29.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුමේ සාගරය මතගෑමේ පුරුද්ද බිඳෙන් බිඳ ඇති කරගන්න. ඔබගේ බුද්ධියට අලුත් කරුණු ඇතුලත් කරගැනීම සඳහා උදේ පාන්දරම හුදකලාවී දැනුමේ සාගරය ආවර්ජනය කරන්න.

ප්‍රශ්නය:
දරුවනි, ඔබගේ තත්ත්වය පළමු ගණයේ එකක් බවට පත් කරගැනීමට ඔබ විසින් නිරන්තරයෙන් අවධානය යොමු කළ යුත්තේ කුමන කරුණ පිළිබඳවද?

පිළිතුර:
1. එකම එක පියා පමණක් කියන දේ අහන්න. මේ ලෝකයේ වෙන අය කියන දේ අහන්න එපා. 2. ඔබගේ ආශ්‍රයන් ගැන පරෙස්සම් වන්න. ඔබගේ තත්ත්වය පළමු පන්තියේ තත්ත්වයට පත් වීම සඳහා දැනුම උකහා ගත් අය සමඟ පමණක් ආශ්‍රය කරන්න. සමහර දරුවන්ගේ තත්ත්වය දකිමින් නාටකයේ සමහර දේවල් වෙනස් විය යුතුයි කියා බාබා සිතනවා. නමුත් බාබා කියනවා: අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් තිබෙනවා.

ඕම් ශාන්ති.
අසීමිත පියා අසීමිත දරුවන්ට පැහැදිලි කරයි. ඔහු ඔවුන්ට උගන්වනවා. සාමාන්‍ය මිනිසුන් අහන දේ සහ ඉගෙනගන්න දේ කිසිම දෙයක් ඔබ විසින් ඉගෙනගත යුත්තේ හෝ ඇසිය යුත්තේ නැහැ. මන්ද, සත්‍යයේ අධ්‍යාපනය මෙයම පමණක් බවත් එය ඉගෙනගත යුත්තේ ද මේ කාලයේ දීම බවත් ඔබ තේරුම් අරගෙන තියෙනවා. තනිකර පරමාත්ම දෙවියන් සමඟ පමණක් ඔබ ඉගෙනගන්න. මොනවා වුණත් පියාගේ කටින් කියන දේ පමණක් ඉගෙනගන්න. ඔබට ඒක ඉගෙනගන්න පුළුවන්. මිනිස්සු ගොඩක් පොත් මුද්‍රණය කරනවා. ඒවා මුළු ලෝකයේම ඉගෙනගන්නවා. ඔබ ඔහුගෙන් ඉගෙන ගන්න දෙයින් පමණයි යහපතක් වෙන්නේ. දරුවනි, ඔබ ඒකායන කෙනාට පමණක් ඇහුම් කන් දෙන බව කියන්නේ ඔබ පමණි. ප්‍රයෝජනයක් ඇත්තේ එය තුළ පමණක් වන නිසා ඔබ එය අන් අයටත් කියා දෙනවා. කොහොමනමුත්, නැතිනම්, දිගින් දිගටම අලුත් පොත් වර්ග සහ අලුත් අය මතු වෙනවා. ඔබ දන්නවා එකම පියා පමණයි එකම ධර්මිෂ්ඨ දේ ඔබට කියන්නේ, එපමණයි. ඔබ විසින් කළ යුත්තේ ඔහුට ඇහුම්කන් දීම පමණයි. පියා ඔබට පැහැදිලි කර දෙන්නේ ඉතාම ටිකයි. ඔහු විස්තරාත්මකව කියා දී නැවතත් මූලික දෙයම කියනවා. බාබා විසින් යොදන ’මන්මනාභාව්' වචනය හරි වුණත් බාබා එසේ කීවේ නැහැ. පියා කියනවා: නිරන්තරයෙන් ඔබ ජීවාත්ම අවධානයට පත් වී