01.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මුළු ලෝකයටම සාමය ලබාදීමේ කාර්යය, ඒකායන පියාගේ පමණක් වන නිසයි මිනිසුන් මෙසේ පවසන්නේ: අහෝ සාමය පිරිනමන්නාණෙනි! එබැවින් ත්‍යාගය හිමි විය යුත්තේ පියාටයි.

ප්‍රශ්නය:
පියාව මුළුමනින්ම අනුගමනය කළ හැකි වන්නේ කුමන දරුවන්ටද?

පිළිතුර:
පියා මෙන් පිවිතුරු වන දරුවන්ට ඔහුව සමපූර්ණයෙන්ම අනුගමනය කළ හැක. සැබෑ පෙම්වතුන් වන අයට, ආදරවන්තයා වන මාව, අනුගමනය කළ හැක. මා සමඟ ආපසු රැගෙන යන්නේ, එවන් පෙම්වතුන්ව පමණයි. එළදෙනෙකුගේ වලිගය අල්ලා එතෙරට යා හැකි බව, ග්‍රන්ථ වල පෙන්නුම් කර ඇත. කෙසේනමුත්, එළදෙනක් හෝ එළදෙනෙකුගේ වලිගයක් පිළිබඳ ප්‍රශ්නයක් මෙහි නොමැත.

ගීතය:
සෙනෙහසේ මහා සාගරය ඔබයි. අප එක් බිඳුවකට පිපාසිත වන්නෙමු.

ඕම් ශාන්ති.
මෙහි බාප් සහ දාදා යන දෙදෙනාම සිටියි. ජීවාත්මයන්ගේ පියා, ශිව බාබා බව, ඔය දරුවන් දැන් දන්නවා. ඔහු පාරිශුද්ධකරු බවත් ඔහු අශාරීරික බවත් ඔබ දන්නවා. ඔබද, අශාරීරික, සාමයේ ප්‍රතිරූපයන්ය. අශාරීරික පියා, සාමයේ ප්‍රතිරුවක් වන අතර ජීවයන්ද සාමයේ ප්‍රතිමූර්තින්ය. ජීවයන්ගේ ආදිතම ධර්මය වන්නේ සාමයයි. ඔබගේ වාසස්ථානය වන්නේ සාම දේශයයි. ඔවුන් යාගහෝමයක් පවත්වන විට, සාමය පිරිණමන්නාට ඔවුන් කන්නලව් කරයි, මන්ද, පරමාත්ම දෙවියන්, සාමයේ මහා සාගරය වන බැවින්. මුළු ලෝකයටම සාමය ලබාදෙන්නේ පරමාත්ම පියාය. සාම ත්‍යාග ලැබෙන බොහෝ දෙනෙක් සිටියි. කෙනෙකුට ත්‍යාගයක් හිමි වන විට, සාමය ස්ථාපිත කිරීමට ඔහු උපකරණයක් වූ බව, ඔවුන් පවසයි. ඔවුන් ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ නම් සඳහන් කරති. කෙසේවෙතත්, ලෝකය පුරාම සාමය අවශ්‍ය වී තිබේ. එසේ නොමැති නම්, අසාමයෙන් සිටින අය, අන් අයවද අසාමයට පත් කරවයි. මෙය රාවණගේ රාජධානියයි. රාවණ සතුරෙක් වන අතර, රාමාට සතුරෙක් යැයි නොකියයි. මිනිසුන් කිසිම විටෙක රාමාගේ, එනම්, රිදී යුගයේ රාමාගේ හෝ උත්තරීතර පියා, උත්තරීතර ජීවයගේ පඹයෙක් පුළුස්සන්නේ නැත. සෑම කෙනෙකුටම රාමාගේ රාජධානිය අවශ්‍ය වන නමුත් රාමාගේ රාජධානිය කුමක්ද කියා, කිසිවෙකු නොදනී. ඔවුන් පවසන්නේ, නව ලෝකයක් තිබිය යුතු බවත්, නව දිල්ලියේ රාමාගේ රාජධානිය තිබිය යුතු බවත් පමණක්ය. ඔවුන් නව දිල්ලිය ගැන කතා කරයි එයට බොහෝ නම් දී ඇත. දිල්ලිය අගනුවර වූ අතර, එය