02.10.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, රාවණගේ මගපෙන්වීම් අනුගමනය කිරීමෙන් පාපකාරී ක්‍රියා කිසිවක් නොකරන්න.
අපවිත්‍ර අයට පවිත්‍ර වීමට මග පෙන්වන්න.
ප්‍රශ්නය:
උත්සාහ කරමින්
සිටින අතරේ අනිවාර්යෙන්ම බුද්ධිමත්, ඥානවන්ත දරුවන් කුමන ශ්‍රීමතයට අවධානය යොමු කළ
යුතුද?
පිළිතුර:
උසස් තත්වයක් ලබා ගැනීමට නිරන්තරයෙන් ස්මරණයෙහි සිටීමට උත්සාහ දරමින්, බුද්ධිමත්
දරුවන් මෙම ශ්‍රීමතයටයි අවධානය යොමු කරන්නේ: මම උපකරණයක් වී බොහෝ ජීවාමයන්ට යහපත
සලන්න ඕන. බොහෝ අයට යහපත සලස්වන්නන් ඉබේම තමන්ටම යහපත සලස්වා ගනී.
ගීතය:
මම මගේ වාසනාව
අවදිකරගනිමින් ආවෙමි ...
ඕම් ශාන්ති.
පැරැණි ලොව
දැන් විනාශ වීමට යන බවත්, පියා විසින් නව ලොව ස්ථාපනය කරමින් සිටින බවත් ඔබ දන්නා
හේතුවෙත් නව ලොව සහ පැරැණි ලොව ගැන ඔය දරුවන්ගේ බුද්ධියෙහි ඇත. ඔය දරුවන් දන්නවා,
ශිව ජයන්තිය ශිවරාත්‍රිය නමින් සමරණ බව. මේ දෙකෙහි එකකවත් අර්ථය ලොවෙහි කිසිවකු
නොදනී. ශිව ජයන්ති යනු ශිවාගේ ජන්ම දිනයයි. සාමාන්‍යයෙන් මිනිසුන් සමරන්නේ,
මනුෂ්‍යයන්ගේ උපදිනයයි: ශිවා උපතක් ගන්නේ නැත. මිනිසුන්ට ඔහු උපත ගන්නේ කෙසේද යන්න
නොවැටහේ. ශ්‍රී ක්‍රිෂ්ණා උපතක් ගත් බව සිහිකෙරෙන නමුත් ශිවාගේ උපත ගැන වර්ණනාවක්
නැත. පරමාත්මා, පරම පියා බ්‍රහ්මා තුළින් ස්ථාපනය කර ඇතැයි සිහිපත් කර ඇත. ඔහු
සූක්‍ෂම කලාපයේ ඉඳිමින් යම් කෙනෙකු පොළඹවනවා වත්ද? එය අසම්භාව්‍යයි! පාරිශුද්ධකරු
පියාණන්ව මිනිසුන් සිහිපත් කරති. මිනිසුන්ගේ බුද්ධින් තුළ මේවා රැඳෙන්නේ පරම පියාම
ඇවිත් මේ දේ පැහැදිලි කළොත් පමණයි. නාටකයේ නියමිතව තිබෙන නිසා පරම පියා සංගම යුගයේ
ඒමට ඇත. පරම පියා ඇවිත් සිටින බව ඔය දරුවන් දනී. එනමුත් කලාතුරකිනුයි කිසිවකු මෙය
වටහාගන්නේ. ඔවුන්ගේ අදහස් විමසුවොත්, ඇත්තෙන්ම පරම පියා බ්‍රහ්මා තුළින් යළිත් වරක්
භාරතය ස්වර්ණම යුගයක් බවට පත්කළ වගක් කිසිවකු ලියා නැතැයි කියති. පරම පියා ඇවිත්
සිටින බව සහ ඔහු විසින් දෙව්ලොව රාජධානිය ප්‍රාප්ත කර දෙන බවත්, එසේම ඔහු විසින්
රාජයෝගා උගන්වන බවත් කිසිවකු හරියටම වටහා ගෙන නැත. දහසක් පමණ එනවා. ඇතැම් අය
නවතිනවා. අනතුරුව ඔවුන්ගේ ගණන නොකඩවා අඩු වීගෙන යනවා. මේ තරම් පහසු දෙයක් වටහා
