01.10.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මායාට බිය නොවන්න. ඇය ඔබ ලවා කෙතරම් අමතක කරවීමට උත්සාහ දැරුවත්, වෙහෙස
නොවන්න. අම්රිත් වේලාවේ අවදී වී, සිහිපත් කිරීමේ සිටීමට සම්පූර්ණයෙන් උත්සාහ දරන්න.
ප්‍රශ්නය:
ඔවුන්ගේ
උත්සාහයන් තුළින් ඉහළ අංකයක් හිමි කරගත හැක්කේ කුමන දරුවන්ටද?
පිළිතුර:
පියා වෙනුවෙන් තමන්ව මුළුමනින්ම කැප කරන දරුවන්, එනම්, අන් අයට වඩා ඉදිරියෙන්
යන්නේ, තමන්ව කැප කරන අයයි. දරුවන් පියාට කැප වන අතර පියා දරුවන්ට කැප වෙයි. ඔබ
දැන් කිසිම වටිනාකමක් නැති සියලුම පැරණි දේ, ඔබගේ මනස, සිරුර සහ ධනය පියාට ලබා දෙන
අතර, ඔහු ඒ වෙනුවට ඔබට ආපසු ලබා දෙන්නේ ලෝක ආධිපත්‍යයයි. ඔහුට දුප්පතාගේ ස්වාමියා
යැයි කියන්නේ ඒ නිසාය. පියා පැමිණ ඇත්තේ දුප්පත් භාරතයට දන් දීමටයි.
ගීතය:
අන්ධයින්ට පාර
පෙන්වන්න, ආදරණීය දෙවියණේ!
ඕම් ශාන්ති.
සුමිහිරි,
ආධ්‍යාත්මික, උපරිම ලෙස මිහිරි දරුවනි. කියනු ලබන්නේ මෙහෙම, නේද? ඔහු අසීමිත පියා
වන අතර ඔහුට අසීමිත සෙනෙහස තිබේ. ඔහු පවසන්නේ ඔය සුමිහිරි, බොහෝ කලක් නැතිව සිට
දැන් හමු වූ දරුවන් ගීතය ඇසුවා. ඔබට පාර පෙන්වන්නේ ඒකායන පියා පමණයි. භක්ති මාර්ගයේ
කිසිවෙකුට, ඔබට මාර්ගය පෙන්විය නොහැක. එහි ඔවුන් දිගටම වැටි වැටි ගමන් කරයි. දැන්
ඔබ මාර්ගය සොයාගෙන ඇති නමුත්, ඔබගේ බුද්ධියට, පියා සමඟ සදාතනිකව සම්බන්ධ වී සිටීමට,
මායා ඉඩ නොදෙයි. ඒකායන පියා සිහිපත් කිරීමෙන්, ඔබගේ සියලු දුක් ඉවත් වී, සිත් පීඩා
ඇති වීමට කිසිවක් නොවන බව, ඔබට වැටහෙයි. ඒ තිබියදී, ඔබට ඔහුව අමතක වෙයි! පියා
පවසන්නේ ඔබ ජීවාත්මයක් බව සලකා, පාරිශුද්ධකරු පියා වන මා සිහි කරන්න. පරම පියා
ඥානයේ මහා සාගරයයි. ඔහු ගීතාවේ ඥානය පිරිනමන්නාය. ඔහු ඔබට දෙව්ලොව ආධිපත්‍යය ලබා
දෙයි, එනම්, ඔහු ඔබට විමුක්තිය පිරිනමයි. ක්‍රිෂ්ණාට ඥානයේ මහා සාගරය, යැයි ඇමතිය
නොහැක. ඇත්තේ එක් සාගරයක් පමණයි. පෘථීවිය, සම්පූර්ණයෙන්ම සාගරයෙන් වටවී ඇත. ඒ
සියල්ල එක් සාගරයක් වන නමුත් එය බෙදා වෙන් කර ඇත. ඔබ ලෝකයේ අධිපතියන් වෙයි, එබැවින්
ඔබ මුළු භූමියේ සහ සාගරයේ අධිපතියන් වෙයි. එහිදී කිසිවෙකු මෙසේ නොකියයි මෙය මගේ ඉඩම
නිසා ඔබ අපේ මායිම හරහා නොයා යුතුයි. මෙහි, ඔවුන් සාගරය පවා බෙදා වෙන්කරගෙන ඇත.
