31.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය පුදුමාකාර වූ පාඨශාලාවකි. මෙහි දැනුම ඉගෙන ගන්නා ජීවයන්ව පේන්නේත් නැහැ. එය උගන්වනා ගුරුවරයාව පේන්නේත් නැහැ. මෙය අළුත්ම දෙයක්.

ප්‍රශ්නය:
වෙන කිසිම පාසලකදී කිසිම කෙනෙකුට නොලැබෙනා මෙම පාසලේදී මෙම පාසලේදී පමණක් ඔබට ලැබෙනා ප්‍රධානම ඉගැන්වීම කුමක්ද?

පිළිතුර:
මෙහි පියා විසින් තම දරුවන්ට උගන්වනා දේ නම්: දරුවනි, ඔබගේ භෞතික ඉන්ද්‍රියන් පාලනය කර ගන්න. කිසිදු විටෙක සහෝදරියක් දෙස අපිරිසිඳු බැල්මෙන් බලන්න එපා. ජීව වශයෙන් ඔබ සැම සහෝදරයින්ය. ඒ වගේම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වශයෙන් ඔබලා සහෝදර සහෝදරියන්ය. කවදාවත් නරක සිතිවිලි තබා ගන්න එපා. මෙම විශ්ව විද්‍යාලයේ හැරෙන්න වෙන කිසිම තැනක මේ දේවල් උගන්වන්නේ නැත.

ගීතය:
දුර ඈත දේශයේ වාසය කරන්නා මේ විදේශයට පැමිණ ඇත.

ඕම් ශාන්ති.
දුර ඈත දේශයේ වාසය කරනා ජීවයන්ව පේන්නේත් නැහැ. දුර ඈත දේශයේ වාසය කරනා උත්තරීතර ජීවයව පේන්නේත් නැහැ. මෙම ඇස් වලින් දැකිය නොහැක්කේ ඒ එකම එක උත්තරීතර ජීවයත් මේ ජීවයනුත් පමණයි. අන් සෑම දේම දැකිය හැකියි. මා ජීවයක්ය යන්න පැහැදිලියි. ජීවය ශරීරයෙන් වෙන් වූවක්ය යන්න මිනිසුන්ට තේරෙනවා. ජීවයක් දුර ඈත දේශයේ සිට පැමිණ ශරීරයකට ඇතුළු වෙනවා. ඔබ සෑම දෙයක්ම, දුර ඈත දේශයේ සිට ජීව පැමිණෙන්නේ කෙසේද යන්න පවා ඉතාමත් පහසුවෙන් තේරුම් ගන්නවා. ජීවයන්ව පේන්නේත් නැහැ. අපට උගන්වනා උත්තරීතර ජීවය වන පියාව පේන්නේත් නැහැ. වෙන ආධ්‍යාත්මික පන්තියකදී ‍හෝ කිසිඳු ග්‍රන්ථයකදී හෝ ඔබ මෙය අසා නැතිව ඇති. ඒ ගැන අසා නැතිවත් ඇති. එය දැක නැතිවත් ඇති. ජීව වන අප අදෘශ්‍යමාන බව දැන් ඔබට තේරෙනවා. ඉගෙන ගත වුත්තේ ජීවයයි. සියල්ල කරන්නේ ජීවයයි. වෙන කිසිම කෙනෙක්ට පැහැදිලි කළ නොහැකි මෙය අළුත්ම දෙයක්. උත්තරීතර ජීවය වන උත්තරීතර පියා දැනුමේ සාගරය දෘශ්‍යමාන කෙනෙක් නොවෙයි. අශාරීරික කෙනෙක් උගන්වන්නේ කොහොමද? ජීව ශරීරයකට ඇතුළු වන්නාක් සේ උත්තරීතර පියා වන උත්තරීතර ජීවය මෙම භාග්‍ය රථය වෙතට ඇතුළු වේ. මෙම රථයටත් එයටම අදාල වූ ජීවයක් තිබෙනවා. ඔහුට ඔහුගේම ජීවය දකින්න බැහැ. පියා පැමිණ මෙම රථයේ ආධාරයෙන් දරුවන් වන