ගැනීමට නොහැකි තරම් ඔවුන්ගේ බුද්ධි තමෝප්‍රධාන් වී තිබෙනවා. පාපකාරී ක්‍රියා
කිසිවක් නොකරන්න. පරම පියා කියනවා: නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබේ
පාප නිදොස් වී යයි. මෙම යෝග අග්නිය තුළිනුයි ඔබ සතෝප්‍රධාන් වනවා ඇත්තේ. පාපතර
ක්‍රියා කිසිවක් නොකරන්න. රාවණ තමයි ඔබ ලවා පාප ක්‍රියා කරවන්නේ. ඔහුගේ උපදෙස්
පිළිපදින්න එපා. කිසිවකු රිදවන්න එපා. පරම පියා ඇවිත් සිටින්නේ අපවිත්‍ර අයව
පවිත්‍ර කිරීමටයි. බාබා කියනවා. මෙම වැඩේ ඔබගේද වේ. අපවිත්‍ර අයට පිවිතුරු වීමේ මග
පෙන්වන්නේ කොහොමද කියා. දිවා රාත්‍රියේ මේ ගැන සිතන්න. මාර්ගය ඉතා පහසුයි. ඔබ
පාරිශුද්ධ වන්නේ යෝග බලයෙන් පමණයි. සදාතනික ශල්‍ය වෛද්‍යවරයාගේ බෙහෙත මෙය වේ. මෙය
මන්ත්‍රයක් වැනි දෙයක් නොවෙයි. එය හුදෙක් පියා සිහිපත් කිරීම වේ. සෑම දේම ඉතා
පැහැදිළි ලෙස පහදා දී තිබෙනවා. මෙය සෑම චක්‍රයේම පහදා දෙනු ලබනවා. මෙසේ සිහිපත්
කරති: ඥානය, භක්තිය සහ වෛරාග්‍යය. වෛරාග්‍යය කුමකට ද? මෙම පැරැණි කිළිටි ලෝකයටයි.
මෙම පැරැණි ලොවේ ජීවාත්මයන් සහමුලින්ම පාපතරයි. මෙසේ කියති: පාරිශුද්ධකරුවාණනී,
ගැලවුම් කරුවාණනී එන්න! ඔබව කුමකින්ද ගලවන්න ඕන? දුකෙන් සහ රාවණ රාජ්‍යයෙන්. රාවන්ට
ඉංග්‍රීසියෙන් ඊවිල් කියති. ඔබ කියයි: අපව සාතන්ගේ රාජ්‍යයෙන් නිදහස් කර ආපසු නිවසට
ගෙන යන්න කියා. අපගේ මග පෙන්වන්නා වී ආපසු අපව ඔබත් සමග අරන් යන්න. එය හරියටම
කෙනෙකු ඇවිත් තව කෙනෙක්ව හිරෙන් නිදහස් කර ඉතාමත් සෙනෙහසෙන් ආපසු නිවසට එක්කගෙන
යනවා සේය. ඉතින් ඔබ සියලුම දරුවන්ට මේ අසීමිත පියා සහතික කරනවා: මම, ඔබ සැවොම
හිරෙන් නිදහස් කරන්න ඇවිත් සිටිමි. මෙය මේලාවන් සහ ප්‍රදර්ශන වලදී ආකෘති හැඩයෙන්
පෙන්වා තිබෙනවා. සෑම දෙනාම සිරගෙදර සිරවීයි සිටින්නේ. එහෙත් මිනිසුන් තවමත් කිසිවක්
තේරුම් නොගනී. පරම පියා ඉතාමත් පහසු ලෙස පහදාදී ඔබව ලොවේ අධිපතීන් බවට කරවයි. ඔහු
කියන්නේ: මා සිහිපත් කරන්න. එවිට ඔබේ පාප කැපී යාවි. එසේම ඔබ ස්වර්ණමය යුගයේ
අධිපතීන් වේවි. මෙය ඕනෑම ආගමක ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි තරම් පහසු දෙයකි. ඔවුන්ට
