29.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, නිවැරදි ලෙස ශ්‍රීමත් ධාරණය කොටගෙන පියාගේ කීර්තිය පතුරුවාලිය හැකි වීමට ඔබගේ බුද්ධිය හා සිතිවිලි ඉතා පාරිශුද්ධත්වයට පත් කර ගන්න.

ප්‍රශ්නය:
පියාගේ කීර්තිය ඇතිකරලිය හැක්කේ දරුවන් තුළ කුමනාකාරයේ තත්ත්වයක් තිබෙනා විටද?

පිළිතුර:
ඔබගේ මුහුණ නිරතුරුවම උද්යෝගීමත්වත් නොසැලෙන නිෂ්චල මනෝ ස්ථිතියක සිට කුල්මත්ව සිටීමෙන් ඔබට පියාගේ කීර්තිය පතුරුවාලීමට හැකි වනු ඇත. නිරන්තර ස්ථිතියකින් යුතු වූ එවන් දක්ෂ දරුවන්ට සෑම කෙනෙකුටම නිවැරදිව පියාගේ හැඳින්වීම ලබා දීමට හැකි වනු ඇත.

ගීතය:
ඔබගේ වීථීයෙහිම ජීවත්ව එහිම මිය යන්නට...

ඕම් ශාන්ති.
අපි ජිව මරණයක් අත්දැකීම උදෙසා ඔබගේ දොරකඩ අභියසට පැමිණ සිටිමු. යනුවෙන් කියැවෙන්නා වූ ගීතය දරුවන්ට ඇසුණා. ඔබ පැමිණ සිටින්නේ කාගේ දොරකඩ අභියසටද? එම දෙයම නැවතත් මතුවනවා ගීතාවේ දෙවියන් ක්‍රිෂ්ණා නම්, මේ කිසිවක් සිදු විය නොහැකි වන අතර ක්‍රිෂ්ණාත් මෙහි සිටිය නොහැකියි. ස්වර්ණමය යුගයේ කුමරා ඔහුයි. ක්‍රිෂ්ණා ගීතාව කිව්වේ නැහැ. ගීතාව කිව්වේ උත්තරීතර පියා, උත්තරීතර ජීවයයි. සෑම දෙයක්ම තීරණය වන්නේ මෙම කරුණ මතයි. භක්ති මාර්ගයේදී ඔබ බොහෝ සෙයින් උත්සාහ දරමින් සිටියා. නමුත් එවැනි අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මෙය තත්ත්පරයක් තුළදී සිදු වන වෙනසක්. මේ එකම එක කරුණ ඔප්පු කර පෙන්වීම උදෙසා පියා විසින් සෑහෙන උත්සාහයක් දැරීමට සිදුවනවා. ඔහු විසින් විශාල දැනුම් සම්භාරයක් ලබා දිය යුතු වෙනවා. දෙවියන් (සත්‍යය) විසින් ලබා දෙන්නේ පෞරාණික වූ දැනුමයි. දැනුම ලෙස හඳුන්වන්නේ එයයි. සෑම දෙයක්ම පදනම් වන්නේ ගීතාව මතයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවය, දේවතා ධර්මය ස්ථාපනය කරලීම උදෙසා මෙහි පැමිණ පහසු රාජයෝගා හා දැනුම ඉගැන්වූව නමුත්, දැන් එය අතුරුදන් වෙලා. ක්‍රිෂ්ණා යම් අවස්ථාවක නැවතත් පැමිණ ගීතාව කියනවා යැයි මිනිස්සු සිතනවා. කොහොමනමුත්, චක්‍රයෙහි පින්තූරය යොදාගෙන, ඒ පාරලෞකික වූ උත්තරීතර පියා, උත්තරීතර ජීවය, දැනුමේ සාගරය විසින් ගීතාව කියැ වූ බව පැහැදිලිව ඔප්පු කළ යුතුයි. ක්‍රිෂ්ණාගේ ප්‍රශංසනීයත්වය, උත්තරීතර පියා, උත්තරීතර ජීවයට වඩා වෙනස් වූවකි. ස්වර්ණමය යුගයේ කුමරා ක්‍රිෂ්ණායි. පහසු රාජයෝගා ඉගෙන තම වාසනාව හිමිකර ගත් තැනැත්තා, ඔහු ඉගෙන ගන්නා විට, රාජ්‍යය ලැබුවායින් පසුව