02.08.26    Avyakt Bapdada      Sinhala Murli     17.02.2011    Om Shanti    Madhuban


ජීවාත්මයන්ට බිඳක් හෝ ලබා දීමට ඔබගේ මනසින් සේවය කරන්න. දීර්ඝ කාලයක් පුරා තීව්‍ර උත්සාහයේ යෙදී, නිති සූදානමින් සිටින්න, එවිට ඔබ මාලාවේ පබුළුවක් වෙයි.


අද දින, සෙනෙහසේ සාගරය වන පරම පියා, ඔහුගේ ආදරණීය දරුවන් හමුවීමට ඇවිත්. දරුවන් මෙසේ සිහි කළා, “මගේ බාබා, එන්න!” එබැවින් පියා පවසන්නේ: මගේ ආදරණීය දරුවනේ, සෙනෙහසට කෙතරම් ආකර්ෂණයක් තිබේද යත්, සෑම දරුවෙක්ම පියාව ඔවුන් සතු කරගෙන ඇති අතර පරම පියා සෑම දරුවෙකුටම: “මගේ දරුවා”, යැයි පවසා, සෑම දරුවෙක්වම ඔහු තුළ මුසු කර තිබේ. එය විශ්මයකි! දරුවන් පැවසුවේ “මගේ බාබා” කියා, එමෙන්ම “මගේ” යන වචනය බොහෝ සෙනෙහසින් පිරී ඇති නිසා පරම පියා ද මෙසේ කියා තිබේ: “මගේ දරුවනේ”. සෙනෙහස කෙබඳුද යත්, එය ඔබ සිටි ආකාරයෙන් ඔබව මුළුමනින්ම වෙනස් කරයි. සෑම දරුවෙකුගේම නළලින් සෙනෙහසේ රළ ගලා යන අතර බාප්දාදා මෙය දැකීමෙන් සතුටු වනවා. කෙනෙකුගේ හදවත තමන්ට අයිති කරගැනීමේ මාර්ගය වන්නේ සෙනෙහසයි. සෑම දරුවෙකුගෙන්ම සෙනෙහස් රළ පමණක් ගලා යන අයුරු දැක, බාප්දාදා බොහෝ සතුටු වනවා.

බාප්දාදා දැන් ඔබ සියලු දෙනා සමග විනාඩි පහක අභ්‍යාසයක් මෙහෙය වීමට යන්නේ, ඔබගේ බැතිමතුන්ව සහ ඔබව මෙසේ සිහි කරමින්, ඔබට කන්නලව් කරන සියලුම දුකින් සහ අසාමයෙන් සිටින ජීවාත්ම බේරා ගැනීමටයි: ‘අහෝ අපගේ මුතුන්මිත්තන්, අපට කෙටි කාලයකටවත් සාමය ලබා දෙන්න. අපට සතුටේ බිඳක් ලබා දෙන්න.’ ඔබගේ මනසේ බලයෙන්, මෙහි අසුන්ගෙන සිටින අතර, එම ජීවාත්ම මතු කරගන්න. ඔවුන්ගේ කන්නලව්ව ඔබට ඇසෙනවාද?: ‘අපව බේරාගන්න! අපව බේරා ගන්න! ඔබගේ මනසේ බලයෙන් එවන් ජීවාත්ම වෙත සතුට සහ සාමය ළඟා වීමට මඟපාදන්න. මේ ආකාරයෙන් නැවත නැවතත් ඔබගේ මනසින් සේවය කරන්න, මන්ද, පරම පියා සමග ඔය දරුවන්ද ලොවට සේවය කරන්නන්ය. ඔබ දවස පුරා වචන වලින් සේවය කිරීමට උපකරණ වන සේම, විටින් විට, ඔබගේ මනසින් සේවය කිරීම පුහුණු කරන්න. ඔබටත් මෙයින් යහපතක් තිබේ, මන්ද, ඔබගේ මනස මෙම සේවයේ නිරන්තරයෙන් කාර්යබහුලව රැඳී තිබෙන්නේ නම්, එවිට මායා අතරමැද ඇති කරන නිෂ්ඵල සහ ඵලක් නැති සිතිවිලි වලින් ඔබ ආරක්ෂා වෙයි. ඔබට වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවෙයි. ඔබට කොහොමද, කියා බාප්දාදා ඔබගෙන් දැන් විමසන්නේ නම්, ඔබ ලබා දෙන ප්‍රතිචාරය කුමක්ද? ඔබ උත්සාහ දරන නමුත් විටෙක පමණයි.... එබැවින් ඔබ සෑම විටම උත්සාහ දරන්නේ නැත. බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ ඔය සියලුම දරුවන්ගේ වාර්ථාවල ‘ඇතැම් විට’ යන වචනය අවසන් වනවා දැකීමටයි. ‘ඇතැම් විට’ යන වචනය අවසන් කළ හැකිද? කාලය පැමිණෙන විට ඔබ සූදානම්ව සිටියිද? “එය සිදුවනවා” හෝ “එය අනිවාර්යෙන් සිදුවිය යුතුයි” වෙනුවට, ඔබට නිති සූදානමින් සිටිය හැකිද? ඇයි? ඔබ මායා ජය ගන්නා කෙනෙක්, ඔබගේ මනස ජය ගන්නා කෙනෙක් සහ ලෝකය ජය ගන්නා කෙනෙක් වීමේ සංස්කාරය, ඔබගේ දිගු කාලයක පුහුණුව බවට පත් කරගන්නේ නම්, එවිට අවසන් නිමේශයන්හිදි මෙම දිගු කාලයක අභ්‍යාසය, ඔබව ජයග්‍රාහී කර ඔබව මාලාවේ විශේෂ පබුළුවක් බවට පත් කරවයි. එවිට ඔබ ගෞරව සම්මාන ඇතිව සමත් වෙයි. නිකම් සමත් වීම නොව ගෞරව සම්මාන ඇතිව සමත් වීම. එබැවින් කතා කරන්න! ඔබට මෙම එඩිතරකම තිබෙනවද? ඔබට ගෞරව සම්මාන ඇතිව සමත් වීමට අවශ්‍යයි නේද? තඹ යුගයේ සිට මේ වන තෙක් පුදන්නන් වන අය ඔබලාය, එනම්, ඔබ මාලාවේ පබුළු වෙයි. තමන්ව මාලාවේ පබුළුවක් බවට පත් කරගැනීමේ පිවිතුරු සිතිවිල්ල ඔබට තිබෙනවා නේද?

