02.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දුර ඈතක සිටියත්, සිහිපත් කිරීමේ සිටින විට, ඔහුගේ ආශ්‍රයේ සිටියි. මෙම
සිහිපත් කිරීම තුළින්, ඔබ ඔහුගේ ඇසුර අත්විඳින අතර, ඔබගේ පාපයන්ද දුරු වෙයි.
ප්‍රශ්නය:
ඔබව දූරදර්ශී
කිරීම සඳහා, වඩාත්ම ඈත දේශයේ සිට පැමිණෙන පියා, ඔය දරුවන්ට ලබා දෙන දැනුම කුමක්ද?
පිළිතුර:
චක්‍රයේ විවිධ වංශ තුළට, ජීවාත්ම ඇතුළු වන්නේ කෙසේද, යන දැනුම ඔබට ලබා දිය හැක්කේ,
දුර ඈත දේශයේ වැසියා වන පරමාත්ම පියාට පමණයි. ඔබ දැන් අයත් වන්නේ බ්‍රහ්මණ වංශයට බව
ඔබ දන්නවා. පෙර කල, ඔබට මෙම දැනුම ලැබෙන්නට ප්‍රථම, ඔබ අයත් වූයේ ශුද්‍ර වංශයටයි.
ඊට පෙර ඔබ අයත් වූයේ වෙළඳ වංශයටයි. දුර ඈත දේශයේ වාසය කරන පරම පියා, පැමිණ ඇති අතර,
ඔබව දූරදර්ශී කරවීම සඳහා, ඔහු ඔය දරුවන්ට සම්පූර්ණ දැනුම ලබා දෙනවා.
ගීතය:
දැනුමේ වර්ෂාව
වසින්නේ, ආදරවන්තයා සමඟ සිටින අයටයි.
ඕම් ශාන්ති.
දැනුමේ වර්ෂාව
වසින්නේ දැනුමේ සාගරය සමඟ සිටින අයටයි. ඔබ පියා සමඟයි, එසේ නොවේද? ඔබ විදේශයක හෝ
වෙනත් තැනක සිටියද, ඔබ සිටින්නේ ඔහුගේ සමාගමේය. ඔබ ඔහුව සිහි කරනවා නේද? ඔහුගේ
සිහිපත් කිරීමේ සිටින දරුවන්, සෑම විටෙකම සිටින්නේ ඔහුත් සමඟයි. මෙම ස්මරණයේ
සිටීමෙන්, ඔබ ඔහුගේ සමාගමේ සිටින අතර, ඔබගේ පාපයන් දුරු වෙයි. ඉන්පසුව
වික්‍රමජිත්ගේ සමය (අවගුණ ජයගත් කෙනා) ආරම්භ වෙයි. රාවණගේ රාජධානිය ආරම්භ වන විට,
එය වික්‍රම රජුගේ (පාපයන් සිදුකළ කාලය) සමය බව කියැවෙයි. එකක් පාපයන් ජයගන්නා සමය
වන අතර අනෙක, පාපයන්ගේ සමයයි. ඔබ දැන් පාපකර්ම ජයගන්නා අය බවට පත් වෙමින් සිටිනවා.
පසුව, ඔබ පාපයන් සිදු කරන අය බවට පත් වෙයි. වර්තමානයේ සෑම කෙනෙක්ම උපරිම වශයෙන්
පාපකාරීය. තමන්ගේම දහම ගැන කිසිවෙකු නොදනී. අද බාබා ඔබගෙන් සරල පැනයක් අසනවා ඔවුන්,
ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් බව, ස්වර්ණමය යුගයේ දේවතාවන් දන්නවාද? ඔබ හින්දු
ආගමට අයත් බව ඔබ සැලකූ ආකාරයෙන්, එමෙන්ම තමන් ක්‍රිස්තියානි ආගමට අයත් බව අන් අය
පවසන සේම, එහි සිටින දේවතාවන්, ඔවුන් දේවතා ධර්මයට අයත් බව සලකනවාද? මෙය සිතා බැලිය
යුතු දෙයකි. තමන් මේ-මේ ආගමට අයත් බව කෙනෙක් සැලකීමට, එහි වෙනත් කිසිම ආගමක් නැත.
