01.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ රාවණගේ උපදෙස් පිළිපැද, පියාට අපහාස කළ විට, භාරතය, සිප්පි කටුවක් සේ නොවටිනා විය. දැන් පරම පියාව හැඳිනගෙන, ඔහුව සිහිපත් කරන්න, එවිට ඔබ ධනවත් වෙයි.

ප්‍රශ්නය:
ඉනිමග පිංතූරයේ සැඟවී ඇති ආශ්චර්යමත් රහස කමක්ද?

පිළිතුර:
චක්‍රයෙන් භාගයක් භක්තියේ නර්ථනය තිබෙන බවත්, චක්‍රයෙන් භාගයක් දැනුමේ නර්ථනය තිබෙන බවත්. භක්තියේ නර්ථනය සිදුවන විට, දැනුමේ නර්ථනය නොමැති අතර, දැනුමේ නර්ථනය තිබෙන විට, භක්තියේ නර්ථනය නොමැත. රාවණගේ ප්‍රතිලාභය, චක්‍රයෙන් භාගයක් පැවතෙන අතර, ඔය දරුවන්ගේ ප්‍රතිලාභය ඔබ චක්‍රයෙන් භාගයක් අත්විඳියි. ඉනිමග පිංතූරයේ මෙම ගැඹුරු රහස සැඟවී තිබේ.

ගීතය:
ශිවාට නමස්කාර වේවා.

ඕම් ශාන්ති.
ඔබ භක්ති මාර්ගයේදී බොහෝ භක්තියේ නර්ථන සිදු කළ බව, පියා මෙතැන අසුන්ගෙන විස්තර කරයි. ඔබ දැනුමේ නර්ථනය සිදු කළේ නැත. භක්තියේ නර්ථනය සිදුවන විට, දැනුමේ නර්ථනයක් නැත. දැනුමේ නර්ථනය සිදුවන විට, භක්තියේ නර්ථනයක් නොමැත මන්ද, භක්තියේ නර්ථනය, ඔබව පහත බසින තත්ත්වයට ගෙන යන බැවින්. ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී භක්තියක් නැත භක්තිය ආරම්භ වන්නේ තඹ යුගයෙදීය. භක්තිය ආරම්භ වන විට, දැනුමේ ප්‍රතිලාභය අවසන් වන අතර, පහතට බැසීමේ ස්ථීතිය ඇති වෙයි. ඔබ පහත බසින්නේ කෙසේද කියා පියා මෙතැන අසුන් ගෙන පහදා දෙයි. මා සෑම චක්‍රයකදීම පැමිණ, ඔය දරුවන්ට කියමි ඔය දරුවන් මට බොහෝ සේ අපහාස කර තිබේ. භාරතයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ අපහාසය බොහෝ සේ තිබෙන විට, මා පැමිණෙන්නෙමි. අපහාසය යනු කුමක්ද කියාත්, පියා විස්තර කරයි. පරම පියා පවසන්නේ මා සෑම චක්‍රයකම පැමිණ, භාරතයේ දූෂිත අපායේ නිවැසියන්ව, දිව්‍ය ලෝකයේ නිවැසියන් බවට පත් කරවමි. ඔබ මෙතරම් දුප්පත් වූණේ, රකුසු උපදෙස් පිළිපදිමින් මාහට අපහාස කළ නිසාය. එය රාමාගේ රාජධානිය වූ අතර එය දැන් රාවණගේ රාජධානියයි. මෙයට ජය සහ පරාජයේ ක්‍රිඩාව මෙන්ම දහවල සහ රාත්‍රිය යැයිද කියයි. මා පැමිණෙන්නේ කවදාද කියා, දැන් ටිකක් සිතා බලන්න. මා රාජධානිය ලබා දුන් අය, දැන් එම රාජධානිය අහිමි කරගෙන තිබේ. සියලුම කර්ම ගිණුම් ගැන ඔබට විස්තර කර දී ඇත. මා පැමිණ ඔබට ඔබගේ උරුමය ලබා දෙන අතර, ඉන්පසුව රාවණ පැමිණ, ඔබට සාප කරයි. මෙය විශේෂයෙන් භාරතයටත් සාමාන්‍ය වශයෙන් ලෝකයටත් බලපායි. කිසි කෙනෙක් භාරතයේ වර්ණනාව නොදනී. ආරම්භයේ තිබුණේ භාරතය පමණයි. එය පැවතුණේ කවදාද, එය කෙසේ වූයේද, එමෙන්ම එහි පාලනය කළේ කවුරුන්ද කියා, කිසිවෙකු නොදනී ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. දේවතාවන් වූ අයට මනුෂ්‍ය ස්වරූපයක් තිබුණු නමුත් ඔවුන්ට දේවතාවන්ගේ චරිත ස්වභාවයක් තිබුණි. දැන් ඔවුන් මනුෂ්‍ය ස්වරූපයෙන් සිටින නමුත්, ඔවුන්ගේ චරිත ස්වභාවය, රකුසන් මෙනි. ඔවුන් මෙම ලෝකයට එපිටින් සිටින පියාව නොහඳුනන බැවින්, ඔබ විස්තර කර දෙන කිසිවෙකුට වැටහෙන්නේ නැත. ඒ වෙනුවට, ඔවුන් ඔහුට අපහාස කරයි! පියාට අපහාස කිරීමෙන් ඔවුන් සම්පූර්ණයෙන්ම සිප්පි කටු මෙන් නොවටිනා වී ඇත. භාරතයේ පරිහාණිය සිදු වී ඇත. පරම පියා පවසන්නේ එහි තත්ත්වය මෙය වූ විට මා පැමිණෙන්නෙමි. මා දැන් ඔබට මුහුණට-මුහුණලා සිට, විස්තර කර දෙමි. මා පෙර චක්‍රයේද ඔබට මේ අන්දමින්ම විස්තර කර දුන්නෙමි. දේවතා සමාජය ස්ථාපිත කෙරෙන අතර ඔබ මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වනවා. පරමාත්ම පියා පැමිණෙන්නේ කවදාද කියා මිනිසුන් නොදනි. ඔබ විශාල සතුටකින් ඔබගේ ප්‍රතිලාභය, ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී අත්විඳියි. පසුව ඔබ තඹ යුගයෙදී රාවණගෙන් සාප ලද විට, සෑම දෙයක්ම අවසන් වෙයි. ඒ අන්දමින්ම දේවතාවන් ඔවුන්ගේ ප්‍රතිලාභය අත්විඳීමෙන් පසු, එනම්, රිදී යුගයේ අවසානයෙන් පසුව, එය තව දුරටත් නොපවති. රාවණගේ රකුසු ප්‍රතිලාභය ඉන්පසුව ඇරඹෙයි. මුලදි භක්තිය අමිශ්‍ර වන අතර පසුව එය මිශ්‍රිත වෙයි. ඉනිමගේ පිංතූරය සම්පූර්ණයෙන්ම නිවැරදිය. සෑම දෙයක්ම සතෝප්‍රධාන් වී ඉන්පසුව සතෝ, රජෝ සහ තමෝ වෙයි. එය තුළට අඛණ්ඩව වෙනත් ලෝහ මිශ්‍ර වෙයි. සෑම දෙයක්ම ඉතා පැහැදිලිව ඔය දරුවන්ට විස්තර කෙරෙන නමුත් එය වැඩිය ධාරණය කෙරෙන්නේ නැත. ඇතැමුන්ට වෙනත් අයට විස්තර කර දීමට තරම් නුවණක් ඇත්තේම නැත. සමහරුන්ට ඉතා හොඳින් අත්දැකීම් තිබෙන අතර ඔවුන්ගේ ධාරණාවද ඉතා හොඳය එය අංකානුරූපිතයි. සෑම ශිෂ්‍යයෙක්ම එක වගේ නැත සෑම කෙනෙකුටම නිසැකයෙන්ම අංකයක් ලබා දෙනු ඇත. ඕනෑම කෙනෙකුට විස්තර කර දීම ඉතාමත්ම පහසුයි. පියා පවසන්නේ මා සිහි කරන්න! මා ඔබගේ අසීමිත පියාය, මෙම ලෝකයේ නිර්මාණකරුයි. මා සිහිපත් කිරීමෙන් ඔබට ඔබගේ අසීමිත උරුමය ලැබෙයි. සිහිපත් කිරීමෙන් පමණයි, මිශ්‍ර ලෝහ ඉවත් වන්නේ. ඔවුන්ට මෙසේ පමණක් විස්තර කරන්න භාරතයේ ජනතාව වන ඔබලා, ස්වර්ණමය යුගයේ සතෝප්‍රධාන්ව සිටි අතර, දැන් කලි යුගයෙදී තමෝප්‍රධාන් වී ඇත. ජීවාත්ම තුළට