ඔබලාට උගන්වනවා. ජීවයක් ශරීරයක් අතහැර දමා අනිත් එකට ඇතුළු වෙනවා. ජීවයක් අවබෝධ කර ගත හැකියි. නමුත් දකින්න බැහැ. දැකිය නොහැකි පියා ඔබලාට උගන්වනවා. මෙය සම්පූර්ණයෙන්ම අළුත්ම දෙයක්. පියා කියනවා: මෙම නාටක සැලැස්මට අනුව මම මට නියමිත වෙලාවට පැමිණ මෙම ශරීරයට ඇතුළු වෙනවා. නැතිනම් වෙන කොහොමද මම මගේ ආදරණීය දරුවන්ව දුකින් ගලවා ගන්නේ? දරුවන් වන ඔබලා දැන් අවදි වෙලා. ලෝකයේ සිටිනා සෑම මිනිසෙක්ම තවම සිටින්නේ නිද්‍රාවේයි. ඔබ ළඟට පැමිණ මේ දේවල් අවබෝධ කරගෙන බ්‍රහමිණ්වරයෙක් වෙනකම් ඔවුන් නිද්‍රාවේ සිටීවි. වෙනත් සත්සන් වලට නම් ඕනෑම කෙනෙක්ට යා හැකියි. නමුත් මෙය පාසලක් වෙන නිසා කිසිම කෙනෙක්ට එහෙම නිකම්ම මෙහි එන්න බැහැ. නීතීඥයෙක් මේ විභාගයකට වාඩි වුණහොත් ඔබට කිසි දෙයක් තේරෙන එකක් නැහැ. මෙය සම්පූර්ණයෙන්ම අළුත් දෙයක්. උගන්වන කෙනා පේන්නේ නැහැ. ඉගෙන ගන්නා අයත් අදෘශ්‍යමානයි. ඇතුළේ සිටිනා ජීවය අසාගෙන සිටිනා අතර සියල්ල උකහා ගන්නවා. ඇතුළාන්තයෙන් මෙය තමයි හරියටම හරි දේ කියන විශ්වාසය දිගටම වර්ධනය වෙනවා. උත්තරීතර ජීවය පේන්නේත් නැහැ. ජීවයන්ව පේන්නේත් නැහැ. මම ජීවයක්ය යන්න බුද්ධියෙන් අවබෝධ කර ගන්නවා. ඇතැම් අය මෙය විශ්වාස කරන්නේවත් නැතිව මේක තමයි ස්වභාවය කියා කියනවා. ඔවුන් ඒක විස්තර කරන්නත් හදනවා. විවිධ මත රාශියක් තිබෙනවා. දරුවන් වන ඔබලා මෙම දැනුමත් සමග කාර්යබහුලව සිටිය යුතුයි. තමාව රවටනා භෞතික ඉන්ද්‍රියන් ඔබ පාලනය කර ගත යුතුයි. ප්‍රධානම දේ ඇසුයි: ඒවා සියල්ල දකිනවා. ඇස් වලින් ඔබගේ දරුවා දුටු විට තමයි ඔබ මේ මගේ දරුවා කියා කියන්නේ. වෙන කොහොමද මේක අවබෝධ කර ගන්නේ? කෙනෙක් උපතින්ම අන්ධ නම් මේ ඔබගේ සහෝදරයායි කියා ඔහුට පැහැදිලි කර දෙනවා. ඔහුට ඔහුව දකින්න බැහැ. නමුත් බුද්ධියෙන් තේරුම් ගත හැකියි. ඇත්තටම කියනවා නම් කෙනෙක් ශර්දාස් වගේ අන්ධ නම් ඔහුට මේ දැනුම ඉතාමත් හොඳින් ලබාගත හැකියි. මන්ද ඔහුට විවටීමට ඇස් නැහැ. වෙන කිසිම දෙයක් කරන්න බැරි වුණත් ඉතාමත් හොඳින් ඔහුට මේ දැනුම ලබා ගත හැකි වේවි. ඔහු කිසිම කාන්තාවක්ව දකින එකක් නැහැ. කෙනෙක් තවත් කෙනෙක් ඇස් වලින් දැක්කහම තමයි ඒ වෙතට හිත ඇදී ගිහින් අල්ලන්න පවා සිතෙන්නේ. කෙනෙක්ට