මුළු ලෝකයම භාරතය වූ බවත්, ඔබ එහි අධිපතියන් වූ බවත්, ඔබට වැටහෙයි. මෙම ගීයද තිබේ
බාබා, කිසිවෙකුට අපගෙන් උදුරාගත නොහැකි ලෝක ආධිපත්‍යය, අප ඔබගෙන් හිමි කරගන්නෙමු.
මෙහි, ඔවුන් වතුර නිසාද ගැටුම් ඇතිකර ගනී. ඔවුන්ට එකිනෙකාගෙන් ජලය ලබා ගැනීම සඳහා
රුපියල් සිය දහස් ගණන් ගෙවිය යුතු වනවා. පෙර චක්‍රයේදී කළ එම ආකාරයෙන්ම ඔය දරුවන්ට
මුළු ලෝකයේ රාජධානිය ලැබෙමින් පවතිනවා. පියා ඔබට ඥානයේ තෙවැනි ඇස ලබා දී ඇත. පරම
පියා, පරමාත්ම ජීවය, ඥානය පිරිනමන්නාය. ඔහු පැමිණ, මෙකල ඥානය ලබා දෙනවා. ස්වර්ණමය
යුගයෙදී ලක‍්ෂ්මි සහ නාරායනට මෙම ඥානය නැත. ඔව්, ඔවුන්ගේ පෙර භවයේ ඔවුන් ඥානය ලබා
ගෙන, එය බවට පත් වූ බව, ඔබට කිව හැක. ඔබ එම අයමයි. ඔබ පවසන්නේ බාබා, ඔබ එම කෙනාමයි.
ඔබ අපව ලෝකයේ අධිපතියන් බවට පත් කළා. පියා පවසන්නේ මගේ උපදෙස් සංකීර්ණ නැහැ. වෙනත්
ඉගෙනුම් බොහෝ සංකීර්ණයි! මෙය ඉතා පහසුයි. ඔබ නිර්මාපකයා මෙන්ම නිර්මාණයේ මුල, මැද
සහ අවසානය ගැන දැනුවත් වී, ඉන්පසුව ඔබ උපත් 84හි චක්‍රය වටා ගොස් ඇති ආකාරය ගැන වෙන
අයට පවසයි. ඔබ දැන් පියා සමඟ ආපසු නිවසට යා යුතුයි. මායාගේ බොහෝ කුණාටු පැමිණෙන බව,
පියා ඔබට පවසා ඇත. ඒවාට බිය නොවන්න. ඔබ සිහිපත් කිරීමේ අසුන් ගැනීම සඳහා, හිමිදිරි
උදෑසන අවදි වන විට, ඔබගේ බුද්ධියට වෙනත් සිතිවිලි ඇති වී, ඔබට විනාඩි දෙකක්වත්
සිහිපත් කිරීමේ සිටීමට නොහැකි වෙයි. පියා පවසන්නේ වෙහෙසට පත් නොවන්න. අච්චා, එක
විනාඩියකට සිහි කිරීමේ අසුන්ගෙන, ඉන්පසුව නැවතත් පසුදින සහ ඊලඟ දිනයේද අසුන්ගන්න.
