01.08.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා ආදරය කරන්නේ දරුවන් වන ඔබට පමණි. පියා ඔබට ශ්‍රීමත් දෙන්නේ ඔබලාව
අළුතින්ම පිළිසකර කිරීමටයි. නිරන්තරයෙන්ම බාබාගේ උපදෙස් පිළිපදිමින් තමාව පාරිශුද්ධ
කර ගන්න.
ප්‍රශ්නය:
ලෝකයේ සාමය
ස්ථාපනය වන්නේ කවදාද, කුමන ක්‍රමය මඟින්ද?
පිළිතුර:
ලෝකය තුළ සාමය ස්ථාපනය වන්නේ මහාභාරත යුද්ධයට පසුව බව ඔබලා හොඳින්ම දන්නවා.
කොහොමනමුත්, ඒ සඳහා ඔබ කල් තබාම සූදානම් විය යුතුයි. ඔබගේ අවධිය කර්මාතීත් කර
ගැනීමට උත්සාහ දරන්න. ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ දැනුම හොඳින් ආවර්ජනය කරමින්
බාබාව සිහිපත් කරමින් සම්පූර්ණ පාරිශුද්ධත්වයට පත් වන්න. මෙම ලෝකය පරිවර්තනය වන්නේ
එවිට පමණයි.
ගීතය:
අද දවසේ
මිනිසා සිටින්නේ ඝණ අන්ධකාරයේයි...
ඕම් ශාන්ති.
මෙම ගීතය
ගායනා කෙරුණේ භක්ති මාර්ගයේදීයි. තමන් සිටින්නේ අන්ධකාරයේයි කියා කියමින් ඥානය නම්
වූ තෙවන ඇස තමාට ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. ඔවුන් ඥාන සාගරයෙන් දැනුම ඉල්ලා
සිටිනවා. නැතිනම්, එහි ඇත්තේ මෝහයයි. මෙම කලි යුගයේ සෑම කෙනෙක්ම සිටින්නේ අවිඳු
අන්ධකාරය නම් වූ කුම්බකරණ නිද්‍රාවේ කියා කියැවෙනවා. පියා කියනවා: දැනුම ඉතාමත්
සරලයි. ඔවුන් නොයෙකුත් වේද හා ග්‍රන්ථ භක්ති මාර්ගයේදී හදාරනවා. ඔවුන් හතා යෝගා
කරමින් ගුරූන් ඇසුරු කරනවා. ඒ සියලුම ගුරූන් දැන් අත්හළ යුතුයි. මන්ද ඒ කිසිම
කෙනෙකුට රාජයෝගා ඉගැන්විය නොහැකියි. ඔබට ඒ රාජ්‍යය දෙන්නේ පියා පමණයි. මිනිසුන්ට එය
මිනිසුන්ටම දෙන්න බැහැ. කොහොම නමුත්, මේ ගැන තමයි සන්යාසීන් සතුට කියන්නේ කපුටෙකුගේ
වර්චස් පිඩක් වැනියි කියා කියන්නේ. මෙන්න මේ නිසා තමයි ඔවුන් තමන්ගේ ගෙවල් දොරවල්
වලින් පියව යන්නේ. ඥාන සාගරය වන පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඔබට මෙම දැනුම
දෙන්න බැහැ. මෙම රාජ යෝගාව ඉගැන්විය හැක්කේ පියාටම පමණයි. මිනිසුන්ට මිනිසුන්ව
පාරිශුද්ධත්වයට පත් කරවන්න බැහැ. පාරිශුද්ධකරු වන්නේ එකම එක පියා පමණයි. මිනිසුන්
සෑහෙන ලෙස භක්ති මාර්ගයේ පැටලිලායි සිටින්නේ. ඔවුන් උපතක් උපතක් පාසා භක්තිය කරමින්
පැමිණියා. ස්නානය සඳහාත් ඔවුන් සෑම තැනටම යනවා: ගංඟා නදියට පමණක් යනවා නොවෙයි.
