01.11.26    Avyakt Bapdada      Sinhala Murli     05.03.2012    Om Shanti    Madhuban


සෑම තැනකම දැන් දුක සහ අශාන්තිය වැඩි වනවා. එබැවින් ඔබගේ ලොවට සෙත සැළසීමේ ස්වරූපය හෙළිදරව් කරන්න. ඔබගේ මනසින් සේවය කිරීම වැඩි කරන්න.
පියාගේ ඇසුරේ පැහැයෙන් දෙගුණයක් පූජනීය (පිවිතුරු) වන්න.


අද දින, සෑම දරුවෙකුගේම භාග්‍යයේ රේඛා බාප්දාදා දකිනවා. ඔහු නළලේ දිදුලන තාරකාවේ රේඛාව, දෑස් වල සෙනෙහසේ සහ බලයේ රේඛාව, දෙතොළඟ මඳ සිනාවේ රේඛාව සහ දෙපා වල සෑම පියවරකම කෝටි ගුණයක රේඛාව දකිනවා. ඔබ සියලු දෙනාද ඔබගේ භාග්‍යයේ රේඛා දැකීමෙන් සතුටු වනවා නේද? ඔබගේ හදවතේ ඔබ ගයන ගීතය වන්නේ, ‘අපූරුයි මගේ භාග්‍යය!’ සෑම කෙනෙකුගේම නළලේ දිව්‍යමය තාරකාවේ දීප්තිය දැක, බාප්දාදා සතුටු වන අතර මෙම ගීතය ඔහුගේ හදවතින් ගායනා කරයි: අපූරුයි දරුවනේ! අපූරුයි! දරුවන්ගේ හදවත් වලින් ඔහුට ඇසෙන ගීතය කුමක්ද? ‘අපූරුයි බාබා! අපූරුයි!’ එබැවින්, දරුවන් අපූරුයි එමෙන්ම පියාද අපූරුයි! එසේ නම් එය මෙම මුළු සමූහයම කුමක් බවටද පත් කරවන්නේ? අපූරුයි! අපූරුයි! අපූරුයි! ඉතිං, ඔබගේ වාසනාව දැක, ඔබ දැන් සතුටින් සිටින අන්දමින්ම නිරන්තරයෙන් සතුටින් රැඳී සිටින්න. ඔබට මෙම වාසනාව ලැබෙන්නේ, දැන් සංගම යුගයෙදි පමණයි. සංගම යුගයේ සෑම මොහොතකටම විශාල වටිනාකමක් තිබේ. සංගම යුගයේ සෑම මොහොතක්ම අවිනාශී වෙයි, මන්ද, සෑම මොහොතක්ම උපත් 21ක් සමග සම්බන්ධයි. වත්මන් කාලයේ එක මොහොතක් උපත් 21ක් සමග සම්බන්ධයි. එබැවින් පරීක්ෂා කරන්න: එක මොහොතක් අපතේ හරින්නේ නම්, එය එක උපතක් පමණක් පිළිබඳ කාරණාවක් නොවෙයි, නමුත් එය උපත් 21ක කාරණාවකි, මේ නිසයි විටින් විට බාප්දාදා ඔබගේ අවධානය මෙයට යොමු කරන්නේ: සංගම යුගයේ එක මොහොතක් හෝ එක සිතිවිල්ලක් වත් අපතේ නොහරින්න, මන්ද ඔබ අපතේ හරින්නේ එක උපතක් පමණක් නොවෙයි, නමුත් ඔබ උපත් 21ක් අපතේ හැර තිබේ. සෑම මොහොතකදීම සංගම යුගයේ වැදගත්කම මතකයේ තබා ගන්න.

කාලය හෝ සිතිවිලි අපතේ නොහැරීමේ ගෙදර වැඩය බාප්දාදා සියලු දෙනාටම ලබා දුන්නා. එබැවින් ඔබ සියලු දෙනාම ඔබගේ ගෙදර වැඩ කළාද? ඔබ බොහෝ අවධානය යොමු කළ අතර තවද විශාල සාර්ථකත්වයක් ලබා ගත් බව සිතන අය, එමෙන්ම ඔබගේ අරමුණට අවශ්‍ය සුදුසුකම් ඔබ ලබා ගත් බව සිතන අය, අත් ඔසවන්න! අච්චා. පාණ්ඩවයන් ඔවුන්ගේ අත් ඔසවනවාද? ඔබගේ අත් ඉහළට ඔසවන්න! දැන්, සෑම කෙනෙක්ම මෙම කාර්යය කර නොමැත. ඔබ සංගම යුගයේ වැදගත්කම ඔබගේ බුද්ධියේ නිරන්තරයෙන් තබා ගන්නේ නම්, ඔබට මෙම කාර්යය ලැබී තිබෙන්නේ අවිනාශී පරම පියාගෙන් බව සහ සෑම මොහොතක්ම අවිනාශී වීමට යන බව ඔබගේ බුද්ධියේ නිරතුරුව තබා ගන්නේ නම්, එය පහසුවෙන් සිදුවෙයි, මන්ද ඔබට මෙම ආශිර්වාදය ලබා දී තිබෙන්නේ අවිනාශී පියා නිසා.

