02.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සත්‍යය සෑම තැනකම නැහැ. නමුත් ඔහු ඔබගේ පියාය යන විශ්වාසය ඔබට තිබෙනවා.
එමනිසා, ඔබ අන් අයට ඉතා හොඳින් මෙය විස්තර කර දිය යුතුයි. ඔවුන් හට මෙම විශ්වාසය
හොඳින් ඇති කර පසුව ඔවුන්ගේ අදහස් මොනවාද කියා විමසන්න.
ප්රශ්නය:
බාබා හට වෙන
කිසිම කෙනෙක්ගෙන් ඇසිය නොහැකි නමුත් ඔබගෙන් පමණක් අසන දෙය කුමක්ද?
පිළිතුර:
බාබා දරුවන් හමු වූ විට ඔහු මෙසේ අසනවා දරුවනි, අප මීට පෙර හමු වී තිබෙනවාද? මෙය
තේරුම් ගන්නා දරුවන් ක්ෂණිකවම මෙසේ පිළිතුරු දෙනවා ’ඔව් බාබා අප මීට අවුරුදු
5000කට පෙර හමු වූවා.‘ මෙය තේරුම් ගත නොහැකි අය පටලැවිල්ලට පත් වනවා. එවැනි
ප්‍රශ්නයක් ඇසීමට කිසිම කෙනෙක් හට ඥානයක් නැහැ. මේ මුළු චක්‍රයේම තිබෙන රහස් හෙළි
කළ හැක්කේ බාබා හට පමණයි.
ඕම් ශාන්ති.
ඒ ආධ්‍යාත්මික
වූ අසීමිත වූ පියා දැන් ආධ්‍යාත්මික වූ දරුවන් වූ ඔබ හට මෙය විස්තර කරනවා. ඔබ
හිඳගෙන සිටින්නේ ඔබගේම පියා ඉදිරිපිටයි. ඔබ ඔබගේ නිවස පවා දමා මෙහි පැමිණෙන්නේ
මෙවැනි සිතිවිල්ලකිනි බ්‍රහ්මාගේ වාහනයට පැමිණ ඒ සත් යුග උරුමය අපට ලබා දෙන ශිව
බාබා හමුවටයි අප යන්නේ. අප සිටියේ සත් යුගයේයි. අප දැන් ඒ උපත් 84න් යුතු චක්‍රය
පසුකර මේ නිරයට නැවතත් පැමිණ සිටිනවා. වෙන කිසිම සත්සන් පන්තියක කිසිම කෙනෙක් තුළ
මෙම සිතිවිල්ල නැහැ. නමුත් ඔබ දැන් එන්නේ ශිව බාබා ළඟට බව ඔබට තේරෙනවා. ඔහු තමයි
ඔබට ඉගැන්වීම උදෙසා මෙම ශරීරය ලබා ගන්නේ. ඔහු සෑම ජීවයක්ම ඔහුත් සමඟ ගෙන යාමට මෙහි
පැමිණ සිටිනවා. ඉතින්, ඒ අසීමිත පියාගෙන් ඔබ ලබන උරුමයත් අනිවාර්යෙන්ම අසීමිත වූ
උරුමයකි. බාබා ඔබට විස්තර කර තිබෙනවා ඔහු සෑම තැනකම සිටින කෙනෙක් නොවේ කියා එම
පාපයන් පහ තමයි සෑම තැනකම සිටින්නේ. දැන් ඒ පාපයන් පහත් ඔබ තුළට ඇතුල් වී තිබෙනවා,
මේ නිසා තමයි ඔබ බොහෝ සෙයින් අසතුටට ලක් වන්නේ. දෙවියන් සෑම තැනකම සිටිය නොහැකියි
කියා මිනිසුන් විසින් තේරුම් ගත් විට ඔබ අනිවාර්යෙන්ම ඔවුන්ගේ අදහස ලියා ගත යුතුයි.
දරුවන් හට නම් ඒ සත්‍යය පියාණන් සෑම තැනකම සිටිය නොහැකියි යන විශ්වාසය හොඳින්
තිබෙනවා. බාබා තමයි ඒ උත්තරීතර පියා, උත්තරීතර ගුරුවරයා හා උත්තරීතර ගුරූ වන්නේත්.