මෙහි බොහෝ ආගම් තිබේ, එබැවින් ඒවාට දී ඇති විවිධ නම් වලින් ඒවා හඳුනාගනු ලබයි. එහි
තිබෙන්නේ එක් ආගමක් පමණයි. මේ නිසයි ඔවුන් යම් කිසි ආගමකට අයත් යැයි කීමට, ඔවුන්ට
අවශ්‍යතාවයක් නැත්තේ. ආගමක් තිබේද කියාවත් ඔවුන් ගේ අවධානයේ නොමැත, මන්ද, තිබෙන්නේ,
ඔවුන්ගේ රාජධානියම පමණයි. ඔබ අයත් වන්නේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට බව ඔබට දැන්
වැටහෙනවා. වෙනත් කිසිවෙකුට දේවතාවක් කියා කියන්නේ නැත. අපවිත්‍ර වීම නිසා, තමන්
දේවතාවක් කියා ඔබට කීමට නොහැක. දේවතාවන් ලෙස හැඳින්විය හැක්කේ පිවිතුරු අයට පමණයි.
එහි එවැනි කිසිම දෙයක් නැත. ඔවුන්ව කිසිකෙනෙක් සමඟ සැසඳිය නොහැක. ඔබ දැන් සංගම
යුගයේ සිටින අතර, ආදි සනාතන දෙවි දේවතා ධර්මය නැවත වරක් ස්ථාපනය කෙරෙන බව ඔබ
දන්නවා. එහි තිබෙන්නේ එක් ධර්මයක් පමණක් බැවින්, ආගම් ගැන ප්‍රශ්නයක් තිබෙන්නේ
කෙසේද? මහා විනාශය සිදුවන විට, කිසිවක් ඉතිරි වන්නේ නැතැයි ඔවුන් කියන විට, එය
වැරදි බව ඔය දරුවන්ට කියා තිබේ. පියා මෙතැන අසුන් ගෙන නිවැරදි දේ ඔබට පහදා දෙයි.
ග්‍රන්ථ වල මහා ජල ගැලීමක් පෙන්වා තිබේ. පියා විස්තර කරන්නේ භාරතය හැර අන් සෑම
තැනක්ම ජලයෙන් යටවෙයි. මෙතරම් විශාල ලෝකයකට ඇති අවශ්‍යතාවය කුමක්ද? බලන්න, භාරතයේ
පමණක් කෙතරම් ගම් තිබෙනවාද කියා! මුල දී එය වනාන්තරයක් වන අතර, පසුව ජනගහනය දිගින්
දිගටම වර්ධනය වනවා. එහි වාසය කරන්නේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් වන ඔබ පමණයි.
බ්‍රහ්මණයින් වන ඔබගේ බුද්ධියේ මෙය ඇත. ඔබට මෙම දේවල් ධාරණය කරගැනීමට බාබා දිරිමත්
කරයි. උසස්ම-උසස් කෙනා වන ශිව බාබා කවුරුන්ද කියා, ඔබ දැන් දන්නවා. ඔහුව වන්දනා
කරන්නේ, එමෙන්ම ඔහුට අක් මල් ආදිය පූජා කරන්නේ ඇයි? ඔහු අශාරීරිකයි නොවේද? ඔවුන්
පවසන්නේ ඔහු නමක් සහ රූපයක් ඉක්මවා ඇති බවයි, නමුත් නමක් හෝ රූපයක් නොමැති කිසි
දෙයක් නැත. එසේ නම් ඔවුන් මල් පුදන්නේ කාටද? පළමුවෙන්ම වන්දනාවට ලක් වන්නේ ඔහුයි.
