01.02.25    Avyakt Bapdada      Sinhala Murli     15.12.2008    Om Shanti    Madhuban


එක රාජධානියක්, එක ධර්මයක් සහ නීතිය සහ සාමය ස්ථාපනය කරන වෙලාවේ
තමන්ව පරිවර්ථනය කර, ලෝක පරිවර්ථකයෙක් වන්න.


අද දින බාප්දාදා සෑම තැනකම සිටින ඔහුගේ සියලුම රාජ්-දුලාරේ දරුවන්(රාජකීය, විශේෂ ආදරණීය දරුවන්) දකිනවා. පරමාත්ම දෙවියන්ගෙන් මෙම විශේෂ සෙනෙහස ලැබෙන්නේ කෝටි ගණනකින් අතලොස්සකට පමණයි. මෙම දේවමය සෙනෙහසින් බාප්දාදා සෑම දරුවෙක්ව සිංහාසන තුනක පාලකයන් බවට පත් කර තිබේ. පළමුවැන්න ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති නළලේ සිංහාසනයයි. දෙවැන්න බාප්දාදාගේ හදවත් සිංහාසනය වන අතර තුන්වැන්න ලෝක රාජධානියට අයිතියක් තිබීමේ සිංහාසනයයි. පරම පියා ඔහුගේ ආදරණීය, දුලාරේ (විශේෂ ආදරණීය) දරුවන්ට මෙම සිහසුන් තුන ලබා දී ඇත. සෑම විටම ඔබගේ අවධානයේ මෙම සිංහාසන තුන තබා ගැනීමෙන්, සෑම දරුවෙක් තුළ ආධ්‍යාත්මික කුල්මත් බවක් තිබේ. ඉතිං පරම පියාගෙන් ඔබට ලැබෙන උරුමය දැක, ඔය සියලුම දරුවන් සතුටින් සිටිනවා නේද? ඔබගේ හදවත තුළ ගීතය ඉබේටම වාදනය වෙනවා නේද? ‘අපූරුයි බාබා! අපූරුයි! අපූරුයි මගේ භාග්‍යය! අපූරුයි!’ ඔබ සිහිනෙන් වත් නොසිතූ දේ ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ ඔබට ලැබී තිබේ. මෙම සංගම යුගයේ මෙම සිංහාසන සමගම ද්විත්ව කිරුළෙන් බාප්දාදා ඔබට පියාසර ස්ථිතිය අත්දැකීමට සලස්වා තිබේ. සියලුම දරුවන්ගේ ද්විත්ව කිරුළේ ස්වරූපය බාප්දාදා දුටුවා: එකක් පාරිශුද්ධත්වයේ රාජකීයත්වයේ කිරුළ වන අතර අනෙක සේවයේ වගකීමේ කිරුළයි.

අද දින සෑම තැනකම සිටින දරුවන්ගේ උත්සාහයේ වේගය පරීක්ෂා කර බැලුවා, මන්ද, ඔබ සියලු දෙනාටම කාලයේ වේගය පෙනෙනවා, එමෙන්ම ඔබ ඒ ගැන දන්නවා. ඔබ එක් එක් කෙනාට පියාගෙන් ලැබී ඇති රාජධානියේ භාග්‍යයේ උරුමය දෙස බාප්දාදා බැලුවා. ඔබගේ රාජධානිය, ඔබගේ අනාගත ලැබීම් සහ ස්වාභාවික අන්දමකින් ඔබ සියලු දෙනාටම අනාගතයෙදි තිබෙන සංස්කාර සහ ඔබගේ ස්වභාවය, ඔබ දැන් දීර්ඝ කාලයක් පුරා අත්විඳිය යුතුයි. මෙයට හේතුව එය අළුත් ලෝකයකි (නයා සංසාර්) එමෙන්ම එම නව ලෝකය නිර්මාණය වන්නේ ඔබ සියලු දෙනාගේ නව සංස්කාර වලින්ය. එබැවින් ඔබ නව ලෝකයේ විශේෂතා අත්දකිනවා නේද? ඔබගේ රාජධානියේ තිබෙන දේවල් පිළිබඳ කුල්මත් බව ඔබට තිබෙනවා නේද? ඔබගේ හදවත් පවසන්නේ: ‘අපගේ රජදහන, අපගේ නව ලෝකය පැමිණීමට ඉතා ආසන්නයි!’