දිනපතාම අම්රිත් වේලාවේ, බාප්දාදා ඔහුගේ මාලාවේ පබුළු දෙස බලා ඔවුන් සමග විශේෂ සැමරුමක් පවත්වයි. ඔබ සියලු දෙනා මාලාවක පබුළු බව ඔබට වැටහෙනවාද? 16,000ක තව මාලාවක්ද තිබේ, නමුත් එය දෙවන මාලාවයි. ප්‍රශංසාවට සහ වන්දනාවට සුදුසු විශේෂ මාලාව වන්නේ ප්‍රථම මාලාවයි. අද දින, බාප්දාදා එම පබුළු දෙස බැලුවා, මන්ද, බ්‍රහ්ම බාබා සමග රාජධානියට අයිතියක් විශේෂයෙන් හිමි කරගන්නේ ඔවුන් නිසා. අද, බ්‍රහ්ම පියා, ඔහුගේ වත්මන් කාලයේ තීව්‍ර උත්සාහ දරන දරුවන් දෙස බැලුවා. ඔව්, සැබවින්ම අනාගත රාජධානියේ සිංහාසනයේ අසුන්ගන්නේ දෙදෙනෙක් පමණයි, නමුත් රාජධානියේ ඔවුන්ගේ සහකරුවන් වන්නේ ප්‍රථම මාලාවේ අයයි. ඔබ තමන්ව පරීක්ෂා කර බැලුවාද? ඔබ බාප්දාදා සමග ආපසු නිවසට යයි, මන්ද එය දැන් ඔබ සියලු දෙනාටම ආපසු යන ගමනයි. ඔබට කොහොමත් ආපසු යාමට සිදුවන බැවින් ඔබ තනිව නොව පරම පියා සමග ආපසු යයි. එසේ නම් සමීප පබුළු වී, පියා සමග ආපසු නිවසට යන අය කවුරුන්ද? දීර්ඝ කාලයක් පුරා තීව්‍ර උත්සාහ දරන අය. නිකම්ම උත්සාහ දරන්නන් නොවෙයි, ඇතැම් විට පමණක් යමක් සිදු කරන අය නොවෙයි. දීර්ඝ කාලයක් පුරා පියාට සමාන වී ඇති අය පමණක් රාජධානියට අයිතියක් හිමි කර ගනීවි. ඉතිං ඔබ කුමක්ද සිතන්නේ? ඔබ තීව්‍ර උත්සාහ දරනවාද? උත්සාහ දරන්නන්ගේ පෝලිමේ සිටින බව සිතන අය අත් ඔසවන්න. තීව්‍ර උත්සාහ දරන්නන් ඉහළට අත් ඔසවන්න! ඔබ අත් ඔසවන්නේ බොහෝ පහළින්. අච්චා, ඔබගෙන් බොහෝ දෙනෙක් අත් ඔසවනවා. නැවත වරක් ඉහළට අත් ඔසවන්න! එහෙම නොවෙයි (පහළින් තබා). අච්චා.