ඔහු තමයි මේ අසීමිත වූ ලෝක ජනගහනයටම විමුක්තිය ලබා දෙන්නේ. සෑම කෙනෙක් හටම සාමය ලබා
දෙන්නේත් ඔහු විසිනුයි. වෙන කිසිම තැනක මිනිසුන් ඔවුන් විසින් ලැබීමට යන දෙය ගැන
සිතනවාද? ඔවුන් ගීතාව හෝ රාමායනය ඇසීමෙන් ඔවුන්ගේ දෙකන් වලට සුමිහිරි අත්දැකීමක්
ලබා ගන්නවා පමණි. එහිදී ඔවුන් ඔවුන්ගේ බුද්ධිය මෙහෙයවා කිසිම දෙයක් කරන්නේ නැහැ.
මුලදී ඔබත් සත්‍යය සෑම තැනකම සිටිනවා කියා කියමින් සිටියා. බාබා දැන් ඔබට විස්තර කර
දී තිබෙනවා එය නිවැරදි දෙයක් නොවන බව. ඒ සියලුම දෙයින් බාබා බොහෝ සෙයින් අපහාසයට
ලක්වීම පමණයි සිදුවන්නේ. එමනිසා, ඔවුන්ගේ අදහස් ලියා ගැනීම බොහෝ වටිනා දෙයක් වනවා.
මේ දිනවල ඔබ යම් කෙනෙක් හට විවෘත කිරීමක් සඳහා ආරාධනා කළ විට ඔවුන් කියනවා, බ්‍රහ්ම
කුමාරීන් ඉතා හොඳ වැඩක් කරනවා. ඔවුන් හොඳින් විස්තර කරනවා. ඒ වගේම දෙවියන් හමුවන
ආකාරයත් කියා දෙනවා කියා. මෙමඟින් මිනිසුන්ගේ හදවතට බොහෝ දේ පතිත වනවා. කොහොමනමුත්,
අදහස් ලියන විට කිසිම විටෙක, ලෝකයේ සිටින මිනිසුන් සත්‍යය සෑම තැනකම තිබෙනවා,
දෙවියන් සෑම තැනකම සිටිනවා කියා කීමෙන් විශාල වැරැද්දක් සිදුකර තිබෙනවා කියා
කියන්නේ නැහැ. දෙවියන් ඔබගේ පියා, ගුරුවරයා හා ගුරූත් වනවා. මෙය තමයි ප්‍රථම
වැදගත්ම දෙය වන්නේ. ඔවුන්ගෙන් අවශ්‍ය වන අනෙක් අදහස තමයි දැන් අප දන්නවා ක්‍රිෂ්ණා
කියන්නේ ගීතාවේ දෙවියන් නොවේ කියා. කිසිම සාමාන්‍ය මනුෂ්‍යයෙකුට හෝ දේවී දේවතාවකට
හෝ දෙවියන් සත්‍යය කියා කතා කළ නොහැකියි. සත්‍යය යනු එකක් වන අතර ඔහු අපගේ පියායි.
