02.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, කිසිම විටෙක වෙහෙසට පත් වී ස්මරණ වන්දනාව අතහැර දමා යන්න එපා. ජීවාත්ම අවධානයෙන් සිටීමට නිරන්තර උත්සාහයක් දරන්න. මිහිරි ප්‍රසන්න අයෙක් වී පරමාත්ම පියාගේ සෙනෙහසට ලක් වීමට නම් ඔහුව සිහි කිරීමේ රැඳී සිටින්න.

ප්‍රශ්නය:
සොළොස් කලාවන්ගෙන් පූර්ණ වී පරිසමාප්ත තත්ත්වයට පත් වීම සඳහා ඔබ විසින් අනිවාර්යෙන්ම දැරිය යුතු උත්සාහය කුමක්ද?

පිළිතුර:
හැකි උපරිමයෙන්ම තමා ජීවාත්මයක් බව සලකා ස්නේහ සාගර පරමාත්ම පියාව සිහි කරන්න. ඔබ පරිසමාප්තියට පත් වේවි. ඥානය ඉතාමත් පහසුයි. නමුත් සොළොස් කලාවන්ගෙන් පිරීමට නම් ජීවාත්මය පරිපූර්ණ කර ගැනීම සඳහා වන ස්මරණය ඔබ තුළ තිබිය යුතුයි. තමා ජීවාත්මයක් කියා සැලකීමෙන් ඔබ මිහිරි ප්‍රසන්න අයෙක් වේවි; සියලු ගැටුම් ඉන් අහවර වේවි.

ගීතය:
පතන්නෙමු අපි එක් දිය බිඳක පහස... ඔය සෙනෙහෙ සයුරින්...

ඕම් ශාන්ති.
ස්නේහ සාගරය තම දරුවන්වද සෙනෙහසේ සයුරු බවට පත් කරවාලයි. ඔය දරුවන්ගේ අරමුණ හා ඉලක්කය ලක්ෂ්මී හා නාරායන් සේ වීමටයි. සෑම කෙනෙක්ම ඔවුන්ට ඉතාමත් ආදරෙයි. බාබා ඔබලාව ඔවුන් හා මිහිරි අය බවට පත් කරවනා බව ඔය දරුවන් දන්නවා. ඔබලා මිහිරි වන්නේ මෙහිදියි. කෙසේවෙතත් ඔබ ඒ තත්ත්වයට පත් වන්නේ සිහි කිරීමෙන් පමණයි. භාරතයේ යෝගාව ගැන සඳහන් වී තිබෙනවා: ස්මරණය යනු මෙයයි. ඔවුන් මෙන් ඔබත් ලෝකපාලක වරුන් බවට පත්වන්නේ මෙම ස්මරණය තුලිනුයි. ඔය දරුවන් විසින් දැරිය යුතු උත්සාහය මෙයයි. තමන් බොහෝ දේවල් දන්නවා කියා අහංකාර වන්න එපා. ප්‍රධානම දෙය සිහිකිරීමයි. ඔබට සෙනෙහස ගෙන එන්නේ සිහි කිරීමයි. ඉතාමත් මිහිරි ප්‍රසන්න කෙනෙක් වී උසස් තත්ත්වයකුත් දිනා ගැනීමට ඔබට අවශ්‍ය නම් උත්සාහ දරන්න. නැතිනම් පසුතැවිලි වීමට සිදු වේවි. පියාව සිහි කළ නොහැකිව සිටිනා දරුවන් රාශියක් සිටිනවා. ඔවුන් වෙහෙසට පත්ව සිටිනා නිසා පියාව සිහි කිරීමත් නතර කර දමලා. පළමුවෙන්ම ජීව අවධානයට පත් වීමට දැඩි උත්සාහයක් දරන්න. නැතිනම් ඔබ ලබනා තත්ත්වය ඉතාමත් පහත් තත්ත්වයක් වේවි. ඔබ නැවතත් කිසිදු විටෙක මිහිරි වන එකක් නැහැ. සිහි කිරීමේ නිරතව සිට බොහෝ දරුවන් මහත් සෙනෙහසක් දිනා ගන්නවා. පියාවම පමණක් සිහියේ තිබිය යුතුයි. වැඩි වැඩියෙන් ඔහුව සිහි කළ තරමට ඔබත් වැඩි වැඩියෙන් මිහිරි වේවි. ලක්ෂ්මි හා