01.09.24 Avyakt Bapdada
Sinhala
Murli 25.11.2001 Om Shanti Madhuban
සුබ පැතුම් දී සුබ
පැතුම් ලබා ගන්න.
සියලු හේතු වලට විසඳුමක් සොයා ගෙන සියලු ගැටළු විසඳන්න.
සෙනෙහස් ප්‍රතිමූර්ති
වන ඔහුගේ දරුවන්ගේ සෙනෙහස් රැහැනින් ඇද ගැනීමෙන් පසුව, අද, සෙනෙහස් සාගරය වන
බාප්දාදා හමුවක් සැමරීමට ඇවිත්. දරුවන් අඩගැසූ අතර ස්වාමී (හසූර්) පැමිණියා
(හසීර්). ඔබ නිරන්තරයෙන් සූක්ෂම හමුවක් සමරනවා, නමුත් ඒ තිබියදි ඔබ බාප්දාදාව
ශාරීරික ස්වරූපය තුළට අඩගැසුවා, එබැවින් බාප්දාදා ඔය දරුවන්ගේ මෙම අසීමිත සමූහයට
පැමිණ සිටිනවා. දරුවන්ගේ සෙනෙහස දැකීමෙන් බාප්දාදා සතුටු වන අතර සෑම තැනකම සිටින
සියලුම දරුවන් වෙනුවෙන් මෙම ගීතය ඔහුගේ හදවතින් ගායනා කරනවා: ‘අපූරුයි! ශ්‍රේෂ්ඨ
භාග්‍යවන්ත දරුවනේ! අපූරුයි! පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබන්න තරම් භාග්‍යවන්ත
ජීවාත්මයනේ, අපූරුයි!’ මෙතරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක් තිබීම මෙන්ම සාමාන්‍ය අන්දමකින්
එය පහසුවෙන් හිමි කරගැනීම - ඔබගේ සිහිනෙන් වත් ඔබ මේ ගැන සිතුවේ නැහැ. කෙසේවෙතත්,
අද භෞතික ස්වරූපයෙන් ඔබ ඔබගේ භාග්‍යය දකිනවා. දුර ඈත අසුන්ගෙන සිටින දරුවන් පවා
හමුවක් සමරන බව බාප්දාදා දකිනවා. බාප්දාදා ඔවුන්ව දකින අතර ඔවුන් සමග හමුව සමරනවා.
මව්වරුන්ගෙන් වැඩි දෙනෙකුට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇති අතර ශක්ති සේනාව සහ බිත්ති
සතරකට මැදි වී සිටින මව්වරු, පරම පියාගේ මාර්ගයෙන් ලොවට සෙත සලසන්නන් වී, ලෝක
රාජධානියට අයිතියක් හිමි කරගෙන ඇති බව දැකීමෙන් බාප්දාදා විශේෂයෙන් සතුටු වනවා. ඔබ
මෙය බවට පත් වෙලාද, ඔබ තවමත් එය වෙමින් සිටිනවාද? ඔබ කියන්නේ කුමක්ද? ඔබ මෙය බවට
පත් වෙලා නේද? ඔබ සියලු දෙනාගේ දෑත් වලට ලෝක රාජධානියේ වෙඩරු ගෝලය ලැබී තිබෙනවා
නේද? මධුබන් වලට ළගා වී ඇති ඔය සියලුම මව්වරු එක දෙයක් ගැන සතුටු වන බව, බාප්දාදා
දැක තිබෙනවා. ඔබ සතුටු වන්නේ කුමක් ගැනද? බාප්දාදා ඔය මව්වරුන්ට විශේෂයෙන් ආරාධනා
කිරීම ගැන. එබැවින් ඔය මව්වරු වෙනුවෙන් විශේෂ සෙනෙහසක් තිබෙනවා, එහෙම නේද? ඔබ
කුල්මත් බවින් කතා කරයි: ‘බාප්දාදා අපට අඩගසා තිබේ. අපට ආරාධනා කර තිබෙනවා, එබැවින්
අප පැමිණ නොසිටින්නේ ඇයි?’ තවද බාප්දාදා සියලු දෙනාගේ හදවතට සමීප කතාබස් වලට නොකඩවා
සවන් දෙන අතර මෙම සතුටේ කුල්මත් බව නොකඩවා නරඹයි. ඇත්ත වශයෙන්ම පාණ්ඩවයන්ද අඩු
නැහැ. ලෝක කාර්යයේ නිමාව, පාණ්ඩවයන් නොමැතිව සිදු විය නොහැක. කෙසේවෙතත් අද,
පාන්ඩවයන්ද මව්වරුන්ව විශේෂයෙන් ඉදිරියේ තබා ඇත.