අහවල් අහවල් ආගම් බිහි වුණේ කොයි කාලේද කියා ඔබ කිව යුතුයි. අන්තිමේදී සියලු
ජීවාත්මයත් ආපසු ගොස් තම තමන්ගේ කාණ්ඩයට එකතු වෙනවා. ඉන්පසු දේවතා ධර්මය ආරම්භ වනවා
ඇත. බ්‍රහ්මා තුළින් ස්ථාපනය සිදුවන බව ලියා ඇත. නොම්මර එකේ පින්තුරය ත්‍රිමූර්තී
පින්තුරයයි. ඔබට මේ ත්‍රිමූර්ති පින්තුරය හා චක්‍රයේ පින්තුරය භාවිත කර හොඳින්
පැහැදිලි කළ හැකියි. සාම දනව්ව, සතුටු දේශය සහ දුක් දේශය තිබෙන වගත් ඔබට කියා දී
තිබෙයි. මේ දුක් සහිත ලොවෙහි නිරාශාවක් ඇතිවිය යුතුයි. භක්ති රාත්‍රිය අවසානයට
එමින්, රන් සහ රිදී යුගයන් හී දහවල දැන් ආරම්භ වීමට ඇත. පරම පියා කියයි: දැන් මේ
පැරණි ලෝකය විනාශ වෙන්නයි යන්නේ. ඒ නිසා ඔබට එහි නිරාශාව තිබෙන්න ඕන. එය සීමා සහිත
නිරාශාවයි. එහෙත් මෙය අසීමිත නිරාශාවයි. එම සන්යාසීන් දෙව්ලොව ස්ථාපනය කරන්නේ නැත.
නිර්මාණකරු පරම පියායි. ඔහුටයි ස්වර්ගයේ දෙවි පියාණන්, ස්වර්ගය ස්ථාපනය කරන්නා
කියන්නේ. එහි වෙන කිසිවකු නොවේ. මෙම අධ්‍යාපනය ස්වර්ණමය යුග අධිරාජ්‍යය ලබාගැනීම
පිණිසයි. ඥාන සාගරය ඇවිත් ඔබට දැනුම දෙයි. ඔහුට පමණයි ඥාන සාගරය, පාරිශුද්ධකරු යැයි
කියන්නේ. ඔහුට තිබෙන්නේ මොන දැනුමද? එය අධිනීතිඥ වරයෙක් හෝ ශල්‍ය වෛද්‍ය වරයෙක්
වන්නේ කෙසේද යන දැනුමක්ද? පරමාත්ම පියාට තිබෙන්නේ ලොවෙහි මුල, මැද සහ අග පිළිබඳ
ඥානයයි. අධිනීතිඥ හෝ ඉන්ජිනේරුවෙක් වීමට තිබෙන සියලුම දැනුම එහි අන්තර්ගත වේ. මෙම
දේවමය දැනුමයි ප්‍රධාන වෙඬෙරුව වන්නේ. ලෞකික අධ්‍යාපනයක් ලබා ඉන්ජිනේරු ආදිය වීම
මහා දෙයක් නොවෙයි. ස්වර්ණමය යුගයේ තිබෙන්නා වූ සිරිත් විරිත් ආදිය ඔබ දනී. ඒවා එහි
පවතීවි. අප යළිත් පෙර චක්‍රයේ තිබූ ආකාරයටම මාලිගා ගොඩනැගිලි තතනවා. එයට ස්වර්ණමය
යුගය යැයි කියයි. එම ස්ථානයේ තිබෙන සිරිත් විරිත් මිනිසුන් නොදනී. එහි දියමන්ති සහ
මිණිමුතු සහිත මාලිගා සාදන්නේ කෙසේද? එහි සිටින මිනිසුන්, කලා දහසයකින් පිරි,
සම්පූර්ණ නිර්දෝෂ වූවන් යැයි සිහිපත් කර ඇත. එහි කිනම් සම්ප්‍රදායක් තිබේද, ඒ අනුව
රාජධානිය පැවතේවි. එය නාටකයේ නිශ්චිතයි. ජීවාත්මයන් එහි තමන්ට අදාල කොටස රඟපාවි. ඔබ
එහිදී ගොඩනැගිලි තනන ආකාරය සහ ජීවත්වන ආකාරය යන සැමෙකක්ම නිශ්චය වීයි තිබෙන්නේ.