මාව, ඔබගේ පියා සිහි කරන්න. මම කියාදෙන, ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ දැනුම උකහා ගන්න. දේවතාවරුන් බවට පත් වීමට සිටිනා අපගේ ගණන වැඩිවන බව දන්නේ ඔබ පමණයි. දරුවනි, ඔබ නව ලෝකයත් අශරීරික ලෝකයත් සිහිකරන්න. සියල්ලටම පළමුව සිටින්නේ උසස්ම උසස් පියා, දෙවනුව ඉහළම ඉහළ ලක්ෂ්මි නාරායන විසින් පාලනය කරනා නව ලෝකයයි. පින්තූර අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒවා ලකුණු කර තබාගන්න. මේක පමණයි පින්තූරය. රාමාගේ පින්තූරයත් තියෙනවා. නමුත් රාම අධිරාජ්‍ය දිව්‍යලෝකය කියා කියන්නේ නැහැ. ඒක අර්ධයි. උසස්ම පියා දැන් ඔබට උගන්වනවා. වෙනත් පොත් යනාදිය ඔබට අවශ්‍ය නැහැ. මෙහි මේ පොත් වලින් ඊළඟ උපතට යාම ගැන උගන්වන්නේ නැහැ. මේ ඉගැන්වීම මේ උපත සඳහායි. මෙයත් අමරණීය කතාන්තරයක්. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පත් වීම සඳහා ඔබට උගන්වනවා. උපත් 84 චක්‍රය ගැනත් ඔබ දැන් දන්නවා. මේ ඉගෙනගන්නා කාලයයි. ඔබගේ බුද්ධිය නිරන්තරයෙන් ආවර්ජනය කරන්න. ඔබත් අන් අයට ඉගැන්විය යුතුයි. හිමිදිරි පාන්දර අවදි වී, දැනුමේ සාගරය මතගාන්න. හිමිදිරි පාන්දර තැනක ඉඳගෙන හොඳට දැනුම ආවර්ජනය කරන්න. ලෝකයේ අන් අයට විස්තර කර දෙන අය පමණයි දැනුම ආවර්ජනය කරන්නේ. ඔවුන් මාතෘකා සහ කරුණු උපුටා ගනීවි. උපතින් උපත භක්තියේ දේවල් ඔබ අසමින් සිටියා. මේ දැනුම ඔබ උපතින් උපත අහන්නේ නැහැ. ඔබ අමතක කරන්න එපා, එකම එක පියා ඔබට මේ දැනුම දෙනවා. භක්ති මාර්ගයේ ගොඩක් පොත් තියෙනවා. පිටරට අය පවා මේ පොත් අරගන්නවා. මේ සියල්ල අවසන් වෙනවා. සත් යුගයේ දී මේ පොත් අවශ්‍ය වෙන්නේ නැහැ. සියල්ල යකඩ යුගයේ සැරසිලි පමණයි. ඔබ මොනවද මෙහිදී දකින්නේ - රෝහල්, හිර ගෙවල්, නීතීඥයින් යානදී දැන් ඔබ දකින ඒ කිසිම දෙයක් එහි නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක්. ඒකත් මේ ලෝකයම තමයි, නමුත් ලෝකයේ අලුත් සහ පරණ අතර වෙනසක් තියෙනවා. ඒ දිව්‍යලෝකයයි. ඒ ලෝකයම අපාය බවට පත් වෙනවා. මිනිස්සු කියනවා: අහවල් කෙනා ස්වර්ගස්ථ වෙලා. සන්‍යාසී කෙනෙක් නම්, බ්‍රාහ්මණ ලෝකයට