ඔබ ඒ පියාගෙන් ඔබගේ සාමයේ හා සතුටේ උරුමය ලබා ගන්නවා. ඔබ මිනිසුන්ගෙන් එක් කර ගත
යුතු අදහස් මේවායි. ඔවුන් විසින් දැන් ලියන අදහස් එතරම් ප්‍රයෝජනවත් නැහැ. ඔව්,
මෙහි උගන්වන දේ ඉතා හොඳයි කියා හෝ ඔවුන් අඩුම තරමින් ලියනවා. කොහොමනමුත්, ඔබ විසින්
ජයගත යුතු සියලු දේ ඔබ ඔවුන්ගෙන් ලබා ගත යුතුයි. බ්‍රහ්ම කුමාරීන් විසින් කියන්නේ
සත්‍යය කියා හැඟෙන දෙය ඔබ ලබාගත යුතුයි ඒ කියන්නේ දෙවියන් යනු සෑම තැනකම සිටින
කෙනෙක් නොවේ යන්නත් ඔහු සියලුම දෙනාගේ පියා බවත් ගීතාවේ නිර්මාතෘවරයා බවත් යන
ඒවායි. බාබා මෙහි පැමිණ ඔබ භක්තියෙන් මුදවාගෙන දැනුම ලබා දෙනවා. ඒ වගේම මේ සියලු
ගංගා පාරිශුද්ධකරුවාණන් නොවන බවත් ඒ එකම පියා පමණක් අපගේ පාරිශුද්ධකරුවාණන් වන
බවටත් ඇති අදහසත් ඔබ ඔවුන්ගෙන් ලබා ගත යුතුයි. ඔවුන් එවැනි අදහස් ලියන විට ඔබ
ජයග්‍රාහී වනවා. මේ සඳහා තවමත් කාලය තිබෙනවා. මෙහි තව බොහෝ සෙයින් සේවය ඉතිරි වී
තිබෙනවා. තව බොහෝ සෙයින් මෙය ව්‍යාප්ත වී යා යුතුයි. දරුවන් එකිනෙකා හට සහාය විය
යුතුයි. පිට සිටින මිනිසුන් මේ කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔබ වෙනුවෙන්ම ඔබගේ
රාජ්‍යය ගොඩනැඟීම උදෙසා ඔබගේ මනසත් ශරීරයත් ධනයත් ආදී සියලු දේ ඔබ විසින් පාවිච්චි
කරනවා. මෙසේ කරන අය අනිවාර්යෙන්ම එහි ඵලය ලබා ගන්නවා. එසේ කරන්නේ නැති අය හට කිසිම
දෙයක් ලද නොහැකියි. චක්‍රයක් චක්‍රයක් පාසා මෙය සිදු කරන්නේ ඔබ විසිනුයි. ඔබගේ
බුද්ධියෙහි විශ්වාසය ඔබට තිබෙනවා. ඔබ දන්නවා, බාබා ඔබගේ පියා ඒ වගේම ගුරුවරයාත්
වනවා කියා. ගීතාව ගැන දැනුම ඔහු විසින් නිවැරදිවම ලබා දී තිබෙනවා. භක්ති මාර්ගයේ
මිනිසුන් එම ගීතාව කියවමින් සිටිනවා නමුත් කිසිම කෙනෙක් හට එමඟින් රාජ්‍යයක් හිමි
කර ගැනීමට හැකි වී නැහැ. සත්‍යය විසින් දෙන ලද උපදෙස් සියල්ල දැන් වෙනස් වී තිබෙන
අතර ඔබගේ චරිතයත් යක්ෂ චරිතයක් බවට පත් වී තිබෙනවා. ඔබගේ චරිතය එසේ වෙනස් වූ කළ ඔබ
අපිරිසිඳු වනවා. මිනිසුන් මිලියන ගණනින් එම කුම්භ මේලාවන් කරා යනවා. ජලය දකින ඕනෑම
තැනකට ඔවුන් යනවා. ගංගා වලින් ගලන වතුර සෑම තැනකම තිබෙනවා. කිසිම කෙනෙක් එමඟින්
පාරිශුද්ධත්වයට පත් වී නැහැ. ඒ ගංගා වලින් නෑමෙන් ඒ කිසිම කෙනෙක් සාමාන්‍ය මනුෂ්‍ය
තත්ත්වයෙන් දිව්‍ය තත්ත්වයට පත් වී තිබෙනවාද? ඔබ දැන් දන්නවා එසේ කිරීමෙන් කිසිම
කෙනෙක් හට පාරිශුද්ධත්වයට පත් විය නොහැකි බව. මෙය විශාල වරදක්. එමනිසා, ඔබ
