02.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පාප සියල්ල දානය කරන්න. එවිට සියලු රාහු අපල උපද්‍රව දුරු වී යනු ඇත.
දානයක් දුන් විට සියලු අපල දුරු වේ.
ප්‍රශ්නය:
රුක් අධිපති
පරමාත්ම පියාණන් බ්‍රහස්පතී උදා කර ගැනීම වෙනුවෙත් ඔය භාරතීය දරුවන්ට දෙන දැනුවත්
කිරීම කුමක්ද?
පිළිතුර:
ඕ භාරතීය දරුවනි, ඔබගේ ආදී සනාතන දේවි දේවතා ධර්මය ඉතාමත් උසස්වට තිබුණා. ඔබලා
සියලු ගුණදහමින් පිරි සොළොස් කලාවන්ගෙන් සපිරිව සිටියා. මා සයුරේ ඔය දරුවන්, රාග
ගින්නට හසු වී දැන් අවලස්සන වෙලා. මම දැන් නැවතත් පැමිණ සිටින්නේ ඔබලාව ලස්සන
කරවීමටයි. මෙම අවධානය තිබීමෙන් ඔබට බ්‍රහස්පති දසාව ලබනු ඇත.
ගීතය:
ඕම් නමෝ
ශිවාය!
ඕම් ශාන්ති.
ඔබට ඇසුණේ
කාගේ ගුණ වර්ණනාව ද? අසීමිත පරමාත්ම පියාගෙයි. ඉහළම ඉහළ පියාණන් වන්නේ පරමාත්ම ජීවය
පරම පියායි. කිසිම කෙනෙක් තම ශාරීරික පියාට මෙසේ කියන්නේ නැහැ. මෙම ලෝකයෙන් එපිට
සිටිනා පරමාත්ම පියා. සියලුම ජීවාත්මයන්ගේ පියා ඉහළම ඉහළ කෙතායි. ඔහුගේ නම ශිවායි.
නමක් හෝ රූපයක් නොමැති කිසිවක් තිබෙන්න බැහැ. මේ කාලයේ දී සෑම කෙනෙක්ම රාහු අපලයට
හසුවෙලයි සිටින්නේ. අන්න ඒ නිසා තමයි මෙය කලි යුග ලෝකය කියා කියන්නේ. ග්‍රහ ඵල
රැසක් තිබෙනවා: බ්‍රහස්පතී ග්‍රහයා සිකුරු ග්‍රහයා. ඔබට දැන් ලබා ඇත්තේ: බ්‍රහස්පතී
ග්‍රහයායි. ඉහළම ඉහළ, පරමාත්ම දෙවි ශිව බබාගේ ගුණ වර්ණනාව ඔබට ඇසුණා. ඔහුගේ සැබෑ නම
ශිවායි, නමුත් ඔවුන් ඔහුට විවිධාකාර නම් රැසක් දී තිබෙනවා. ඔහුගේ සැබෑ නම ශිවායි.
පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා. මම බීජයයි. සජීවී ජීවාත්මයයි. ඔහුව
හඳුන්වන්නේ සජීවී ජීවාත්මය. පරම සත්‍යය ලෙසයි. ඔහුට ඒ වගේම සතුටු සාගරය. ප්‍රමෝදයේ
හා සාමයේ සාගරය කියාත් කියනවා. සෑම ගුණ වර්ණනාවක්ම අයිති ඔහුටම පමණයි. භාරතීය
මිනිසුන් ඔහුගේ ගුණ ගයනවා නමුත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ බුද්ධිය
මුලුමනින්ම ගල් වෙලා. එසේ ඔවුන්ගේ බුද්ධිය ගල් කෙරෙවේ කවුද? රාවණයි. ස්වර්ණමය යුගයේ
දී මිනිසුන්ට තිබුණේ දිව්‍යමය බුද්ධියක්. වසර 5000කට පෙර මෙම භාරතය දේවතාවරුන් වාසය
කරනා දිව්‍ය දේශයක්ව තිබුණා. භාරතය අවිනාශී දේශයක් ලෙසින් තිබුණු බව සඳහන් වී
තිබෙනවා. දිව්‍යමය බුද්ධි ඇති දේවතාවරුන් තමයි භාරතයේ වාසය කළේ. මේ කාලයේ එහි
සිටින්නේ ගල් බුද්ධි ඇති අපිරිසිඳු අයයි. ඔවුන් අපිරිසිඳු වුණේ කෙසේදැයි කියා
පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා. තඹ යුගයේදී රාග ගින්න මත අසුන් ගැනීම නිසා
ඔවුන් මුලුමනින්ම අවලස්සන වෙලා. සෑම කෙනෙක්ම රාග ගින්න නිසා දැවී අළු වී ගිහින්.
