28.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුම බටර් වන අතර, භක්තිය මෝරු වේ. පියා දැනුමේ ස්වරූපයෙන් ඔබට බටර් දී ඔබව ලෝක පාලකයන් බවට පත් කරවයි. ඔවුන් ක්‍රිෂ්ණාගේ මුඛයේ බටර් පෙන්වන්නේ මේ නිසාය.

ප්‍රශ්නය:
බුද්ධියෙහි විශ්වාසය ඇති කෙනෙකු හඳුනා ගන්නේ කෙසේද? විශ්වාසයේ පදනම මත අත් කර ගත හැක්කේ කුමක්ද?

පිළිතුර:
1. බුද්ධියෙහි විශ්වාසය ඇති දරුවන් ගිනිදැල්ලට කැප වන සත්‍ය සලබයින් වේ. රාජධානියට පැමිණෙන්නේ ගිනිදැල්ලට කැපවන අය පමණි. නිකම්ම වටේට කැරකෙන අය පුරවැසියන්ගේ කොටසක් වේ. 2. බුද්ධියෙහි විශ්වාසය ඇති දරුවන්ගේ පොරොන්දුව නම්, 'ඉතා පීඩාදායක අවස්ථාවක් වුවද, මම මගේ ආගම අත් නොහරිමි'. ඔවුන්ට ඔවුන්ගේ බුද්ධියෙහි සත්‍ය සෙනෙහස ඇත. ඔවුන් ඔවුන්ගේ ශරීර ආගම් ද, ශරීර ද අමතක වී පියාගේ ස්මරණයෙහි සිටියි.

ගීතය:
අහසේ ඇති ඔබගේ සිංහාසනය අත්හැර පොළොවට බහින්න.