ඔහු වෙනුවෙන් දේවාල තනන්නේ, ඔහු විශේෂයෙන්ම භාරතයේ දරුවන්ටත්, පොදුවේ මුළු ලෝකයටත්
සේවය කරන නිසයි. සේවය කරන්නේ මනුෂ්‍යයින්ට නොවේද? මෙකල ඔබ, තමන් දේවතා ධර්මයට අයත්
බව කියා ගන්නේ නැහැ නේද? ඔබ දේවතාවන් වශයෙන් සිටි බවත්, දැන් නැවත වතාවක් එය බවට
පත් වන බවත් ඔබ දැන සිටියේ නැත. පියා දැන් ඔබට මෙය විස්තර කර දෙනවා. එබැවින් පියා
හැර වෙනත් කිසිවෙකුට මෙම දැනුම ඔබට ලබා දිය නොහැකි බව, පහදා දෙන්න. ඔහුට පමණයි,
දැනුමේ සාගරය, දැනුමින් සපිරි කෙනා යැයි කියන්නේ. කිසිවෙකු, ඍෂිවරු හෝ මුණිවරුවත්,
නිර්මාපකයා හෝ නිර්මාණය නොදන්නා බව සිහි කර තිබේ. ඔවුන් ‘නැති නැති‘ (මෙයත් නොවෙයි,
එයත් නොවෙයි) කියා කියමින් සිටියා. කුඩා දරුවන්ට දැනුම තිබෙනවාද? ඔවුන් වැඩෙත්ම,
ඔවුන්ගේ බුද්ධිය විවෘත වීම ආරම්භ වෙයි. ඉන්පසුව විදේශයන් තිබෙන්නේ කොහිද හෝ වෙනත්
දෙයක් තිබෙන්නේ කොහිද ආදිය ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වීමට පටන් ගනී. ඒ අන්දමින්ම ඔය
දරුවන්ද මෙම අසීමිත දැනුම ගැන පෙරකල කිසිවක් දැන සිටියේ නැත. මෙම කෙනාද පවසන්නේ මා
ආගමික ග්‍රන්ථ හැදෑරූ නමුත්, මට කිසිම දෙයක් වැටහුනේ නැත. මනුෂ්‍යයින් මෙම නාටකයේ
නළුවන්ය. මුළු නාටකයම කරුණු දෙකක් මත පදනම් වී තිබේ භාරතයේ පරාජය සහ භාරතයේ
ජයග්‍රහණය. ස්වර්ණමය යුගයේ ආරම්භයේදී භාරතයේ පිවිතරු ධර්මය පැවතුණි. මෙකල, ආගම
අපවිත්‍රයි. ඔවුන්ගේ අපවිත්‍ර බව නිසා, ඔවුන්ට දේවතාවන් කියා තමන්ට කිව නොහැක.
