01.09.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පුණ්‍යකර්ම ආරම්භ වන්නේ තම නිවසෙනි. මෙම ඥානය ඔබගේ පවුලේ අයට දෙන්න. සම අයට
මෙය ලබා දෙන්න.
ප්‍රශ්නය:
ඔය දරුවන්ගේ
ස්ථීතිය, අචල සහ ස්ථාවර කළ හැක්කේ කුමන ශ්‍රීමත් පිළිපැදීමෙන්ද?
පිළිතුර:
ඔබගේ ස්ථීතිය, අචල සහ ස්ථාවර කරගැනීමට, පියාගේ ශ්‍රීමත් වන්නේ: දරුවනි, දිනපතාම
හිමිදිරි උදෑසනින් අවදි වී, බොහෝ සෙනෙහසින් යුතුව පියාව සිහි කරන්න. තමන්
ජිවාත්මයක් බව සලකා, බාබා ඔබට පවසන දේට සවන් දෙන්න. සිහි කිරීම නොමැති නම්, වැඩකට
නැති සහ ඵලදායී නොවන සිතිවිලි ඔබට ඇතිවෙයි. මේ නිසයි බාබාගේ අවවාදය වන්නේ: දරුවනි,
හිමිදිරි උදෑසනින් අවදිවී, ඇවිදින විට, එහෙ මෙහෙ යන එන විට, කෑම පිළියෙල කරන විට සහ
ආහාර ගන්නා විට, ඔබ බාබාව පමණක් සිහිපත් කරන බවට, තමන්ට පොරොන්දු වන්න.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා, සියලුම ජීවාත්මයන්ගේ පියා මෙන්ම, උසස්ම-උසස් කෙනා බව, ඔය මිහිරිතම දරුවන්ට
වැටහෙයි. ශිවාට නමස්කාර වේවා කියා මිනිසුන් පවසන්නේ ඔහුටයි. ඔවුන් ඔහුට ’පියාණන්’
කියාද අමතයි. එම පියාණන් දෙව්ලොව නිර්මාණකරුයි. ඔහුට පාරිශුද්ධකරු මෙන්ම ඥානයේ මහා
සයුර යැයි ද කියයි. ඔබ දැන් ඔහු සමඟ අසුන්ගෙන සිටින බව ඔබට වැටහෙයි. ඔය දරුවන් දැන්
මෙය විස්තර කළ යුතුයි. එක්තරා ගීතා පාඨශාලාවක, අඩි 6ක් උසැති ක්‍රිෂ්ණාගේ පිංතූරයක්
ඔවුන්ට තිබේ. ඇත්ත වශයෙන්ම ක්‍රිෂ්ණාව කුඩා දරුවෙක් ලෙස පෙන්වන නමුත්, ගීතාවේ
දෙවියන් ඔහු බව, ඔවුන් පවසයි. එසේනම් ඔහු ගීතාව පැවසුවේ කවදාද? ඔහුගේ ළමා වියේද,
නැත්නම් අඩි 6ක් උස සමයේදීද? රාධේ සහ ක්‍රිෂ්ණා යුවළක් විය. රාධේ, ක්‍රිෂ්ණාගේ
කවුද? ඔවුන් රාධේට දෙවඟනක්ද, ක්‍රිෂ්ණාට දෙවියන් යැයිද කියයි. ඔවුන් දෙදෙනා අතර
තිබුණු සම්බන්ධය කුමක්ද? කිසිවෙක් මෙය නොදනී. ක්‍රිෂ්ණා, ගීතාවේ පණවිඩය ලබා දුන්නේ
නම්, ඔහු මෙය කළේ කවදාද? ඔබ එවන් ප්‍රශ්න අසන විට, බ්‍රහ්ම කුමර කුමරියන් හැර,
වෙනත් කිසිවෙකුට එවන් ප්‍රශ්න ඇසිය නොහැකි බව, මිනිසුන්ට වැටහෙයි. සියලුම මහ
රජවරුන් ආදීන්, සන්යාසීන් දුටු විට, නියත වශයෙන්ම ඔවුන් ඉදිරියේ හිස නමයි.
