27.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දිවා කාලයේ ඔබගේ සිරුර වෙනුවෙන් ආදායමක් උපයාගෙන, රාත්‍රියේ අසුන්ගෙන, දැනුම ආවර්ජනය කරන්න. පියා සිහි කරන්න. ඔබගේ බුද්ධියෙන් ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කරන්න, එවිට ඔබගේ කුල්මත් බව ඉහළ නඟියි.

ප්‍රශ්නය:
සිහිපත් කිරීමේ අසුන්ගැනීමට, මායා ඉඩ නොදෙන්නේ කුමන දරුවන්ටද?

පිළිතුර:
තම බුද්ධිය එක් හෝ තව කෙනෙක් මත සිරවී ඇති අය, තම බුද්ධිය අගුල් වැටී ඇති අය සහ හොඳින් ඉගෙන නොගන්නා අයට, සිහිපත් කිරීමේ අසුන් ගැනීමට, මායා ඉඩ නොදෙයි. ඔවුන්ට මන්මනාභවහි රැඳී සිටීමට නොහැක. එවිට ඔවුන්ගේ බුද්ධිය සේවය වෙනුවෙන්ද ක්‍රියා නොකරයි. ශ්‍රීමත් අනුගමනය නොකිරීම නිසා, ඔවුන් පියාගේ නමට අපහාස කර, ඔහුව මුලා කරයි, එබැවින් ඔවුන්ට දඬුවම් විඳීමට සිදුවෙයි.