කෙසේවෙතත්, තවමත් මිනිසුන් ඔවුන්ට ශ්‍රී ශ්‍රී කියා කියාගනී. කෙසේවෙතත්, ශ්‍රී යනු
උසස්ය. උසස් කියා කියන්නේ පිවිතුරු දේවතාවන්ටයි. ‘දෙවියන් උසස් වදන් පවසයි‘ යැයි
කියා තිබේ. දැන්, ශ්‍රී (උසස්) වන්නේ කවුද? එය පෞද්ගලිකවම මුහුණට මුහුණලා පියාට
සවන් දී, උසස් වුනු අයද, එසේ නැත්නම් තමන්ටම ශ්‍රී ශ්‍රී (ද්විත්ව උසස්) කියා
හඳුන්වා ගන්නා අයද? පියා සිදුකල කාර්යය නිසා, ඔහුට ලබා දී ඇති නම් වලින් පවා, ඔවුන්
තමන්ව හඳුනාගනී. මේ සෑම දෙයක්ම වැඩි විස්තරයි. කෙසේවෙතත්, පියා පවසන්නේ දරුවනි,
දිගටම ඒකායන පියාව සිහි කරන්න. මනස හසුරුවන මන්ත්‍රය මෙයයි. රාවණ පරාජය කිරීමෙන්,
ඔබ ලෝකය ජයගන්නා අය වෙයි. තමන් ජීවයක් බව නැවත නැවතත් සලකන්න. පංච මහා භූතයන්ගෙන්
සැදි මෙම සිරුර, නිර්මාණය වන්නේ මෙහිදීය. සිරුරක් නිර්මාණය වෙයි, එම සිරුර අත්හැර
වෙනත් සිරුරක් නිර්මාණය වෙයි, නමුත් ජීවය අවිනාශීය. අවිනාශී පියා විසින් ඔය අවිනාශී
ජීවයන්හට, සංගම යුගයෙදි උගන්වනු ලබයි. කෙතරම් බාධක පැමිණියත්, කෙතරම් මායාගේ කුණාටු
තිබුණත් පියාගේ සිහිපත් කිරීමේ අඛණ්ඩව සිටින්න, එපමණයි. ඔබ සතෝප්‍රධාන්ව සිටි බවත්
දැන් තමෝප්‍රධාන් වී ඇති බවත් ඔබට වැටහෙයි. ඔබ අතරින්ද, ඔබට මෙම දැනුම වැටහෙන්නේ
අංක පිළිවෙලටයි. පළමුවෙන්ම භක්තියේ යෙදුනු අය ඔබ බව, ඔය දරුවන්ගේ බුද්ධියට වැටහෙයි.
පළමුවෙන්ම භක්තියේ යෙදුණු අය, නිසැකයෙන්ම ශිව බාබාට දේවාල තනන්නට ඇති, මන්ද ධනවත්
අය වූයේ ඔවුන්ය. මහා රජවරු එසේ කරන බව දුටු විට, අනෙත් සියලුම රජවරුන් සහ වැසියන්ද
එයම කළේය. මේ සෑම දෙයක්ම වැඩි විස්තරයි. ‘ජීවන මුක්තිය තත්පරයකදී‘ කියා කියමනක්
තිබේ. කෙසේවෙතත්, විස්තර කිරීමට වසර බොහෝමයක් ගත වෙයි. දැනුම පහසුයි. සිහිපත්
කිරීමේ වන්දනාවට තරම් කාලයක්, දැනුම සඳහා අවශ්‍ය වන්නේ නැත. මිනිසුන් කන්නලව්
කරන්නේ බාබා පැමිණ අපවිත්‍ර අපව පිවිතුරු කරන්න. ඔවුන් මෙසේ කන්නලව් කරන්නේ නැත
බාබා අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන්න. සෑම කෙනෙක්ම කන්නලව් කරන්නේ අපවිත්‍ර
බවින් අපව පිවිතුරු කරන්න. ස්වර්ණමය යුගයට පිවිතුරු ලෝකය කියා කියයි. මෙම ලෝකයට,
අපවිත්‍ර ලෝකය යැයි කියයි. මෙම ලෝකය අපවිත්‍ර බව ඔවුන් පැවසුවත් තමන් අපවිත්‍ර බව
ඔවුන් සලකන්නේ නැත. තමන් වෙනුවෙන් එම නීරස බව ඔවුන්ට නැත. අන් අය පිලියෙල කරන ආහාර
ඔබ නොකන විට, ඔවුන් අසන්නේ අප හීන කුලයේ අයද? ආ! නමුත් ‘සෑම කෙනෙක්ම අපවිත්‍රයි‘
කියා ඔබමනේ කියන්නේ. ඔබ අපවිත්‍ර බවත්, දේවතාවන් පිවිතුරු බවත් පවසන්නේ ඔබමනේ.