නාරායන් ඔවුන්ගේ පෙර උපත් වලදී ඉතාමත් ඉහළින් දෙවියන්ව සිහි කළා. ඔවුන් එතරම් මිහිරි වූයේ මෙම සිහි කිරීමෙනුයි. ස්වර්ණමය යුගයේ සූර්ය වංශය පළමු අංකය වන අතර චන්ද්‍ර වංශය දෙවන අංකය වෙනවා. ලක්ෂ්මි හා නාරායන් දැඩි සේ සෙනෙහසට ලක් වෙනවා. ලක්ෂ්මි හා නාරායන්ගේත් රාමා හා සීතාගේත් හැඩරුවේ විශාල වෙනසක් තිබෙනවා. ලක්ෂ්මි හා නාරායන්ව කවදාවත් කිසිම කෙනෙක් අපහාසයට ලක් කර නැහැ. ක්‍රිෂ්ණාව වැරදීමකින් අපහාසයට ලක් වුණා. රාමා සීතාවත් අපහාසයට ලක්ව තිබෙනවා. පරමාත්ම පියා කියනවා: තමන් ජීවාත්මයන් කියා සැලකූ විට ඔබ ඉතාමත් මිහිරි ප්‍රසන්න අයෙක් බවට පත් වේවි. තම තමන් ජීවාත්මයන් ලෙස සලකා ගෙන පරමාත්ම පියාව සිහි කිරීමෙන් මහත් වින්දනයක් විඳිය හැකියි. වැඩි වැඩියෙන් ඔහුව සිහි කළ තරමට වැඩි වැඩියෙන් ඔබ සතෝප්‍රධාන් වේවි. ඔබ සොලොස් කලාවන්ගෙන් පිරේවි කලා 14 කින් පමණක් පිරීමත් සලකන්නේ අඩුපාඩුවක් ලෙසිනුයි. එවිට තව තවත් දුබලතාවයන් ඇති වෙන්න පටන් ගන්නවා. ඔබ සොලොස් කලාවන්ගෙන් පූර්ණ විය යුතුයි. ඥානය ඉතාමත් පහසුයි: ඕනෑම කෙනෙකුට එය ඉගෙන ගත හැකියි. ඔබ සෑම කල්පයකදීම උපත් 84 ක් ගනිමින් සිටියා. මුළුමනින්ම පාරිශුද්ධත්වයට පත් වන තෙක් ඔබ කිසිම කෙනෙකුට නිවහන වෙත නැවත යා නොහැකියි. නැතිනම් දඬුවම් විඳීමට සිදු වේවි. බාබා ඔබට නැවත නැවතත් පහදා දෙන්නේ: හැකි උපරිමයෙන් මෙම එක් කරුණ හොදින් ධාරණය කර ගන්න: මම ජීවාත්මයක්මි. මා වන ජීවාත්මය මගේ නිවසේ සිටිනා විට මම සතෝප්‍රධාන්. පසුව මම මෙහි පැමිණ උපත් ගන්නවා. එක් එක් අය එක් එක් උපත් ගණන් ගන්නවා. අවසානය වන විට සියලුම ජීව සත්තාවන් තමෝප්‍රධාන් වී සිටීවි. ලෝකයේ ගරුත්වය එන්න එන්නම පහළ බහිනවා. නිවසක් අළුත් වට තිබෙනා විට ලොකු සුවයක් දැනෙනවා. පසුව එය කැඩෙන්න බිඳෙන්න පටන් ගන්නවා. කලාවන් එන්න එන්නම පහළ බසිනවා. පරිපූර්ණ ලෝකයට යාමට ඔබට අවශ්‍ය නම් ඔබ පරිසමාප්ත විය යුතුයි. හුදෙක් දැනුමින් පමණක් පිරී සිටීම පරිසමාප්ත බව කියා කියන්න බැහැ. ජීවාත්මය පූර්ණ විය යුතුයි. හැකි උපරිමයෙන් තමා ජීව සත්තාවක්. බාබාගේ දරුවෙක් කියා සලකන්න. ඇතුලාන්තයේ විශාල සතුටක් විඳිය යුතුයි. තමන් අහවල් අහවල් කෙනාගේ දරුවායයි කියා ශාරීරික අවධානයට පත් වීමෙන් මිනිස්සු සතුටට පත් වෙනවා. ඒ කුල්මත් බව තාවකාලිකයි. ඔය දරුවන් දැන් තම බුද්ධියේ යෝගාව මුළුමනින්ම