. එබැවින් දරුවන්ගේ උත්සාහ දරන ජීවිත වල එම නව ලෝකයේ විශේෂතා කෙතරම් දුරට ඉස්මතුවී තිබෙන්නේද කියා බාප්දාදා බැලුවා. නව ලෝකයේ නව සංස්කාර සහ විශේෂතා කුමක්ද කියා ඔබ දැනටමත් දන්නවා. ඔබ සියලුම දෙනාගේ බුද්ධියේ නව ලෝකයේ විශේෂතා මතු වී ඇත. ඔබ ඒවා දන්නවා නේද? ඔබට ඒවා මතකයි, එමෙන්ම ඔබ ඒවා ගැන දන්නවා. පළමුවන විශේෂත්වය - ඔබ තුළ එක් එක් විශේෂත්වය කෙතරම ප්‍රමාණයකට මතු වී තිබේද කියා පරීක්ෂා කරන්න. ප්‍රධාන විශේෂත්වය වන්නේ එක් රාජධානිය පිළිබදවයි. එහි ස්වාභාවිකවම තිබෙන්නේ එක රාජධානියක් පමණක් සේම, එහි වෙනත් රාජධානියක් නොමැත, ඒ අන්දමින්ම, ඔබගේ ජීවිතයේ තිබෙන්නේ එක රාජධානියක් පමණක්ද කියා ඔබගේ සංගම-යුගී ජීවිතය දෙස බලන්න. එසේ නැත්නම් ඇතැම් විටෙක වෙනත් රාජධානියක්ද තිබෙනවාද? තමන්ගේ රාජධානිය සමග ගමන් කරන අතර මායාගේ රජදහනත් තිබෙන්නේ නම්, එවිට ඔබට එක රජදහනක සංස්කාර තිබෙයිද? එක රජදහනක් සමගම, එකවර පාලනය කරන, තවත් රාජධානියක් නැහැ නේද? එය පරමාත්ම දෙවියන්ගේ ශ්‍රීමත් වල රාජධානියද? එසේ නැත්නම් විටෙක මායා විසින් යටත් කිරීම තිබෙනවාද? ඔබගේ හදවත තුළ මායාගේ රජදහන නැහැ නේද? එබැවින් මෙය පරීක්ෂා කරන්න. මේ කාරණා අතින් ඔබගේ වාර්ථාව පරීක්ෂා කර බලන්න. දැන් සංගම යුගයේ එය පරමාත්ම දෙවියන්ගේ රජදහනද එසේත් නැත්නම් මායාත් ඔබව යටත් කරගන්නවාද? ඔබ මෙය පරීක්ෂා කර තිබෙනවාද? මෙය දැන්මම පරීක්ෂා කරන්න. ඔබගේ වාර්ථාව ඔබ පිරික්සනවා නේද? ඉතිං දැන් පවා රාජධානි දෙකක් තිබෙනවා නම්, ඔබ එක රාජධානියට අයිතියක් හිමි කරගන්නේ කෙසේද? මායාගේ උපදෙස් ශ්‍රීමත් සමග මිශ්‍ර වී තිබෙනවාද? ඒ අන්දමින්ම එක ධර්මය තිබේ - එක් රජදහන සහ එක් ධර්මය තිබෙයි. ධර්මය යනු ධාරණාවයි. ඉතිං ඔබගේ විශේෂ ධාරණාව කුමක්ද? පාරිශුද්ධත්වයේ ධාරණාව. එබැවින් පරීක්ෂා කරන්න: ඔබගේ සිතිවිලි, වදන්, ක්‍රියා සහ නෑ සම්බන්දතා වලදි පාරිශුද්ධත්වයේ ස්වභාවය, නිරන්තරයෙන් ස්වාභාවික වී තිබේද? ඔබගේ රාජධානියේ පාරිශුද්ධත්වයේ ධාරණාව ස්වාභාවිකවම තිබෙන අයුරින්ම, මෙකල පාරිශුද්ධත්වයේ ධාරණාව ස්වාභාවික මෙන්ම ඔබගේ ස්වභාවයේ කොටසක් බවට පත්වී තිබෙනවාද? ඔබගේ සදාතනික ස්වරූපය සහ ආදිතම ස්වරූපය පවිත්‍රතාවය බව ඔබ දන්නවා. එබැවින් පරීක්ෂා කරන්න: ඔබගේ එක් ධර්මය, එනම්, ඔබගේ පවිත්‍රතාවය ස්වාභාවිකද? ඔබට අනවශ්‍ය වෙලාවක වුවද, ස්වභාවය ක්‍රියාත්මක වෙයි. ඔවුන්ගේ හදවතට සමීප කතාබස් වලදි සමහර දරුවන් පවසන්නේ කුමක්ද? ඔවුන් බොහෝ, බොහෝ මිහිරි දේවල් කියයි. ඔවුන් පවසන්නේ: “මට එය