සුරංගනාවන්ගේ දේශය විය. රාධා සහ ක්‍රිෂ්ණාද එහි සිටින බව පෙන්වා ඇත. ප්‍රධාන රජ කුමරා සහ රජකුමරිය එම දෙදෙනාය. ඔවුන් දෙදෙනා පමණක් නොව, නිසැකයෙන්ම වෙනත් අයද සිටින්නට ඇති. රාජ වංශ අටක් සිහිකර තිබේ. ඔබ සෑම දේකටම ඔබගේ බුද්ධිය භාවිත කළ යුතුයි. ස්වර්ණමය යුගයේ වෙනත් රාජ වංශද තිබෙන්නට ඇති. බලන්න මෙහි රජ පෙළපත් කෙතරම් තිබේද කියා! බොහොමයක් තිබෙන තුරු, මෙම රජ පෙළපත් දිගටම වර්ධනය වනවා. අහවල් ගමක, මහාරාජා කෙනෙක් ගැන පවා කෙනෙකුට අසන්නට ලැබෙයි! කුඩා ගම්මාන බොහෝ තිබේ! ස්වර්ණමය යුගයේ එතරම් නැත. එහි, ලක‍ෂ්මි සහ නාරායන යන නම්, ඉතා සුප්‍රසිද්ධයි. ඔවුන්ගේ රාජධානිය, වසර 2500ක් පැවතුණි. එය වසර සිය දහස් ගණනකට පෙර පැවති බව, මිනිසුන් පවසයි. මෙය සිතා බැලිය යුතු කරුණකි. මෙය ජීවාත්ම සඳහා ආහාරයි. පියා ඔය ජීවයන්ට, ඔබගේ බුද්ධියට, ආධ්‍යාත්මික ආහාර ලබා දෙයි. ඔබගේ බුද්ධියේ අගුල් දැන් විවර වී තිබේ. ඍෂිවරු සහ මුනිවරයන් යන සියලු දෙනාම පවසන්නේ, ඔවුන් නිර්මාණකරු හෝ නිර්මාණය පිළිබඳව නොදන්නා බවයි. ඔය දරුවන් දැන් මෙසේ කියන්නේ නැත. ඔබ නිර්මාණකරු මෙන්ම නිර්මාණයේ ආරම්භය, මැද සහ අවසානය දන්නවා. ඔබ දැන් ඔබගේ උපත් 84හි චක්‍රය දනී. ආරම්භයේ ඔබ දේවතාවන් වූ අතර පසුව, මැදදි, රාවණ පැවතීම ආරම්භ වූ විට, ඔබ දූෂිත විය. එය දැන් අවසානයයි. පැරණි ලෝකයේ විනාශය තිබී, ඉන්පසුව ආරම්භය ඇති වන බව, ඔබ දන්නවා. ආරම්භයේදී රාමාගේ රාජධානිය තිබෙයි. පසුව මැදදී, රාවණගේ රාජධානිය ආරම්භ වෙයි. රාවණගේ රාජධානිය දැන් අවසන් වීමට තිබෙන අතර, ඉන්පසුව රාමාගේ රාජධානිය ඇරඹෙයි. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පරිවර්ථනය විය යුතුයි. මෙය සත්‍ය නාරායනගේ කතා පුවතයි. සියලුම ග්‍රන්ථ වලින් ප්‍රධානතම මැණික වන්නේ ශ්‍රීමත් ගීතාව බව, ඔබ දන්නවා. ශ්‍රේෂ්ඨ වීම සඳහා, ඔබට ශ්‍රීමත් ලැබෙයි. ශ්‍රේෂ්ඨ අයට, ශ්‍රී යැයි කියයි. දේවතා ධර්මයේ ආගමික ග්‍රන්ථය ලෙස හැඳින්වෙන්නේ, ගීතා ග්‍රන්ථය පමණක් බව, ඔය දරුවන් දන්නවා. සංගම යුගයෙදී දේවතා ධර්මය ස්ථාපිත වන්නේ, මෙය තුළින්ය. යමෙකුට පැමිණ, ඔවුන්ව පිවිතුරු කිරීමට, ස්වර්ණමය යුගයේ කිසිවෙකු අපවිත්‍ර නැත. පියා දැන් ඔබට පහදා දෙයි ගීතාවට, පාරිශුද්ධකරු යැයි කිව නොහැක. ඔබට ගීතාව තුළින් පාරිශුද්ධ විය නොහැක. පාරිශුද්ධකරු