ගීතය:
මගේ හදවත, ඔබට අඬගැසීමට ආශා කරයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට ගීතය ඇසුණා. ඔවුන් කන්නලව් කරන්නේ දෙවි පියාණන්ටයි, ක්‍රිෂ්ණාට නොවෙයි. ඔවුන් පියාට පවසන්නේ නැවත වරක් පැමිණ, කාන්ස්ගේ දේශය, ක්‍රිෂ්ණාගේ දේශය බවට පරිවර්ථනය කරන්න. ඔවුන් ක්‍රිෂ්ණාට අඬ ගසන්නේ නැත. ක්‍රිෂ්ණාගේ දේශය, දිව්‍යලෝකය ලෙස හැඳින්වෙයි. කිසිවෙක් මෙය නොදනී, මන්ද ඔවුන් ක්‍රිෂ්ණාව තඹ යුගයට ගෙන ගොස් තිබේ. මේ සියලුම වැරදීම් ශාස්ත්‍ර වල සිදුකර ඇත. පියා දැන් මේවා ඔබට නිවැරදිව විස්තර කර දෙනවා. ඇත්ත වශයෙන්ම මුළු ලෝකයේම ජ්‍යෙෂ්ඨ, ඒකායන කෙනා දෙවියන්, පියාණන්ය. සියලු දෙනාම සිහිකළ යුත්තේ එම එක් දෙවියන්වයි. මිනිසුන් ක්‍රිස්තු, බුදුන් හෝ දේවතාවන් සිහි කරයි. සියලුම ආගම්වල අය, ඔවුන්ගේ ආගම ස්ථාපිත කළ කෙනාව සිහි කරයි. සිහි කිරීම ඇරඹුනේ තඹ යුගයේය. සියලු දෙනාම දෙවියන් සිහි කරන්නේ දුක ඇති කලට වන අතර කිසිම කෙනෙක් සතුට ඇති කල ඔහු සිහි නොකරන බව, භාරතයේ සිහි කර තිබේ. පසුකාලීනව, සිහි කිරීමේ ක්‍රමවේදය ඇරඹෙන්නේ දුක නිසයි. සිහි කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ භාරත ජනතාවයි. ඔවුන්ව දැක, අන් ආගම්වල අය, තම ආගම් නිර්මාතෘන් සිහි කිරීම ආරම්භ කළා. පියාද ආගමක් ස්ථාපිත කරන කෙනෙකි. කෙසේවෙතත් මිනිසුන් පියාව අමතක කර, ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර ඇත. ඔවුන් ලක්ෂ්මි සහ නාරායන්ගේ ධර්මය ගැන නොදනි. ඔබ ලක්ෂ්මි සහ නාරායන්ව හෝ ක්‍රිෂ්ණාව සිහි නොකළ යුතුයි. ඔබ සිහි කළ යුත්තේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරන එක් පියාවයි. පසුව, ඔවුන් භක්ති මාර්ගයේ ශිවාට වන්දනා කිරීම අරඹන විට, ගීතාවේ දෙවියන් ක්‍රිෂ්ණා බව ඔවුන් විශ්වාස කරයි ඔවුන් ඔහුව සිහි කරයි. ඔවුන්ව දැක අන් අයද ඔවුන්ගේ ආගම් වල නිර්මාතෘන් සිහි කරයි. එම දේවතා ධර්මය ස්ථාපිත කළේ දෙවියන් බව ඔවුන්ට අමතකයි. ගීතාවේ දේශකයා ක්‍රිෂ්ණා නොව, ශිව බාබා බව, අපට ලිවිය හැක. ඔහු අශාරීරිකයි. එබැවින් මෙය යම් විශ්මිත දෙයක් නොවෙයිද? කිසිම කෙනෙකුට ශිව බාබාගේ හැඳින්වීම නැත. ඔහු තරුවකි. සෑම තැනකම, සියලුම ශිව දේවාල වල, ඔහුට විශාල ස්වරූපයක් ඇති බවත්, ඔහු නිරන්තර ආලෝක පදාර්ථය බවත් ඔවුන් සිතයි. කෙසේවෙතත් ඔහු වාසය කරන්නේ, ජීවාත්ම වාසය කරන, මහා ආලෝක පදාර්ථයේය. ජීවාත්මයන්ගේ ස්වරූපය, සැබවින්ම තාරකාවක් වැනිය. පරම පියා, පරමාත්ම ජීවයද තාරකාවකි, නමුත් ඔහු දැනුමින් පිරිපුන් නිසා සහ බීජය