30.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන් වී, අන් සියලුම ආගම් වල අයට, සාම දේශයට සහ සතුටෙහි දේශයට මාර්ගය පෙන්විය යුතුයි. ඔබ සත්‍ය මඟ පෙන්වන්නන්ය.

ප්‍රශ්නය:
පියාගේ සිහි කිරීම තුළින්, සම්පූර්ණ බලය ලැබෙන්නේ කුමන දරුවන්ටද?

පිළිතුර:
පියාගේ සිහි කිරීම සමගම, ඔහුට සම්පූර්ණයෙන්ම අවංක වී, කිසිම දෙයක් නොසඟවන දරුවන්ටය. සත්‍ය පියාට අවංකව රැඳී සිට, කිසිම පාපයක් සිදු නොකරන දරුවන්, ඔවුන්ගේ සිහිපත් කිරීමෙන් බලය ලබාගනී. ඇතැම් දරුවන් දිගින් දිගටම වැරදි සිදුකර, ඉන්පසුව සමාව ඉල්ලයි. බාබා පවසන්නේ සමාව දිය නොහැක. සෑම ක්‍රියාවකටම නිවැරදි කර්ම ගිණුමක් ඇත.

ගීතය:
අපගේ වන්දනා ගමන අසහායයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට ගීතය ඇසුණා. දරුවන් දැනුමේ කරුණු උකහා ගන්නා අන්දම බලාගැනීම සඳහා, ඔබ එවන් ගීත සොයා, සෑම ගීතයකම සැබෑ අරුත උකහා ගන්නා ලෙස ඔවුන්ට කිව යුතුයි, මන්ද මෙම ගීතත් නිවැරදි කළ යුතු නිසා. සිත්් කණස්සල්ලෙන් එහි අසුන් ගෙන සිටින කෙනෙකුට, සතුට ගෙන ඒමට, විශාල වශයෙන් උපකාරී වන, සමහර ගීත ඇති බව, බාබා විස්තර කර ඇත. මෙම ගීත ඉතා වැඩදායකයි. ඔබ මෙම ගීත වලට සවන් දෙන විට, විගසින්් ඔබගේ අවධානය යොමු වනවා. ඔබ සැබවින්ම පෘථිවියේ තාරකා බව ඔය දරුවන් දන්නවා. අපගේ වන්දනා ගමන, භක්ති මාර්ගයේ අයගේ ඒවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඔබ පාණ්ඩව සේනාවයි. එම වන්දනා ගමන් වලදී ඔවුන්ට මඟ පෙන්වන්නන් සේනාවක් සිටිනවා. වෙනස් මඟ පෙන්වන්නන් එක් එක් කණ්ඩායමට මඟ පෙන්වයි. ඔවුන් වාර්තා පොත් තබා ඔබ අයත් වන්නේ කුමන වංශයටද කියා ඔබගෙන් විමසයි. සෑම මඟ පෙන්වන්නෙක්ම තමන්ගේම වංශයේ අයව රැගෙන යයි. මිනිසුන්ව එහි ගෙන යන බොහෝ මඟ පෙන්වන්නන් සිටිනවා. ඔබ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන්ය. ඔබගේ නම, පාණ්ඩව සේනාවයි. පාණ්ඩවයන්ගේ රාජධානියක් නැත. මඟ පෙන්වන්නන්ට (පණ්ඩා) පාණ්ඩවයන් කියා කියයි. පියා, අසීමිත මඟ පෙන්වන්නාය. මඟ පෙන්වන්නන් (පණ්ඩාවරු) ඔබව වන්දනා ගමනක රැගෙන යයි. එම මඟ පෙන්වන්නන් වන්දනාකරුවන් රැගෙන