ගිහින්. කොහොමනමුත්, කිසිවෙක් නිවණට යන්නේ නැහැ. ඔබ දන්නවා රුද්‍රාගේ මල් දාමය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ඒකත්, රුන්ඩ්‍රාගේ මල්දාමයත් එනම්, විෂ්ණුගේ අධිරාජ්‍යයේ මල්දාමය නිර්මාණය වුණා. දරුවන් පමණයි මේ මල් දාමයේ රහස දන්නේ. නොම්බර පිළිවෙළට, ඔබගේ උත්සාහයට අනුව ඔබ මල් දාමයට ඇමිණෙනවා. මේ සත්‍යයේ ඉගැන්වීම ගැන ඔබ පළමුව විශ්වාස කරන්න. ඔහු තමයි ආධ්‍යාත්මික ගුරුවරයා සහ ආධ්‍යාත්මික පියා. මේ දැනුම ඔබ ලබාගෙන අන් අයගේ බුද්ධියටත් දාන්න. ඔවුන්වත් ඔබ හා සම කරන්න. දැනුමේ සාගරය ආවර්ජනය කරන්න. ඔවුන්ට සෑම උදෑසනම දිනපතා තොරතුරු ඇතුළත් පත්තර නිකුත් වෙනවා. ඒ දේවල් පොදුයි. මෙහි එක කරුණක් රුපියල් සිය දහසක් වටිනවා. සමහරුන්ට හොඳට අවබෝධ වෙනවා. සමහරුන්ට අඩුවෙන් අවබෝධ වෙනවා. අන් අයට විස්තර කිරීම සඳහා ඔබ කොතරම් දුරට උත්සාහ ගත්තාද ඒ අනුව නව ලෝකයේ තත්ත්වය ලැබේ. බොහෝ සේ හුදකලාවී දැනුමේ සාගරය ආවර්ජනය කරන්න. රාමතිරාත්ට කුමක් හෝ ලියන්න අවශ්‍ය වූ විටෙක අන් අයගේ සිතිවිලි කම්පන තමාට බලපාන නිසා ගෝලයාට සැතපුම් දෙකක් ඈතට යන්න කියනවලු. ඔබ දැන් පරිපූර්ණත්වයට පත් වෙනවා. මුලු ලෝකයටම බුද්ධිමත්භාවයේ අඩුපාඩුව තිබුණා. මේ අධ්‍යාපනය මඟින් ඔබ ලක්ෂ්මි නාරායන බවට පත් වෙනවා. මෙය ඒ වගේ උසස් අධ්‍යාපනයක්. කොහොමනමුත්, ඔබ නොම්බර පිළිවෙලට ඉඳගත යුතුයි. පිටුපස ඉඳගනිමින් ඔබ පරාජය වී පසුව හිර වී වාතාවරණයත් පළුදු කරනවා. මේ අනුව, නීතිය කියන්නේ ඔබ අංක පිළිවෙලට වාඩිවිය යුතු බවයි. කොහොමනමුත්, පැණි කොච්චර පැණි රස ද කියා දන්නේ පැණි මුල පමණි. මේක බොහොම උසස් දැනුමක්. ඔබගේ පංතියේ වෙන් කරන්න බැහැ. නමුත් පංතියේ වාඩි වන විට ළඟ ඉන්න කෙනාව සුලු වශයෙන් හෝ ස්පර්ෂ නොවන ලෙස අසුන් ගත යුතුයි. එවැනි පංතියක මයික් එකකින් බොහෝ දුරට ශබ්දය ඈතට ඇහෙනවා. පියා කියනවා: මේ ලෝකයේ වෙන කිසිම දේ ඉගෙන ගන්න හෝ ඇහුම්කන් දෙන්න එපා. ඔවුන් සමඟ කිසිම ආශ්‍රයක් තබා ගන්න එපා. ඔබ ආශ්‍රය කළ යුත්තේ හොඳින් ඉගෙන ගන්නා අය පමණි. සේවය කිරීම සඳහා යෝගීයුක්ත හොඳ දූවරුන් අවශ්‍ය වෙනවා. මේ කෞතුකාගාර ආදිය සඳහා