බැවින්, ඔහුට එම බලය තිබේ. පරම පියා (බීජය) ජීවාත්මයන්ගේ පියා ලෙස හැඳින්වෙයි. ඔහු අශාරීරිකයි. මනුෂ්‍යයන්, දැනුමේ සාගරය හෝ සෙනෙහසේ සාගරය ලෙස හැඳින්විය නොහැක. මේ නිසයි, දැනුම විස්තර කරන දරුවන් තුළ එම අධිකාරිත්වය තිබිය යුතු මෙන්ම ඔවුන්ගේ බුද්ධිය පුළුල් සහ අසීමිත විය යුතුයි. ඔබ සියලු දෙනා අතරින් ප්‍රධානතම කෙනා මමාය. මෙසේ සිහි කර ඇත මව්වරුන්ට නමස්කාර වේවා. ඊතල සාදන ලද්දේ කුමාරීන් ලවා විදින්නටයි. වෙනත් කිසිම තැනක අර්ධ කුමාරීන් සහ කුමාරීන්ගේ රහස නැත. මෙය ඔප්පු වන්නේ මෙහි ඇති දේවාලය මඟින් පමණයි. සැබවින්ම ජගදම්බාද සිටින නමුත් ඒ මිනිසුන් ඇය කවරෙක්ද කියා නොදනි. පියා පවසන්නේ මා ඔබට බ්‍රහ්මාගේ පද්මාකාර-මුවෙන් නිර්මාණකරු සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් පවසනවා. නාටකයේ තිබෙන්නේ කුමක්ද කියා, මිනිසුන්ගේ බුද්ධිය තුළට ඇතුළු විය යුතුයි. මෙය අසීමිත නාටකයකි. අප මෙම නාටකයේ නළුවන්ය, එබැවින් නාටකයේ මුල, මැද සහ අවසානයේ රහස් අපගේ බුද්ධියේ තිබිය යුතුයි. මෙය ඔවුන්ගේ බුද්ධිය තුළ ඇති අයට බොහෝ කුල්මත් බවක් තිබේ. දවස පුරාම, ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන් ඔබ සෑම දෙයක්ම කර අවසන් වූ පසුව, රාත්‍රියේ අසුන්ගෙන, මෙම නාටකය භ්‍රමණය වන්නේ කෙසේද කියා සිහි කරන්න. මෙය මන්මනාභවයි. කෙසේවෙතත් රාත්‍රියේ අසුන්ගැනීමට මායා ඔබට ඉඩ නොදෙයි. නළුවන්ගේ බුද්ධිය තුළ නාටකයේ රහස් රැඳී තිබිය යුතුයි. කෙසේවෙතත් මෙය ඉතා අසීරුයි ඔවුන් එක් හෝ තව තැනක සිර වන බැවින් බාබා විසින් ඔවුන්ගේ බුද්ධියට අගුල් දමයි. ගමනාන්තය ඉතා ඉහළයි. හොඳින් ඉගෙන ගන්නා අය හොඳ වේතනයක් ඉල්ලයි. මෙයත් ඉගෙනුමකි, නමුත් ඔබ පිටතට ගිය සැනින් ඔබට අමතක වී එවිට ඔබ තමන්ගේම මනසේ උපදෙස් අනුගමනය කරයි. පියා පවසන්නේ සුමිහිරි දරුවනේ, ඔබට යහපතක් සිදුවන්නේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පමණයි. මෙම ලෝකය අපවිත්‍රයි. සන්යාසීන් අත්හරින පාපය, විෂ ලෙස හැඳින්වෙයි. රාවනගේ රාජධානිය ආරම්භ වන්නේ තඹ යුගයේදීය. වේද, ශාස්ත්‍ර ආදි සියල්ල භක්ති මාර්ගයේ මෙවලම්ය. දරුවන්ගේ බුද්ධිය, සේවය පිළිබඳව ක්‍රියාත්මක විය යුතුයි. ඔබ ශ්‍රීමත් අනුගමනය කරන්නේ නම්, ඔබට දැනුම ධාරණය කිරීමටද හැකි වෙයි. විනාශය අත ළඟ බව ඔය දරුවන් දන්නවා. සියලු දෙනාම දුකට පත්වී හඬා වැටෙයි අහෝ දෙවියනේ, අනුකම්පා කරන්න! අසරණ බවින් හඬා වැටෙන වෙලාවේ ඔවුන්ට දෙවියන් සිහිවෙයි. බෙදීම සිදුවූ කාලයේ ඔවුන් බොහෝ සේ දෙවියන් සිහි