වැවක් දකින දකින තැන, ඔවුන් හිතන්නේ එය තමාගේ පාරිශුද්ධකරු කියලයි. මෙහිත් ගවමුක්ත්
එකක් තිබෙනවා. එහි උල්පතකින් වතුර ගලාගෙන එනවා. ළිඳකත් වතුර තිබෙනවා. නමුත් එයට
පාරිශුද්ධ ගංඟාවන් කියා කියන්න බැහැ. මිනිස්සු සිතන්නේ ඒකත් වන්දනා ස්ථානයක්
කියලයි. බොහෝ පුද්ගලයින් ලොකු විශ්වාසයකින් එහි ස්නානය කිරීම සඳහා යනවා. දරුවන් වන
ඔබලාට දැන් දැනුම ලැබී තිබෙනවා. ඔවුනට කීවත් ඔවුන් එය විශ්වාස කරන්නේ නැහැ. ශරීරය
පිළිබඳ වූ ලොකු අහංකාරයකින් ඔවුන් කියනවා අපි නොයෙකුත් ආකාරයේ ග්‍රන්ථ රාශියක්
හදාරා තිබෙනවා කියලා. පියා කියනවා: ඔබ විසින් ඉගෙන ගෙන ඇති සියල්ල අමතක කර දමන්න.
මේ කිසිම දෙයක් ගැන මිනිස්සු දන්නේ කොහොමද? මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: එවන්
කරුණු අත් පත්‍රිකා වල මුද්‍රණය කර ගුවන් යානයකින් බෙදා හරින්න. මේ දින වල ඒ සෑම
කෙනෙක්ම අසන්නේ: ලෝකයේ සාමය තිබිය හැක්කේ කෙසේද? ඒ සඳහා කවුරු හෝ කෙනෙක් උපදේසයක්
දුන්නොත් ඔහුට ත්‍යාගයක් හිමි වෙනවා. නමුත් ඔහුට සාමය ස්ථාපනය කරන්න බැහැ. සාමය
ඇත්තේ කොහිද? නිකම් බොරු තෑගි තමයි හැමදාම දෙන්නේ. යුද්ධයකට පසුව සාමය ස්ථාපනය වන
බව ඔබලාට දැන් තේරෙනවා. මෙම යුද්ධය ඕනෑම වෙලාවක ඇති විය හැකියි. මන්ද එවන් දෙයක්
සඳහා සියල්ල සූදානම් කරලයි තිබෙන්නේ. ප්‍රමාදය ඇත්තේ ඔබ ඔබගේ කර්මාතීත් තත්ත්වයට
පත් වන තුරුයි. උත්සාහයක් අවශ්‍ය වන්නේ මෙයටයි. පියා කියනවා: නිරන්තරයෙන්ම මා පමණක්
සිහිපත් කරන්න. ඔබගේ පවුලේ අයත් සමග ගෙදර ජීවත් වන ගමන් වුවත්, නෙළුම් මලක් සේ
පාරිශුද්ධ වී ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ දැනුම ආවර්ජනය කරන්න. ඒ වගේම, නාටක
සැලැස්මට අනුව මීට පෙර කල්පයේදී සිදු වුණු ආකාරයෙන්ම ලෝකය පුරා සාමය ස්ථාපනය වන
බවත් ඔබට ලිවිය හැකියි. ලෝක සාමය තිබිය හැක්කේ ස්වර්ණමය යුගයේදී පමණක් බවත් ඔබට
පැහැදිලි කර දිය හැකියි. මෙහි අනිවාර්යයෙන්ම ඇත්තේ නොසන්සුන්තාවයයි. කොහොම නමුත්,
ඔබ කියනා දේ පිළිගන්නේ නැති අයත් ඉන්නවා. ඔවුන් දිව්‍ය ලෝකය වෙත යාමට නොසිටිනා නිසා
ශ්‍රීමත් පිළිපදින්නේවත් නැහැ. ශ්‍රීමත් වලට අනුව පාරිශුද්ධව සිටිය නොහැකි බොහෝ
පිරිසකුත් මෙහි සිටිනවා. කෙනෙකුගේ හැසිරීම හොඳ නැති වුණු විට අන් අය ඔහු වෙනුවෙන්,
දෙවියනේ මේ පුද්ගලයාට ප්‍රඥාව ලබා දෙන සේක්වා කියා ඉල්ලමින් කන්නලව් කරනවා. ඔබ දැන්
දෙවියන්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි. පියා කියනවා: උපත් 63 ක් පුරාවටම ඔබ විස සයුරේ
ගැලෙමින් සිටියා. පියා කතා කරන්නේ දරුවන්ට පමණයි. පියා අළුත් කරන්නේ ඔහුගේම දරුවන්
පමණයි. කොහොමද ඔහුම මුළු ලෝකයම අළුත් කරවන්නේ? පිට මිනිසුන්ට ඔහු කියන්නේ: මේ
දරුවන්ගෙන් සියල්ල ඉගෙන ගන්න. පිට සිටිනා අයට කතා කිරීමට පියාට බැහැ. බාබා තමාගේම
දරුවන්ට ඉතාමත් ආදරෙයි. පිට දරුවන් කෙරෙහි ඔහු තුළ ඒ තරම් සෙනෙහසක් නැහැ. භෞතික
පියෙක් වුණත් තම ධනය දෙන්නේ වඩාත්ම සුදුසු දරුවාටයි. ඔහුගේ හැම දරුවෙක්ම එක වගේ
වෙන්නේ නැහැ. පියාත් කියන්නේ: මම මෙම උරුමය දෙන්නේ මට අයිති අයටයි. මට අයිති නැති
අයට එය හොඳින් දිරවා ගැනීමට බැරි වේවි. ඔවුන්ට ශ්‍රීමත් අනුගමනය කිරීමට නොහැකි
වේවි. ඔවුන් භක්තිවන්තයින්. බාබා එවන් පුද්ගලයින් සෑහෙන ප්‍රමාණයක් දැක තිබෙනවා.
ඉතාමත් ප්‍රසිද්ධ සන්යාසීන් පැමිණි විට, ඔවුන් තම අනුගාමිකයින් පිරිසකුත් ගෙන එනවා.
ආධාර එකතු කර ගන්නවා. සෑම කෙනෙක්ම තම තමන්ගේ හැකියාවේ තරමට ආධාර දෙනවා. මෙහි, බාබා
කවදාවත් ඔබට ආධාර එකතු කරන්න කියා කියන්නේ නැහැ. මෙහිදී ඔබ කුමන ආකාරයේ බීජයක් පැළ
කළත් ඒ වෙනුවෙන් ඔබට උපත් 21 කටම ඵල ලැබෙනවා. මිනිස්සු දානයක් දෙන විට, තමන් එය
දෙවියන්ගේ නාමයෙන් කරනා බවට ඔවුන් වග බලා ගන්නවා. එක්කෝ ඔවුන් එය දෙවියන්ට බාර
කරනවා. නැතිනම් ක්‍රිෂ්ණාට බාර කරනවා. ඇයි ඔවුන් ක්‍රිෂ්ණාගේ නම සඳහන් කරන්නේ? මන්ද
මිනිස්සු ඔහු ගීතාවේ දෙවියන් වශයෙන් සලකනවා. තමන් සියල් රාධේ වෙනුවෙන් කැප කරනවා
කියා ඔවුන් කියන්නේ නැහැ. එක්කෝ දෙවියන්ට නැතිනම් ක්‍රිෂ්ණාට බාර කරනවා කියා තමයි
කියන්නේ. එහි ඵලය තමන්ට දෙන්නේ දෙවියන්ම බව ඔවුන් දන්නවා. දරුවෙක් ධනවත් පවුලකට දාව
ඉපදුණු විට ඒ දරුවා ඔහුගේ පෙර උපතේදී බොහෝ දාන දී ඇති නිසා තමයි මෙම පවුලට දාව උපත
ලබා ඇත්තේ කියා කියැවෙනවා. ඔහුට රජ කෙනෙක් බවට වුණත් පත් විය හැකියි. කොහොම නමුත්,
ඒ සතුට කපුටෙකුගේ වර්චස් පිඩක් වැනියි. කාන්තාවක් සර්පයෙක් හා සම කරමින් සන්යාසීන්
මිනිසුන්ට සියල්ල අත්හැරීමට උනන්දු කරවනවා. කොහොම නමුත් ද්‍රවුපති දුෂාෂන්ගෙන් තමාව
ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් කන්නලව් කළා. දැනටත්, අහිංසක අම්මලා තම ගෞරවය රැක දෙන්න
කියා ඉල්ලමින් කන්නලව් කරනවා. - බාබා ඔහු මට සෑහෙන්න වද දෙනවා. - වස වෙනුවෙන්
කෙනෙක්ම ඝාතනය කරන්න තරම් ඔවුන් සූදානම්. - බාබා මාව මෙම බන්ධනයෙන් නිදහස් කර ගන්න.