අනවශ්‍ය නමුත් ඇතැම් විට මගේ සිතිවිලි හෝ වචන වල අපවිත්‍රතාවයේ සලකුණු මතු වෙයි.” මෙය සිදුවන්නේ බොහෝ උපත් ගණනාවක සංස්කාර තිබෙන නිසයි. ඉතිං එක් ධර්මයක් යනු, පවිත්‍රත්වයේ ධාරණාව ස්වාභාවික සහ ඔබගේ ස්වභාවයේ කොටසක් විය යුතු බවයි. ඔබගේ වදන් වල යම් සැර ගතියක් ඇති විට, එවිටද ඔබ පවසන්නේ: “එය කෝපය නොවෙයි, නමුත් මා ටිකක් සැර වුණා.” ඉතිං එම සැර ගතිය කුමක්ද? එය කෝපයේ දරුවෙකි. ඉතිං එක ධර්මයක සංස්කාර ස්වාභාවික වන්නේ කවදාද? එබැවින් පරීක්ෂා කරන්න, එමෙන්ම පරීක්ෂා කරනවාත් සමගම, පියාගෙන් ඔබට ලැබී ඇති බල මගින් පරිවර්ථනයක්ද ගෙන එන්න. බාප්දාදා දැන් අඩු තරමින් ඔබගේ අවධානය මෙය වෙත කල් තියාම යොමු කරනවා. පරීක්ෂා කර බලා ඉන්පසුව වෙනස් වීමට ඔබ තීව්‍ර උත්සාහ දරන්නේ නම්, සුළු ඉඩක් තිබෙයි, නමුත් ටික කලකට පසුව, “හදිසියේම” හෝ “ප්‍රමාද වැඩියි” යන පුවරු අනිවාර්යෙන්ම ඉහළ දැමිය යුතුයි. බාබා ඔබට අනතුරු ඇගවූයේ නැති බව එවිට නොකියන්න. මේ නිසයි, උත්සාහ දැරීමේ කාලය දැන් ගෙවී ගොස් ඇති නමුත් ඔබට තීව්‍ර උත්සාහ දැරීමට තවමත් කාලය තිබේ. එබැවින් පරීක්ෂා කරන්න, නමුත් පරීක්ෂා කිරීම පමණක් නොකරන්න, එකවර පරිවර්ථනයද සිදු කරන්න. ඔබගෙන් සමහරු තමන්ව පරීක්ෂා කරන නමුත් තමන්ව පරිවර්ථනය කිරීමට බලය නොමැත. පරීක්ෂා කිරීම සහ වෙනස් වීම යන දෙක එකවර සිදු විය යුතුයි. ඔබ සියලු දෙනාගේ ස්ව-අභිමානය සහ වර්ණනාව කුමක්ද? ඔබගේ නම්බු නාමය කුමක්ද? මාස්ටර් සර්ව-බලධාරී, සියලු බල ඇති කෙනෙක්. ඔබ සියලු බලයන්ගේ අධිපතියෙක්ද නැත්නම් ඔබට ඇත්තේ ඇතැම් බල පමණයිද? ඔවුන් සියලු බල ඇති පාලකයන් බව කියන අය අත් ඔසවන්න! අච්චා, සුබ පැතුම්, සියලු බල ඇති පාලකයන්! කෙසේවෙතත්, ඔබ සියලු බල ඇති පාලකයන් වන අතර පරිවර්ථනයක් ගෙන ආ නොහැකි නම්, කිව හැක්කේ කුමක්ද? තමන්ගේ සංස්කාර සහ ස්වභාවය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නමුත් එය වෙනස් කළ නොහැකි නම්, ඒ ගැන කිව හැක්කේ කුමක්ද? තමන්ගෙන් විමසන්න: මා ඇතැම් බල ඇති පාලකයෙක්ද, සියලු බල ඇති පාලකයෙක්ද? “මා මෙය කළ යුතුයි” යන සිතිවිල්ල, සියලු බල ඇති පාලකයෙකුට ඇති වූ විට, එය දැනටමත් සිදුකර අවසන්ය. එවිට මෙම සිතිවිල්ල ඇති නොවෙයි, “එය සිදුවෙයිද? මා ඒ ගැන බලන්නම්, මට මෙය කළ නොහැක...” ඉතිං දැන් කාලයට අනුව, ප්‍රතිඵලය විය යුත්තේ, ඔබට ඇති වන්නේ කුමන සිතිවිල්ලද, එම සිතිවිල්ල සහ ඔබ එම ස්වරූපය බවට පත් වීම යන දෙකම එකවර සිදු විය යුතුයි.