කළා අහෝ දෙවියනේ අනුකම්පා කරන්න! අපව ආරක්ෂා කරන්න! ඔහු ඔබව ආරක්ෂා කරන්නේ කෙසේද? ඔවුන්ව ආරක්ෂා කරන කෙනාව මිනිසුන් නොදන්නේ නම්, ඔහු ඔවුන් ආරක්ෂා කරන්නේ කෙසේද? පියා දැන් පැමිණ ඇත, නමුත් මෙය කෙනෙකුගේ බුද්ධියේ සනිටුහන් වන්නේ, කලාතුරකින්ය. පියා විස්තර කරන්නේ මේ ආකාරයෙන් සේවය කරන්න. ඔබට මෙම ශ්‍රීමත් ලැබෙන්නේ පියාගෙනි. ඔවුන්ට එවන් පියෙකු හඳුනාගැනීමට නොහැකි වීම විශ්මයකි. මෙම කාරණා වටහාගත යුතුයි. මුළු දවස පුරාම ශිව බාබාගේ සිහි කිරීම ඔබගේ බුද්ධිය තුළ තබාගන්න. මෙම කෙනා, ඔහුගේ රථය සහ සහකරුය. අද, දරුවන්ගේ බුද්ධියේ බොහෝ විශ්වාසය තිබෙන අතර, හෙට දින ඔවුන්ගේ බුද්ධියේ සැක උපදින බව, බාබා දකිනවා. මායාගේ කුණාටු පැමිණෙන විට ඔවුන්ගේ ස්ථීතිය කඩා වැටෙයි, එබැවින් බාබා ඒ ගැන කුමක් කරන්නද? ඔබ දැනුම තුළට පැමිණ තමන්ව කැප කළා, එබැවින් ඔබ භාරකරුවන්ය. ඔබ කණස්සල්ලට පත්වන්නේ ඇයි? ඔබ තමන්ව කැප කර ඇති අතර ඔබ සේවයද කළ යුතුයි, එවිට ඔබට එහි ප්‍රතිලාභය ලැබෙයි. ඔබ තමන්ව කැප කර ඇති නමුත් සේවය නොකරන්නේ නම්, ඔබට ආහාර ලබා දිය යුතු බැවින්, ඔබ ලබා දුන් සියලු මුදල් ඔබගේ ආහාර වෙනුවෙන් ගෙවී අවසන් වෙනවා. ඔවුන් සේවය නොකරයි. මනුෂ්‍යයන්ව දියමන්ති බවට පත් කිරීමේ සේවයේ ඔබ නියැලිය යුතුයි. ප්‍රධානතම දේ වන්නේ, එමඟින් මනුෂ්‍යයන් ශ්‍රේෂ්ඨත්වයට පත් විය හැකි, බාබාගේ ආධ්‍යාත්මික සේවය ඔබ කළ යුතු බවයි. ඔබ සේවය නොකරන්නේ නම්, ඔබ ගොස් සේවකයන් සහ දාසයන් වෙයි. හොඳින් ඉගෙන ගන්නා අයට බොහෝ උසස් ගෞරවයක් ලබා දෙන අතර අසමත් වන අය ගොස් සේවකයන් සහ දාසයන් වෙයි. බාබා පවසන්නේ දරුවනේ, මා සිහිකර ඔබගේ උරුමය හිමි කරගන්න එපමණයි! මන්මනාභව යන මෙම ව්‍යවහාරය, නිවැරදියි. දැනුමේ සාගරය පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් අහෝසි වෙයි. ක්‍රිෂ්ණාට මෙය කිව නොහැක. මෙසේ පවසන්නේ පියා පමණයි නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එමෙන්ම ඔබගේ අනාගත රාජකීය තත්ත්වය සිහි කරන්න. මෙය රාජයෝගාවයි. මෙය මඟින් පවුල් මාවත ඔප්පු වෙයි. මෙය විස්තර කළ හැක්කේ ඔබට පමණයි. ඔබ අතරින්ද, දක්ෂ සහ සේවය කළ හැකි අයට ආරාධනා ලැබෙයි. කෙනෙක් දක්ෂ අතක් වන විට එය වටහාගත හැක. ඔය දරුවන් යෝග්යුක්ත විය යුතුයි. ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ නම්, ඔබ පියාගේ නමට අපහාස කරයි. ඔබ ඔහුව මුලා කරන්නේ නම්, දඬුවම් විඳීමට සිදුවෙයි. අධිකරණයද අසුන් ගන්නවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