ඔවුන්ගෙන් මෙම ප්‍රශ්න ඇසීමට කිසිවෙක් නිර්භීත නොවෙයි. ඔබට නිර්භීතකම තිබේ. බ්‍රහ්ම
කුමර කුමරියන්ට කෙතරම් ඥානය තිබෙන්නේද යත්, ඔවුන්ට නිර්මාණකරු සහ නිර්මාණය පිළිබඳ
ඥානය දිය හැකි බව, ඔවුන් පවසයි. ඔවුන්, ඔහුගේ චරිත කතාව පවසයි. ඔබට ඔවුන්ගෙන් මෙසේ
විමසිය හැක ඔහු පැමිණියේ කවදාද? ඔවුන්, ශිවාගේ ජන්ම දිනය සමරා, ඔහුට වන්දනාමාන කරන
බැවින්, ඔහු පැමිණෙන්නට ඇති. ශිවාගේ ජන්ම දිනය සැමරෙන්නේ මේ නිසාය. ශිව බාබා,
අශාරීරිකයි ඔහුගේම කියා සිරුරක් ඔහුට නැත. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරන බැවින්,
ඔහු නියත වශයෙන්ම සිරුරකට ඇතුළු වන්නට ඇති. අශාරීරික කෙනාට උපන් දිනයක් තිබෙන්නේ
කෙසේද? ජීවාත්ම අමරණීයයි. උපන් දිනයක් සමරන්නේ, උපතක් සහ මරණයක් ඇති විටයි,
කෙසේවෙතත්, ජීවාත්ම අවිනාශී බැවින්, ජීවාත්මයක උපන් දිනයක් තිබිය නොහැක. එය
ජීවාත්මයක උපන් දිනය බව ඔබට කිව නොහැක. ශිවා, අශාරීරික වන අතර මිනිසුන් ඔහුව
නියෝජනය කිරීමට, ඕවලාකාර ප්‍රතිමාවක් තබයි. ඔය දරුවන්ට මෙම සිතිවිලි ඇති විය
යුතුයි. ඔබ මෙහි සිට නිවසට ගොස් ඔබගේ වැඩවල හෝ ව්‍යාපාරවල නියැලෙන විට, මේ සියලු
දේවල් ඔබගේ බුද්ධියෙන් ඉවත්ව යයි. ඔබ මෙම දේවල් ආවර්ජනය කරන්නේ නැත. බොහෝ දෙනෙක්
ඔවුන්ගේ ගුරූන්ගේ දම්වැල්වල සිර වී සිටියි, අහන්නවත් එපා! දුගී අසරණ මව්වරුන් බොහෝ
අහිංසකයි. ඔබට ඔවුන්ගෙන් විමසිය හැක මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරයි, නමුත් ඔහු
කවුද? ඔහු පැමිණියේ කවදාද, එමෙන්ම ඔහු කළේ කුමක්ද? ජයන්ති යනු උපතකි. ඔවුන්
අශාරීරික ශිවාගේ උපත සමරයි. ඔහු අශාරීරිකයි, එබැවින් ඔහුගේ උපත සමරන්නේ කෙසේද? ඔහු
ඇතුළු වූයේ කවුරුන් තුළටද? ජීවාත්මයක් සිරුරක් තුළට ඇතුළු වන අතර, එයට උපතක් යැයි