සෑම බ්‍රහ්මින් කෙනෙකුටම සෑම පියවරකදීම කෝටි ගුණයක් තිබෙන බව, පරම පියා ඔබට පවසා තිබේ. ටිකක් සිතන්න: ඔබට සෑම පියවරකදී කෝටි ගුණයක රේඛාවක් තිබෙන්නේ නම්, එසේ නම් සංගම යුගයෙදි ඔබට කෝටි කීයක ස්වර්ණමය අවස්ථාවක් තිබෙනවාද? ඔය සෑම කෙනෙක්ම ඔබගේ මෙම භාග්‍යය ඔබගේ අවධානයේ තබා ගත යුතුයි. බාප්දාදාට අවශ්‍ය වන්නේ කුමක්ද කියා, සමහර දරුවන් සිතයි. බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම ද්විත්ව රජෙක් කරවීමටයි: වත්මන් කාලයේ තමන්ගේ පාලකයෙක් සහ අනාගතයේ ලෝක පාලකයෙක්. ද්විත්ව රජෙක් වීමේදී එකම දරුවෙක්වත් ඊට අඩු නොවිය යුතුයි. ඔය සෑම දරුවෙකුටම ද්විත්ව ආධිපත්‍යයකට අයිතියක් තිබේ, එහෙම නේද? ඔබගේ හිස වනන්න! සෑම දරුවෙකුටම ද්විත්ව ආධිපත්‍යයකට අයිතියක් තිබෙනවාද? එවිට පියා බොහෝ සතුටු වනවා.

බාප්දාදා දිනපතාම සෑම දරුවෙකුගේම වාර්ථාව දෙස බලයි. ඔහු දකින්නේ කුමක්ද? ඔය සෑම කෙනෙක්ම ඔබගේ හදවතින් මෙය දන්නවා ඇති. ඔබ රාජධානියේ පාලකයන් වී ඇත, නමුත්, වර්ථමානයේ, ඔබට තිබෙන්නේ ස්ව-ආධිපත්‍යය පමණයි. ස්ව-ආධිපත්‍යය යනු ඔබට ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර ඔබගේ පාලනය යටතේ තබා ගැනීමට හැකි වීමයි. ඒවා ඔබට අවශ්‍ය ආකාරයට සහ අවශ්‍ය වෙලාවක් ඔබගේ පාලනය යටතේ තිබිය යුතුයි. ඒ ආකාරයටම, ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර මත පාලන බලය සහ හැසිරවීමේ බලය තිබිය යුතුයි. වර්ථමානයේ බොහෝ දෙනෙක් මෙයින් අංකානුරූපී බව පෙනෙයි. මේවාද ‘මගේය’. මම මනස නොවෙයි, එය “මගෙයි”; සංස්කාර “මගේය”; බුද්ධිය “මගේය”. එබැවින් පාලන බලය සහ හැසිරවීමේ බලය අංක පිළිවෙලයි. විටින් විට බාප්දාදා ඔබට නොකඩවා කාලය පිළිබඳව අනතුරු අඟවයි. මෙම කාලයට අනුව, ඔය සෑම කෙනෙකුගේම ස්ව-අභිමානය වන්නේ, ලෝක සෙත සළසන්නෙක් වීමය. දැන් කාලයට අනුව, ඔය සෑම දරුවෙකුටම ඔබගේ ලෝක සෙත සැළසීමේ ස්වරූපය හෙළිදරව් කිරීමට කාලයයි. සෑම තැනකම දුක සහ අශාන්තිය වැඩි වනවා. ඔබගේ සහෝදර සහෝදරියන්, ඔබගේ පවුලේ අය, යන සියලු දෙනාම දුක් අත්විඳිනවා, ඉතිං ඔබගේ පවුලේ අය පිළිබඳව ඔබට අනුකම්පාවක් නොදැනෙන්නේද?

