02.04.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය පරමාත්ම පියාගේ නා නා ප්‍රකාර දේ ඔබට සොයා ගත හැකි අපූරු වෙළෙඳ පොළයි. මෙම වෙළෙඳසැලෙහි හිමිකරු ඔබයි.

ප්‍රශ්නය:
මේ අපුරු වෙළෙඳසැල් හිමියාව කාටවත් අනුකරණය කළ නොහැක්කේ ඇයි?

පිළිතුර:
සියලුම ධන නිධානයන්ගේ භාරකරු ඔහුයි. ඥානයේ, සතුටේ, සාමයේ පාරිශුද්දත්වයේ හා සෑම දෙයකම මහා සයුර ඔහුයි. ඕනෑම කෙනෙකුට අවශ්‍ය කරනා ඕනෑම දෙයක් මෙහිදි සොයා ගත හැකියි. හුදෙකලා මාර්ගයේ සිටිනා කිසිම කෙනෙකුට මේ දේවල් දිය නොහැකියි. කිසිම කෙනෙක්ට තමන් පරමාත්ම පියා සේම සාගරයක් කියා කියන්න බැහැ.

ගීතය:
ඔබ සොයා ගැනීමෙන් අප මුළු ලොවම ලද්දෙමු: අහසත් පොළොවත් සියල්ල අයිති අපටයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් දැන් අසීමිත පරමාත්ම පියා ඉදිරියේ අසුන් ගෙන සිටියි. ඔහුව හඳුන්වන්නේ අසීමිත පරමාත්ම පියා කියායි. අසීමිත සීයා කියාත් ඔහුට කිය හැකියි. ඔය අසීමිත දරුවන් මෙහි අසුන් ගෙන සිටිනා අතර පරමාත්ම පියා ඔබට අසීමිත උරුමය උරුම කර දේ. සෑම අසීමිත දෙයක්ම ඔබ විසින් අතහැර දමා ඇත. දැන් ඔබ ඔබගේ අසීමිත උරුමය අසීමිත පියාගෙන් දිනාගත යුතුයි. සතුටු සාගරය, පාරිශුද්ධත්වයේ සාගරය, ප්‍රමෝදයේ සාගරය, ඥාන සාගරය කියන්නේ ඔහුටයි. ඇතැම් වෙළඳසැල් හිමියන් ළඟ නා නා ප්‍රකාර දේ තිබෙනවා. මේ අසීමිත පියායි. ඔහු ළඟත් නා නා ප්‍රකාර දේ තිබෙනවා. ඔහු ළඟ ඇත්තේ මොනවාද? බාබා ඥාන සාගරයයි. සතුටේ සාගරයයි. සාමයේ සාගරයයි. ඔහු මේ සියලුම අලෞකික දේ ගබඩා කරගෙන සිටිනවා. ඔහු සතුට දානය කරන්නා කියාත් කියනවා. ඇත්තේ එකම එක කඩයකි. මෙවන් කඩයක් වෙන කිසිම කෙනෙකුට නැහැ. බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර් ළඟ ඇත්තේ මොනවාද? කිසිම දෙයක් නැහැ. වැඩිපුරම දේවල් ඇත්තේ පරමාත්ම පියා ළඟයි. මෙන්න මේ නිසා තමයි ඔහුගේ ගුණ ගැයෙන්නේ. ඔබ තමයි මව, ඔබ තමයි පියා කියා කියනවා. එවන් ගුණ කථනයක් වෙන කිසිම කෙනෙකු ගැන කරන්න බැහැ. මිනිස්සු සාමය සොයා ඉබාගාතේ ඇවිදිනවා. ඇතැම් අයට බෙහෙත් අවශ්‍ය වන අතර අනිත් අය සොයන්නේ තවත් දෙයකි. ඒ සෑම වෙළඳසැලක්ම සීමිතයි. මුළු ලෝකය පුරාම සිටිනා සෑම කෙනෙක් ළඟම ඇත්තේ සීමිත දේවල්ය. එකම එක පියා ළඟ පමණයි අසීමිත දේවල් ඇත්තේ. පාරිශුද්ධකරු, ගැලවුම්කරු, ඥාන සාගරය, ප්‍රමෝදයේ සාගරය කියා ඔහුව වර්ණනා කෙරෙන්නේ මේ නිසායි. මේ සියල්ල ඔහු සතු නා නා ප්‍රකාර දේවල්ය. ලැයිස්තුයක් දැම්මොත් බොහෝ දේ සොයා ගත හැකි වේවි. මේ පරමාත්ම පියා සතු දේ වලට දරුවන්ට අයිතියක් ඇත. කෙසේ වෙතත්, අපි එවන් පියෙකුගේ දරුවන් වන නිසා ඒ පියාට අයිති දේ වලට අප හිමිකම් කියනවා යන්න කිසිම කෙනෙකුගේ සිහියට ඇතුළු වන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරතයටයි. පරමාත්ම පියා තමා සතු සෑම දෙයක්ම අනිවාර්යෙන්ම ගෙන එනවා. ඔහුගෙන් ඒවා ගැනීමට ඔබට එහි යා නොහැකියි. පරමාත්ම පියා කියනවා: මා මෙහි පැමිණිය යුතුයි. සෑම කල්පයකදීම සංගම යුගයේදී මා පැමිණෙනවා. මා පැමිණ ඔබට මේ සෑම දෙයක්ම දෙනවා. වෙන කිසිම කාලයකදී මා දෙන මේ දේවල් ඔබට ගත නොහැකියි. කල්ප භාගයකටම ඔබගේ නිධන් ගබඩාව පිරී පවතිනවා. කන්නලව් කර ඔහුට කතා කිරීමට තරම් කිසිම දෙයක හිඟයක් ඔබට එහිදී ඇත් වන්නේ නැහැ. නාටක සැලැස්මට අනුව, ඔබ සෑම කෙනෙක්ම ඔබගේ උරුමය දිනා ගන්නා අතර පසුව ක්‍රම ක්‍රමයෙන් පහළට බැසගෙන පැමිණෙනවා. අනිවාර්යෙන්ම ඔබ නැවත උපත් ද ගත යුතුයි. උපත් 84 ක් ගත යුතුයි. උපත් මිලියන 8.4 ක් ගැන මිනිස්සු කතා කරනවා. මායා ඔවුන් ලවා වැරදි කරවනවා. ඔබට දැන් මේ දේවල් තේරෙනවා. නමුත් පසුව ඔබට ඒවා අමතක වේවි. මේ කාලයේදී ඔබ සෑම දෙයක්ම එකතු කරගෙන පසුව ස්වර්ණමය යුගයේදී පාලනය ගෙන යනවා. කෙසේ වෙතත්, ඒ රාජ්‍යය තමන්ට දුන්නේ කවුද, ලක්ෂ්මී හා නාරායන රාජ්‍යය පැවතියේ කවදාද කිසිම දෙයක් මිනිස්සු දන්නේ නැහැ. දෙව්ලොව සතුට ගැන කියා තිබෙනවා. ඔහු ඔබට සෑම ආකාරයකම සතුට දෙනවා. මේ හැරෙන්න වෙන කිසිම සතුටක් තිබිය නොහැකියි. ඒ සතුට පසුව අතුරුදන් වී යනවා. කල්ප භාගයකට පසුව රාවණ පැමිණ ඔබගේ මුළු සතුටම සූරාගෙන යනවා. කෙනෙකුට කේන්ති ගිය විට ඔහුට සිහිය විකල් වෙලායි කියා කියනවා. ඔබ සියලුම ගුණධර්මයන්ගෙන් පිරි, සොලොස් කලාවන්ගෙන් සපිරිව සිටි අයයි. නමුත් දැන් ඒ කිසිම කලාවක් ඉතිරිව නැහැ. පරමාත්ම පියාට තිබෙනා තරමේ ගුණ වර්ණනාවක් වෙනත් කිසිම කෙනෙකුට නැහැ. මුදල් තිබේ නම් රට රට වල සංචාරය කළ හැකියි නේ... කියා කියනවා. දිව්‍ය ලෝකයේ කොයි තරම් නම් දුරට ධනයෙන් ආඪ්‍යව සිටියා දැයි කියා මදක් සිතා බලන්න. ඒක දැන් තව දුරටත් නැහැ: ඒ සියල්ල දැන් අතුරුදහන් වෙලා. ඔවුන් තම ධර්මයෙන් හා කර්මයෙන් දූෂිත වී ඇති නිසා තිබණු සැප සම්පතුත් අහිමිව ගොස් ඇද වැටෙන්න පටන් ගත්තා. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා: ඔබට විශාල ධනයක් දුන්නා. දියමන්ති සේ වටිනා අය බවට පත් කෙරෙව්වා. ඉතින් ඒ සෑම ධනයකම නැති කර ගත්තේ කොහේද ? නැවතත් වතාවක් පරමාත්ම පියා කියන්නේ: උත්සාහ දරා ඔබගේ උරුමය දිනා ගන්න. බාබා දැන් නැවතත් වතාවක් ලෝක ආධිපත්‍යය ඔබට හිමි කර දෙන බව ඔබලා දන්නවා. ඔහු කියනවා. අහෝ දරුවති, මා සිහි කරන්න. ඔබ මත ඇති මළකඩ දුරු වී යාවි. දරුවන් කියනවා: බාබා, මට ඔබව අමතක වෙනවා. මේ මොකද ? ගැහැණු දරුවෙක් විවාහ වුණු පසු කවදාවත් ඇයට තම සැමියා අමතක වෙනවා ද? දරුවන්ට ඔවුන්ගේ පියාව අමතක වෙතවාද? පරමාත්ම පියා දානය කරන්නායි. තම උරුමය දිනා ගැනීමට ඔය දරුවන්ට අවශ්‍ය නම් ඔබ අනිවාර්යෙන්ම ඔහුව සිහි කළ යුතුයි. පරමාත්ම පියා පහදා කියනවා: සුමිහිරි. ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ පැති වී සිට මේ දැන් හමු වූණු දරුවනි, ඔබ මරණ වන්දනාවේ අසුන් ගත් විට ඔබගේ පාප දුරු වී යාවි. වෙන කිසිම මඟක් නැහැ. භක්ති මාර්ගයේ දී කරමින් සිටි සෑම දෙයක්ම, වන්දනා ගමන යෑම, ගංඟා වල ස්නානය කිරීම, ආදී සෑම දෙයක්ම ඔබව ඉණීමඟේ පහළටම ඇද දැම්මා. කිසිම කෙනෙකුට වර්ධනයක් නැහැ: ඒක නීතිය නොවෙයි. එය සෑම කෙනෙකුගේම පරිහාණි අවධියයි. අහවල් අහවල් කෙනා මුක්තියට ගියායි කියා කියනා විට ඒ සියල්ල බොරු. කිසිම කෙනෙකුටම නිවහන බලා යා නොහැකියි. බාබා පැමිණ සිටින්නේ ඔබලාව සොලොස් කලාවන්ගෙන් පිරවීමටයි. "මම ගුණවත් නෑ" කියා ඔබ තමන් ගැන කියනවා. පරමාත්ම පියා දැන් ඔබව ගුණවත් කරවන බව ඔබලා දන්නවා. අපි ගුණවත්ව වන්දනීයව සිටියා. වසර 5000කට පෙරදී අපි අපේ උරුමය දිනා ගත්තා. පරමාම පියා කියනවා: මම පිටව ගියේ ඔබලාට ඔබගේ උරුමය හිමි කර දීමෙන් අනතුරුවයි. මිනිස්සු ශිව ජයන්තියත්, රක්ෂබන්ධන් හා දෂේරාව ආදියත් සමරනවා. නමුත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන්ට සියල්ල අමතක වෙනවා. පරමාත්ම පියා පැමිණ සිටින්නේ නැවතත් වතාවක් ඔබට සියල්ල සිහිපත් කර දීමටයි. ඔබ එහි සිටියා. නමුත් පසුව අධිරාජ්‍ය වාසනාව ඔබට අහිමි වුණා. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා: මේ මුලු ලෝකයම දැන් අන්ත පරිහාණී තත්වයකටයි ඇදවැටී ඇත්තේ. මේ එම ලෝකයමයි. මේ භාරතයම අලුත්වට තිබී දැන් පැරණි වෙලා. දිව්‍ය ලෝකයේ අඛණ්ඩ සතුටක් තිබෙනවා. පසුව තඹ යුගයේ දුක ඇරඹුණු දා පටත් වේද ග්‍රන්ථ ආගමික පතපොත සියල්ල නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඔබ විසින් භක්තිය සම්පුර්ණ කළ විට පමණයි පරමාත්ම දෙවියන්ට පැමිණිය හැක්කේ. බ්‍රහ්මාගේ දවසත් බ්‍රහ්මාගේ රාත්‍රියත් දෙකටම ඇත්තේ එක සමාන කාල පරාසයක්. ඥානය දවස වන අතර භක්තිය රාත්‍රිය වේ. මෙම කල්පයට මිනිස්සු වැරදි කාල පරාසයක් දී තිබෙනවා. එමනිසා, පළමුවෙන්ම, සෑම කෙනෙකුටම පරමාත්ම පියාගේ ගුණ කියන්න. පරමාත්ම පියා ඈත සාගරයත් සාම සාගරයත් වෙනවා. ක්‍රිෂ්ණාට අශාරීරික කෙනා, පාරිශුද්ධකරු, සතුටු සාගරය කියා කියන්න බැහැ. බැහැමයි. ඔහුගේ ගුණ වර්ණනාව වෙනස්. ඒ දෙක අතර ඇත්තේ දිවා රෑ මෙන් වූ වෙනසකි. ශිවා ට බාබා කියා කියනවා. "ක්‍රිෂ්ණ බාබා" කියා කීම වැරදියි. ඒක ලොකුම වැරැද්දක් වේවි. පොඩි පොඩි වැරදි කරනා අතර ඔබට ඔහුව 100% කින්ම අමතක වෙලා. පරමාත්ම පියා කියනවා: මේ ගනුදෙනුව ඔබට කවදාවත් සන්යාසීවරුත් සමඟ නම් කරන්න බැහැ. ඔවුන් අයිති වන්නේ හුදෙකලා මාර්ගයටයි. නමුත් ඔබ අයිති පවුල් මාර්ගයටයි. පාපයෙන් තොර ලෝකය තිබුණු කල ඔබ මුලුමනින්ම පාපයෙන් තොරව සිටියා. මේ පාපකාරි ලෝකයයි. මිනිස්සු අසනවා: ස්වර්ණමය යුගයේ දී දරුවෝ ඉපදෙන්නේ නැති ද ? එහිත් දුර්ගුණ තිබෙන්න ඇති. නමුත් එය මුලුමනින්ම පාපයෙන් තොර වූ ලෝකයයි. මුලුමනින්ම පාපයෙන් තොර වූවෙක් දුෂිත අයෙක් වන්නේ කොහොමද ? එවිට ඔවුන් අහන්නේ "එහෙනම් ස්වර්ණමය යුගයේත් එතරම් මිනිසුන් ප්‍රමාණයක් සිටින්නේ කොහොමද ?" කෙසේවෙතත් එහි එතරම් මිනිසුන් ප්‍රමාණයක් ඇත්තේ නැහැ. එහි වෙන කිසිම දේශයක් තැහැ. භාරතය පමණයි. ලෝකය සෑම විටම පිරි තිබුණු නිසා මෙය පිළිගත නොහැකියි කියා මිනිස්සු කියනවා. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. භාරතය ස්වර්ණමය යුගය ලෙසින් තිබුණු බව පරමාත්ම පියා පහදා කියනවා. දැන් ඔවුන් කලි යුගයේ අය වී ඇති නිසා ඔවුන්ට ඇත්තේ ගල් බුද්ධිනුයි. ඔය දරුවන්ට දැන් නාටකය තේරෙනවා. ගාන්ධිජී ආදී අයට රාම රාජ්‍යයක් අවශ්‍ය වුණා. කෙසේ වෙතත්, මහා භාරත යුද්ධයට පසුව නාටකය අවසන් වන බවත් ඔවුන් පෙන්වා තියබනවා. එපමණයි, නාටකය අවසන්. ඉන් පසුව සිදු වූණේ කුමක්ද ? ඔවුන් කිසිම දෙයක් පෙන්වා නැහැ. පරමාත්ම පියා මේ සියල්ල ඔබලාට පැහැදිලි කර කියා දෙනවා. මෙය හරිම පහසුයි. මිනිස්සු ශිව ජයන්තිය සමරණවා. එමනිසා, ශිව බාබා අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. ඔහු දෙව් ලොව දෙවි පියාණන් වන නිසා දෙව්ලොව දොරටු විවර කිරීමට ඔහු අනිවාර්යයෙන්ම පැමිණේවි. ඔහු පැමිණෙන්නේ අපාය ඇති විටයි. දෙව්ලොව දොරටු විවර කර ඔහු අපායේ දොරටු වසා දමනවා. දෙව්ලොව දොරටු විවෘත කර තිබුණා නම් සෑම කෙනෙක්ම අනිවාර්යෙන් දිව්‍ය ලෝකයට යයි. මේ දේවල් තේරුම් ගැනීමට අපහසු දේවල් නොවෙයි. ගුණ වර්ණනාව එකම එක පරමාත්ම පියාගේයි. ශිව බාබාට ඇත්තේ එක කඩයයි. ඔහු තමයි අසීමිත පරම පියා. භාරත සතුටු දෙව්ලොව ලබන්නේ අසීමිත පරම පියාගෙනුයි. අසීමිත පියා දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා. එහි අනිවාර්යයෙන්ම තිබුණේ අසීමිත සතුටයි. ඉතින් ඇයි අපි අපායේ වාඩි