පරමාත්ම පියා හා සම්බන්ධ කර ගත යුතුයි. ඔබ මේ සම්බන්ධයෙන් කලබලයට පත් විය යුත්තේ නැහැ. පිටරටකට හෝ කොහේට හෝ යාමට සිදු වුවත් මෙම එක් කරුණ හොඳින් ධාරණය කර ගන්න: මම බාබාව සිහි කළ යුතුයි. බාබා තමයි ස්නේහ සාගරය. මෙම ගුණ වර්ණනාව කිසිම මනුෂ්‍ය යෙකුට අදාල වන්නේ නැහැ. ජීව තම පියාගේ ගුණ ගයනවා. සෑම ජීවයක්ම සහෝදරයෙක්ය. ඒ සියලුම ජීවයන්ගේ පියා එකම එක් අයෙකි. පරමාත්ම පියා සෑම කෙනෙකුටම කියන්නේ: දරුවනි, සතෝප්‍රධාන්ව සිටි ඔබලා දැන් තමෝප්‍රධාන් වෙලා. තමෝප්‍රධාන් වීමෙන් ඔබලා අසතුටට පත් වෙලා. දැන් පරමාත්ම ජීවය වන පරමාත්ම පියා අපට කියන්නේ: මුලදී ඔබලා පරිපූර්ණව සිටියා. සෑම ජීවයක්ම එහි සිටිනා විට පූර්ණව සිටිනවා වෙනස් වෙනස් චරිත කොටසක් රඟදැක්වුවත් ඔවුන් පරිපූර්ණයි. පාරිශුද්ධත්වයෙන් තොරව කිසිම කෙනෙකුට එහි යා නොහැකියි. සතුටු දේශයේ ඔබට සතුටත් සාමයත් තිබෙනවා. අන්න ඒ නිසා තමයි ඔබගේ ධර්මය ඉහළම ඉහළ ධර්මයක් වන්නේ ඔබට ඇත්තේ සීමාවක් නැති සතුටක්. කුමන තත්ත්වයකටද ඔබ පත් වන්නේ කියා මදක් සිතා බලන්න. ඔබලා ලෝක පාලක වරුන් බවට පත් වෙනවා. එය දියමන්තියක් මෙන් වටිනා ජීවිතයකි. දැන් ඇති උපත සිප්පි කටුවක් වගේයි පරමාත්ම පියා දැන් ඔබට පියාව සිහි කරන්නැයි කියා සංඥා කරනවා. ඔබ ඔහුට කන්නලව් කළා පැමිණ අප අපිරිසිදු අයව පාරිශුද්ධ කරන්න. ස්වර්ණමය යුගයේදී ඔවුන් මුළුමනින්ම පාපයෙන් තොරයි. රාමා හා සීතා පරිපූර්ණ අයයි කිව නොහැකියි. ඔවුන් ගියේ දෙවන කොටසටයි. ඔවුන් ස්මරණ වන්දනාවෙන් සමත් වූයේ නැහැ. ඔබ ඥානයෙන් කෙතරම් දක්ෂ වුවත් ඉන් පමණක් පියාට ඔබව මිහිරි වන්නේ නැහැ. පියාව සිහිකිරීමේ ඔබ නිරතව සිටියහොත් පමණයි ඔබ මිහිරි වන්නේ. එවිට ඔබට පියාවත් ඉතාමත් මිහිරිවට දැනේවි. මෙම ඉගෙනුම කාටත් පොදුයි. පාරිශුද්ධ වී පියාව සිහිකරන්න. ඉතාමත් ප්‍රවේශමෙන් මෙය සටහන් කර ගන්න. ස්මරණ වන්දනාවේ ඔබ නිරත වුණු විට සිදුවන සියළුම ගැටුම් හා වැඩි වර්ධනය වන අහංකාරය නතරව යාවි. ප්‍රධානම දෙය නම් තමා ජීවයක් බව සළකා පරමාත්ම පියාව සිහි කිරීමයි. ලෝකයේ සිටිනා මිනිසුන් බොහෝ සෙයින් රණ්ඩු සරුවල් කර ගන්නවා. ඔවුන් තම තමන්ගේම ජීවිත විෂ සහිත කර ගන්නවා. ස්වර්ණමය යුගයේදී මේ ලෝකය ඇත්තේ නැහැ. තව තවත් ඉදිරියට යන විට මිනිසුන්ගේ ජීවිත තව තවත් විෂකුරු විය හැකියි. මේ වස සයුරයි. සෑම කෙනෙක්ම සිටින්නේ අපායේ ගැඹුරු ආගාධයේයි. කිළිටි හැසිරීම් ගණනාවක් තිබෙනවා. එය දවසින් දවස වැඩි වෙමින් පවතිනවා. මෙය හඳුන්වන්නේ කිළිටි ලෝකය කියලයි. ඔවුන් නිතර නිතරම එකිනෙකාට දුක් දී ගන්නේ ශාරීරික අවධානය හා රාගය නම් වූ භූතාත්මයන් නිසයි. පරමාත්ම පියා කියනවා: ඒ භූතාත්මයන් පලවා හරින්න. ඔබව අවලස්සන කරවන්නේ ඒ භූතයනුයි. රාග ගින්නේ අසුන් ගෙන සිට ඔබ අවලස්සන වුණු විට පරමාත්ම පියා පැමිණ කියනවා: ඥාන අමෘතය වැස්ස වීමට මම දැන් පැමිණ සිටිමි කියලා. ඔබ දැන් පත් වන්නේ කුමන තත්ත්වයකටද? එහි ඇති මාළිගා දියමන්තියෙන් සෑදුණු ඒවායි. එහි සෑම සැපක්ම තිබෙනවා. මෙහි ඇති සෑම දෙයක්ම කළවම් වුණු දේවලුයි. බලන්න ඔවුන් එළදෙනුන්ට කන්න දෙන්නේ මොනවාද කියලා සියලුම පෝෂ්‍ය ගුණ හා ශක්තිය ඇඳ ගෙන නිකම් පිදුරු විතරයි කන්න දෙන්නේ. එළදෙනකටවත් හරියට කන්න ලැබෙන්නේ නැහැ. ක්‍රිෂ්ණාගේ එළදෙනුන් හා එය සසඳා බලන්න. ඒ සතුන් ඉහළම ගණයේ සතුනුයි ස්වර්ණමය යුගයේ සතුන් කොයි වගේද කියා අහන්නවත් දෙයක් නැහැ. උන්ව දැකීමත් සතුටක්. මෙහි සෑම දෙයකින්ම සෑම සාරයක්ම උරාගෙන හමාරයි. මෙය ඉතමත් කිලිටි ලෝකයක්. ඔබගේ හඳවත එයට ඇලී නොයා යුතුයි. පරමාත්ම පියා කියනවා: ඔබලා ඉතාමත් දූෂිත අය වෙලා. බලන්න යුද්ධ වලදී මිනිසුන් එකිනෙකාව මරා ගන්නේ කොහොමද කියලා. පරමාණු බෝම්බ නිපදවූවන්ට මහා ඉහළින් ගරු සත්කාර කරනවා. සියල්ලම විනාශ කර දමන්නේ ඒ දේවලුයි. අද දවසේ සිටිනා මිනිස්සු කොයි වගේද හෙට දවසේ ඒමට සිටිනා අය කොයි වගේ වේවිද කියා පරමාත්ව පියා දැන් මෙහි ඉදගෙන ඔය දරුවන්ට කියා දෙනවා. ඔබ දැන් සිටින්නේ අතර මැද්දේයි. යහපත් ඇසුර ඔබව එගොඩ කරවන අතර නරක ඇසුර ඔබව ගිල්වා දමයි. ඉතාමත් උසස්ම උසස් මිනිසුන් බවට පත්වීමට ඔබලා පරමාත්ම පියාගේ අත අල්ලාගෙන සිටිනවා. කෙනෙක් පිහිනීමට ඉගෙන ගන්නා විට උගන්වන කෙනාගේ අත අල්ලාගෙන සිටිය යුතුයි. නැතිනම් ඔහුගේ හුස්ම හිර වේවි. මෙහිදීත් ඔබලා බාබාගේ අත අල්ලාගෙන සිටිය යුතුයි. නැතිනම් මායා ඔබව පහළට ඇඳ දමාවි. ඔබලා මුළු ලොවම දෙව්ලොවක් බවට පත් කරවනවා. ඔබලා තමන් කුල්මත් තත්ත්වයකට ගෙන ආ යුතුයි. ශ්‍රීමත් අනුගමනය කර අපි අපගේම රාජ්‍යය ස්ථාපනය කර ගන්නවා. සියලුම මිනිසුන් දන් දෙනවා. මිනිස්සු පැවිදි තාපසවරුන්ටත් මුදල් දෙනවා. වන්දනා ගමන් වලදී එවන් නොයෙක් අයට දානමාන දෙනවා. අඩුම තරමේ හාල් මිටක් හෝ අනිවාර්යෙන්ම ඔවුන් දන් දෙනවා. ඒ සියල්ල භක්ති මාර්ගයේ සිට පැවත ආ දේවල්ය. පරමාත්ම පියා දැන් අපව ද්විත්ව දානපතීන් කරවනවා. පියා කියනවා: වර්ග අඩි තුනක බිම් කඩක දේව විශ්ව විද්‍යාලයකුත් රෝහලකුත් අරඹන්න. මිනිසුන් පැමිණ ඉන් උපත් 21 කට සුවය ලබා ගනීවි. මේ කාලේ ඇති විවිධාකාර ලෙඩරෝග දෙස මදක් බලන්න. ඇතැම් පුද්ගලයින්ගේ ලෙඩරෝග නිසා හමන දුඟද නිසා රෝහලකට ඇතුලු වන විටම පිළිකුලක් දැනෙනවා. කර්ම වේදනාවන් ඉතාමත් බරපතලයි. පරමාත්ම පියා කියනවා: මේ සෑම දුකකින්ම මිදීමට නම් ඔබ කළ යුත්තේ නිකම්ම මා සිහි කිරීම පමණයි. මම ඔබට වෙන කිසිම අපහසුතාවයක් දෙන්නේ නැහැ. ඔය දරුවන් බාධා රැසක් අත්විඳ ඇති බව බාබා දන්නවා. පාපකාරී මිනිසුන්ගේ මුහුණු සම්පූර්ණයෙන්ම වෙනස් ඒ මුහුණු මළමිණී වගේ වෙනවා. මත්පැන් නොබී සිටින්න බැරි බේබද්දන් වගේ තත්ත්වයකට ඔවුන් පත් වෙනවා. මත්පැන් නිසා ඔහු මත් වුවත් එය රඳන්නේ කෙටි කාලයකට පමණයි. මිනිසුන්ගේ ආයු කාලය මෙතරම්ම කෙටි වී ඇත්තේ පාප දුර්ගුණ නිසායි. පාපයෙන් තොර දේවතාවරුන්ගේ ආයුකාලය සාමාන්‍යෙයන් වසර 125 ක් 150 ක් වෙනවා. සදා නරෝගී තත්ත්වයකට ඔබ පත් වුණු විට ආයුකාලයත් දීර්ඝ වේවි. නේද? එවිට ඔබට ලෙඩරෝග වලින් තොර වූ ශරීරයක් ලද හැකියි. පරමාත්ම පියා සදාතනික වෛද්‍යවරයා කියාත් හඳුන්වනවා. සත්ගුරු ඥාන තෙල දෙන විට මෝහ අන්ධකාරය දුරුවී යනවා. ඔවුන් පියා ගැන නොදන්නා නිසා තමයි මෝහ අන්ධකාරයක් ගැන කියන්නේ මෙය අදාල වන්නේ භාරත වැසියන්ටයි. මෙන්න මේ කාලයේ ක්‍රිස්තුන් වහන්සේ සිටියා කියා ඔවුන් දන්නවා. එවන් දින සෑම එකක් ගැනම මුළු ලැයිස්තුවක්ම තිබෙනවා. පොප්තුමන්ලා පත් වුණු පිළිවෙල ගැනත් ඔවුන් දන්නවා. කිසිම කෙනෙකුගේ ජීවිත කතාව ගැන නොදැන ගෙන සිටින්නේ භාරතය පමණයි. අහෝ පරමාත්ම ජීවයනි, දුක නැති කර සතුට දානය කරන්නානෙනි, මව්නි, පියතුමනි කියා ඔවුන් කන්නලව් කරනවා. අච්චා, මවගේ හා පියාගේ චරිත කථාව අපට කියා දෙන්න. ඔවුන් කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. මෙය ඉතාමත් උසස්ම උසස් සංගම යුගය බව ඔබ දන්නවා. අපි දැන් ඉතාමත් උසස් මිනිසුන් බවට පත් වෙමින් සිටිනවා. එමනිසා අපි හොදින්ම ඉගෙන ගතයුතුයි. බොහෝ අය සමාජ මත අදහස් වල හොඳටම පැටලිලා. මේ බාබා කවුරුවත් ගැන බැලුවේ නැහැ. ඔහුට සෑහෙන අපහාස එල්ල වුණා. එවන් දේවල් ගැන