28.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ වූ කලී යහපත්ම සුබදායී සංගම් යුගයයි. ලෝකය පරිවර්ථනය කරන්නේත් අළුත් කරන්නේත් මේ යුගයේදීය. මේ යුගය අමතක නොකරන්න.

ප්‍රශ්නය:
බාල මහළු සෑම කෙනෙක්ම ඔහු හා සම කිරිම සඳහා පියා දෙන සෙනෙහෙබර ඉගැන්වීම කුමක්ද?

පිළිතුර:
මිහිරි දරුවනි, දැන් ඉතින් වැරදි කිරීමෙන් වලකින්න. ඔබ මෙහි පැමිණියේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගේ සිට නාරායන බවට පත් වීමටය. කිසිවෙකුගේ දුකට හේතු නොවන්න. ඔබ වැරදි කරන විට එය අන් අයගේ දුකට හේතු වේ. පියා කෙදිනක, කෙසේවත් දරුවන්ගේ දුකට හේතු නොවේ. ඔහු ඔබට මඟ පෙන්වයි : දරුවනි, මා පමණක් සිහිකරන්න. යෝගීන් වන්න, එවිට, සියලු පව් නැති වී ඔබ මිහිරි බවට පත් වේ.

ඕම් ශාන්ති.
පියා වූ කලි සත්‍යය නිසා උත්තරිතර පියා වන උත්තරිතර ජීවාත්මය සමඟ යෝගී වන අය සැබෑ යෝගීවරු ලෙස සැලකේ. ඒ නිසා ඔබේ බුද්ධියේ එකතුවීම සත්‍යය හා සමඟයි. ඔහු කියන හැම දේම සත්‍යයි. විවිධ වර්ගයේ යෝගීවරු සහ භෝගීවරු (ඉන්ද්‍රීය පිනවන අය) ඇත. ඔබේ යෝගාව අද්විතීයයි. ඔවුන්ගේ අත්හැරිම ඔබගේ අත්හැරිමට වඩා වෙනස්ය. ඔබ වු කලී වැඩියෙන්ම සුබවාදී සංගම් යුග යෝගීන්ය. ඔවුන් පිරිසිඳු යෝගීන් හෝ අපිරිසිඳු භෝගීන් හෝ වුවද, ඒ කිසිවෙකු මේ යෝගාව නොදනී. ළමුන් පවා නොදනී. බාබා අසීමිත ජීවාත්මයන් සියල්ලගේම පියා වන බව ඔහු දන්නා නිසා ඔබට ද ’දරුවනි, දරුවනි' යනුවෙන් අමතයි. ඔහු පියා බවත් ජීවාත්මයන් වූ ඔබ සියලු දෙනාම සොයුරන් බවත් ඔබ දනී. පියා හා එක්ව යෝගී වීමෙන් ඔබ පාරිශුද්ධත්වයට පත් වේ. ඔවුන් භෝගිවරුන් වන අතර ඔබ යෝගිවරුන් වේ. පියා විසින් ඔහුව ඔබට හඳුන්වා දෙයි. ඔබ මේ සංගම් යුගය යහපත්ම යුගය බව තේරුම්ගෙන ඇත. ඔබ හැර කිසිවෙක් මෙය නොදනී. මෙය හඳුන්වන්නේ වඩාත්ම සුබදායී සංගම් යුගය යනුවෙනි. සුබදායී යන පදය අමතක නොකළ යුත්තේ ඒ නිසයි. ඉහළම මිනිසුන් බවට පත්වීමට තිබෙන යුගය මෙයයි. ඉහළම මිනිසුන් යනු පාරිශුද්ධත්වයේ ඉහළම තත්ත්වයයි. ලක්ෂ්මී නාරායන දෙදෙනා