27.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, තමන් කෙරෙහි අනුකම්පාවෙන්, පියා ඔබට ලබා දෙන ශ්‍රීමත් අනුගමනය කරන්න. පියාගේ ශ්‍රීමත් වන්නේ දරුවනි, කාලය අපතේ නොහරින්න! නිවැරදි ක්‍රියා සිදුකරන්න!

ප්‍රශ්නය:
භාග්‍යවන්ත දරුවන්ට තිබෙන ප්‍රධානතම ධාරණාව කුමක්ද?

පිළිතුර:
භාග්‍යවන්ත දරුවන්, උදේ පාන්දරින් අවදි වී, බොහෝ සෙනෙහසින් යුතුව පියාව සිහි කරනවා. ඔවුන් බාබා සමග මිහිරි කතා බහක යෙදෙනවා. ඔවුන් තමන් කෙරෙහි කිසිම විටෙක අනුකම්පා විරහිත වන්නේ නැත. ඔවුන් ගෞරව සම්මාන සහිතව සමත් වීමට සහ රාජධානියක් හිමි කරගැනීමට තරම් වටිනා කෙනෙක් බවට තමන්ව පත් කර ගැනීමට, උත්සාහ දරයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් අසුන් ගෙන සිටින්නේ පියා ඉදිරියේය. ඔහු ඔබගේ අසීමිත පියා බවත් ඔහු ඔබට අසීමිත සතුට සඳහා ශ්‍රීමත් ලබා දෙන බවත් ඔබට වැටහෙයි. ඔහු සානුකම්පිත කෙනා මෙන්ම විමුක්තිය ලබාදෙන්නා කියාද, ඔහු ගැන ගායනා කෙරෙයි. මිනිසුන් ඔහු ගැන බොහෝ ප්‍රශංසා ගීත ගයයි. පියා පවසන්නේ එය ප්‍රශංසාව පමණක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔහුගේ දරුවන්ට උපදෙස් දීම, පියෙකුගේ යුතුකමයි. අසීමිත පියාද උපදෙස් ලබා දෙයි. පියා, උසස්ම උසස් කෙනාය. එබැවින් ඔහු දෙන උපදෙස්ද නිසැකයෙන්ම උසස්ම උසස් වනු ඇත. උපදෙස් ලැබෙන්නේ ජීවාත්මයන්ටයි. හොඳ සහ නරක ක්‍රියා සිදු කරන්නේ ජීවාත්මයි. මෙකල, ලෝකයේ සියලු දෙනාට රාවනගෙන් උපදෙස් ලැබෙයි. ඔය දරුවන් දැන් රාමා, දෙවියන්ගෙන් උපදෙස් ලබනවා. රාවනගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබ අනුකම්පා විරහිත වී, වැරදි ක්‍රියා සිදුකළා. පියා උපදෙස් ලබා දෙයි හොඳ, නිවැරදි ක්‍රියා සිදුකරන්න. හොඳම ක්‍රියාව වන්නේ තමන්ට දයාව පෑමය. ඔබ සතෝප්‍රධාන්ව සිටි බවත් ඔබට රාවන ගෙන් උපදෙස් ලැබුණු විට, ඔබ තමෝප්‍රධාන් වූ බවත්, ඔය ජීවාත්ම දන්නවා. පියා දැන් මෙම උපදෙස් ලබා දෙනවා පළමුව, පියාගේ සිහිපත් කිරීමේ සිටින්න! දෙවනුව තම තමන්ට සානුකම්පිත වන්න! පියා ඔබට අනුකම්පා නොකරයි. ඔහු කරන්නේ ඔබ කළ යුතු දේ ගැන, ඔබට ශ්‍රීමත් ලබා දීම පමණයි. තම තමන් කෙරෙහි අනුකම්පා ඇති කර ගන්න! තමන් ජීවාත්මයක් බව