ඔහු සිහිනයකින්වත් හිතුවේ නැහැ. කෙසේවෙතත් තමන්ගේ ගමන යමින් සිටි අතර බ්‍රහමිණ්වරයා පැටලුණා. බාබා ඔහුව බ්‍රහ්මිවරයෙක් බවට පත් කළ පසුව පමණයි ඔහුට අපහාස එල්ල වන්න පටන් ගත්තේ. මුලු දේශීය කවුන්සිලයම එක් පැත්තක ඉදිත්දී අනිත් පැත්තේ සිටියේ දාදා පමණයි. මුළු සින්ද්ධි සමූහයම ඇසුවේ: ඔබ මොනවාද කරන්නේ? ගීතාවේ කියනවා: රාගය තමයි ලොකුම සතුරා කියලා. මෙය දමනය කිරීමෙන් ඔබට මුළු ලෝකයේම පාලකවරයෙක් විය හැකියි. මෙය සඳහන් වී ඇත්තේ ගීතාවෙයි. රාගය දමනය කර ගැනීමෙන් ඔබට මුළු ලෝකයම ජයගත හැකියි කියා කව්දෝ කෙනෙක් මා ලවා කියවා ගන්නවා. ලක්ෂ්මි හා නාරයනුත් මෙය ජය ගත්තා. මෙහි යුද්ධයක් ගැන සඳහනක් නැහැ මා පැමිණ සිටින්නේ දෙව්ලොව රජදහන ඔබට දීමටයි. දැන් පාරිශුද්ධ වී පරමාත්ම පියාව සිහි කරන්න. තමන් පාරිශුද්ධ වන්නම් කියා බිරිඳ කියද්දී සැමියා තමාට පාරිශුද්ද විය නොහැකියි කියා කියනවා නම්, ඒ මොහොතේදී එක් අයෙක් හංසයෙක් වන අතර අනිත් කෙනා පාත්තයෙක් වෙනවා. පරමාත්ම පියා පැමිණෙන්නේ ඔබව ඥාන මිණිමුතු අහුලා ගන්නා හංසයින් බවට පත් කරවීමටයි. කෙසේවෙතත්, එක් අයෙක් පිරිසිදු වී අනිත් කෙනා එසේ නොමැති වුණු විට රණ්ඩු සරුවල් ඇති වෙනවා. මුල් කාලයේ විශාල ශක්තියක් තිබුණා. කිසිම කෙනෙකුට දැන් එවන් ශක්තියක් නැහැ තමන් උරුමක්කරුවන් කියා ඔවුන් කීවත් උරුමක්කරුවෙක් වෙනවා යන්න සමපූර්ණයෙන්ම වෙනස් දෙයක්. මුල් කාලයේදී සිදුවුණු දෙය ඔවුන්ගේ පුදුමයයි. ලොකු ලොකු ගෙවල් වලින් පැමිණි අය සියල්ල අතහැර දමා තම උරුමය දිනා ගැනීමට පැමිණියා. එමනිසා ඔවුන් සුදුස්සන් බවට පත් වුණා. මුල් කාලයේ පැමිණි අය මහා පුදුම දේවල් කළා. කලාතුරකින් තමයි එවන් කෙනෙක් දැන් බිහි වන්නේ දැන් අය සමාජ මත ගැන බොහෝ සැලකිලිමත් වෙනවා. මුල් කාලයේ පැමිණි අය ලොකු ධෛර්යයක් පෙන්නුම් කළා. කලාතුරකින් කෙනෙකුට තමයි එවන් ධෛර්යක් දැන් තිබෙන්නේ. ඔව් දුප්පතුන්ට ඒ ධෛර්යය තිබෙනවා. මාලාවේ පුරුකක් වීමට නම් ඔබ උත්සාහ දැරිය යුතුයි. රෝසරිය ඉතාමත් දිගුයි. අටේ, එකසිය අටේ හා දහසය දහස් එකසිය අටේ මාලාවන් තිබෙනවා. පියාම කියන්නේ: ඇති තරම් උත්සාහ දරන්න. තමා ජීවයක් බව සලකන්න. ඇතැම් අය ඇත්ත කියන්නේ නැහැ. තමන් හරිම හොඳයි කියා සිතා ගෙන සිටිනා අය පවා පාප කරනවා. ඔවුන් දැනුමින් පිරි ජීවයන් වුවත් දැනුම හොඳින් පැහැදිලි කළ හැකි