පිවිතුරුය, උසස්ය. කාලය යනු කුමක්දැයි ඔබ දැන් දනී. අවුරුදු 5000ක ඇවෑමෙන් ලෝකය වියපත් වේ. පියා පැමිණෙන්නේ එය නැවත නවතාවයට පත් කිරිමටයි. දැන් අප අයත් වන්නේ සංගම් යුග බ්‍රාහ්මන කුලයටයි. බ්‍රහ්මා යනු ඉහළම කෙනාය. කෙසේවුවද, බාබා ශාරීරිකව පෙනෙන අතර ශිව බාබා අශාරීරිකය. මෙය අශාරිරික කෙනා හා ශාරිරික බව අතර හමුවක් බව ළමුන් තේරුම් ගෙන ඇත. ඔබ ඔහුව, ’බාබා' යනුවෙන් අමතයි. මෙය ඉතා සුන්දර කොටසකි. මොහුද ප්‍රශංසාවට පත්වන අතර ඔහු වෙනුවෙන් සිද්ධස්ථාන ද තනා තිබේ. සමහරු රථයක් එක විදියකිනුත් තවත් කෙනෙක් වෙනත් විදියකිනුත් සරසයි. බාබා ඔබට මෙසේ කියා තිබේ : මම මොහුගේ උපත් අතරින් අවසාන උපතේ ශරිරයට ඇතුල් වෙමි. ඔහු ඉතා පැහැදිලිව විස්තර කරයි. පළමුවෙන්ම මෙසේ කියන්න : දෙවියන් කතා කරයි. ඉන් පසු ඔහුගේ බොහෝ උපත්වල අවසානයේදී ඔබ දරුවන්ට චක්‍රයේ රහස් සියල්ල තේරුම් කර දෙමි. වෙනත් අයට මෙය තේරුම් ගත නොහැකියි. දරුවන් වූ ඔබද ඇතැම් විට අමතක කරයි. ’සුබදායී' යන වචනය ලිවීමෙන් යහපත්ම යුගය බව මිනිසුන් තේරුම් ගනි. ඔවුන් ඒ යුගය ගැන සිහි කිරිමෙන් නව ලෝකයට යාමට පරිවර්ථනය විය යුතු බව තේරුම් ගනි. දෙවිදේවතාවුන් සිටින්නේ නව ලෝකයේය. ඔබ යුග ගැන දනී. පරමාත්ම පියා මෙසේ විස්තර කරයි : සුමිහිරි දරුවනි, සංගම් යුගය කිසිවිටෙක අමතක නොකරන්න. අමතක කිරිමෙන් මුලු ඥානයම අමතක වේ. ඔබ දැන් වෙනස් වන බව ඔබ දැන් දනී. පරණ සියලු දේ පවා අලුත් වේ. පියාද පැමිණ ඔබ වෙනස් වන බව තේරුම් ගනි. වියපත් අයද දැන් වෙනස් වී අලුත් වේ. පියා පැමිණ ලෝකය ද ඔබ ද වෙනස් කරයි. ඔහු සැමටම ’දරුවනි, දරුවනි' කියයි. මුලු ලෝකයේ සැවොම ඔහුගේ දරුවන්ය. හැම කෙනෙකුටම නාටකයේ චරිත කොටසක් වෙන් වී ඇත. ඔබ චක්‍රය තේරුම් කර දිය යුතුයි. හැම කෙනෙකුම ඔහුගේම වූ ආගම හදයි. පියා හැර වෙනකෙකුට දෙවිදේවතා ආගම ස්ථාපිත කළ නොහැක. නව ලෝකයේ දෙවිදේවතා ආගම ඇති අතර පරණ වු ලෝකයේ ඇත්තේ මිනිසුන්ය. දෙවිදේවතාවුන් ඇත්තේ නව ලෝකයේය. දෙවිදේවතාවුන් ඉතා පාරිශුද්ධය. රාවන්ගේ රාජධානිය