බාප්දාදා ඔය සියලුම දරුවන්ට උත්සාහයේ යෙදීමට ඉතා පහසු ක්‍රමයක් කියනවා. මව්වරුන්ට
අවශ්‍ය වන්නේ සෑම දෙයක්ම පහසු වීමටයි, එහෙම නේද? එබැවින් බාප්දාදා ඔය සියලුම
මව්වරුන්ට සහ දරුවන්ට උත්සාහ දැරීමේ පහසුම ක්‍රමවේදයක් කියනවා: ඇවිදින විට සහ එහෙ
මෙහෙ යන එන අතර සහ සියලු දෙනා සමග නෑ සබදතා පවත්වන විට, ඔබගේ හදවතින් සියලු
ජීවාත්මයන්ට සුබ පැතුම්වල හැගීම් ලබා දී, අන් අයගෙන්ද සුබ පැතුම් ලබා ගන්න. වෙන අය
ඔබට කුමක් ලබා දුන්නත්, ඔවුන් ඔබට අශුභ පැතුම් ලබා දුන්නත්, ඔබගේ සුබ පැතුම් වල
බලයෙන්, එම අශුභ පැතුම් සුබ පැතුම් වලට පරිවර්ථනය කරන්න. සෑම ජීවාත්මයක්ම ඔබගෙන්
සුබ පැතුම් අත්විදිය යුතුයි. ඔබට අශුභ පැතුම් ලබා දෙන කෙනා ඒ වෙලාවේ, එක් හෝ වෙනත්
අවගුණයක බලපෑම යටතේ සිටින බව සරළව අත්දකින්න. යම් දේක බලපෑමක් යටතේ සිටින
ජීවාත්මයකට හෝ වෙනත් කෙනෙකුගේ පාලනයක් යටතේ සිටින කෙනෙකුට ඔබ කිසිම විටෙක අශුභ
පැතුම් තබා ගන්නේ නැහැ. එවන් ජීවාත්මයකට උපකාර කිරීම සදහා සෑම විටම ශුභ පැතුම්
ඉස්මතු වෙයි. සරළව එක දෙයක් මතකයේ තබා ගන්න: ‘මා නිරන්තරයෙන් එක කාර්යයක් සිදු කළ
යුතුයි: මගේ සිතිවිලි, මගේ වදන්, මගේ ක්‍රියා තුළින් සහ නෑ සබදතා තුළින් මා සුබ
පැතුම් දී, සුබ පැතුම් ලබාගත යුතුයි.’ ඕනෑම ජීවාත්මයක් වෙනුවෙන් ඔබ තුළ නිෂ්ඵල හෝ
ඍණාත්මක සිතිවිලි ඇත්නම්, එවිට ඔබගේ යුතුකම කුමක්ද කියා සිහියට නගා ගන්න. නිදසුනක්
ලෙස, ගිනි නිවන බටයෙක් යම් තැනක ගින්නක් දුටු විට, ගින්න මතට ජලය දැමීමේ ඔවුන්ගේ
වගකීම ඔවුන්ට අමතක වන්නේ නැහැ. ගින්දර මතට ජලය දමන අය, ගිණි නිවන අය, ඔවුන් බව
ඔවුන්ට සිහි වෙයි. ඒ අන්දමින්ම, ඕනෑම අවගුණයක බලපෑම යටතේ සිට, ඔබ අකමැති කාර්යයක්
යම් කෙනෙක් සිදු කරන්නේ නම්, ඔබගේ කාර්යය මතකයට නගා ගන්න, එපමණයි: මගේ වගකීම වන්නේ
සෑම අන්දමකම ගිණි නිවා දැමීම, ආශිර්වාද ලබා දීම සහ සුබ පැතුම් වල හැගීමේ සහයෝගය ලබා
දීමය. සරළව එක වචනයක් මතක් කරගන්න, මව්වරුන් එක ව්‍යවහාරයක් පහසුවෙන් සිහියට නගා ගත
යුතුයි: සුබ පැතුම් ලබා දී සුබ පැතුම් ලබා ගන්න. ඔය මව්වරුන්ට මෙය කළ හැකිද?