පැරැණි ලොවේ සියලුම දේ එහි සිරිත් විරිත් වලට අනුව සිදුවන ආකාරයෙන්, නව ලොවේ එම
දේවල් ඒ අනුව පැවැතේවි. මෙහි සිටින්නේ යක්ෂයින්, එහි සිටින්නේ දේවතාවන්, මේ කිසිවක්
පොත් පත් වල සඳහන් වී නැත. ඔවුන් භක්තිය සහ ඥානය පිළිබඳව පවසති. ඔවුන් බ්‍රහ්මාගේ
දහවල සහ මාගේ රාත්‍රිය ගැන පවසති. බ්‍රහ්මාගේ නම පමණයි සඳහන් කර ඇත්තේ. විෂ්ණුගේ
නොවෙයි. අනතුරුව බ්‍රහ්මා විෂ්ණු වෙයි. බ්‍රහ්මා සහ සරස්වතී දෙදෙනා විෂ්ණු වේ.
විෂ්ණු යනු ලක්‍ෂමි නාරායන්ගේ ද්විත්ව ස්වරූපයයි. මේ නිසයි, ඔබට බාබා කීවේ උපත් 84
කින් පසුව ලක්‍ෂමී සහ නාරායන් මෙසේ පත්වෙනවා කියා. රාජයෝග තපස්යාව සිදුවන්නේ මෙහි
ය. සූක්ෂම කලාපයේ නොවෙයි. පරිත්‍යාග, යාගහෝම නිර්මිත වූයේ මෙහියි. පරම පියා පහදා
දෙයි. මේ තමයි අවසාන යාග හෝමය. ඉන්පසු ස්වර්ණමය, රජත යුග වල යාගහෝම නොමැත. අනේක විධ
යාග හෝම ඔවුන්ට ඇත. වර්ෂාව නොමැති විට, දුක් පීඩා විඳින විට යාග හෝම නිර්මාණය කරති.
මන්ද එම යාග හෝම පැවැත්වූවොත් ඔවුන්ගේ දුක් පීඩා ඉවත් වී යනවා ඇතැයි ඔවුන් විශ්වාස
කරති. සියල්ලටම වඩා මහා යාග හෝමය වන්නේ මෙයයි. සමස්ත ලොවේම දුක මෙම දැනුමේ යාග හෝමය
තුළින් ඉවත් වී යාවී. අශ්වමේද යාගය යනුවෙන් හඳුන්වන දැනුමේ අවිනාශී යග්යාව මෙයවේ.
සැවොම මෙහි බිලි වනවා ඇත. මෙය ඔබට හොඳාකාරව පහදා දී තිබෙයි. ඔවුන් දිල්ලියේ විශාල
මඩුවක් සාදා සන්දර්ශනයක් පැවැත්වූවා. එසේ කරන එකත් හොඳයි. ලොකු මඩුවක් සාදන වේලාවක්
ගත වෙන්නේ නැහැ. ශාලාවක් සොයන්න කරදර වනවාට වඩා ලෙහෙසියෙන් මඩුවක් සාදාගන්න. කුඩා
නගර වල කුඩා මඩු සාදන්න. විදුලි පහසුකම් නැතිනම් දහවල් කාලයේ ප්‍රදර්ශන පවත්වන්න.
උවමනා කරන උපකරණ තමන් ලඟ තබාගත යුතුයි. ණයට යමක් ගන්න යන්නේ කුමකට ද? ප්‍රදර්ශන
කමිටුවටයි පියා උපදෙස් දෙන්නේ. මඩුව තෙමෙන්නේ නැතිවෙන්න සාදාගන්න. එවිට වැස්සත්
ප්‍රශ්නයක් නැහැ. බාබා දිල්ලියට යමින් සිටි කාලයේ එහි සීතලේ මඩු වලයි දේශත
පැවැත්වූවේ. සීතල කාලයේදී හැමෝම උණුසුම් ඇඳුම් අඳිනවා. ප්‍රදර්ශනය සඳහා බොහෝ විශාල
මඩු ඔබට තනාගත හැකියි. කිසිවකු බාධා නොකළ යුතුයි. එමනිසා, සෑම දේම හොඳින් රැකගන්න
ඕන. සේවය කෙරෙන්න ඕන. ඔවුන්ට පැහැදිළි කරන්න, ඒ එක්කම පරම පියා ගැන පැහැදිලි
හැඳින්වීම දෙන්න. අප දැන් සිටින්නේ පරම පියා සමගයි. අප දැනුම ලබන්නේ දැනුමේ සාගරය
වූ පරම පියාගෙන්. ස්වර්ණමය යුගයෙහි දැනුමේ අවශ්‍යතාවයක් නැත. පරම පියා පවසයි: මම
සිටින්නේ ඔබට සත්ගතිය ප්‍රධානය කරන්නයි. ඉන්පසුව රාවණ මගිනුයි දිගටම පරිහාණිය
ඇතිවන්නේ. එක් පරම පියායි සත්තිය පිරිනමන්නා. මෙය ඔබට ඉතා හොඳින් පහදාදී තිබෙයි.