දැන් නව වසර, අව්‍යක්ත වසර පැමිණීමට ඉතා ආසන්නයි. අව්‍යක්ත පෝෂණය ලැබී වසර 40ක් වීමට යයි. ඉතිං, ඔබට අව්‍යක්ත පෝෂණය සහ භෞතික ස්වරූපයෙන් පෝෂණය ලැබී දැනට වසර 72ක් ගත වී ඇත. එබැවින් පියවරු දෙදෙනාගෙන්ම ඔබට ලැබුණු පෝෂණයේ ප්‍රතිඋපකාරය ඔබ බාප්දාදාට ලබා දෙන්නේ නැද්ද? ටිකක් සිතන්න: ඔබට ලැබී ඇති පෝෂණය කුමක්ද, එමෙන්ම ප්‍රායෝගික වී ඇත්තේ කුමක්ද? දැන් පවා නොසැලකිල්ල සහ රාජකීය කම්මැලිකම ඇති බව, බාප්දාදා දුටුවා. රාජකීය කම්මැලිකම වන්නේ, ‘එය සිදුවෙයි, මා එය බවට පත්වෙයි, මා එහි ළඟා වෙයි’ (කල් දැමීමේ භාෂාව). නොසැලකිල්ල වන්නේ, ‘මා එය කරනවා, (නිදහසට කරුණු කීමේ භාෂාව). ‘මෙය සිදු විය යුතුයි, මෙය සිදු කළ යුතුයි’. කෙසේවෙතත්, ඔබගේ කීම සහ කිරීම අතර වෙනසක් තිබේ. එක ජවනිකාවක් දැක බාප්දාදා නොකඩවා මද සිනහවක් පායි. ඔබ පවසන්නේ කුමක්ද? ‘අඩු තරමින් මෙය සිදු විය යුතුයි! පළමුව මෙය සිදු කරන්න, එවිට මට හොදින් ඉදිරියට ගමන් කිරීමට හැකි වෙයි!’ අන් අයගේ වෙනස් වීම, අවශ්‍ය වීමේ ආකල්පය තිබෙන නමුත් සමහර අවස්ථාවල ස්ව-පරිවර්ථනයේ ආකල්පය ටිකක් අඩුයි. එබැවින් දැන් අන් අය දෙස බැලීමේ ආකල්පය වෙනස් කරන්න. ඔබට අන් අය දෙස බැලීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ විශේෂතා දකින්න. ‘මෙය කොහොමත් සිදු වනවා, මෙය කොහොමත් දිගටම සිදු වනවා, මේ කෙනාද මෙය සිදු කරනවා’. දැන් මෙම හැගීම අඩු කරන්න. තමන් දෙස බලා, පරම පියා ඔබ ඉදිරියේ තබා ගන්න. එය කවුරු වුනත් කමක් නැහැ, කෙනෙක් මහාරතී කෙනෙක් හෝ මධ්‍යම මට්ටමේ කෙනෙක් වුවද - ඔවුන්ගේ උත්සාහයෙන් ඔවුන් සියලු දෙනාම එක හෝ වෙනත් දුර්වලතාවයක් පරිවර්ථනය කරමින් සිටිනවා. එබැවින් පරම පියා දෙස බලන්න, ද්විත්ව පියවරු දෙස බලන්න. බ්‍රහ්ම පියා දෙස බලන්න, ශිව පියා දෙස බලන්න. පරම පියා ඔබව ඔහුගේ හදවත් සිහසුනේ හිඳුවා ඇත, එමෙන්ම ඔබත් පියාව ඔබගේ හදවත් සිහසුනේ හිඳුවා ඇත; ඔබගේ පාඨය වන්නේ ‘පියා දෙස බලන්න’. ‘සහෝදරිය දෙස බලන්න, සහෝදරයා දෙස බලන්න’ කියා පාඨයක් නැත. දැන් පවා ඔබ එක් එක් කෙනා තුළ එක හෝ වෙනත් දුර්වලතාවයක් තිබේ. කෙසේවෙතත්, ඔබට අන් අය දෙස බැලීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ විශේෂතා දෙස බලන්න. ඔවුන්, තම තමන්ගෙන් ඉවත් කරන දුර්වලතා දෙස නොබලන්න. දෙවනුව, ඔබගේ රාජධානියේ, ඔබට ඔබගේ රාජධානිය මතකයි නේද? පෙර දින, එය ඔබගේ රාජධානියව පැවතුනි, එමෙන්ම හෙට දින එය ඔබගේ රජදහන වෙයි. ඔබගේ රජදහන පැහැදිලිව ඔබගේ බුද්ධියට ඇතුළු වී ඇති අතර එය ඔබගේ දෑස් තුළ තිබෙනවා නේද? ඔබ කී වතාවක් ඔබගේ රාජධානිය පාලනය කර තිබේද කියා, ඔබ ගණන් කර තිබෙනවාද? ඔබ නොගිණිය හැකි වාර ගණනාවක් පාලනය කර තිබේ. ඔබ ඒ ගැන කතා කරන සැනින් එය ඔබ ඉදිරියට පැමිණෙයි. රාජධානියට අයිතියක් තිබීමේ ඔබගේ ස්වරූපය සහ ඔබගේ ශ්‍රේෂ්ඨ රාජධානිය, ඔබගේ රාජධානියේ නීතිය සහ පිළිවෙල ස්වාභාවිකවම ක්‍රියාත්මක වනවා වැනිය. ඔබ සියලු දෙනාටම දැනුමින් පිරිපුන් වීමේ සංස්කාර තිබේ. නීතිය යනු කුමක්ද, එමෙන්ම පිළිවෙල යනු කුමක්ද කියා ඔබ දන්නවා. ඒ අන්දමින්ම ඔබගේ ජීවිතය දෙස බලන්න: ඔබ ක්‍රියා කරන්නේ පරම පියාගේ නියෝග යටතේද නැත්නම් ඔබ විටෙක මායාගේ නියෝග යටතේ ක්‍රියා කරනවාද? ශ්‍රීමත් අනුගමනය කරනවා වෙනුවට, ඔබ විටෙක අන් අයගේ උපදෙස් සහ ඔබගේ මනසේ උපදෙස් අනුගමනය කරන්නේ නැහැ නේද? එසේ නම් නීතිය කුමක්ද? නීතිය, සැහැල්ලු අධිරාජයෙක් වීමය. ඔබට සියලු ලැබීම් තිබෙන නිසා ඔබට කණස්සලු නොමැත. ඒ අයුරින්ම පියා ඔබට ලබා දී ඇති සියලු ලැබීම් ඔබට තිබෙනවාද කියා, ඔබගේ සංගම යුගයේ ශ්‍රේෂ්ඨ ජීවිතයත් පරීක්ෂා කර බලන්න. ඒවා දෙවියන්ගෙන් ලද ප්‍රසාද් (දෙවියන්ට පූජා කරන ලද පූජනීය පිවිතුරු ආහාර) මෙනි, එමෙන්ම ප්‍රසාද් වලට විශාල වැදගත්කමක් ලබා දෙයි. ඉතිං ඔබට ප්‍රභූ ප්‍රසාද් ලෙසින් පරම පියාගෙන් සියලුම ලැබීම් හිමි වී ඇත. ප්‍රභූ ප්‍රසාද් වල වැදගත්කමක් තිබේ. එය උරුමයක්, එය අයිතියක් මෙන්ම එය ප්‍රසාද් ද වෙයි. එබැවින් පරීක්ෂා කරන්න: මා නීතිය සහ පිළිවෙල යන දෙකින්ම පිරිපුන්ද?

ඔබගෙන් බහුතරයකට පරිවර්ථන බලය ලැබී ඇති බවත්, එම බලය නිසි වෙලාවට භාවිතා කරන්නේ නම්, උත්සාහයක් අවශ්‍ය නොවන බව බාප්දාදා දුටුවා. බලන්න, ඔබගෙන් සියලු දෙනාම අත්විද ඇත්තේ, ඔබගෙන් ඕනෑම කෙනෙක් ඕනෑම අන්දමකින් මායාගෙන් කෙදිනක හෝ පරාජය වුනොත්, ඔබ සියලු දෙනා ඔබගේ දේශන වලදි කියන්නේ, එමෙන්ම ඔබ පංති පවත්වන්නේද, මෙම වචන දෙකට ඔබව වැට්ටිය හැකි බවත් ඒවාට ඔබව ඉහළ නැංවිය හැකි බවත් කියමින්ය. ඔබ මේ වචන දෙක දන්නවා, ඒවා සියලු දෙනාගේ මනසට ඇතුළු වී ඇත. මේ වචන දෙක “මම” සහ “මගේ”. ඔබගේ දේශන වල ඔබ මෙය පවසන අතර ඔබ ඒවා ගැන පංතිද පවත්වයි. බාප්දාදාට එම පංති ඇසෙයි; ඔබ කියන්නේ කුමක්ද? දැන් පරිවර්ථන බලයෙන්, ඔබ මේ වචන දෙක භාවිතා කරන ඕනෑම විටෙක, ඔබ “අහවල් කෙනා වන මම” හෝ “මම බ්‍රහ්මින් කෙනෙක්” කියා පවසයි, නමුත් මම