එහි නොපවතී. ඔබට රාවන් ජය ගැනීමට පියා ඉඩ දෙයි. ඔබ රාවන්ගෙන් ජයග්‍රහණය ලබනවා. එමෙන්ම රාම රාජ්‍යය ආරම්භ වෙයි. නව ලෝකය රාම රාජ්‍යය වන අතර වියපත් ලෝකය රාවන් රාජධානියයි. ඔබ හැර වෙන කිසිවෙක් රාම රාජ්‍යය හැදෙන හැටි නොදනී. නිර්මාණකරු වන පියා මෙහි සිට දරුවන් වන ඔබට නිර්මාණයේ රහස් විස්තර කරයි. පියා නිර්මාණකයා සේම බීජය ද වේ. බීජය යනු ගසේ බීජය ද වේ. ඒ බීජය අජීවි වුවද මෙම බීජය අජීවි ලෙස නොසැලකිය යුතුය. සම්පුර්ණ වෘක්ෂය බීජයෙන් හටගන්නා බව ඔබ තේරුම් ගෙන ඇත. මුලු ලොවම එවන් සුවිසල් වෘක්ෂයකි. එය අජීවි වුවත් මෙය ජීවමය වේ. ඔහු වු කලි සත්‍යයමයි, ජීව පැවැත්මයි, ප්‍රමෝදයේ ප්‍රතිමුර්තියයි. පියා වූ කලී මනුෂ්‍ය වෘක්ෂයේ බීජයයි. ඔහුගෙන් මහා සුවිසල් වෘක්ෂයක් හට ගනියි. නමුත් ඔවුන් එය කුඩාවට සාදයි. මනුෂ්‍ය වෘක්ෂය වු කලි සියල්ලන්ටම වඩා විශාල වේ. ඉහළම පියා ඥානයෙන් පුර්ණයි. අන් අය අනෙකුත් ගස් ගැන දැනගෙන තිබුණත් පියාට පමණි මෙම ගස ගැන ඥානය දිය හැක්කේ. පියා දැන් ඔබගේ බුද්ධිය සීමිත බවින් අසීමිත බවට පත් කර ඇත. දැන් ඔබ මෙම අසීමිත වෘක්ෂය දනී. ජීවාත්මයන්ගේ ගස විශාල හිස් අවකාශයෙන් යුක්තය (අශාරිරික ලෝකය). පියා ඔබ ගෙන යන්නේ අසීමිත බව වෙතයි. දැන් මුලු ලොවම අපිරිසිඳුයි. මුලු ලොවම ප්‍රචණ්ඩයි. එකිනෙකා වෙත ප්‍රචණ්ඩත්වය මුදාලයි. ඔබට දැන් ඥානය ලැබී ඇත. සත් යුගයේ දෙවිදේවතා ආගම පමණි අවිහිංසක වන්නේ. සත් යුගයේදි සියලු දෙනා පාරිශුද්ධත්වයෙන් යුක්තය. සාමයෙන් හා සතුටෙන් දිවි ගෙවයි. උපත් 21කට ඔබේ සියලු අභිලාෂයන් සාක්ශාත් වී ඇත. සත් යුගයේදී අභිලාෂයක් නැත. ඔබට සියලු දේ ලැබේ ධාන්‍ය අසීමිත ලෙස ඇත, ආදී වශයෙනි. ඉස්සර බොම්බාය තිබුණේ නැත. දෙවිදේවතාවුන් කරදිය වෙරළේ ජීවත් වූයේ නැත. දෙවිදේවතාවුන් ජිවත් වුයේ මිහිරි ගංගාදාරයේය. එකල එහි සිටි මිනිසුන් ඉතා අඩු සංඛ්‍යාවකි. ඔවුන්ට විශාල ලෙස ඉඩම් තිබුණි. සත් යුගය වු කලී පාපයෙන් තොර ලෝකයයි. ඔබ යෝගා බලයෙන් ලෝක රාජධානිය ලබා ගන්නා අතර එහි නම රාම රාජ්‍යයයි. පටන්ගැන්මේදී