එබැවින් ඔබ අපවිත්‍ර අයව අමතන්නේ කුමක් කියාද? මෙවැනි කියමනක් තිබේ මා අමෘතය අතහැර
විෂ පානය කරන්නේ කුමකටද? විෂ නරකයි නේද? පියා පවසන්නේ මෙම විෂ, එය ආරම්භ වන කාලයේ
සිට, මැද මෙන්ම, අවසානය තෙක්ම ඔබට දුක ඇති කරයි. කෙසේවෙතත්, ඔබ එය විෂ බව නොසලකයි.
ඔබ ඔහුගේ ඇබ්බැහිකම අත්හැරිය නොහැකි ඇබ්බැහි වූවෙක් මෙනි, මත්පැන් පානය කිරීම
අතහැරිය නොහැකි බේබද්දෙක් මෙනි. සොල්දාදුවන්ට සටනකට යෑමට කාලය පැමිණි විට, ඔවුන්ව
මත් කිරීම සඳහා මත්පැන් ලබා දෙයි. ඉන්පසුව ඔවුන්ව සටනට යවයි. ඔවුන් මත් වූ පසු
එපමණයි! ඔවුන් කළ යුත්තේ එය බව ඔවුන්ට හැඟෙයි. ඔවුන් මරණයට බිය නොවෙයි. ගුවන්
නියමුවන් බෝම්බ සමඟ ඕනෑම තැනකට පියාසර කර, බෝම්බ සමඟ කඩා වැටෙයි. මිසයිල යුද්ධයක්
තිබුණු බව සිහිකර තිබේ. ඔබට දැන් ප්‍රායෝගික අන්දමකින් නිවැරදි දේ දැකිය හැක. ඔවුන්
ගේ කුසෙන් ඔවුන් මිසයිල මතු කරගත් බවත්, මේ මේ දේ කළ බවත් ඔබ පෙර කල, පත පොතේ කියවා
තිබුණා. පාණ්ඩවයන් වූයේ කවුද, කෞරවයන් වූයේ කවුද කියා, ඔබට දැන් වැටහෙනවා. ජීවමානව
සිටි අතරම, දිව්‍ය ලෝකයේ වැසියන් වීම සඳහා, ඔවුන්ගේ ශරීර අවධානය දියකර හැරීමට,
පාණ්ඩවයන් උත්සාහ දැරුවා. ඔබ දැන් ඔබගේ පැරණි සපත්තු හලා දැමීමට උත්සාහ දරනවා. ඔබ
ඔබගේ පරණ සපත්තුව අතහැර අළුත් එකක් ගන්නා බව, පවසනවා නේද? පියා විස්තර කරන්නේ ඔහුගේ
දරුවන්ට පමණයි. පියා පවසන්නේ මා සෑම චක්‍රයකදීම පැමිණෙනවා. මගේ නම ශිවා. ශිවාගේ
උපන් දිනය සමරනවා. භක්ති මාර්ගයේ බොහෝ දේවාල ආදියද තැනෙනවා. ඔහුට බොහෝ නම් දී තිබේ.
දේවතාවියන්ටද එවන් නම් දී තිබේ. මේ කාලයේදී ඔබ වැඳුම් ලබයි. ඔබ වන්දනා කළ කෙනා, ඔබට
දැන් උගන්වන බව දන්නේ ඔය දරුවන් පමණයි. අප වන්දනා කළ, ලක‍්ෂ්මි සහ නාරායන් බවට අප
දැන් පත් වෙමින් සිටිනවා. මෙම දැනුම, ඔබගේ බුද්ධියේ තිබේ. එය දිගින් දිගටම මතගා,
වෙනත් අයට විස්තර කර දෙන්න. ඔබගෙන් බොහෝ දෙනෙකුට මෙම දේවල් ධාරණය කරගැනීමට නොහැක.