විත් ඇති බව, බැතිමතුන්ට වැටහෙනවා. ඔබ දැනුම මාර්ගයේ මඟ පෙන්වන්නන් බවට පත් වනවා. කිසිවෙකු කොහේවත් රැගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබට නිවසේ අසුන්ගෙන සිටින විට වුවත් කෙනෙකුට මාර්ගය පෙන්විය හැක. ඉන්පසුව ඔබ මාර්ගය පෙන්වූ කෙනාද මඟ පෙන්වන්නෙක් බවට පත් වෙයි. ඔබ එකිනෙකාට මඟ පෙන්විය යුතුයි මන්මනභව! වන්දනා ගමන් ගොස් ඇති අය බොහෝ දෙනෙක් ඔබ අතර ඇති. බද්‍රිනාථ හෝ අමරනාථ ආදී ස්ථාන වලට යන අන්දම ගැන ඔබගේ බුද්ධිය දන්නවා ඇති. එම මඟ පෙන්වන්නන්ද එය දන්නවා. ඔබ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන්. ඔබ සිටින්නේ වඩාත්ම ශුභදායක සංගම යුගයේ බව ඔබ අමතක නොකළ යුතුයි. ඔය දරුවන්ගේ බුද්ධියේ තිබෙන්නේ එක් දෙයක් පමණයි විමුක්තිය සහ ජීවන මුක්තියට මඟ පෙන්වන්නන් ඔබ බව. දිව්‍ය ලෝකයට මඟ පෙන්වන්නන්, විමුක්තියට මඟ පෙන්වන අයගෙන් වෙනස් නැත. ඔබ විමුක්ති දේශයට ගොස් ඉන්පසුව නව ලෝකයට යනවා, යන විශ්වාසය ඔබට තිබේ. ඔබ දරන උත්සාහයට අනුව ඔය මඟ පෙන්වන්නන් අංකානුරූපයි. විවිධ මඟ පෙන්වන්නන් වර්ග සිටියි. ඔබ අංක එකේ මඟ පෙන්වන්නන්ය, ඔබ සෑම කෙනෙකුටම පාරිශුද්ධත්වයට මඟ පෙන්වයි. සෑම කෙනෙක්ම පිවිතුරුව රැඳී සිටිය යුතුයි. සෑම කෙනෙකුගේම ද්‍රිෂ්ඨිය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. ඔබ ඒකායන කෙනා හැර වෙනත් කෙනෙක් සිහි නොකරන බවට ඔබ පොරොන්දු වී තිබේ. බාබා, මා සිහිපත් කරන්නේ ඔබයි, ඔබම පමණයි. මා ඔබට අයත් වන විට, මගේ ඔරුවට එතෙර යාමට පුළුවනි. අනාගතයේදී තිබෙන්නේ සතුටයි, සතුට හැර අන් දෙයක් නැත. පියා දැන් අපව සතුටේ නෑ-සබඳතාවයන් වෙතට රැගෙන යනවා. මෙහි තිබෙන්නේ දුක පමණයි, දුකම හැර අන් දෙයක් නැත, එමෙන්ම තිබෙන සතුටක් වුවත්, කපුටෙකුගේ අසුචි වැනයි. ඔබ දැන් ඉගෙන ගන්නේ නව ලෝකය සඳහාය. ඔබ පළමුව විමුක්ති දේශයට ගොස් ඉන්පසුව මෙහි පැමිණෙන බව ඔබ දන්නවා. ඔබ අනිවාර්යෙන්ම නිවහනට යයි. මෙය සිහිපත් කිරීමේ බලයේ වන්දනා ගමනයි. සාම දේශය සිහි කළ යුතුයි පියාවත් සිහිපත් කළ යුතුයි. ඔබ පියා සමග අවංකද විය යුතුයි. පියා පවසන්නේ ඔබ සෑම