රාත්‍රී පංතිය

ප්‍රථමයෙන් ඔය දරුවන් පියාගේ විස්තරය ලබා දිය යුතුයි. අපට උගන්වන්නේ අසීමිත පියා පමණයි. ඔවුන් ගීතාව හදාරන ක්‍රිෂ්ණාව, දෙවියන් ලෙස හඳුන්වයි. දෙවියන් ලෙස හැඳින්වෙන්නේ අශාරීරික කෙනා බව ඔබ ඔවුන්ට විස්තර කර දිය යුතුයි. ශාරීරික ජීවයන් බොහෝ සිටිනවා. සිරුරක් නොමැතිව සිටින්නේ ඒකායන කෙනා පමණයි. ඔහු උසස්ම-උසස් ශිව බාබාය. මෙය ඉතා හොඳින් ඔවුන්ගේ බුද්ධියේ සනිටුහන් කරවන්න: ඔබට අසීමිත උරුමය හිමි වන්නේ අසීමිත පියාගෙනි. උසස්ම උසස්, අශාරීරික පරම පියා, පරමාත්ම ජීවය, ඔහුම පමණයි. එම ඒකායන කෙනා අසීමිත පියා වන අතර මෙම කෙනා සීමිත පියෙකි. වෙනත් කිසිම කෙනෙක් ඔබට උපත් 21කට උරුමයක් ලබා නොදෙයි. ඔබට අමරණීය තත්ත්වයක් ලබාදෙන වෙනත් කිසිම කෙනෙක් නොමැත. ස්වර්ණමය යුගය, අමරණීය දේශයයි. මෙය මරණීය දේශයයි. ඔබ ඔවුන්ට පියාගේ හැඳින්වීම ලබා දෙන විට, දේවතා ස්ව-ආධිපත්‍යය ලෙස හැඳින්වෙන උරුමයක් ඔවුන්ට පියාගෙන් හිමි වන බව ඔවුන්ට වැටහෙයි. ඔබට එය ලබා දෙන්නේ පරමාත්ම පියා පමණයි. පාරිශුද්ධකරු සිහි කර ඇත. ඔහු පවසන්නේ තමන් ජීවාත්මයක් බව සලකා, ඔබගේ පියා වන මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යයි. ඔබට අපවිත්‍ර බවින් පිවිතුරු වී, පවිත්‍ර ලෝකයට යාමට සුදුසු විය හැක. පරම පියා සෑම කල්පයකදීම පවසන්නේ : නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔබ පිවිතුරු වන්නේ, සිහිපත් කිරීමේ වන්දනා ගමනින් පමණයි. පිවිතුරු ලෝකය දැන් පැමිණෙන අතර අපවිත්‍ර ලෝකය විනාශ වීමට තිබේ. ප්‍රථමයෙන් පියාගේ හැඳින්වීම ලබා දී, ඔවුන්ට මෙය ස්ථීරව වටහාගැනීමට සලස්වන්න. ඔවුන්ට පියාගේ උරුමය ලබා ගැනීමට හැකි වන්නේ, ඔවුන් පියා ගැන ස්ථීරව වටහාගත් විට පමණයි. මායා ඔබ ලවා බොහෝ සේ අමතක කරවන්නේ මෙහිදීය. ඔබ බාබා සිහි කිරීමට තැත් කරන අතර එවිට ඔබට ඔහුව අමතක වෙයි. ඔබගේ පාපයන් කැපී යන්නේ ශිව බාබා සිහි කිරීමෙන් පමණයි. එම බාබා ඔබට මෙම බාබා තුළින් පවසන්නේ : දරුවනේ, මා සිහි කරන්න. කෙසේවෙතත්, ඔබ ඔබගේ ව්‍යාපාර ආදීයේ කාර්යබහුල වන විට, ඔබට මා අමතක වෙයි. ඔබ ඔහු අමතක නොකළ යුතුයි. උත්සාහය අවශ්‍ය වන්නේ මෙයටයි. පියාව සිහි කිරීමෙන් ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත්විය