බාබා පවසන්නේ ඔබට වැඩිය ධාරණය කරගැනීමට නොහැකි නම්, එයට කම් නැත. ඔබ සිහිපත් කිරීම
පුහුණු වනවා නේද? පියා පමණක් දිගටම සිහි කරන්න. දැනුම පැවසීමට නොහැකි අය, මෙතැන
අසුන් ගෙන මෙම දේවල් මතගෑ යුතුයි. මෙහි බන්දන හෝ සංකූලතා නැත. ඔබගේ නිවසේ සහ ඔබගේ
දරුවන් ආදීන්ගේ පරිසරයේ ඔබ සිටින විට, ඔබගේ කුල්මත්භාවය අතුරුදහන් වී යයි. මෙහි ඔබට
පිංතූර ද තිබේ. ඕනෑම කෙනෙකුට මෙම පිංතූර විස්තර කර දීම ඉතාමත්ම පහසුයි. එම මිනිසුන්
මුළු ගීතාව ආදියම කට පාඩමින් හදාරයි. සීක්වරුන් ග්‍රාන්ත් පොත, කට පාඩම් කරයි. ඔබ
හඬ නගා කිව යුත්තේ මොනවාද? පියාවයි (ඔහුව සිහි කිරීම). ඔබ මෙසේද කියයි බාබා, මේවා
සම්පූර්ණයෙන්ම අළුත් දේවල්. තමන් ජීවයක් බව සළකා, ඒකායන පියාව සිහිපත් කළ යුතු එකම
කාලය මෙයයි. වසර 5000 කට පෙරද ඔබට මෙය උගන්වන ලදි. මේ අන්දමින් ඔබට විස්තර කිරීමට
වෙනත් කිසිම කෙනෙකුට බලයක් නැත. දැනුමේ සාගරය වන්නේ ඒකායන පියා පමණයි. වෙනත්
කිසිවෙකුට මෙය විය නොහැක. දැනුමේ සාගරය වන පියා පමණයි, ඔබට විස්තර කර දෙන්නේ. මෙකල,
තමන් මේ මේ අවතරණය බව පවසන, බොහෝ මිනිසුන් මතු වී තිබේ. සත්‍යය ස්ථාපිත කිරීමට බොහෝ
බාධා තිබෙන්නේ මේ නිසයි. කෙසේවෙතත්, මෙසේ සිහි කර තිබේ ‘සත්‍යයේ ඔරුව පැද්දෙන
නමුත්, එය කිසිදා ගිලෙන්නේ නැත.‘ ඔය දරුවන් දැන් පියා වෙතට පැමිණ සිටියි. එබැවින්
ඔබගේ හදවත් තුළ බොහෝ සතුට තිබිය යුතුයි. පෙරදා ඔබ වන්දනා ගමන් වල යන විට, ඔබගේ
හදවත් තුළ තිබුනේ මොනවාද? දැන් මෙහි පැමිණීම සඳහා, ඔබගේ ගෘහයෙන් පිටත් වන විට, ඔබට
ඇති වන්නේ කුමන සිතිවිලිද? අප බාප්දාදා වෙතට යනවා. පියා මෙසේද විස්තර කර තිබේ මාහට
අමතන්නේ ශිව බාබා කියා පමණයි. මා ඇතුළු වූ කෙනා, බ්‍රහ්මාය. පෙළපත් වෘක්ෂ තිබෙනවා
නොවේද? පළමුව, බ්‍රහ්මණයින්ගේ පෙළපත් වෘක්ෂය තිබෙන අතර, ඉන්පසුව තිබෙන්නේ
දේවතාවන්ගේ පෙළපත් වෘක්ෂයයි. පියා, දුර ඈත දේශයේ වැසියා, ඔය දරුවන්ව දැන් දූරදර්ශි
කරවයි. ඔබ මුළු චක්‍රයේම විවිධ වංශ වලට ඇතුළු වන ආකාරය ගැන ඔය ජීව දැන් දන්නවා.