මිනිසුන්ගෙන් මෙම කරුණු තුන ගැන අදහස් විමසිය යුතුයි. මේ වන විට ඔවුන් මෙම සංවිධානය
ඉතා හොඳයි කියා කියන නිසා මිනිසුන් තුළ බ්‍රහ්ම කුමාරීන් ගැන පැතිරී තිබෙන වැරදි
මතය නැති වී තිබෙන නිසා මිනිසුන් ගෙවල් අත්හැර යාම දැන් නැවතී තිබෙනවා. මොහු හට
16,108ක රැජිනියන් සංඛ්‍යාවක් අවශ්‍ය බවත් මේ වන විට 400ක් සොයාගෙන තිබෙන බවටත්
බොහෝ විදේශයන් කරා පවා මෙම වැරදි විස්තරය ගොස් තිබෙනවා. ඒ කාලයේදී තමයි මෙම සත්සන්
පන්තියට 400ක් දෙනා පැමිණියේ. අපට විරුද්ධවාදීකම් කිරීමට බොහෝ දෙනා සිටියා. ඔවුන්
නොයෙකුත් වර්ජනයන් පවා සිදු කළා. කොහොමනමුත්, ඒ කිසිම කෙනෙක් හට පියා ඉදිරියෙහි
කිසිම දෙයක් කළ නොහැකියි. සෑම කෙනෙක්ම මෙසේ ඇසුවා මේ මැජික්කරුවා පැමිණියේ කොහි
සිටද? එහිදී සිදු වූ පුදුමය දෙස මඳක් බලන්න. බාබා සිටියේ කරච්චි වලයි. සෑම කෙනෙක්ම
නිරායාසයෙන්ම ඔවුන්ගේ නිවෙස් පවා අත්හැර දමා එහි පැමිණුනා. කිසිම කෙනෙක් ඔවුන්
ගෙදරින් පැමිණියේ කෙසේද කියා හෝ දැනගෙන සිටියේ නැහැ. මේ බොහෝ දෙනෙක් එකට සිටින්නේ
කෙසේද කියා හෝ ඔවුන් සිතුවේ නැහැ. පසුව ඉතා විශාල බංගලාවක් ඉදි කරනු ලැබුවා. එය
තමයි මෙහි මැජික් එක. එය එහෙම නේද? දැන් පවා මිනිසුන් කියනවා ඔබ මැජික්කරුවන් කියා.
මන්ද, ඔවුන් කියනවා බ්‍රහ්ම කුමාරීන් විසින් ස්වාමිපුරුෂයා හා භාර්යාව සහෝදර
සහෝදරියන් බවට පත් කරනවා කියා. මෙම ජනප්‍රවාදය නිසා බොහෝ දෙනා මෙහි පැමිණීම
නැවතුණා. ඔවුන් ඔබගේ ප්‍රදර්ශන ආදියට පැමිණි විට ඔවුන්ගේ බුද්ධිය තුළින් මේ සියලු
දේ ඉවත් කිරීමට ඔබට හැකි විය යුතුයි. කොහොමනමුත්, ඒ කිසිම කෙනෙක් බාබා හට අවශ්‍ය
අදහස් ලියන්නේ නැහැ. බාබා හට අවශ්‍ය වන්නේ ක්‍රිෂ්ණා ගීතාවේ දෙවියන් නොවන බවට
ඔවුන්ගේ අදහස ලබා ගැනීමයි. ඔවුන් සියලුම දෙනා විශ්වාස කරන්නේ ගීතාවේ දෙවියන්
ක්‍රිෂ්ණා කියායි. ක්‍රිෂ්ණා විසින් සියලුම උපත් 84ම ලබා ගන්නා බවත් ශිව බාබා එවැනි
උපත් ලබන්නේ නැති බවත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. එමනිසා, මෙය වෙනස් කිරීමට නම්, ඔබ
බොහෝ මිනිසුන්ගේ අදහස් ලබා ගත යුතුයි. ගීතාවට සවන් දෙන මිනිසුන් බොහෝ දෙනා සිටිනවා.
ඔබ පත්තරයක, ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ශිවා, ගීතාවේ දෙවියන්, ඔබගේ පියා,
ගුරුවරයා ඒ වගේම ඔබ සියලු දෙනා හට විමුක්තිය ලබා දෙන්නා, ඔබ සියලු දෙනා ඔහුගෙන්
සාමයේ හා සතුටේ උරුමය ලබා ගන්නවා කියා දැමුව හොත් ඔවුන් මෙය තේරුම් ගන්නවා.