ඕම් ශාන්ති.
දෙවියන් කථා කරයි. අශාරීරික උත්තරිතර පියාට, දෙවියන් යැයි කියයි. දෙවියන් කථා කරයි කියා කීවේ කවුද? ඒ අශාරීරික උත්තරිතර පියා, උත්තරීතර ජීවයයි. අශාරීරික පියා මෙහි අසුන් ගෙන, අශාරීරික ජීවයන්ට කථා කරයි. ඔබ අශාරීරික ජිවයන්, ඔබගේ භෞතික ඉන්ද්‍රියන් තුළින් සවන් දෙයි. ජීවයකට ස්ත්‍රී හෝ පුරුෂ යැයි නොකියයි. ජීවයකට ජීවයක් යැයි කියයි. මම එක් ශරීරයක් අත් හැර තව එකක් ගන්නේ යැයි ජීවයම මෙම ඉන්ද්‍රියන් තුළින් කියයි. සියලුම මනුෂ්‍යයින් සහෝදරයන් වේ. ඔබ අශාරීරික උත්තරිතර පියා, උත්තරීතර ජීවයේ දරුවන් වු විට ඔබලා සහෝදරයන් වේ, ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වූ විට ඔබලා සහෝදරයන් සහ සහෝදරියන් වේ. භක්තිවන්තයන්ට භක්තියේ ඵලය ලබා දෙන්නා වූ කෙනා, ආරක්ෂකයා වන දෙවියන් වේ. සියලුම දෙනාට මුක්තිය ලබා දෙන්නා මා පමණි යැයි පියා විස්තර කරයි. මම ඔබ සියලු දෙනාගේම ගුරුවරයා වී ඔබට ශී්‍ර්‍රමත් දෙමි. ඉන් පසු මම සියලු දෙනාගේම සත්ගුරු ද වෙමි. ඔහුට පියෙකු, ගුරුවරයෙකු හෝ ගුරු කෙනෙක් නොමැත. භාරතයේ පුරාණ රාජයෝගා උගන්වන්නේ එම පියා වන කෙනාය, ක්‍රිෂ්ණා නොවේ. ක්‍රිෂ්ණාට පියා ලෙස ඇමතිය නොහැක. ඔහු දිව්‍යමය ගුණධර්ම ඇති දෙව් ලොව කුමාරයායි. පාරිශුද්ධකරුවා, මුක්තිය පිරිනමන්නා යැයි කියන්නේ එකම කෙනාට වේ. දැන් සියලුම ජීවයන් දුකින්, අපවිත්‍ර හා දූෂණය වී ඇත. ස්වර්ණම යුගයේදී භාරතය දිව්‍යමය හා උසස් විය. ඉන් පසු එය දූෂණය වූ, නපුරු රාජධානියක් වූ විට සියලු දෙනාම, අහෝ පාරිශුද්ධකරුවාණෙනි පැමිණෙන්න, පැමිණ රාමාගේ රාජධානිය ස්ථාපනය කරන්න යැයි කියයි. එමනිසා, දැන් රාවණ්ගේ රාජධානිය වේ. මිනිසුන් රාවණ්ව පුළුස්සයි. එහෙත් කිසිම ගෝලයෙක්, ගුරුවරයෙක් හෝ පණ්ඩිතයෙක් රාවණ් යනු කුමක්දැයි නොදනී. ස්වර්ණම යුගය හා රිදී යුගය රාමාගේ රාජධානිය වන අතර, තඹ යුගය හා යකඩ යුගය රාවණ්ගේ රාජධානිය වේ. බ්‍රහ්මාගේ දහවල බ්‍රහ්ම කුමර කුමරියන්ගේ දහවලයි. බ්‍රහ්මාගේ රාත්‍රිය ද බ්‍රහ්ම කුමර කුමරියන්ගේ රාත්‍රිය ද වේ. දැන්, රාත්‍රිය අවසන්ව දහවල පැමිණෙනවා ඇත. විනාශ කාලයේදී බුද්ධියේ සෙනෙහස නැති අය සිටියේ යැයි මතක් කර ඇත. ත්‍රිවිධ හමුදා ද ඇත. උත්තරීතර පියාට, ඉතාමත් ආදරණීය දෙවියන්, පියා සහ ඥාන සාගරය යැයි කියයි. එමනිසා, ඔහු ඔබට නිසැකවම දැනුම දෙනවා ඇත. ඔහු, ලොව ජීව බීජයයි. ඔහු උත්තරීතර ජීවයයි. එනම්, ඔහු දෙවියන්, උසස්ම උසස් කෙනා වේ. ඔහු සර්ව ව්‍යාප්ති නොවේ. ඔහු සර්ව ව්‍යාප්ති යැයි කීම පියාට අපහාස කිරීමකි. මට අපහාස කිරීමෙන්, ධර්මයට ද අපහාසයක් වී, භාරතය දිළිඳු බවට පත් වී, දූෂණය වී යැයි පියා පවසයි. මා පැමිණිය යුත්තේ එවැනි කාලයක වේ. භාරතය මා උපන් ස්ථානයයි. සෝමනාථ කෝවිල හා ශිවාගේ කෝවිල මෙහි ඇත. මා උපන් ස්ථානය මම, දෙව් ලොව කරවමි. ඉන් පසු රාවණ් එය අපායක් කරවයි. එනම්, මිනිසුන් රාවණ්ගේ අණ පිලිපැදීමෙන් අපායේ පුරවැසියන් වී, නපුරු සමාජයක් විය. ඉන් පසු මම ඔවුන්ව වෙනස් කර, ඔවුන්ව උසස් කර දිව්‍යමය සමාජයක් ඇති කරවමි. මෙය විෂ සාගරයයි. එය කිරි සයුර වේ. එහි ගිතෙල් ගංඟා ගලයි. ස්වර්ණමය සහ රිදී යුගයන්හී භාරතය සැමවිටම සතුටින් සහ ධනවත් විය, දියමන්ති හා මිණිමුතු මාළිගා එහි විය. දැන් භාරතය 100% දුප්පත්ය. මම පමණක් පැමිණ, එය 100%ක් ධනවත් හා උසස් බවට පත් කරමි. දැන් මිනිසුන් බොහෝ දුෂණය වී, ඔවුන්ගේ දිව්‍යමය ආගම ද අමතක වී ඇත. පියා මෙහි අසුන්ගෙන