කියයි. ජීවාත්මයක්, ජීවාත්මයකි. ජීවාත්මයක් සිරුරක් තුළට ඇතුළු වූ විට, එම
ජීවාත්මය, චරිත කොටසක් රඟපෑම සඳහා, සිරුරක් හදාගෙන ඇති බව කියයි. එම කෙනා,
අශාරීරිකයි, එබැවින් ඔහු උපතක් ගත්තේ කෙසේද? ඔහු ඇතුළු වූයේ කවුරුන් තුළටද? ඔහුට
පරමාත්ම ජීවය යැයි කියයි. කිසි කෙනෙක් මෙය නොදනී. ඔවුන් බොහෝ ග්‍රන්ථ ආදිය හදාරා
ඇති නමුත්, ඔවුන් කිසි දෙයක් නොදනී. ඔබ දැන් මේ සියලු දැනුමින් පිරිපුන් වනවා. ඔබ
දැන් පැවසිය යුත්තේ මෙම ඥානය පමණයි. ඇතැම් අය වසර දෙකක් හෝ තුනක් පැමිණ, ඉන්පසුව
අවිද්‍යාවේ බලපෑමට හසු වෙයි. බාබා දැන් අවිද්‍යාව ඉවත් කර, ඥානය ධාරණය කරගැනීමට ඔබව
දිරිමත් කරයි. ඔය දරුවන්ට දැන් ඥානය දෙනු ලබනවා. කෙසේවෙතත් සැමියා, ඥාන මාවතේද,
බිරිඳ, අවිද්‍යා මාවතේද සිටින්නේ නම්, එය හංසයෙක් සහ කොකෙක් වනවා සේය. බිරිඳට
ප්‍රථමයෙන් ඥානය ලබා දිය යුත්තේ මේ නිසාය. බිරිඳක් විශ්වාස කරන්නේ, සැමියා ඇගේ
සැමියා මෙන්ම ගුරූ බවයි, එබැවින් බිරිඳ ඇගේ ගුරූගේ උපදෙස් පිළිපැදිය යුතුයි. මෙය
මෙහි, මෙම ලෝකයේදී බලපායි. එහිදී, උපදෙස් පිළිපැදීම හෝ නොපිළිපැදීම පිළිබඳ
ප්‍රශ්නයක් නැත, මන්ද සෑම කෙනෙක්ම සෙනෙහසින් කටයුතු කරන බැවින්. එවන් කිසි දෙයක්
එහි නොමැත. මෙවන් කියමනක් තිබෙන්නේ ඒ නිසාය ’පිංකම් පටන් ගන්නේ ගෙදරින්.’ බිරිඳ,
ඥාන මාවතේ සිටින අතර සැමියා එසේ නොවන්නේ නම්, ඇයට කළ හැක්කේ කුමක්ද? ඇය ඥානය ගුම්
නද දිය යුතුයි. දරුවන්ද ඥානය ගුමු නද දිය යුතුයි. ඔබ හා සමාන අයට ඔබ යහපතක් කළ
යුතුයි. පියාව සිහි කරන්නට කියා ඔබ ඔවුන්ට කිව යුතුයි. යුද්ධය, ඔබ ඉදිරියේ ලඟින්ම
ඇති අතර, බාබා පැමිණ ඇත. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරු, වඩින්න!