වෘක්ෂය ඉතා කුඩාය. මුලදී තිබුණේ එකම ආගමකි. එය තනි කෙඳන් නිරූපණය වේ. එම පදනමින් ඉති තුනක් මතු විය. පදනම වු කලී දෙවිදේවතා ධර්මයයි. කෙඳන් කුඩා අතු ඉති මතුවෙයි. දැන් කඳ දක්නට නැත. මෙවැනි වෘක්ෂයක් තවත් ඇත්තේද නැත. මෙය නිවැරදිවම නුග ගසට සැසඳේ. මුලු මහත් නුග ගස මුල් කඳ නොමැතිව නැගී සිටී. එය වියළී නොයයි. මුලු ගසම කොළ පැහැයෙන් නැගි සිටියද දෙවිදේවතා ධර්මය නම් වු පදනම අද දක්නට නැත. කඳ වු කලී එසේ වූ අද දක්නට නැති දෙවිදේවතා ධර්මය නම් වූ පදනමයි. එම කඳ රාම රාජ්‍යය නිරූපණය කරයි. එය වූ කලී දෙවිදේවතා ධර්මයයි. පියා මෙසේ කියයි මම ආගම් තුනක් හදමි. සංගම් යුග බ්‍රාහ්මණ වු ඔබ පමණි මේ කරුණු තේරුම් ගන්නේ. බ්‍රාහ්මණ වු ඔබේ කුලය ඉතා කුඩාය. ඕරෝබිංදු වැනි කුඩා කුඩා කැබලි බිහි වේ. එහිදී පාපයේ නොගැලිය යුතුයැයි කිසිවෙක් නොකී නිසා එය ව්‍යාප්ත වී ඇත. මෙහිදී පියා කියන්නේ කාම රාගය ලොකුම සතුරා බවයි. ඔබ එය පරදා ජය ගත යුතුයි. වෙනත් කෙනෙකුට මෙය කිව නොහැකියි. නොඑසේ වු විට විවිධ නම් කලබල ඇති වේ. මෙහි අපිරිසිදු අය මීට කන් නොදී පිරිසිඳු නොවි සිටී. ඔවුන් මෙසේ අසයි: පාපයෙන් තොරව දරුවන් උපදින්නේ කෙසේද? එය නොදියුණු ඔවුන්ගේ වරද නොවේ. ගීතා හදාරන්නෝ දේව වාක්‍ය මෙසේ කියයි ’රාගය ලොකුම සතුරාය. එය ජය ගැනීමෙන් ලෝකය ජය ගත හැකිය.' ඔවුන්ට මෙය නොතේරේ. ඔබ මෙය තේරුම් කර දිය යුතුය. බාබා කියා ඇත්තේ හනුමාන් කළා වගේ පිටත සිට හෝ ඇසිය යුතු බවයි. මෙහි තේරුම කුමක්දැයි ඔවුන්ගෙන් අසන්න. දෙවිදේවතාවුන් ලෝකය ජයගත්තවුන්ය. දෙවිදේවතාවන් වීමට ඔබ පාපය අත්හැරිය යුතුය. දැන් රාම රාජ්‍යය බිහිවෙමින් ඇති බව ඔබ කියා දිය යුතුය. නිර්භීත රණවිරුවන් වන මහා වීරයෝ ඔබයි. මෙහිදි බිය කියා ප්‍රශ්නයක් නැත. ඔබ මහත් සෙනෙහසින් මෙසේ අසන්න: ස්වාමීජී, පාපය අතහැර ලෝකය ජය ගත යුතුයැයි ඔබ කීවද, පිරිසිඳු වන්නේ කෙසේදැයි ඔබ නොකීවේය. ඔබ දරුවන් දැන් පිරිසිඳුව සිටින මහා වීරයෝ වෙයි. ජයග්‍රාහි මල් මාලාවට අයත් වන්නේ මහාවීරයින්ය. මනුෂ්‍යයින්ගේ කන් වැරදි දේ ඇසීමට පුරුදු වී ඇත. ඔබ වැරදි දේ ඇසීමට කැමති නැත. ඔබේ කන් කැමති හරි දේ ඇසීමට පමණි. පාපකාරි දේ නොඅසන්න ! ඔබ නිසැකවම මිනිසුන් අවදි කළ යුතුයි. ඔවුන්ට මෙසේ කියන්න : බාබා කියා දී ඇත්තේ පාරිශුද්ධ වීමටයි. සත් යුගයේදී සියලු දෙනා පිරිසිඳු දෙවිදේවතාවන්ය. දැන් සියලු දෙනා අපිරිසිඳු වී ඇත. ඔවුන්ට මෙසේ විස්තර කර දෙන්න: අපේ සත්සන් රැස්වීම් වලදි රාගය මහා සතුරා වෙන හැටි විස්තර කර දෙයි. මේ ක්‍රමයට ඔබට පිරිසිඳු විය හැක: ඔබ ජීවාත්මයකැයි සළකමින් ස්ථිර සාර ලෙසම අන් අය ජීවාත්ම, සහෝදරයින් ලෙස දකින්න. මුලදි මෙම භාරතය සෞභාග්‍යයෙන් පිරි ඉතිරුනද දැන් එය පුරන් වී ඇති නිසා හිංදුස්ථානය යන නම දී ඇත. ඉස්සර නම් භාරතය ධනයෙන්, පාරිශුද්ධියෙන්, සතුටින්, සාමයෙන් සහ සියල්ලෙන් ආඩ්‍ය විය. නමුත් දැන් දුකින් පිරී ඉතිරී ගොස් ඇත. ඔවුන් මෙසේ කෑ ගසා අසන්නේ මේ නිසයි: නිදුකාණනි, පැමිණ සතුට ලබා දෙන්න. ඔබ සතුටින් පියා සමඟ හැදෑරිම් කරයි. අසීමිත පියාගෙන් සතුට නැමැති උරුමය නොඉල්ලන්නේ කවුද ? පළමුවෙන්ම ඇල්ෆා මුල් අකුර හඳුනා ගන්න. ඇල්ෆා යනු කවුරුන්දැයි තේරුම් නොගත්තොත් අනෙකුත් රහස් බුද්ධියට ඇතලු නොවේ. ඔබට ඉදිරියට යා හැක්කේ එම අසිමිත පියා ඔබට අසීමිත උරුමයක් දෙන බව ශ්‍රද්ධාවෙන්ම ගන්නේ නම් පමණි. පියාගෙන් ප්‍රශ්න ඇසීමට අවශ්‍යතාවයක් නැත. පියා යනු පාරිශුද්ධිය ලබා දෙන්නාය. ඔබ සිහිකරන්නේ ඔහුයි. ඔහු සිහි කිරීමෙන් ඔබ පිරිසිඳු වේ. ඔබ මට අඬ ගැසුවේ ඒ නිසාය. ජීවන මුක්තිය ඇසිල්ලෙන් ලැබිය හැක. නමුත් සිහි කිරීමේ වන්දනා ගමනට කාලය ගනී. බාධා පැමිණෙන්නේද එයටය. කල්ප භාගයක්ම ඔබ ශරිර අවධානයෙන් පසු වේ. මෙම එකම උපතේදි පමණක් ඔබ ජීවාත්ම සිහිය සඳහා උත්සාහය දැරිය යුතුය. මේ බ්‍රහ්ම බාබාට එය ඉතා පහසුය. ඔබ අපට අමතන්නේ බාප්දාදා කියාය. මොහුත් දන්නවා ඔහු තුළ පියාත් ඉන්නා බව. මම ඔහුව බොහෝ සෙයින් වර්ණනා කරමි. මම ඔහුට බොහෝ සෙයින් ආදරය කරමි. ඔබ ඉතා මිහිරිය! ඔබ අපට හැම චක්‍රයකදිම උගන්වයි. ඉනික්බිතිව