කෙසේවෙතත්, ඔවුන්ම කිසිවක් වටහා නොගත්තත්, මේක මිනිසුන්ට ඉතාමත් හොඳ කාරණාවක්ය කියා
ඔවුන් කියනා නමුත් ඔවුන්ටම වටහාගන්න වේලාවක් නොමැතිව තිබෙයි. ඔබ, සැලකිය යුතු
මිනිසුන් කරා ගොස් බොහෝ සේ පැහැදිලි කරයි: කෙසේ පියා ලොව උසස් කරනවාද යන්න සරලව
තේරුම් ගන්න. ඔබව උසස් කරන වගකීම පියාගේය. මේකටයි ඔබ පියාට යදිමින් කතා කළේ. නොකඩවා
ඔබ ගයන්නේ: අපගේ දුක නැති කර අපට සතුට ලබාදෙනන්න! එහෙනම්, ඔබ පරම පියා ආවොත් තමන්
භාරවෙනවා යන අදහසත් සමග පියාගේ ශ්‍රීමත් ඒ ආකාරයටම පිළිපදිනවා කියා ඔබ වටහාගත්තා. ඒ
වුණාට, ඇතැමුන් පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්නේ නැහැ. දෙවියන් කවුදැයි මිනිසුන්
නොදනී. ඔවුන් කියන්නේ ඔහු සර්ව ව්‍යාප්තිය (සැමතැනම සිටිනවා) කියා. එහි එකම එක
පාරිශුද්ධකරු, දෙවියන් පමණයි ඇත්තේ. ඔහු සැමතැනම සිටිය හැක්කේ කෙසේද? එය එසේ
වුවොත්, සැමදෙනාටම දෙවියන් කියනු ඇත. දෙවියන් කුඩා ලොකු විය නොහැක. ප්‍රදර්ශන
පින්තූර වල, ඇතැමුන් මස් කනවා. තවත් අය සටන් කරනවා ආදිය ඔබ පෙන්වයි. දෙවියන් මේ
සියලු දේවල් කරයි ද? මිනිසුන් සතුටිත් මේවා අසා යන්න යාවි. කෙසේ හෝ එතැනින් පිටවී
යනවාත් සමගම සවන් දුන් සියල්ල අමතක කරාවි. හුදෙක් පුරවැසියත් නිර්මාණය වේ. ඔවුන්
රජවරු වෙන්නට හැකිතාක් වෑයම් කරති. ඇය හෝ ඔහු කවුරුත්, රජෙක් වන්නට අත් ඔසවයි.