ඒ පුද්ගලයාව පේන්නේ නැතිනම් කොහොමද ගිහින් අල්ලා ගන්නේ? එම නිසා පියා කියනවා: ඔබගේ භෞතික ඉන්ද්‍රියන් මත සම්පූර්ණ පාලනයක් තබා ගන්න. දුෂ්ට අපිරිසිඳු බැල්මකින් කවදාවත් සහෝදරියන් දෙස බලන්න එපා. ඔබ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන්. අපිරිසිඳු සිතිවිල්ලක ඡායාවක්වත් නොතිබිය යුතුයි. මේ දිනවල, කලි යුගයේ ඇතැම් විට සහෝදරයෙක් හා සහෝදරියක් අතර තිබෙන සම්බන්ධතාවය පවා එතරම්ම හොඳ නැහැ. කොහොම නමුත්, නීතියට අනුව සහෝදර සහෝදරියන් වන ඔබලා එකිනෙකා කෙරෙහි නරක සිතිවිලි තබා නොගත යුතුයි. අපි සැම එකම එක පියාගේ දරුවනුයි. බාබා උපදෙස් ලබා දෙනවා. ඔබලා බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන්. එම නිසා, තමන් සහෝදර සහෝදරියන්ය යන කරුණ ඉතාමත් හොඳින් ස්ථාවරව තබා ගත යුතුයි. ජීව වන ඔබලා සහෝදරයින්, දෙවියන්ගේ දරුවන්. ඒ ශරීර වල සිටිනා ගමන් වුවත් තමන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන නිසා සහෝදර සහෝදරියන් වෙනවා. අපිරිසිඳු දැක්මක් නොතිබිය යුතුයි. ඉතාමත් හොඳින් මෙය තේරුම් ගන්න: මම ජීවයක්. බාබා අපට උගන්වනවා. ජීවය වන මා මෙම ශරීරය තුළින් ඉගෙන ගන්නවා. මේවා මගේ ඉන්ද්‍රියන්. ජීවය වන මා ඒවායින් වෙනස්. මෙම භෞතික ඉන්ද්‍රියන් හරහා මා ක්‍රියාවන් කරනවා. මම භෞතික ඉන්ද්‍රියන් නොවෙයි. ජීවය වන මා ඒවායින් වෙනස්. මම මගේ චරිතය රඟපෑමට මෙම ශරීරය ගෙන තිබෙනවා. ඔබ හැරෙන්න වෙන කිසිම මිනිසෙකුට මෙම චරිතය රඟපාන්න බැහැ. නැවත නැවතත් තමන් ජීවයන් බව සලකමින් පියාව සිහිපත් කරන්න. ඔහු අපගේ ගුරුවරයා සේම ගුරූත් වෙනවා. ඒ භෞතික පියවරුන්. ගුරුවරුන් හා ගුරූන් එකිනෙකට වෙනස්. දරුවන් වන ඔබලා මෙහිදී අළුත් දැනුමක් ලබනවා. පියා, ගුරුවරයා හා ගුරු තිදෙනාම අදෘශ්‍යමානයි. අශාරීරික ජීවයක් වන මා ඉගෙන ගන්නවා. ජීව සෑම කෙනෙක්ම බොහෝ කාලයක් තිස්සේ උත්තරීතර ජීවයෙන් වෙන්ව සිටි ආකාරය තේරුම් ගත හැක්කේ දැන් මේ කාලයේදී පමණි. ඔබව පාරිශුද්ධත්වයට පත් කිරීම සඳහා ඔහු පැමිණි විට පමණයි ඔබට පියාව හමු විය හැක්කේ. ජීව නැවතත් අශාරීරික ලෝකයට ගොස් හමු වෙනවා. එහිදී කිසිම දෙයක් කරන්නේ නැහැ. එය අපේ නිවහනයි. එය සියළුම ජීවයන් නතර වී සිටිනා