සිහිපත් කිරීමේ සිටීමට අනිවාර්යෙන්ම අධිෂ්ඨාන කරගන්න. පාපයේ ගැලෙන ඕනෑම කෙනෙකුට
බොහෝ කුණාටු පැමිණෙයි. ප්‍රධානතම දෙය, පාරිශුද්ධත්වයයි. අද මේ ලෝකය අපවිත්‍ර ගණිකා
මඩමකි. හෙට එය පිවිතුරු ශිව දේවාලය වෙයි. මෙය පැරණි සිරුරක් බව ඔබ දන්නවා. ඔබ සෑම
විටෙකම දිගින් දිගටම පියාව සිහි කරන්නේ නම්, ඔබ කුමන මොහොතක සිරුර හැර ගියත්,
දිව්‍ය ලෝකයට යාමට ඔබ සුදුසු වෙයි. ඔබ පියාගෙන් ඥානය ටිකක් අසා ඇති නේද? මෙහි සිට
පැන ගොස් දැන් නැවත පැමිණ ඔවුන්ගේ උරුමය හිමි කරගන්නා අයද සිටිනවා. ඔබගේ අවසන්
සිතිවිලි, ගමනාන්තය කරා ඔබව රැගෙන යන බව ඔබට පහදා දී තිබේ. නිදසුනක් ලෙස, කෙනෙක් තම
සිරුර අත්හල විට, ඔහු සමඟ ඥානයේ සංස්කාර ඔහු රැගෙන යන අතර, ඔහුගේ ළමා කාලයේදී මේ
දෙසට පැමිණීමට ඔහු ආකර්ෂණය වෙයි. ඔහුගේ ඉන්ද්‍රියන් කුඩා බැවින් ඔහුට කතා කිරීමට
නොහැකි වුවද, ඔහු ඥානයට ඇදී එයි. ළමා කාලයේ සිටම සතුට ලබා දෙන හොඳ සංස්කාර ඔහුට
තිබෙයි. පරම පියා උගන්වන්නේ ඔය ජීවාත්මයන්ටය. පියා ඔබට හමුදාවේ මිනිසුන්ගේ නිදසුන
කියයි. ඔවුන් එම සංස්කාර රැගෙන යන බැවින්, ඔවුන් නැවතත් හමුදාවක සාමාජිකයන් බවට පත්
වෙයි. ඒ ආකාරයෙන්ම ග්‍රන්ථ හදාරන අය, එම සංස්කාර ඔවුන් සමඟ රැගෙන යන නිසා, ඔවුන්
ළමා කාලයේ සිටම ග්‍රන්ථ කට පාඩමින් ඉගෙන ගනී. එවිට ඔවුන්ට ඒ වෙනුවෙන් ප්‍රශංසා
කෙරෙයි. මෙහි සිට යන අය, ළමා කාලයේ සිට ප්‍රශංසා ලබයි. ඥානය ධාරණය කරන්නේ ජීවයයි.
කෙසේවෙතත්, ඉතරි වී ඇති කර්මික ගිණුම් පියවිය යුතුයි. අඩු තරමේ ඔවුන් දිව්‍ය ලෝකයට
යයි. ඔවුන් පියා වෙතට පැමිණ, ඔහුට නමස්කාර කරයි. බොහෝ පුරවැසියන් නිර්මාණය වෙයි.
ඔවුන් පියාගෙන් තම උරුමය හිමි කරගනී. අවසානයේ මෙසේ කියයි ඔහෝ ප්‍රභූ (දෙවියන්)!
ඔබගේ දිව්‍යමය ක්‍රියාකාරකම් විශ්මිතයි! ඔබට දැන් වැටහෙයි ඔහෝ බාබා! ඔබගේ දිව්‍යමය
ක්‍රියාකාරකම් එසේ වන්නේ නාටක සැලසුමට අනුවය. බාබා, ඔබගේ ක්‍රියාකාරකම් සියලුම
මනුෂ්‍යයන්ගේ ඒවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. පියාට හොඳින් සේවය කරන අය ඉතා හොඳ
ත්‍යාගයක් හිමි කරගනී ඔවුන් ජයග්‍රාහී මාලාවේ ඇමිණෙයි. මෙය ජීවාත්මය වන පියා,
ජීවාත්මයන්ට ලබා දෙන ආධ්‍යාත්මික ඥානයයි. සියලුම මනුෂ්‍යයන් සිහි කරන්නේ සිරුරු
පමණයි. ඔවුන් පවසන්නේ එම දැනුම ලබා දෙන්නේ ශිවානන්ද, ගංගේශ්වරානන්ද ආදින් කියාය.
මෙහිදී ඔබ පවසන්නේ, අශාරීරික ශිව බාබා ඔබට ඥානය ලබා දෙන බවයි. මම, උසස්ම-උසස් කෙනා
වන අතර, ජීවාත්මය වන මගේ නම, ශිවාය. ඔවුන් පවසන්නේ ශිව පරමාත්මයට නමස්කාර වේවා
කියා. ඉන්පසුව ඔවුන් බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ට පවසන්නේ දේවතාවන්ට නමස්කාර වේවා.