මිනිසුන් තුළ තිබෙන ඒ වැරදි මත ඉවත් කිරීමට ඔබ බොහෝ සෙයින් උත්සාහ දැරිය යුතුයි. ඔබ
අන් අයට ඔබගේ විවෘත කිරීම් සිදු කරන්න කියා කියන්නේ මේ කාරණය නිසායි. ඔබ ඔවුන් හට
ඉතා හොඳින් මෙය විස්තර කර දුන්නා වුවත් ඔවුන්ගේ අදහස කුමක්ද කියා බාබා කියන ලෙසට
ලියා ගත යුතුයි. අවශ්‍ය වන ප්‍රධානම අදහස මෙයයි. සාමාන්‍යයෙන් ඔවුන් කියන්නේ මෙය
ඉතා හොඳ සංවිධානයක් කියා පමණයි. නමුත් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔව් ඔබ මෙසේ
ඉදිරියට යන විට, විනාශය සිදු වන විට, නිර්මාණය ළඟා වන විට ඔවුන් ඔබට මෙම අදහස
දෙනවා. ඔවුන් මෙය ලියන්නේ තේරුමක් ඇතිවයි. ඔවුන් දැන් ඔබ ළඟට පැමිණීමට පටන්ගෙන
තිබෙනවා. ඔබ සියලු දෙනාම සහෝදරයන් යන දැනුම දැන් ඔබට තිබෙනවා. ඔබ සියලුම දෙනා ඒ එකම
පියාගේ දරුවන්. ඒ උත්තරීතර බාබා සියලුම ජීවාත්මයන්ගේ පියා ලෙස හැඳින්වීම ඉතා පහසු
දෙයක්. ඔබ අනිවාර්යෙන්ම ඒ උත්තරීතර වූ අසීමිත වූ තත්ත්වය ලබනවා. අවුරුදු 5000කට
ප්‍රථම ඔබ මෙම තත්ත්වය ලැබුවා. මිනිසුන් කියනවා මේ කලි යුගයත් වසර දස දහස් ගණන්
තිබෙනවා කියා. නමුත් ඔබ කියන්නේ මේ සම්පූර්ණ චක්‍රයම පවතින්නේ වසර 5000ක් පමණයි
කියායි. එහි විශාල වෙනසක් තිබෙනවා. බාබා විස්තර කරනවා : අවුරුදු 5000කට ප්‍රථම
ලෝකයෙහි සාමය තිබුණා. මෙම අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරිපිට තිබෙනවා. එම ලෝකයේ සාමය
තිබුණා. ඔබ දැන් නැවතත් ඒ සාමයෙන් පිරි දේශය නිර්මාණය කරනවා. ඔවුන්ගේ ලෝකයෙහි සාමය
හා සතුට තිබුණා (ලක්ෂ්මී හා නාරායන), එහි කිසිම ආකාරයක දුකක් හටගන්නේ නැහැ.
මෙහිනම්, අනන්ත අප්‍රමාණ සේ ඔබට දුක අත්දැකිය හැකියි. ඔබ ඔබගේම මනසින්, ශරීරයෙන් හා
ධනයෙන් සූක්ෂමව ඒ සාමයේ හා සතුටේ රාජ්‍යය නිර්මාණය කර ගන්නවා. බාබා ඉතාමත්
සූක්ෂමයි, මෙම දැනුමත් සූක්ෂමයි, ඒ වගේම ඔබගේ උත්සාහයත් සූක්ෂමයි. මේ නිසා තමයි
බාබා ගීත වලට හා පැදි වලට කැමැත්තක් දක්වන්නේ නැත්තේ. ඒ සියලු දේ අයත් වන්නේ භක්ති
මාර්ගයටයි. මෙහිදී ඔබ නිශ්ශබ්දතාවයෙන් සිටිය යුතුයි. ඔබ විසින් සිදු කරන ඕනෑම
ක්‍රියාවකදී බාබා පමණක් සිහි කරන්න. මේ මුළු ලෝක චක්‍රයම ඔබ බුද්ධිය වටා කරකවන්න.