සලකා, පාරිශුද්ධකරු වන පියාව සිහිපත් කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි! ඔබට පිවිතුරු විය හැකි අන්දම ගැන පියා ඔබට අවවාද දෙයි. පියා, අපවිත්‍ර අයව පිවිතුරු කරයි. ඔහු ඔබට ශ්‍රීමත් ලබා දෙයි. ඔබ ඔහුගේ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ නම්, ඔබ තමන් කෙරෙහි අනුකම්පා විරහිත වනවා. පියා මෙම ශ්‍රීමත් ලබා දෙයි දරුවනි, ඔබගේ කාලය අපතේ නොහරින්න! ඔබ ජීවාත්මයක්, යන පාඩම ස්ථීර කරගන්න. ඔබගේ ජීවිකාව වෙනුවෙන් ඔබගේ ව්‍යාපාරික කටයුතු දිගටම කරගෙන යන්න. කෙසේවෙතත්, ඔබ මේ සඳහා කාලය සහ ක්‍රමයක් සොයා ගත යුතුයි. ඔබගේ වැෙඩහි යෙදී සිටින විට, ආදරවන්තයින් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන ආකාරයට, ඔබගේ බුද්ධිය පියා මත යොමු කළ යුතුයි. දෙදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳී සිටියි. මෙහි එසේ නොවෙයි. ඔබ භක්ති මාර්ගයේද ඔහුව සිහි කළා. ඇතැම් අය විමසන්නේ අප ඔහුව සිහි කරන්නේ කෙසේද? ජීවාත්මය සහ උත්තරීතර ජීවාත්මය අප සිහි කළ යුත්තේ කුමන ස්වරූපයෙන්ද, මන්ද, භක්ති මාර්ගයේදී, උත්තරීතර ජීවය, නමකට සහ රූපයකට එපිටින් සිටින බව සිහි කර තිබෙන බැවින්. කෙසේවෙතත්, එය එසේ නොවෙයි. ජීවාත්මයක් නළල මැද ඇති තාරකාවක් වැනිය, යැයි කියා තිබේ. එසේ නම් ඔවුන් මෙසේ අසන්නේ ඇයි ජීවාත්මයක් යනු කුමක්ද? ජීවාත්මයක් දැකිය නොහැකි නමුත් වටහා ගත යුතු දෙයකි. ජීවාත්මයක් වටහා ගත හැකි අතර, උත්තරීතර ජීවාත්මයද වටහා ගත හැක. එය ඉතාමත්ම සියුම් දෙයක්. එය කලාමැදිරියෙකුටත් වඩා සියුම්ය. එය ශරීරයෙන් පිටවන්නේ කෙසේද කියාවත් ඔබ දන්නේ නැත. ජීවාත්මයක් තිබේ එහි දර්ශනයක් කෙනෙකුට ලැබෙයි. කෙනෙකුට ජීවාත්මයක දර්ශනයක් ලැබුණත්, ඉන් කුමක් සිදුවෙයිද? එය තරුවක් සේ සියුම්ය. තමන් ජීවාත්මයක් බව සලකා, පියාව සිහිපත් කරන්න. ජීවාත්ම සිටින සේම, උත්තරීතර ජීවයද ජීවාත්මයක්. කෙසේවෙතත්, දෙවියන්ට කියන්නේ උත්තරීතර ජීවාත්මය කියාය. ඔහු උපත සහ මරණය යන චක්‍රයට ඇතුළු වන්නේ නැත. එම ජීවාත්මයට, උත්තරීතර බව කියන්නේ, ඔහු උපත සහ මරණයට ඔබ්බෙන් සිටින නිසාය. කෙසේවෙතත්, සියලුම ජීවාත්ම පිවිතුරු වී, ඉන්පසුව