ඔවුන්ද නිර්මාණයයි ඔවුන්ගෙන් උරුමයක් ලබා ගත නොහැක. ඔබලා අතරේ ඔබ සහෝදරයන්ය. ඔබගේ
සහෝදරයාව සිහි කිරීමෙන් ඔබට උරුමයක් ලබා ගත නොහැක. මෙම දාදා (බ්‍රහ්ම)ද ඔබගේ
සහෝදරයාය. ඔහුද ශිෂ්‍යයෙක් වන අතර ඔහු ඉගෙනගනිමින් සිටිනවා. ඔබට ඔහුගෙන් උරුමයක්
හිමිවන්නේ නැත. ඔහුටද ශිව බාබාගෙන් උරුමයක් ලැබෙනවා. පළමුව සවන් දෙන්නේ ඔහුය. මා
පියාට පවසන්නේ බාබා, මා ඔබගේ පළමු දරුවාය. මට සෑම චක්‍රයකදීම ඔබගෙන් උරුමයක්
ලැබෙනවා. මා සෑම චක්‍රයකදීම ඔබගේ රථය වනවා. ශිවාගේ රථය වන්නේ බ්‍රහ්ම වන අතර,
බ්‍රහ්මගේ මාර්ගයෙන් විෂ්ණු දේශය ස්ථාපනය වනවා. ඔය බ්‍රහ්මණයන් උදව්කරුවන් වන අතර
ඉන්පසුව ඔබ අධිපතියන්ද වෙයි. වසර 5000කට පෙර, කළ එම ආකාරයෙන්ම ඔබ දැන් නැවත වරක්
ඔබගේ රාජධානියේ භාග්‍යය පියාගෙන් හිමි කරගන්නා බව ඔබ දන්නවා. පෙර කල්පයේ රාජධානියේ
භාග්‍යය හිමි කරගත් අය, මෙහි පැමිණෙයි. කවුරු අධිරාජවරයෙක් හෝ අධිරාජිණියක් හෝ
පුරවැසියෙක් වෙයිද කියා, එක් එක් කෙනාගේ උත්සාහය තුළින් දැන ගත හැක. අවසානයේදී ඔබට
සෑම දෙයකම දර්ශන ලැබෙයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ උත්සාහයන් මතයි. ඔබ සෑම
කෙනෙක්ම තමන්ව කැප කළ යුතුයි. පියා පවසන්නේ මම දුප්පතුන්ගේ ස්වාමියාය. ඔය දුප්පත්
අය පමණයි, මා වෙනුවෙන් කැප වන්නේ. දන් දෙනු ලබන්නේ සෑම විටෙකම දුප්පතුන්ටය.
නිදසුනක් ලෙස, කෙනෙක් කොලිජීයක් ගොඩනැගූ විට, එය දුප්පතුන්ට කරන පරිත්‍යාගයක්
නොවෙයි. එය දෙවියන්ගේ නාමයෙන් නොවන නමුත් එයද පරිත්‍යාගයකි. කෙනෙක් කොලිජීයක් විවෘත
කරන විට, ඔහුට එහි ඵලය ලැබෙයි ඔහුගේ මතු භවයේදී ඔහුට හොඳ අධ්‍යාපනයක් ලැබෙයි එය
ඔහුට ලැබෙන ආශිර්වාදයයි. උපරිම පරිත්‍යාග සහ පුණ්‍යකර්ම සිදුවන්නේ භාරතයේය. මෙකල
බොහෝ පරිත්‍යාග සිදු කෙරෙනවා. ඔබ පියාට පරිත්‍යාග කරන අතර පියා ඔබට පරිත්‍යාග කරයි.