අපවිත්‍ර ලෝකය විනාශ විය යුතුයි. එබැවින් ඔබ නැවත අපවිත්‍ර වන්නේ ඇයි? ගැහැණියක්
ඥානය ගෙන ඇත්නම්, ඇයට සමාන අයට යහපතක් සැලසීම, ඇගේ වගකීමයි. ඔබ දැන් උපත් 21කට
පියාගෙන් ඔබගේ මුළු රාජධානියම හිමි කරගන්නවා. කිසිවෙකුට ඔබව ස්පර්ෂ කිරීමට නොහැකි
වෙයි. ඔබ මුළු ලෝකයේම පාලකයන් බවට පත්වනවා. බලන්න කෙතරම් වෙනසක් තිබේද කියා! ඔබට
මෙවන් උරුමයක් ලබා දෙන, ඒකායන කෙනාව ඔබ බොහෝ සේ සිහිපත් කළ යුතුයි. මෙහි, දවස පුරාම
ශිව බාබාව කිසිසේත් සිහි නොකරන අය බොහෝ දෙනෙක් සිටියි. ඔවුන් නිරතුරුවම ඔවුන්ගේ
නිවෙස්වල සහ ව්‍යාපාර වල ඇති ලෞකික ප්‍රශ්න වල ඇලී සිටියි. ඇත්ත වශයෙන්ම ඔවුන්
හිමිදිරියේ අවදි වී, විශාල සෙනෙහසකින් පියාව සිහි කළ යුතුයි. බාබා, මා අනිවාර්යෙන්ම
ඔබගෙන් මගේ උරුමය හිමි කරගන්නවා. බාබා, ඔබ බොහෝ මිහිරියි! ඔබව සිහි කිරීමෙන් අපගේ
පාපයන් දුරු වී යයි. අභ්‍යන්තරයේ තමා සමඟ කතාබස් කරන්න. මෙය ඥානයේ මහා සාගරය මත ගෑම
ලෙස හැඳින්වෙයි. බාබා, මා අනිවාර්යෙන්ම මගේ සම්පූර්ණ උරුමය ඔබගෙන් හිමි කරගන්නවා.
අපි දැන් නියත වශයෙන්ම තමෝප්‍රධාන් බවින් සතොප්‍රධාන් විය යුතුයි. එවිට පමණයි අපට
ස්වර්ණමය යුග රාජධානිය හිමි වන්නේ. බාබා, මා නිරන්තරයෙන් ඔබව සිහි කරන්නම්. උපත්
63කදි අප බොහෝ පාපයන් කර තිබේ. මෙය අපේ හිස මත ඇති විශාල බරකි. මේ නිසයි, බාබා, අප
ඔබව බොහෝ සේ සිහි කරන්නේ. බාබා, අපි ආහාර පිසින විට හෝ ඇවිදින්නට යන අතර, සැබවින්ම
ඔබගේ සිහි කිරීමේ සිටින්නම්. මේ අන්දමින් බාබාට කතා කරන අතර පොරොන්දුවක් වන්නේ නම්,
ඔබගේ පාපයන් දිගින් දිගටම දුරු වෙයි. බාබා, මා ඔබගේ සිහි කිරීමේ සිට, ආහාර පිළියෙල
කරන්නම්. මා අනිවාර්යෙන්ම සතෝප්‍රධාන් විය යුතුයි. මා හෙට දිනයේ මගේ සිරුර
අත්හරින්නේ නම්, කවුද දන්නේ, මට සතෝප්‍රධාන් වීමට හැකියාවක් නොලැබෙයි. මරණයට බියක්
තිබෙයි! බාබා, මා ජීවත්ව සිටින අතර, නියත වශයෙන්ම ඔබගෙන් මගේ උරුමය හිමි කරගන්නම්.