ආපසු නිවසට, එනම් විමුක්ති දේශයට යා යුතුයි. ප්‍රධාන නළු නිළි චරිත ලැබෙන්නේ කාටද යන්න වුවද අංකානුරූපයි. සියලුම ජීවාත්ම අංක පිළිවෙලයි. නාටකයක සමහර නළුවන්ට වැඩි ආදායමක් ලැබෙන අතර සමහරෙකුට අඩු ආදායමක් ලැබෙයි. ලක්ෂ්මි සහ නාරායන් ජීවාත්ම වලට, උත්තරීතර මනුෂ්‍ය ජීවාත්ම යැයි කියනු ලබයි. සෑම කෙනෙක්ම පිවිතුරු වන නමුත්, සෑම කෙනෙක්ම අංකානුරූප චරිත කොටසක් රඟපායි සමහරු මහා රජවරුද, සමහරු දාසියන්ද, සමහරු පුරවැසියන්ද වෙයි. ඔබලා නළුවන්ය. එම දේවතාවන් සියල්ලම අංකානුරූප බව ඔබ දන්නවා. ඔබ හොඳින් උත්සාහ දරා, ශ්‍රේෂ්ඨ ජීවාත්ම බවට පත් වන්නේ නම්, ඔබට උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබ උපත් 84 ක් ගෙන ඇති අන්දම ගැන ඔබට දැන් මතක් වෙයි. ඔබ දැන් පියා වෙතට යා යුතුයි. ඔය දරුවන්ට මෙම සතුට මෙන්ම මෙම කුල්මත් බවද තිබේ. ඔබ සෑම කෙනෙක්ම කියන්නේ ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන්, වන බවයි, ඔබ ලෝකයේ අධිපතියන් වන බවයි. එසේ නම් ඔබ එයට අනුරූපව උත්සාහ දැරිය යුතුයි. ඔබට හිමි වන තත්ත්වය, ඔබ දරණ උත්සාහයට අනුව අංකානුරූපීයි. සෑම කෙනෙකුටම අංක පිළිවෙලට චරිත කොටසක් ලැබී ඇත. මෙම නාටකය පෙර නියම වූවක්. පියා දැන් ඔබට උසස් උපදෙස් ලබා දෙනවා. කෙසේ හෝ, ඔබගේ පාපයන් දුරු කරගැනීමට සහ ඔබට තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීම සඳහා, ඔබ පියාව සිහිපත් කළ යුතුයි. ඔබගේ හිස මත විශාල පාප බරක් තිබේ. එම පාපයන් හැකි කුමන හෝ අන්දමකින් මෙහිදී ඉවත් කළ යුතුයි. එවිට පමණයි ඔය ජීවාත්ම පාරිශුද්ධ වන්නේ. තමෝප්‍රධාන් වී ඇත්තේ ජීවාත්මයයි. එබැවින් සතෝප්‍රධාන් විය යුත්තේ ජීවාත්මයයි. මෙකල වඩාත්ම දිළිඳු වන්නේ භාරතයයි. මෙම නාටකය පදනම් වී ඇත්තේ භාරතය මතයි. අන් අය පැමිණෙන්නේ ආගමක් ස්ථාපනය කිරීමට පමණයි. අවසානයේදී පුනරුත්පත්ති ගැනීමෙන් සියලු දෙනාම තමෝප්‍රධාන් වනවා. ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් වනවා. භාරතය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ භූමියක්ව තිබුණු බව ඔබ දන්නවා. එය දැන් බොහෝ දුප්පත්ය. සෑම කෙනෙක්ම දුප්පතුන්ට උදව් කරයි. භාරතය, දැන් සෑම දේකටම දිගින් දිගටම අතපායි. පෙර, මෙම දේශයෙන් ධාන්‍ය විශාල ප්‍රමාණයක් පිටරට යවන ලදී. දැන් එය දුප්පත් වී ඇති බැවින්, එයට ආපසු සේවයක් ලැබෙනවා. ගනු ලැබූ සෑම දෙයක්ම දැන් ආපසු ණය වශයෙන් ලැබෙනවා. ක්‍රිෂ්ණා සහ ක්‍රිස්තියානි යන නම් දෙක එක වගේය. ක්‍රිස්තියානුවන් භාරතය යටත් කර ගත්තා. දැන් නාටකයට අනුව, ඔවුන් එකිනෙකා සමග සටන් කරන අතර, ඔය දරුවන්ට වෙඬරු පිඩ ලැබෙයි. ක්‍රිෂ්ණාගේ කටෙහි වෙඬරු තිබුණා නොවෙයි එය නිකම් ග්‍රන්ථ වල ලියූ දෙයකි. මුළු ලෝකයම ක්‍රිෂ්ණාගේ අතට පත්වෙයි. ඔබ මුළු ලෝකයේම අධිපතියන් බවට පත් වනවා. ඔබ ලෝකයේ අධිපතියන් වන බව ඔය දරුවන් දන්නවා. එබැවින් ඔබට බොහෝ සතුට තිබිය යුතුයි! ඔබගේ සෑම පියවරකදීම ඔබට කෝටි ප්‍රකෝටියක් තිබෙයි. රාජධානිය, එක් ලක්ෂ්මි සහ නාරායන් කෙනෙකුගේ පමණක් නොවෙයි. ඔවුන්ගේ රජ පෙළපතද තිබුණා නොවේද? රජ, රැජිණ, සහ පුරවැසියන් යන සියල්ලන්ටම ඔවුන්ගේ දෙපා මුල කෝටි ප්‍රකෝටි ගණනින් තිබිණ. එහි ගැණිය නොහැකි තරම් ධනය තිබිණ. එහි කිසිවෙකු මුදල් සඳහා පාපයන් සිදු කළේ නැත. එහි බොහෝ සේ ධනය තිබුණි. ඇලඩින් ගේ මැජික් පහන ගැන නාටකයක් තිබේ. පළමුවන ධර්මය, දේවතාවන්ගේ ධර්මය, ස්ථාපනය කරන කෙනා අල්ලාය. ඔහු තත්පරයකදී ජීවන මුක්තිය ලබා දෙයි. දර්ශනයක් ලැබෙන්නේ තත්පරයකදීය. අසීමිත නිධන් වස්තු පෙන්වා ඇත. මීරා ඇගේ දර්ශන වලදී, ක්‍රිෂ්ණා සමග නර්ථනය කළාය. එය භක්ති මාර්ගයයි. මෙහි භක්ති මාර්ගයේ කිසිම දෙයක් නැත. ඔබගේ භාග්‍යය ලෙසට, ඔබ ප්‍රායෝගිකවම පාරාදීසියට ගොස් රාජධානිය පාලනය කරයි. භක්ති මාර්ගයේ තිබෙන්නේ දර්ශන පමණයි. ඔබගේ අරමුණ සහ ඉලක්කයේ දර්ශනයක් ඔය දරුවන්ට ලැබෙන්නේ මෙකලයි. ඔබ වන්නට යන්නේ එය බව ඔබ දන්නවා. ඔය දරුවන්ට මෙය අමතක වන නිසා, ඔබට බැජ් දෙනු ලබනවා. ඔබ දැන් අසීමිත පියාගේ දරුවන් බවට පත් වී තිබෙනවා. ඔබ බොහෝ සතුට අත්විඳිය යුතුයි. මෙය නැවත නැවතත් ස්ථීර කරගන්න. කෙසේවෙතත්, මායාගේ එදිරිවාදිකම් නිසා, එම සතුට ඉගිලී යයි. අඛණ්ඩව පියාව සහ බාබා ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරන්නේ කෙසේද යන්න, සිහිපත් කරන්න, එවිට ඔබගේ කුල්මත්භාවය ඉහළ නඟිනු ඇත. කෙසේවෙතත්, මායා ඔබට එය අමතක කරවනවා. එවිට