බාප්දාදා දැන් මෙම සංඥාව ලබා දෙනවා: ස්ව-සේවයත් සමගම ඔබ වර්ථමානයේ වදන් වලින් ඉතා හොඳින් බොහෝ ශෝභාවකින් සේවය කරන අන්දමින්ම ලෝක සේවයත් සිදු කරන්න. බාප්දාදාට සතුටුයි. 75 වන ප්ලැටිනම් ජුබිලිය, ඔබගෙන් බහුතරයකගේ සිත්වල සේවය කිරීමට බොහෝ උනන්දුවක් ඇති කර තිබේ. මෙය දැක බාප්දාදා සතුටු වන නමුත්, දැන් ඔබගේ මනසින් කරන සේවයත් අවශ්‍යයි, මන්ද, ඔබ සෑම අන්දමකින්ම ලොවට සෙත සළසන්නන් විය යුතු නිසා. සිතිවිලි, වචන සහ ක්‍රියාවෙන් සේවය කිරීම, එනම්, ඔබගේ මුහුණින් සහ ක්‍රියාකාරකම් තුළින්, දැන් තුන් ආකාරයේම සේවය අවශ්‍යයි. දිනපතා පරීක්ෂා කර බලන්න: තුන් ආකාරයේම සේවයෙන්, ඔබ කුමන ප්‍රතිශතයක සේවයක් සිදු කළාද? වචන වලින් සේවය කිරීමට බාප්දාදා ඔබට දැනටමත් සහතිකයක් ලබා දී තිබෙනවා, නමුත් දැන්, ඔබගේ මනසේ සූක්ෂම චිත්ත තරංග වලින් ඔවුන්ගේ දුකේදී සහ අශාන්තියේදී ඔබ ජීවාත්මයන්ට ආධාරකයක් විය යුතුයි. ඔබට අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? බාප්දාදාට දරුවන් කෙරෙහි අනුකම්පාවක් දැනෙයි, මන්ද, ඔවුන් කෙබදු අන්දමේ අය වුනත් ඔවුන් කොහොමත් දරුවන්ය. එබැවින් දැන් සෑම දරුවෙක්ම මධ්‍යස්ථානයට පමණක් හෝ කලාපයට පමණක් යහපතක් සළසන්නෙක් නොව, නමුත් ලොවට යහපත සළසන්නෙක් විය යුතුයි. බාප්දාදා ඔබගේ අවධානය දැන් යොමු කරවනවා: ඔබගේ බැතිමතුන්ට යහපත සළසන්නෙක් වන්න, මන්ද, මෙම සංගම යුගය ඉතා වැදගත්ය. දැන්, සංගම යුගයෙදි, ඔබට පරම පියාගෙන් අවශ්‍ය තරම් සහයෝගය ලබා ගත හැක. ඉතිං, ඔබ දැන් කළ යුත්තේ කුමක්ද කියා ඔබට ඇසුණාද? ඔබගේ මනසින් සිදු කරන සේවය වැඩි කරන්න. ඔබගේ වගකීම් වලට අනුව, ඔබ ට්‍රැ‌ෆික් කන්ට්‍රෝල් වෙනුවෙන් කාලය වෙන් කරගෙන ඇති සේම, ඔය සෑම කෙනෙක්ම ඔබගේ මනසින් සේවය කිරීමටත් වේලාවක් වෙන් කරගත යුතුයි. දුක වැඩි වන විට, සියලු දෙනාගේ අවධානය ඒ වෙලාවේ එම කැලඹීලි මත තිබෙයි, නමුත් දැන් ඔබගේ මනසින් සේවය කිරීමේ කාලයයි, මේ නිසයි ඔය සියලුම දරුවන්, ඔබගේ ලොවට සෙත සැළසීමේ ස්වරූපය ඉස්මතු කරගත යුත්තේ. ලෝකයට සේවය කිරීම තුළ තමන්ට යහපතක් ඉබේටම සහ පහසුවෙන් ඇතුලත්ය, මන්ද, ඔබගේ මනස නිදහස් නම්, නිෂ්ඵලත්වය පැමිණෙයි. කෙසේවෙතත්, ඔබගේ මනස කාර්යබහුල නම්, එවිට නිෂ්ඵලත්වය පහසුවෙන් අවසන් වෙයි. එබැවින් බාප්දාදා මේ දේශයේ සහ විදෙස් රටවල සෑම තැනකම සංචාරය කර, මෙම දැනුම නොමැති දරුවන්ව දකින විට, ඔහුට අනුකම්පාවක් දැනෙයි, මේ නිසයි ඔබ සියලු දෙනාම දැන් දුක ඉවත් කර සතුට පිරිනමන්නන් විය යුත්තේ.