- පියා කියනවා බන්ධනය අවසානයටයි පැමිණෙන්නේ. එවිට කිසිම කෙනෙකුට උපත් 21 ටම හිංසා
වලට ලක් වීමට සිදු වන්නේ නැහැ. එහි පාපය නැහැ. මෙය මරණීය දේශයේ අවසන් උපතයි. මෙය
පාපකාරි ලෝකයයි. පියා විසින් පැහැදිලි කරනා දෙවන කාරණය නම්: මිනිස්සු මේ කාලයේ
ඉතාමත් අඥානයින් බවට පත් වෙලා. කෙනෙක් මියගිය විට ඔහු දිව්‍ය ලෝකයට ගිහින් කියා
මිනිස්සු කියනවා. නමුත් දිව්‍ය ලෝකය තිබෙන්නේ කොහිද? මේක අපායයි. ඔහු දිව්‍ය ලෝකයේ
වැසියෙක් වුණා නම්, ඔහු අනිවාර්යයෙන්ම ඉඳලා ඇත්තේ අපායෙයි. කොහොම නමුත්, කෙනෙක්ට ඒක
කෙළින්ම කිව්වොත් ඔහුට කේන්ති යාවි. ඔහු කලබල වේවි. එවන් පුද්ගලයින්ට මෙසේ ලියන්න:
අහවල් අහවල් කෙනා දිව්‍ය ලෝක වැසියෙක් වුණා කියන එකෙන් අනිවාර්යෙන්ම අදහස් වන්නේ ඔබ
සිටින්නේ අපායේ බවයි. එසේනම් සැබෑවටම දිව්‍ය ලෝකයට යා හැකි මාර්ගය අපට දැන් පෙන්වා
දිය හැකියි. මේ පැරණි ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ. යුද්ධයට පසුව හරියටම මීට වසර
5000 කට පෙර තිබුණු ආකාරයෙන්ම ලෝකය තුළ සාමය ස්ථාපනය වන බව පුවත් පත් වල මුද්‍රණය
කරන්න. එහි තිබුණේ එකම එක ආදි සනාතන දේවි දේවතා ධර්මයක් පමණයි. කාන්ස්, ජරසන්දා
වැනි යක්ෂයනුත් එහි සිටි බවත් රිදී යුගයේ රාවණ් සිටි බව ඒ පුද්ගලයින් කියනවා. ඒ වගේ
මිනිස්සුත් සමග ඔළුව ගහ ගන්න යන්නේ කවුද? දැනුමත් භක්තියත් අතර දිවා රෑ වගේ වෙනසක්
තිබෙනවා. මේක ඒ තරම්ම සරළ දෙයක් නමුත් කෙනෙකුගේ බුද්ධියට මෙය ඇතුළු වන්නේ ඉතාමත්
කලාතුරකින්. ඉතින් එම නිසා, එවන් පාඨ නිර්මාණය කරන්න. නාටකයට අනුව මෙම යුද්ධයට පසුව
ලෝකය තුළ සාමය ඇති වේවි. සෑම කල්පයකදීම ලෝකයට සාමය උදා වෙනවා. පසුව කලියුගය
අවසානයේදී තිබෙන්නේ නොසන්සුන්තාවයම පමණයි. සාමය ඇත්තේ ස්වර්ණමය යුගයේදී පමණයි.