පියා විස්තර කරනවා. නාටකය දෛවෝපගතයි. සමහර වෙලාවට බාබා හිතනවා මේ නාටකය වෙනස් කරන්න ඕන කියලා. කොහොමනමුත්, මෙය කිසි වෙනසක් කරන්න බැහැ. මේක දෛවෝපගත ක්‍රීඩාවක්. දරුවන්ගේ තත්ත්වය දකිමින් බාබා හිතනවා කිසියම් වෙනසක් සිදුවිය යුතුයි කියලා. ඔවුන් ඒ ලෙසම සත් යුගයට යාවිද? නමුත් නැවතත් හිතනවා සම්පූර්ණ අධිරාජ්‍යයක් සත් යුගයට අවශ්‍යයි. එහි දැසි දස්සොත්, සේවිකාවොත්, සොහොන් පල්ලොත් ඉන්නවා. නාටකය කිසි වෙනසක් සිදු විය නොහැකියි. පරමාත්ම දෙවියන් කියනවා: මේ නාටකය දෛවෝපගතයි. ඒක මටවත් වෙනස් කරන්න බැහැ. දෙවියන් හැර වෙන කිසිවෙක් උසස් නැහැ. මිනිස්සු කියනවා, මොනවද දෙවියන්ට කරන්න බැරි කියලා. ඒත් දෙවියන් කියනවා මට කිසිම දෙයක් කරන්න බැහැ. මේ නාටකයේ සැකසුමයි. මම මොනවද කරන්නේ? බොහෝ දූවරු කතා කරනවා, මේ කරදර වලින් මාව බේරා ගන්න කියලා. පියා මොනවද කරන්නේ. පියා සරළව කියාවි: මේක තමයි නාටකයේ දෛවය. මේක දෛවෝපගත නාටකයක්. හිතන්න එපා, හැම දෙයක්ම දෙවියන්ගේ කැමැත්ත කියලා. දෙවියන්ගේ අතේ තියෙන දෙයක් නම්, විශේෂිත දරුවෙක් ශරීරයෙන් සමුගන්න තිබෙනවා නම් රැක ගනීවි. මේ වාගේ ගැටළු බොහෝ අයට තිබෙනවා. පරමාත්ම දෙවියන් ඔබට උගන්වනවා. ඔබ දෙවියන්ගේ දරුවන්. ඔහුගේ සෑම දැරුවෙක්ම බේරාගන්න ඔහුට බැරි වේවි. මේ මාර්ගයේ දී ඔවුන් ගොඩක් පැමිණිලි කරනවා. ඔවුන් කියනවා, ඇතැම් පුද්ගලයින්ගේ ජීවිත බේරා ගැනීමටත් ජීවත් කරවීමටත් දර සෑයෙන් ඔවුන්ව නැගිට වීමට පවා සාදු සන්‍යාසීන්ට පුළුවන් කියා. මිනිස්සු කියනවා: දෙවියන් ඔහුට කරුණාව දක්වලා. පියා කියනවා: කුමක් වුවත් නාටකයේ සැකසුමට අනුව සිදු වෙනවා. පියාට මොනවත් කරන්න බැහැ. මෙය දෛවෝපගත නාටකයයි. ඔබ දන්නවා නාටකය ගැන. ඔවුන් කියනවා, කුමන සිදුවිමක් සිදු වූවත් ඇයි ඔබ කණගාටු වෙන්නේ. ඔහු ඔබව දුකින් මුදවනවා. තත්පරයෙන් තත්පරයට හැම දෙයක්ම සිදු වෙනවා. නාටකය තේරුම් ගන්න. ජීවාත්මය ශරීරය අතහැර වෙනත් චරිතයක් රඟපෑමට ගියා. මේ සදාකාලික චරිත කොටස වෙනස් කරන්න පුළුවන් කාටද? ඔබගේ තත්ත්වය ටිකක් දුර්වල වුණත් යම් යම් දේ ගැන ඔබට හිතන්න සිදු වුණා වුණත් දෛවය සම්බන්ධයෙන් කිසිම