එක් හෝ තව පාපයක් සිදුවනවා. ඔබ උපත් 84 ක් ගෙන ඇති බව ඔය දරුවන්ට සිහි වෙනවා. වෙනත් කිසිවෙකු උපත් 84 ක් ගන්නේ නැත. ඔබ පියාව සිහිපත් කරන ප්‍රමාණයට අනුරූපීව ඔබට උසස් තත්ත්වයක් හිමි වන බව ඔබ වටහා ගත යුතුයි. කෙසේවෙතත්, ඔබ අන් අයව ඔබට සමාන කළ යුතුයි, එමෙන්ම පුරවැසියන්ද නිර්මාණය කළ යුතුයි. පුණ්‍යකර්ම ආරම්භ වන්නේ තම නිවසිනි. මිනිසුන් වන්දනා ගමනක් යන විට, ඔවුන් තනිව යන්න පටන් ගනී, පසුව ඔවුන් නෑදෑ මිතුරන්ටත් තමන්ට එකතු වන්නට කියා කියයි. ඔබද සෑම කෙනෙකුටම සෙනෙහසින් පහදා දිය යුතුයි. සෑම කෙනෙකුටම නොවැටහෙනු ඇත. එකම නිවසේ පියාට වැටහෙන නමුත් දරුවාට එසේ නොවෙයි. සමහර දෙමාපියන් පැරණි ලෝකයට ඔවුන්ගේ හදවත් බැඳ නොගන්නා ලෙසට ඔවුන්ගේ දරුවන්ට කෙතරම් කීවත්, එම දරුවන් ඔවුන්ට සවන් දෙන්නේ නැත. ඔවුන් බොහෝ සංතාප ඇති කරයි. පැළෑටි වන අය සහ මෙහි අයත් අය, පැමිණ වටහා ගනී. බලන්න මෙම ධර්මය ස්ථාපනය වන අන්දම දෙස. වෙනත් ආගම් ස්ථාපනය කරන්නන්, පැළෑටි ඇති කරන්නේ නැත. ඔවුන් උඩ ඉහළ සිට පහළට පැමිණෙයි. ඔවුන්ගේ අනුගාමිකයන්ද දිගින් දිගටම ඔවුන් පසුපස පහළට පැමිණෙයි. එම කෙනා ස්ථාපනය සිදුකරයි. ඉන්පසුව ඔහු සෑම කෙනෙක්වම පිවිතුරු කර, ඔවුන්ව ආපසු නිවසට රැගෙන යයි. මේ නිසයි ඔහුට සත්ගුරු මෙන්ම විමුක්තිය පිරිනමන්නා යැයි කියන්නේ. සිටින්නේ එක් සත්‍ය ගුරුවරයෙක් පමණයි. මනුෂ්‍යයින්ට කිසිම විටෙක කිසිම කෙනෙකුට විමුක්තිය ලබා දිය නොහැක. සියල්ලන්ටම විමුක්තිය ලබා දෙන්නේ එක් අයෙක් පමණයි. ඔහුට සත්ගුරු යැයි කියයි. ඔහු භාරතය සත්‍ය දේශය බවට පත් කරවයි. ඉන්පසුව රාවන එය අසත්‍ය දේශය බවට පත්කරවයි. ඔවුන් පියා සහ දේවතාවන් පිළිබඳව අසත්‍ය දේවල් කියයි. මේ නිසයි පියා පවසන්නේ නරක දේට සවන් නොදෙන්න! මෙම ලෝකය දැන් ගණිකා මඩමක් (වෛශාලය) ලෙසින් හැඳින්වෙයි. ස්වර්ණමය යුගයට ශිවාගේ දේවාලය (ශිවාලය) යැයි කියයි. මනුෂ්‍යයින්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත ඔවුන් නිකම්ම තමන්ගේම මත අනුගමනය කරයි. බොහෝ රණ්ඩු සහ වාද ඇති වෙයි. පුතෙක් තම මවට පහර දීමට පැකිලෙන්නේ නැත. ස්වාමියෙක් තම භාර්යාවට පහර දීමට නොපැකිලෙයි. ඔවුන් දිගටම එකිනෙකාව මරා දමයි. තම පියාට බොහෝ ධනය ඇති නමුත් එය තමාට නොදෙන බව පුතෙක් දුටු විට, ඔහු පියාව මැරීමට පැකිලෙන්නේ නැත. මෙම ලෝකය බොහෝ අපිරිසිඳුයි. ඔබ දැන් කවුරුන් බවටද පත්වන්නේ ? ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ තිබේ. ඔබ පෙර නිකම්ම මෙසේ කීහ ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණ අපව පිවිතුරු කරන්න! ඔබ මෙසේ නොකීහ පැමිණ අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන්න! දෙවි පියාණන්, දිව්‍ය ලෝකය ස්ථාපනය කරයි. එබැවින් අප දිව්‍ය ලෝකයේ නොමැත්තේ ඇයි? රාවන ඔබව අපායේ වැසියන් බවට පත් කරවා තිබේ. චක්‍රයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් බව කියා තිබෙන නිසා, සෑම කෙනෙකුටම අමතකව ගොසින්ය. පියා පවසන්නේ ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන්ව සිටියා. චක්‍රය වටා ගොසින් ඔබ දැන් අපායේ අධිපතියන් බවට පත්ව සිටියි. දැන් නැවත වතාවක් පියා ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවනවා. ඔහු පවසන්නේ සුමිහිරි ජීවාත්මයණි, දරුවනි, පියාව සිහිපත් කරන්න, එවිට ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි. ඔබට තමෝප්‍රධාන් වීමට චක්‍රයෙන් භාගයක් ගත වී තිබේ. එය මුළු චක්‍රය කියාද කිව හැක මන්ද ආරම්භයේ සිටම ඔබගේ අංශක දිගින් දිගටම අඩුවිය දැන් අංශක ඉතිරී වී නැත. ඔවුන් (බැතිමතුන්) කියන්නේ මට ගුණදම් නැත, මා ගුණදම් වලින් තොරයි. මෙහි අරුත ඉතාමත්ම පැහැදිලියි. මෙහි නිර්ගුණ බාලක් කියා සංවිධානයක් තිබේ - ගුණදම් නැති දරුවන්. අවගුණ යනු කුමක්ද කියාවත් නොදත් දරුවන්, මහාත්මයන්ටත් වඩා ශ්‍රේෂ්ඨ බව කියැවෙයි. මහාත්මයන් අවගුණ ගැන දන්නා අයයි. මේ නිසයි ඔවුන් වැරදි වචන පවා කතා කරන්නේ. මායා සෑම කෙනෙක්වම සම්පූර්ණයෙන්ම අධර්මිෂ්ඨ කර ඇත. ඔවුන් ගීතාව හදාරයි. ඔවුන් මෙසේ ගෙන හැර දක්වයි දෙවියන් පවසයි, රාගය විශාලතම සතුරාය. එය මුල සිට මැද හරහා අවසානය දක්වාම දුක ඇති කරයි, එනමුත්, ඔබගේ පිවිතුරු වීමට, මිනිසුන් බොහෝ බාධා ඇති කරයි. ඔවුන්ගේ දරුවා විවාහ නොවන විට, ඔවුන් බොහෝ කලබලයට පත්වනවා. පියා පවසන්නේ ඔය දරුවන් ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබ ඔවුන්ට