වෙලා ? කිසිම කෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: ඔබ සිටියේ එහියි, එතනින් ඔබ ඇද වැටුණා. දේවතාවරුත් උපත් 84ක් ගත යුතුයි. දැන් ඔවුන් අපිරිසිදු වෙලා. නැවත ඔවුන් පාරිශුද්ධ විය යුතුයි. පරමාත්ම පියාගේ ජන්ම දිනයක් තිබෙනා තිසා රාවනගේ ජන්ම දිනයකුත් තිබිය යුතුයි. කිසිම කෙනෙකුට මෙය තේරෙන්නේ නැහැ. රාවන පිළිස්සීම ඇරඹුනේ කවදාදැයි කියා අහන්න, ඒක කාලාන්තරයක් තිස්සේ පැවත එකක් කියා ඔවූත් කියාවි. මේ සෑම රහසම විස්තර කර කියා දෙන්නේ පරමාත්ම පියායි. එකම එක පරමාත්ම පියාගේ එක් වෙළඳසැලක් පමණයි ඇත්තේ. මිනිසුන්ට මිනිසුන්ගෙන් සතුට, සාමය හා පාරිශුද්ධත්වය ලද නොහැකියි. සාමය ලද්දේ එක් අයෙක් පමණක් නොවෙයි. අහවල් අහවල් කෙනාගෙත් සාමය ලැබුවා කියා කියනා විට ඔවුන් කියන්නේ බොරුයි. සාමය සොයා ගත හැක්කේ සාම දේශයේ දී පමණයි. මෙහිදී එක් අයෙක් සාමය සොයා ගතහොත් තවත් කවූරු හෝ කෙනෙක් පැමිණ එතැන නොසන්සුන්තාවයක් ඇති කරවනවා, එවිට ඒ අයට එම සාමය පවත්වා ගත බැහැ. සතුටේ, සාමයේ හා පාරිශුද්ධත්වයේ වෙළඳ සැල් හිමියා ශිව බාබාම පමණයි. ඕනෑම කෙනෙකුට පැමිණ ඔහු සමඟ ව්‍යාපාරය ගෙන යා හැකියි. ව්‍යාපාරිකයා කියා හඳුන්වන්නේ ඔහුටයි. ඔහු පාරිශුද්ධත්වය, සතුට, සාමය. සෞභාග්‍යය සියල්ලම ගබඩා කර ගන්නවා; කිසිම දෙයක අඩුවක් නැහැ. දිව්‍ය ලෝක රජ දහන ඔබ ලබනවා. පරමාත්ම පියා පැමිණ සිටින්නේ තමාගෙත් එය ලබා ගැනීමට සිටිනා අයට එය දීමටයි. කෙසේවෙතත්, ගන්නා අතර ඔවුන් වෙහෙසට පත් වෙනවා. මම මෙය ඔබට දීමට පැමිණෙනවා, ඔබ ගැනීමේ දී කුසීත වෙනවා. දරුවන් කියනවා: බාබා, මායාගේ කුණාටු එතනා. ඔව් ඔබ විසින් ලබා ගත යුතු තත්වය ඉතාමත් ඉහළයි. ඔබ දිව්‍ය ලෝකයේ පාලකවරුනුත් වෙනවා. මෙය පොඩි කාරණයක් ද? එමනිසා, ඔබ උත්සාහ දැරිය යුතුයි. නොකඩවාම ශ්‍රීමත් පිළිපදින්න. ඔහුගෙන් ලද නොයෙකුත් දේ ඔබ අන් අයට දිය යුතුයි. දානයක් දිය යුතුයි. පාරිශුද්ධ වීමට අවශ්‍ය නම්, අනිවාර්යයෙන්ම ඔබ දුර්ගුණ පහේ දානය දිය යුතුයි. පරමාත්ම පියාව සිහි කිරීමට උත්සාහ දරන්න. මළකඩ ඉවත් වන්නේ එවිට පමණයි. ප්‍රධානම දෙය මරණයයි. ඔබ බාබාට පොරොන්දු වෙනවා: බාබා, මම කවදාවත් පාපයේ ගැලෙන්නේ නැහැ. මම කිසිම විටක කිසිම කෙනෙක් සමඟ තරහ ගත්තේ නැහැ. කෙසේවෙතත්, ඔබ අනිවාර්යෙන්ම ස්මරණයේ නිරත විය යුතුයි. මේ සෑම පාපයක්ම දුරු වන්නේ වෙන කොහොමද ? නැතිනම් ඥානය ඉතාමත් පහසුයි. උපත් 84 චක්‍රය වටා පැමිණියේ කෙසේදැයි කියා ඔබට ඕනෑම කෙනෙකුට පහදා දිය හැකියි. උත්සාහය අවශ්‍ය වන්නේ මරණ වන්දනාවටයි. භාරතයේ පෞරාණික යෝගාව ඉතාමත් ප්‍රසිද්ධයි. ඔහු ලඟ ඇති දැනුම කුමක්ද ? "මන්මනාභව": නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. ඔබගේ පාප දුරු වී යාවි. ඔබ පැමිණි විට මම සෑම කෙනෙකුගෙන්ම ඉවත් වී ඔබ සමඟම පමණක් සිටන්නම් කියා ඔබ ගී ගැයුවා. මම ඔබට කැප වෙන්නම් කියා කිව්වා. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙක්ව මම සිහි නොකරන්නම්, කියා ඔබ පොරොන්දු වුණා. ඉතින් ඇයි ඔබ එය අමතක කරන්නේ ? අනිත් වැඩපළ කරද්දී හදවතට ආදරවන්තයා සමඟම ඉන්න ඉඩ හරින්න කියා කියනවා. ඔබලා කර්ම යෝගීන්ය. ව්‍යාපාරික කටයුතු ආදිය කර ගෙන යන අතරතුර ඔබගේ සිහිය පරමාත්ම පියා සමඟම යෝග වී තිබිය යුතුයි. ආදරණීය පියාම කියන්නේ: ඔය ආදරවන්තියක් කල්ප බාගයක් පුරාවටම මා සිහි කර කර සිටියා. දැන් මම පැමිණ සිටිමි. ඉතින් මා සිහි කරන්න. ඔබට නැවත නැවතත් අමතක වෙන්නේත් මේ සිහි කිරීමමයි. උත්සාහයක් අවශ්‍ය වන්නේත් මෙම සිහි කිරිමේදීමයි. කර්මතිත් අවධියට ඔබ ලඟා වුණා නම් ඔබගේ ශරීරය තවත් පවතින්නේ නැහැ. අධිරාජ්‍යය ස්ථාපනය කරනා විට ඔබ කර්මතිත් අවධියට යාවි. දැනට තවමත් සෑම කෙනෙක්ම උත්සාහ දරන්නෙකි. මම බාබා තමයි වැඩියෙන්ම මරණයේ සිටින්නේ. ඔවුනුත් සූක්ෂම ලෝකයේ පෙනෙන්න ඉන්නවා. පරමාත්ම පියා පහදා කියන්නේ: මම ඇතුලු වන කෙනා සිටින්නේ ඔහුගේ උපත් ගණනාවක අවසානයි. ඔහුත් උත්සාහ දරනවා. ඔබෙන් කිසිම කෙනෙකුට දැන්ම කර්මතීත් අවධියට යන්න බැහැ. ඔබෙන් කවුරු හෝ කර්මතිත් අවධියට ගියහොත් තවදුරටත් ඔබ ඔය ශරීරයේ ඉන්නා එකක් නැහැ. බාබා ඔබට සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව කියා දෙනවා. දැන් එය රඳා පවතින්නේ එය තේරුම් ගත යුතු අයගේ බුද්ධිය මතයි. ඇත්තේ එකම එක දෙව්ලොව දේව පියෙක් පමණයි. සෑම ඥාන සම්භාරයක්ම ගබඩා වී ඇත්තේ ඔහු තුළයි. විජ්ජාකරු ඔහුයි. සාමයේ, පාරිශුද්ධත්වයේ හා සතුටේ උරුමය ඔබට වෙන කාගෙන්වත් ලබා ගත නොහැකියි. පරමාත්ම පියා සෑම දෙයම ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙනවා. ඔය දරුවත් එය ධාරණය කර ගෙන අන් අයටත් එයම කිරීමට උනන්දු කරවනවා. උරුමය හිමි වන්නේ ඔබ මෙම ඥානය ධාරණය කර ගත් තරමටයි. දවසින් දවස ඔබට ඉතාමත් පෝෂ්‍යදායි දේ ලැබෙනවා. බලන්න ලක්ෂ්මි නාරායන කෙතරම් තම් මිහිරි ද කියලා. ඔබත් ඒ වගේම මිහිරි විය යුතුයි. අච්චා

සුමිහිරි, ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. අනිකුත් ආධ්‍යාත්මික කණ්ඩායම් වලදී ඔවුන් මෙසේ කියනවාද? මෙය අපගේ අලුත්ම අලුත් දැනුමයි. එමනිසා, මෙයට කියන්නේ ආධ්‍යාත්මික ඥානය කියලයි.

ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම පියාගෙන් ඔබ ලබනා සතුටේ, සාමයේ හා පාරිශුද්ධත්වයේ එකතුව සෑම කෙනෙකුටම දානය කරන්න. පාප දානය කර පළමුව පාරිශුද්ධත්වයට පත් වී පසුව අවිනාශී ඥාන මිණිමුතු දානය කරන්න.

2. දේවතාවරුන් සේ මිහිරි වන්න. බාප්දාදාට කළ පොරොන්දුව නිතර සිහි ගන්නවා ගනිමින් පරමාත්ම පියාව සිහි කරමින් ඔබගේ පාප දුරු කර ගන්න.

වරදානය:
ඔබ උපකරණයක් වීමේ අවධානය ඇති කර, ඒ අනුව ඔබගේ සෑම සිතිවිල්ලකටම අවධානය යොමු කිරීමෙන් විසදුම් වල ප්‍රතිමූර්තියක් වේවා.

සියළු දෙනාගේ ද්‍රිෂ්ඨිය ඔය උපකරණ ජීවාත්ම මත ඇති බැවින් ඔය උපකරණ ඔබගේ සෑම සිතිවිල්ලකටම විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. ඔනෑම දෙයක් පිලිබදව ඔය උපකරණ නිදහසට කාරණා පවසන්නේ නම්, එවිට ඔබව අනුගමනය කරන අයත් බොහෝ නිදහසට කාරණා කියයි. ඔය උපකරණයන්ට යම් අඩුවක් ඇත්නම් එය සැගවිය නොහැක. එබැවින් ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා වෙත විශේෂ අවධානය යොමු කර, විසදුම් වල ප්‍රතිරුවක් වන්න.

පාඨය:
දැනුමැති ජීවාත්මයන්ට ඔවුන්ගේ ගුණධර්ම හෝ විශේෂතා ගැන කිසිදු අහංකාරකමක් නොමැත.

අව්‍යක්ත සංඥාව: ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට මිහිරිබව සහ නිරහංකාරකමේ ගුණධර්ම ධාරණය කරගන්න.

තමන්ගේ අතීතය හෝ අන් අයගේ අතීතය පිලිබද කිසිදෙයක් ඔබ නොදකින විට සහ ඔබගේ සංස්කාර පහසු කරගන්නා විට, ඔබ මිහිරියාවේ ගුණදහම ඔබගේ ජීවිතයට ධාරණය කරගනී. සරල-ස්වභායක් ඇති ජීවාත්මයන්ගේ ගුණධර්මය වන්නේ මිහිරිබවයි. මිහිරිබව ඔවුන්ගේ දෑස් තුල, ඔවුන්ගේ වදන් වල සහ ඔවුන්ගේ චර්යාවේ දිස්වෙයි. මිහිරියාව සහ නිරහංකාරකම යන ගුණදම් දෙකින්, ඔබට නිරන්තර ලොවට සෙත සලසන්නෙක්, මහා දානපතියෙක් සහ ආශිර්වාද පිරිනමන්නෙක් වී, ඔබගේ සෙනෙහස පහසුවෙන් ඔප්පු කර පෙන්විය හැක.
අසාර්ථකත්වය ඉවත් වෙයි.