ස්ථානයයි. අවසානයේදී සෑම ජීවයක්ම එහි යනවා. ජීව තම චරිතය රඟපෑම සඳහා මෙහි පැමිණෙනවා. ඔවුන්ට අතරමඟදී ආපසු යා නොහැකියි. සෑම ජීවයක්ම පහළට පැමිණෙන තෙක් අවසානය තෙක්ම සියළුම චරිත රඟපෑ යුතුයි. සතෝප්‍රධාන් තත්ත්වයේ සිට ඔවුන් සෑම කෙනෙක්ම සතෝ, රජෝ හා තමෝ යන මට්ටම් පසු කර එනවා. පසුව අවසානයේදී, නාටකය අවසන් වන විට ජීව නැවතත් තමෝප්‍රධාන් විය යුතුයි. පියා සියල්ල ඉතාමත් පැහැදිලිව කියා දෙනවා. දැනුමේ මාර්ගය සත්‍යයයි. සත්‍යම්, ශිවම්, සුන්දරම් කියා කියනවා. සත්‍යය කතා කරන්නේ එකම එක පියායි. මෙම සංගම යුගයේ උත්සාහවන්තයෙක් වීම සඳහා සත්‍යයම වන ඒ එකම එක කෙනාගේ ආශ්‍රය පමණක් ඔබ තබා ගත යුතුයි. පියා පැමිණ තම දරුවන් මුණ ගැසෙනා එක්සත් පන්තිය මේකයි. අන් සෑම ආශ්‍රයක්ම නරකයි. සත්‍යෙය් ආශ්‍රය ඔබව එතෙරට ගෙන යන අතර, නරක ආශ්‍රය ඔබව ගිල්වා දමනවා. නරක ආශ්‍රය යනු රාවණ්ගේ ආශ්‍රයයි. පියා කියනවා: මා ඔබව එතෙර කරවනවා. එසේ නම් ඔබව ගිල්වන්නේ කවුද? ඔබ තමෝප්‍රධාන් වන්නේ කෙසේද කියා ඔබටත් කියා දිය යුතුයි. මායා නම් වූ සතුරා ඔබ ඉදිරියේම සිටිනා නමුත් ශිව බාබා ඔබගේ මිතුරායි. ඔහු සියළුම ස්වාමි පුරුෂයන්ගේත් සුවාමි පුරුෂයායි. මෙම ප්‍රශංසාව රාවණ්ට අදාල නැහැ. ඔහු රාවණ් කියා නිකම්ම කියනවා පමණයි. ඇයි රාවණ්ගේ පඹයෙක් සාදා පුළුස්සන්නේ? ඒ තැන්වල (රාවණ්ගේ පඹයෙක් සාදා පුළුස්සන තැන් වල) ඔබට ඉතාමත් හොඳ සේවයක් කළ හැකියි. රාවණ් යනු කවුද, ඔහු එන්නේ කවදාද, ඇයි ඔහුව පුළුස්සන්නේ කියා කිසිම මිනිසෙක් දන්නේ නැහැ. එහි ඇත්තේ අන්ධ විශ්වාසයයි. ඒ පුද්ගලයින් හොඳ අධිකාරිත්වයකින් ග්‍රන්ථ කියවනවා සේ, දරුවන් වන ඔබලාට මෙය පැහැදිලි කර දිමටත් ශක්තිය තිබිය යුතුයි. ඔවුනට ඇහුම් කන් දෙන අය කුල්මත් බවට පත් වෙනවා. මුදල් පවා දෙමින් තමන්ට සංස්කෘත හා ගීතාව ආදිය කියා දෙන්න කියා ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔවුන් බොහෝ මුදල් ආදියත් දෙනවා. පියා පැහැදිලි කරනවා: දරුවනි, ඔබ කාලයත් මුදලුත් නාස්ති කරමින් පැමිණ සිටිනවා. මෙම බ්‍රහමිණ් වංශයට අයිති අය නොනවත්වා ඔබ ළඟට පැමිණෙනු ඇත. මෙන්න මේ නිසා තමයි ඔබ ප්‍රදර්ශන ආදියත් පවත්වන්නේ. මෙහාට අයිති මල් අනිවාර්යයෙන්ම