ගීතාවේ සිදු කර ඇති අත් වැරදීම නිසා තමයි අද භාරතය මේ තත්ත්වයට පත්ව ඇත්තේ යන්නත්
ඔබට ලිවිය හැකියි. වැරැද්ද තමයි සම්පූර්ණ උපත් 84 ක් ගන්නා ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම
ඇතුළු කිරීම. ශ්‍රී නාරායන්ගේ නම දැම්මේ නැහැ. සම්පූර්ණ උපත් 84 න් දවස් කිහිපයක්
පමණයි ඔහුට අඩු. ක්‍රිෂ්ණා සම්පූර්ණ උපත් 84 ම ගන්නවා. ශිව බාබා දරුවන්ව දියමන්ති
හා සම කිරීමට පැමිණෙනවා. එම නිසා, පියාට පැමිණීමට සුදුසු රන් බඳුනක් තිබිය යුතුයි.
කොහොමද මොහු රත්නයක් විය හැක්කේ? මෙන්න මේ නිසා තමයි බාබා ඉක්මනින්ම ඔහුට දර්ශන
දුන්නේ. ඔහු කිව්වා: ඔබ ලෝක පාලකවරයෙක් බවට පත් වීමටයි ඉන්නේ. දැන් නිරන්තරයෙන්ම මා
පමණක් සිහිපත් කර පාරිශුද්ධත්වයට පත් වන්න. ඉතින් ඔහු ඉක්මනින්ම පාරිශුද්ධත්වයට පත්
වීමට පටන් ගත්තා. කෙනෙක් පාරිශුද්ධත්වයට පත් වන තෙක් දැනුම උකහා ගන්න බැහැ. සිංහ
ධේනුවකගේ කිරි දැමීමට රන් බඳුනක් අවශ්‍යයි. මෙය උත්තරීතර ජීවය වන උත්තරීතර පියාගේ
දැනුමයි. මෙම දැනුම උකහා ගැනීම සඳහා කෙනෙකුට රන් බඳුනක් අවශ්‍ය වෙනවා.
පාරිශුද්ධත්වයට පත් වුණු විට පමණයි කෙනෙකුට හරි ධාරණාවක් ලබා ගත හැකි වන්නේ. කෙනෙක්
පාරිශුද්ධත්වය සඳහා පොරොන්දුවක් වී පසුව ඉන් පැරදුණු විට, යෝගා වන්දනාව අවසන්
වෙනවා. දැනුම පවා අවසන් වෙනවා. එවිට ඔහුට තවත් කෙනෙක්ට ලොකුම සතුරා රාගයයි කියා
දෙවියන් කියනවා කියා කියන්න බැහැ. ඔහු විදින ඊතලය හරි ඉලක්කයට යන්නේ නැහැ. ඔවුන්
හඬලන කිකිළියන් වගෙයි. දැනුම හඬලන්න විතරයි ඔවුන් දන්නේ. (තමා කියනා දෙය තම
ක්‍රියාවේ නැති කෙනෙක්.) කිසිදු පාපයක් නොතිබිය යුතුයි. ඔබගේ දෛනික වාර්තාව තබා
ගන්න. බාබා සියළු බල ඇත්තා වෙනවාක් සේම මායාත් සියළු බල ඇත්තෙක්ය. රාවණ්ගේ රාජ්‍යය
කල්ප භාගයක් පුරාවටම යනවා. පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට රාවණ්ව ජය ගන්නා ආකාරය