විස්තර කරයි භක්ති මාර්ගය මෝරු වන අතර, දැනුම මාර්ගය බටර් වේ. ක්‍රිෂ්ණාගේ මුඛයේ බටර් පෙන්වයි. එනම්, ඔහුට ලොව රාජධානිය තිබුණි. ලක්ෂ්මී සහ නාරායන් ලොව පාලකයන් විය. පියාම පැමිණ ඔබට අසීමිත උරුමයක් දෙයි. එනම්, ඔහු ඔබලා ලොව පාලකයන් කරවයි. මම ලෝක පාලකයෙකු නොවෙමි, යැයි ඔහු කියයි. මම මාස්ටර් වූයේ නම්, මායාගෙන් පරාජය ද ලැබීමට සිදුවනවා ඇත. මායාගෙන් පරාජය වන අය ඔබලාය. ඉන් පසු ඔබ ජය අත්කර ගත යුතු වේ. ඔබලා පස්පව් වලට අසු වී ඇත. මම දැන් පැමිණ, ඔබලා දේවාලයක ජීවත් වීමට සුදුසු අය බවට පත් කරමි. ස්වර්ණම යුගය විශාල දේවාලයකි. එයට ශිවා විසින් ස්ථාපනය කරන ලද ශිවාලය යැයි කියයි. යකඩ යුගයට කියන්නේ ගණිකා මඩම කියාය, සියලු දෙනා පාපකාරී වේ. පියා දැන් පවසයි සියලුම ශරීර ආගම් අත්හරින්න, ඔබව ජීවයක් ලෙස සලකා, ඔබගේ පියා වන මා සිහි කරන්න. ඔබ දරුවනට දැන් පියාට සෙනෙහස ඇත. ඔබ අන් කිසිවෙකු සිහි නොකරයි. විනාශය වන විට බුද්ධියේ සෙනෙහස ඇත්තන් වන්නේ ඔබලාය. උත්තරීතර පියා, උත්තරීතර ජීවයට පමණක් ශ්‍රී ශ්‍රී 108 යැයි කියන බව ඔබ දැන් දනී. ඔවුන් 108 ජපමාලයේ පබළු කරකවයි. ඉහළින්ම ශිව බාබා වේ, ඉන්පසු මව සහ පියා වන බ්‍රහ්මා සහ සරස්වතී වේ, ඉන් පසු භාරතය පාරිශුද්ධ කරන ඔවුන්ගේ දරුවන් වේ. රුද්රාක්ෂ ජපමාලය ද මතක් කරයි. මෙයට රුද්‍රාගේ දැනුම නැමති යාගය යැයි කියයි. මෙය, ස්වාධිපත්‍යය ලබා ගැනීමට, අශ්වයා බිලි දෙන ඉතා විශාල අවිනාශී දැනුම නමැති යාග ගින්නක් විය. මෙය වර්ෂ ගණනාවක් කරගෙන යයි. සියලුම ගැණිය නොහැකි ආගම් මෙම යාග ගින්නට බිලි වේ, මන්ද, මෙම යාග ගින්න අවසන් වන්නේ එවිට පමණි. මෙය අවිනාශී බාබාගේ අවිනාශී ගින්න වේ. සියලුම ද්‍රව්‍ය මෙයට බිලි විය යුතුය. විනාශය වන්නේ කවදාදැයි දරුවන් අසන අතර, යම් දෙයක් ස්ථාපනය කළ කෙනා එය පෝෂණය කළ යුතුය. මෙය ශිව බාබාගේ වාහනයයි. මෙහිදී ශිව බාබා රථාචාර්යා වේ. එහෙත් මෙහි අශ්ව රථ ආදිය නැත. ඔවුන් නිකම්ම සිටිමින් භක්ති මාර්ගයට සැරසිලි ඇති කරයි. 'මම මෙම ද්‍රව්‍ය වල ආධාරය ගනිමි' යැයි බාබා පවසයි. භක්තිය පළමුව අමිශ්‍ර විය, එහෙත් පසුව යකඩ යුගයේ අවසානයේදී එය, සම්පූර්ණයෙන්ම කලවම් විය. එවිට පියා පැමිණ භාරතයට බටර් දෙයි. ඔබ ඉගෙන ගන්නේ ලෝක පාලකයන් වීමටයි. පියා පැමිණ ඔබට බටර් කවයි. මෝරු පටන් ගන්නේ රාවණ්ගේ රාජධානියේය. මේ සියලු දේම වටහා ගත යුතු වේ. නවක දරුවන්ට මේවා වටහා ගත නොහැක. උත්තරීතර පියා, උත්තරීතර ජීවය පමණක් ඥාන සාගරය යැයි කියයි. පියා පවසයි මෙම භක්ති මාර්ගයේ කිසිවෙකුට මා සොයා ගත නොහැක. භක්තිවන්තයින්ට ඔවුන්ගේ භක්තියේ ඵලය ලැබෙන්නේ මා පැමිණ, දුන් විට පමණි. මම මුක්තිය ලබා දෙන්නා වී, සියලුම දෙනාගේ දුක ඉවත් කර, ඔවුන්ව සාම දේශයට සහ සතුටු දේශයට ගෙන යමි. බුද්ධියෙහි විශ්වාසයට ජය ලැබේ, බුද්ධියේ සැකය විනාශය කරා යයි. පියා ගිනි දැල්ලයි. සමහර සලබයින් සම්පූර්ණයෙන්ම කැපවන අතර, සමහරු වටේට කරකැවී ඉවත් වී යයි. ඔවුනට කිසිවක් නොවැටහේ. අසීමිත පියාගෙන් අසීමිත උරුමයක් ඔවුනට සත්‍යයෙන්ම ලැබෙන බව කැපවෙන දරුවන් දනී. නිකම්ම වටේට කරකැවී ඉවත් වී යන අය අනුපිළිවෙලට පුරවැසියන්ගේ කොටසක් වේ. කැපවන අය ද ඔවුන්ගේ උත්සාහයට අනුව අනුපිළිවෙලට ඔවුන්ගේ උරුමය ලබා ගනී. ගන්නා උත්සාහයට අනුව ත්‍යාගය ලැබේ. ඥාන සාගරය වන්නේ එකම පියා පමණි. ඉන් පසු මෙම දැනුම අතුරුදන් වේ. එවිට ඔබ මුක්තිය ලබා ඇත. ස්වර්ණම හා රිදී යුගයන් හී