බාප්දාදා දරුවන්ගේ වාර්ථා දිනපතා දකිනවා. බහුතරයක් තීව්‍ර උත්සාහ දරන්නන් නමුත් ඔවුන්ද එයට ‘විටෙක’ යන වචනය එකතු කරයි. කෙසේවෙතත්, පියා පවසන්නේ කුමක්ද? කරුණාකර අවධානය යොමු කරන්න! ඔබගේ සූක්ෂම සිතිවිලි වල වත් කැලඹිල්ලක් නොතිබිය යුතුයි. ඔය සෑම කෙනෙක්ම අනිවාර්යෙන් අචල, නොසැලෙන සහ දීර්ඝ කාලයක් පුරා පිවිතුරු සිතිවිලි ඇති කෙනෙක් විය යුතුයි. සමහර දරුවන් බොහෝ මිහිරි හදවතට සමීප කතාබස් වල යෙදෙයි. ඔවුන් පවසන්නේ: ‘බාබා, අපි අනිවාර්යෙන් සූදානම් වනවා, මන්ද, කාලය සමීපයට පැමිණෙත්ම කැලඹිලි සිදුවීම් වැඩි වන අතර එබැවින් ඉබේටම නිරාශාවක් ඇති වෙයි.’ කෙසේවෙතත්, එවිට ඔබගේ ගුරුවරයා කවුද? කාලයද, පරම පියාද? කාලය ඔබගේ නිර්මාණයයි. දීර්ඝ කාලයක තීව්‍ර උත්සාහය ඔබව අවසානයේ සම්මාන ඇතිව සමත් කරවන බව, පියා ඔබට දැන් සංඥා කරනවා. සියලු දෙනාම සමත් වෙයි, නමුත් ගෞරව සම්මාන ඇතිව සමත් වීමට දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩ, තීව්‍ර උත්සාහය් යෙදීමට අවශ්‍යයි. එබැවින් අද දිනය සටහන් කරගන්න. දැන් පවා එය ‘ඇතැම් විට’ හෝ ‘යම් දෙයක්’, ‘එය සිදුවෙයි, අපි එය කරන්නම්’ නම්, ඔබ ප්‍රගතිය ලබත්ම මෙම වදන් නොකඩවා භාවිතා නොකළ යුතුයි. පරම පියාගේ සෙනෙහස නිරන්තරයෙන් තිබේ. අවසන් පබුළුව වෙනුවෙන් පවා ඔහු තුළ සෙනෙහස තිබේ. ඇයි? ඔවුන්ගේ හදවත් වලින් ඔවුන් ‘මගේ බාබා’ කියා තිබේ. වර්ථමානයේ ශ්‍රේෂ්ඨ ආත්ම පවා, ‘මගේ බාබා’ නොකියයි, නමුත් ඔවුන් අඩු තරමින් ‘මගේ බාබා’ ගැන විශ්වාස කරයි, එබැවින් පරම පියා තුළ ඔවුන් කෙරෙහිද සෙනෙහස තිබේ. පියා තුළ නිරන්තරයෙන් දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ - අවසන් මොහොත දක්වා සහ අවසන් කෙනා වෙනුවෙන් පවා. ඔබව පියාට අයිති කරවූයේ සෙනෙහසයි. තවද ඔබගෙන් බහුතරයක් තුළ පරම පියා කෙරෙහි සෙනෙහස ඇති අතර එය රැඳී තිබෙයි, නමුත් සෙනෙහස පමණක් නොවෙයි, ඔබට බලයත් අවශ්‍ය බව, බාප්දාදා පවසා තිබෙනවා. එමෙන්ම ඔබ තීව්‍ර උත්සාහද දැරිය යුතුයි.

බාප්දාදා තුළ ඔය දරුවන් කෙරෙහි විශ්වාසය තිබේ, ඒ නිසයි ඔහු දැන් ඔය දරුවන්ට කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙන්නේ. “අපූරුයි දරුවනේ! අපූරුයි!” ඔබ එඩිතරයි. ඔබගේ එඩිතරකම නිසා ඔබට අනිවාර්යෙන්ම පියාගේ උපකාර ලැබෙයි. දැන් එක දෙයක් කරන්න. ඔබගේ මනස කාර්යබහුලව තබා ගැනීම සඳහා, පියා ඔබට මින් පෙර එක තත්පරයක නැවතීමේ තිතක් තැබීමට පැවසූ ආකාරයෙන්, ඔබ තිතක් වන අතර ඔබ තිතක් තැබිය යුතුයි, එමෙන්ම සියලු දෙනාව තිතක් ලෙස දැකිය යුතුයි. ඔබ සියලු දෙනාව තිතක් ලෙස දකින විට, ඔබට වෙනත් සිතිවිලි ඇති නොවෙයි. ඔබගේ මනසින් සේවය කිරීමට අවධානය යොමු කරන්න. දුකින් සිටින බොහෝ ජීවාත්ම කන්නලව් කරමින් සිටිනවා, එබැවින් ඔවුන්ට කිරණ ලබා දීමේ සේවය කිරීම සඳහා ඔබගේ මනසේ එම අතිරික්ත ඒකාග්‍රතාවය තිබිය යුතුයි. එය දුකින් සිටින අයට යහපතක් වන අතර ඔබටද යහපතකි; දෙගුණයක යහපතක් තිබෙයි. ඔබ වචන වලින් සේවය කරන අතර එම සේවය වැඩි වනවා; ඔබ එය ඔබගේ හදවතින් සිදු කරයි. සංඛ්‍යා වැඩි වනවා, මධ්‍යස්ථාන සංඛාව වැඩි වනවා. ඔබගෙන් බහුතරයක් වචන වලින් සේවය කිරීමේ දක්ෂයි - සියලු දෙනාම නොවෙයි, නමුත් බහුතරයක්. ඒ අන්දමින්ම, දැන් විශේෂ ජීවාත්මයන්ට බිංදුවක් ලබා දීමේ සේවය නොකඩවා සිදු කරන්න. ඔබගේ මනස නිදහස්ව නොතබන්න. එක හෝ වෙනත් ආකාරයක සේවයේ යොදවා ඔබගේ මනස කාර්යබහුලව තබා ගන්න: ඔබගේ මනසින් බල ලබා දෙමින්, වචන වලින් සේවය කරමින්, ඔබගේ ක්‍රියා තුළින් ගුණධර්ම මගින් සේවය කරමින්, ඔබගේ නෑ සම්බන්ධතා ඇති අයට සතුට ලබා දීමේ සේවය කරමින්. මෙම සියලුම විවිධාකාරයේ සේවයන්හි ඔබගේ මනස කාර්යබහුලව තබා ගන්න, මන්ද, ලෝකයේ ධනවත්ම ජීවාත්ම කවුද? ඒ ඔබලා නේද? ඔබට කෙතරම් සම්පත් ලැබී තිබෙනවාද? එබැවින් සෑම සම්පතකින්ම සේවය කරන්න. සේවය කිරීමට ඔබ මෙම සම්පත් වැඩියෙන් භාවිතා කරන තරමට ඒවා වඩාත් වැඩි වෙයි. එබැවින් තමන්ට සේවය කිරීමට ඔබ අවධානය යොමු කරන ආකාරයෙන්ම, දුකින් සිටින ජීවාත්මයන්ට සහ ඔබගේ බැතිමතුන්ට දවස පුරාම ඔබගේ මනසින් කිරණ ලබා දීමෙන් සේවය කිරීමට අවධානය යොමු කරන්න. ඔවුන් බොහෝ සේ කන්නලව් කරමින් සිටියි, නමුත් ඔබට ඔවුන්ගේ හඬ නෑසෙයි. ඔවුන්ගෙන් බහුතරයකට ඔවුන්ගේ නිවෙස් වල දුක් ඇති වීමට, එක හෝ තව හේතුවක් තිබේ. එවන් දුකින් සිටින අයට සතුට ලබා දෙන්නේ කවුද? කතා කරන්න! කවුරු දෙයිද? ඒ ඔබ නේද? එබැවින් දවස