මෙම පැරණි ලෝකයේ ඔබගේ අවසානම වූ උපත මෙයයි. අනෙක් පළවනම උපත ඔබ ලබා ගන්නේ ඒ නව
ලෝකයේදීයි. ඔබගේ ජීවාත්මය අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. දැන් සියලුම
ජීවාත්මයන් අපිරිසිඳුයි. එමනිසා, ඔබ ඔබවම පාරිශුද්ධත්වයට ලක් කර ගැනීම උදෙසා බාබා
සමඟ යෝගාව තබාගත යුතුයි. බාබා ඔහු විසින්ම මෙසේ කියනවා : ඔබගේම ශරීරයට ඇති අවධානයත්
ඇතුළුව අන් සියලු ශරීර සබඳතා ද ඔබගේ බුද්ධියෙන් ඉවත දමන්න. බාබා ඒ නව ලෝකය ඔබ
වෙනුවෙන් සූදානම් කරනවා. ඔහු සිහිපත් කළහොත් ඔබගේ සියලු පාපයන් විනාශ වී යනවා. ඒ
ලෝක රාජ්‍යය ඔබ හට ලබා දෙන එවන් පියෙක් ඔබ විසින් අමතක කරන්නේ ඇයි? ඔහු කියනවා :
දරුවනි, මේ අවසාන උපතෙහිදී පමණක් පාරිශුද්ධත්වයෙන් සිටින්න. ඒ මරණීය දේශයේ විනාශය
දැන් තිබෙන්නේ ඔබ ඉදිරිපිටයි. ඔබ දන්නවා මෙම විනාශය ඒ ආකාරයෙන්ම මීට අවුරුදු 5000කට
ප්‍රථම සිදු වූවා කියා. ඒ වගේම ඔබ දන්නවා ඔබට එම රාජ්‍යය තිබෙන කළ මෙහි වෙන කිසිම
ආගමක් නැති බව. කෙනෙක් බාබා ඉදිරියට පැමිණෙන විට, මා ඔහුගෙන් අසනවා : අප මීට පෙර
හමු වී තිබෙනවාද? මෙය හොඳින් තේරුම් ගන්නා අය වහාම කියනවා : අප මීට අවුරුදු 5000කට
ප්‍රථම බාබා හමු වී තිබෙනවා කියා. අළුතෙන් කෙනෙක් මෙහි පැමිණ පටලැවිල්ලකට ලක්
වුවහොත්, බාබා දැනගන්නවා ඒ ගුරුවරයා විසින් හරිහැටි මෙය විස්තර කර දී නැහැ කියා.
එවිට මා මෙසේ කියනවා : මේ ගැන සිතා බලා ඔබගේ සිහි බුද්ධිය අවදි කර බලන්න. වෙන කිසිම
කෙනෙක් ඔබගෙන් මෙය අසන්නේ නැහැ. ඔවුන්ට මෙය ඇසීමට ඥානයක් නැහැ. ඔවුන් මේ දේවල් ගැන
දන්නේ නැද්ද? ඔබ මෙසේ දියුණු වන විට මෙම වංශයට අයත් වන අය අනිවාර්යෙන්ම ඔබ වෙත
එනවා. මෙම ලෝකය අනිවාර්යෙන්ම වෙනස් වනවා. මෙම චක්‍රයේ සියලු රහස් ඔබට විස්තර කර දී
තිබෙනවා. ඔබ දැන් ඒ නව ලෝකයට යා යුතුයි. මේ පැරණි ලෝකය අමතක කර දමන්න. පියෙකු
විසින් නව නිවසක් තනන විට, ඒ දරුවන් සියලුම දෙනාගේ අවධානය යොමු වන්නේ ඒ නව නිවස
කෙරෙහියි, ඔවුන් හට ඒ පැරණි ලෝකය කෙරෙහි තවත් බැඳීමක් ඇතිවන්නේ නැහැ. කොහොමනමුත්,
මෙය අසීමිත වූ කරුණක්. බාබා විසින් ඒ නව ලෝකය නම් වූ සත් යුගය නිර්මාණය කරනවා.