ඔහු ඔබගේ වැඩකට නැති දේවල් ගෙන, එයට ප්‍රතිලාභයක් ලෙස ලෝකයේ ආධිපත්‍යය ඔබට ලබා
දෙයි. මෙකල ඔබ ඔබගේ සිරුරු, මනස සහ ධනය පියාට පරිත්‍යාග කරයි. ඒ මිනිසුන් මිය යාමට
පෙර අන්තිම කැමති පත්‍රයක් ලියයි. ඔවුන් පවසන්නේ මෙය අහවල් ආශ්‍රමයට දෙන්න හෝ සෑම
දෙයක්ම ආර්ය සමාජයට ලැබිය යුතුයි. ඇත්ත වශයෙන්ම පරිත්‍යාග කළ යුත්තේ සාගින්නේ පෙලෙන
දුප්පතුන්ටයි. භාරතය දැන් දුප්පත්ය. ස්වර්ණමය යුගයේ භාරතය බොහෝ ධනවත්ව පැවතීය! ඔබ
එහි සිටින විට ඔබට තිබෙන තරම් ආහාර සහ ධාන්‍ය වෙනත් කිසිම කෙනෙකුට තිබිය නොහැකි බව
ඔබ දන්නවා. එහිදී ඒ සඳහා ඔබට කිසිම මුදලක් වැය නොවෙයි. හාල් මිටක් පරිත්‍යාග
කිරීමෙන්, ඔබ ප්‍රතිලාභයක් ලෙස, උපත් 21කට මාලිගාවක් ලබනවා. ඔබට දේපළද ලැබෙයි. දැන්
මහාභූතයන්ද තමෝප්‍රධාන් බැවින්, ඒවා දිගින් දිගටම දුක් ගෙන දෙයි. එහිදී මහාභූතයන්
සතෝප්‍රධාන්ය. ස්වර්ණමය යුගයට යන්නේ කවුරුන්ද, තඹ යුගයේ සිටින්නේ කවුරුන්ද කියා, ඔබ
දන්නවා. කලි යුගයේ අවසානයේදී, කුඩා නිකායන් සහ කල්ලි හෝ අතු රිකිලි අඛණ්ඩව මතු
වෙයි. ඔබට දැන් ඔබගේ බුද්ධිය තුළ වෘක‍්ෂය, නාටකය ආදිය පිළිබඳ ඥානය තිබේ. තවද ඔබ
පියාගේ කොටසද දන්නවා. මහාභාරත යුද්ධයේ පෙන්වා තිබෙන්නේ පාණ්ඩවයන් පස් දෙනෙක් පමණක්
බේරුණු බවයි. හොඳයි, ඉන්පසුව සිදුවූයේ කුමක්ද? රාජයෝගාව ඉගෙනගත් අය නියත වශයෙන්ම
රාජධානිය පාලනය කළා. පෙරකල ඔබද කිසිවක් දැන සිටියේ නැත. බාබාද ගීතාව ආදිය හැදෑරුවා.
ඔහු නාරායනට වන්දනාමාන කළා. ඔහු බොහෝ සෙයින් ගීතාවට ආදරය කළා! දුම්රියේ ගමන් කරන
අතර පවා ඔහු ගීතාව හැදෑරුවා. ඔහුට කිසිවක් නොවැටහුණු බව, ඔහුට දැන් අවබෝධ වනවා ටින්
එකක ඇති ගල් කැට මෙනි. ඔබ භක්ති මාර්ගයේ බොහෝ දේ සිදුකළත්, කිසිම ඉහළ නැග්මක්
නොවීය. ලෝකයේ බොහෝ ගැටුම් තිබේ. මෙහිදීද සෑම කෙනෙකුටම පිවිතුරු විය නොහැක. කලහ ඇති
වන්නේ මේ නිසාය. පියා ඔබට පිහිට වන අතර, රෝගය අනිවාර්යෙන්ම ඉස්මතු වන බව ඔබට කියයි
ඔබට ඔබගේ දරුවන් ආදිය සිහි වෙයි. ඔබ එම බැඳීම් ජයගන්නන් විය යුතුයි. ඔබ මිය ගොස්
ඇති බව සිතන්න. ඔබ පියාට අයත් වන විට, ඉන් කියැවෙන්නේ ඔබ මේ ලෝකයට මිය ගොස් ඇති
බවයි. එවිට සිරුර ගැන කිසිම අවධානයක් නොතිබෙයි. පියා පවසන්නේ ඔබගේ සිරුරු සහ ඔබට
සිටින සියලුම ශාරීරික නෑදෑයින් අමතක කර දමන්න. ඔබ මේ ලෝකයේ දකින කුමක් වුවත්
නොපවතින සේය. මෙම පැරණි සිරුරු හළා දැමිය යුතු වනවා. අපි ආපසු නිවසට යා යුතුයි. ඔබ
නිවසට ආපසු ගොස් ඉන්පසුව ඔබට අලංකාර අලුත් සිරුරු ලැබෙයි. ඒවා දැන් අවලස්සන වන අතර