නමුත් දින පහක් හෝ හතකට පසු ඔහු තවදුරටත් එහි නොසිටී. මායා ඉක්මණින් ඔබව උගුලේ
පටලවන්නට තරම් බොහෝ බලවත්ය. රාජධානියක් ස්ථාපනය කිරීම ඉතාමත් අපහසු දෙයකි. ආගමක්
ස්ථාපනය කිරීමෙහි අපහසුතාවයක් නොමැත. එහි යක්ෂයන්ගෙන් බාධාවක් ඇතිවන්නේ නැහැ. මෙහි
දරුවන් ඔවුන් විවාහ වෙන්න යන්නේ නැතැයි කියති. ඔවුන්ගේ පියවරුන් අනිවාර්යයෙන්ම
ඔවුන් විවාහ විය යුතු බව කියති. නැතිනම් ලොව පැවතෙන්නේ කෙසේද? ඕහ්, විවාහ නොවන එක
හොඳයි නේ. විවාහ නොවුණොත් දරුවො ලැබෙන්නේ නැහැ. එවිට උපත් පාලනය ඇතිවේවි. පරම පියා
පහදා දෙයි: කව්රු කුමක් කළත් ඊට ප්‍රතිඵලය ලැබෙනවා. ඔබ මෙසේ දියුණු වෙද්දී, බොහෝ අය
ඉක්මණින් පියාට අයිති වෙනවා. පෙර චක්‍රයේ වූ ආකාරයටම වෙනසක් නැතිව ස්ථාපනය සිදුවන
බව ඔය දරුවත් දන්නවා. පෙර චක්‍රයේ කුමක් සිදුවුණේ ද, නිවැරැදිව ඒ අයුරින්ම දවස
පුරාම සිදුවේවි. ඔබ රාත්‍රියේ නින්දට යාමට පෙර මෙසේ සිතන්න: අද දින සිදුවූ සැමෙකක්ම
නාටකය අනුව සිදුවුණා. ඒවාගේම හෙට දවසේ සිදුවන්න යන්නේ නාටකය අනුවමයි. ඔබ හැරෙන්න
අන් කිසිවකු මෙය නාටකය කියා එහි මුල, මැද සහ අග කුමක්ද කියා නොදනී. ඔවුන් කිසිවක්
නොදනී. ඔබ උත්සාහ කරමින් සිටින බවත් අන් සැවොම සිටින්නේ ඝණ අඳුරේ බවත් ඔබ දනී. ඕනෑම
කොටසක් රඟදක්වන්නේ නාටකයට අනුවයි. අද ඔබ මෙහි ඉඳිමින් සිටිනවා. එවිට හෙටදින ඔබ
වැටුණොත් එයට කියන්නේ නාටකයේ ඇති පරිදි ඔබට එම විඳවීම් තුළින් යා යුතුව තිබුණා
කියායි. සෑම චක්‍රයේම එයම සිදුවේවි. ඔබේ බුද්ධි තුළ නාටකය පිළිබඳව තිබෙන නිසා ඒ ගැන
දුක්වන්න හේතුවක් නැත. යම් බාධකයක් ඇතිවිට සහ යමක් ප්‍රමාද වුණොතින් එවිට සෑම
චක්‍රයේම ඒ ආකාරයටම ප්‍රමාද වන බව ඔබ තේරුම් ගෙන ඇත. එවැනි සලකුණු දිස් වෙනවා. උසස්
ස්ථිතියක් ලබන්නට බොහෝ උත්සාහ දරන්න වෙනවා. ඔබ ඉහළ නගිනවාද කියා බලන්න ඕන. මම බබාගේ
සේවය කරනවා ද නැත්නම් යම් තැනක හිරවී සිටිනවාද? මම කාට හෝ යහපතක් කරනවා ද? මම බොහෝ
අයට යහපත සැලැස්වුවොතින් මම ද යහපත අත්විඳිමි. විභාගයක් අහවර වූ විට ඔබ ලබන්නට යන
තනතුර ඔබ දනී. මෙය සෑම චක්‍රයේම ගනුදෙනුවකි. අනතුරුව අවසානයේ දී, විශාල වශයෙන් පසු
තැවීමකට ලක්වෙන්න සිදුවෙයි. ඇයි මම ඒ වේලාවන් හිදී උත්සාහ නොකළේ? ඇයි මම බාබාගේ
ශ්‍රීමත් අනුගමනය නොකළේ? බාබා සරලව කීවේ: "මන්මනාභව්" එපමණයි! ඔහු ඉතාමත් ආදරයෙන්
කීවේ: දරුවනී මා සිහිකරන්න! අන් අයට මාර්ගය පෙන්වන සේවය කරන්න. ඔබ උත්සාහ කර උසස්
තත්ත්වයක් හිමිකර නොගන්නේ ඇයි? එවැනි දරුවන්ටයි බුද්ධිමත් සහ නුවණක්කාර දරුවත් කියා
කියන්නේ. ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරන බව හෝ ඔබ අන් අයට යහපතක් සලස්වා ඇති බව ඔබට