බලන්න, ඔබගේ හෝලිය, ලෝකයේ මිනිසුන්ගේ හෝලියට වඩා බොහෝ වෙනස්ය. කෙසේවෙතත්, ඔබ සිදු කර ඇති සෑම දෙයක්ම අනුකරණය කිරීමේදී ඔබගේ බැතිමතුන් දක්ෂ බව, බාප්දාදා ඔබට මින් පෙරද පවසා තිබේ, මන්ද මේ සියලුම ඇදහිලි නිර්මාණය කර තිබෙන්නේ තඹ යුගයේ සිට පැමිණි ජීවාත්ම විසින්ය. එය ඔවුන්ගේ ප්‍රථම උපත විය, ඒ නිසයි ඔවුන්ගේ බුද්ධියද සතෝප්‍රධාන්ව තිබුණේ. සෑම දෙයක්ම ප්‍රථමයෙන් සතෝප්‍රධාන්ව තිබී, පසුව රජෝ සහ තමෝ තත්ත්ව හරහා යාම නීතියයි. එබැවින් ඒ කාලයේ, ඔවුන්ගේ බුද්ධිය සතෝව තිබුණා, ඒ නිසයි ඔවුන් ඔබගේ සෑම විශේෂත්වයක්ම අනුකරණය කළේ. ඔබ නිරන්තරයෙන් සතුටින් සහ උද්යෝගයෙන් සිටියි, එබැවින් ඔවුන් එය උත්සවයක් ලෙස සැමරීම ආරම්භ කළා. ඔවුන් අනුකරණය කිරීමට බොහෝ දක්ෂ වන්නේ කෙසේද කියා, ඔබට ශිව රාත්‍රියේදි පවසන ලදි. ඒ අන්දමින්ම දැන් සංගම යුගයෙදි, ඔබට නිරන්තර උද්යෝගය තිබේ, එබැවින්, ඔවුන් ඔබගේ උද්යෝගයේ සිහිවටනය, උද්යෝගයේ උත්සවයක ස්වරූපයෙන් නිර්මාණය කර ඇත. ඉතිං, ඔවුන් හෝලියේදි කරන්නේ කුමක්ද? ඔබත් ඔබගේ ජීවිත වර්ණවත් කර ඇත, නමුත් ඔබගේ වර්ණය කුමක්ද? ඔබ සියලු දෙනාට තිබෙන වර්ණය වන්නේ, පරම පියාගේ ඇසුරයි. ඔබ සෑම විටම පරම පියාගේ ඇසුරේ වර්ණය තුළ සිටිනවා නේද? එබැවින්, ඔවුන්ද වර්ණ නිර්මාණය කර තිබේ, නමුත් ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙන් නිසා, ඔවුන් මෙම වර්ණය, භෞතික ලෙස ගෙන තිබේ. කෙසේවෙතත්, ඔබ සියලු දෙනා මෙම හිතකාමී සංගම යුගයේදී, නිරන්තරයෙන් මෙම වර්ණය තුළ සිටියි. ඔබ ඇසුරින් වර්ණවත් වී රැඳී සිටිනවා නේද? ඔබ තමන්ව වර්ණවත් කරගෙන තිබෙනවා නේද? ඔබ ඇසුරේ වර්ණයෙන් වර්ණවත් වී ඇත; ඉංග්‍රීසි භාෂාවෙන් ‘හෝලි’ යනු පිවිතුරු බවය. එබැවින් ඔබ හෝලි වෙයි, එනම් ඇසුරේ වර්ණයෙන් පිවිතුරු වෙයි. ඔබ පිවිතුරු වෙලා නේද? ඔබ සියලු දෙනාම පාරිශුද්ධත්වයේ භාරය රකිනවා නේද? මෙය ස්ථිරයිද? ඔබ අංකානුරූප විය හැක, නමුත් බ්‍රහ්මින් කෙනෙක් වනවා යනු පාරිශුද්ධත්වය වෙනුවෙන් භාරයක් වීමයි, මන්ද පරම පියා සදා පිවිතුරු නිසා, ඔහු පාරිශුද්ධත්වයේ ස්වරූපයයි. ඔහුට එය බවට පත් වීමට අවශ්‍ය නැහැ. ඔහුගේ ස්වරූපය, පාරිශුද්ධත්වයයි. ඉතිං, හෝලියේ විශේෂත්වය කුමක්ද කියා ඔබ දන්නවාද? ඔබ පිවිතුරු වෙයි, නමුත් ඇසුරේ වර්ණයෙන්, ඔබ දෙගුණයක් පිවිතුරු වෙයි.