දෙයක් කළ නොහැකියි. මේ සඳහා මිනිස්සු මොනව කිව්වත් නාටකයේ රහස් අපේ බුද්ධියේ තියෙනවා. අපට අපේ චරිත කොටස රඟපාන්න වෙනවා. ඒ ගැන කණගාටු වෙන්න අවශ්‍ය නැහැ. ඔබගේ තත්ත්වය දුර්වල වෙන විට එහි අපහසු බවක් ඇති වේවි. මේ කාලයේ ඔබ හැම දෙයක්ම ඉගෙන ගන්නවා. ඔබලා හැමෝම ශාරීරික මනුෂ්‍යයෝය. මම විතරයි අශරීරික. ශාරීරික මනුෂ්‍යයන් වන සියලු දෙනාටම මම උගන්වමි. පියා ඔබ දරුවන්ට විස්තර කරනවා. සමහර වේලාවට මේ බ්‍රහ්මා ඔබට විස්තර කරනවා. එක කොටසක් පියාගේ වන අතර ප්‍රජාපිතා බ්‍රහ්මාගේ කොටසත් පුදුම සහගතයි. මේ පියා දැනුමේ සාගරය ආවර්ජනය කර ඔබට කියා දෙනවා. මෙය එවැනි පුදුම සහගත දැනුමක්. ඔබගේ බුද්ධිය බොහෝ සේ පාවිච්චි කළ යුතුයි. බාබා උදේ පාන්දරම දැනුමේ සාගරය ආවර්ජනය කරනවා. ඔබත් ඔබගේ ගුරුවරයා වගේ විය යුතුයි. කොහොමනමුත්, අනිවාර්යෙන්ම එහි වෙනසක් තියෙනවා. ගුරුවරයා ශිෂ්‍යයාට කවදාවත් ලකුණු 100% ක්ම දෙන්නේ නැහැ. ඔහු නිතරම පොඩ්ඩක් අඩුවෙන් තමයි දෙන්නේ. අපි සාමාන්‍ය ශරීර තියෙන අයයි. ඔහු උසස්ම උසස් කෙනා. ඉතින් අපි 100%ක් බාබා වගේ වෙන්නේ කොහොමද? මෙය ඉතා ගැඹුරු දේවල්. ඇතැම් අය එයට හොඳින් ඇහුම්කන් දී හොඳින් තේරුම් ගෙන සතුටු වෙනවා. නමුත් අනිත් අය කියනවා: බාබා හැම තිස්සෙම කියන්නේ එකම දේනෙ. අලුත් ළමයි එන විට පළමු තැනට ඔසවා තබනවා. සමහර විට අන් අයට විස්තර කර දීම සඳහා එක සමාන අලුත් කරුණු මතු කරගන්න. නැතත්, දරුවන් පියාට උදව් කළ යුතුයි. සඟරාත් පිට වෙනවා. පෙර කල්පයේ ආකාරයට ලියැවෙනවා. ඒත් ඔබ අලුත් පත්තරයක් මුද්‍රණය කරන විට කියවන මිනිසුන් අන්ද මන්ද කරන දේවල් ලියන්නේ නැහැනේ. ඔබ සඟරා කියවනවා. යමක් ස්ථාවර නැතිනම්, තවම කිසිම කෙනෙක් සම්පූර්ණ තත්ත්වයට පත් වී නැහැ කියා කියනවා. ඉතා නිවැරදිව කලාවන් 16 සම්පූර්ණ කරන්න කාලය ගන්නවා. දැන් ඔබට ගොඩක් සේවය කරන්න තියෙනවා. පුරවැසියන් රාශියක් නිර්මාණය කරන්න තියෙනවා. පියාත් විස්තර කර තිබෙනවා: ලකුණු වර්ග කිහිපයක්ම තිබෙනවා. කිසිවෙක් උපකරණයක් බවට පත් වී බොහෝ අයට දැනුම ලබා ගැනීමට කටයුතු සැලසුවහොත් ඔහුට එහි ඵලය ලැබෙනවා. මේ පැරණි ලෝකය දැන් අවසාන වෙන්නයි යන්නේ. මෙහි ඇත්තේ තාවකාලික සතුටක්. හැමෝටම අසනීප ආදිය තියෙනවා. බාබා හැම දෙයක්ම විස්තර කරනවා. ලෝකයේ දේවල් ගැන ඔහු පැහැදිලි කරනවා. බාබා කියනවා: පත්තර සහ සඟරා වල ඉතා පුදුම සහගත දේ ලියන්න. එවිට මිනිස්සු හිතාවි බ්‍රහ්ම කුමර කුමරියන් මෙය ඉතා නිවැරදි ලෙස ලියල තිබෙනවා කියලා. අවුරුදු 5000කට පෙරත් මේ යුද්ධය මේ ආකාරයෙන්ම සිදු වුණා. කොහොමද? ඇවිත් තේරුම් ගන්න. මේ දේවල් අසන විට මිනිස්සු සන්තෝසයට පත් වී ඔබේ නාමයටත් කීර්තියක් ගෙන ඒවි. මේ දේත් උසස්. කොහොමනමුත්, පළමුව කෙනෙකුගේ බුද්ධියට යා යුතුයි. මෙය ලියන අය අන් අයට එය පැහැදිලි කර දිය යුතුයි. පැහැදිලි කරන්න දන්නේ නැති අය ඒ ගැන ලියන එකකුත් නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. එකම පියා කියන හා උගන්වන දේට පමණක් ඇහුම්කන් දී ඉගෙනගන්න. වෙන කිසිම දෙයක් අහන්න හෝ ඉගෙනගන්න අවශ්‍ය නැහැ. ඔබ බොහොම පරෙස්සම් සහිත ආශ්‍රයක් තබාගන්න. දැනුමේ සාගරය ආවර්ජනය කිරීම සඳහා හිමිදිරි පාන්දර හුදකලාවක ඉඳගන්න.

2. නාටකයේ දෛවය දෛවෝපගතයි. එමනිසා, නිරන්තරයෙන් සැහැල්ලුවෙන් සිටින්න. කිසිදෙයක් ගැන සැක තියාගන්න එපා. මිනිස්සු මොනව කීවත් කමක් නැහැ. ඔබ නාටකය සම්බන්ධයෙන් නොසෙල්වී සිටිය යුතුයි.

වරදානය:
මාස්ටර් සර්වලබධාරී අයෙක් ලෙසින් ඔබ තම බල හැසිරවීමේ දී අධිකාරී බලයෙන් යුතු අයෙක් වී ඔබගේ සියලු බලතල සුදුසු වේලාවට භාවිත කරන්නෙක් වේවා.

සර්ව බලධාරී පරමාත්ම පියාණන්ගෙන් ඔබට ලැබී ඇති සියලුම බලතල, ඒවා භාවිත කිරීමට අවශ්‍ය තත්ත්වය, වේලාව සහ ආකෘතිය අනුව ඔබ සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට පරමාක්ම දෙවියන්ගේ මෙම බලතල සහ ආශිර්වාද ලබා ගත හැක. එක් මිනිත්තුවක දී ඒවායේ සිසිලස අත්විඳින්න, ඊළඟ මිනිත්තුවේ දී යමක් දැවෙන ආකාරයෙන් ඒවා අත්විඳින්න. සරළවම, නියම වේලාවට ඒවා භාවිතා කිරීමේ අධිකාරි බලයක් ඇත්තෙක් වන්න. මෙම සියලු බල ඔබ මාස්ටර් සර්වබලධාරීන්ගේ සේවාදායකයන් වේ.

පාඨය:
ඔබ වෙනුවෙන් සහ ලෝක පරිවර්තනයේ කර්තව්‍යය සඳහා උත්සාහ කිරීමට ඔබට ධෛර්යය ඇති විට, සාර්ථකත්වය සහතික වේ.