(සියලුම මව්වරුන් ඔවුන්ගේ අත් ඔසවනවා) ඔබට එය කළ හැකිද, නැත්නම් එය කිරීමට යන බවට
හැගීම ඔබට තිබෙනවාද? ඔය පාණ්ඩවයන්ට මෙය කළ හැකිද? ඔය පාණ්ඩවයන් පවසන්නේ ඔබ මෙය කරන
බවයි. පාණ්ඩවයන් සිහි කර තිබෙන්නේ නිරන්තරයෙන් ජය ගන්නා බව සහ ශක්තීන් ප්‍රසිද්ධ වී
ඇත්තේ නිරන්තර ලෝක සෙත සලසන්නන් ලෙසයි.
සෑම තැනකම සිටින සියලුම දරුවන් ඉටුකළ යුතු එක බලාපොරොත්තුවක්, බාප්දාදාට තවමත්
තිබෙනවා. එම එක බලාපොරොත්තුව කුමක්ද කියා, බාබා ඔබට පවසන්නද? ඔබ දැනටමත් එය දන්නවා.
ඔය ගුරුවරු එය දන්නවා නේද? ඔය සෑම දරුවෙක්ම ඔබගේ හැකියාවට අනුව උත්සාහ දරනවා. ඔබගේ
උත්සාහ දැක බාප්දාදා මුවගට සිනහවක් නගනවා. කෙසේවෙතත්, එක් ආශාව වන්නේ, දැන් ඔබගේ
උත්සාහ තුළ සීඝ්‍ර වේගයක් තිබිය යුතු බවයි. උත්සාහ තිබෙනවා, නමුත් දැන් එය වේගවත්
කරගන්න. මෙය සිදු කරන අන්දම වන්නේ ‘හේතු’ යන වචනය අවසන් කර නිරන්තරයෙන් විසදුම් වල
ප්‍රතිමූර්තියක් වීමය. කාලයට අනුව හේතු තිබෙන අතර අඛණ්ඩව හේතු තිබෙයි. කෙසේවෙතත්,
ඔබ සියලු දෙනාම විසදුම් වල ප්රතිරූප විය යුතුයි, මන්ද, ලෝකයට විසදුම් සොයා
ගැනීමෙන් ඔය සියලුම දරුවන් ජීවාත්මයන්ගෙන් වැඩි දෙනෙක්ව නිර්වාණ දේශයට යැවිය
යුතුයි. ලෝකයේ ජීවාත්මයන්ගේ සියලු ප්‍රශ්න වලට විසදුම් සොයාගෙන ඔවුන්ව නිර්වාණ
දේශයට යැවීමට හැකි වන්නේ, ඔබ තමන්ව විසදුම් වල ප්‍රතිරූ බවට පත් කළ විට පමණයි. දැන්
ලෝකයේ ජීවාත්මයන්ට මුක්තිය අවශ්‍ය අතර පරම පියාගෙන් මුක්තියේ උරුමය හිමි කරගැනීමට
ඔවුන්ට මගපාදන උපකරණ වන්නේ ඔබලාය. එබැවින් විවිධ ප්‍රශ්න වල හේතු වලට විසදුම් සොයා
ගැනීමෙන් ඔය උපකරණ ජීවාත්ම පළමුව තමන්ව නිදහස් කරගත් විට, ඔබ ලෝකයට මුක්තියේ උරුමය
ලබා ගැනීමට මගපාදයි. එසේ නම් ඔබ නිදහස් වෙලාද? කිසිම අන්දමක ගැටළුවකට හේතුවක් ඔබ
ඉදිරියට නොපැමිණිය යුතුයි: ‘මේ හේතුව නිසා, අනෙක් හේතුව නිසා, ඒ හේතුව නිසා, ආදිය’.
ඕනෑම හේතුවක් ඔබ ඉදිරියට පැමිණි විට, එවිට තත්පරයකදි එම හේතුවට විසදුමක් ගැන
සිතන්න. මෙසේ සිතන්න: ‘මා, ලෝකයට විසදුමක් සොයන කෙනෙක් බැවින්, මගේ සුළු ප්‍රශ්න
වලට මට විසදුමක් සොයා ගත නොහැකිද?’ ඔබට එය කළ නොහැකිද? දැන් ජීවාත්ම පෝලිමක් ඔබ
ඉදිරියට පැමිණෙයි, “අහෝ මුක්තිය පිරිනමන්නන්, අපට මුක්තිය ලබා දෙන්න!” මන්ද ඔබ
මුක්තිය පිරිනමන්නාගේ ඍජු දරුවන් බැවින්. අයිතියක් ඇති දරුවන් ඔබලාය. ඔබලා මාස්ටර්
මුක්තිය පරිනමන්නන් එහෙම නේද? නමුත් ඔය මාස්ටර් මුක්තිය පිරිනමන්නන් විසින්, පෝලිම
ඉදිරියේ බාධාවක දොරටුවක් වසා ඇත. පෝලිම සූදානම්, නමුත් තවමත් වැසී තිබෙන්නේ කුමන
දොරටුවද? ඔබගේ උත්සාහය අතින්, දුර්වල උත්සාහයේ එක වචනයක දොරටුව වන්නේ, “ඇයි?”