ඉන්පසුව මුළු දවස පුරාවට ඔබ කෙතරම් වෙලාවක් බාබාව සිහි කළේද කියා ඔබ පරීක‍්ෂා කර
බැලිය යුතුයි. සියලුම අවස්ථාවන් වලදි ඔබ අනිවාර්යෙන්ම සිහිපත් කිරීමේ වන්දනාවේ
සිටිය යුතුයි. තවද ඔබගේ ගෘහයේ වාසය කරමින්, සියලු දෙනා සමගින්, තැනට සුදුසු නුවණින්
සහ-සම්බන්ධතා පැවැත්විය යුතුයි. මේ අන්දමින් තීව්‍ර උත්සාහයේ නියැලෙන්න, එවිට ඔබට
සිහිපත් කිරීමේ සිටීමට හැකි වන අතර, ඔබගේ ආයුෂද වැඩි කරගැනීමට හැකි වෙයි. අනාගතයේදී
ඔබගේ ආයුෂ වැඩි වෙයි. ඔබ සිහිපත් කිරීමේ නොසිටින්නේ නම්, ඔබගේ තත්ත්වය අඩු වෙයි. ඔබ
උත්සාහ දරමින් පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගත යුතුයි, තවද ඔබ ස්ව-දර්ශන චක්‍ර
ධාරීන්ද විය යුතුයි. බොහෝ මෙහෙණීවරුන්, හින්දූන්ව ක්‍රිස්තියානුවන් බවට හරවමින් එහෙ
මෙහෙ යයි. ඔවුන් මිනිසුන්ගේ වෙළඳසැල් සහ නිවෙස් වලට ගොස්, ඔවුන්ගේ ක්‍රිස්තියානියේ
බොහෝ සතුට ඇති බව කියමින්, සියලු දෙනාට බයිබලයක් ගැනීමට කියයි. ඔවුන්ට දූත මෙහෙවරක්
තිබෙන අතර බෞද්ධයින්ටද දූත මෙහෙවරක් තිබේ. ඒ මිනිසුන් කරන්නේ කුමක්ද කියා හින්දූන්ට
වැටහෙන්නේ නැත. ඔවුන් අපගේ හින්දු ආගමට අයත් අයව, ක්‍රිස්තියානුවන් බවට හරවයි. ඔබ
ප්‍රදර්ශන වලදි බොහෝ විස්තර කරයි. ඇතැමුන් ඔවුන්ගේ අදහස් ලිඛිතව ඔබට ලබා දුන්නද,
ඔවුන් ආපසු නිවසට ගිය වහාම, සෑම දෙයක්ම අවසන් වෙයි. මේ සඳහා සිහිකර තිබෙන්නේ,
වඳුරන් ඉදිරියේ මැණික් තැබූ විට, ඒවා ගල් යැයි සිතා ඔවුන් ඒවා විසිකර දැමූ බවයි.
මෙහිද, ඔවුන් ඥානයේ අවිනාශී මිණි මුතු, ගල් යැයි සලකමින් ඒවා විසිකර දමයි ඔවුන්ට
කිසි දෙයක් වැටහෙන්නේ නැත. ඔව්, එය ස්පර්ෂ වන්නේ මෙම ආගමට අයත් අයට පමණයි. එය ඉතා
පහසුයි. පියා, දෙව්ලොව නිර්මාණකරුයි. ඔහු භාරතයේ පැමිණෙන්නේ එක් වතාවක් පමණයි. පියා
පවසන්නේ ඔබ මට, පාරිශුද්ධකරු පියාට පැමිණෙන්ට කියා අඬ ගසමින් සිටියා. මා දැන් ඔබව
දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කිරීමට පැමිණ සිටිමි. මෙම දූෂිත ලෝකය, ශ්‍රේෂ්ඨ
දෙව්ලොවක් බවට ඔබ නියත වශයෙන්ම පත් කරන බවද ඔබ පවසයි. ඔබ සියලු දෙනාම දැන් අපායේ
වැසියන්ය. ඔබ සියලු දෙනාම ශිව බාබාගේ ශ්‍රීමත් පිළිපදිනවා. ශිව දෙවියන් පවසයි මා
ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට, රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවන්නෙමි. මෙය ඉතා
පැහැදිලිව ගීතාවේ ලියා තිබේ ඔහු පවසන්නේ මා පැවිද්දන් සහ පූජකයන්ද ඉහළ නංවමි. ඔබ
ඔවුන්ට මෙය පැවසිය යුතුයි. ඔවුන් කන්නලව් කරන්නේ පාරිශුද්ධකරු වන්නේ සීතාට අයත්