ලැබෙනා නමට වඩා ඔහුගේ නම හා ස්වරූපය වෙනස් බවත් ඔබ ඔප්පු කළ යුතු වෙනවා. ක්‍රිෂ්ණා කිසිම විටෙක පාරිශුද්ධකරුවා ලෙස හැඳින්විය නොහැකියි. පාරිශුද්ධකරුවා වන්නේ ඒ එකම එක පියා පමණයි. ශ්‍රී ක්‍රිෂ්ණා ජීවය පාරිශුද්ධකරුවා මාර්ගයෙන් දැන් නැවතත් ඉගෙන ගන්නවා. ඒ වගේම නැවතත් ඒ පිවිතුරු ලෝකයේ අනාගත කුමරා බවට පත් වෙනවා. මෙම විස්තරය නිවැරදි බව ඔප්පු කිරීමට ඔබ විසින් දක්ෂ ක්‍රම සොයාගත යුතු වෙනවා. විදේශිකයන්ටත් ඔබ මෙය ඔප්පු කර පෙන්විය යුතුයි. නොම්බර එකේ ආගමික ග්‍රන්ථය ගීතාවයි. ශ්‍රීමත් භගවත් ගීතාව, මව් ගීතාව, සියලු අගාමික ග්‍රන්ථයන්ගේ මිණිමුතුව වේ. දැන් මවට උපත ලබා දුන්නේ කවුරුන්ද? පියා විසින් තමයි මව යොදා ගන්නේ. ගීතාව කිව්වේ කවුද? ක්‍රිස්තුන් වහන්සේ විසින් බයිබලය යොදා ගත්තා කියන්නට බැහැ. ඔවුන් ඒ ඉගෙන ගන්නා බයිබලය නිර්මාණය වූයේ ක්‍රිස්තුන් වහන්සේ විසින් කියනා ලද ඉගැන්වීම් වලිනි. දැන්, ඔවුන් ඉගෙන ගන්නා ඒ ගීතාවෙහි ඉගැන්වීම් ලබා දුන්නේ කවුරුන්ද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. අනෙක් ආගමික ග්‍රන්ථ ගැන සෑම කෙනෙක්ම දන්නවා. මේ රාජයෝගා දැනුම ලබා දුන්නේ කවුරුන්ද යන්න ගැන ඔබ ඔප්පු කළ යුතු වෙනවා. දිනෙන් දිනම, මේ ලෝකය තව තවත් අපිරිසිඳු බවට පත්වෙනවා. ශ්‍රීමත් අනුගමනය නොකරන අයට මෙම දැනුම ධාරණය කරගත නොහැකියි. එවන් ජීවයන්ට ශ්‍රීමත් මෙසේ කියනවා ඔබට කිසිම ලෙසකින් මෙය විස්තර කරදිය නොහැකියි. තමා දැනුමෙන් පිරි කෙනෙක් ලෙස සලකන්න එපා. පළමුවෙන්ම, ඔබ විසින් ඔප්පු කළ යුතු දෙය වන්නේ ගීතාවේ දෙවියන්, උත්තරිතර පියා, උත්තරීතර ජීවය බවයි. පාරිශුද්ධකරුවා වන්නේ ඔහුම පමණයි. ඔහු සෑම තැනකම සිටිනා බව මිනිස්සු කියනවා. ඔහුව ආලෝකය ලෙස හෝ සාගරය ලෙස හඳුන්වනවා. ඔවුන් ඔළුවට එන ඕනෑම දෙයක් කියනවා එහි කිසිම අර්ථයක් නැහැ. එමනිසා, විස්තර කිරීම උදෙසා, ඔබ ගීතාව බැලිය යුතුයි. බරණැසේ ගුප්තාජීට, ගීතාවේ දෙවියන් කවුද කියා ඔප්පු කිරීමට පැවසුවා. සාමය ඇතිකරලීම උදෙසා තමාට කළ හැක්කේ කුමක්දැයි අසමින් දැන් සෑම තැනකම සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. සාමය ඇතිකරලීම අපිරිසිඳු මිනිසුන්ගේ අතේ තිබෙනා දෙයක් නොවේ. කතාවක් තියෙනවා අහෝ පාරිශුද්ධකරුවාණනි, එන්න. සාමය ඉල්ලමින් කන්නලව් කරනා මිනිසුන්ම කොහොමද සාමය ඇති කරන්නේ? කොහොමනමුත්, අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත් කරනා