දූරදර්ශී පියාට පමණයි ඔබට මෙම දැනුම ලබා දිය හැක්කේ. ඔබ දැන් බ්‍රහ්මණ වංශයට අයත්ව
සිටින අන්දම සහ ඊට පෙර, ඔබට දැනුම නොතිබුණු විට, ඔබ ශුද්‍ර වංශයට අයත් ව සිටි අන්දම
ගැන සිතා බලන්න. ඔහු ඔබගේ මීමුත්තාය. ඔබ ශ්‍රේෂ්ඨ ශුද්‍රයන්, ශ්‍රේෂ්ඨ වෙළෙඳුන් සහ
ශ්‍රේෂ්ඨ ක‍්ෂත්‍රියන් විය. ඊට පෙර ඔබ ශ්‍රේෂ්ඨ බ්‍රහ්මණයින් විය. පියා හැර, වෙනත්
කිසිවෙකුට මෙම දේවල් විස්තර කළ නොහැක. මෙයට දූරදර්ශී දැනුම යැයි කියයි. පියා, දුර
ඈත දේශයේ වාසය කරන්නා, ඔය දරුවන්ට දුර ඈත දේශය පිළිබඳ සියලුම දැනුම ලබා දීමට පැමිණ
සිටියි. අපගේ බාබා, දුර ඈත දේශයේ සිට පැමිණ, මෙම කෙනා තුළට ඇතුළු වන බව ඔබ දන්නවා.
මෙය පිට දේශයක් සහ විදේශ රාජධානියකි. ශිව බාබාට තමන්ගේම සිරුරක් නැත. ඔහු ඥාන
සාගරයයි. ඔහු අපට දිව්‍යලෝක රාජධානිය ලබා දිය යුතුයි. ක්‍රිෂ්ණාට මෙය කළ නොහැක. එය
ලබා දිය හැක්කේ ශිව බාබාට පමණයි. ක්‍රිෂ්ණාට, බාබා කියා කිව නොහැක. පියා ඔබට ඔබගේ
රාජධානිය ලබා දෙයි. ඔබට උරුමයක් ලැබෙන්නේ ඔබගේ පියාගෙන් පමණයි. ඒ සියලුම සීමිත
උරුමයන් දැන් අවසන් වීමටයි යන්නේ. ඔබ සංගම් යුගයෙදී උපත් 21 කට ඔබගේ උරුමය හිමි කර
ගත් බව, ඔබ ස්වර්ණමය යුගයේ සිටින විට ඔබගේ අවධානයේ නොතිබෙයි. ඔබ චක්‍රයෙන් භාගයකට,
උපත් 21 කට, ඔබගේ උරුමය හිමි කරගන්නා බව, ඔබ දැන් දන්නවා. ඔබගේ උරුමය, පරම්පරා 21
කට, එනම් ඔබගේ සම්පූර්ණ ජීවිත කාලය පුරාම (සෑම උපතකදී) පවති. ඔබගේ සිරුර මහළු වන
විට, නිවැරදි කාලයෙදී, සර්පයෙක් උගේ පරණ හැව ඉවත් කර අළුත් එකක් ගන්නා සේ, ඔබ එය
අත්හරියි. අප අපගේ චරිත කොටස් රඟ පාන අතර, අපගේ වස්ත්‍ර පරණ වී තිබේ. ඔබ සැබෑ
බ්‍රහ්මණයින්ය. ගුම් නද දෙන බඹරුන් කියා හැඳින්වෙන්නේ ඔබයි. ඔබ කෘමීන්ව, ඔබ මෙන්
බ්‍රහ්මණයින් බවට පත් කරවයි. කෘමීන්ව මෙහි කැඳවාගෙන විත්, ඔවුන්ට මෙම දැනුම ගුමු නද
දෙන්නට කියා ඔබට කියා තිබේ. ගුමු නද දෙන බඹරෙක්, ඥානය ගුමු නද දෙන අතර, ඇතැම්
කෘමීන්ට පියාපත් වර්ධනය වන අතර, අනෙක් අය මියැදෙයි. ඒ සියලුම නිදසුන් වලින්
හැඳින්වෙන්නේ මෙකල ගැනයි. ඔය ආදරණීය දරුවන්ට, දෙනෙතේ ආලෝකය කියා කියයි. පියා
පවසන්නේ මගේ දෑසේ ආලෝකය! මා ඔබව මාහට අයත් කරවාගෙන තිබේ. එබැවින් ඔබ මගේයි. එවන්
පියෙක්ව ඔබ වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබගේ පාපයන් වැඩියෙන් දුරු වී යයි. වෙනත්
කිසිවෙකු සිහි කිරීමෙන් ඔබගේ පාපයන් දුරු කර ගත නොහැක. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ශරීර
අවධානය දියකර හැරීමට, ඔබගේ දිවි ඇති තුරා උත්සාහ දරන්න. ඔබගේ පැරණි සපත්තුවට සුළු
හෝ බැඳීමක් ඔබ තුළ නොතිබිය යුතුයි.