කොතරම් විස්තර කළත්, මල් බවට පත් වීමට නොමැති අය, ඔබට සවන් නොදෙයි. විටෙක, දරුවන් විවාහ නොවන බව කියන විට, ඔවුන්ගේ දෙමාපියන් බොහෝ ක්‍රෑරකම් සිදු කරයි. පියා පවසන්නේ මා මෙම ඥාන යාග ගින්න නිර්මාණය කරන විට, බොහෝ බාධක නිර්මාණය වනවා. ඔවුන් ඔබට අඩි තුනක ඉඩම් ප්‍රමාණයක්වත් නොදෙයි. පියාගේ උපදෙස් වලට අනුව ඔහුව සිහිපත් කර, පිවිතුරු වන්න, එපමණයි. ඔබට වෙනත් අපහසුකමක් නැත. තමන් ජීවාත්මයක් බව සලකා, පියාව සිහි කරන්න, එපමණයි. ඔය සෑම ජීවාත්මයක්ම තමන්ගේම සිරුරට අවතරණය වී ඇති සේම, පියාද මෙම සිරුරට අවතරණය වී තිබේ. ඔහු කිඹුලෙක් හෝ මාළුවෙක් ආදිය තුළට අවතරණය වන්නේ කෙසේද? ඔවුන් ඔහුට බොහෝ අපහාස කරයි! දෙවියන් සෑම අංශුවකම සිටින බව ඔවුන් කියයි. පියා පවසන්නේ ඔවුන් මට සහ දේවතාවන්ට අපහාස කරයි. මා පැමිණිය යුතුයි. මා පැමිණ නැවත වරක් ඔය දරුවන්ට ඔබගේ උරුමය ලබා දෙනවා. මා ඔබට ඔබගේ උරුමය දෙන අතර රාවන ඔබට සාප කරයි. මෙය ක්‍රීඩාවක්. කෙනෙක් ශ්‍රීමත් අනුගමනය නොකරන විට, ඔහුගේ භාග්‍යය එතරම් උසස් නොවන බව වැටහෙනවා. මෙම භාග්‍යය ඇති අය, උදේ පාන්දරින් අවදි වී බාබාව සිහිකර, බාබාට කතා කරයි. තමන් ජීවාත්මයක් බව පවසා පියා සිහිපත් කරන විට ඔබගේ පාපයන් දුරු වි යයි. ඔබගේ සතුටෙහි රසදිය කඳද ඉහළ නගී. ගෞරව සම්මාන ඇතිව සමත් වන අය, රාජධානියක් හිමි කරගැනීමට වටිනා අය වෙයි. රාජධානිය පාලනය කරන්නේ ලක්ෂ්මි සහ නාරායන් පමණක් නොවෙයි රජ පෙළපතක් තිබේ. පියා පවසන්නේ ඔබගේ බුද්ධි දැන් බොහෝ පිරිසිඳු වනවා. මෙයට සත්‍යයේ ආශ්‍රය (සත්සං) යැයි කියයි. පියා ඔබට සත්‍ය දැනුම ලබා දි, ඔබව සත්‍ය දේශයේ අධිපතියන් බවට පත් කරවන සත්සං ඇත්තේ එකක් පමණයි. චක්‍රයේ, සංගම යුගයෙදි පමණයි, ඔබට සත්‍යයේ ආශ්‍රය ලැබෙන්නේ. ස්වර්ණමය යුගයේ සත්සං වර්ග නොමැත. ආධ්‍යාත්මික ගැලවීමේ හමුදාව ඔබයි. ඔබ ලෝකයේ ඔරුව එගොඩට ගෙන යයි. ඔබව ගලවා ගෙන ඔබට ශ්‍රීමත් ලබා දෙන්නේ පියාය. ඔබගේ ප්‍රශංසාව බොහෝ ශ්‍රේෂ්ඨයි. පියාගේ සහ භාරතයේ ප්‍රශංසාව අසීමිතයි. ඔය දරුවන්ගේ ප්‍රශංසාවත් අසීමිතයි. ඔබ බ්‍රහ්මාණ්ද් වල අධිපතියන් මෙන්ම ලෝකයේද අධිපතියන් වෙයි. මා බ්‍රහ්මාණ්ද් වල පමණක් අධිපති වෙයි. ඔබ දෙයාකාරයකින් වැඳුම් ලබයි. මට දෙයාකාරයක වැඳුම් ලබන්නට, මා දේවතාවක් වන්නේ නැත. ඔය එක් එක් කෙනා අංක පිළිවෙලට මෙම දැනුම වටහාගන්නා අතර එම සතුටින් උත්සාහ දරයි. ඔබ ඉගෙන ගන්නා ආකාරයේ බොහෝ වෙනස්කම් තිබේ. ස්වර්ණමය යුගයේ, ලක්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය තිබේ. එහි උපදේශකවරුන් නැත. ලක්ෂ්මි සහ නාරායන්ට දේවතාවක් සහ දේවතාවියක් යැයි කියයි, ඔවුන් කිසිම විටෙක උපදේශකයෙකුගෙන් උපදෙස් ගනීද? රජවරු අපවිත්‍ර වන විටයි උපදේශකවරුන් පත් කරන්නේ. වර්තමානයේ තිබෙන්නේ ජනතාවගෙන් සැදි ජනතාවගේ රජයයි. ඔය දරුවන්ට මෙම පැරණි ලෝකය ගැන නිරාශාවක් ඇත. මෙසේ කියයි ඥානය, භක්තිය සහ නිරාශාව. මෙම ඥානය ඔබට ලබා දෙන්නේ ආධ්‍යාත්මික පියා පමණයි. වෙනත් කිසිවෙකුට මෙය ඉගැන්විය නොහැක. පාරිශුද්ධකරුවා වන්නෙත්, සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා වන්නෙත් පියාම පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාව සිහිපත් කරනවාත් සමගම අන් අයව තමන් හා සමාන කරවීමේ සේවයද කරන්න. පුණ්‍ය ක්‍රියා ඇරඹෙන්නේ ගෙදරින්ය. සෑම කෙනෙකුටම සෙනෙහසින් විස්තර කරන්න.

2. මෙම පැරණි ලෝකය කෙරෙහි අසීමිත නිරාශාවක් ඇති කර ගන්න. නරක දේට සවන් නොදෙන්න, නරක දේ නොදකින්න. ඔබ අසීමිත පියාගේ දරුවන්ය. එබැවින් ඔහු ඔබට ලබා දෙන අනන්ත නිධානයන්ගේ ප්‍රීතියෙන් රැඳී සිටින්න.

වරදානය:
ඔබ තත්පරයක ගනුදෙනුවකින්, මුළු කල්පයටම භාග්‍යය නිර්මාණය කරගැනීමෙන් මහා භාග්‍යවන්තයෙක් වේවා.

භාග්‍යය පිරිනමන්නා වන පරම පියා, භාග්‍යය සාදන යතුර, ඔබගේ දෑතේ තබා ඇති නිසා, සංගම යුග කාලයේදී ඔබට අවශ්‍ය තරම් සහ අවශ්‍ය අන්දමින් භාග්‍යය සාදා ගැනීමේ ආශිර්වාදය ලැබී තිබේ. අවසන් කෙනාට වුවත් වේගයෙන් ගොස් ප්‍රථමයෙන් පැමිණිය හැක. මේ සඳහා, සේවයේ ව්‍යාප්තිය තුළදි, ඔබගේ මනෝ ස්ථීතිය, තත්පරයකදී එහි සාරයට ගෙන ඒම පුහුණු වන්න. තත්පරයකදී අධිපති බීජයක් වීමේ නියෝගය ඔබට ලැබුණු සැනින්, ඔබට ඒ සඳහා කාලයක් ගත නොවිය යුතුයි. තත්පරයක මෙම ගනුදෙනුව තුළින්, මුළු කල්පයටම ඔබට ඔබගේ භාග්‍යය නිර්මාණය කර ගත හැක.

පාඨය:
ඔබගේ ද්විත්ව සේවයෙන් වාතාවරණය බලවත් කරන්න, එවිට පදාර්ථ ඔබගේ සේවකයන් වෙයි.