උගන්වන්නාටද වැටහේ. ඒ හෙයින් නිසැකවම ඔබ ලබනා තත්ත්වයත් පහත් වනු ඇත. ඔබ අන් බොහෝ
අයට මාර්ගය පෙන්වයි ද, ඔබ විසින් අත්කරගන්නේ උසස්ම තත්ත්වයකි. ඔබ වෙනුවෙන් සේවය
කරන්න. යම් දෙයක් කළ අයට අනිවාර්යෙන්ම එහි ඵලය ලැබේවි. එමනිසා ඔබ එවන් සේවයක් කළ
යුතුවේ. යම් තැනක ප්‍රදර්ශනයක් පවත්වනවා නම්, ඔබ ඔබේ පඩිය අඩක් කැපෙන්න හරි
නිවාඩුවක් ගෙන එහි ගොස් සේවය කරන්න. ඇතැම් අය තමන්ගේ මුළු පඩියම නැතිව ගියත් එහි
ගොස් සේවය කරති. බාබා කියනවා: ඔබේ දරුවන්ට යමක් අවැසි නම් ඔවුන්ට එය යවන්න. ඔබේ
ශරිරයේ ජීවනෝපායට රුපියල් දාහක් හෝ දහයක් සෑහේ. ඇතැමුන්ට සියදහස් ගණන් වියදම්
කිරීමට තරම් බොහෝ මුදල් ඇත. බාබා කියයි: ඔබ තණකොළ කපමින් සිටිනවා ඇති. එහෙත්
නිතැතින් පියා ස්මරණය කරන්න. එවිට ඔබ උපත් 21ක් සඳහා ස්වර්ගයේ අධිපතීන් වනවා ඇත.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සියලු දුක්
කරදර වලින් නිදහස් වීම සඳහා ඔබේ බුද්ධියෙහි නාටකයේ නිරවද්‍ය දැනුම තබාගන්න. සිදුවන
ලද ඕනෑම දෙයක් හරියටම පෙර චක්‍රයේ කළ ආකාරයටම සිදුවෙනව ඇත.
2. දිවා රාත්‍රිය,
අපවිත්‍ර අයට පිවිතුරු වන්නට මාර්ගය පෙන්වන්නේ කෙසේද යන්න පමණක් සිතන්න. ශ්‍රීමත්
අනුගමනය කර තමන්ටත් අන් අයටත් යහපත සලස්වා ගන්න.
වරදානය:
ලෝකය
පරිවර්තනය කිරීමේ උත්තරීතර කාර්යය සම්පූර්ණ කිරීමේ වගකීම ඉටු කරන අතරතුර, ඔබ
ආධාරකයේ ප්‍රතිරූපයක් බවට පත්ව 'ද්විත්ව ආලෝක' ස්වභාවයෙන් යුතුව සිටිත්වා.
ආධාරකයේ ප්‍රතිරූප
බවට පත්වන්නන් සියලු වගකීම් දරයි. ඔබ දැන් කොතැනක, කෙසේ ගියත්, අනෙකුත් ජීවාත්ම ඔබව
ඒ ආකාරයෙන්ම අනුගමනය කරනු ඇත. මෙය ඔබේ වගකීමයි; නමුත් මෙම වගකීම ඔබේ ස්ථිතිය ගොඩනඟා
ගැනීමට ඔබට බෙහෙවින් උපකාරී වේ. මන්ද, මෙය කිරීමෙන් ඔබට බොහෝ ජීවාත්මයන්ගෙන්
ආශිර්වාද ලැබෙන අතර, එමගින් ඔබේ වගකීම සැහැල්ලු වේ. මෙම වගකීම ඔබේ වෙහෙස දුරු කරයි.
පාඨය:
හදවත සහ
බුද්ධිය අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමෙන්, ඔබ කරන සේවය සාර්ථක වේ.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
සියලු ජීවාත්මයන්ට
ඔබේ සියලු වස්තුන් පරිත්‍යාග කිරීම යනු ඔවුන්ව නගාසිටුවීමයි . මේ ආකාරයෙන් අන් අයව
නගාසිටුවන්නන්, තමන්ව සියලු වස්තූන්ගෙන් පූර්ණ වූවන් ලෙසත්, දුකෙන් තොර දේශයක
අධිරාජ්‍යයන් ලෙසත් අත්විඳිනු ඇත. ඔවුන්ගේ සිතුවිලි තුළ පවා දුක පිළිබඳ කිසිදු
සංස්කාරයක් මතු විය නොහැක. සේවය කරන විට, කිසිවෙකුගේ දුර්වල සංස්කාර දෙස නොබලා,
ඔවුන් කෙරෙහි දයානුකම්පිත දෘෂ්ටියක් තබා ගන්නා අතර ඔබට අපහාස කරන්නන්ව ද
නඟාසිටුවන්න.