2. සැබෑ බ්‍රහ්මණයෙක්
වී, ඔවුන්ව ඔබ මෙන් බ්‍රහ්මණයින් බවට පත් කිරිම සඳහා, කෘමීන්ට ඥානය ගුමු නද දෙන්න.
වරදානය:
අම්රිත්
වේලාවේ වැදගත්කම දැනගෙන ඔබට මහත් වාසනාවක් ලැබේවා, මෙම විවෘත නිධන් ගබඩාවෙන් ඔබේ
ඒප්‍රනය පුරවා ගන්න.
අම්රිත් වේලාවේ දී,
ආශිර්වාද පිරිනමන්නා සහ භාග්‍යය පිරිනමන්නා මගින් ඔබට අවශ්‍ය වාසනාවේ රේඛාව ඔබට
ඇඳ ගත හැකිය, මන්ද, ඒ අවස්ථාවේ දී, අවිහිංසක ස්වාමීගේ ස්වරූපයෙන්, ඔහු පිරිපුන්
සෙනෙහසින් ඇත. එබැවින්, මාස්ටර් කෙනෙකු වී ඔබේ උරුමය හිමි කර ගන්න. මෙම නිධානයට
අගුලක් සහ යතුරක් නොමැත. ඒ අවස්ථාවේ දී, මායා පිළිබඳ නිදහසට කරුණු කීම අතහැර දමා
එකම එක සිතිවිල්ලක් තබා ගන්න: මම කවුරු වුවත්, මම කොහොමවුවත්, මම ඔබේ ය. ඔබේ මනස සහ
බුද්ධිය පරමාත්ම පියාට භාරකර හද සිහසුනේ අසුන් ගන්න, එවිට, පියාගේ සියලු වස්තු ඔබ
සතු බව ඔබ අත්විඳිනවා ඇත.
පාඨය:
ඔබ කරන සේවයට
යම් ආත්මාර්ථකාමීත්වයක් මිශ්‍ර වී ඇත්නම්, සාර්ථකත්වය ද මිශ්‍ර වනු ඇත. එබැවින්,
පරාර්ථකාමී සේවාධාරියෙකු වන්න.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
ජීව අවධානයට පත් වීමට
උත්සාහ නොදරන බ්‍රහ්මින්වරුන් නොමැත. කෙසේවෙතත්, නිරන්තරයෙන් ජීව අවධානයෙන් සිට
ඔබගේ භෞතික අවයව සහ සියලු ඉන්ද්‍රියන් මත පූර්ණ ජය ලබා ගැනීමට ඔබ සතෝප්‍රධාන් සහ
පිරිසිදු විය යුතුයි. ඔබගේ සියලු පැරණි සංස්කාර සහ නෑදෑයින්ට ඔබ මුළුමනින්ම ජීවමානව
මියැදීම සදහා ඔබ අභ්‍යන්තරගත විය යුතුයි. ඔබගේ අංකය හිමි වන්නේ මෙම උත්සාහය දැරීම
තුළින්ය.