මුළුල්ලේම, ඔබගේ මනසින් සිදු කරන සේවය පරීක්ෂා කර බලන්න. ඔබ කෙතරම් කාලයක් ඒ වෙනුවෙන් වැය කරනවාද? ඔබ තමන්ට කාලය ලබා දෙන සේම, ඔබගේ මනසින් සේවය කිරීමට ඔබ කෙතරම් කාලයක් ලබා දෙනවාද? ඔබ දයාවෙන් පිරිපුන් නේද? එබැවින් දුකින් සිටින අයට සානුකම්පිත වන්න. ඔබට ගීතයක් තිබෙනවා නේද? ‘අහෝ මව්නි, පියාණෙනි, දුකින් සිටින අයට අනුකම්පා කරන්න!’ බාප්දාදාට බොහෝ සේ මෙයට සවන් දීමට සිදුවෙයි. ඔබට එය එතරම්ම ඇසෙන්නේ නැති නමුත් දැන් එයට සවන් දෙන්න. ඒ මිනිසුන් කොහේ යන්නද? ඔවුන් ඔබගේ සහෝදර සහෝදරියන්. එබැවින් තමන්ට යහපතක් සිදු කර, ඔබගේ මනස කාර්යබහුලව තබාගෙන දුකින් සිටින අයගේද දුක ඉවත් කරන්න. ඔවුන් කන්නලව් කරනවා, ඔවුන්ගේ හදවත් කන්නලව් කරනවා. බාප්දාදාට මේවා ඇසී, ඔය දරුවන්ව සිහි වෙයි. ඕ, මාගේ ආදරණීය දරුවනේ, මගේ බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවනේ, දැන් දයාවෙන් පිරි හදවත් ඇති කරගන්න. බ්‍රහ්මින්වරු සමගත් සහයෝගී වන්න. කෙනෙකුට කුමන ආකාරයේ සංස්කාර තිබුණත් ඔබගේ යුතුකම කුමක්ද? මෙම සංස්කාර සමග ගැටුම් ඇති කිරීමද, නැත්නම් එම ජීවාත්මයව සංස්කාර ගැටුම් වලින් නිදහස් කිරීමද? ‘දුක ඉවත් කර සතුට පිරිනමන්නා’ යන නම්බු නාමය, ඔබගේද නම්බු නාමය නේද? ඔබ පරම පියාගේ සහකරුවන් නොවේද? පියාගේ සහකරුවනේ, ඔබට කුමන සිතිවිලි ඇති වුනාද? ඔබ මේ ලෝකයේ දුක සහ අසාමය පරිවර්ථනය කර, සතුට සහ සාමය ගෙන ඒමට යනවා නේද? ඔබ මෙය සිදු කළ යුතුයි. ඔබගේ අත් ඔසවන්න! ඔබ මෙය කිරීමට යනවාද? නැත්නම් ඔබ නිකම්ම නරඹනවා පමණයිද? එය සිදුවනවා, නමුත් එය දැන් පරිවර්ථනය විය යුතුයි. ඒ බ්‍රහ්මින් ජීවාත්ම වුනත්, එය නිකම්ම නොකඩවා නරඹමින් ඔවුන් එය කරන බව නොසිතන්න, නමුත් ඔබගේ වචන සහ ඔබගේ මනසේ සිතිවිලි වලින් ඔවුන්ව පරිවර්ථනය කරන්න. ඔබට එය කිරීමට සිදු නොවිය යුතුයි: බාප්දාදාට නොකඩවා එය ඇසෙයි. මෙම කාරණාව බාප්දාදා වෙතට ළඟා වී තිබේ. ඔබ මෙම සිදුවීම ඔහුට භාර කර ඇති නිසා, එසේ නම් ඔබ පරම පියාගේ උපදෙස් අනුගමනය කළ යුතුයි, මන්ද බාප්දාදාට එම වගකීම තිබෙන අතර විශේෂ, ආදරණීය සහකාර දරුවන් ඔහුගේ උපකරණයි. එබැවින් ඔබගේ මනසේ නිෂ්ඵල සිතිවිලි ඇති කිරීම වෙනුවට, ඔවුන් බ්‍රහ්මින් ජීවාත්ම වුනත් වෙනත් කෙනෙක් වුනත්, දුකින් සහ අසහනයෙන් සිටින එම ජීවාත්මයන්ට, දැන් නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන්න. අච්චා.