(ක්යු), ‘ඇයි?’ යන ප්‍රශ්නාර්ථ ලකුණ. මෙම “ඇයි” යන වචනය, පෝලිම ඔබ ඉදිරියට
නොගෙනෙයි. එබැවින් බාප්දාදා මේ දේශයේ සහ විදෙස් රටවල ඔය සියලු දරුවන්ට මතක් කර
දෙන්නේ: දැන් ගැටළු වල දොරටුව අවසන් කරන්න, “ඇයි?” යන ප්රශ්නය අවසන් කරන්න. ඔබට
මෙය කළ හැකිද? ඔය ගුරුවරුන්ට මෙය කළ හැකිද? ඔය පාණ්ඩවයන්ට මෙය කළ හැකිද? ඔය සෑම
කෙනෙක්ම ඔබගේ අත ඔසවනවාද, නැත්නම් සමහරු පමණක්ද? ඔය විදේශිකයන් නිති සූදානම් නේද?
ඔව්ද, නැද්ද? ඔව් නම් ඔබගේ අත ඉහළට ඔසවන්න. සමහරු එය මෙසේ කරනවා. දැන් කිසිම
මධ්‍යස්ථානයක කිසිම ගැටළුවක නමක් හෝ සලකුණක් වත් ඉතිරි නොවිය යුතුයි. මෙය කළ හැකිද?
ඔය සෑම කෙනෙක්ම මෙසේ සිතිය යුතුයි: ‘මා මෙය කළ යුතුයි’. ගුරුවරු මෙසේ සිතිය යුතුයි:
‘මා මෙය කළ යුතුයි’. ශිෂ්‍යයන් මෙසේ සිතිය යුතුයි: ‘මා මෙය කළ යුතුයි.’ ගෘහවාසීන්
මෙසේ සිතිය යුතුයි: ‘මා මෙය කළ යුතුයි.’ මධුබන් නිවැසියන් මෙසේ සිතිය යුතුයි: ‘මා
මෙය කළ යුතුයි.’ ඔබට මෙය කළ හැකිද? ‘ගැටළු’ යන වචනය අවසන් වී, හේතු අවසන් වි,
විසදුම් සොයා ගැනීම, සිදුවිය හැකි දෙයක්ද? කළ නොහැක්කේ කුමක්ද? ස්ථාපනයේ ආරම්භක
කාලයේ පැමිණි දරුවන් පොරොන්දු වුනේ කුමක්ද? ඔවුන් එය ප්‍රායෝගික කරමින්ද එය
පෙන්නුවා. ඔවුන් කිසිසේත් කළ නොහැකි දේ, සිදු කරමින් පෙන්නුවා. ඔබ මෙය පෙන්නුවා
නේද? ඉතිං, එයට වසර කීයක් ගෙවී ගොසින්ද? ස්ථාපනය ආරම්භයේ සිට වසර කීයක් ගෙවී
ගොසින්ද? (65). එසේ නම් මෙම වසර ගණනාවෙදි කිසිසේත් කළ නොහැකි දේ, කිරීමට බැරිද? එය
කළ හැකිද? ප්‍රධාන ගුරුවරු අත් ඔසවන්න! පන්ජාබ් වල අය අත් ඔසවන්නේ නැහැ. යම් සැකයක්
තිබෙනවාද? ඔබ ටිකක් සිතනවා. ඒ ගැන නොසිතන්න. මා එය කළ යුතුයි. වෙන අය ගැන නොසිතන්න.
ඔය සෑම කෙනෙක්ම තමන් වෙනුවෙන් සිතන්න. ඔබට තමන් වෙනුවෙන් සිතන්න පුළුවන් නේද? අන්
අයව අමතක කරන්න, ඔබට තමන් වෙනුවෙන් සිතන්න සහ තමන් වෙනුවෙන් එඩිතර විය හැකියි නේද?