කියා දෙන්න බැහැ. නාටකයට අනුව රාවණ්ගේ රාජ්‍යයත් තිබිය යුතුයි. මෙම නාටකය රඳා
පවතින්නේ භාරතයේ ජය හා පරාජය යන දෙක මත පදනම්වයි. පියා මෙය පැහැදිලි කර කියා දෙන්නේ
දරුවන් වන ඔබලාට පමණයි. ඔබ විසින් කළ යුතු ප්‍රධානම දෙය නම් පාරිශුද්ධ වීමයි. පියා
කියනවා: අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවීමට මා පැමිණෙනවා. පාන්දවයින් හා කෞරවයින් අතර
යුද්ධයක් පෙන්වා තිබෙනවා. ඒවගේම ඔවුන් සූදු කෙළින ආකාරයත් පෙන්වා තිබෙනවා. එහි ඒ
වගේ දේවල් තිබිය හැක්කේ කෙසේද? එය රාජයෝගා ඉගෙනීම වෙන්න පුළුවන්ද? සටන් බිමක ගීතා
පාඨශාලාවක් තිබිය හැකිද? එක් පැත්තකින් ශිව බාබා ඉන්නවා. ඔහු තමයි ඉපදීම, මරණය යන
දෙකින් එපිට සිටිනා කෙනා. අතින් පැත්තෙන් උපත් 84 ක් ගන්නා ක්‍රිෂ්ණා සිටිනවා. පියා
පැමිණ ඔහුගේ අවසන් උපතේදී ඔහුට ඇතුළු වෙනවා. මෙය ඉතාමත් පැහැදිලියි. ඔබගේ පවුලේ
අයත් සමග නිවසේ ජිවත් වන ගමන් ඔබ පාරිශුද්ධව සිටිය යුතුයි. එකට ජීවත් වන විවාහක
යුවළකට පාරිශුද්ධව ඉන්න බැහැයි කියා සන්යාසීන් කියනවා. ඔවුන්ට එසේ පාරිශුද්ධව එකට
ජීවත් විය නොහැක්කේ කිසිම ලැබීමක් නැති නිසායි කියා ඔවුනට කියන්න. කොහොම නමුත්,
මෙහිදී අපට ලෝක ආධිපත්‍යය ලැබෙනවා. මා කියනා නිසාවත් මෙම වංශයේ ගෞරවය රැක ගන්න. ශිව
බාබා කියනවා: මොහුගේ පවුලේ ගෞරවයත් රැක ගන්න. මෙම අවසන් උපතේදී පාරිශුද්ධව සිටින්න.
ඔබ දිව්‍ය ලෝකයේ පාලකවරුන් වනු ඇත. ඔබ සෑම කෙනෙක්ම තමා වෙනුවෙන් උත්සාහ දැරිය
යුතුයි. වෙන කිසිම කෙනෙක්ට දිව්‍ය ලෝකයට එන්න බැහැ. ඔබගේ අධිරාජ්‍යය ස්ථාපනව වෙමින්
පවතිනවා. එහි සෑම ආකාරයකම මිනිසුන් සිටිය යුතුයි. කොහොම නමුත්, එහි කිසිම
උපදේශකවරයෙක් නැහැ. එහි සිටිනා රජවරුන්ට උපදෙස් ඕන කරන්නේ නැහැ. අපිරිසිඳු රජවරුන්ට
තමයි උපදේශකවරුන් අවශ්‍ය වන්නේ. මෙහි අමාත්‍යවරුන් රාශියක් සිටිනවා. ඔවුන් දිගින්
දිගටම එකිනෙකා සමග රණ්ඩු වෙනවා. පියා ඔබව සියළුම පටලැවිලි වලින් නිදහස් කර ගන්නවා.