ලෝහ මිශ්‍ර වී ඇත. පිවිතුරු නොවී කිසිවෙකුට එහි යා නොහැක. නව ලෝකයේ සෑම කෙනෙක්ම සතෝප්‍රධාන්ය. ඇඳුම් අළුත් විට ඒවාට සතෝප්‍රධාන් යැයි කියන අතර පසුව ඒවා පරණ වූ විට, ඒවා තමෝප්‍රධාන් වෙයි. සෑම කෙනෙකුගේම ඇඳුම් ඉරී යාමට ආසන්නයි සෑම කෙනෙක්ම සම්පූර්ණ පරිහාණ තත්ත්වයට පත් වී ඇත. ලෝකයේ අධිපතියන්ව සිටි අය, සම්පූර්ණයෙන්ම දුගී වී ඇත. දැන් ධනවත් විය යුත්තේ ඔවුන්ය. මිනිසුන් මෙම දේවල් නොදනී. භාරතය, දිව්‍ය ලෝකය වූ කල්හි, එය ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. අන් සියලුම ආගම් වල අය පැමිණියේ ඊට පසුවයි. පියා මෙතැන අසුන්ගෙන ඔබට සැබෑ දේවල් විස්තර කර දෙයි. බලන්න, ගීතාවට කෙතරම් ගෞරවයක් තිබේද කියා! එය හදාරන අතර මිනිසුන් සම්පූර්ණයෙන්ම පහතට වැටී තිබේ, ඔවුන් කන්නලව් කරන්නේ මේ නිසාය අහෝ පාරිශුද්ධකරුවාණෙනි වඩින්න! අපි දූෂිත වී සිටියි! විමුක්තිය පිරිනැමිය හැක්කේ එක් පරමාත්ම දෙවියන්ට පමණයි. ග්‍රන්ථ වල ඇති සෑම දෙයක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. බාබාගෙන් දැනුම ලබා ගැනීමෙන් ඔබ දේවතාවන් වන බව, ඔබගේ බුද්ධියට වැටහෙයි. ඔබට දැන් මුළු ලෝකයම පිළිබඳව නිරාශාවක් තිබේ. සන්යාසීන්, ගංඟා නදියේ නෑම ආදි භක්තියේ යෙදෙයි. භක්තියද ආරම්භයේදී සතෝප්‍රධාන්ය. පසුව එය රජෝ සහ තමෝ වෙයි. මෙයද එසේමයි. චක්‍ර භාගයක දහවල සහ චක්‍ර භාගයක රාත්‍රිය සිහි කර ඇත. බ්‍රහ්මාගේ දහවල සහ රාත්‍රිය සමගම එය බ්‍රහ්මණයන්ගේද දහවල සහ රාත්‍රිය විය යුතුයි. ඔබ දැන් දහවලට යන අතර භක්තියේ රාත්‍රිය අවසන් වනවා. භක්තිය තුළ බොහෝ දුක තිබේ. එයට රාත්‍රිය යැයි කියයි. මිනිසුන් දෙවියන් සොයමින් අන්ධකාරයේ වැටි වැටි ගමන් කරයි. භක්ති මාර්ගයේ, විමුක්තිය පිරිනැමිය හැකි කිසිවෙක් නැත. ඔබ හැර පරමාත්ම දෙවියන්ව නිවැරදිව හඳුනන වෙනත් කිසිවෙකු නැත. ජීවාත්මය තිතක් බවත්, උත්තරීතර ජීවාත්මයද තිතක් බව, කිසිවෙකුට වැටහෙන්නේ නැත. පරමාත්ම දෙවියන්ම පැමිණ, ඔබට බ්‍රහ්මාගේ සිරුර තුළින් විස්තර කරදෙයි. ඔවුන් ’භාග්‍යවන්ත රථය’ ගවයෙකුගේ ස්වරූපයෙන් පෙන්වා ඇත. ගවයෙක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා සෑම දෙයක්ම ඉතා හොඳින් විස්තර කර දෙන නමුත් එය කිසිවෙකුගේ බුද්ධිය තුළ නිවැරදිව සනිටුහන් වන්නේ නැත. පියා මෙතැන අසුන් ගෙන විස්තර කරන්නේ දරුවනි, මා ඔය ජීවාත්මයන්ගේ පියාය. මා සිහිපත් කරන්න, එමෙන්ම ඔබගේ උරුමය සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. මේ තිබියදී ඔබට ඔහු අමතක වන බව, ඔබ පවසයි! අපූරුයි! ඔබ එවන් මනාලයෙක් හෝ පියෙක් අමතක කළ යුතුද? බිරිඳකට කෙදිනක හෝ ඇගේ ස්වාමියාව හෝ දරුවෙකුට කෙදිනක හෝ ඔහුගේ පියාව අමතක වෙයිද? එසේ නම් ඔබ මෙහි සිටින මෙම කෙනාව අමතක කරන්නේ ඇයි? ඔබ මෙසේ පවා කියයි ’බාබා, ඔබ අපව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි, ඒ තිබියදී අපට ඔබව අමතක වෙයි!’ පියා පවසන්නේ ඔබ මා සිහි නොකරන්නේ නම්, ජීවාත්මය මත ඇති මළකඩ ඉවත් වන්නේ කෙසේද? ප්‍රධානතම දේ වන්නේ සිහිපත් කිරීමයි. අපට වෙනත් ආගම් සමග සම්බන්ධයක් නැත. ඔවුන් පාසැල් වල ඉතිහාසය සහ භූගෝලය උගන්වයි. සමහරුන්ට එය කෙසේවත් වැටහෙන්නේ නැත. ඔබට උගන්වනනේ පරමාත්ම පියා බව, ඔවුන්ගේ බුද්ධියේ සනිටුහන් වන්නේ නැත. අච්චා, අඩු තරමේ පියාව සහ ඔබගේ උරුමය සිහි කරන්න! එසේ නැත්නම් ඔබට එයත් අමතක වනවාද? ඔබ චක්‍රයෙන් භාගයක් භක්තියේ යෙදී සිටි, බාබාව වත් ඔබට සිහි වන්නේ නැත. ඔබගේ සිරුරු හළා දමා ඔබගේ රාජධානියට යන බව, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. මෙය ඔබගේ අවසන් උපතයි. ඔබ එම මුහුණුවරින් ඔවුන්ව සූක‍්ෂම කලාපයේදී දකියි ඔබ ඔවුන්ව දිව්‍ය ලෝකයේදීද දකියි. මමා සහ බාබා, ලක‍්ෂ්මි සහ නාරායන වන බව ඔබ දන්නවා. ඔබ දිව්‍ය ලෝකයේ වාසය කරන විට, ඔබගේ සිරුර හළා දමා වෙනත් එකක් ගන්නා බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගයට පසුව රිදී යුගයත් ඉන්පසුව තඹ යුගය ඇති වන බවත්, ඔබ අඛණ්ඩව පහළට බැසීම පිළිබඳ දැනුමත් ඔබට නොතිබෙයි. කිසිම දැනුමක් එහි ඉතිරි වන්නේ නැත. ඔබ අඛණ්ඩව පුනර්භව ගනී. එහිදී ඔබ ජීව අවධානයෙන් සිටියි. පසුව ජීවාත්ම අවධානයේ සිට ඔබ ශරීර අවධානයට පත්වෙයි. මෙම දැනුම තිබෙන්නේ ඔය බ්‍රහ්මණයන්ට පමණයි. වෙනත් කිසිවෙකුට එය නොමැත. දැනුමේ ස්වාමියා, දැනුමේ මහා සාගරය වන පරමාත්ම පියා පමණයි, ඔබට මෙම දැනුම ලබා දෙන්නේ. ඔහු එය නිසැකයෙන්ම පවසන්නේ ඔය බ්‍රහ්මණයන්, බ්‍රහ්මාගේ දරුවන්ට පමණයි. ඔබ උත්සාහ දරා, සම්පූර්ණයෙන්ම ගුණධර්ම වලින් පිරෙයි ඔබ මුළුමනින්ම පාපයන්ගෙන් තොර වෙයි. ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර, පරමාත්ම පියා සිහි කරන්න. ඔබ අනිවාර්යෙන්ම ක්‍රියා සිදු කළ යුතුයි. ඔබගේ බුදධියේ යෝගාව පරමාත්ම පියාට සම්බන්ධ වී තිබිය යුතුයි. ඔබට ඕනෑම ක්‍රියාවක් සිදු කළ හැක ඔබට වඩුවෙක් ලෙස වැඩ කළ හැක, එසේ නැත්නම් රාජධානියක් වුවද පාලනය කළ හැක. ජනක් රජතුමාගේ සිහිවටනය ඇත. දිගටම රාජධානිය පාලනය කරන්න, නමුත් ඔබගේ බුද්ධියේ යෝගාව සම්බන්ධ විය යුත්තේ පරම පියාටය, එවිට ඔබට ඔබගේ උරුමය හිමිවෙයි. පියා පවසන්නේ මන්මනභව! නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ශිව බාබා පවසන්නේ ඔබ ’ශිවා’ කියා පමණක් කී විට, ඔබට සිහි වන්නේ ශිව පිළිමයයි. සෑම කෙනෙකුගේම නම සඳහන් කෙරෙන්නේ ඔවුන් තම සිරුර තුළින් තම චරිත කොටස රඟපාන බැවිනි. ඔබව දැන් ජීවාත්ම අවධානයට පත් කෙරෙනා අතර, ඔබ චක්‍රයෙන් භාගයක්ම එසේ සිටියි. මෙකල සෑම කෙනෙක්ම සිටින්නේ ශරීර අවධානයෙන්ය. එහි රජු, රැජිණ සහ පුරවැසියන් යන සියලු දෙනාම සිටින්නේ ජීවාත්ම අවධානයෙනි. සෑම කෙනෙකුගේම ආයුෂ දීර්ඝයි. මෙහි සෑම කෙනෙකුගේම ආයුෂ කෙටිය. පරමාත්ම පියා පෞද්ගලිකවම ඔය දරුවන් ඉදිරියේ අසුන් ගෙන, ඔබට ඉතා හොඳින් පහදා දෙයි. ඔහු පවසන්නේ අහෝ ජීවාත්මයණි! මන්ද, මෙම දැනුම ලබා ගන්නේ ඔය ජීවාත්මයන් නිසා. ධාරණය සිදුවන්නේද ජීවාත්මය තුළයි. බාබාට ශරීරයක් නැත. සියලුම දැනුම තිබෙන්නේ ජීවාත්මය තුළයි. ජීවාත්මය තරුවක් වන අතර බාබාද තරුවකි. ඔහු පුනර්භව නොගන්නා නමුත් ජීවාත්ම පුනර්භව ගනී. බාබා ඔබට කිරීමට කාර්යයන් දුන්නේ මේ නිසාය. ඔහු උත්තරීතර ජීවයේ ප්‍රශංසාව සහ දරුවන්ගේ ප්‍රශංසාව ලියන්නට කියා ඔබට කීහ දෙක වෙනස්ය. ශ්‍රී ක්‍රිෂ්ණාගේ වර්ණනාව වෙනස්ය. ඔහු ශාරීරික වන නමුත් අර කෙනා අශාරීරිකයි. ඔහුව එතරම් ගුණදම් වලින් අනූන කළේ කවුද? ඔහුව ඒ බවට පත් කළේ නිසැකයෙන්ම උත්තරීතර ජීවය බව කියැවෙයි. මෙකල ඔබ දේවමය සමාජයයි. පරමාත්ම දෙවියන් ඔබට උගන්වනවා. ඔබ ප්‍රතිලාභය පසුව අත්විඳියි. ඔබට ස්වර්ණමය යුගයෙදී කිසිවෙකු මෙය උගන්වන්නේ නැත. භක්ති මාර්ගයේ මෙවලම් අවසන්ය. මෙම ලෝකය පිළිබඳව නිරාශාවක්ද තිබිය යුතුයි, එනම්, ඔබගේ ශරීරය සහ සියලුම ශාරීරික නෑදෑයින් අතහැර, තමන් අශාරීරික ජීවාත්මයක් බව සැලකිය යුතුයි. ඔබ පැමිණියේ අශාරීරිකව වන අතර ඔබ ආපසු යා යුත්තේද අශාරීරිකවයි. මෙම පැරණි ලෝකය විනාශ වීමට යන අතර, අපි සියලු දෙනාම නව ලෝකයට යයි. මෙම සිහිපත් කිරීමේ උත්සාහය දිගටම කරගෙන යන්න, එපමණයි. බොහෝ දෙනෙක් අසමත් වන්නේ මෙහිදීය ඔවුන් කිසිසේත් පියාව සිහි කරන්නේ නැත. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට විස්තර කර දෙන්න ශිව බාබා, බ්‍රහ්මා තුළින් පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබ තුළ මිශ්‍ර වී ඇති වෙනත් ලෝහ ඉවත් වී, ඔබ විෂ්ණුගේ දේශයේ අධිපතියන් වෙයි. විෂ්ණුගේ දේශය, දිව්‍ය ලෝකයේ දේශයයි. හැකිතාක් පමණින් පරමාත්ම පියාව සිහි කරන්න. ඔබ චක්‍ර බාගයක්ම සිහිකරමින් සිටි පියා, දැන් පෞද්ගලිකවම ඔබ ඉදිරියට පැමිණ සිටියි. ඔහු පවසන්නේ මා සිහි කරන්න! කිසි කෙනෙක් ඔහු හඳුනන්නේ නැත. ඔහුම පැමිණ, ඔහුගේ හැඳින්වීම ලබා දෙයි. මාගේ සැබෑ ආකාරය කුමක්ද, එමෙන්ම මා කුමක්ද කියා, හෝ එම විශ්වාසය ඇති අය සිටින්නේ ඉතාමත් කලාතුරකිනි. ඔවුන්ට විශ්වාසය තිබුණේ නම්, ඔවුන් උත්සාහ දරා, ඔවුන්ගේ උරුමය හිමි කරගනී. ශිව බාබා පවසන්නේ : මා සිහි කිරීමෙන් ඔබ පිවිතුරු වී, පිවිතුරු ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. ඔබ කිසිම පාපකරී ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උත්සාහ දරා, සම්පූර්ණයෙන්ම ගුණදම් වලින් පිරි සිටින්න. ඔබ කුමන ක්‍රියා සිදු කළත් ඒවා පියාගේ සිහිපත් කිරීමේ සිට, සිදු කරන්න. කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න.

2. ඔබගේ පැරණි ඇඳුම් (සිරුර) මුළුමනින්ම පරිහාණියට පත් වී ඇත. එබැවින් ඔබගේ බැඳීම ඉන් ඉවත් කරගන්න. ජීවාත්මය, සතෝප්‍රධාන් කරගැනීමට සම්පූර්ණ උත්සාහ දරන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් අතීන්ද්‍රිය සුඛය අත්විඳින ස්ථිර සහ නොසැලෙන ස්වරාජ්‍ය අධිකාරීවරයෙකු වේවා.

සංගම් යුගයේදී සියලු කාලයටම අතීන්ද්‍රිය සුඛයේ උරුමය ලබන දරුවන්, එනම්, පරම පියාගේ අභිප්‍රාය කෙරෙහි සම්පූර්ණ අයිතිවාසිකම් ඇති අය, අධිෂ්ඨාන බලය ඇති අය වෙති. ඔවුන් නිරන්තරව නොසැලෙන අතීන්ද්‍රිය සුඛය අත්විඳිනු ඇත. එවැනි උරුමක්කාරයන්, එනම්, උරුමයට සම්පූර්ණ අයිතියක් ඇති අය ස්ථිර සහ නොසැලෙන ස්වරාජ්‍ය අධිකාරීත්වයක් හිමිකර ගනු ඇත.

පාඨය:
"මගේ" යන අවධානය ඇති විට, බුද්ධිය සම්පූර්ණයෙන්ම නොමඟ යනවා ඇත.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

කාලයට අනුව, ඔබ දැන් නිරන්තරව නොසැලී, නිශ්චලව සහ සියලු නිධානයන්ගෙන් පිරී සිටිය යුතුය. සුළු උච්ඡාවචනයක් තිබේ නම්, ඔබට සියලු නිධානයන් අත්විඳීමට නොහැකි වනු ඇත. පරම පියාගෙන් ඔබට ලැබුණු නිධාන නිරන්තරයෙන් ඔබ ළඟ තබා ගැනීමේ මාර්ගය නම් නිරන්තරව නොසැලී, නිශ්චලව සිටීමයි. නොසැලී සිටීමෙන් ඔබ නිරන්තර සතුට අත්විඳිනු ඇත. ඔබට විනාශ වන ධනයේ සතුට හෝ නායක පුටුවේ තනතුරේ සතුට ලැබිය හැකි අතර, නම සහ කීර්තිය ලැබෙන විට ඔබ බොහෝ සතුටක් ලබනු ඇත. නමුත්, මෙම සතුට අවිනාශීය. නොසැලෙන සහ නිශ්චල අයට මෙම සතුට ලැබෙනු ඇත.