එසේ නොහැකිද? ඔය ද්විත්ව විදේශිකයන්ට මෙම එඩිතරකම ඇති කළ හැකිද? සුබ පැතුම්! අච්චා,
දැන් වැටහෙන අය, මතුපිටින් නොව, හදවතින්ම අත් ඔසවන්න! අන් අය එය කරන නිසා මා අත්
ඔසවනවා නොවෙයි. හේතු අවසන් කර අනිවාර්යෙන් විසදුම් වල ප්‍රතිරුවක් වීමට ඔබගේ හදවත
තුළ අධිෂ්ඨානය ඇත්නම්, කුමක් සිදු වුනත්, ඔබට කුමක් දරා ගැනීමට සිදු වුනත්, ඔබට
මායාට විරුද්ධ වීමට සිදු වන විටත්, ඔබගේ නෑ සබදතා වලදි ඔබට එකිනෙකාව දරා ගැනීමට
සිදු වුනත්, ඔබ ගැටළුවක් නොවිය යුතුයි. මෙය කළ හැකිද? ඔබට මෙම අධිෂ්ඨානගත විශ්වාසය
තිබේ නම්, පිටුපස අසුන්ගෙන සිටින සියලු දෙනා සිට ඉදිරියේ අසුන් ගෙන සිටින අය දක්වා
සියලු දෙනාම ඔබගේ අත් ඔසවන්න! (බාප්දාදා ඔවුන් සියලු දෙනා ලවා ඔවුන්ගේ අත් ඔසවා මෙම
ජවනිකාව රූපවාහිනියේද නැරඹුවා). මෙය ඔබට හොද ව්‍යායාමයක්. මේ නිසයි බාප්දාදා ඔබගේ
අත් ඔසවන්නට සලස්වන්නේ. අන් අය අත් ඔසවන විට ඔබ තුළ උද්යෝගයක් ඇති වන සේම,
ප්‍රශ්නයක් පැන නගින විටත්, එවිට බාප්දාදා ඔබ ඉදිරියේ සිටිනවා දකින්න. ඔබගේ හදවතින්
මෙසේ කියන්න, “බාබා” එවිට බාබා පෙනී සිටින අතර ගැටළුව අවසන් වෙයි. ප්රශ්නය ඔබ
ඉදිරියෙන් ඉවත් වී, බාප්දාදා ඔබ ඉදිරියේ පෙනි සිටිවි. ඔබගේ නම්බු නාමය වන ‘මාස්ටර්
සර්ව බලධාරි, සියලු බල ඇති කෙනෙක්”, සෑම මොහොතකම සෑම විටම මතක් කරගන්න. එසේ නම්
බාප්දාදා ලබා දෙන සෙනෙහස සහ සිහි කිරීමේදි, ඔහු මෙසේ කිව යුතු නැද්ද, ‘මාස්ටර් සර්ව
බලධාරීන්, සියලු බල ඇති අය”, කියා, ඒ වෙනුවට ‘බල ඇති අය’ කියා පමණක්ද ඔහු කිව
යුත්තේ? බාබා මෙසේ පැවසුවා නම් ඔබ එයට කැමතිද: ‘බල ඇති දරුවන්ට සෙනෙහස සහ ස්මරණය’?
ඔබ මාස්ටර් සර්ව බලධාරීන්ය, සියලු බල ඇති අයයි, එබැවින් මාස්ටර් සර්ව බලධාරියෙකුට
කළ නොහැක්කේ කුමක්ද? සරළව ඔබගේ නම්බු නාමය සහ වගකීම සිහියට නගා ගන්න. එමෙන්ම ඔබගේ
වගකීම වන්නේ “ලොවට සෙත සැලසීමය’. සෑම කෙනෙකුගේම නම්බු නාමය වන්නේ, ‘මාස්ටර් සර්ව
බලධාරියා, සියලු බල ඇති කෙනාය.’ එමෙන්ම ඔබගේ වගකීම වන්නේ ‘ලොවට සෙත සැලසීමයි’. ඔබගේ
නම්බු නාමය සහ වගකීම නිරන්තරයෙන් මතක් කරගැනීමෙන් බලයන් ඉස්මතු වෙයි. පාලකයෙක්
වන්න. බලයන්ගේ පවා පාලකයෙක් වන්න. නියෝගයක් නිකුත් කරන්න. අවශ්‍ය වෙලාවකදි නිවැරදි
බලයට නියෝග කරන්න. ඇත්ත වශයෙන් ඔබ බලයන් ධාරණය කරගන්නවා; තවද ඔබට ඒවා තිබෙනවා,
නමුත් නොමැති එක දේ වන්නේ, අවශ්‍ය වෙලාවකදි ඒවා භාවිතා කරන අන්දම ඔබ නොදැන සිටීමයි.