එයත් අදාල වන්නේ භාරතයටයි. දිව්‍යමය බුද්ධි ඇති දේවතා අධිරාජ්‍යයක් භාරතය පුරා
තිබුණා. එය හැඳින්වූයේ විශ්නු දේශය රාම රාජ්‍යය කියලයි. පරමාත්ම පියා පැමිණ ඔබට
මෙසේ කියනවා: සුමිහිරි, ආදරණීය දරුවනි, ඔබ ස්වර්ණමය යුගයේ සිටිය දී සියලුම
ගුණාංගයන්ගෙන් පිරි සිටියා. මේ ඔබගේ ගුණ වර්ණනාවයි. එහි පාපී දුර්ගුණ නැහැ. රාවණ,
පස් පව් රාජ්‍යය ඇරඹුණේ තඹ යුගයෙනුයි. එමනිසා. රාම රාජ්‍යය රාවණ රාජ්‍යය බවට
පරිවර්තනය වෙනවා. දැන් එය ග්‍රහණයට හසු වෙලයි තිබෙන්නේ. භාරතය මුලුමනින්ම අවලස්සන
වෙලා. හොඳම ග්‍රහයා බ්‍රහස්පතී ග්‍රහයායි. ස්වර්ණමය යුගයේ දී භාරතය පුරා තිබුණේ
බ්‍රහස්පති ග්‍රහයායි. පසුව රිදී යුගයේ දී සිකුරු ලැබු නිසා කලා දෙකකින් එහිදී
අඩුවීමක් සිදු වුණා. එය හඳුන්වන්නේ රිදී යුගය කියලයි. පසුව තඹ හා කලි යුග පැමිණියා.
ඔබ ඉණිමඟේ පහළට ඇද ගෙන වැටුණු අතර ග්‍රහයින් වෙනස් වෙන්න පටන් ගත්තා. මේ කාලයේ දී,
සෑම කෙනෙක් මතම රාහු ලබලා. සූර්යග්‍රහණයක් ඇති වුණු විටෙක දී: දානයක් දෙන්න අපල
ඉවත් කළ හැකියි කියා කියනවා. ආධ්‍යාත්මික පියා දැන් ඔය දරුවන්ට පහදා කියන්නේ මේ
ආධ්‍යාත්මික ඥානයයි. මෙය කිසිම ග්‍රන්ථයක ඥානයක් නොවෙයි. ග්‍රන්ථ ඥානයට කියන්නේ
භක්ති මාර්ගය කියලයි. ස්වර්ණමය හා රිදී යුග වල භක්තියක් තිබුණේ නැහැ. ඥානය, භක්තිය
හා නිරාශාව කියා තිබෙනවා. නිරාශාව කියන්නේ මෙම පැරණි ලෝකය අතහැර දැමිය යුතුය
යන්නයි. මෙය ශුද්‍ර කුලයයි. බ්‍රාහ්මණ, දේවතා. ක්ෂත්‍රිය, වෙළඳ හා ශුද්‍ර වශයෙන්
බහුරූපී ප්‍රතිමාවක් පෙන්වනවා. මෙය භාරතයේ කතාන්දරයයි. ඔවුන් එවන් රූපයක් සෑදුවා