කවුද? බාප්දාදා ඔබට ස්ව-අභිමානයේ බොහෝ නම්බු නාම ලබා දී තිබේ. ඔබ “මම” භාවිතා කරන ඕනෑම විටෙක, එය සමග එක් හෝ වෙනත් ස්ව-අභිමන් නම්බු නාමයක්ද පවසන්න, එය ඔබගේ බුද්ධියට ගෙන එන්න. ඔබ “මම” යන වචනය කියන විටම, ඔබගේ නම්බු නාමයත් ඔබට මතක් වෙයි. ඔබ “මගේ” කියන විට ඔබට බාබා සිහිවෙයි: “මගේ බාබා”. මෙය ඔබගේ ස්වාභාවික අවධානය කරගන්න. සරළව මෙම පරිවර්ථනය සිදු කරන්න. දෙවනුව, සාමාන්‍යයෙන් ඔබට අන් අය සමග නෑකමක් හෝ සබැදියාවක් තිබෙන විට, මායා වචන දෙකකින් ඇතුළු වෙයි; එකක් චේතනාව (භාව්) එමෙන්ම අනෙක හැගීම් දැනීම් (භාව්නා - පිවිතුරු හැගීම්/ සුබ පැතුම්). ඔබ “භාව්” යන වචනය පවසන හෝ ඒ ගැන සිතන ඕනෑම විටෙක, ආධ්‍යාත්මික චේතනාව ගැන සිතන්න. ඔබ “භාව්” යන වචනය පවසන සැනින්, ආධ්‍යාත්මික චේතනාව මතක් කරගන්න, එමෙන්ම ඔබ “භාව්නා” කියන විට, පිවිතුරු හැගීම් මතක් කරගන්න. වචන වල අරුත පරිවර්ථනය කරන්න. ඔබගේ නම්බු නාමය කුමක්ද? විශ්ව පරිවර්ථකයන්. විශ්ව පරිවර්ථකයන්ට මෙම වචන පරිවර්ථනය කළ නොහැකිද? එබැවින් නිසි වෙලාවට පරිවර්ථන බලය භාවිතා කිරීමෙන් මෙය තැත් කර බලන්න. අවස්ථාව ගෙවී ගිය පසු සහ ඔබගේ මනස එයට අකමැති වී, ඔබගේ මනස ඒ ගැන සිතීම ආරම්භ කරයි, එවිට එය පසුව පැමිණෙයි. කෙසේවෙතත්, ඒ වන විට කාලය ගෙවී ගොසින්, එහෙම නේද? මේ නිසයි දැන්, සීඝ්‍ර වේගයකට අවශ්‍යතාවයක් තිබෙන්නේ, ඇතැම් විට පමණක් නොව. ඔබ වැඩි කාලයක් හොදින් රැදී සිටින බව නොසිතන්න, මන්ද, අවසන් නිමේශයන්ට සහතිකයක් නොමැති බව බාප්දාදා ඔබට දැනටමත් කියා තිබේ. “හදිසියේම” යන ක්‍රීඩාව ඇති වීමට තිබේ. සමහර දරුවන් පියාට බොහෝ මිහිරි දේවල් පවා කියයි. ඔවුන් පවසන්නේ: “කාලය තවත් ටිකක් අන්තයට යන විට එවිට කොහොමත් නිරාශාව ඇති වෙයි, එබැවින්, නිරාශාවේ වෙලාවේ මගේ වේගය ඉබේටම වේගවත් වෙයි.” කෙසේවෙතත්, ඔබ දීර්ඝ කාලයක් පුරා උත්සාහ දැරිය යුතු බව බාප්දාදා පවසා තිබේ. උත්සාහය පවතින්නේ කෙටි කාලයක් පුරා නම්, එවිට ඔබට ලැබෙන ප්‍රතිලාභයද කෙටි කාලයකට වෙයි; ඔබ සම්පූර්ණ උපත් 21ටම ප්‍රතිලාභය නිර්මාණය කර නොගනියි. බාප්දාදාගේ වදන් තුනක් නිරතුරුවම සිහියේ තබා ගන්න: හදිසියේ, නිති-සූදානමින් සහ ‘දීර්ඝ කාලයක් පුරා’. මේ වචන තුනම සෑම විටම ඔබගේ බුද්ධියේ තබා ගන්න. ඕනෑම කෙනෙකුගේ අවසන් නිමේශය, ඕනෑම තැනක, ඕනෑම වෙලාවක සිදුවිය හැක. දැන් වුනත් බ්‍රහ්මනයින් කී දෙනෙක් පිටත්ව යනවාද කියා ඔබට දැකගත