රාමාය. ඔවුන්ට එහි අරුතවත් නොවැටහෙයි. සියල්ලන්ම බැතිමතුන්ය, එනම් සීතාවන්ය. ඔවුන්
අඬගසන්නේ අහෝ රාමා, පැමිණ සීතාවන් වන අපව ඉහළ නංවන්න! ඉන්පසුව ඔවුන් රාගව (උසස්ම)
වංශයට අයත් රාම රජුගේ නම ජප කරයි. ඇත්ත වශයෙන්ම එය රාම රජු පිළිබඳ ප්‍රශ්නයක්
නොවෙයි. ප්‍රධාන වැරුද්ද වන්නේ ඔවුන් ශිවාගේ නම වෙනුවට ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම ඇතුලත්
කිරීමය. ඔවුන් රාමාව සහ ක්‍රිෂ්ණාව නිල් පැහැයෙන් පෙන්වා ඇත්තේ මන්ද කියා, ඔබ
ඔවුන්ගෙන් විමසිය යුතුයි. ඔවුන් ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී ලස්සන වන අතර ඉන්පසුව
අවලස්සන වෙයි. ප්‍රථමයෙන් ස්වර්ණමය යුගය තිබෙන අතර ඉන්පසුව රිදී යුගයත් පසුව තඹ
යුගයත් ඉන්පසුව කලි යුගයත් තිබෙයි. එය දැන් කලි යුගයයි. එය ස්වර්ණමය යුගය වූ කල්හි,
ඔබට බොහෝ ගෞරවය ලැබුණා. ඔබ ගොස් උපායශීලීව ඔවුන්ට පහදා දිය යුතුයි. ඔවුන් එතරම්
විගසින් ඔවුන්ගේ මුරණ්ඩුකම අත්හරින්නේ නැත. ගසක් පැරණි වන විට, එය සම්පූර්ණ දිරාපත්
අවදියට ලඟා වෙයි. මෙම ලෝකයටද පැවතුම් කාලයක් තිබේ. නව ලෝකය සහ පැරණි ලෝකය තිබේ.
පැරණි යනු, කලි යුගය, තමෝප්‍රධාන් ලෝකය. මේ ලෝකයේ එකදු පුද්ගලයෙකුටවත් සතෝප්‍රධාන්
විය නොහැක. දැන් සෑම දෙයක්ම තමෝප්‍රධාන් වන අතර, අවසන් විය යුතුයි. නව ලෝකය ස්ථාපිත
කරන්නේ කවුද? එම පියාමයි. සියලු දෙනාම නැති වී යනවා නොවෙයි. මිනිසුන් අපවිත්‍ර වන
විට, ඔවුන් පියාට කන්නලව් කරයි. ඔවුන් පවසන්නේ පැමිණ, අපව පිවිතුරු කරන්න. ඔහු
නිසැකයෙන්ම පැමිණෙන්නේ පැරණි ලෝකයේය. ඔහුට පාරිශුද්ධකරු යැයි අමතන බැවින්, ඔහු නියත
වශයෙන්ම පැමිණෙන්නේ අවසානයේදීය. ඔහුම පවසන්නේ මා සෑම කල්පයකම ලෝකය පිවිතුරු කිරීමට
සංගම යුගයේ පැමිණෙන්නෙමි. එය දැන් සංගම යුගයයි. පියා දැන් සෑම කෙනෙක්වම විමුක්තිය
වෙතට රැගෙන යයි. එබැවින් ඔබ එවන් පියෙකුගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබ තමන්ගේම
තත්ත්වය සවිමත් කරගත යුතුයි. උදේ පාන්දරින් අවදි වී පියාව සිහි කරන්න. තමා
ජීවාත්මයක් බව සලකන්න. මේවා, ශරීරයේ ඉන්ද්‍රියන්ය. පියා පවසන්නේ අහෝ දරුවනේ, මා ඔබට
කියන දේට ඇහුම් කන් දෙන්න. විමුක්තිය හෝ ජීවන-මුක්තිය ගැන, වෙනත් කිසිවෙකු පවසන
කිසිම දේකට සවන් නොදෙන්න. පියා, පරම දනව්වෙන් පැමිණ සිටින්නේ ඔබව පිවිතුරු
කිරීමටයි. එබැවින් ඔබ පරණ ග්‍රන්ථ සිහි කරන්නේ ඇයි? මිනිසුන් භක්තියේ යෙදෙන්නේ
දෙවියන් ලබා ගැනීමටයි. ඔහු පියාය, සියල්ලන්ට විමුක්තිය පිරිනමන්නාය. පියා හැර,