කෙනෙකුගේම ඇතුලාන්තයේ ඇති දේ මා නොදනී නැත. ඔබ සෑම කෙනෙක්ම සිදු කරන කුමන හෝ ක්‍රියාවන් ගැන බාබා විස්තර කරනවා. ඔහු ඔබට උත්සාහ දැරීමට දිරිමත් කරවනවා. කෙසේවෙතත්, ඔබ ඔහුට අකීකරු වන විට හෝ ඔබ පාපයක් සිදු කරන විට, ඔබගෙන් මෙසේ විමසනවා ඔබ පාපයක් සිදු කර තිබේද? ඇස් දෙක ඔබව බොහෝ සේ මුලා කරවන බව, බාබා ඔබට කියා තිබේ. තවද ඔබ බාබාට කිව යුතුයි බාබා, අද මගේ ඇස් මාව බොහෝ මුලා කළා. මා මෙහි සිටින විට ප්‍රවේසම් වන නමුත්, මා ගෙදර ගිය විට, මගේ බුද්ධිය දඟකාරකම් කරයි. බාබා, මා විශාල වරදක් සිදු කළා. කාරුණිකව මට සමාවන්න! බාබා පවසන්නේ මෙහි සමාව දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. එසේ කරන්නේ ලෝකයේ මිනිසුන්. කෙනෙක් තව කෙනෙකුට කම්මුල් පහරක් දී, පසුව සමාව ඉල්ලයි, එවිට සෑම දෙයක්ම නැවත හරි යයි. ඒ ආකාරයෙන් සමාව ඉල්ලීමට වැඩි වෙලාවක් ගත වන්නේ නැත. දිගින් දිගටම වැරදි ක්‍රියා සිදු කරමින් ඉන් පසුව මට සමාවන්න! කියා ඔබට කිව නොහැක, එය ඒ අන්දමින් ක්‍රියාත්මක නොවෙයි. සෑම දෙයක්ම එකතු වනවා. ඔබ සිදු කරන කුමන නිවැරදි හෝ වැරදි ක්‍රියාවක් වුවද එකතු වෙයි, ඉන්පසුව එම නිවැරදි හෝ වැරදි ක්‍රියාවේ ඵලය අනිවාර්යෙන්ම මතු උපතෙදී ලැබෙයි. සමාව දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. කෙනෙක් කුමක් සිදු කළත්, එයට අනුව එහි ඵලය ඔහුට ලැබෙයි. බාබා නැවත නැවතත් මෙය ඔබට විස්තර කර දෙනවා. ඔහු පවසන්නේ විශාලතම සතුරා රාගයයි. එය ආරම්භ වන කාලයේ සිට මැද හරහා අවසානය තෙක් ඔබට දුක ගෙන දෙයි. බාබාට පාරිශුද්ධකරු යැයි කියයි. පාපයේ ගැලෙන අයට අපවිත්‍ර යැයි කියයි. පියා පවසන්නේ ඔබ මෙහි සිට ගොස්, පිටතට ගිය විට, ඔබට විනයන් රැකීමට නොහැකි නම්, ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. බාබාට සියලුම පුවත් ලැබෙනවා. ඇතැම් අය මෙහි සිටින විට, එය ඉතා හොඳ බව ඔවුන් කියන නමුත්, ඔවුන් පිටතට ගිය විට, එය ක්‍රියාවට නැංවීමට බැරි වෙයි. ස්වර්ණමය යුගයේ අවගුණ පිළිබඳ සඳහනක් නැත. භාරතයේ තත්ත්වය දැන් මෙයයි. එහි ඔවුන් ජීවත් වන්නේ විශාල මාලිගාවලය ඔවුන්ට බොහෝ සතුට