කාලය ගෙවී ගිය පසු ඔබට එය මතක් වෙයි: ‘ඒ වෙනුවට මා මේ දේ කළා නම් වඩාත් හොදයි.’
දැන් ඔබ තුළ මුසු වී ඇති සියලු බල නිවැරදි වෙලාවට භාවිතා කිරීම පුහුණු වන්න. ඔබගේ
භෞතික ඉන්ද්‍රියන් ඔබ භාවිතා කරන්නේ ඒවාට නියෝග කිරීමෙන්. ඔබගේ අත් පා ඔබ භාවිතා
කරනවා නේද? ඒ අන්දමින්ම, ඒවාට නියෝග කිරීමෙන් සෑම බලයක්ම භාවිතා කරන්න. ඒවා
ප්‍රායෝගිකව භාවිතා කරන්න. ඔබ ඒවා ඔබ තුළ තබා ගන්නවා, නමුත් ඔබ ඒවා එතරම් භාවිතා
නොකරයි. නිවැරදි වෙලාවට සෑම බලයක්ම භාවිතා කිරීමෙන් ඒවා අනිවාර්යෙන්ම ඒවාගේ කාර්යය
සිදු කරයි. තවද සතුටින් සිටින්න! ඇතැම් වෙලාවක සමහර දරුවන්ගේ මුහුණු, ගැඹුරු
සිතිවිල්ලක ගිලී සිටින බවක් සහ වැඩිපුර ගාම්භීර ගතියක් (serious) පෙන්වයි. සතුටින්
රැදී සිටින්න. නටන්න, ගයන්න. ඔබගේ බ්‍රහ්මින් දිවිය තිබෙන්නේ සතුටින් නැටීමට සහ
ඔබගේ භාග්‍යයේ සහ පරමාත්ම දෙවියන්ගේ ගීත ගැයීමටයි. නටන සහ ගයන අය, ගාම්භීරව නටන්නේ
නම්, ඔවුන් නටන අන්දම නොදන්න බව කියැවෙයි. පරිනත බව හොදයි, නමුත් වැඩිපුර ගාම්භීර
වීම පෙනෙන්නේ, ඔබ ගැඹුරු සිතිවිල්ලක ගිලි සිටින ලෙසටයි.
දිල්ලියේ ස්ථානය විවෘත කිරීමට යන බව, බාප්දාදාට අසන්නට ලැබුණා, නමුත් බාප්දාදාට
දකින්නට අවශ්‍ය කුමන විවෘත කිරීමද? (2001 දෙසැ. 9 වන දින ඔම් ශාන්ති රිට්රීට්
මධ්‍යස්ථානය විවෘත විය.) එයට දිනයක් නියම කරගන්න. මෙම කුඩා සහ විශාල විවෘත කිරීම්
කොහොමත් සිදුවෙයි. කෙසේවෙතත්, බාප්දාදාට දැකීමට අවශ්‍ය විවෘත කිරීම වන්නේ,
ප්‍රායෝගික ස්වරූපයකින් පරම පියාට සමාන සුරදූතයන් ලෙස ඔබ සියලු දෙනා ලෝක වේදිකාව
මතට, තිරය විවෘත වී පැමිණිමයි. ඔබ සියලු දෙනාද මෙවන් විවෘත කිරීමකට කැමතියි නේද?