ගුරුන් ආදී අය නොමැත. ඔහු ඥාන සාගරය බැවින් දැන් සියලු දෙනාම එම පියා සිහි කරයි. ඔහු සියලුම දෙනාට මුක්තිය ලබා දේ. පීඩාවේ අඳෝනා අවසන් වී, ජය ලැබීමේ සතුට තිබේ. ලොව මුල, මැද හා අග ඔබ දනී. ඔබ දැන් ත්‍රිකාල්දර්ශී හා ත්‍රිනේත්‍රී වී ඇත. ඔබ දැන් නිර්මාණක ගැන දැනුම ද, නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ දැනුම ද ලබයි. මෙය විශ්වාස කළ නොහැකි කතාවක් නොවේ. ගීතාව කතා කළේ දෙවියන්ය. එහෙත් ඔවුන් ක්‍රිෂ්ණාගේ නම ඇතුළු කර එය බොරු බවට පත් කර ඇත. ඔබ දරුවන් දැන් සියලු දෙනාටම යහපතක් කළ යුතු වේ. ඔබ ශිව ශක්ති හමුදාවයි. මව්වරුන්ට නමස්කාර වේවා! යැයි මතක් කර ඇත. නමස්කාර කරන්නේ පිවිතුරු අයටයි. කුමාරි කෙනෙක් පාරිශුද්ධ විට සියලු දෙනාම ඇයට හිස නමයි. ඇය විවාහ වී අපිරිසිඳු වීමත් සමඟම, නිරතුරු හැම කෙනාටම ඇය හිස නමයි. සියලු දේම රඳා පවතින්නේ පාරිශුද්ධත්වය මතයි. භාරතයේ පාරිශුද්ධ ගෘහස්ථ ආගම තිබුණි, දැන් එය අපවිත්‍ර ගෘහස්ථ ආගම වේ. දුක හැර වෙන කිසිවක් නැත. ස්වර්ණම යුගයේදී එය එසේ නොවේ. පියා ඔබ දරුවන්ට ඔහුගේ අත්ල මත දෙව් ලොව රැගෙන එයි. ඔබට ගෙදර ජිවත්වන අතර, පියාගෙන් ඔබගේ උරුමය වන ජීවන මුක්තිය ලබා ගත හැක. ඔබගේ ගෙදර හෝ පවුල අත්හැරීමේ ප්‍රශ්නයක් නොමැත. සන්යාසීන්ගේ හුදෙකලා මාර්ගය වෙනස්ය. ඔබ දැන් පියාට පොරොන්දු වේ. බාබා මම නිසැකවම පාරිශුද්ධ වී, පාරිශුද්ධ ලොවෙහි පාලකයා වෙමි. ඉන් පසු 'කුමක් වුවත් මම මගේ ධර්මය කිසි සේත් අත් නොහරිමි'. මායාගේ ග්‍රහණයෙන් මිදීමට පස් පව් දානය කරන්න, එවිට ඔබට කලා දහසයෙන් සම්පූර්ණ විය හැක. ස්වර්ණම යුගයේදී ඔවුන් සම්පූර්ණයෙන්ම කලා දහසයෙන් පිරි, සම්පූර්ණයෙන්ම පාපයන්ගෙන් මිදී ඇත. ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කර නැවත වරක් එසේ විය යුතුය. දෙවියන් දුප්පතුන්ගේ ස්වාමියා වේ. ධනවතුන්ට බොහෝ ධනය ඇති හෙයින්, ඔවුන් දැන් සිටින්නේ දෙව් ලොව යැයි ඔවුන් සිතන නිසා ඔවුනට මෙම දැනුම ගත නොහැක. අහිංසක, දුර්වල සහ ගල් බුද්ධි ඇති අය පමණක් මෙම දැනුම ගන්නේ එමනිසාය. භාරතය දිළිඳුය. ඔවුන් අතරින් ද පියා තමාට සතු කර ගන්නේ සාමාන්‍ය දිළිඳු අය පමණි. ඔවුන්ගේ වාසනාවේ පමණක් එය ඇත. සුධාමාගේ උදාහරණය මතක් කරයි. ධනවතුන්ට මේවා තේරුම් ගැනීමට කාලය නොමැත. දූවරු රාජේන්ද්‍රප්‍රසාද් (ඉන්දියාවේ හිටපු ජනාධිපති) වෙතට ගියේය. අසීමිත පියා හඳුනා ගන්න, එවිට ඔබට දියමන්තියක් සේ වටිනා විය හැක, සත් දින පාඩම් මාලාව කරන්න, යැයි ඔහුට කීවේය. ඔව්, ඔබලා කියන දේ බොහෝ හොඳයි, මම විශ්‍රාම ගිය විට පාඩම් මාලාව ගන්නම්, යැයි ඔහු කීය. විශ්‍රාම ගිය විට ඔහු කීවේ, මම දැන් රෝගී වී ඇතැයි කියාය. උසස් අයට කාලය නොමැත. නාරායන වීමේ කුල්මත්භාවය ඔවුනට ලබාගත හැක්කේ ඔවුන් පළමුවෙන්ම සත් දින පාඩම් මාලාව අවසන් කළ විට පමණි. ඔවුන් පාට කිරීම එතරම් පහසු නැත. යම් කෙනෙකු වටිනවාද හෝ නොවටිනවාද යැයි කිව හැක්කේ සත් දිනකින් පසුව පමණි. ඔහු වටින්නේ නම්, දැනුම ගැනීමට ඔහු උත්සාහ දරයි. යම් කෙනෙකු උඳුනේදී (භතියේදී) ඉතා තදින් පාට නොකළේ නම්, ඔහු පිටතට ගිය සැනෙකින්ම අවපැහැ ගැන්වේ, එමනිසා, පළමුවෙන්ම ඔවුන්ව ඉතා හොඳින් පාට කළ යුතු වේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශිව ශක්ති කෙනෙක් වී මුළු ලොවටම යහපතක් කරන්න. පාරිශුද්ධත්වයේ පදනම මත, වටිනාකම සිප්පි කටු තරමේ වන මානව ජීවයන්, දියමන්ති සේ අගනා කරවන්න.

