්, අන් සියලුම ආගම් ද තිබේ. ස්වර්ණමය යුගයේ තිබෙන්නේ දුර්ගුණ වලින් තොර ලෝකය බව ඔබ දන්නවා. ඔබ දැන් යෝගා බලයෙන් ලෝක රාජධානිය හිමි කරගන්නවා. කවුරු හෝ කෙනෙක් ඔවුන්ව සිතිවිලි වලින් පොලඹන බවත්, විනාශය සඳහා ඒ සෑම දෙයක්ම ඔවුන් දිගටම නිෂ්පාදනය කරන්නේ ඒ නිසා බවත්, ක්‍රිස්තියානුවන්ට ද වැටහෙනවා. ඔවුන් කුමන අන්දමේ බෝම්බ නිපදවා ඇත්ද කියතොත්, එක් ලෝකයක් නොව, එවන් ලෝක දහයක් වුවද විනාශ කළ හැකි බව ඔවුන් කියනවා. පියා පවසන්නේ: මා පැමිණ ඇත්තේ දිව්‍යලෝකය ස්ථාපනය කිරීමටයි, නමුත් ඔවුන් විනාශයයේ ක්‍රියාවලිය සිදුකරයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ මෙතෙක් කාලයක්, භක්ති මාර්ගයේදී ඉගෙන ගෙන ඇති හෝ අසා ඇති සෑම දෙයක්ම අමතක කර දමා අසීමිත නිරාශාවක් ඇති කර ගන්න. එක් පියාට පමණක් සවන් දෙන්න. ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගන්න.

2. පියා සම්පූර්ණයෙන්ම පිවිතුරු මෙන්ම, ඔහු මත මළ බැඳී නොමැති අන්දමින්, ඔබද පිවිතුරු විය යුතුයි. නාටකයේ සෑම නලුවෙකුටම නිවැරදි චරිත කොටසක් තිබේ. මෙම ගැඹුරු රහස තේරුම් ගෙන දිගටම ඉදිරියට ගමන් කරන්න.

වරදානය:
පරමාත්ම පියාණන් හා වරම් දානය කරන්නා සමග ද්විත්ව සම්බන්ධතාවයක් තබා ගැනීම තුළින් ද්විත්ව ලැබීම් සාක්ෂාත් කර ගැනීම තුළින් ඔබ නිරන්තරයෙන්ම බලවත් ජීවාත්මයක් වේවා.

සියලු බලතල පරමාත්ම පියාගෙන් ඔබට උරුම වන අතර ඔබේ ආශිර්වාදය ආශිර්වාද කරන්නාගෙන් ලැබේ. පරමාත්ම පියා හා ආශිර්වාද කරන්නා සමඟ ඇති මෙම ද්විත්ව සම්බන්ධය සමඟ, ඔබ සියලුම දරුවන් මෙම උසස් සාක්ෂාත් කර ගැනීම උපතින්ම ලබා ගනී. ඔබේ උපතේදීම, පරමාත්ම පියා ඔබ සෑම කෙනෙකුවම ඔහුගේ දරුවා සහ සියලු බලතල වලට මාස්ටර් බවට පත් කරයි. ඒ සමඟම, ඔබ උපන් මොහොතේම, ආශීර්වාද ප්‍රදානය කරන්නා ලෙස, ඔහු ඔබව සර්වබලධාරි අධිකාරියක් බවට පත් කර “ඔබට සියලු බල ලැබේවා” යන ආශිර්වාදය ලබා දෙයි. ඔහුගෙන් මෙම ද්විත්ව අයිතිය ලැබීමෙන්, ඔබ නිරන්තරයෙන් බලවත් වේ.

පාඨය:
ඔබේ ශරීරයෙන් නොබැඳිව වෙන්වීම, පැරණි ගති ස්වභාවයෙන් සහ සංස්කාරයන්ගෙන් නොබැඳි වීම යනු අශාරීරික වීමයි.

බාප්දාදාගේ හදවත පාලනය කළ, ඇගේ ජීවිතයෙන් සහ ක්‍රියාකාරකම් වලින් ගුණධර්ම පරිත්‍යාග කළ, සෑම විටම අශාරීරික ස්ථිතියේ රැදී සිටි, භාරකරුවෙක් විලසින් යග්යාව ආරක්ෂා කළ, එමෙන්ම අන් අයවත් භාරකරුවන් බවට පත් කළ, අපගේ බොහෝ සේ ආදාරණීය දාදි ජන්කිජීගේ සංවත්සරය අදයි. 2020 මාර්තු මස 27 වන දින දාදිජී සූක්ෂම දේශයේ නිවැසියෙක් වූ අතර අපගේ දෙසවනේ නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන ඇගේ වටිනා ඉගැන්වීම් කිහිපයක් පහත දක්වා තිබේ.

1. තමන්ට ආශිර්වාද ලබා දීම සදහා සියුම් අහංකාරකම හදුනාගෙන එය විගසින් අවසන් කරන්න.

2. කාලය සහ සිතිවිලි අපතේ නොයන සේ ඔබගේ මනෝ ස්ථිතිය නොසැලෙන, අචල එකක් කර ගන්න.

3. ලෝකයේ දුක් වේදනා ඉවත් කිරීමට අහිංසක මෙන්ම මිහිරි වී, මවක් මෙන් රැකවල් ලබා දෙන්න.

4. වැඩිපුර සිතීමෙන්, කතා කිරීමෙන් සහ කණස්සලු වීමෙන් ඔබගේ ශක්තිය වැය වෙයි, එබැවින් නිහඩව සිට ශක්තිය රැස් කරගන්න.

5. අන් අය ගැන සිතීම සහ නොරිස්සුම් දැක්මක් තිබීම අවසන් කර, තමන් සහ පරමාත්ම දෙවියන් ගැන සිතන්න.

6. භාග්‍යවන්තව සහ ආනන්දනීයව රැදී සිටීමට අඛණ්ඩව බාබාගෙන් ආශිර්වාද ලබා ගන්න.

7. කිසිවෙකුගේ වැරදි ඔබගේ හදවත තුළ තබා නොගන්න. ඔබගේ හදවත පිරිසිදුව තබා ගන්න, එවිට ඔබට විවේකයෙන් සහ සුවෙන් සිටීමට හැකි වෙයි.

8. තපස්වි කෙනෙක් වීමට, අත්හළ කෙනෙක් වන්න. කිසිම ආශාවක් හෝ ආකර්ෂණයක් නොතිබිය යුතුයි.

9. ඔබ‌ගේ ස්ථිතිය උසස් කර ගැනීම සදහා, ස්මරණයේ සිටීමේ අදෘෂ්‍යමාන පුහුණුව නොකඩවා පවත්වා ගන්න. සාමාන්‍ය දේවල් ගැන කතා කිරීම හෝ ඒවාට සවන් දීමේ පුරුද්ද ඇති කර නොගන්න.

10. ඔබගේ සතෝගුණී ද්‍රිෂ්ඨියෙන් සහ ආකල්පයෙන් සහ ඔබගේ සතෝගුණී අන්තර් සම්බන්ධතා තුළින්, ඔබගේ අංගසම්පූර්ණත්වය සමීපයට ගෙන එන්න.

11. අභ්‍යන්තරගත වන්න, එවිට බල අටම, ඔබගේ මිතුරන් ලෙසින් ඔබගේ සහකරුවන් වී ඔබට සහයෝගය ලබා දෙයි.