වෙනත් කිසිම කෙනෙකුට ඔබට මෙම ඥානය ලබා දිය නොහැක. ලක‍්ෂ්මි සහ නාරායන, ඔවුන්ගේ
රාජධානිය ලබාගත්තේ කෙසේද? ජීවාත්මයක්, තිතක් බව, දිළිසෙන ආශ්චර්යමත් තාරකාවක් බව,
ඔවුන් පවසයි. පියා විස්තර කරන්නේ ඔබ මට ’පරමාත්ම ජීවය’ යැයි අමතයි. ඔබගේ භෞතික
පියාට ඔබ ’පරමාත්ම ජීවය’ යැයි කියන්නේද? පරමාත්ම දෙවියන්, පරම දනව්වේ වාසය කරන
කෙනා, ’පරමාත්ම ජීවය’ ලෙස හැඳින්වෙයි. ඔහු ඔබගේ පියාය. ඔහු පැමිණ, මෙම කෙනා තුළට
ඇතුළු වෙයි. ගුරූ කෙනෙක්, ඔහුගේ අනුගාමිකයා අසලින් අසුන් ගනි. මෙම දේවල් ආගමික පත
පොතෙහි සඳහන් වී නැත. ඔහු ඔබගේ පියා බව, ඔබ දැන් දන්නවා. පියා ඔබට වසර 5000කට පෙරද
යෝගාව ඉගැන්වූවා. ඔහු මෙසේ පැවසුවා මාව සහ විෂ්ණු දේශය සිහි කරන්න. එබැවින් ඔහු මෙය
අනිවාර්යෙන්ම ඔබට පවසනු ඇත්තේ සංගම යුගයෙදීය. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් ධර්මයකි
නැවතත් නිසැකයෙන්ම එක් ධර්මයක් තිබෙයි. ඒ සියලුම ආගම් විනාශ වෙයි. මේ එම කාලයමයි.
පියා පවසන්නේ මා සිහි කරන්න, එවිට මා ඔබව ලෝකයේ අධිපතියන් කරවන්නම්. ඔබ තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් වන්නේ පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි. පියා පවසන්නේ ඉතා
හොඳින් සේවය කරන දරුවන්ව මා සිහි කරනවා, මන්ද ඔවුන් මගේ උදව්කරුවන් බැවින්. බොහෝ
දෙනෙකුට යහපත සලසන අයට මම ආදරය කරමි. ඔබ ආදරය කරන්නේ ඔබට උරුමයක් ලබා දෙන ඒකායන
පියාට පමණයි. ඔය දරුවන් ඉතා හොඳින් උත්සාහ දැරිය යුත්තේ මේ නිසාය. සිහිපත් කිරීමේ
වන්දනා ගමනේ සිටින්න. බොහෝ නිෂ්ඵල සිතිවිලිද පැමිණෙයි. භක්ති මාර්ගයේදී, ශිවාගේ
දර්ශනයක් ලබා ගැනීම සඳහා ඔවුන් තමන්ටම පහරද දෙයි. ඔවුන් දර්ශන වෙනුවෙන් බොහෝ උත්සාහ
දරයි. මෙහි, පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබගේ පාපයන් කැපී ගොස්, උපත් 21කට ඔබට
උරුමයක් ලැබෙන බව, ඔබ වටහාගනී. දර්ශන ලැබීමෙන් ඔබගේ පාපයන් කැපෙන්නේ නැත. ඔබව ලෝකයේ
අධිපතියන් බවට පත් කරවන පියාව, ඔබ බොහෝ සෙනෙහසින් සිහි කළ යුතුයි. ඔබ පත්වන්නේ
කවුරුන් බවටද කියා, දැන් ඔබගේ බුද්ධිය තුළ තිබේ. ඔබගේ මතු භවයෙදී ඔබ මෙය වෙයි. මෙය
ස්වර්ණමය යුගයේ රජ කුමර කුමරියන් බවට පත් වීමට ඇති කොලීජියයි. ධර්මයක් ස්ථාපිත කරන
අතරම, පියා තවද, දේවතා රාජධානියද ස්ථාපිත කරයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. විමුක්තිය
සහ ජීවන-මුක්තිය පිළිබඳව, පියා ඔබට පවසන ඥානයේ කාරණා වලට සවන් දී, ධාරණය කරගන්න.