ආගම් නිර්මාතෘවරු සහ ධර්මිෂ්ඨ ජීවාත්ම පිවිතුරු වන නමුත්, ඔවුන්ගේ ජීවාත්මය පමණයි ඔවුන් පිවිතුරු කරගන්නේ. අනාගතයේදි ඔබගේ ජීවාත්මයෙන් සහ සිරුරෙන් ඔබ පිවිතුරු වෙයි. ආරම්භයේ සිට, තඹ යුගයේ සිට පැමිණ ඇති සියලු දෙනාට, පිවිතුරු වීමට උත්සාහ දැරිය හැක, නමුත් කිසි කෙනෙක් දෙගුණයක් පිවිතුරු වී නැහැ: පිවිතුරු සිරුරක් සහ පිවිතුරු ජීවාත්මයක්. අනාගතයෙදි රාජධානියට ඔබට අයිතියක් තිබෙන විට, එවිට ඔබගේ ජීවාත්මය සහ සිරුර යන දෙකම පිවිතුරු වෙයි. මුළු චක්‍රය වටා යන්න. තඹ යුගයේ සිට පැමිණ ඇති අය, තඹ යුගයේ සිට මේ වන තුරු, කිසිවෙක් දෙගුණයක් පිවිතුරු වී තිබේද? එසේ නම් ඔබ දෙගුණයක් පිවිතුරු සහ මෙතරම් ශ්‍රේෂ්ඨ වුනේ කෙසේද? ඔබ වර්ණවත් වී ඇත්තේ කුමන පැහැයෙන්ද? ඔබ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් පැහැ ගැන්වී ඇත. එබැවින් පරමාත්ම ජීවය පිවිතුරු වන සේම, ඔබත් උපත් 21ක් ද්විත්ව පිවිතුරු ලෙස රැඳී සිටියි. පැමිණුනු ආගම් නිර්මාතෘවරු පවා දෙගුණයක් පිවිතුරු නැත. මෙය ඔබගේ භාග්‍යයි, මන්ද ඔබ හිඳින්නේ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේය. ඔබ කෙතරම් ශක්තිමත්ව ඇසුරේ වර්ණය තුළ සිටියිද යත්, ඔබ දෙගුණයක් පිවිතුරු වෙයි. හෝලියේ තව අරුතක් වන්නේ, ‘හෝ ලී’ (එය සිදුවී අවසන්). එය සිදුවී අවසන්, අතීතය, අතීතයයි; එය අතීතයට ගොසින්. අතීතය, අතීතයේම තැබීමට ඔබ දන්නවාද? කුමක් සිදු වුනත්, එය සිදු වී අවසන්ය. ‘හෝ ලී’ යන වචනයේ අරුත කුමක්ද? අතීතය, අතීතයයි. එය මගින් ඔබ එක් උපතකට පමණක් නොවයි, ඔබ උපත් 21ක් දෙගුණයක් හෝලීව රැඳී සිටියි, මන්ද, සංගම යුගයේ සෑම තත්පරයකටම උපත් 21ක් සමග සම්බන්ධතාවයක් තිබේ. ඔබ මෙහිදි එක තත්පරයක් හෝ එක විනාඩියක් වටිනා ලෙස භාවිතා කරන්නේ නම්, එවිට ඔබගේ උපත් 21 වටිනා වෙයි. එය සහතිකයක්. ඉතිං ඔබ එවන් හෝලියක් සැමරුවාද? අතීතය, අතීතයේම තැබීමට ඔබ දන්නවාද? අතීතයේ කුමක් සිදු වුනත් එය සිදුවී අවසන්. ඉතිං ඔවුන් සිදු කරන තුන්වන දේ කුමක්ද? ප්‍රථමයෙන්, ඔවුන් යමක් පුළුස්සන අතර ඉන්පසුව ඔවුන් සමරයි. ඉතිං ඔබ කුමක්ද කළේ? බොහෝ උපත් ගණනාවක් වැරදි සංස්කාර ලෙස තිබුණු, ඔබගේ දුර්වලතා සහ සංස්කාර ඔබ යෝගා ගින්නේ පුළුස්සා දැමුවා නේද? ඔබ දැනටමත් ඒවා පුළුස්සා අවසන්ද, නැත්නම් ඔබ තවමත් ඒවා පුළුස්සනවාද? ඔබ ඒවා පුළුස්සා දැමුවාද? යෝගා ගින්නේ ඔබගේ සංස්කාර පුළුස්සා දැමු බවත් ඒවා දැන් පිළිස්සී ඇති බවත් සිතන අය, අත් ඔසවන්න! ඒවා පුළුස්සා අවසන්ද, නැත්නම් ඒවා තවමත් නැවත පැමිණෙනවාද? ඒවා සුළුවෙන් පැමිණෙනවාද? ඔබගේ වාර්ථාව ඔබ බාප්දාදා වෙතට එවන විට, ඒවාගෙන් බහුතරයක් නිකම් ගොස් ඇති බව ඔබ කියයි. මෙසේ පැවසීම අතින් ඔබ දක්ෂයි. බහුතරය අවසන් වී ඇති නමුත් ඒවා ඇතැම් විට සුළුවෙන් මතුවන බව ඔබ කියයි. කෙසේවෙතත්, පුළුස්සා දැමීම යනු පිළිස්සීමයි, මන්ද යමක් පිළිස්සීමෙන් පසුව, එහි නමක් හෝ සලකුණක්වත් ඉතිරි වන්නේ නැත. යමක් මරා දැමූ පසුව, දිස්වන සිරුර ලෙස සිහිවටනය තවම ඉතිරිව තිබෙයි, නමුත් එය පුළුස්සා දැමීමෙන් පසුව එය සම්පූර්ණයෙන් අවසන් වෙයි. නිදසුනක් ලෙස, රාවන දෙස බලන්න, ඔහුව මරා දැමුවා පමණක් නොව, නමුත් මුළු නම සහ සලකුණම මුළුමනින්ම අවසන් වන පරිදි, තවද ඔහුව පුළුස්සා දමන ලදී. එබැවින් ඔබ සියලු දෙනාද සටහන් කරගත යුත්තේ, ඔබගේ සංස්කාර ඔබ මරා දැමුවා පමණයිද, නැත්නම් තවද ඔබ ඒවා පුළුස්සා දැමුවාද කියා. ඔබ ඒවා පුළුස්සා දැමුවාද? ඔබගේ පැරණි සංස්කාර ඔබ පුළුස්සා දමා නොමැති නම්, ඒවා විටින් විට ඉස්මතු වෙයි. කෙසේවෙතත්, බැතිමතුන් සෑම දෙයක්ම අනුකරණය කර ඇත. ඔබ ඒවා පුළුස්සා දැමූ නිසා, ඔවුන්ද සෑම දෙයක්ම පුළුස්සා දමා ඉන්පසුව සමරයි. එය ප්‍රථමයෙන් පුළුස්සා දමන්නේ නැතිව, ඔවුන් කිසි දෙයක් සමරන්නේ නැත. ඔබගේ සංස්කාර පුළුස්සා දැමීමෙන් ඔබ පූජනීය වී ඇත. සමහරු එය බවට පත් වෙමින් සිටින අතර සමහරු දැනටමත් එය වී තිබේ. ඉතිං, ඔබ හෝලි සැමරුවාද? පරම පියාගේ ඇසුරේ වර්ණයේ හෝලිය? ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ ඔහුගේ ඇසුරේය, එබැවින් ඔබ ඔහුගේ ඇසුරේ වර්ණයේ හෝලිය සැමරුවා නේද? ඔබ එය සැමරුවාද? අත් ඔසවන්න! ඔබ එය සැමරුවා. හෝලි සැමරීම යනු පූජනීය වීමයි, පිවිතුරු වීමය. පරම පියා කෙබඳුද, දරුවන්ද එවැනිය. නිදසුනක් ලෙස නොපිළිස්සුණු සංස්කාරයක් නැවත මතු වන්නේ නම්, ඔබ එයට ප්‍රිය කරයිද? තීව්‍ර උත්සාහ දරා, එය අනිවාර්යෙන් පුළුස්සා දැමිය යුතු බවට සිතිවිල්ල ඔබට ඇති වෙයි. ඔබ කළ යුත්තේ එය මරා දැමීම පමණක් නොවෙයි. ඇතැම් අවස්ථාවන්හි, ඔබ එම සංස්කාරය මරා දමා පමණක් තිබේ, එමෙන්ම මරා දැමූ දෙයක් විටෙක අළුත් ජීවිතයක් ගනී. කෙසේවෙතත්, ඔබ එය පුළුස්සා දමන්නේ නම්, එය නැවත කිසි විටෙක නොපැමිණෙයි.