ඔබගේ හදවතට සමීප කතාබස් වලදි ඔබ සියලු දෙනා නොකඩවා පවසන්නේ සහ පියාට අඛණ්ඩව
ඇසෙන්නේ: අපට දැන් ඇති එකම ආශාව පියාව හෙළිදරව් කිරීමයි, නමුත් පියාගේ ආශාව වන්නේ
දරුවන් ප්‍රථමයෙන් හෙළිදරව් විය යුතු බවයි. පියා, දරුවන් සමගම හෙළිදරව් වෙයි. ඔහු
තනිවම හෙළිදරව් වන්නේ නැහැ. එබැවින් බාප්දාදාට අවශ්‍ය වන්නේ මෙම විවෘත කිරීම
දැකීමටයි. ඔබට ඉතා හොද උද්යෝගයක් තිබේ. බාබා සමග ඔබ හදවතට සමීප කතාබහක යෙදෙන විට,
ඔබ සියලු දෙනාට ඉතා හොද උද්යෝගයක් තිබේ. කෙසේවෙතත්, ඔබ කර්ම යෝගීවරු වූ විට, සුළු
වෙනසක් සිදුවෙයි. එසේ නම් ඔය මව්වරු කරන්නේ කුමක්ද? මව්වරුන්ගේ කණ්ඩායම ඉතා
විශාලයි, එමෙන්ම මව්වරු දැක බාප්දාදා බොහෝ සතුටු වනවා. වෙන කිසිම කෙනෙක් මව්වරුන්ව
මෙතරම් ඉදිරියේ තබා නැහැ. කෙසේවෙතත්, මව්වරුන් ඉදිරියට ගමන් කිරීම දැකීමෙන්
බාප්දාදා සතුටු වනවා. මව්වරුන්ට මෙම විශේෂ සිතිවිල්ල තිබේ: වෙනත් කිසිම කෙනෙකුට
සිදු කිරීමට නොහැකි වුණු දේ, අපි පරම පියා සමග සිදු කරනවා. ඔබ එය ප්‍රායෝගිකව
පෙන්වනවාද? දැන් එක අතකින් අත්පොළසන් ගසන්න (අත වනන්න). මව්වරු, ඔය මව්වරුන්ට සෑම
දෙයක්ම කළ හැකියි. මව්වරුන්ට හොද උද්යෝගයක් තිබෙනවා. ඔබට වෙන කිසිවක් නොවැටහුනත්,
ඔබ අඩු තරමින් මෙය වටහාගෙන තිබෙනවා: මා බාබාට අයිති වන අතර බාබා මගෙයි. ඔබට මෙතරම්
වැටහී තිබෙනවා නේද? ඔබ සියලු දෙනාම කියන්නේ, ‘මගේ බාබා!’ එහෙම නේද? ඔබගේ හදවතින්
සරළව මෙම ගීතය නොකඩවා ගායනා කරන්න: ‘මගේ බාබා, මගේ බාබා, මගේ බාබා!’
ඔබ සියලු දෙනාට අවදියෙන් අසුන්ගෙන සිටීමට තත්පරයක් ලබා දෙනවා. දැන් ඔබ සියලු දෙනා
තුළ බාප්දාදා කෙරෙහි 100% සෙනෙහස තිබෙනවා නේද? සෙනෙහස ප්‍රතිශතයක් නොවෙයි නේද? එය
100% ද? එසේ නම් ඔබ 100% සෙනෙහස වෙනුවෙන් ප්‍රතිචාරයක් ලබා දීමට සූදානම්ද? ඔබට 100%
සෙනෙහසක් තිබෙනවා නේද? ඊට ටිකක් අඩු සෙනෙහසක් ඇති අය අත් ඔසවන්න! පසුව ඔබව බේරා
ගන්නවා. ඔබට අඩු සෙනෙහසක් තිබෙනවා නම් අත ඔසවන්න! 100% සෙනෙහසක් නොමැති අය අත
ඔසවන්න! බාබා කතා කරන්නේ සෙනෙහස ගැනයි. එක්කෙනෙක් හෝ දෙදෙනෙක් සිටිනවා. අච්චා, ඔබ
තුළ සෙනෙහස නොමැත; එයට කමක් නැහැ. එය සිදු වෙයි. ඔබ වෙන කොහේ යන්නද? ඔබට බාබාට
සෙනෙහස දැක්වීමට සිදුවෙයි. අච්චා, ඔබ සියලු දෙනා දැන් අවදියෙන් අසුන්ගෙන සිටිනවා,
එහෙම නේද? දැන් සෙනෙහසට ප්‍රතිඋපකාරයක් ලෙසින්, ඔබට බාප්දාදා ඉදිරියේ තත්පරයක්
අභ්‍යන්තරගත වී ඔබගේ හදවත තුළ සහ හදවතින්ම මෙම සිතිවිල්ල ඇති කළ හැකිද, එනම්, ඔබ තව
දුරටත් දැන් තමන්ට හෝ අන් අයට ගැටළුවක් නොවන බව? සෙනෙහසට ප්‍රතිඋපකාරයක් ලෙසින් ඔබට
මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කළ හැකිද? ඔබට මෙය කළ හැකිද? කුමක් සිදුවුනත්, යම්
දෙයක් සිදු වුනත්, ඔබ තත්පරයකදි තමන්ව පරිවර්ථනය කරන බව සිතන අය ඔබලාය - ඔබගේ හදවත
තුළ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල තබා ගන්න. මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කළ හැකි අයට
බාප්දාදා උපකාර කරනවා, නමුත් උපකාර ලබා ගැනීමේ මාර්ගය වන්නේ අධිෂ්ඨානගත සිතිවිල්ල
ඇති කර ගැනීමයි. ඔබ මෙම සිතිවිල්ල ඇති කළේ බාප්දාදා ඉදිරියේය. මේ පිළිබදව අවධානයෙන්
සිටීමේ ක්‍රමවේදය ඔබට උපකාරී වෙයි. එබැවින් ඔබට මෙය කළ හැකිද? එකගත්වයෙන් හිස
සලන්න! බලන්න, සිතිවිලි මගින් අත්කර ගත නොහැක්කේ මොනවාද? බිය නොවන්න! ඔබට
අනිවාර්යෙන් බාප්දාදාගෙන් අතිරික්ත උදව් ලැබෙයි. අච්චා.