වුවත් ඔවුනට යෝගාව නැහැ. එමනිසා, ඔවුන්ට බාබාගේ හදවතේ අසුන් ගන්න බැහැ. බාබාව සිහි කළේ නැතිනම් ඔවුන්ට බාබාගේ හද සිහසුනට නැඟ ගන්නත් බැරි වෙනවා. සිහිකළොත් සිහි කෙරේවි. මුල් කාලයේ අය එක් ක්ෂණයකින් තමන්ව කැප කෙරෙව්වා. තමාව කැප කරවීම නැන්දම්මාගේ ගෙදර යනවා වගේ දෙයක් නොවෙයි. ප්‍රධානම දෙය සිහි කිරීමයි. සතුටේ රසදිය කඳ ඉහළ යන්නේ එවිටයි. ඔබගේ කලාවන් ක්‍රම ක්‍රමයෙන් පහත බසිනා විට දුකත් වැඩි වෙන්න පටන් ගත්තා. දැන් කලාවන් වැඩිවුණු තරමට සතුටේ රසදිය කඳත් ඉහල නගීවි අවසානයේ දී ඔබට සියල්ල දැනගත හැකි වේවි. ඉතාමත් හොඳින් සිහිකිරීමේ නිරත වූවන් මොනවාද ලබන්නේ කියා ඔබට දැන ගත හැකි වේවි. විනාශය සිදු වන අතර දෙව්ලොව දර්ශන දැකීමේ ඔබ රැඳී සිටීවි. බාබා ඔබට නැවත නැවතත් කියා දෙනවා: ඔබගේ සිහිකිරීම වැඩිකර ගන්න. කාට හෝ දැනුම පොඩ්ඩක් කියා දුන්නයි කියා බාබා සතුටු කරවන්න බැහැ. රාමාගේ නම ජප කරමින් ගඟින් එතෙර විය හැකියි කියා කියූ පණ්ඩිතයෙකුගේ කථාව ඔබ අසා ඇති. මින් අදහස් වන්නේ ශ්‍රද්ධාව ඇති තැන ජය ඇති බවයි. පරමාත්ම පියා කෙරෙහි සැක ඇතිකර ගතහොත් ඔබ ඇදී ගෙන යන්නේ විනාශය කරායි. පාප දුරුවන්නේ පරමාත්ම පියාව සිහි කිරීමෙනුයි. දිවා රැය පුරා උත්සාහ දරන්න. එවිට භෞතික ඉන්ද්‍රියන්ගේ දැඟලිල්ල නතර වේවි. මෙයට දැඩි උත්සාහයක් අවශ්‍යයි. ස්මරණ වාර්තාවක් තබා නොගන්නා අය රාශියක් සටිනවා. ඔවුන්ට කිසිම ගැඹුරු පදනමක් නැහැ. හැකි උපරිමයෙන් සෑම අවස්ථාවකදීම එම සිහි කිරීමේම රැඳී සිටින්න. ඔබ සතෝප්‍රධාන් සොලොස් කලාවන්ගෙන් පිරුණු අයෙක් වන්නේ එවිට පමණයි. පාරිශුද්ධත්වය සමග ස්මරණ වන්දනාවත් තිබිය යුතුයි. පාරිශුද්ධව සිටි විට පමණයි ඔබට ස්මරණයේ රැඳී සිටිය හැකි වන්නේ. මෙම කරුණ ඉතාමත් හොඳින් ධාරණය කර ගන්න. පරමාත්ම පියා ඉතාමත් නිරහංකාරයි. තව තවත් ඉදිරියට යන විට සෑම කෙනෙක්ම ඔබගේ දෙපා ඉදිරියේ වැඳ වැටේවි. සැබැවින්ම මේ මව්වරුන් දෙව්ලොව දොරටු විවර කරනවායි කියා ඔවුන් කියාවි. සිහිකිරීමේ බලය තවමත් මදි. ශාරීරික අයව සිහි කරන්න එපා. තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමට විශාල උත්සාහයක් දැරිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දුක්දෙන මෙම පැරණි අපිරිසිදු ලෝකයට ඔබගේ හදවත බැඳ තබා ගන්න එපා. පරමාත්ම පියාගේ අත අල්ලාගෙන ඔබට එතෙර විය හැකියි.