වුවත්. ගල් බුද්ධියක් ඇති අයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි ඔවුන්ට ගල් බුද්ධියක්
තිබෙන්නේ? මන්ද ඔවුන් අපිරිසිඳු නිසායි. භාරතීය ජනතාවට තිබුණේ දිව්‍යමය බුද්ධියකි:
ඔවුන් මුලුමනින්ම පාපයෙන් තොරයි. මීට වසර 5000කට පෙරදී භාරතය දෙලොවක්ව තිබුණා. වෙන
කිසිම දේශයක් තිබුණේ නැහැ. මේ සියල්ල පැහැදිලි කර කියා දෙන්නේ පරමාත්ම පියායි. ඔබට
රාජයෝගාව උගන්වන්නේ කවුරුන්ද? ශිව් ආචාර්යතුමායි. ඔහු ඥාන සාගරයයි. කිසිම
මනුෂ්‍යයෙකුට ඥාන සාගරය, පතීතපාවන කියා කියන්න බැහැ. සෑම කෙනෙක්වම එගොඩ කරවන්නේ එකම
එක පරමාත්ම පියායි. දුක ඇති විට ඔබව රාවණගෙන් මුදවා ගැනීමට පරමාත්ම පියාම පැමිණ.
ඔහුම මඟපෙන්වන්නා වී ඔබව නැවතත් නිවහනට ගෙන යනවා. ඔහුව හඳුන්වන්නේ ආධ්‍යාත්මික මඟ
පෙන්වන්නා කියලයි. පරමාත්ම පියා කියනවා: මම ඔය සෑම ජීවාත්මයකම මඟ පෙන්වන්නායි. මම
ඔය සෑම කෙනෙක්වම නැවතත් නිවසට ගෙන යන්නම්. මා මෙන් තවත් මඟ පෙන්වන්නෙක් නැහැ.
මිනිස්සු කියනවා: පරමාත්ම දෙවි පියාණන් තමයි. විමුක්තිදායකයා. මඟපෙන්වන්නා
ප්‍රමෝදයෙන් පිරි කෙනා කියන්නේ. ඔහු සෑම කෙනෙකුටම කරුණාව දක්වනවා. මන්ද සාගරයේ සෑම
දරුවෙක්ම රාග ගින්නේ අසුන් ගැනීම නිසා දැවී අළු වී ගිහින්. මෙය විශේෂයෙන්ම අදාල
වන්නේ භාරතයටයි. පරමාත්ම පියා කියනවා: ඔබලා සොලොස් කලාවන්ගෙන් සපිරි මුලුමනින්ම
පාපයෙන් තොර අයව සිටියා. රාග ගින්නේ අසුන් ගැනීම නිසා ඔබ සිටි තත්ත්වයෙන් දැන් පත්
වී ඇති තත්ත්වය දෙස මදක් බලන්න. පරමාත්ම පියා දැන් නැවතත් වතාවක් පැමිණ සිටිනවා.