ඉතිං, අද දින ඔබ ඒවා පුළුස්සා දමනවාද, නැත්නම් ඒවා මරා දැමීම පමණක් සෑහෙයිද? ඒවා පුළුස්සා දැමීමට ඔබට බලය තිබෙනවාද? ඔබට මෙම බලය තිබෙනවද? ඔබට මෙම සිතිවිල්ල ඇති කර ගත හැකිද? සමහරු පවසන්නේ ඔවුන් බාප්දාදා සමග හදවතට සමීප කතාබහක යෙදෙන බවයි. ඔවුන් බොහෝ මිහිරි ලෙස හදවතින්-හදවතට කතාබස් වල යෙදෙයි. ඔවුන් පවසන්නේ: බාබා, මා බොහෝ උත්සාහ කළා, නමුත් ඒවා නැවත මතු වනවා. ඒවාගේ පැමිණිම මට අනවශ්‍යයි, නමුත් ඒවා නැවත මතුවෙනවා. මෙයට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද? ඔබ ඒවා පුළුස්සා දමයි, එමෙන්ම බාප්දාදා මෙය දකිනවා. ඔබ බොහෝ උත්සාහ දරයි, නමුත් එම උත්සාහය සමගම, ඔබට අධිෂ්ඨානගත සිතිවිලි තිබීමත් අවශ්‍යයි. සාර්ථකත්වයට යතුර, අධිෂ්ඨානයයි. ඔබට කුමන අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබුණත්, “අධිෂ්ඨානය” යනු, එය නැවත නොපැමිණීමයි. ඉන්පසුව, ඔබ බොහෝ මිහිරි දේවල් කියන බව ඔබ දන්නවා. ඒවා නැවත පැමිණෙන විට, ඔබ කියන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද? ඔබ සියලු දෙනාම මෙම හදවතින්-හදවතට සිදු කරන කතා බහේ යෙදෙනවා නේද? ඔබ බොහෝ මිහිරි හදවතින්-හදවතට කතාබහක යෙදෙයි. ඔබ පවසන්නේ: “එය පැමිණෙනවාට මා අකමැති, නමුත් එය පැමිණෙනවා.” ඉතිං මින් අදහස් වන්නේ ඔබට එතරම් බලය හෝ අධිෂ්ඨානයක් නොමැති බවයි. අධිෂ්ඨානගත සිතිවිලි ඇති අයෙක් වන්න: “මා මෙය කළ යුතුමයි.” ඉන්පසුව දිනපතාම එම අධිෂ්ඨනගත සිතිවිල්ල පරීක්ෂා කර බලා, එම අධිෂ්ඨානයේ ඇති ඔබගේ දුර්වලතාවයට හේතුව කුමක්ද කියා බලා, එය නැවත මතු නොවන සේ, එම අවස්ථාවට විශේෂ අවධානය නොකඩවා යොමු කරන්න. මාස්ටර් සර්ව බලධාරියෙකුගේ ආසනයේ අසුන්ගෙන, එම සංස්කාරය අවසන් කිරීමේ සිතිවිල්ල ඇති කරගෙන එය අවසන් කරන්න! සමහර දරුවන් පවසන්නේ, ඔවුන්ට අවශ්‍ය වෙලාවට යම් විශේෂිත වූ බලයක් විටෙක නොපැමිණීම ඔවුන් අත්දකින බව. ඔවුන්ට බල තිබෙන නමුත්, විටෙක, යම් විශේෂිත වෙලාවකදි, ඔවුන්ට යම් විශේෂ බලයක් මතු කර ගැනීමට අවශ්‍ය වූ විට, එය නොපැමිණෙයි. ඔබලා මාස්ටර් සර්ව බලධාරීන්. ඔබගේ නම්බු නාමය කුමක්ද? මාස්ටර් සර්ව බලධාරීන්. කෙසේනමුත්, ඔබ පවසන්නේ කුමක්ද? ඒ වෙලාවට එම බලය නොපැමිණෙන බව. එයට හේතුව කුමක්ද? ඔබ සියලු බල ඇති, මාස්ටර් සර්ව බලධාරියෙකුගේ ආසනයේ අසුන්ගෙන නොසිටීමයි. දැන් වුවද, ඔබගේ කාර්යාලයට ඔබ ගිය විට, එම අධිකාරිත්වයෙන් අණ නිකුත් කරන අයගේ නියෝග වලට ඔබ කීකරු විය යුතුයි නේද? ඔබට එම නියෝග ලබා දෙන වෙනත් කෙනෙකුට ඔබ කීකරු වෙයිද? ඔබගේ ආසනය වන්නේ “මාස්ටර් සර්ව බලධාරියෙකු”ගේ අසුනයි. ඔබ ආසනයේ අසුන්ගෙන නොමැති විට, එවිට ඔබ බලයක් කැඳවුවත්, එය ඒ වෙලාවේ නොපැමිණෙයි. මේ සඳහා බාප්දාදා නැවත නැවතත්, ඔබට පවසා තිබෙන්නේ ඔබගේ මනස කාර්යබහුලව තබා ගන්නා ලෙසයි. දවස පුරාම, එක බලයක් මතුකර ගන්න, පසුව වෙනත් බලයක් මතු කරගෙන එහි ශක්තිය කුමක්ද කියා බලන්න. ඔබ නොකඩවා මෙය අත්විඳ, ඔබගේ ආසනයේ තැන්පත්ව අසුන්ගෙන සිටින්නේ නම්, එවිට බලයන් නිරන්තරයෙන් ඔබ ඉදිරියේ පෙනී සිටියි. ඒවා ඔබගේ බල නොවේද? ඉතිං ඔබ හෝලි සැමරුවාද? ඔබ සෑම විටම නොකඩවා හෝලි සමරයි. ඔබ සෑම විටම පරම පියාගේ ඇසුරේ පැහැයෙන් තමන්ව වර්ණවත් කරගනී. ඔබ එම වර්ණයෙන් වර්ණවත් වෙලා නේද? අච්චා.