එමනිසා, මේ පැරණි ලෝකය දෙස බලන විටත් ඒ දෙස නොබලන්න. ඔබගේ සියලු බැඳීම් ඒ නව ලෝකය
සමඟ තබා ගන්න. මෙම ලෝකය කෙරෙහි කිසිම ආශාවක් ඇතිකර ගන්න එපා. සන්යාසීන්
බලහත්කාරයෙන්ම ඒ සීමිත අත්හැරීම කරමින් කැලෑ වලට ගොස් සිටිනවා. ඔබ හට මේ සම්පූර්ණ
ලෝකය ගැනම අසීමිත වූ නිරාශාවක් තිබෙනවා. මෙහි අසීමිත වූ දුක දක්නට ලැබෙනවා. ඒ සත්
යුගය නම් වූ නව ලෝකයේ ඔබට අසීමිත වූ සතුටක් දැකිය හැකියි. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම
එම ලෝකය සිහිපත් කළ යුතුයි. මෙහිදී සියලුම දෙනා එකිනෙකා හට දුක ගෙන එනවා. ඔබගේ මව,
පියා පවා ඔබව පාපයෙහි ගිල්වනවා. බාබා කියනවා : රාගය තමයි ඔබගේ ලොකුම සතුරා. ඔබ
එයින් ජයග්‍රහණය ලදහොත් ඔබට මුළු ලෝකයම ජයගත හැකියි. බාබා ඔබව ඒ උසස් තත්ත්වයට පත්
කරවන රාජයෝගා දැනුම ඔබට ලබා දෙනවා. ඔවුන්ට කියන්න, ඔබ පිරිසිඳු වුවහොත් ඒ සත් යුගයේ
ඔබට උසස් තත්ත්වයක් ලැබෙනවා කියා සිහිනෙන් දෙවියන් විසින් ඔබට කියූ වග. නමුත්, ඔබ
එසේ පාරිශුද්ධත්වයෙන් මේ අවසාන උපත ගත නොකළහොත් ඔබට ඒ රාජ්‍යය අහිමි වී යනවා. මෙහි
සටන ඇතිවන්නේ පාරිශුද්ධත්වය මතයි. දුශාෂන් විසින් ද්රෟපතිට කතා කළ නිසා ද්‍රෟපති
සහාය පැතුවා! එම කතාවේම ක්‍රිෂ්ණා විසින් ද්රෟපතී හට සාරි 21ක් දුන්නා කියා සඳහන්
වෙනවා. බාබා මෙහි දැන් බොහෝ සෙයින් විනාශයට පත් වී ඇති ආකාරය ගැන ඔබට විස්තර කර
දෙනවා. මෙහි අසීමිත වූ දුක දක්නට ලැබෙනවා. නමුත් සත් යුගයේ ඔබට අසීමිත වූ සතුට
දැකගත හැකියි. මා දැන් ඒ එකම එක ධර්මය මෙහි ස්ථාපිත කොට අන් සියලු ආගම් විනාශ
කිරීමට මෙහි පැමිණ සිටිනවා. මා ඔබට ඔබගේ රාජ්‍යය ලබා දී විශ්‍රාමික තත්ත්වයට යනවා.
ඉන්පසු තවත් කල්ප භාගයක් යනතුරු ඔබට මා අවශ්‍ය වන්නේ නැහැ. කල්ප භාගයක් යනතුරු ඔබ
මා සිහි කරන්නේ හෝ නැහැ. බාබා විස්තර කරනවා : අන් අය ඔබ ගැන තබාගෙන තිබෙන වැරදි
ආකල්ප සියල්ලක්ම නැති වී යනවා. එවිට සියලු දේ නියම ආකාරයට පත් වෙනවා. කොහොමනමුත්,
ඔබ කෙසේ හෝ මිනිසුන්ගෙන් දෙවියන් සෑම තැනකම නැති බව කියැවෙන අදහස ලබාගත යුතුයි. ඔහු
දැන් මෙහි පැමිණ ඔබට රාජයෝග දැනුම ලබා දෙනවා. ඒ වගේම බාබා ඔබගේ පාරිශුද්ධකරුවායි.
කිසිම ගඟකට හෝ ඇළකට ඔබව පිරිසිඳු කළ නොහැකියි. සෑම තැනකම ජලය තිබෙනවා. ඒ අසීමිත වූ
පියා කියනවා : දැන් ඔබ සියලු දෙනා ජීවාත්මයන් බව සළකන්න. ඔබගේ ශරීරයටත් ශරීරයට අයත්
නොයෙකුත් සබඳතාත් දැන් ඉවත් කර දමන්න. ඔබගේ ජීවාත්මය ශරීරය අත්හැර අනෙක් ශරීරය
ගන්නවා. මිනිසුන් කියනවා: මේ ජීවාත්මය ක්‍රියා හා සම්බන්ධ නැති බවත් සියලුම
ජීවාත්මයන් උත්තරීතර ජීවාත්මයන් බවත්. එම කරුණ අයත් වන්නේ භක්ති මාර්ගයටයි. දරුවන්
අසනවා: බාබා, මා ඔබ සිහි කරන්නේ කෙසේද? අහෝ! අඩුම වශයෙන් ඔබ ජීවාත්මයක් බව සළකන්න.