ප්‍රථම වතාවට මෙහි පැමිණ ඇති අළුත් දරුවන් ඔබ තත්පරයකදි විනාඩි 10ක වැඩ කළ යුතුයි. ඔබ සුළුවෙන් වත් ඔබගේ කාලය අපතේ නොහැරිය යුතුයි. ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබට ඔබගේ උත්සාහ තීව්‍ර කරගෙන, ඔබට අවශ්‍ය තරම් ඉදිරියට යා හැක. මේවා සියළුම බ්‍රහ්මින්වරු වෙනුවෙන් පරම පියාගෙන් ලැබෙන සුබ පැතුම් සහ පිවිතුරු හැගීම්ය. අච්චා.

මධුබන් වල සියලු දෙනා නැගිටින්න! මධුබන් නිවාසීන් නොසිටින්න, ඔබට මෙතරම් ආගන්තුක සත්කාර ලබා දෙන්නේ කවුද? ඔබ සැප පහසු ඇතිව පැමිණ, ආහාර පාන ගෙන නැවුම් වෙයි, එබැවින් මධුබන් නිවාසීන්ට අත්පොළසන් ගසන්න! ඇති තරම් ඉඩකඩ නොමැති නිසා මධුබන් වල අයට මුරලියට සවන් දීමට සිදුවන්නේ දුර අසුන්ගෙන බව, බාප්දාදා දන්නවා. මෙයත් මධුබන් වල අයගේ සේවයයි. මෙයත් සේවයක්. ඔබ අන් අයට සතුට ලබා දෙනවා, එබැවින් ඔබ සතුට පිරිනමන්නන් වනවා. මධුබන් අයගේ වගකීම වන්නේ සතුට දී, සතුට ලබා ගැනීමය. පැමිණෙන සියලු දෙනා සමග ඔබගේ අත්දැකීම් ඔබ බෙදා ගනී, එබැවින් එම අත්දැකීම් වලින් සියලු දෙනාට සෙතක් සැලසෙනවා. බොහෝ සෙත සැලසෙයි, නමුත් කාලය අඩු නිසා ඔබ එතරම් අත්දැකීම් බෙදා ගන්නේ නැත. මධුබන් නිවාසීන්ගේ නම්බු නාමය කුමක්ද? සතුට දී, සතුට ලබා ගන්න අය. සතුට පිරිනමන්නාගේ දරුවන් වන්නේ පරම පියාව අනුගමනය කරන අයයි. අච්චා.

මෙවර පැමිණි අය, ඔබ නිතිපතා මුරලියට සවන් දෙනවා ඇති. මුරලියට සවන් නොදෙන යම් කෙනෙක් මෙහි සිටිනවාද? අත් ඔසවන්න! කිසි කෙනෙක් නැහැ. අච්චා. මුරලියට සවන් නොදෙන හෝ කියවන්නේ නැති අය නැගිටින්න! ටික දෙනෙක් සිටිනවා. එයට කමක් නැහැ, දැන් සිට, ඉතිරිව ඇති කාලයේ - මේවා පරම පියාගේ ශ්‍රේෂ්ඨ වදන්. බාප්දාදා පැමිණෙන්නේ පරම දනව්වේ සිටයි, බ්‍රහ්ම බාබා පැමිණෙන්නේ සූක්ෂම කලාපයේ සිටයි, එමෙන්ම ඔවුන් ශ්‍රේෂ්ඨ වදන් පවසයි, එබැවින් එක දවසක් වත් මුරලියක් අතපසු නොකරන්න. ඔබ එය අතපසු කරන්නේ නම්, එවිට ඔබ බාප්දාදාගේ හදවත් සිහසුනෙන් ඉවත් කරනු ලබයි. මුරලිය අතපසු කරන අය වටහාගත යුත්තේ, ඔවුන් සිංහාසන තුනේම පාලකයන් නොවන බවත් ඔවුන්ගේ ධාරිතාවයට අනුව ඔවුන් සිංහාසන දෙකක පමණක් පාලකයන් වන බව. එබැවින් මුරලිය, මුරලිය, මුරලිය, මන්ද සෑම මුරලියකම, සෑම දවසක් වෙනුවෙන් උපදෙස් තිබේ. විෂයයන් සතරම වෙනුවෙන් උපදෙස් තිබේ, එමෙන්ම ඔබ සෑම දවසක් වෙනුවෙන්ම උපදෙස් ලබා ගත යුතුයි. එක හෝ වෙනත් හේතුවක් නිසා එය අතපසු කරන සියලු දෙනා, ඔවුන්ට මුරලියකට සවන් දිය හැකි වන සේ, තමන් වෙනුවෙන් වැඩසටහනක් සාදාගත යුතුයි. විමුක්තියට එක හෝ වෙන ක්‍රමයක් සොයා ගන්න. ඔබ වෙනුවෙන් මෙකල විද්‍යාවේ නිපැයුම් සාදා තිබෙනවා. මෙම විද්‍යාව, ශිව බාබා බ්‍රහ්ම පියා තුළට ඇතුළු වීමට වසර 100කට පෙර නිපදවනු ලැබුවා. එය ඔබට ප්‍රයෝජනවත් විය යුතුයි, මේ නිසයි ඔබ එය භාවිතා කළ යුත්තේ. ප්‍රයෝජන ගන්න! අච්චා. බාබා ඉදිරියේ අසුන් ගෙන සිටින හෝ මුරලියට ඕනෑම තැනක සිට සවන් දෙන දරුවන්ට, හදවත් පතුලෙන්, සෙනෙහස සහ ස්මරණය සහ ගැඹුරු සෙනෙහසින් නමස්තේ.