සියලුම තීව්ර උත්සාහ දරන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, පියාගේ සෙනෙහසට නිරතුරු
ප්‍රතිඋපකාර ලබා දෙන එඩිතර දරුවන්ට, පුණ්‍යාත්ම වන දරුවන්ට සහ නිරන්තරයෙන් තමන්ගේම
විශේෂතා මගින් අන් අයව විශේෂ ජීවාත්ම බවට පත් කරන අයට, ප්‍රශ්න වලට නිරන්තර විසදුම්
වල ප්‍රතිරූ වන දරුවන්ට සහ විශේෂයෙන් ඉදිරියෙන් පියාසර කරන දරුවන්ට, බාප්දාදාගේ
සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.
සමුගන්නා
වෙලාවේ: අද
මධුබන් වල සිටින, ආරක්ෂක කාර්යයේ කාර්යබහුලව සිටින සියලු දෙනා බාප්දාදා ඉදිරියට
පැමිණෙනවා. යග්යාව රැක බලා ගන්න අයට ඉතා විශාල වගකීමක් තිබෙනවා, එබැවින් ඔවුන්
සියලු දේම රැක බලා ගනිමින් දුර අසුන් ගෙන සිටින අතර බාබාව සිහිකරමින් සිටිනවා.
එබැවින් බාප්දාදා විශේෂයෙන් සෑම දෙයක්ම බලාගන්න හෝ මේ වෙලාවේ වෙනත් සේවයක් සිදු කරන
ග්‍යාන් සරෝවර්, මධුබන් හෝ ශාන්තිවාන් වල සිටින සියලු දෙනාට විශේෂ සෙනෙහස සහ ස්මරණය
ලබා දෙනවා. ඔබ සියලු දෙනාම බොහෝ වෙහෙස වී වැඩ කරයි. මේ දේශයේ සහ විදෙස් රටවල සිට
ඔවුන්ගේ ස්මරණය එවූ සියලු දෙනාට බාප්දාදා විශේෂ සෙනෙහස සහ සිහි කිරීම ලබා දුන් බව
සැලකිය යුතුයි. අච්චා.
වරදානය:
ඔබ පැරණි
ලෝකයේ සියලුම පැරණි සංස්කාර සහ නෑහිතකම් වලට ඇති ආකර්ෂණ වලින් නිදහස්ව සිටින,
ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයෙක් වේවා.
සුරදූතයෙක් වීම යනු
පැරණි ලෝකයට ඇති සියලු ආකර්ෂණ වලින් නිදහස් වීමයි: ඔබගේම සිරුරට හෝ ශාරීරික
පුද්ගලයෙක් හෝ භාණ්ඩයක සබැඳියාවකින් ආකර්ෂණය නොවී සිටීමයි. ඒ ආකාරයෙන්ම, ඔබ සියලු
පැරණි සංස්කාර වලට ඇති ආකාර්ෂණයෙන්ද නිදහස් විය යුතුයි. සිතිවිලි, වචන හෝ ක්‍රියා
ස්වරූපයෙන් ඇති සංස්කාර වලට කිසිදු ආකර්ෂණයක් නොතිබිය යුතුයි. ඔබ සියලුම ආකර්ෂණ
වලින් නිදහස් වූ විට, එනම්, කාලය අපතේ හැරීමෙන්, නිෂ්ඵල ඇසුරින් හෝ නිෂ්ඵල
වාතාවරණයෙන් ඔබ නිදහස් වූ විට, ඔබ ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයෙක් ලෙස හැඳින්වෙයි.
පාඨය:
ආධ්‍යාත්මික
සමාජ සේවකයන් වන්නේ, නිහඬ බලයෙන් සියලු ජීවාත්ම පෝෂණය කරන අය පමණයි.