රුක් අධිපති පරමාත්ම පියාණන්, පැමිණ සෑම මානවයෙක්ටම බ්‍රහස්පතී ගෙන එතවා. මේ කාලයේ
දී. විශේෂයෙන්ම භාරතයත් පොදුවේ මුලු ලෝකයමත් රාහුට හසු වෙලයි තිබෙන්නේ. පරමාත්ම
පියා කියනවා: පොදුවේ මුලු ලෝකයටමත් විශේෂයෙන්ම භාරතයටත් මුක්තිය හා විමුක්තිය දානය
කරන්නේ මම ම පමණයි. ඔබ මෙහි පැමිණ සිටින්නේ දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත්
වීමටයි. ඉතාමත් ආදරණීයම කෙනා වන්නේ පරමාත්ම පියායි. සියලුම ආදරවන්තියන්ගේ ආදරවන්තයා
එකම එක්කෙනෙකි. ඔහු සැමගේම පරමාත්ම පියා වන නිසා, සෑම ජාතියකම අය ඕවලාකාර රූපයක්
සාදා වන්දනා කරනවා. භාරතයේ ශිව දේවාල ගණනාවක් තිබෙනවා. එය ඔවුන් හඳුන්වන්නේ
ශිවාලයාව (වාසය කරතා ස්ථානය) කියලයි. ස්වර්ණමය යුගයේ අය අයිතිව සිටියේ දේවතා
ධර්මයටයි. නමුත් එය ඔවුන්ගේ ධර්මය හෝ රාජ්‍යය වශයෙන් පැවතියේ කවදාදැයි කියා කිසිම
කෙනෙක් දන්නේ නැහැ. ස්වර්ණමය යුගයේ කාල පරාසය ඉතාමත් දීර්ඝයි කියා සඳහන් වී
තිබෙනවා. පරමත්ම පියා මෙහි සිට පහදා කියනවා: ඔය දරුවන් මත උපත් 21ක් පුරාවට තිබුණේ
බ්‍රහස්පති ග්‍රහයායි. රුක් අධිපති වන්නේ ඥාන සාගරයයි. පාරිශුද්ධකරුයි, සෑම
කෙනෙක්ම: ඔබ තමයි මව හා පියා අපි ඔබගේ දරුවෝ වෙමු කියා කියන්නේ ඔහු ගැනයි. සෑම
කෙනෙක්ම ඔහුගේ ගුණ ගයනවා. සැබවින්ම ස්වර්ණමය හා රිදී යුග වලදී මහා විශාල
ධනස්කන්ධයක් තිබුණා. පරමාත්ම පියාණන් දෙලොව නිර්මාණය කළ දේව පියාණන් වන නිසා අපිත්
අනිවාර්යෙන්ම දෙව්ලොව සිටිය යුතුයි. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: ඔබ සෑම
කෙනෙක්ම දෙව්ලොව වාසීන් ලෙස සිටියා දැන් අපාය වාසීන් වෙලා. ආදී සනාතන දේවි දේවතා
ධර්මය අයිති භාරතයටයි. ක්‍රිස්තියානි ධර්මයට අයිති අය ඉදිරියට යන්නේ කිතු දහම සමඟ
පමණයි. එමනිසා පරමත්ම පියා අසනවා: ඔය පිරිස දේවතා ධර්මයට අයිතිව සිටලත් ඇයි ඔබ තම
ධර්මය අමතක කරන්නේ? ඉතාමත් ඉහළ ධර්මයක් හා ක්‍රියා රටාවක් තිබුණේ ඔබලාට බව පරමාත්ම
පියා දැන් මතක් කර දෙනවා. දැන් ඔබලා පිරිහිලා. පාපකාරී, දිළින්ඳන් වෙලා. ඔබලා දේව
වන්දනාකරුවනුයි. ඉතින් ඇයි ඔබ තමන්ව හින්දුවරුන් ලෙස හඳුන්වා ගත්තේ? භාරතය පත්ව ඇති
තත්ත්වය කුමක්ද? දේවතා ධර්මයට අයිතිව සිටි අය දුෂිතයින් වී සිටිනා නිසා ඔවුන් දැන්
තවදුරටත් තමන්ව දේවතාවරුන් කියා හඳුන්වා ගන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා. දැන් මේ