මාතේශ්වරීජීගේ ශ්‍රේෂ්ඨ අමිල වදන්

ඉහළ නැඟීමේ ස්ථීතියේ සහ පහළට බැසීමේ ස්ථීතියේ ප්‍රධාන මුල් මොනවාද?

බොහෝ මිනිසුන් ප්‍රශ්න කරන්නේ ජීවන-මුක්ති තත්ත්වය ලබා ගැනීමට අප මෙතරම් උත්සාහ දරන්නේ නම්, අප පහළට පැමීණීමට හේතුව කුමක්ද? මෙය ජය පරාජයේ ක්‍රිඩාවක් බව අප කියන නමුත් ඉහළ නැග්මේ සහ පහළට බැසීමේ ස්ථීති වලට හේතුවක් ඇති. මෙම නාටකය රඟ දැක්වෙන්නේ කුමන පදනමකට අනුවද? උත්සාහ දැරීමෙන් අපට ඉහළ නැඟීමට හැකි වන සේම, අප පහළට වැටීමටත් හේතුවක් ඇති. එම හේතුව ලොකු දෙයක් නොවෙයි, එය සුළු වරදක් පමණයි. නිදසුනක් ලෙස, පරමාත්ම දෙවියන් පවසන්නේ : මා සිහි කරන්න, එවිට මා ඔබට මුක්තිය සහ ජීවන මුක්ති තත්ත්ව ලබා දෙනවා. ඒ ආකාරයෙන්ම අප ශරීර අවධානයට පත්වී පරමාත්ම දෙවියන්ව අමතක කරන විට, අප වැටෙනවා. එවිට අප පාප මාර්ගයට ඇතුළු වන අතර පංච පාපයන් තුළ සිරගත වනවා; අප දුකට පත් වනවා. එබැවින් එය නිර්මාණකරුගේ නොව, අපගේම වරදයි. පරමාත්ම දෙවියන් සතුට සහ දුක යන දෙකම ලබා දෙන බව මිනිසුන් කියන විට, එය සම්පූර්ණයෙන් වැරදියි. බාබා සතුට පිරිණමන්නාය, දුක පිරිණමන්නා නොවෙයි. අපගේ උසස් ක්‍රියා තුළින් අපට සතුට ලැබෙන අතර අපගේ දූෂිත ක්‍රියා තුළින් දුක ලැබෙයි. අපට අනිවාර්යෙන්ම යහපත් ක්‍රියා වල ඵලය ලැබෙන අතර නරක ක්‍රියා වලට දඬුවම් දෙවියන්ගෙන් ලැබෙයි. කෙසේවෙතත්, දෙවියන් සතුට සහ දුක යන දෙකම ලබා දෙන බව අපට කිව නොහැක; නැහැ. අපගේ ඉහළ යන ස්ථීතියේ, පරමාත්ම දෙවියන් අප සමග සිටින නමුත් අපව පහළට වට්ටන්නේ මායාය. සාමාන්‍ය අන්දමකින් වුවද සතුට වෙනුවෙන් අප කෙනෙකුගේ ඇසුර හෝ උදව් ලබා ගන්නා නමුත් දුක වෙනුවෙන් කිසිවෙක් ඔවුන්ගේ ඇසුර ලබා දෙන්නේ නැත. අප කරන ක්‍රියා වල ප්‍රතිඵලයට අනුව අපට ඵලය ලැබෙයි. මෙම නාටකය තුළ, සතුට සහ දුකෙහි රංගනය, ඔබගේ ක්‍රියා මත පදනම් වී තිබේ, නමුත් පහත් බුද්ධි ඇති මිනිසුන් මෙම රහස නොදනී. අච්චා.