තිබෙනවා. බාබා සෑම දෙයක් ගැනම දරුවන්ගෙන් විමසයි. බාබාට සියලුම පුවත් කිව යුතුයි. ඇතැම් අය බොරු කියයි. තමන්ගෙන්ම අසන්න මා කෙතරම් බොරු කියනවාද? බාබාට කොහෙත්ම බොරු නොකිව යුතුයි. ඔබව සත්‍ය බවට පත් කරවන කෙනා පියාය. එහි බොරු නැත එහි නාමයක් හෝ සලකුණක්වත් එහිදී නැත. අනිත් අතට මෙහි, සත්‍යයේ නාමයක් හෝ සලකුණක්වත් නැත එහි වෙනසක් ඇත. පියා පවසන්නේ මෙය කටු කැලෑවක්. කෙසේවෙතත්, තමන් කටුවක් බව කිසි කෙනෙක් සලකන්නේ නැත. පියා පවසන්නේ විශාලතම කටුව වන්නේ රාගයේ අසිපත භාවිත කිරීමය. ඔබ දුකට පත්ව ඇත්තේ මේ නිසාය. බාබා දැන් පැමිණ තිබෙන්නේ ඔබට විශාල වශයෙන් සතුට ලබා දීමටයි. පෙර කල, ඔබට සැබවින්ම විශාල වශයෙන් සතුට තිබුණු බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගයට, සතුටෙහි දේශය කියාද කියයි. එහි රෝග ආදිය නොමැත එහි රෝහල් හෝ සිර ගෙවල් ආදිය නැත. ස්වර්ණමය යුගයේ දුක පිළිබඳ සඳහනක් වත් නැත. රිදී යුගයේ අංශක දෙකක් අඩු බැවින්, සිදුවන යම් දෙයක් තිබේ. කෙසේවෙතත්, එයට තවමත් දිව්‍ය ලෝකය යැයි කියයි. පියා පවසන්නේ ඔය දරුවන් දැන් අසීමිත අතීන්ද්‍රීය සුඛයෙන් සිටිය යුතුයි. ඔබට උගන්වන කෙනාව සිහිපත් කරන්න. දෙවියන් අපගේ ගුරුවරයාය සෑම කෙනෙකුටම ඔහුගේ ගුරුවරයාව සිහි වෙයි. මෙහි ජීවත්වන ඔය දරුවන්ට එය පහසුයි. මෙහි කිසිම බන්දනයක් නැත ඔබ සියලුම ආකාරයේ බන්දන වලින් සම්පූර්ණයෙන්ම නිදහස්. ආරම්භයේ බත්තිය නිර්මාණය කළ විට, ඔවුන් බන්දන වලින් නිදහස් විය. එකම සැලකිල්ල සේවය වන අතර, සේවය වැඩි කරන්නේ කෙසේද යන්නයි. බාබා දිගින් දිගටම බොහෝ සේ පහදා දෙයි. සමහරෙක් බාබා වෙතට පැමිණ, මසක් හෝ මාස එකහමාරක් පමණ බොහෝ උද්යෝගයක් තිබෙන අතර, ඉන්පසුව ඔවුන් පසුබසී. ඉන්පසුව ඔවුන් තම මධ්‍යස්ථාන වලට පවා නොයයි. අච්චා, එවිට කළ යුත්තේ කුමක්ද? ඔවුන් තව දුරටත් නොපැමිණෙන්නේ මන්ද කියා ඔබට ලිපියක් ලියා විමසිය හැක. ඔවුන්ට කියන්න මා සිතුවේ ඇතැම් විට මායා ඔබට පහර දෙන්නට ඇති හෝ ඔබ නරක ආශ්‍රයේ සිර වී ඇති හෝ වැරදි ක්‍රියාවක් සිදුකර ඇද වැටෙන්නට ඇති කියායි. කොහොමනමුත්, ඔවුන්ව ඉහළ නැංවිය යුතුයි. ඔබ මෙම උත්සාහය දැරිය යුතුයි. ඔබ ඔවුන්ගේ හදවත් දිනා ගත යුතුයි. ඔබට ඔවුන්ට ලිපයක් ලිවිය හැක. බොහෝ දෙනෙක් බොහෝ ලැජ්ජාවට පත් වී සිටින නිසා ඔවුන් බලාපොරොත්තු නැති කරගනී. ඔවුන් මෙහි සිට පිටත්ව ගොස් නිවසට ගිය විටදී පවා, ඔවුන් නිකම්ම නිවසේ අසුන්ගෙන සිටියි. ඔවුන්ගේ හදවත් තව දුරටත් මෙහි නොමැති බව ඔවුන් කියයි. ඇතැම් අය ලිපියකින් පවා දන්වා එවන්නේ ඔබගේ දැනුම ඉතා හොඳයි, නමුත් මට පිවිතුරුව සිටිය නොහැක. එබැවින් මා දැනුම අත්හැරියෙමි. මට එතරම් ශක්තියක් නැත. ඔවුන් මෙය පමණක් ලියයි. බලන්න අවගුණ ඔවුන්ව වට්ටන අන්දම. ඔවුන් මෙහි පැමිණි විට, සාමාන්‍ය මිනිසෙකුගෙන් සූර්ය වංශික නාරායන් බවට පත් වීමට ඔවුන් අත් ඔසවයි. මෙම දැනුම, සාමාන්‍ය මිනිසෙකුගෙන්, ලක්ෂ්මි හෝ නාරායන් බවට පරිවර්ථනය වීම සඳහාය. පියා පවසන්නේ හකුරු මෙන්ම හකුරු මල්ලද දනී. මේ කෙනා බාබාගේ මල්ලය. මේ කෙනා සෑම දෙයක් ගැනම ඉතා පැහැදිලිව අසයි. ඔහුට සෑම දෙයක් ගැනම පුවත් ලැබෙයි. ශිව බාබා පවසන්නේ මා පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. ඉගෙන ගන්නා අය, අධිපතියන් බවට පත් වෙයි. පියා පවසන්නේ ඔබගේ ද්‍රිෂ්ඨිය බොහෝ සෙයින් වෙනස් කළ යුතුයි. සෑම පියවරකදීම අවධානමින් සිටිය යුතුයි. මෙම සිහිකිරීම තිබීම තුළින් ඔබට සෑම පියවරකදීම කෝටි ප්‍රකෝටියක ආදායමක් උපයා ගත හැක. බොහෝ දරුවන් ඇද වැටෙයි. සේවය කරන මඟ පෙන්වන්නන්ද ඇද වැටෙයි. මිනිසුන් වන්දනා ගමනක යන විට, ඔවුන් පාරිශුද්ධව සිටියි. කෙසේවෙතත්, සමහර මිනිසුන් ඔවුන්ගේ පුරුද්දට කෙතරම් ඇබ්බැහි වී ඇත්ද යත්, ඔවුන් වන්දනා ගමනක යන විට පවා, ඔවුන්ගේ මත්පැන් ඔවුන් සමග රැගෙන යයි ඔවුන් එය සඟවා තබයි. ශ්‍රේෂ්ඨ සහ වැදගත් මිනිසුන්ට පවා එය ගැනීම නතර කළ නොහැක. එම වන්දනා ගමනින් ඇති ප්‍රයෝජනය කුමක්ද? සටන් කිරීමට යන අය පවා, පළමුව බොහෝ මත්පැන් පානය කරයි. ඔවුන් මත්පැන් පානය කර, ඉන්පසුව ඔවුන්ගේ අහස් යානාව, නැවක් මතට කඩා හෙලයි. ඔවුන් නැව විනාශ කර, තමන්ව මරණයට පත් කරගනී. ඔබ දැන් දැනුමේ අමෘතය ලබනවා. කෙසේවෙතත්, ප්‍රධානතම දෙය වන්නේ සිහිපත් කිරීමය. ඔබ උපත් 21කට සදා නිරෝගී සහ සදා ධනවත් වන්නේ මෙය තුළින්ය. බාබා ඔබට මෙසේ ලියන්නට යැයි කියා තිබේ ඔබට උපත් 21කට සදා නිරෝගී සහ සදා ධනවත් විය හැකි අන්දම ගැන, පැමිණ වටහාගන්න. භාරතයේ ජනයා වන ඔබට සැබවින්ම භාරතයේදී දීර්ඝායුෂ තිබුණු බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගයේ කිසිම කෙනෙක් රෝගී වන්නේ නැත. ස්වර්ණමය යුගයේ, දේවතාවන්ගේ වයස වසර 150ක් පමණය. ඔවුන් දිව්‍යමය කලා 16කින් පිරි සිටියි. මෙය හැකි වන්නේ කෙසේද කියා ඇතැම් අය අසයි. ඔවුන්ට කියන්න අවගුණ පහ එහි නොපවතී. මෙම අවගුණ එහි තිබුණේ නම්, එය දෙවියන්ගේ රාජධානිය වන්නේ කෙසේද ? එම දේවතාවන් පාපයේ මාර්ගයට වැටෙන අන්දම පෙන්වන ප්‍රතිමා ඔබ දැක ඇති ඒවා ඉතාම කිලිටි පිළිරූය. මෙම බාබා පවසන්නේ මා ඔබට දැක ඇති දේ කියන්නේ. ශිව බාබා පවසන්නේ මා කරන්නේ, ඔබට දැනුම දීම පමණයි. ශිව බාබා දැනුමේ කාරණා ඔබට කියන අතර මෙම කෙනා ඔහුගේ අත්දැකීම් ඔබට කියයි. මෙහි දෙදෙනෙක් සිටිනවා. මේ කෙනා දිගටම ඔහුගේ අත්දැකීම් බෙදා දෙනවා. තමන්ගේම ජීවිතය ගැන සෑම කෙනෙක්ම දන්නවා. ඔබ චක්‍රයෙන් භාගයක්ම පාපයන් සිදු කළ බව ඔබ දන්නවා. එහි කිසිම කෙනෙක් පාපයන් සිදු කරන්නේ නැත. මෙහි කිසිම කෙනෙක් පිවිතුරු නැත. සැබෑ භගවතය දැන් සිදුවන බව ඔය දරුවන් දන්නවා. දෙවියන් මෙතැන අසුන්ගෙන ඔය දරුවන්ට දැනුම ලබා දෙනවා. ඇත්ත වශයෙන්ම තිබිය යුත්තේ එක් ගීතාව පමණයි. කෙසේවෙතත්, ශිව බාබාගේ චරිත කතාව වෙනුවෙන් ඔබ ලියන්නේ මොනවාද? විනාශය අත ලඟ නිසා, කිසිම පොතක් ආදිය ඉතිරි නොවන බව ඔබ දන්නවා. උත්සාහ දැරීම සඳහා තිබෙන මෙම දැනුම ද අවසන් වී, ඉන් පසුව ප්‍රතිලාභය ආරම්භ වෙයි. ඒ අන්දමින්ම, නාටකයේ රඟ දැක්වෙන කුමක් වුවද, අඛණ්ඩව තැටියේ එතෙන අතර, ඉන්පසුව අළුතින් ප්‍රතිලාභය ආරම්භ වෙයි. නාටකයේ සිටින බොහෝ ජීවාත්මයන්ගෙන්, සෑම ජීවාත්මයකටම තමන්ගේම වූ චරිත කොටස නියමිත වී තිබේ. මෙම දේවල් වටහා ගැනීමට අවශ්‍ය අය, එසේ කරනු ඇත. මෙය සීමාවක් නැති නාට්‍යයක්. මෙම සීමාවක් නැති නාට්‍යයේ මුල, මැද සහ අවසානය ගැන රහස් ඔවුන්ට කිව හැකි බව, සෑම කෙනෙකුටම විස්තර කර දෙන්න. එය