අන් සෑම දෙයක්ම අමතක කර දමන්න. තමන්ට සහ තම ලෞකික පවුලේ අයට යහපතක් කරගන්න.
2. සියලුම නිෂ්ඵල
සිතිවිලි අවසන් කිරීම සඳහා, හිමිදිරි උදෑසනින් අවදි වී, ඥානය ආවර්ජනය කරන්න. ස්මරණ
වන්දනා ගමනේ නියැලී සිටින්න.
වරදානය:
ඔබ මෙම දැනුමේ
මාස්ටර් ඥාන සූර්යෙක් වී, මෙම දැනුමේ සහ යෝගාවේ බලවත් කිරණ වලින් ඔබගේ පැරණි
සංස්කාර වල සියලු විෂබීජ පුළුස්සා දමත්වා.
ඕනෑම අපවිත්‍ර
වාතාවරණයක් පරිවර්ථනය කිරීමට සහ පැරණි සංස්කාර වල විෂබීජ පුළුස්සා දැමීම සඳහා
නිරන්තරයෙන් මෙම අවධානය තබා ගන්න: මම මාස්ටර් ඥාන සූර්යයෙක්මි. සූර්යයාගේ වගකීම
වන්නේ ආලෝකය ලබා දී, අපද්‍රව්‍ය පුළුස්සා දැමීමයි. එබැවින් මෙම දැනුමේ සහ යෝගාවේ
බලයෙන් සහ ඔබගේ උතුම් ක්‍රියාකාරකම් තුළින් මෙම කාර්යය නොකඩවා සිදු කරන්න. ඔබගේ බලය
අඩු වන්නේ නම්, ඔබගේ දැනුම, ආලෝකය පමණක් ලබා දෙන නමුත් පැරණි සංස්කාර වල විෂබීජ
විනාශ නොවෙයි. එබැවින් ප්‍රථමයෙන් යෝග තපස්යාව තුළින් බලවත් වන්න.
පාඨය:
සුබ පැතුම් සහ
පිවිතුරු හැඟීම් වල ශ්‍රේෂ්ඨ සිතිවිලි ඔබගේ රැස් කිරීමේ ගිණුම වැඩි කරයි.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
වර්ථමානයේ ඔය දරුවන්
ඔබගේ දයාවෙන් පිරි ස්වරූපය සහ දානපති ස්වරූපය හෙළිදරව් කළ යුතුයි. ඔබගේ සියලුම
සම්පත් ගබඩා නිරන්තරයෙන් විවෘතව තබා ගන්න. ඔබගේ ආදිතම සහ සදාතනික සංස්කාර වන
දානපතියෙකුගේ සංස්කාර ඔබගේ දිවියේ සෑම විටම ඉස්මතු වු ස්වරූපයකින් තබා ගන්න.
පරමාත්ම දෙවියන්ගේ පණිවිඩය ගෙන එන පණිවිඩකරුවෙක් වී, ලොව පුරා පරමාත්ම පියාගේ
හෙළිදරව්වේ පණිවිඩය පතුරන්න. ලෝක ගෝලය මත සිටගෙන, චිත්ත තරංග විහිදුවන සහ මෙම
අසීමිත සේවය සිදු කරන අසීමිත දානපතියෙක් වන්න.