පැමිණේවි. මෙම ගස දිගටම වර්ධනය වෙනවා. පියා පැමිණ බ්‍රහ්මා යන එක බීජය පැළ කළ අතර පසුව ඒ තුළින් බ්‍රහමිණ් වංශය මතු වුණා. එය දිගටම වර්ධනය වෙන්න පටන් ගත්තා. පළමුවෙන්ම පවුලේ අය පැමිණියා. පසුව අනිකුත් ඥාති හිත මිතුරන් එන්න පටන් ගත්තා. පසුව එයට ඇහුම්කන් දීමෙන් අනතුරුව බොහෝ දෙනා එන්න පටන් ගත්තා. මේකත් සත්සන් පන්තියක් කියා විශ්වාස කරන්න පටන් ගත්තා. කොහොම නමුත්, මෙහිදී පාරිශුද්ධත්වය සඳහා උත්සාහයක් දැරීමට සිදු වන නිසා, බොහෝ කලබල ඇති වුණා. දැනටත් ඒ දේවල් තවමත් සිදු වෙනවා. මේ නිසා තමයි අපහාස වලට ලක් වීමට සිදු වන්නේ. මිනිස්සු කියනවා: ඔහු කාන්තාවන් සොරාගෙන ඔවුන්ව රැජිණියන් කෙරෙව්වා. කොහොම නමුත්, ඔවුන් සත් යුගයේ රැජිණියන් බවට පත් වෙනවා නේද? එම නිසා අනිවාර්යයෙන්ම ඔවුන්ව මෙහිදී පාරිශුද්ධත්වයට පත් කරවිය යුතුයි. මෙය අධිරාජ්‍යවරුන් හා අධිරාජ්‍යවරියන් බවට පත් වීමට තිබෙනා දැනුමයි කියා ඔබ සෑම කෙනෙක්ටම කියනවා. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට සත්‍ය නාරායන් බවට පත් වීමේ සත්‍ය දැනුම සත්‍ය දෙවියන්ට ඔබ ඇහුම්කන් දෙනවා. මේ ලක්ෂ්මී හා නාරායන් දෙවි දේවතාවරුන් කියා කියන්න බැහැ. කොහොම නමුත් වන්දනාකරුවන් ක්‍රිෂ්ණාව වන්දනා කරනා තරම් නාරායන්ව විශ්වාස කරන්නේ නැහැ. බොහෝ අය ක්‍රිෂ්ණාගේ පින්තූර මිල දී ගන්නවා. ඇයි ක්‍රිෂ්ණාට එතරම් ගෞරව කරන්නේ? ඔහු කුඩා දරුවෙක් වන නිසා. පොඩි දරුවන් මහත්මාවරුන්ටත් වඩා ශ්‍රේෂ්ඨයිකියා හඳුන්වන්නේ මහාත්මාවරුන් පවා පළමුව පවුලක ඉඳ පසුව එය අතහැර දමනවා. උපතේ පටන්ම බ්‍රහ්මචාරීව සිටිනා අයත් ඉන්නවා. නමුත් ඔවුනුත් රාගය කෝපය කියන්නේ මොනවාද කියා හොඳින් දන්නවා. පොඩි දරුවන් එම පාපයන් ගැන කිසිවක් දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මහාත්මාවරුන්ටත් වඩා ඔවුන් උසස් කියා සලකන්නේ. මෙන්න මේ නිසායි ක්‍රිෂ්ණාට වැඩි ගෞරවයක් දී තිබෙන්නේ. ක්‍රිෂ්ණාගේ රූපයක් දුටු විට වන්දනාකරුවන් ඉතාමත් සතුටට පත් වෙනවා. භාරතයේදී ක්‍රිෂ්ණා දෙවියන් ගැන කතා කරනවා. මේ දියණියන් පවා ක්‍රිෂ්ණාට ගොඩාක් ආදරෙයි. ක්‍රිෂ්ණා වගේ ස්වාමි පුරුෂයෙක් හෝ දරුවෙක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ක්‍රිෂ්ණා සතෝප්‍රධාන් නිසා ඔහු තුළ ලොකු ආකර්ෂණයක් තිබෙනවා. පියා කියනවා: වැඩි වැඩියෙන් ස්මරණයේ නිරතව සිටි තරමට ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන් තමෝ හා රජෝ බවට පත් වී එතැනින් තවත් සතුටට පත් වන්නේ. මුලදී ඔබ සතෝප්‍රධාන්ව සිටි කල ඔබ සිටියේ ඉතාමත් සතුටිනුයි. පසුව ක්‍රම ක්‍රමයෙන් ඔබගේ කලාවන් එන්න එන්නම අඩු වුණා. ස්මරණයේ නිරතව සිටි තරමට වැඩි වැඩියෙන් සතුට දැනෙන අතර ඔබව මෙතැනින් එතැනට මාරු වී යාවි. තමෝ තත්ත්වයෙන් රජෝ හා සතෝ තත්ත්වයට පත්වන ඔබලාගේ ශක්තිය, සතුට හා ගුණධර්මයන් එන්න එන්නම මේ කාලයේදී ඔබගේ තත්ත්වය ආරෝහණය වෙමින් තිබෙනවා. සීක් ජාතිකයින් කියන්නේ: ඔබගේ තත්ත්වය ආරෝහණය වුණු සෑම කෙනෙක්ටම යහපතක් උදා වෙනවා. ස්මරණය තුළින් තමාගේ තත්ත්වය දැන් වර්ධනය වෙමින් පවතින බව ඔබලා දැන් දන්නවා. වැඩි වැඩියෙන් ස්මරණයේ නිරතව සිටි තරමට ඔබගේ තත්ත්වයන් ආරෝහණය වේවි. ඔබ පිරුණු කෙනෙක් විය යුතුයි. ඉතිරිව ඇත්තේ හඳේ එක් රේඛාවක් පමණයි. පසුව ටිකෙන් ටික එය පූර්ණ චන්ද්‍රයා බවට පත් වෙනවා. ඔබටත් එය එසේමයි. චන්ද්‍ර ග්‍රහණයකට හසු වුණු විටකදී දානයක් දෙන්න, එවිට නරක අපල දුරු වෙනවා කියා කියනවා. එක් ක්ෂණයකින් ඔබට පස් පව් දානය කරන්න බැහැ. ඔබගේ ඇස් සෑහෙන ලෙස ඔබව රවටනවා. තමන්ගේ බැල්ම අපිරිසිඳුයි කියා ඇතැම් අයට තේරෙන්නේවත් නැහැ. ඔබලා බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් බවට පත්ව සිටිනා නිසා ඔබ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන්. කෙනෙකුව ඇල්ලීමට ආශාවක් ඔබ තුළ ඇති වුවහොත් ඉන් අදහස් වන්නේ ඔබගේ සහෝදරාත්මක සෙනෙහස අවසන් වී එය දුෂ්ඨ සෙනෙහසක් බවට පත්ව ඇති බවයි. ඇතැම් අයගේ හෘද සාක්ෂියම ඔවුනට වද දෙනවා. ඔවුන් කියනවා: බාබා, මේ පුද්ගලයා මාව ඇල්ලුවා. මම ඒකට කැමති නැහැ කියලා. එවිට බාබා මුරලියේ කියනවා: එසේ කිරීමෙන් ඔබගේ තත්ත්වය හොඳ වන්නේ නැහැ. දැනුම දෙමින් අන් අයට හොඳින් පැහැදිලි කිරීමේ හැකියාව ඔවුනට තිබුණත්, ඒ උසස් තත්ත්වය ඔවුන් තුළ නැති වෙනවා. තිබෙන්නේ නරක බැල්මක්. මේ ලෝකය ඉතාමත් අපිරිසිඳුයි. මෙම ගමන ඉතාමත් ඉහළ අන්තයක් ඇත්තක් බව දරුවන් වන ඔබට තේරෙනවා. ඔබලා ඉතාමත් ප්‍රඥාවන්තව