ඉන් අනතුරුව වසර 3000 ක් වන තෙක් කිසිඳු යුද්ධයක් නැහැ. එක සිර ගෙයක්වත් එහි ඇත්තේ
නැහැ. උසාවිත් නැහැ. එහි ඇත්තේ සතුටයි. සතුටම පමණයි. ඒ සඳහා ඔබ උත්සාහ දැරිය
යුතුයි. මරණය ඔබ ඉදිරියේයි. ස්මරණ වන්දනාවෙන් පාපකාරී ක්‍රියා ජය ගන්න.
“මන්මනභාව්!” යන පියාගේ පණිවිඩය සැමට දිය යුතු දූතයින් වන්නේ ඔබලායි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දැනුම උකහා
ගැනීම සඳහා පාරිශුද්ධත්වයට පත් වී බුද්ධිය නම් වූ බඳුන පිරිසිඳු කර ගන්න. දැනුම
හඬලන, හඬලන ගියානිවරයෙක් පමණක්(තමා කියනා දෙය ක්‍රියාවේ නොමැත්තෙක්) බවට පත් වන්න
එපා.
2. තමා සතු සියල්ල
පියාට කෙලින්ම බාර කරන්න. ශ්‍රීමත් අනුගමනය කර උපත් 21 කටම රාජකීය තත්ත්වයක් දිනා
ගන්න.
වරදානය:
සෑම බලයක්ම
භාවිතා කිරීමෙන් සහ ඒ අනුව ඒවා වැඩි කර ගැනීමෙන්, ඔබ උපරිම ලෙස ධනවත් සහ
නුවණැත්තෙක් වේවා.
නුවණැති දරුවන් සෑම
බලයක්ම භාවිතා කරන අන්දම දන්නවා. ඔබ බල භාවිතා කරන ප්‍රමාණයට අනුව එම බලයන් වැඩි
වෙයි. එබැවින් සෑම ජීවාත්මයකට ඔබගෙන් යමක් ලැබී, ඔබගේ ප්‍රශංසාව ගයන අන්දමට එවන්
ආධ්‍යාත්මික අය-වැයක් සාදන්න. එය මුක්තිය හෝ ජීවන-මුක්තිය වුවද, ඔබ අනිවාර්යෙන්ම
ඔවුන්ට යමක් ලබා දිය යුතුයි. ආධ්‍යාත්මික අය-වැයක් සාදන්න. සියලුම ආධ්‍යාත්මික බල
රැස් කරගෙන එම බල භාවිතා කරන්න, සියලු ජීවාත්මයන්ව යාචකයන් වීමෙන්, දුකින් සහ
අසාමයෙන් නිදහස් කරන්න.
පාඨය:
පිවිතුරු
සිතිවිලි ඔබගේ ජීවිතයේ මිල කළ නොහැකි සම්පත් බවට පත් කරගන්න, එවිට ඔබ සියලු සම්පත්
වලින් පිරිපුන් වෙයි.
අව්‍යක්ත සංඥාව: සහජ
යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.
පරමාත්ම දෙවියන්ගේ
සෙනෙහසේ අත්දැකීම ලබන්න, එවිට මෙම අත්දැකීම තුළින් ඔබ සහජ යෝගීවරයෙක් වී, අඛණ්ඩව
පියාසර කරයි. අඛණ්ඩව පියාසර කිරීමට මාර්ගය වන්නේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසයි.
පියාසර කරන අයව පෘථිවියට ඇද ගත නොහැක. මායාගේ ස්වරූපය කෙතරම් ආකර්ෂණීය වුවද, පියාසර
ස්ථිතියේ සිටින අය වෙතට එම ආකර්ෂණයට ළගා විය නොහැක.
මාතේශ්වරීගේ අමිල
වදන්.
පාපකාරී ක්‍රියා සිදු
කිරීමේ තරඟයක් නොපවත්වන්න.