අශාරීරික ලෝකය වන අතර මෙය ශාරීරික ලෝකයයි. මෙම චක්‍රය බ්‍රමණය වන ආකාරය ගැන සියලුම රහස් අපි ඔබට විස්තර කර දෙන්නම්. ඔබ විස්තර කරන ඕනෑම කෙනෙක් මින් බොහෝ විනෝදයක් ලබනු ඇත. කිසිවෙක් ඔබට සවන් දෙන්නේ නැහැ කියා නොසිතන්න. පුරවැසියන් බොහෝ දෙනෙක් නිර්මාණය කළ යුතුව තිබේ. සේවයේදී ඔබගේ හදවත නොපැකිලී තිබිය යුතුයි. දිගටම විස්තර කරන්න, එපමණයි. ව්‍යාපාරිකයන් වන ඔබ වෙතට බොහෝ පාරිභෝගිකයන් පැමිණෙනවා. ඔය ව්‍යාපාරිකයන් කියන්නේ එන්න, මා ඔබත් සමග අසීමිත ගනුදෙනුවක් කරන්නම්. භාරතයේ දේවතාවන්ගේ රාජධානිය තිබුණා එය ගියේ කොහාටද? එන්න, එවිට ඔවුන් උපත් 84ක් ගත් ආකාරය අප විස්තර කරන්නම්. දෙවියන් කතා කරයි ඔබ තමන්ගේම උපත් නොදනී. ඔබට බොහෝ සේවය කළ හැක. ඔබට කාලය ඇති විට පැමිණෙන්න, එවිට අපි ඔබට ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය කියන්නම්. පියා හැර වෙනත් කිසිවෙකුට මෙය විස්තර කළ නොහැක. එන්න, අපි ඔබට නිර්මාපකයා සහ නිර්මාණයේ රහස් විස්තර කර දෙන්නම්. මෙය දැන් ඔබගේ අවසන් උපතයි. ඔබට අනාගතය වෙනුවෙන් දැන් උපයාගත හැක. බාබා ඔය දරුවන්ට සේවය කරන අන්දම විස්තර කරයි. මෙම දේවල් ඇසෙන විට ඔබගේ පාරිභෝගිකයන් බොහෝ සතුටට පත් වෙයි. ඔවුන් ඔබට හිස නමා ස්තූති කරයි. ව්‍යාපාරිකයන්ට මීට වඩා බොහෝ සේවය කළ හැක. ව්‍යාපාරිකයන් පින් තකා යම් මුදලක් පසෙක තබයි. ඔබ ශ්‍රේෂ්ඨ සහ ධර්මිෂ්ඨ ජීවාත්ම බවට පත්වනවා. පියා පැමිණ ඇති අතර ඔහු ඔබගේ පැස දැනුමේ අවිනාශී මිණි මුතු වලින් පුරවනවා. මේ මේ දේවල් කරන අන්දම ගැන බාබා ඔබට විවිධ අන්දමේ අවවාද ලබා දෙයි. දිගටම පණිවිඩය ලබා දෙන්න ! ඔබගේ දැක්ම යහපත් කරගන්න! කෝප නොවන්න! සෑම කෙනෙක් සමගම බොහෝ උපක්‍රමශීලීව සම්බන්ධතා පවත්වන්න. පියා බොහෝ විවිධ ක්‍රම විස්තර කරයි. වෙළඳසැල් හිමියන්ට එය ඉතාමත්ම පහසුයි. එය ලාභදායක ගනුදෙනුවක් වන අතර මෙයත් ලාභදායි ගනුදෙනුවකි. එම මිනිසුන් මෙසේ කියයි මෙය ඉතා හොඳ ගනුදෙනුවකි. බොහෝ දෙනෙක් ඉතා විගසින් එහි පාරිභෝගිකයන් බවට පත් වෙයි. ඔවුන් මෙසේ කියයි මෙවන් ගනුදෙනු කරන මෙතරම් ශ්‍රේෂ්ඨ කෙනෙකුට බොහෝ උපකාර කළ යුතුයි. ඔවුන්ට කියන්න ඔබට සාමාන්‍ය මිනිසෙකුගෙන් දේවතාවක් බවට නැවත වරක් පරිවර්ථනය විය හැකි, ඔබගේ අවසන් උපත මෙයයි. තමන් කරන දේට අනුව සෑම කෙනෙකුටම තිළිණයක් ලැබෙයි. තමන්ව පරීක‍්ෂා කරන්න අද කුමන හෝ අන්දමකින් මගේ ද්‍රිෂ්ඨිය වැරදි වුයේද? එය කාන්තාවන් වෙතට ඇදී ගියේ නැහැ නේද ? කෙනෙක් ලැජ්ජාවට පත් වුණු විට, ඔහු මෙහි පැමිණිම නතර කර දමයි. ලොවෙහි අධිපතියෙකු වීම සුඵ දෙයක් නොවෙයි! කෙනෙක් වැඩි කාලයක් බැතිමතෙක් වී ඇති පමණට අනුව, ඔවුන් වඩා සතුටට පත් වෙයි. අඩුවෙන් භක්තියේ යෙදී ඇති අය, අඩුවෙන් සතුට ලබයි. මෙම ගිණුමද වටහා ගත යුතුයි. බුද්ධිය පවසන්නේ මට දැන් නිවසට යෑමට තිබෙන අතර ඉන්පසුව මා නව ලෝකයට යනවා. මම අළුත් ඇඳුම් වලට මාරු වී, මගේ චරිත කොටස රඟ පාන්නෙමි. මා මෙම සිරුර අත්හරින අතර, එවිට මගේ මුවේ රත්තරන් හැන්දක් තිබෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ද්‍රිෂ්ඨියෙන් කිසිදු වැරදි ක්‍රියාවක් සිදු නොකරන්න. පළමුව ඔබගේ ද්‍රිෂ්ඨිය වෙනස් විය යුතුයි. සෑම පියවරකදීම ප්‍රවේසම් වී, කෝටි ප්‍රකෝටියක ආදායමක් එකතු කරගන්න.

2. ඔබට කාලය ඇති ඕනෑම විටෙක, මෙම අසීමිත ගනුදෙනුව සිදුකරන්න. සේවයේ දී අධෛර්යමත් නොවන්න. සෑම කෙනෙකුටම පියාගේ පණිවිඩය ලබා දෙන්න, එමෙන්ම වෙහෙසට පත් නොවන්න.

වරදානය:
ඔබ සෙනෙහස් ඇකයෙහි ඉඳිමින් සියලු අභ්‍යන්තරික සතුට සහ සියලු බල අත්විඳිනා නිරවද්‍ය උත්සාහ දරන්නෙකි.

සැබෑ උත්සාහ දරන්නන් ශ්‍රමයක් හෝ විඩාවක් සේ අත් නොවිඳී. එනමුත්, සැම විටම ඔවුන් සෙනෙහසෙහි කුල්මත්ව සිටිති. භාර වූවන් නිසා, ඔවුන්ගේ සිතිවිලි තුලින් පවා වින්දනයක් ලබන්නේ බාප් දාදා විසින් ඔවුන්ව චලනය කරවන විලසටයි. ඔවුන් උත්සාහ දරා වැඩ කරන්නා සේ නොව ස්නේහ ඇකයේ ඉඳ ගමන් කරන්නා සේය. සියලු ලැබීම් සහිතව ස්නේහ ඇකයෙහි සියලු අත්විඳීම් අත්විඳිනා නිසා, ඔවුන් ඉදිරියට ගමන් කරනවා නොව, ඔවුන් සතුටේ, අභ්‍යන්තර ප්‍රීතියේ සහ සියලු බලයන් ගේ වින්දනය සමඟ නිරන්තරව නොකඩවා පියාසර කරති.

පාඨය:
විශ්වාසයේ පදනම ස්ථිර වූ කල තම ජීවිතය උසස් ජීවිතයක් බවට ඔබ ස්වභාවිකව ම අත් දකී.