යුතුයි. කර්මතීට් තත්ත්වය ඇති අය, සුරංගනාවන් ලෙස හැඳින්වෙයි. එබැවින් ඔබ යමෙකුට විස්තර කරන්නේ කෙසේද කියා ස්ථීරව සිහියේ තබා ගන්න. ඔබ ඔබගේ සහෝදරයන්ට (ජීවාත්මයන්ට) විස්තර කරන බවට ස්ථීර විශ්වාසය තිබිය යුතුයි. සියලු දෙනාටම පියාගේ පණිවිඩය ලබා දෙන්න. සමහරු පවසන්නේ : මට බාබා වෙතට ගොස් දර්ශනයක් ලබා ගැනීමට අවශ්‍යයි. කෙසේවෙතත්, මෙහි දර්ශන පිළිබඳ ප්‍රශ්නයක් නැත. පරමාත්ම දෙවියන් පැමිණ ඔබට උගන්වා, මුඛය තුළින් පවසන්නේ ඔබගේ අශාරීරික පියා වන මා සිහි කරන්න. මා සිහි කිරීමෙන් ඔබගේ සියලු පාපයන් කැපී යයි. යම් තැනක අසුන්ගෙන, ඔබගේ ව්‍යාපාර ආදිය කරමින් සිටින අතර, ඔබ නැවත නැවතත් පියා සිහි කළ යුතුයි. පියා ඔබට නියෝග කර තිබේ : මා සිහි කරන්න! නිරන්තරයෙන් මා සිහිපත් කරන අය පමණක් ජය ගනී. ඔබ මා සිහි නොකරන්නේ නම්, ඔබගේ ලකුණු අඩු වෙයි. මෙය මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමට ඇති ඉගෙනුමයි. ඔබට මෙය උගන්වන්නේ ඒකායන පියා පමණයි. ඔබ ලෝකය පාලනය කරන රජවරුන් විය යුතුයි, එබැවින් ඔබ උපත් 84හි චක්‍රයද සිහි කළ යුතුයි. ඔබගේ කර්මතීට් තත්ත්වයට ළඟා වීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. එය අවසානයේ සිදුවෙයි. අවසානය, ඕනෑම මොහොතක පැමිණිය හැක, එබැවින් ඔබ අඛණ්ඩව උත්සාහ දැරිය යුතුයි. ඔබගේ උත්සාහයන් නොකඩවා සෑම විටම පැවතිය යුතුයි. ඔබගේ භෞතික පියා මෙසේ නොකියනු ඇත: ඔබගේ සියලුම ශාරීරික නෑදෑයන් අතහැර තමන් ජීවාත්මයක් බව සලකන්න. ඔබගේ සිරුර පිළිබඳ අවධානය අතහැර මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යනු ඇත. මෙසේ පවසන්නේ අසීමිත පියා පමණයි : දරුවනේ, මා පමණක් සිහි කරමින් සිටින්න, එවිට ඔබගේ පාපයන් කැපී ගොස් ඔබ සතෝප්‍රධාන් වෙයි. ඔබ මෙම ව්‍යාපාරය කළ යුත්තේ සතුටින්ය. ඔබගේ ආහාර ගන්නා විටදි පවා ඔබ පියාගේ සිහි කිරීමේ සිටිය යුතුයි. ඔය දරුවන් සිහිපත් කිරීමේ සිටින අදෘෂ්‍යමාන අභ්‍යාසය, සෑම විටම සිදුවන්නේ නම් එය හොඳයි. ඉන් ඔබට සිදුවන්නේ යහපතම පමණයි. ඔබ කෙතරම් වෙලාවක් බාබා සිහි කරනවාද කියා ඔබ තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ දරුවන්ට, සෙනෙහස, සිහි කිරීම සහ සුබ රාත්‍රියක්. ඕම් ශාන්ති.