හැක. ඔවුන් දැන සිටියාද? මේ නිසයි ඔබ දීර්ඝ කාලයක් පුරා උත්සාහ දැරීමෙන්, සම්පූර්ණ උපත් 21ටම අනිවාර්යෙන් උරුමය හිමි කරගත යුත්තේ. මෙම තීව්‍ර උත්සාහය ඔබගේ අවධානයේ තබා ගන්න. ඔබගේම රජදහනේ ප්‍රථම අංකය සහ ප්‍රථම උපත. ඔබ සිතා ඇත්තේ කුමක්ද? ඔබට ප්‍රථම උපතේ පැමිණීමට අවශ්‍යයි නේද? සතුට තිබෙන්නේ කුමකද? ප්‍රථම උපතේද, ඕනෑම උපතකද? ඔවුන්ගේ රාජධානියේ ප්‍රථම උපතෙදි ශ්‍රී ක්‍රිෂ්ණා සමග ඔවුන්ටත් චරිත කොටසක් තිබිය යුතු බව සිතන අය අත් ඔසවන්න! (සියලු දෙනා අත් එසවූහ). අච්චා. ප්‍රථම උපතේ චරිත කොටසක්? සියලුම අත් දැක බාබා සතුටු වනවා. ඔබට අත් පොළසන් ගැසිය හැක. ප්‍රථම උපතට පැමිණීම වෙනුවෙන් සුබ පැතුම්. කෙසේවෙතත්... බාබා ඔබට කිව යුතුද? ඔහු නොකිව යුතුයි නේද? ඔබ ප්‍රථමයට පැමිණිය යුතුයි, එබැවින් බාබා ඔබට වෙනත් දේවල් පවසන්නේ කුමටද? එය හොඳයි. පැමිණ සිටින ඔය සියලු දෙනා, ඔබ ප්‍රථම උපතේ පැමිණිය යුතුයි. ඔබ ප්‍රථම උපතට සහ ප්‍රථම මනෝ ස්ථිතියට අත්පොළසන් ගසා ඇත. එබැවින් ඔබ අනිවාර්යෙන් ප්‍රථම ස්ථිතිය නිර්මාණය කරගත යුතුයි. කුමන බාධක තිබුණත් ඔබ වේගයෙන් යා යුතු බවට අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති අය, මන්ද, බාධක, බාධක ලෙසින් නොතිබිය යුතුයි, ඒවා බාධක විනාශ කරන්නන් ඉදිරියේ ඔවුන්ගේ ජයග්‍රහණයේ ස්වරූපය වෙනස් කළ යුතුයි, මන්ද, ඔබ සියලු දෙනාම බාධක විනාශ කරන්නන්ය. ඔබගේ නම්බු නාමය කුමක්ද? බාධක විනාශ කරන්නන්. ඉතිං ඒවා පැමිණියත්, ඒවා පැමිණෙන්නේ ක්‍රීඩා කිරීමටයි, නමුත් ඔබ එය දුර සිට හඳුනාගත යුතුයි; ඒවා රාජකීය ස්වරූපයකින් පැමිණෙයි, නමුත් බාධක විනාශ කරන්නන් වන ඔබ, ඔවුන් කරන්නේ කුමන ක්‍රීඩාවක්ද කියා දුර සිට දැන ගනී. මේ නිසයි බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔය සියලුම දරුවන් එකට ආපසු යා යුතු බව. ඔබගෙන් එක්කෙනෙක් වත් පසුපස රැඳී නොසිටිය යුතුයි. දරුවන් නොමැතිව බාප්දාදාට විනෝදයක් නැත. එබැවින් ඔබගේ අධිෂ්ඨානයට දුර්වල වීමට කිසි විටෙක ඉඩ නොතබන්න. ඔබ මෙය කළ යුතුයි. “ගේ ගේ” භාෂාව (මා යම් වෙලාවකදි එය කරන්නම්) භාවිතා නොකරන්න. “මා එය කරන්නම්, මා ඒ ගැන බලන්නම්, එය සිදුවෙයි, ටිකක් ඉඳලා බලන්න”. මෙවන් දේ නොකියන්න. සාර්ථකත්වයේ යතුර අධිෂ්ඨානයයි. කිසි විටෙක මෙම යතුර නැති කර නොගන්න. මායාද දක්ෂයි, එහෙම නේද? ඇය යතුර සොයාගන්නවා, එබැවින් ඔබ මෙම යතුර ඉතා හොඳින් ප්‍රවේසම් කර බලාගත යුතුයි.