සේවය කිරීමේ වාරය යූ.පී (උත්තර ප්‍රදේශ්) සහ බරණැසටයි:

බ්‍රහ්ම පියා සහ ලෝක මාතාව වන ජගදම්බා තුළ යූ.පී කෙරෙහි බොහෝ සෙනෙහස තිබුණා. බ්‍රහ්ම පියා, බොම්බායට ගිය ප්‍රමාණයටම යූපී වලටත් ගියා. බ්‍රහ්ම පියා ඔහුගේ පිය සටහන් තැබූ ස්ථානය බොහෝ භාග්‍යවන්තයි! ලක්නවු සහ කාන්පූර් යන ස්ථාන දෙකටම මෙම භාග්‍යයට අයිතියක් ලැබී තිබේ. බොම්බායත් එසේ විය, නමුත් දැන් එය යූ.පී වල වාරයයි. මව සහ පියාගෙන් ඉගැන්වීම් බිදිති ඍජුවම යූ.පී මත පතිත වී ඇත. දැන් අනාගතයේ යූ.පී කළ යුත්තේ කුමක්ද? මේලාවන්හි ඔබ වචන වලින් සේවය කරයි, නමුත් වත්මන් කාලයට අනුව, මේ වන තෙක් බාප්දාදා සියලු දෙනාටම පවසා තිබෙන්නේ උරුමකරුවන් සහ සුප්‍රසිද්ධ මයික් රැගෙන ඒමටයි. ‘සුප්‍රසිද්ධ’ යනු, ඒවා ඇසෙන අය මත බලපෑමක් ඇති කරන වචන කියන අයයි. එවන් මයික් සූදානම් කරන්න. සෑම මධ්‍යස්ථානයකම එවන් උරුමකරුවන් කණ්ඩායමක් සිටිය යුතුයි. යූපී වල මධ්‍යස්ථාන කීයක් තිබෙනවාද? බොහෝ තිබෙනවා. එබැවින් ඔබ එතරම්ම උරුමකරුවන් සංඛ්‍යාවක් ගෙන ආ යුතුයි. මධ්‍යස්ථාන කීයක් තිබෙනවාද, එමෙන්ම උරුමකරුවන් කී දෙනෙක් නිර්මාණය කර තිබෙන්නේද කියා ගණන් කරන්න. එබැවින් සිටිය යුතු සංඛ්‍යාවට අනුව, එතරම් උරුමකරුවන් පැමිණ සිටිනවාද, නැත්නම් ඔවුන් පැමිණීමට සිටිනවාද? ඔබට ඉදිරියේදි ඔවුන්ව නිර්මාණය කිරීමට ඇත්නම්, කාලය පිළිබඳ සහතිකයක් නොමැත. ඔවුන්ගේ හඬින් බොහෝ ජීවාත්මයන්ගේ භාග්‍යය විවෘත කරන, උරුමකරුවන් සහ මයික් හැකි තරම් විගසින් නිර්මාණය කරන්න, මන්ද, ඔබ බොහෝ සේවය සිදුකර තිබෙනවා. පැරණි අය බොහෝ සේවය සිදුකර තිබෙනවා. දැන් සේවය කිරීමට අන් අයව දිරිගන්වන්න. එසේ කළ හැකි අයව සූදානම් කරන්න. ඔබට මෙය කළ හැකියි නේද? ගුරුවරු අත් ඔසවන්න! අච්චා. ගුරුවරු බොහෝ සිටිනවා. එබැවින් එතරම් සංඛ්‍යාවක් සූදානම් කරන්න. සෑම මධ්‍යස්ථානයක්ම, කුඩා වුනත් විශාල වුනත්, එය මධ්‍යස්ථාන ලැයිස්තුවට ඇතුලත් නම්, එසේ නම් ඔවුන් අනිවාර්යෙන් එය ඔප්පු කළ යුතුයි, මන්ද කාලය පිළිබඳ සහතිකයක් නොමැත. ඕනෑම වෙලාවක ඕනෑ දෙයක් සිදු විය හැක. මේ නිසයි බාප්දාදා සියළුම කලාප වලට සහ නොපැමිණි අයටත් මෙය පවසන්නේ. බාබා සියලු කලාප වලට පවසන්නේ: දැන් ඉදිරියට ගමන් කරන්න! පංති නොකඩවා පැවැත්වෙනවා. සංඛ්‍යා නොකඩවා වැඩි වනවා, නමුත් දැන් උපකරණ වන අයව සූදානම් කරන්න. ඔවුන්ව නිර්මාණය කරන්න, මන්ද, උපකරණ විය හැකි එවන් ජීවාත්ම සෑම කලාපයකම සිටින බව, බාප්දාදා දැක තිබෙනවා. යූ.පී වල අය බැතිමතුන්ට සෙත සැලසිය යුතුයි. තමන්ව බැතිමතුන් ලෙස හඳුන්වාගන්නා අය සිටින්නේ සුළු පිරිසක් වන නමුත්, ඔවුන් බැතිමතුන්ය. ඔවුන්ගේ භක්තියේ ඵලය ලබා ගැනීමට ඔවුන්ට මඟපාදන්න. ඔවුන් බොහෝ උත්සාහ දරයි, නමුත් එය හොඳයි. සියලු දෙනාම තම තමන්ගේ උත්සාහ වලින් ප්‍රගතිය ලබන බව බාප්දාදා දැක තිබෙනවා, නමුත් දැන් පවා, තව ඉදිරියට යාමට ඉඩ තිබේ. ඔබ එය සිදු කරනවා. ඔබ එය නොකරනවා නොවෙයි. ඔබ එය කරයි, නමුත් දැන් ඔබගේ වේගය ටිකක් වැඩි කරන්න. ඔබ හොඳයි, එමෙන්ම ඔබ හොඳ සේවයක් සිදු කරනවා. සියලුම දාදීන්ද ඔබ සියලු දෙනාට සුබ පතනවා. බොහෝ පාණ්ඩවයන්ද පැමිණ සිටිනවා. පාණ්ඩවයන්ද දෙවැනි නැහැ. පාණ්ඩවයන්ට පමණක් සිදු කළ හැකි බොහෝ සේවා තිබේ. මේ නිසයි බාප්දාදා සහ සියලුම මධුබන් නිවාසීන් සියලුම පාණ්ඩවයන්ට සුබ පැතුම් ලබා දෙන්නේ. අච්චා.

වරදානය:
ඔබගේ බුද්ධියේ පාදය, නිරන්තරයෙන් විනය නීති මාලාවේ රේඛාව ඇතුලත තබා ගෙන, බලවත් මෙන්ම සියලු ලැබීම් වලින් පිරිපුන් වේවා.

තමන්ගේ බුද්ධියේ පාදයට කිසිම විටෙක, විනය රීති මාලාවේ රේඛාවෙන් පිටතට යාමට ඉඩ නොදෙන දරුවන්, භාග්‍යවන්ත සහ ආදරණීය වෙයි. ඔවුන්ට කිසිම විටෙක කිසිදු බාධකයක්, කුණාටුවක්, අසහනයක් හෝ දුකක් අත්විඳිය නොහැක. මේවායින් කුමක් හෝ ඔබ වෙතට එන්නේ නම්, ඔබ නියත වශයෙන්ම ඔබගේ බුද්ධියේ පාදයෙන් විනය රීති මාලවේ රේඛාවෙන් පිටතට පියවර තබා ඇති බව ඔබ එවිට වටහාගත යුතුයි. රේඛාවෙන් පිටතට පියවර තැබීම යනු යාචකයෙක් වීමයි: එබැවින් කිසිම විටෙක යදින්නෙක් නොවන්න; බලවත් මෙන්ම සියලු ලැබීම් වලින් පිරිපුන් වන්න.

පාඨය:
නිරන්තරයෙන් නොබැඳිව මෙන්ම පරම පියාට ආදරණීයව සිටින අය, ආරක්ෂිතව සිටියි.

අව්‍යක්ත සංඥාව: අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.

සාර්ථකත්වයේ යතුර අධිෂ්ඨානය වන අතර ඔය දරුවන්ගේ උපත් අයිතිය සාර්ථකත්වයයි. එබැවින් අධිෂ්ඨානය භාවිතා කරන්න, මෙසේ සිතමින් නොසැලකිලිමත් නොවන්න: ‘එය සිදුවෙයි. මා එය කරන්නම්’. මේ ආකාරයට නොසිතන්න. සියලු නිෂ්ඵල සිතිවිලි අවසන් කර ජයග්‍රහණය කිරීමට අධිෂ්ඨාන කරන්න.