පියා ගැන ඔවුන් දන්නේ නැහැ. භාරතය පිවිතුරු ලෙස තිබුණු නමුත් දැන් එය අපිරිසිඳු වෙලා. දැන්, පාරිශුද්ධකරුවා කවුද? කිසිම කෙනෙකුගේ බුද්ධියට මෙය ඇතුළු වන්නේ නැහැ. ඔවුන් රාමා රජ්ජුරුවන්ගේ ප්‍රශංසාව ගැන ගායනා කරනවා. නමුත් ඔහු දෙවියන් නොවේ. ඔවුන් බොරුවට දිගින් දිගටම කන්නලව් කරනවා. නමුත් කිසිවෙක් කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. දැන්, කාටද පුළුවන් ඔවුන්ට මෙය විස්තර කර දෙන්න? මේ සඳහා ඉතාමත් හොඳ දරුවන් අවශ්‍ය වෙනවා. මෙය විස්තර කිරීම සඳහා ඔබට හොඳ උපක්‍රම අවශ්‍ය වෙනවා. දෙවියන් විසින් ගීතාව නිර්මාණය කළ බව ඔප්පු කළ හැකි විශාල ලෝක ගෝලයක් නිර්මාණය කොට තිබෙනවා. කවුරු වුණත්, සෑම කෙනෙක්ම දෙවියන් බව ඔවුන් කියනවා. පියා කියනවා ඔබට සිහිය නැහැ. මා පැමිණ ඒ පිවිතුරු රාජ්‍යය ස්ථාපනය කළා. ඒ වෙනුවට ඔවුන් ක්‍රිෂ්ණාගේ නම යෙදුවා. මා මොහුව අපිරිසිඳු බවින් මුදවා පාරිශුද්ධත්වයට පත් කොට ඔහුව පළමු කුමරා බවට පත් කළා. දෙවියන් කතා කරයි මා ක්‍රිෂ්ණා ජීවය යොදාගෙන, ඔහුව බ්‍රහ්මා නම් නම් කොට ඔහු මාර්ගයෙන් දැනුම ලබා දෙනවා. මේ පහසු රාජයෝගා මාර්ගයෙන්, පසුව ඔහු ස්වර්ණමය යුගයේ පළමු කුමරා බවට පත් වෙනවා. වෙන නිසිම කෙනෙක් මෙම විස්තරය ගැන දන්නේ නැහැ. පළමුවෙන්ම, සියලු ආගම් වල මව හා පියා වන දෙවියන් විසින් පැවසූ ශ්‍රීමත් වූ කලී භගවත් ගීතාව යන්න නිවැරදි කළ යුතු වෙනවා. එය නිර්මාණය කරන ලද්දේ කවුද? ඒ වගේම, ක්‍රිස්තියානි ධර්මයේ ආගමික ග්‍රන්ථය වන බයිබලයට උපත දෙන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ විසිනි. හොඳයි, බයිබලයේ පියාණන් කවුරුන්ද? ක්‍රිස්තුන් වහන්සේ ඔහු මව හා පියා ලෙස හැඳින්වෙන්නේ නැහැ. ඔවුන් එය මවක් ලෙස ගන්නේ නැහැ. මෙහිදී එකම කෙනා මව හා පියා වෙනවා. ක්‍රිස්තියානි ධර්මය ක්‍රිස්ණා ධර්මය හා සන්සංදනය කර තිබෙනවා. ඇත්තෙන්ම, ඔවුන් ක්‍රිස්තුන් වහන්සේ විශ්වාස කරනවා. ඒ වගේම, බුදුන් වහන්සේ විසින් බෞද්ධ ධර්මය ස්ථාපනය කළා. එමනිසා, බෞද්ධයින්ටත් තම ආගමික ග්‍රන්ථය තිබෙනවා. කොහොමනමුත්, ගීතාව කිව්වේ කවුද එමඟින් නිර්මාණය වූ ධර්මය කුමක්ද යන්න ගැන කිසිවෙක් දන්නේ නැහැ. මෙම දැනුම ලබා දුන්නේ පාරිශුද්ධකරුවා, උත්තරීතර පියා, උත්තරීතර ජීවය බව කිසිවෙක් කියන්නේ නැහැ. මෙම දැනුම ලබා දුන්නේ ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය විසින් බව ඔවුන් අනිවාර්යෙන්ම වටහා ගන්නා අයුරින් මෙම චක්‍රය නිර්මාණය වී තිබෙනවා. රාධේ හා ක්‍රිෂ්ණා සිටියේ ස්වර්ණමය යුගයේයි. ඔවුන් තමා විසින්ම තමා හට මෙම දැනුම ලබා දුන්නා විය නොහැකියි. ඒ සඳහා වෙන කෙනෙක් අවශ්‍ය වූවා. වෙන කෙනෙක් තමයි ඔවුන්ව සමත් කර ඇත්තේ. තම රාජ්‍යය හිමි කර ගැනීම උදෙසා ඔවුන්ට මෙම දැනුම ලබා දුන්නේ කවුද? වාසනාවක් එමඟින්ම නිර්මාණය වන්නේ නැහැ. ඔබගේ වාසනාව නිර්මාණය කිරීම උදෙසා පියෙක් හෝ ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. ගුරූ කෙනෙක් විසින් විමුක්තිය ලබා දෙන බව මිනිස්සු කියනවා. කොහොමනමුත්, ඔවුන් මුක්තිය හෝ ජීවන මුක්තිය යනු කුමක්ද යන්න ගැනවත් දන්නේ නැහැ. ගෘහ ජීවිත මාර්ගයක් ගත කරනා අයට පමණයි ජිවන මුක්තිය ලබා ගත හැක්කේ. විමුක්තිය යනු සෑම කෙනෙක්ම පියා වෙත යාමයි. කිසිම කෙනෙක් මෙය වටහා ගන්නේ නැහැ. භක්ති මාර්ගයේදී මිනිස්සු විශාල කඩ අරිනවා (විශාල වශයෙන් භක්තියෙහි යෙදෙනවා) නියම සත්‍යයේ කඩපිළ මෙය වන අතර අනෙක් සියල්ල භක්ති මාර්ගයේ දේවල් පමණයි. පියා කියනවා සියලු වේදාවන් හා ආගමික ග්‍රන්ථ භක්ති මාර්ගයේ සැරසිලි පමණයි. තපස්යා කිරීමෙන් හෝ වේදාවන් හෝ ආගමික ග්‍රන්ථ තුළ මාව සොයාගත නොහැකියි. මා දරුවන් වන ඔබට දැනුම ලබා දී ඔබව පාරිශුද්ධත්වයට පත් කරනවා. මුළු ලෝකයටම විමුක්තිය ලබා දෙන්නා වන්නේ මමයි. ඔබ ජීවන මුක්තිය වෙත යා යුත්තේ මුක්තිය හරහායි. සැම කෙනෙක්ම ස්වර්ණමය යුගයට යන්නේ නැහැ. මෙම නාටකය දෛවෝපගත වූවකි. මීට ඉහත කල්පයේදී ඔබට ඉගැන්වූ දේ මෙන්ම නිර්මාණය වූ සියලු පින්තූර දැන් නැවතත් නිර්මාණය වෙමින් තිබෙනවා. ලෝකය කකුල් තුනකින් සිටගෙන සිටිනා බවත්, දේවතා ධර්මය නම් වූ පාදය බිඳී ඇති බවත් මේ නිසා ලෝකය සෙලවෙන බව මිනිස්සු කියනවා. මුලදී, මෙහි තිබුණේ නොබෙදුණු රාජ්‍යය ලෙස හැඳින්වුණු එකම එක ආගමයි. පසුව එම ආගමේ පාදය අතුරුදන්ව ගිය අතර, අනෙක් පාද තුන මතු වූවා. මේ හේතුවෙන්, දැන් කිසිම බලයක් ඉතිරි වී නැහැ. මිනිස්සු දිගින් දිගටම දබර කරගනිමින් ඉන්නවා. ඔවුන් තම ස්වාමියා ගැන නොදන්නා නිසා අනාථයින් බවට පත් ව සිටිනවා. ඔවුන්ට විස්තර කර දීම සඳහා උපක්‍රම ශීලී විය යුතුයි. ක්‍රිෂ්ණා ගීතාවේ දෙවියන් නොවන බවත් ඔබ විසින් විස්තර කර දිය යුතු වෙනවා එය කළේ භාරතය තම උපන් ස්ථානය වූ උත්තරීතර පියා, උත්තරීතර ජීවය විසිනි. ක්‍රිෂ්ණා ශාරීරික වන අතර ඔහු අශරීරිකයි. ඔහුගේ ප්‍රශංසනීයත්වය ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ගීතාව කිව්වේ කවුද යන්න ගැන පැවසීමට ඔබ හොඳ උපක්‍රමශීලීත්වයෙන් යුත් කාටුන් නිර්මාණය කළ යුතුයි. මෙය හරියට අන්ධයා ඉදිරියේ විශාල කැඩපතක් තබන්නා හා සමානයි. මෙය කිසිම දෙයක්, තමන්ට පමණට වඩා නොයා යුතුයි. විශාලම වරද වන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ ප්‍රශංසනීයත්වය ක්‍රිෂ්ණාට ආරෝපණය කිරීමයි. මන්ද ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාව ඔහුට වඩා සම්පූර්ණයෙන් වෙනස් වන හෙයිනි. ලක්ෂ්මි හා නාරායන් පින්තූරයේ යටින්, මෙසේ ලියා තිබෙනවා රාධේ හා ක්‍රිෂ්ණා. පසුව ඔවුන් ලක්ෂ්මි හා නාරායන් බවට පත් වූවා. ලක්ෂ්මි හා නාරායන් ඉන්නේ ස්වර්ණමය යුගයේ වන අතර රාමා හා සීතා ඉන්නේ රිදී යුගයේයි. පළමු දරුවා වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණාය. ඒත් ඔවුන් ඔහුව පෙන්වා ඇත්තේ තඹ යුගයේයි. මේ සෑම දෙයක්ම භක්ති මාර්ගයේ තිබෙනවා. විදේශිකයන් මේ ගැන දන්නේ මොනවාද? නාටකයට අනූව, කිසිවෙක් තුළ මෙම දැනුම නැහැ. දැනුම යනු දහවල බවත් භක්තිය යනු රාත්‍රිය බවත් කියා තිබෙනවා. මෙහිදී බ්‍රහ්මාගේ දහවල හා රාත්‍රිය සිහිපත් වෙනවා. ස්වර්ණමය යුගය ස්ථාපනය කළේ කවුද? බ්‍රහ්මා පැමිණියේ කොහි සිටද? ඔහු සූක්ෂම ලෝකයට පැමිණියේ කෙසේද? බ්‍රහ්මාව පෙන්නුම් කර තිබෙන්නා වූ සූක්ෂම ලෝකය නිර්මාණය කළේ උත්තරීතර පියා, උත්තරීතර ජීවය විසිනි. කොහොමනමුත්, මනුෂ්‍යත්වයේ පියා වන බ්‍රහ්මා, මෙහි ඇත්තේ නැහැ. ඇත්තෙන්ම, මනුෂ්‍යත්වයේ පියා විය යුත්තේ වෙනත් කෙනෙකි. ඔහු පැමිණියේ කොහි සිටද? කිසිම කෙනෙක්ට මේවා වටහා ගත නොහැකියි. දෙවියන්, ක්‍රිෂ්ණාගේ ශරීරය, ඔහුගේ අවසන් උපතේදී තම රථය බවට පත් කර ගත්තා. කිසිම කෙනෙකුගේ බුද්ධිය තුළ මෙය ඇත්තේ නැහැ. මෙය ඉතා විශාල පන්තියක්. ශිෂ්‍යයෙක් මොන ආකාර ද යන්න ගැන ගුරුවරයෙක් වටහා ගන්නවා නම්, පියාට මෙය වටහාගත නොහැකිද? අසීමිත වූ පියාගේ පන්තිය මෙයයි. මෙහි ඉගැන්වෙන සෑම කරුණක්ම අසහාය වූවකි. මෙය ජීවන ගමන සඳහා වන පහසු රාජයෝගා වේ. අපට මෙය ඔප්පු කර පෙන්වාදිය හැකියි. දරුවන් පියාගේ නාමය පතුරුවාලිය යුතුයි. නිරන්තරයෙන්ම, ඔබගේ මුහුණ උද්යෝගීමත්වත්, නිෂ්චලවත්, කුල්මත්වත් තබා ගන්න. ඔබ මෙසේ ඉදිරියට යන අතර අනිවාර්යෙන්ම ප්‍රශංසනීයත්වයට ලක් වනු ඇත. ඔබ සෑම කෙනෙක්ම බ්‍රහ්ම කුමරුන් හා කුමරියන්. කුමාරි කෙනෙක් යනු අන් අයවත් උපත් 21ක් පුරාවටම උරුමය ලබා ගැනීමට උත්සුක කරවන