ප්‍රථමයෙන්, ඔබ
අනිවාර්යෙන් තබා ගත යුතු අරමුණ වන්නේ, ඔබ කෙසේ හෝ තම අවගුණ පාලනය කළ යුතු බවයි,
මන්ද, ඔබට දේවමය ප්‍රීතියෙන් සහ සාමයෙන් සිටීමට හැකි වන්නේ එවිට පමණයි. අපගේ
ප්‍රධාන උත්සාහය වන්නේ, අපත් සාමයෙන් හිඳ, අන් අයටත් සාමය ගෙන ඒමයි, එමෙන්ම අපට මේ
සඳහා අනිවාර්යෙන් දරා ගැනීමේ බලය අවශ්‍යයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ අප මතයි.
කෙනෙක් යමක් පැවසූ විට, ඔබ අශාන්තියට පත්වීම සිදු නොවිය යුතුයි. නැහැ. ඥාන මිනිමුතු
වල ප්‍රථම ගුණදහම වන්නේ, දරාගැනීම ධාරණය කරගැනීමය. බලන්න අවිදු මාවතේ මෙසේ පවසා
තිබේ: කෙනෙක් ඔබට කෙතරම් අපහාස කළත් මෙසේ සිතන්න: මට ඉන් හානියක් නොවීය. ඔබට අපහාස
කළ කෙනාම, අශාන්තියට පත් විය, නමුත් ඔහුගේ කර්ම ගිණුම් ඔහුටමයි. නමුත් මාද
අශාන්තියට පත් වී යමක් කියන්නේ නම්, එවිට එය මගේ පාපකාරී ක්‍රියාව වෙයි. එබැවින් මා
පාපයන් සිදු කිරීමේ තරඟයක නොයෙදිය යුතුයි. අප, අපගේ පාපයන් පුළුස්සා දැමිය යුතුයි,
තව පාපයන් ඇති නොකළ යුතුයි. අප උපතින් උපතට එවන් පාප සිදු කරමින් දුක් ගෙන ඇත. මෙම
පාපයන් පහ පරාජය කිරීමට අපට දැන් ඥාන මිනි මුතු ලැබී තිබේ. පාපයන්ගේ විශාල
ව්‍යාප්තියක් තිබෙන අතර ඒවා බොහෝ සියුම් ආකාරයකින් පැමිණෙයි. විටෙක ඊර්ෂ්‍යාව තිබී
ඔබ ඒ නිසා මෙසේ සිතයි: මේ කෙනා මෙය සිදු කළා, ඉතිං මාද එයම නොකරන්නේ ඇයි? මෙය විශාල
වැරදීමක්. ඔබ තමන්ව වැරදි සිදු කිරීමෙන් නිදහස් කරගත යුතුයි. කෙනෙක් ඔබට යමක්
කියන්නේ නම්, එය ඔබට කෙතරම් දරාගැනීමේ බලය තිබෙනවාද කියා බැලීමට, පරීක‍්ෂණයක් බව
සලකන්න. ’මා බොහෝ දරා ගත්තා‘, කියා කෙනෙක් පවසා, එක් වරක් හෝ රළුකමක් පෙන්වන්නේ
නම්, ඔහු අවසානයේ අසමත් වී තිබේ. යමක් පැවසූ කෙනා තමන්ගේම ගිණුම නරක් කරගත්තා,
නමුත් මා මගේ ගිණුම නරක් කර ගත නොයුතු අතර, එය නිර්මාණය කරගත යුතුයි, එබැවින් මා
හොඳින් උත්සාහ දරා, උපතින් උපතට මා හට හොඳ ප්‍රතිලාභයක් නිර්මාණය කරගත යුතුයි.
දුර්ගුණ වල බලපෑම යටතේ සිටින අය තුළ එම රකුසු භූතාත්ම සිටියි, එමෙන්ම රකුසු
භූතාත්මයන්ගෙන් මතු වන්නේ එවන් භාෂාවකි. කෙසේවෙතත්, දිව්‍යමය ජීවාත්මයන්ගෙන් මතුවන
භාෂාව, දිව්‍යමයයි. එබැවින් මම, මාව රකුසු බවට නොව, දිව්‍යමය බවට පත් කරගත යුතුයි.
අච්චා.