අද, බාප්දාදා ඔය සෑම දරුවෙකුටම මෙම ආත්ම-අභිමානය ලබා දෙනවා: සෑම දරුවෙක්ම මෙම අධිෂ්ඨානගත සිතීවිල්ලෙන් විශේෂ ජීවාත්මයක් විය යුතුයි. ඔබට සිතිවිල්ලක් ඇති වන අතර එය සිදුවනවා: මෙය හැඳින්වෙන්නේ අධිෂ්ඨානගත සිතිවිල්ලක් ලෙසයි. ඔබගෙන් සමහරු පවසන්නේ ඔබ අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරන බවයි. කෙසේවෙතත්, අධිෂ්ඨානය යනු සාර්ථකත්වයයි. ඔබට සාර්ථකත්වය නොමැති නම්, එය අධිෂ්ඨානය ලෙස හඳුන්වන්නට නොහැක. ඉතිං දැන් ඔබට අධිෂ්ඨානය තිබේවා! දිනපතා අම්රිත් වේලාවේ, මෙම විශේෂ ස්ව-අභිමානය ඔබගේ අවධානය තුළට ගෙන, මේ අන්දමට නොකඩවා ඉදිරියට ගමන් කරන්න. සංගම යුග කාලය ඉතාම සුන්දරයි. තත්පරයක්, තත්පරයක් පමණක් නොවයි, නමුත් එක තත්පරයකට වසරක ලැබීම් තිබේ. මේ නිසයි එකදු තත්පරයක් වත් අපතේ නොයැවිය යුතු බව, බාප්දාදා නොකඩවා පවසන්නේ. එකදු සිතිවිල්ලක් වත් අපතේ නොයා යුතුයි. බලවත් වී, අන් අයව බලවත් කරන්න. මෙය හොඳද?