අයෙකි. කුමාරීන් ගැන සෑහෙන ප්‍රශංසනීයත්වයක් තිබෙනවා. මමා ඔබේ ප්‍රධානම කුමාරියි. සඳ ළඟින්ම ඉතාමත් හොඳ තාරකාවක් අවශ්‍ය වනවා. ඔහු දැනුමේ හිරු වන අතර මොහු සූක්ෂම වූ මවයි. මේ මව වෙනස් කෙනෙක්. මෙම රහස් වටහාගෙන අන් අයට ඒවා විස්තර කර දිය හැක්කේ දරුවන් වන ඔබට පමණයි. මාතාවරුන්ගේ නම් වලින් කරවා ඇති කෝවිල් වල මව්වරුන්ට වඩා මැය හාත්පසින්ම වෙනස් වුවකි. මේ පරණ, සූක්ෂම වූ, මාතාවට කෝවිල් තනා නැහැ. මේ මව හා පියා ඉන්නේ එක්වයි. ලෝකයේ වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ඒ ක්‍රිෂ්ණා විය නොහැකියි. මන්ද, ඔහු ස්වර්ණමය යුගයේ කුමරා වන නිසයි. දෙවියන්ට ක්‍රිෂ්ණා තුළට ඇතුළු විය නොහැකියි. මෙය විස්තර කර දීම ඉතාමත්ම පහසුයි. ගීතාවේ දෙවියන්ගේ ප්‍රශංසනීයත්වය මීට වෙනස් වූවකි. ඒ පාරිශුද්ධකරුවා, මාර්ගෝපදේශකයා මෙන්ම විමුක්තිදායකයා ද වනවා. මේ පින්තූර වලින්, සත්‍යයේ (දෙවියන්ගේ) ප්‍රශංසනීයත්වය ක්‍රිෂ්ණාගේ ප්‍රශංසනීයත්වයට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් සෑම කෙනෙක්ටම මෙම ප්‍රශංසනීයත්වය ලද නොහැකි බවත් වටහා ගනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ මනෝ ස්ථිතිය නොසැලෙන, නිෂ්චල එකක් බවට පත් කරවාගෙන මහා කුල්මත් බවකින් සිටින්න. ඔබගේ මුහුණ නිරන්තරයෙන් ප්‍රමෝදයෙන් තබා ගන්න.

2. දැනුම පිළිබඳ වූ මෙම පිරිසිඳු ආඩම්බරයෙන් සිටිමින් පියාව එළිදරව් කරන්න. ගීතාවේ දෙවියන් කවුද යන්න ඔප්පු කර සෑම කෙනෙක්ටම පියාගේ සැබෑ හැඳින්වීම ලබා දෙන්න.

වරදානය:
ඔබ සැබෑ සේවාධාරියෙක් වී, සිහි කිරීමේ ප්‍රතිරුවක් ලෙසින් ජීවාත්මයන්ට තමන් ගැන මතක් කර දෙන්න.

අන් අයව සිහි කිරීමේ ප්‍රතිරූ බවට පත් කිරීමට, ස්මරණයේ ප්‍රතිරුවක් වීමේ ඔබගේ මුහුණුවර භාවිතා කිරීම යනු සැබෑ සේවය සිදු කිරීමයි. ඔවුන් ජීවාත්ම බව ඔබගේ මුහුණුවර අන් අයට මතක් කර දිය යුතු අතර ඔවුන් කෙනෙකුගේ නළල දෙස බලන විට, දිලිසෙන ජීවාත්මය හෝ මැණික ඔවුන් දැකිය යුතුයි. මිනිසුන් සර්පයෙක් මත මැණිකක් දකින විට ඔවුන්ගේ අවධානය යන්නේ සර්පයාට නොවන සේම, අවිනාශී බැබලෙන මැණික දැකීමෙන් ඔවුන්ට ශරිර අවධානය අමතක විය යුතුයි, එවිට ඔවුන්ගේ අවධානය ඉබේටම ජීවාත්මය වෙතට යයි. මෙය අමතක වී ඇති අයගේ අවධානයට මෙය පැමිණිය යුතුයි, එවිට ඔබ සැබෑ සේවාධාරියෙක් ලෙස හැඳින්වෙයි.

පාඨය:
අඩු පාඩු ධාරණය කරන බුද්ධිය විනාශ කර සතෝප්‍රධාන් සහ දිව්‍යමය බුද්ධියක් ආරූඪ කරගන්න.