ඇත්තේ මෙම අපිරිසිඳු ලෝකයේ අවසානයයි. මහාභාරත යුද්ධය ඉදිරියේමයි. පරමාත්ම දෙවියන්
කියනවා: මම ඔබට ස්වර්ණමය යුගය වෙනුවෙන් රාජයෝගාව උගන්වනවා. ඇත්තේ එකම එක දෙවි
කෙනෙක් පමණයි. අපි ඔහුගේ දරුවනුයි. සලිග්‍රැමයින්. පරමාත්ම පියා කියනවා: වන්දනීයව
සිටි ඔබලා. දැන් වන්දනා කරන බැතිමතුන් වෙලා. ඔබලා දැන් නැවතත් වතාවක් ඥානය ගෙන
වන්දනීය දේවතාවරුන් වෙනවා. පසුව ඔය වන්දනීය දේවතාවරුන් තඹ යුගයේ දී වන්දනාකරුවන්
වෙනවා. ඔබලා මුලු උපත් 84ම ගන්නවා. උපත් 84ක් ගෙන තිබෙනා අය පැමිණ බ්‍රහ්ම කුමර
කුමරියක් වේවි. බ්‍රහ්මා මඟින් ආදි සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය වුණු බව සඳහන්
වී තිබෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා සිටිනා නිසා දරුවනුත් රැසක් සිටිය යුතුයි. ඔහුව
අනිවාර්යෙන්ම මෙහි දී අවශ්‍ය වෙනවා. පුරවැසියන් ගණනාවක් සිටිනවා. මෙම
බ්‍රහමින්වරුන් පසුව දේවතාවරුන් විය යුතුයි. පරමාත්ම පියා පැමිණ ශුද්‍රයින්
බ්‍රහමින්වරුන් කරවා බ්‍රහ්මණ ධර්මය ස්ථාපනය කරනවා. ආදි සනාතන දෙවි දේවතා ධර්මය
ස්ථාපනය වන්නේ මෙම සංගම යුගයේදියි. මෙය සුබ වු සංගම යුගයයි. මෙම යුද්ධයට කියන්නේ
යහසාධක යුද්ධය කියලයි. මෙම විනාශයෙන් පසුව දෙව්ලොවට දොරටු විවර වේවි. ඔබ මෙහි පැමිණ
සිටින්නේ දෙව්ලොව වැසියන් වී විශ්නු දේශයට යාමටයි. ඔය දරුවන් මත දැන් අවිනාශී
බ්‍රහස්පතී ග්‍රහ බලය වැටිලයි තිබෙන්නේ. සොලොස් කලාවන්ගෙන් සපිරි කියා කියනවා. පසුව
ඔබ කලා දෙකකින් අඩු වෙනවා. එයට කියන්නේ: සිකුරු ලබනවා කියලයි. ස්වර්ණමය යුගයේ දී
බ්‍රහස්පතී වන අතර රිදී යුගයේ දී සිකුරුයි. අපි දිගටම පහළට බසිනා අතර ග්‍රහ
බලපෑමුත් වෙනස් වෙනවා. උපතක් උපතක් පාසා වැරදි ග්‍රහයින් පැමිණියා. දැන් පරමාත්ම
පියා නිසා බ්‍රහස්පතී ලබලා. ඔහු අසීමිත පියායි. ඥාන සාගරයයි. පාරිශුද්ධකරුයි. ඔහු
ඔබගේ පරම පියා. ගුරුවරයා හා සත්ගුරුයි. අන් සියල්ල මිත්‍යාවයි. ඒ කිසිවෙකුට කිසිම
කෙනෙකුට විමුක්තිය දානය කරන්න බැහැ. මෙය හඳුන්වන්නේ දුෂිත ලෝකය කියලයි. නමුත් එය
පාපයෙන් තොර ලෝකයයි. දැන් මේ දුෂිත ලෝකයේ සෑම කෙනෙක්ම සිටින්නේ හරිම දුකින්. බලන්න
මොනවා ද සිදු වන්නේ කියලා: යුද්ධය. හිංසනය. හේතු නැති ලේ ගංඟා කියන්නේ මේවාටයි.