ඉන්පසුව ඒවා ලස්සන වෙයි. භාරතය දැන් අවලස්සන වන අතර එය ඉන්පසුව ලස්සන වෙයි. භාරතය,
දැන් කටු කැලයකි සෑම කෙනෙක්ම එකිනෙකාට ඇන ගනී. ඔවුන් එක් හෝ තව දෙයක් ගැන සිත්
පීඩාවට පත් වූ විට, එකිනෙකාට අපහාස කරමින් සණ්ඩු කරයි. ඔය දරුවන් නිවසේදී පවා, බොහෝ
මිහිරි විය යුතුයි. එසේ නැත්නම් මිනිසුන් මෙසේ කියයි මේ කෙනා පාපයන් පහ පරිත්‍යාග
කළා, එසේ නම් ඔහුට තරහ යන්නේ ඇයි? සමහරවිට ඔහු කෝපය පරිත්‍යාග නොකළා විය හැක. පියා
පවසන්නේ දරුවනි, පාපයන් පහ මගේ ඒප්‍රනය තුළට පරිත්‍යාග කරන්න, එවිට අපලයන්ගේ
ග්‍රහණය ඉවත් වෙයි. චන්ද්‍රයාද ග්‍රහණයට හසුවෙයි. ඔබ දැන් පිරෙමින් සිටිනවා,
එබැවින් පියා පවසන්නේ එම පාපයන් පරිත්‍යාග කරන්න. ඔබට දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය හිමි
වනවා. ජීවාත්මයට පියාගෙන් උරුමයක් ලැබෙයි. ජීවාත්මය පවසන්නේ පැරණි ලෝකයේ ඉතිරිව
තිබෙන්නේ තව ඉතාමත්ම සුළු කාලයක් පමණයි. ඔබ සෑම දෙයක්ම ඉෂ්ඨ සිද්ධ කළ යුතුයි. ඔබගේ
සියලු කණස්සලු අවසන් කළ යුතුයි. බොහෝ වර්ගවල සිතිවිලි පැමිණෙන බව බාබා දන්නවා. ඔබගේ
ව්‍යාපාරය ගැන සිතිවිලි පැමිණෙයි. භක්ති මාර්ගයේදී, ඔවුන් භක්තිය සිදු කිරීමට අසුන්
ගන්නා විට, ඔවුන්ගේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාර ආදිය සිතට නැඟෙයි, එබැවින් ඔවුන්
තමන්ව කොනිත්තා ගනී. ’මා නාරායනව සිහි කරමින් අසුන්ගෙන සිටිනවා, එබැවින් එම දේවල්
මා සිහි කරන්නේ ඇයි?‘ මෙහිද එම දේම සිදුවෙයි. ඔබ ඉතා හොඳින් මෙම ආධ්‍යාත්මික සේවයේ
නියැලෙන විට, ඔබගේ ව්‍යාපාර ආදිය අත්හැරිය යුතු බව ඔබට කියයි. ඔබ බාබාගේ සේවයේ
පමණක් කාර්ය බහුල වන්න. මෙවැනි කියමනකි ඔබ අත්හරින්නේ නම්, ඔබ නිදහස් වෙයි. දිගටම
ශරීර අවධානය අත්හරින්න. පියාව පමණක් සිහිපත් කරන්න, එවිට වඳුරන් මෙන් සිට, ඔබ
දේවාලයක අසුන් ගැනීමට සුදුසු වෙයි. තවද පියා ගුමු නද දෙන සමනලයා සහ ඉබ්බාගේ නිදසුන්
ලබා දෙයි. ඒ මිනිසුන් එවිට මෙම නිදසුන් භක්ති මාර්ගයට ගෙන ගියා. කෘමින් කවුරුන්ද
කියා ඔබ දැන් දන්නවා. ඔබ, ගුමු නද දෙන සමනලයන් වන අතර, ඔබ මෙම ඥානය ගුමු නද දෙයි.
මෙම නිදසුන් මේ කාලය ගැනයි. ඔවුන්ට මෙම නිදසුන්ම භාවිත කළ නොහැක. උත්සව ආදි සියල්ල,
අයත් වන්නේ මේ කාලයටයි. ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී උත්සව නොමැත. ඒ සියල්ල අයත්
වන්නේ භක්ති මාර්ගයටයි. නොබෝදා, එය ක්‍රිෂ්ණාගේ ජන්ම දිනය වූ විට, ඔවුන්
ක්‍රිෂ්ණාගේ මැටි පිළිරුවක් සාදා, එයට වන්දනා කර, ඉන්පසුව එය විලක ගිල්වා දැමීය.
ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔබට දැන් වැටහෙනවා. එය අන්ධ විශ්වාසයයි. ඔබ කාට හෝ විස්තර
කරන විට, ඔවුන්ට වැටහෙන්නේ නැත. කෙනෙක් රෝගී වූ විට ඔවුන් පවසන්නේ මෙය සිදුවූයේ ඔබ
ක්‍රිෂ්ණාට වන්දනා කිරීම නතර කළ නිසාය. මේ අන්දමින් විශ්මයට පත් වන බොහෝ දෙනෙක්
සිටියි. ඔවුන් ඥානයට සවන් දී, එය අන් අයටද පවසා, ඉන්පසුව පැන යති. බ්‍රහ්මණයන්ගේ
මාලාවක් නිර්මාණය කළ නොහැක්කේ මේ නිසාය. මෙම බ්‍රහ්මණ වංශයේ සැරසිල්ල, වඩාත්ම
උසස්ය, නමුත් ඔවුන්ගේ මාලාවක් නිර්මාණය කළ නොහැක. මෙය ශිව බාබාගේ මාලාව බවත්
ඉන්පසුව ඔබ ස්වර්ණමය යුගයට ගොස්, විෂ්ණුගේ මාලාවේ අංකානුරූප පබුළු වන බවත් ඔබගේ
බුද්ධිය තුළ ඇත. ඔබගේ සෑම වදනක්ම කෙසේද යත්, එය කිසිවෙකුට වැටහෙන්නේ නැත. පියා
අඛණ්ඩව ඔබට උගන්වන අතර වර්ධනය දිගටම සිදුවෙයි. ප්‍රදර්ශන ආදියට බොහෝ දෙනෙක්
පැමිණෙයි. ඔවුන් පවසන්නේ අප ඇවිත්, මෙයින් තව වැඩියෙන් වටහාගන්නම්. කෙසේවෙතත්,
ඔවුන් නිවෙස් වලට ගිය විට සෑම දෙයක්ම අවසන් වෙයි. ඔවුන් එහිදී ඇසූ සෑම දෙයක්ම එහිම
රැඳී තිබෙයි. ඔවුන් පවසන්නේ ’ඔබ දෙවියන් මුණගැසීමට ඉතා හොඳ මාවතක් පෙන්වනවා.‘
කෙසේවෙතත්, එය අනුගමනය කර, තම උරුමය හිමි කරගත යුතු බව, ඔවුන්ගේ බුද්ධියට ඇතුළු
නොවෙයි. බ්‍රහ්මකුමාරීන් ඉතා හොඳින් සේවය කරන බව, ඔවුන් කියයි. එපමණයි! එබැවින්
ඔබත් වටහාගත යුතුයි නේද? ඔබ දිගින් දිගටම භෞතික සේවය සිදුකරයි. දැන් මෙම
ආධ්‍යාත්මික සේවය සිදුකරන්න! සියලුම මනුෂ්‍යයන් දිගටම සමාජයට සේවය කරයි. කිසිකෙනෙක්
නොමිළේ සේවය නොකරයි එවිට ඔවුන් තමන්ව පෝෂණය කරන්නේ කෙසේද? ඔය දරුවන් දැන් ඉතා හොඳ
සේවයක් කරයි. භාරතය වෙනුවෙන් ඔබට බොහෝ අනුකම්පාවක් දැනෙයි. පෙරකල අපගේ භාරතය කුමක්
වීද? දැන් බලන්න, රාවණ එය පත් කර ඇති තත්ත්වය දෙස! අපි දැන් පියාගේ ශ්‍රීමත්
පිළිපැද, නියත වශයෙන්ම අපගේ උරුමය හිමි කරගන්නවා. ඔබ දැන් සංගම යුගයට අයත් බවත් අන්
සියලු දෙනාම කලි යුගයට අයත් බවත්, ඔබ දන්නවා. අප එගොඩට තරණය කරනවා. ඉතා හොඳින්
පියාගේ සිහිපත් කිරීමේ සිටින අය, සිහිපත් කිරීමේ අසුන් ගෙන සිටින අතරම ඔවුන්ගේ
සිරුරු හළා දමයි. එවිට ජීවය නැවත නොපැමිණෙයි. එම ජීවාත්ම, බාබාගේ සිහිකිරීමේ අසුන්
ගෙන සිටියදී පිටව ගියා. මෙහි, හතයෝගා ආදිය ගැන ප්‍රශ්නයක් නැත. ඔවුන් ධ්‍යානගත වන
විට, අතුරුදහන් වන අන්දම ඔබට දැක ගත හැක. ඒ අන්දමින්ම, අසුන් ගෙන සිටියදීම ඔබ ඔබගේ
සිරුරු හළා දමයි. ඔබ සූක‍්ෂම ලෝකයට ගොස් ඉන්පසුව පියා වෙතට යයි. සිහිපත් කිරීමේ
වන්දනාවේ සිටීමට බොහෝ සේ උත්සාහ දරන අය, මේ අන්දමින් ඔවුන්ගේ සිරුරු හළා දමයි.