සත්‍යයේ ස්මරණයෙන් සිටිය යුතුයි. අපි බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියනුයි. අපිට ඇත්තේ ආධ්‍යාත්මික සම්බන්ධතාවයකුයි. ලේ සබඳතාවයක් නොවෙයි. ඇත්තෙන්ම කියනවා නම්, සෑම කෙනෙක්ම උපදින්නේ රුධිරයෙනුයි. ස්මරණමය යුගයේදීත් ලේ සබඳතාවයක් තිබෙනවා. කොහොම නමුත් එහිදී ඔබට ශරීරය ලැබෙන්නේ යෝගා බලයෙනුයි. ඇතැම් අය අසනවා: පාපයෙන් තොරව දරුවන් බිහි වන්නේ කෙසේද? පියා කියනවා: එය පාපයෙන් තොර වූ ලෝකයයි. එහි කිසිම පාපයක් නැහැ. ඔබ එහි සිර වුවහොත් එයත් රාවණ්ගේ අධිරාජ්‍යයි. නමුත් එහිත් යම් යම් වෙනස්කම් තිබෙනවා. මේ කරුණු හොඳින් තේරුම් ගත යුතුයි. අපිරිසිඳු බැල්ම නැවැත්වීමට සෑහෙන උත්සාහයක් දැරිය යුතුයි. ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් එකට ඉගෙන ගන්නා විට පවා එකිනෙකා කෙරෙහි ඔවුන් වැරදි ලෙස බලනවා. තමන් දැන් දෙවියන් වූ පියාගේ දරුවන් බව ඔබලාට තේරෙනවා. එම නිසා, ඔබලා සහෝදර සහෝදරියන්ය. එසේ නම් ඇයි අපිරිසිඳු බැල්මක් තියා ගන්නේ? තමන් සෑම කෙනෙක්ම සත්‍යයේ දරුවන් බව ඔබලා කියනවා. ජීව කොහොමත් අශාරීරික දරුවනුයි. ඒ පියා තම දරුවන් සෑදූ විට අනිවාර්යයෙන්ම භෞතික බ්‍රහමිණ්වරුන්වත් නිර්මාණය කරවනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා අනිවාර්යයෙන්ම භෞතික විය යුතුයි නේද? ඒ තමයි හදා ගැනීමට ගැනීම: ඔබ සැම එලෙස ගත් දරුවන්. ප්‍රජාපිතා බ්‍රහ්මා මගින් ලෝකය නිර්මාණය වූයේ කෙසේද යන්න මිනිසුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේම නැහැ. ඔබ සැම බ්‍රහ්ම කුමාරයන් හා කුමාරියන්. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්. එම නිසා ඔබලා සහෝදර සහෝදරියන්. අපිරිසිඳු බැල්මක් ඇති කර නොගැනීමට ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. බොහෝ අයට මෙය අපහසුයි. ඉහළම ඉහළ තත්ත්වය දිනා ගැනීමට ඔබට අවශ්‍ය නම් උත්සාහයක් දැරිය යුතුයි. පියා කියනවා: පාරිශුද්ධත්වයට පත් වන්න. ඇතැම් අය මොහුටත් (බ්‍රහ්මාට) ඇහුම් කන් දෙනවා. නමුත් අනිත් අය අහන්නේ නැහැ. මේ සඳහා සෑහෙන උත්සාහයක් දැරිය යුතුයි. උත්සාහ දැරුවේ නැතිනම් උසස් වන්නේ කොහොමද? දරුවන් වන ඔබලා ප්‍රෙව්සමෙන් සිටිය යුතුයි. සහෝදරයෙක් සහෝදරියක් වෙනවා යනු එකම එක පියාගේ දරුවන් බවට පත් වීමයි. එම නිසා, ඇයි අපිරිසිඳු බැල්මක් තබා ගන්නේ? දූෂිත බැල්මක් ඇති බව බාබා පැහැදිලිවම කියා දුන් විට දරුවන්ට එය තේරෙනවා. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම මෙම අපිරිසිඳු බැල්ම තිබෙනවා. ඔබගේ ගමනාන්තය ඉතාමත් ඉහළයි. ඔබගෙන් බොහෝ දෙනාට හොඳින් දැනුම දිය හැකියි. නමුත් ඔබගේ හැසිරීම පාරිශුද්ධත්වයෙන් පිරී තිබිය යුතුයි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: අපව වැඩි වැඩියෙන්ම රැවටීමට ලක් කරවන්නේ ඇසුයි. ඇස් වලින් යමක් දුටු විට ඒක ආහාරයට ගැනීමට කටත් ඇරෙනවා. එම නිසා, ඔබ ඔබගේ භෞතික ඉන්ද්‍රියන් පාලනය කර ගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ හැසිරීම පාරිශුද්ධත්වයෙන් පිරී තිබිය යුතුයි. කුමන හෝ ආකාරයක අපිරිසිඳු බැල්මක් හෝ නරක සිතිවිල්ලක් නතර කිරීමට නම් තමා භෞතික ඉන්ද්‍රියන්ගෙන් වෙන් වුණු ජීවයක් බව සලකන්න.

2. ඔබ එකිනෙකා අතර සබඳතාවය ආධ්‍යාත්මික කර ගන්න. කිසිදු ආකාරයක ලේ සබඳතාවක් තබා ගන්න එපා. ඔබගේ කාලයත් මුදලුත් ඉතාමත් වටිනවා. ඒවා අපතේ හරින්න එපා. තමා පවත්වා ගන්නා ආශ්‍රය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රවේසම් වන්න.

වරදානය:
ඔබ පරම පියා මෙන් වරදාතා සහ මහාදානී වී බ්‍රහ්ම මුහුරත් කාලයේ දී වරයන් ලබා දානය කරන්න.

බ්‍රහ්ම මුහුරත් (අම්රිත් වේලාවේ) දී බ්‍රහ්ම ලෝක වාසී පරම පියා, විශේෂයෙන් ඔබ දරුවන්ට ඥාන සූර්යයාගේ ආලෝක සහ ශක්ති කිරණ වලින් ආශිර්වාද කරයි. ඒ සමඟම බ්‍රහ්ම පියාත්, භාග්‍ය පිරිනමන්නා සේ භාග්‍යයේ අමෘතය බෙදා දෙයි. සරළව ඔබ විසින් කළ යුතු වන්නේ ඔබේ බුද්ධි - කලයට එම අමෘතය උකහා ගැනීම සඳහා සූදානම් වීමයි. එහිදී කිසිම අවහිරයක් හෝ විරෝධතාවයක් නොතිබෙත්වා. එවිට ඔබට එම ශුභ මුහුර්තයෙන් ඔබේ තත්ත්වය ඉතා උසස් කර ගැනීමට හැකි වන අතර එමඟින් දවස පුරා උසස් ක්‍රියා කිරීමට හැකි වේ. අම්රිත් වේලාවේ වාතාවරණයට ඔබේ ආකල්ප වෙනස් කළ හැකියි. එමනිසා, එවෙලෙහි වරයන් ලබා දානය කරන්න. එනම්, වරලත් මහාදානපතියෙකු වන්න.

පාඨය:
කුපිත වීම කෝපාවිෂ්ඨ කෙනෙකුගේ කර්තව්‍යයයි. එවිට සෙනෙහස දීම ඔබේ කර්තව්‍යයයි.