කාගේවත් වරදකිනුත් තොරව ඔවුන් කරනා දේ දෙස බලන්න. එක් බෝම්බයක් බිම හෙලාවි. සෑම
කෙනෙක්ම ඉන් සුණු විසුණු වී යාවි. මේ එම සංගම යුගයමයි. ඔය දේවතාවරුන්ට නව ලෝකයක්
අවශ්‍යයි. පරමාත්ම පියා කියනවා: සුමිහිරි දරුවනි. "මන්මනාභව". මෙසේ කීවේ කොයි පියා
ද? ශිව් බාබායි. ඔහු අශාරීරිකයි. ඇත්තටම කියනවා නම් ඔබලාත් අශාරීරිකයි. නමුත් ඔබලා
නැවත උපත් ගන්නා අතර මම ගත්තේ නැහැ. දැන් මේ වන විට සෑම කෙනෙක්ම අපිරිසිඳු වෙලා එකම
එක පාරිශුද්ධ අයෙක්වත් නැහැ. ඔබ අපිරිසිඳු විය යුතුයි. ඔබ සතෝ, රජෝ හා තමෝ මට්ටම්
පසු කර යා යුතුයි. දැන් මෙකල මුලු ගසම අන්ත දිරාපත් තත්ත්වයකට පත් වෙලා. ලෝකය
මුලුමනින්ම වියපත් වෙලා. දැන් නැවතත් එය අලුත් කරවිය යුතුයි. අපිරිසිඳු ලෝකයේ
මිනිසුන් කී දෙනෙක් සිටිනවා දැයි කියා බලන්න. පාරිශුද්ධ ලෝකය පාලනය කිරීමට සිටින්නේ
ඉතාමත් සුළු පිරිසක් පමණයි. ඇත්තේ එක් ධර්මයක් පමණයි. වෙන දහමක් නැහැ. භාරතය
දෙව්ලොව කියා හැඳින්වුවා. සෑම කෙනෙක් තුළම ඉරක්, සඳක් හා මුලු ලෝකයක්ම තිබෙනවා කියා
කියනවා. ස්වර්ණමය යුගයේ 900,000ක් සිටිනා අතර පසුව ඒ ගණන වර්ධනය වෙනවා. මුලදී මල්
ගස ඉතාමත් කුඩායි. කටු කැළය හරිම විශාලයි. දිල්ලි නුවර මුසාල් මල් වත්ත කෙතරම්
ලස්සන ද බලන්න. එතරම් ලොකු මල් වත්තක් තවත් නැහැ. කැළය කෙතරම් විශාල ද බලන්න.
ස්වර්ණමය යුග මල් වත්ත හරිම කුඩායි. පසුව එය වැඩි වර්ධනය වෙනවා. දැන් එය කටු කැළයක්
වෙලා. රාවණ පැමිණි විට, එය කටු කැළයක් වෙනවා. මේ කටු කැළයයි. එකිනෙකා සමඟ ආරවුල්
ඇති කර ගත් විට ඔවුන් මිනී මරා ගන්නවා. ඔවුන් සිටින්නේ හරිම කේන්තියෙන් - වඳුරන්ටත්
අන්තයි කියා කියනවා. පරමාත්ම පියා කියනවා: මගේ ආදරණීය දරුවනි. ඔබලා මත දැන් ඇත්තේ
රුක් අධිපති දෙවියන්ගේ බලයයි. දානයක් දෙන්න. සියලු අපල දුරු වේවි. ඔබ මුලුමනින්ම
පාපයෙන් තොර විය යුත්තේ මෙහිදීයි. පසුව ඔබලා ශරීර අතහැර ගොස් ශිව දේවාලයට යාවි. ශිව
දේවාලයේ ලොකු සතුටක් තිබෙනවා: ඒ දේවතා රාජ්‍යයයි. ශිව දේවාලය කියන්නේ ස්වර්ණමය
යුගයටයි, කලි යුගය වෛශ්‍යාලයාවයි. වෛශ්‍යාලය ස්ථාපනය කළේ රාවනුයි. පරමාත්ම පියා
කියනවා: අපිරිසිඳු බවින් පිරිසිඳු වන්න. කොහොමද එහෙම වෙන්නේ? ගංඟා නදියේ නාලා ද
ත්‍රිවේනි යේ (ගංඟා තුනක් එකතු වන තැන) නාලාද? උපතක් උපතක් පාසා ඔබ එය කළා. මිලියන
ගණන් පිරිස ස්නානයටම එහි යනවා. ගංඟා, වැව්, පොකුණු රැසක් තිබෙනවා. වතුර ඇති ඕන
තැනකට ගිහින් නානවා. තමත් අපිරිසිඳුයි කියා සිතතා නිසා. දිව්‍යත්වයේ දෙවියන් දැන්
ඔබගේ බුද්ධිය දිව්‍යමය කරවනවා. එමනිසා. දිව්‍යත්වයේ දෙවියන් වන එවන් පියෙක්ව ඉතාමත්
සෙනෙහසින් සිහි කළ යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම කටු
කැළයෙන් පිටත් වී මල් වත්තට යාමට නම් සෑම කටුවක්ම (දුර්ගුණ) ඉවත් කර දමන්න. ඔබව
දිව්‍යමය කරවන පරමාත්ම පියාව ලොකු සෙනෙහසකින් සිහිපත් කරන්න.