සෑම පියවරකදීම ‘මගේ බාබා, මගේ බාබා’ කියා පවසමින් පියාසර කරන, සෑම තැනකම සිටින ඔය පූජනීයතම දරුවන්ට, ඔවුන්ගේ තීව්‍ර උත්සාහයෙන් ඉදිරියට ගමන් කරන සහ නොකඩවා අන් අයව ඉදිරියට ගමන් කරවන අයට, බාප්දාදාගේ හදවත තුල මුසුවූ ආලෝකයේ මැණික් වලට, බාප්දාදා ඔහුගේ හදවතින් බොහෝ, බොහෝ, බොහෝ සෙනෙහස ලබා දෙනවා. මෙය සමගම, හෝලි වෙනුවෙන්ද බාබා සුබ පැතුම් ලබා දෙනවා, මන්ද, පූජනීය අය ඔබලාය, ඇත්ත වශයෙන් වෙනත් කිසිවෙක් දෙගුණයක් පූජනීය වන්නේ නැත. දෙගුණයක් පූජනීය වන්නේ ඔබ පමණයි; එබැවින් කෝටි ගුණයක සුබ පැතුම්, සුබ පැතුම්.

වරදානය:
ඔබ බුද්ධියේ විශ්වාසය ඇති, අතහැරීමේ ප්‍රතිමූර්තියක් වී, බාප්දාදාව ඔබ වෙනුවෙන් කැප කිරීමට සලසත්වා.

“පියාව හමු වීමෙන් මට සෑම දෙයක්ම හමුවිය.’ මෙම කුල්මත් බව තිබෙන අය, සෑම දෙයක්ම අත්හල විට, බුද්ධියේ විශ්වාසය ඇති එවන් දරුවන්, පියාගෙන් සතුට, සාමය, බලය සහ ප්‍රීතිය අත්විඳින විට, ඔවුන් මිනිසුන්ගේ අදහස් ගැන කණස්සළු නොවන අතර, නිරන්තරයෙන් සෑම පියවරකදීම ඉදිරියට ගමන් කරයි. ලෝකයේ සෑම දෙයක්ම නීරස මෙන්ම කිසිම සාරයක් (ශක්තියක්) නොමැති බව ඔවුන් අත්දකියි. අත්හැරීමේ ප්‍රතිමූර්ති සහ බුද්ධියේ විශ්වාසය ඇති එවන් දරුවන් වෙනුවෙන් බාප්දාදා ඔහුගේ සියලු ධනය සමගම කැප වෙයි. ‘බාබා, මා ඔබගේය’, යන සිතිවිල්ල ඔය දරුවන්ට තිබෙන සේම, බාබා ද පවසන්නේ, ‘පියාට අයිති සෑම දෙයක්ම, ඔබගේය.’

පාඨය:
පහසු යෝගීවරයෙක් යනු, ඔහුගේ සෑම සිතිවිල්ලකින් සහ ක්‍රියාවකින්ම, පරම පියාගේ සෙනෙහසේ චිත්ත තරංග බෙදා හරින කෙනෙකි.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

ඔය සියලුම බ්‍රහ්මින් ජීවාත්ම, උපත ලද මොහොතේ, බ්‍රහ්ම පියා හා සමානව පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීමට ප්‍රතිඥාවක් විය. ඔබ ‘නිති-සූදානම්’ යන වචනය භාවිතා කරන සේම, දැන් පරිසමාප්ත සහ අංග-සම්පූර්ණ වීමටත් නිති-සූදානමින් සිටින්න. මෙහිදි කිසිදු නොසැලකිල්ලක් නොතිබිය යුතුයි.