කල්ප බාගයක්ම මම ඔබව සිහි නොකර සිටිමි. දැන් මා ඔබ බොහෝ සෙයින් සිහිපත් කරමි. ඉස්සර මට ඥානය නොතිබිණි. මා වන්දනා කරන කෙනා බවට මා පත්වන බව නොදැන සිටියෙමි. දැන් මා පුදුමයෙන් ඉපිලෙයි. යෝගී වීමෙන් අපි දෙවිදේවතා වන්නෙමු. ඔබ සැවොම මගේද දරුවන්ය. මේ බාබා දරුවන් ආදරයෙන් රැක බලාගෙන පෝෂණය කරයි. ඔවුන්ද මා මෙන්ම සාමාන්‍ය මිනිසුන් බවින් නාරායන බවට පත්වෙයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ ඒ සඳහාය. මම ඔබට එතරම්ම විස්තර සපයමි: දරුවනි, පියා සිහි කරන්න. දිව්‍ය ගුණ ඇතුල් කරගන්න. කන බොන දේ ගැන ප්‍රවේසම් වන්න. ඔබ මෙසේ නොකරන්නේ නම්, ඒ බොහෝ විට ඔබට වෙලාව පැමිණ නැති නිසයි. ඔබ කුමක් හෝ වරදක් කර ඇත. මම බාල මහලු සියලුම දෙනාට මෙසේ කියමි: දරුවනි, කිසි වරදක් නොකරන්න. කිසිවෙකුට දුකට හේතු නොවන්න. ඔබ වරදක් කරනවා යනු දුකට හේතුවකි. පියා කිසි ලෙසකින් කිසිවිටෙක දුකට හේතු නොවේ. ඔහු ඔබට දිශාව පෙන්වයි : මා පමණක්ම සිහි කරන්න, ඔබේ පව් ගෙවි යයි. ඔබ බොහෝ මිහිරි බවට පත්වෙයි. ඔබ මිහිරි බවට පත්විය යුතු අතර දිව්‍ය ගුණ ද ලබා ගත යුතුය. පාරිශුද්ධියට පත්වන්න. අපිරිසිඳු අයට මෙහි ඒමට ඉඩ නැත. ඇතැම් විට දැනට පමණක් ඉඩ ලැබේ. බොහෝ ව්‍යාප්තියක් සිදු වු විට ඔවුන්ට කියනුයේ මෙය පාරිශුද්ධත්වයේ ස්ථම්භයයි, නිහඬ බවේ කුලුනයි. මෙය ඉහළම ඉහළ තැනයි. ඔබ ජීවාත්මයක් සේ සලකා පියා සිහි කිරිම ඉහළම බලයයි. මෙහිදී විශාල නිහඬ බවක් ඇත. රණ්ඩුසරුවල් නැත. මෙහි නම් රණ්ඩු සරුවල් කොතෙකුත් ඇත. සාමයක් තිබිය නොහැක. සාම දනව්ව වූ කලී උත්තරිතර කලාපයයි. ඉන් ඉක්බිතිව ඔබ ශරිරයක් යොදාගෙන ලෝකයේ ඔබේ චරිත කොටස රඟපෑමට පැමිණේ. එකල්හි සාමය තිබෙනු ඇත. ජීවාත්මයේ මුල්ම ධර්මය සාමයයි. සාමයෙන් තොර බවට හේතු වන්නේ රාවණ්ය. ඔබ දිගින් දිගටම සාමය උගනි. කෙනෙක් තරහ වූ කල්හී සැමටම සාමයෙන් තොර බව ඇති කරයි. සියලු කුණු කන්දල් යෝග බලයෙන් නැසේ. ඉගෙනීමෙන් පමණක් කුණු කනදල් ඉවත් කළ නොහැක. සියලු කුණු විනාශ වන්නේ සහ සියලු මළකඩ කැඩෙන්නේ ස්මරණය මඟිනි. පියා මෙසේ කියයි: ඊයේ මම ඔබට සියල්ල කියා දුන්නෙමි. ඔබට ඒවා අමතක වීද ? මෙය අවුරුදු 5000ක ප්‍රශ්නයකි. ඔවුන් අවුරුදු සිය දහස් ගණන් ගැන කියයි. ඔබ දැන් ව්‍යාජයේ හා සත්‍යයේ වෙනස තේරුම් ගනී. පියා පැමිණ ව්‍යාජය කුමක්ද සත්‍යය කුමක්ද, භක්තිය කුමක්ද ඥානය කුමක්ද, දූෂණය කුමක්ද ඉහළම තත්ත්වය කුමක්ද යනාදිය කියා දෙයි. දූෂිත අය උපදින්නේ පාපයෙනි. එහි පාපය නැත. ඔබ කියන්නේ දෙවිදේවතාවුන් සම්පුර්ණයෙන්ම පාපයෙන් තොර බවයි. එහි රාවන් රාජ්‍යය නැත. මෙය තේරුම් ගැනීම ඉතා පහසුය. ඉතින්, ඔබ කළ යුත්තේ කුමක්ද ? පළමුව, පියාව සිහිකරන්න. දෙවනුව, ඔබ නිසැකයෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පාරිශුද්ධත්වයට පත්වීම සම්බන්ධයෙන් මහාවීර් වන්න. සිහි කිරිම නම් වු වන්දනා ගමන මඟින් සියලු කුණු ඉවත් කර ඔබගේ මුල්ම ආගම ධර්මය වන සාමය තුළ ස්ථිරව පිහිටා සිටින්න. සාමයෙන් තොර බව පතුරවන්න එපා.

2. පියා කියා දෙන හරි දේට පමණක් සවන් දෙන්න. පාපකාරි දේ නොඅසන්න. වැරදි දේට ඇහුම්කන් නොදෙන්න. සැමටම ප්‍රවේසම කියා දෙන්න. අනතුරු අඟවන්න. මෙම සුබ යුගයේදී උසස් බවට පත් වී අන් අයටද එසේම වීමට ප්‍රබෝධ කරවන්න.

වරදානය:
ඔබේ අධ්‍යාත්මික බලයේ පදනම මත ඔබ නිරතුරුවම නිරෝගීව සිටිමින් ශාරීරික ශක්තිය අත්විඳීවා.

මෙම අලෞකික ජීවිතයේදී ජීවාත්මය සහ ශරීරය යන දෙකෙහිම නීරෝගී බව අත්‍යවශ්‍ය වේ. ජීවාත්මය නිරෝගී වන විට, ඕනෑම කර්ම ගිණුමක් හෝ ශරීරයේ ඇති අසනීපයක් කුරුසියේ කටුවක් බවට පත්වේ. ඔබේ මුල් අවධිය නිසා, ඔබ සෞඛ්‍ය සම්පන්න බව අත්විඳින විට; ඔබේ මුහුණේ එම රෝගයේ වේදනාවේ සලකුණු නොමැති වේ. කර්මයන්ගේ විදවීම ගැන කතා කරනවා වෙනුවට ඔබ කර්ම යෝගයේ අවධිය ගැන කතා කරන්න. පරිවර්තනයේ බලයෙන්, එවැනි ජීවාත්ම ඔවුන්ගේ වේදනාව තෘප්තිය බවට පරිවර්තනය කරයි; ඔවුන් තෘප්තිමත් වන අතර තෘප්තිමත් තරංග පතුරුවයි.

පාඨය:
ඔබේ හදවතින්, ශරීරයෙන් සහ අන්‍යෝන්‍ය සෙනෙහසින් අන් අයට සේවය කරන්න, ඔබ නියත වශයෙන්ම සාර්ථකත්වය සාක්ෂාත් කරගනු ඇත.