ධාරණය සඳහා සාරාංශය:
1. මනුෂ්‍යයන්ව දියමන්ති මෙන් කිරීමේ ආධ්‍යාත්මික සේවයේ යෙදෙන්න. කිසිම විටෙක ඔබගේ බුද්ධිය තුළ සැක උපදවා ඉගෙනුම නතර නොකරන්න. භාරකරුවෙක්ව සිටින්න.

2. ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන් ක්‍රියා කරන අතර, ඔබ පියා සිහි කළ යුතුයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබට යහපතක් සිදුවන බව සලකමින් නොකඩවා ඉදිරියට ගමන් කරන්න. තමන්ගේම මනසේ උපදෙස් අනුගමනය නොකරන්න.

වරදානය:
ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වී, සිතිවිලි සහ වචනවල බල, නිවැරදිව සහ බලවත්ව භාවිතා කරත්වා.

තීව්‍ර උත්සාහ දරන්නන්, එනම්, ප්‍රථම කොට්ඨාශයට යෑමට ඇති දරුවන්, සිතිවිලි වල බලය සහ වචනයේ බලය, නිවැරදිව සහ බලවත්ව භාවිතා කරයි; ඔවුන් මෙහිදි නොසැලකිලිමත් නොවයි. ඔවුන් සෑම විටම මෙම පාඨය මතකයේ තබා ගනී: අඩුවෙන් කතා කරන්න, පහත් හඬින් කතා කරන්න, මිහිරිව කතා කරන්න. ඔවුන්ගේ සෑම වචනයක්ම යෝග්යුක්තයි එමෙන්ම යුක්තියුක්තයි. ඔවුන් පවසන්නේ අවශ්‍ය වදන් පමණක් වන අතර නිෂ්ඵල වදන් කතා කිරීමට හෝ විස්තරාත්මක වදන් පැවසීමට ඔවුන්ගේ ශක්තිය අපතේ නොහරියි. ඔවුන් නිරන්තරයෙන් හුදෙකලාව රැඳී සිටියි.

පාඨය:
සම්පූර්ණයෙන් බැඳීම් විනාශ කරන්නෙක් යනු මගේ යන අවධානයට ඇති අයිතිය පවා අත්හල අයෙකි.

මාතේශ්වරීගේ මිහිරි ශ්‍රේෂ්ඨ වදන්

මනසේ අසාමයට හේතුව, කර්ම බන්දනයක් වන අතර සාමයේ පදනම වන්නේ කර්මතීට් ස්ථීතියයි.

ඇත්ත වශයෙන්ම සියලු මනුෂ්‍යයන් තුළ මනසේ සාමය ලබා ගැනීමේ ආශාව තිබෙන අතර මේ සඳහා ඔවුන් නොයෙක් ආකාරයේ උත්සාහ දරයි. කෙසේවෙතත්, මේ වන තුරු, ඔවුන්ගේ මනසට සාමය ලැබී නැත. මෙයට සැබෑ හේතුව කුමක්ද? ප්‍රථමයෙන්ම අසාමයේ මුල කුමක්ද කියා සිතීමට අවශ්‍ය වෙයි. මනසේ අසාමයට ප්‍රධාන හේතුව වන්නේ යම් කර්ම බන්ධනයක සිරවී සිටීමයි. මනුෂ්‍යයන් පාපයන් පහේ සියලුම කර්ම බන්දනයන්ගෙන් නිදහස ලබන තුරු ඔවුන්ට අසාමයෙන් නිදහස ලබා ගැනීමට නොහැකි වෙයි. කර්ම බන්දනය බිඳ දැමූ විට, මනසේ සාමය, එනම්, ජීවන මුක්තිය ලබා ගත හැක. කෙසේවෙතත්, ඔබ එම කර්ම බන්දනය බිඳ දමන්නේ කෙසේද සහ ඔබව ඉන් මුදවාගත හැක්කේ කාටද, කියා ඔබ සිතා බැලිය යුතුයි. කිසිම මනුෂ්‍ය ජීවාත්මයකට තවත් මනුෂ්‍ය ජීවාත්මයකට විමුක්තිය ලබා දිය නොහැකි බව, අප දන්නවා. මෙම කර්ම බන්දන වල කර්ම ගිණුම්, බිඳ දැමිය හැක්කේ, ඒකායන දෙවියන්ට පමණක් වන අතර, දැනුම සහ යෝගා බලයෙන් අපව කර්ම බන්දන වලින් මුදවා ගැනීමට පැමිණෙන ඒකායන කෙනා ඔහුයි. දෙවියන්, සතුට පිරිනමන්නා ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. ඔබ ජීවාත්මයක් බවත්, ඔබ සැබවින්ම කාගේ දරුවෙක්ද සහ ඔබගේ සත්‍ය ගුණධර්ම මොනවාද කියා ඔබ දන්නා විට සහ මේ සියල්ල ඔබගේ බුද්ධියේ තිබෙන විට පමණයි, ඔබගේ කර්ම බන්දන බිඳ දැමිය හැකි වන්නේ. අපට මෙම දැනුම ලබා ගත හැකි වන්නේ පරමාත්ම දෙවියන්ගෙන් පමණයි, එනම්, අපගේ කර්ම බන්දන බිඳ දැමිය හැකි වන්නේ පරමාත්ම දෙවියන් මඟින් පමණයි. අච්චා.