2. ශ්‍රීමත්වලට අනුව, පව් දානය කර සම්පූර්ණයෙන්ම පව්වලින් නිදහස් වී, කලා දහසයෙන් සම්පූර්ණ වන්න. ගිනිදැල්ලට කැප වන සළඹයින් වන්න.

වරදානය:
ඒවා නොවැදගත් ජවනිකා බව සලකා, අහිතකර සිදුවීම් අභිබවා යෑමෙන්, ඔබ බලවත් ජීවාත්මයක් සහ සිහි කිරීමේ ප්‍රතිරුවක් වේවා.

සිහි කිරීමේ ප්‍රතිරූ වන ජීවාත්ම, බලවත් නිසා, ඔවුන් අහිතකර සිදුවීම් ක්‍රීඩා බව සලකයි. සිදුවීම කෙතරම් විශාල වුණත්, බලවත් ජීවාත්මයන්ට, ඒවා සියල්ලක්ම ඔවුන්ගේ ගමනාන්තයට යන මාර්ගයේ නොවැදගත් ජවනිකාය. මිනිසුන් සැබවින්ම ගොස් නොවැදගත් ජවනිකා බැලීමට මුදල් වියදම් කරයි. සිහිපත් කිරීමේ ප්‍රතිරූ වන බලවත් ජීවාත්මයන්ට, ඔබ ඒවා අහිතකර සිදුවීමක්, ප්‍රශ්න පත්‍රයක් හෝ බාධකයක් ලෙස හැඳින්වුවත්, ඒ සියල්ලක්ම නොවැදගත් ජවනිකාය. ඔබගේ ගමනාන්තයට යන අතරමඟ අනේක වාර ගණනාවක් ඔබ එම නොවැදගත් ජවනිකා පසු කර ඇති බව ඔබගේ අවධානයේ තිබේ; එය අළුත් දෙයක් නොවයි.