2. ශුද්‍ර තත්ත්වයෙන්
බ්‍රහ්මණ වී එයින් දේවතාවරුන් වීමට මෙම සුබ මංගල වූ සංගම යුගයේ දී උත්සාහය දරන්න.
රාහු අපල උපද්‍රව දුරු කර ගැනීමට නම් සියලු පාප දන් දෙන්න.
වරදානය:
මෙම සංගම්
යුගයේ දී ඔබේ සෑම ක්‍රියාවක්ම විශේෂ ක්‍රියාවක් ලෙස සිදුකර සොළොස් කලාවන්ගෙන් සපිරි
බවට පත් වේවා.
මෙම සංගම් යුගය යනු
ඔබේ විශේෂ කුසලතා හෙළි කරන යුගයයි. සෑම ක්‍රියාවක්ම සහ සෑම ගුණයක්ම ඔවුන්ගේ ක්‍රියා
වල කුසලතාවයක් ලෙස ප්‍රශංසා කළ යුතුයි. සොළොස් කලාවන්ගෙන් සම්පූර්ණ වීම යනු ඔබේ සෑම
ක්‍රියාකාරකමක්ම විශේෂ කුසලතාවක් ලෙස දැකිය හැකි වීමයි: මෙය පරිසමාප්ත අවධියේ
ලක්ෂණයකි. ඔබ සකාර් බාබාගේ කතා කිරීමේ සහ ඇවිදීමේ ආකාරයන්ගෙන් ඔහුගේ විශේෂත්වය
දුටුවා. ඉතින්, එයද කලාවකි. ඉඳ ගැනීමේ සහ නැගිට සිටීමේ, දැකීමේ කලාව, ඇවිදීමේ කලාව:
සෑම දෙයකම අද්විතීයභාවය සහ විශේෂත්වය තිබුණි. එබැවින්, බ්‍රහ්ම පියාව එලෙසම අනුගමනය
කර සොළොස් කලාවන්ගෙන් සපිරි බවට පත් වන්න.
පාඨය:
බලවත්
පුද්ගලයෙක් යනු යමක් ක්ෂණිකව වටහාගෙන වහාම තීරණයක් ගන්නා අයෙකි.
අව්‍යක්ත සංඥාව: ගිණි
කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණය අත්දකින්න.
ඔබ දරුවන්ගේ යෝගාව
ගිණිකඳු සහ බලවත් වූ විට, පාරිශුද්ධත්වයේ ගින්නට තත්පරයකින් ලෝකයේ කුණු පුළුස්සා
දැමීමට හැකි වනු ඇත. මෙම පාරිශුද්ධත්වයේ බලය මහා බලයකි. අවසානයේදී, ඔබ
සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ වූ විට, ඔබගේ උසස් සෙනෙහෙබර සිතිවිලි වල ගින්න සියලු කුණු
කසළ පුළුස්සා දමනු ඇත.