ඔබ යමක් ගැන සිතූ සැනින් එය ප්‍රායෝගිකත්වයට නැඟීමට අධිෂ්ඨානය තිබෙන, සෑම තැනකම සිටින භාග්‍යවන්ත සහ ආදරණීය දරුවන්ට. ‘මා එය කරන්නම්, මා ඒ ගැන බලන්නම්’ කියා ඔබ පවසන්නේ නැහැ, ඒ වෙනුවට ඔබ ඒ ගැන සිතූ සැනින් එය සිදු කරයි. නිරන්තරයෙන් බැදීමි විනාශ කරන්නන්ට - ඔවුන්ගේ නෑ සබඳතා වලින් පමණක් ඔවුන් නිදහස් වනවා නොවෙයි, නමුත් සිරුර පිළිබඳ අවධානයට හෝ ශරීරයේ අහංකාරකමටද ඔවුන්ට බැඳීමක් නොමැත, බැඳීම් විනාශ කරන්නන් සහ නිති සූදානමින් සිටින එවන් දරුවන්ට, පරම පියාගේ ශ්‍රීමත් හස්තයේ නිරන්තරයෙන් තම අත තබන අයට, පියා සමග ආපසු පියාසර කරන සහ බ්‍රහ්ම පියා සමග ඔවුන්ගේ රාජධානිය තුළට යන අයට, පියාසර ස්ථිතිය තිබෙන එවන් සීඝ්‍ර උත්සාහ දරන දරුවන්ට, බාප්දාදාගෙන් බොහෝ, බොහෝ ආශිර්වාද, සෙනෙහස සහ ස්මරණය කාරුණිකව පිළිගන්න, එමෙන්ම පාලකයන් වන දරුවන්ට නමස්තේ.

වරදානය:
ඔබ බාධක ජය ගන්නෙක් වී, ඔබගේ පරිවර්ථන බලයෙන් සියලු දෙනාගෙන් ස්තූති ලැබීමට සුදුසු වේවා.

යම් කෙනෙක් ඔබට අපහාස කළොත්, තත්පරයකදී එම අපහාසය ඉහළ නැංවීමකට පරිවර්ථනය කරන්න. යම් කෙනෙක් ඔහුගේ සංස්කාර හෝ ස්වභාවයෙන් ඔබව පරීක්ෂා කිරීමට ඔබ ඉදිරියට පැමිණෙන්නේ නම්, එවිට, ඒකායන කෙනාගේ අවධානය තිබීමෙන්, දයාවන්ත හදවතක් තිබීමේ ඔබගේ ශ්‍රේෂ්ඨ ස්වභාවය සහ සංස්කාර ආරූඪ කරගන්න. යම් කෙනෙක් ශාරීරික ද්‍රිෂ්ඨියෙන් ඔබ ඉදිරියට පැමිණෙන විට, එම ද්‍රිෂ්ඨිය ජීව අවධාන ද්‍රිෂ්ඨියකට පරිවර්ථනය කරන්න. මේ ආකාරයට ඔබ පරිවර්ථනය කිරීමේ කලාව ඉගෙන ගත් විට, ඔබ බාධක ජයගත්තෙක් වෙයි. එවිට ඔබ සමග සම්බන්ධ වී ඇති සියලු ජීවාත්ම ඔබට ස්තූති කරයි.

පාඨය:
අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වන්න, එවිට ඔබගේ මුහුණේ සතුටේ භාග්‍යයේ දිස්නය පෙනෙයි.

අව්‍යක්ත සංඥාව: එකමුතුකම සහ විශ්වාසයේ විශේෂත්වයෙන් සාර්ථකත්වයෙන් පිරිපුන් වන්න.

බොහෝ රටවල්, බොහෝ භාෂා සහ බොහෝ ස්වරූප සහ වර්ණ තිබෙන අතර, සෑම කෙනෙකුගේම හදවතේ එකමුතුකම දිස්විය යුතුයි, මන්ද, සියලු දෙනාම එක් පියාගේ දරුවන්ය. සියල්ල එකම ගසේ අතු වන අතර සියලු දෙනාම අනුගමනය කරන්නේ ඒකායන කෙනාගේ ශ්‍රීමත්ය. වෙනස්කම් තුළ එකමුතුකම පෙන්වීම, නරක් වී ඇති දේ නිවැරදි කිරීම, විවිධත්වය තුළ එකමුතුකම ගෙන ඒම විශාලතම සේවයයි. මෙය ආශ්චර්යයක් මෙන්ම සාර්ථකත්වයේ පදනමයි.