ලෙස හැඳින්වෙන්නේ ගීතාවේ දෙවියන්ය. මෙය හොඳින් මතක තබා ගන්න. ගීතාව, ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ ග්‍රන්ථයයි. අසංඛේය ආගම් විනාශ වී, එක් ධර්මය ස්ථාපිත වූ මහා භාරත යුද්ධය සිදු වූයේ, ගීතා කතාංගනයේ කාල වකවානුවේදීය. ගීතාව, දේවතා ධර්මයේ ග්‍රන්ථය බව, ඔවුන් පවසයි. එය බ්‍රහ්මණයන්ගේ ග්‍රන්ථය ලෙස හැඳින්වෙන්නේ නැත. ගීතාවේ, බ්‍රහ්මණයන් ගැන සඳහනක් නැත. පරම පියා, පරමාත්ම ජීවය පැමිණ, බ්‍රහ්මගේ මාර්ගයෙන් ඔබට වේද සහ ග්‍රන්ථයන්ගේ සාරය පවසයි. ස්වර්ණමය යුගයේ, බ්‍රහ්මණයන් නොමැති බව, ඔබට දැන් වැටහෙයි. එහි සිටින්නේ ලක‍ෂ්මි සහ නාරායන සහ දේවතාවන්ය. බ්‍රහ්මගෙන් පසුව, විෂ්ණු සිටියි. බ්‍රහ්මගේ මාර්ගයෙන් විෂ්ණුගේ දේශය ස්ථාපිත කරන බව, පිංතුර වල පෙන්වා තිබේ. බ්‍රහ්ම සහ විෂ්ණු එකවර වෙසෙන්නේ නැත. දේවතා ධර්මය ස්ථාපිත කරන්නේ බ්‍රහ්මගේ මාර්ගයෙනි. මෙම කරුණු සවිස්තරාත්මකව වටහා ගත යුතුයි. ඔය දරුවන් දැන් ඔබගේ දිව්‍ය ලෝකයේ උරුමය, ශිව බාබාගෙන් හිමි කරගන්නවා. එයට අයිතියක් ඇති අය, ඔබලාය. ප්‍රධාන ආගමික ග්‍රන්ථ සතරක් තිබේ. අංක එකේ ධර්මය ස්ථාපිත කෙරෙන, අංක එකේ ආගමික ග්‍රන්ථය වන්නේ, ශ්‍රීමත් භගවත් ගීතාවයි. ඉන්පසුව ඉස්ලාමිකයන් සහ බෞද්ධයින් සිටියි. ’ශ්‍රීමත් භගවත් ගීතාව‘ යැයි ලියා තිබෙන්නේ, ගීතාවේ පමණයි. වෙනත් කිසිම ආගමික ග්‍රන්ථයක, ශ්‍රීමත් සඳහන් වන්නේ නැත. ’ශ්‍රීමත් ඉස්ලාම්‘ හෝ ’ශ්‍රීමත් බෞද්ධ‘ යැයි සිහි කෙරෙන ග්‍රන්ථයක් නැත. තිබෙන්නේ, එක් ශ්‍රීමත් භගවත් ගීතාවක් පමණයි. එය මඟින් ස්ථාපිත වූයේ කුමන ආගමද? ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත විය. ස්ථාපනය සිදුවන්නේ අවසානයේදීය. මෙය වටහා ගත යුතු දෙයකි. බාබා දැන් ගුරුවරයා වශයෙන් අපට උගන්වයි. මෙය ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. බාබා, අපගේ පියා මෙන්ම ගුරුවරයාද වෙයි. බාබා, ඉගෙනුම තුළින් සෑම කෙනෙකුටම විමුක්තියද පිරිණමයි, එබැවින් ඔහු සත්ගුරුද වෙයි. සෑම කෙනෙක්ම පරමාත්ම පියාව සිහි කරයි. ඔවුන්, ගීතාවේ, ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර තිබේ ඔහු ඥානයේ මහා සාගරය නොවේ. ඥානයේ මහා සාගරය වන පරමාත්ම පියා, ඔහුව ඒ බවට පත් කළා, එබැවින් ඔහු ගුරුවරයා ද වෙයි. ඔබ මෙහිදී අළුත් දේවල් වලට සවන් දෙයි. ඔබ බොහෝ ග්‍රන්ථ ආදියට සවන් දී, කියවා තිබේ. ඔබ දැන් ඍජුවම පියාට ඇහුම්කන් දෙයි. පෙර කල ඔබ ඇහුම්කන් දුන්නේ, ශාරීරික ජීවයන්ටයි. ඔබ මුලින්ම අශාරීරිකව සිටි අතර පසුව ශරීර ගත් බව, ඔය ජීවයන්ට දැන් වැටහෙයි. බාබාද අශාරීරිකයි. මිනිසුන් ශිව ප්‍රතිමාවක් සාදයි. ජීව, ඔවුන්ගේ සිරුරු මඟින් ඔහුට වන්දනා කරයි. ඔබ කන්නලව් කරන්නේ අහෝ පරම පියා, පරමාත්ම ජීවය, පැමිණ, අපවිත්‍ර අපව පිවිතුරු කරන්න! ඔවුන් ප්‍රතිමාවකට වන්දනා කරයි. නමුත් ඔවුන් අඬගසමින් සිටි කෙනා ඔහු බවත්, ඔහු පාරිශුද්ධකරු වන පරමාත්ම පියා බවත්, ඔවුන්ට වැටහෙන්නේ නැත. ශිවා, පරමාත්ම දෙවියන්ය, ඔහු ඊෂ්වර (දෙවියන්) ය. ඔවුන් මේ ආකාරයෙන් ඔහුව දිගින් දිගටම සිහි කරයි. ඔබ ඔහුට බාබා කියා අමතන විට, ඔබට පියාගෙන් දායාදයක් හිමි වන බව, ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. අපට දායාදය හිමි වුණා, අප ඔහුට වන්දනා කරන්නේ මේ නිසාය. භාරතයේ ජනතාවට අනිවාර්යෙන්ම උරුමය හිමි වෙයි. ඔවුන්ට එය ලැබුණේ කවදාද කියන වග, ඔවුන්ට අමතක වුණා පමණයි! ඔය දරුවන්ට දැන් මෙය වැටහෙයි. ඔබ, ඔහු වෙතට පැමිණ ඇති බව, ඔය දරුවන් බාබාට පවසයි. ශිව බාබා, බ්‍රහ්මගේ ශරීරිය තුළට ඇතුළු වී, ඔබට විස්තර කරයි. ’ත්‍රිමූර්ති‘ යන නම සුප්‍රසිද්ධයි. ’ත්‍රිමූර්ති මාවත‘ යන නම ඔවුන්ට තිබේ. පියාගේ ප්‍රශංසා බොහෝ තිබේ. ඔහු සෙනෙහසේ මහා සයුර බවත්, ඔහු සියලු දෙනාටම විමුක්තිය පිරිණමන්නා බවත්, ඔබට ගීතයේ ඇසුණි. සෑම කෙනෙකුටම සාමය සහ සතුට ලබා දෙන කෙනා ඔහුය. සෑම කෙනෙකුගේම දුක නැති කර, සතුට ලබා දෙන්නා ඔහුයි. ඔහු බොහෝ ආදරණීයයි. ඔහු තරම් ආදරණීය වෙනත් කෙනෙක් නැත. ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවන පියා, නිසැකයෙන්ම ආදරණීය වනු ඇත. ඔහු අසීමිත පියාය. ඔහු පවසන්නේ දරුවනි, ඔබට මගෙන් දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය හිමි වෙයි. ජීවාත්ම වන ඔබ, සහෝදරයන්ය. ඔබ දැන් සවන් දෙන්නේ පරමාත්ම පියාටයි. සියලුම ජීවාත්මයන්ට, පියාව සිහිවෙයි බාබා, පැමිණ අපව පිවිතුරු කරන්න! ජිව පවසන්නේ බාබා පැමිණ ඇත්තේ අපව පිවිතුරු කිරීමටයි! ඔහු පවසන්නේ දරුවනි, මම වසර 5000කට පෙර ඔබව පිවිතුරු කිරීමට පැමිණියෙමි. දැන් ඔබගේ පියා වන මා සිහිපත් කරන්න, එවිට ඔබගේ සියලු පාපයන් දුරු වී, ඔබගේ සියලු දුක තුරන් වෙයි. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු මැනවි! ඔවුන් දිගටම අත්පුඩි ගසමින් හඬනගා ගායනා කරයි සීතාට අයත් පාරිශුද්ධකරු රාමා. එබැවින් මින් කියැවෙන්නේ ඔවුන් අපවිත්‍ර බවයි. මෙය අපායයි. එයට අපායේ අන්ත අගාධය යැයි කියයි. ඔබ අහවල් දේ කිරීමෙන්, කවුරු බවට පත් වෙයිද කියා, ගරුඩා පුරාණයේ බොහෝ බියකරු කතා ලියා ඇත. ඉන්පසුව ඔවුන් පවසන්නේ, ඔබට එළදෙනකගේ වලිගය අල්ලාගෙන, දිව්‍ය ලෝකයට යා හැකි බවයි. එහි එවන් යමක් ලියා තිබේ. සතුන් පිළිබඳ ප්‍රශ්නයක් නැත එම එළදෙනුන්, ඔය මව්වරුන්ය. කෙනෙක් ඔබගේ වලිගය, එනම්, ඔබගේ පසුපස අල්ලා ගන්නා තුරු, ඔවුන්ට මාවත සොයා ගත නොහැක. ඔබට වලිගා නැත. ඔවුන් පවසන්නේ අප ඔබගේ වලිගය අල්ලාගෙන එතෙරට යන්නෙමු. ඔබ මෙහිදී කිසිවෙකුගේ වලිගය නොඅල්ලන නමුත් ඔබ අනුගමනය කළ යුතුයි. සන්යාසීන්ට බොහෝ අනුගාමිකයන් සිටින නමුත්, අනුගමනය කරනවා යනු, පිවිතුරු වීමය. ඔබ සත්‍ය අනුගාමිකයන්ය. ශිව බාබා පවසන්නේ මා පැමිණ සිටින්නේ ඔබ සියලු දෙනාව ආපසු රැගෙන යාමටයි. මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් පිළිස්සී යයි! පිවිතුරු නොවී, ඔබට අනුගමනය කළ නොහැක. ශිව බාබාව මුළුමනින්ම අනුගමනය කරන්න! ඔබ මෙහි අසුන්ගෙන සිටින්නේ ඔහුව අනුගමනය කිරීමටයි. ඔබ භක්ති මාර්ගයේදී මාව සිහිකරමින් සිටියා. ජීව, පෙම්වතුන් බවත්, උත්තරීතර ජීවය, ආදරවන්තයා බවත් ඔබ දන්නවා. සියලුම ජීව ඔහුව සිහිපත් කරන අතර, ඔහු පැමිණ ඇත්තේ, ඔබව ආපසු රැගෙන යාමටයි. ඔහු පවසන්නේ මා අනුගමනය කරන්න, එවිට මා ඔබව මාත් සමඟ ආපසු රැගෙන යමි. ඔහුව අනුගමනය කරන්නේ කෙසේද කියාත් ඔහු පහදා දෙයි. මා පිවිතුරු වන අතර, ඔබ අපවිත්‍රයි, එමෙන්ම ඔබ අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම ඔහුව අනුගමනය කළ යුතුයි. දූෂිත අයට, ඔහුව අනුගමනය කළ නොහැක. මාව අනුගමනය කිරීම සඳහා, ඔබ මා මෙන්ම පිවිතුරු විය යුතුයි. මම අපවිත්‍ර අයව, මාත් සමඟ ආපසු සාම දේශයට රැගෙන යයිද? විමුක්තිය ලබා ගැනීම සඳහා, බොහෝ මනුෂ්‍යයන් භක්තියේ යෙදී, තපස් රැක හෝ දන් දී පුණ්‍යකර්ම සිදු කරයි. මෙසේ කරන්නේ, ඔවුන් මෙහි දුක් විඳින බැවින් ආපසු නිවසට යාමට අවශ්‍ය නිසාය. පියා පවසන්නේ ඔබ අනිවාර්යෙන්ම පිවිතුරු විය යුතුයි. මා පිවිතුරුයි, මා ඔබව පිවිතුරු කරන්නේ එබැවින්ය. මම