ජීවාත්මය ඉතා කුඩා වන නිසා ඔබගේ පියාත් එසේම කුඩා වූ පුංචි ජීවාත්මයක්. කොහොමනමුත්,
ඔහු මේ ඉපදීමෙහි චක්‍රයට අයත් වන්නේ නැහැ. ඔබට මෙම දැනුම තිබෙනවානම් බාබා සිහි කළ
නොහැක්කේ ඇයි? ඔබ කරන ඕනෑම වැඩකදී බාබා පමණක් සිහි කරන්න. අච්චා, ඔබ තවමත් විශ්වාස
කරනවා නම්, බාබා විශාල ස්වරූපයකින් යුතු කෙනෙක් කියා අඩුම තරමින් එය හෝ සිහිපත්
කරන්න; එමඟින් ඔබගේ පාපයන් විනාශ වී යනවා. ඒ සඳහා වෙන කිසිම මාර්ගයක් නැහැ. මෙය
තේරුම් ගන්නා අය මෙසේ කියනවා: බාබා, ඔබ සිහිකිරීම මඟින් අප ඒ ලෝකයේ පාලකයන් බවට පත්
වෙනවා. එමනිසා, ඇයි අප ඔබ සිහිපත් කරන්නේ නැත්තේ? ඒ වගේම ඔබ අන් අය හටත් මෙය
සිහිපත් කළ යුතුයි, එවිට ඔබගේ පාපයන් විනාශ වී යනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. බාබා මෙන්ම
මෙම දැනුමද සූක්ෂම වනවා මෙන්ම ඔබගේ උත්සාහයත් එලෙසින්ම සූක්ෂම විය යුතුයි. නොයෙකුත්
ගීත හා පැදි කියමින් සිටිනවාට වඩා නිශ්ශබ්දතාවය රැකීම වඩා හොඳය. ඔබ එම
නිශ්ශබ්දතාවයත් සමඟ ඇවිදින විටත් යම් වැඩක් කරන විටත් බාබා සිහිපත් කරන්න.
2. මේ පැරණි ලෝකය
දැන් වෙනසකට ලක් විය යුතුයි. එමනිසා, එයට ඇති බැඳීම් සියල්ලම ඉවත් කර දමන්න. ඔබ එය
දකිනවා වුවත් කිසි විටෙක වුවමනාවෙන්ම එදෙස නොබලන්න. ඒ නව ලෝකය තැනීමෙහි කාර්යයෙහි
නිරන්තරයෙන් යෙදෙන්න.
වරදානය:
බ්‍රාහ්මණ
ජීවිතයේ විශේෂත්වය ඔබේ ස්වභාවික ස්වභාවය බවට පත් කරගෙන පහසු උත්සාහයක් දරන්නෙකු බවට
පත් වේවා.
ඔබේ බ්‍රාහ්මණ ජීවිතය
විශේෂයි, ඔබේ බ්‍රාහ්මණ ධර්මය සහ ක්‍රියා විශේෂයි, එනම්, ඔබ බ්‍රාහ්මණ ක්‍රියා
කිරීමේදී සකාර් බ්‍රහ්ම බාබා අනුගමනය කරන නිසා ඒවා වඩාත් උසස් වේ. බ්‍රාහ්මණයන්ගේ
ස්වභාවය විශේෂ ස්වභාවයකි. සාමාන්‍ය හෝ යක්ෂ ස්වභාවය බ්‍රාහ්මණයන්ගේ ස්වභාවය නොවේ.
සරළව ඔබේ මෙම අවධානය තබා ගන්න: මම විශේෂ ජීවාත්මයක් වෙමි. මෙම ස්වභාවය ස්වභාවික වූ
විට, පරමාත්ම පියාට සමාන වීමට පහසු බව ඔබ අත්දකිනු ඇත. ඔබ ස්මරණයේ ප්‍රතිමූර්තියක්
වන අතර බලයේ ප්‍රතිමූර්තියක් වනු ඇත. මේ උත්සාහය පහසු වේ.
පාඨය:
පාරිශුද්ධත්වයේ සහ සාමයේ ආලෝකය සෑම තැනකම පතුරුවන්නෝ ප්‍රදීපාගාර වෙති.