2. රෝසරියේ පබළුවක් වීමට නම් ඉතාමත් හොඳ ධෛර්යයකින් උත්සාහ දරන්න. ඥාන මුතුකැට අහුලා ගන්නා හංසයෙක් වන්න. කිසිම පාප ක්‍රියාවක් කරන්න එපා.

වරදානය:
උපකරණයක් වීමේ අවධානය තිබීමෙන්, ඔබ සිදු කරන සේවයේ සාර්ථකත්වය ලබන ශ්‍රේෂ්ඨ සේවාධාරියෙක් වේවා.

උපකරණයක් යන අවධානය තිබීමෙන්, ඔබ සිදු කරන සේවයෙන් ඉබේටම සාර්ථකත්වය ලැබෙයි. උපකරණයක් වීමේ අවධානය නොමැති නම්, සාර්ථකත්වය නොමැත. ශ්‍රේෂ්ඨ සේවාධාරියෙක් සෑම පියවරක්ම පියාගේ පියසටහන් මත තබා, සෑම පියවරකදීම ශ්‍රේෂ්ඨ උපදෙස් අනුගමනය කිරීමෙන්, සෑම පියවරක්ම ශ්‍රේෂ්ඨ කරගනී. ඔබගේ සේවයේ සහ තමන් තුළ සියලු නිෂ්ඵලත්වය අවසන් වන තරමට, එයට අනුව ඔබ වඩාත් බලවත් වන අතර එවන් බලවත් ජීවාත්මයක් සෑම පියවරකදීම සාර්ථකත්වය ලබයි. ශ්‍රේෂ්ඨ සේවාධාරියෙකුට නිරන්තරයෙන් උනන්දුව සහ උද්යෝගය තිබෙන අතර අන් අයටද උද්යෝගය ලබා දෙයි.

පාඨය:
දේවමය සේවය වෙනුවෙන් ඔබව පුද දෙන්න, එවිට ඔබට නොකඩවා තුති ලැබෙයි.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස් රැහැන ඔබව බොහෝ දුර සිට සමීපයට ඇද ගනී. මෙම සෙනෙහස ඔබට කෙතරම් සතුට ලබා දෙන්නේද යත්, ඔබ තත්පරයකට වුනත් මෙම සෙනෙහස තුළ ගිලී සිටින විට, සියලු බොහෝ දුක් ඔබට අමතක වී, ඔබ නොකඩවා සතුටු ඔංචිල්ලාවේ සෑම කලටම පැද්දෙයි. පරම පියා තුළ ඔය දරුවන් කෙරෙහි කෙතරම් සෙනෙහස තිබේද යත්, ජීවිතයේ සතුට සහ සාමය වෙනුවෙන් ඇති ඔබගේ සියලු ආශා ඉටු වෙයි. පියා ඔබට සතුට ලබා දෙනවා පමණක් නොවෙයි, ඔහු ඔබව සතුටු නිධන් ගබඩාවක පාලකයෙක් බවට පත් කරවයි.