පාඨය:
අන් අයව නිවැරදි කරනවා වෙනුවට, පියා සමග සම්බන්ධ වන්න, එවිට ඔබ අඛණ්ඩව ආශීර්වාද අත්විඳියි.

මාතේෂ්වරීගෙන් මිහිරි උසස් වදන්.

'ඕම්' මන්ත්‍රය නිකම්ම ජප කිරීමෙන් යහපතක් නැත.

'ඕම්' ජප කිරීම යනු මෙය නිරන්තරව ගැයීමයි. අපි 'ඕම්' වචනය කියන විට, එය ශබ්ද නඟා කීමක් අදහස් නොවේ. නිකම්ම 'ඕම්' කීමෙන් ජීවිතයේ යහපතක් වන්නේ නැත. කෙසේ වුවද, 'ඕම්' යන්නෙහි තේරුම ස්ථාවරව ගත් විට සහ ඕම් යන වචනයෙහි තේරුම දැන ගැනීමෙන්, මනුෂ්‍යයින්ට ඔවුන්ගේ ජීවිත සාමකාමී කර ගත හැකි වේ. මිනිසුන්ට නියතයෙන්ම සාමය අවශ්‍ය නිසා, ඒ සඳහා බොහෝ සම්මන්ත්‍රණ පවත්වයි. කෙසේ වුවද, ඒවායේ ප්‍රතිඵල ලෙස දැකිය හැක්කේ සාමයෙන් තොර බවත් දුකට හේතුත් වැඩි වන බවයි. ප්‍රධාන කරුණ වන්නේ මනුෂ්‍යයින් පාප පහ විනාශ නොකරනතාක් කල් පොළොව ගෝලය මත සාමය ඇති වීමේ හැකියාවක් නැති බවයි. ඉතින් පළමුවෙන්ම සියලු මනුෂ්‍යයින් ඔවුන්ගේ පාප පහ පාලනය කරගෙන ජීවාත්ම සත්තාවන්ගේ රැහැන පරමාත්මය වෙත බැඳ තැබීමයි. එවිට පමණයි සාමය ඇති විය හැක්කේ. ඉතින් සැම කෙනෙක්ම තමාගෙන් මෙසේ ඇසිය යුතුය මා, මා තුළ පාප පහ විනාශ කර ඇත්ද? ඒවා ජය ගැනීමට උත්සාහ කර ඇත්ද? ඔවුන් 'මා තුළ පාප පාලනය කරන්නේ කෙසේ ද?' යැයි ඇසුවොත් ඔවුන්ට ක්‍රමය පෙන්වා දෙන්න. සියල්ලට පළමු ඥානය නම් වූ සුවඳ ධූපය ද යෝගාව ද දිය යුතුය. ඒ සමඟ ම පරමාත්මයේ උසස් වැකි ද මෙසේ කියා දෙන්න : ඔබේ බුද්ධියේ යෝගාව මා හා එක් කරන්න, මා සිහිකර සර්ව බලධාරී දෙවියන් වන මගෙන් බලය ගත් විට සියලු පාප දුරු වී යයි. අප දැන් මේ මට්ටමේ ආධ්‍යාත්මික උත්සාහයක් දැරූ විට දෙව් පියාණන් වශයෙන් ඔහුම පැමිණ අපට උගන්වයි. අච්චා.