ඔවුන්ට දර්ශන ඇති වෙයි. ආරම්භයේදී ඔබට බොහෝ දර්ශන ලැබුණා. ඒ ආකාරයෙන්ම අවසානයේදීද
නැවතත් ඔබ බොහෝ දකියි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දේවාලයක
අසුන් ගැනීමට සුදුසු වීම සඳහා, ශරීර අවධානය අත්හරින්න. තමන්ව ආධ්‍යාත්මික සේවයේ
නියලවන්න.
2. එය දැන් ආපසු
නිවසට යාමට කාලයයි. එබැවින් ඔබට ඇති කුමන හෝ කර්මික ගිණුම් සහ ව්‍යාපාර පිළිබඳව ඔබට
ඇති කුමන හෝ සිතිවිලි අවසන් කරන්න. සිහිපත් කිරීමේ වන්දනාවේ සිටීමට උත්සාහ දරන්න.
වරදානය:
නිරන්තරයෙන්
ප්‍රීතිමත්ව සහ ඩබල් ලයිට්ව (ද්විත්ව ආලෝකව) සිට ආධ්‍යාත්මික ඇසුර තුළින්
ආධ්‍යාත්මික වර්ණයෙන් ඔබ වර්ණවත් වේවා.
පරම පියා තම හදවතේ
සැබෑ සහකරු කරගන්නා දරුවන් සැමවිටම ආධ්‍යාත්මික ඇසුරේ වර්ණයෙන් වර්ණවත්ව සිටියි.
සැබෑ පියා, සැබෑ ගුරුවරයා සහ සැබෑ සත්ගුරුගේ ඇසුර බුද්ධිය තුළ රඳවා ගැනීම යනු
'සත්‍යයේ ඇසුර' (සත්සංගය) ලැබීමයි. සත්‍යයේ ඇසුරේ රැඳී සිටින්නන් නිරන්තරයෙන්
ප්‍රීතිමත්ව සහ ද්විත්ව සැහැල්ලු තත්ත්වයේ පසුවෙයි. ඔවුන් කිසිදු ආකාරයක බරක් හෝ
පීඩනයක් අත්විඳින්නේ නැත. තමන් තුළ සතුටේ නිධානයක් ඇති බවත්, පරම පියාට අයත් සියල්ල
තමන්ටත් අයත් බවත් සිතමින් ඔවුහු තමන්ව 'පරිපූර්ණ' අය ලෙස අත්විඳියි.
පාඨය:
ඔබේ මිහිරි
වචන සහ උද්‍යෝගය මගින් අධෛර්යයට පත් වූවන්ව ශක්තිමත් කරන්න.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
අන් අයව නගාසිටුවීමේ
උද්යෝගය වැළඳ ගැනීම සඳහා, සෑම ජීවාත්මයකම ඇති ගුණාංග පමණක් දකින්න. යමෙකුගේ
දුර්වලතා සහ අඩුපාඩු දකින විට, ඔබේ සුබ පැතුම් සහ උපකාර කිරීමේ අභිලාෂය භාවිත
කරමින් එම ජීවාත්මයට ශක්තිය ලබා දී ඔහුව ගුණවන්තයෙකු කරවන්න. ඔබේ කාලය, සතුට,
නම-කීර්තිය සහ යම් යම් දේ ලබා ගැනීමේ ආශාව කැප කරන්න. ගැනීමේ ආශාව අත්හැර දැමූ මහා
දානපතියන් වන්න; මන්ද, එවිට පමණක් ඔබ තුළ අන් අයව නගාසිටුවීමට ඇති අරමුණ පිරී පවතින
බව කිව හැක.