බ්‍රහ්මගේ සිරුර තුළට ඇතුළු වෙමි. මම නිර්මාණකරු වන අතර, මා මෙම බ්‍රහ්මගේ සිරුර තුළට ඇතුළු වෙමි. පියා, බ්‍රහ්මගේ මාර්ගයෙන් දේවතා ධර්මය ස්ථාපිත කරන බව, පෙන්වා ඇත. ඔබ බ්‍රහ්ම කුමර කුමරියන්ය. ඔබ ශිව බාබාව අනුගමනය කළ යුතු බව ඔබ දන්නවා. පියා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබව පිවිතුරු ලෝකයට රැගෙන යන බවට, මම පොරොන්දු වෙමි. වෙනත් මඟක් නැත. ඔවුන් ’අහෝ පාරිශුද්ධකරු‘ කියා පවසන විට, ඔවුන්ගේ බැල්ම, උඩ ඉහළට හෝ ජලය දෙසට යොමු වෙයි. ගංඟා නදිය, පාරිශුද්ධකරු නොවෙයි. මෙය, සාගරයෙන් මතු වී ඇති ගංඟාවක් පමණයි. ඔවුන් අල්ලා ගත යුත්තේ, ඔබගේ වලිගයයි. පියා පවසන්නේ ඔබ පිවිතුරු වී මාව අනුගමනය කළ යුතුයි, එවිට පමණයි ඔබට මා සමඟ ආපසු යාමට හැකි වන්නේ. පියා පවසන්නේ ඔබ මා සමඟ වාසය කළ අතර, ඉන්පසුව ඔබ උපත් 84හි චක්‍රය වටා ගොස් දැන් අපවිත්‍ර වී සිටියි. දැන් නැවත වරක් මා සිහි කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි! සන්යාසීන් ගෘහවාසීන්ට මෙසේ කියයි ඔබට මා අනුගමනය කිරීමට අවශ්‍ය නම්, ඔබගේ නිවස සහ පවුල අත්හරින්න. පියා පවසන්නේ මම වාසය කරන්නේ පරම දේශයේය. ඔබත් මා සමඟ ආපසු එහි යනවාද, නැත්නම් ඔබ මෙහි, විෂ සාගරයේ සිටින්නට වඩාත් කැමතිද? ඔබ කන්නලව් කරමින් සිටියේ අහෝ පාරිශුද්ධකරුවා, වඩින්න! පියා දැන් පැමිණ, ඔබව ඔහුත් සමඟ ආපසු රැගෙන යාමට නියමිතයි. මම සෑම චක්‍රයකදීම පැමිණ, ඔබව මා සමඟ ආපසු රැගෙන යන්නෙමි. ඉන්පසුව, ස්වර්ණමය යුගයෙදී ඔබ ඉතා සතුටින් සිටියි. මෙම ලක‍ෂ්මි සහ නාරායන, දිව්‍ය ලෝකයේ අධිපතියන් විය. ඔවුන්ට එතරම් සතුට ලබා දුන්නේ කවුද? දිව්‍යමය දෙවි පියාණන්. පියා ඔබට සිහි කර දෙන්නේ ඔබ මගේ උපන් දිනය සමරයි. භාරතයේ සියලුම ජනතාව, පරම පියා, පරමාත්ම ජීවයගේ උපන් දිනය සමරයි. මේ මගේ උපන් ස්ථානයයි. ක්‍රිස්තියානුවන් මෙය පිළිගන්නේ නැත. ඔවුන් විශ්වාස කරන්නේ, ක්‍රිස්තු තුමාව පමණයි. භාරතයේ ජනතාව, ශිවාගේ උපන් දිනය සමරයි. සියල්ලන්ගේම පාරිශුද්ධකරු, පරමාත්ම පියාගේ උපන් ස්ථානය මෙයයි. පියා සෑම කෙනෙකුටම සතුට පිරිණමයි. සියල්ලන්ව මුදවාගන්නා කෙනා ඔහුයි. එබැවින්, භාරතය බොහෝ ශ්‍රේෂ්ඨයි. නාටකයට අනුව, මගේ සියලුම දරුවන් දුකට පත් වී ඇති විට, මා පැමිණ ඔවුන්ට ඔවුන්ගේ උරුමය ලබා දෙන බව, පියා දන්නවා. පියා, ඥානයේ මහා සාගරය මෙන්ම සතුටේ මහා සාගරයයි. ඔහු ඔය දරුවන්ට ඔබගේ දායාදය ලබා දෙනවා. ඔහු පවසන්නේ මා අනුගමනය කරන්න! ඔබ දූෂිත බවත් ඔබගේ සිරුරුද දූෂිත වී ඇත්තේ මේ නිසා බවත්, ඔය ජීවාත්ම දන්නවා. ස්වර්ණමය යුගයෙදී, ඔය ජීව පිවිතුරු වන අතර, මේ නිසා ඔබට පිවිතුරු ශරීරද ලැබෙයි. පියා දැන් පවසන්නේ : දරුවනි, පිවිතුරු වන්න! ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ, සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන් දිව්‍ය ලෝකයේ උරුමය හිමි කර ගැනීම සඳහා, ඔය සියලුම ජීව, සහෝදරයන් බව ස්ථීර කරගන්න. එකිනෙකා සමඟ බොහෝ සෙනෙහසින් යුතුව වාසය කරන්න. පියා වඩාත්ම ආදරණීය කෙනා වන සේම, ඔබත් ඒ අන්දමින්ම ආදරණීය විය යුතුයි.

2. පියා මෙන්ම පිවිතුරු වී, මුළුමනින්ම ඔහුව අනුගමනය කරන්න. පියා සමඟ ආපසු සාම දේශයේ නිවසට යාම සඳහා, ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි.

වරදානය:
ඔබ මෙම ඥානය දානය කරන්නෙකු සහ ආශිර්වාද පිරිනමන්නෙකු වී දුර්වල ජීවාත්ම වැඩි බලයකින් බල වලින් පුරවත්වා.

වර්තමානයේ, දුර්වල ජීවාත්මයන්ට උස පිම්මක් පැනීමට ප්‍රමාණවත් ශක්තියක් නොමැත; ඔවුන්ට අමතර බලයක් අවශ්‍ය වේ. එබැවින්, ඔබ විශේෂ ජීවාත්ම ඔවුනට උස පිම්මක් පැනීමට හැකි වන පරිදි විශේෂ බලයකින් ඔබවම පුරවා ගත යුතුය. මේ සඳහා, මෙම ඥානය දානය කරන්නෙකු වනවාත් සමගම, ඔබ බලවල ආශිර්වාදය පිරිනමන්නෙකු බවට පත්විය යුතුය. නිර්මාණකරුවෙකු ඔහුගේ නිර්මාණයට බලපෑම් කරන ආකාරයෙන්ම, ඔබ ආශිර්වාද පිරිනමන්නෙකු වී ඔබේ නිර්මාණයට සියලු බලයන්ගේ ආශිර්වාදය ලබා දෙන්න. මෙම සේවය කිරීම සඳහා දැන් අවශ්‍යතාවයක් පවතී.

පාඨය:
සෑම ක්‍රීඩාවක්ම නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස නරඹන්න, එවිට ඔබ ආරක්ෂිතව සිටින අතර එය ඔබම සතුට භුක්ති විඳිනු ඇත.

අව්‍යක්ත සංඥාව: ගිණි කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණය අත්දකින්න.

ඔබ මහා තපස්වී ජීවාත්ම ඔබේ බලවත් හා ගිණිකඳු ස්මරණය තුළින් ලැබීම්වල කිරණ අත්විඳිය යුතු අතර එම අත්දැකීම අන් අයට ද දිය යුතුය. ඔබේ තපස්වී ස්වරූපය අන් අයට දානය කිරීමයි. සූර්යයා, ලෝකයට ආලෝකය සහ අනෙකුත් විනාශ වන ලැබීම්වල අත්දැකීම ලබා දෙන ආකාරයටම, ඔබගේ තපස්වී ස්වරූපය හරහා, සාමයේ සහ බලයේ කිරණ දිගටම ලබා දෙන්න.