02.11.25    Avyakt Bapdada      Sinhala Murli     31.10.2007    Om Shanti    Madhuban


ඔබගේ ‌ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානයේ ආධ්‍යාත්මික කුල්මත් බවේ රැඳී සිට,
කළ නොහැකි දේ, කළ හැකි බවට පත් කර, සැහැල්ලු අධිරාජයෙක් වන්න.


අද දින ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානය ඇති, සෑම තැනකම සිටින ඔහුගේ සියලුම විශේෂ දරුවන්ව බාප්දාදා දකිනවා. සෑම දරුවෙකුගේම ස්ව-අභිමානය කෙතරම් විශේෂ ද යත්, ලෝකයේ වෙනත් කිසිදු ජීවාත්මයකට එය නොමැත. ඔබ සියලු දෙනාම පූර්වජයන් සහ ලෝකයේ ජීවාත්මයන්ගේ පිදුම් ලබන්නට සුදුසුයි. ඔබ මුඵ ලෝක වෘක්ෂයේ මුල් වල සිටින ආධාරක ප්‍රතිමූර්තිය. ඔබ ප්‍රථම නිර්මාණයයි, මුළු ලෝකයේම මීමුත්තන්ය. සෑම දරුවෙකුගේම විශේෂතාවය දැක බාප්දාදාට සතුටුයි. ඔබ, කුඩා දරුවන්, මහළු මව්වරු හෝ ගෘහවාසීන් වුවත්, ඔය සෑම කෙනෙකුටම ඔබටම වෙන්වූ විශේෂත්වයක් තිබේ. මෙකල, විද්‍යාඥයින් කෙතරම් ශ්‍රේෂ්ඨ වුනත්, එමෙන්ම ලෝකයාට අනුව ඔවුන් බොහෝ විශේෂිත අය විය හැක - ඔවුන් පදාර්ථ ජයගෙන ඇත - ඔවුන් හඳට ළගා වී ඇත, නමුත් ඔවුන්ට මෙතරම් කුඩා ජීවාත්මය, ආලෝක ස්වරූපය, හදුනාගැනීමට නොහැකි වී ඇත. කෙසේවෙතත්, මෙහි, කුඩා දරුවෙක් පවා දන්නවා, ‘මා ජීවාත්මයක්.’ එමෙන්ම ආලෝක තිතක් පිළිබදව ඔහු දන්නවා. ඔහු කුල්මත් බවින් පවසන්නේ: ‘මා ජීවාත්මයක්.’ මහාත්මයන් කෙතරම් ශ්‍රේෂ්ඨ වුනත්, ආධ්‍යාත්මික කුල්මත් බවින් මෙසේ පවසන බ්‍රහ්මින් මව්වරු සිටිනවා:‘අපි පරමාත්ම දෙවියන්ව අත්කරගෙන තිබේ.’ ඔබ ඔහුව අත්කර ගෙන තිබේ, එහෙම නේද? එහෙත් මහාත්මයන් පවසන්නේ කුමක්ද? ‘දෙවියන් අත්කර ගැනීම ඉතා අපහසුයි.’ ඔය ගෘහවාසීන් අභියෝගයක් නිකුත් කරයි: ‘අප සියලු දෙනා එකට ගෘහයක වාසය කර පිවිතුරු දිවියක් ගත කරනවා, මන්ද, අපගේ මැදින් පරම පියා සිටින නිසා. මේ නිසයි, අප දෙදෙනා එකට වාසය කරන නමුත් අපට පහසුවෙන් පිවිතුරුව රැදී සිටිය හැක්කේ, මන්ද පාරිශුද්ධත්වය අපගේ ආදිතම ධර්මය නිසා.’ වෙනත් ආගමක් ආරූඨ කරගැනීම අපහසුයි, නමුත් කෙනෙකුගේ ආදිතම ධර්මය ආරූඪ කරගැනීම පහසුයි, නමුත් මිනිසුන් පවසන්නේ කුමක්ද? ‘ගින්දරයි පුළුනුයි එකට තැබිය නොහැක; එය ඉතා අපහසුයි’ කෙසේවෙතත්, ඔබ සියලු දෙනා පවසන්නේ කුමක්ද? එය ඉතාම පහසුයි. ආරම්භයේ ඔබ සියලු දෙනාට ගීතයක් තිබුණා: ‘යම් කෙනෙක් කෙතරම් ව්‍යාපාරිකයෙක් හෝ ස්වාමී කෙනෙක් ආදිය වුනත්, ඔහු එක් ඇල්ෆා හදුනන්නේ නැහැ’. ඔවුන් එම කුඩා ආලෝක ලක්ෂ්‍යය, එම ජීවාත්මය හදුනන්නේ නැහැ. කෙසේවෙතත්, ඔය සියලුම දරුවන් ඔහුව හදුනාගෙන මෙන්ම අත්කර ගෙනත් තිබේ. ඔබ බොහෝ විශ්වාසයෙන් සහ ආධ්‍යාත්මික කුල්මත් බවින් කතා කරයි: ‘කිසිසේත් කළ නොහැකි දේ, කළ හැක.’ බාප්දාදා සෑම දරුවෙක්වම ජයග්‍රාහී මැණිකක් ලෙස දැක සතුටු වනවා, මන්ද, ඔය දරුවන්ට එඩිතරකම තිබෙන විට, පරම පියා උපකාර කරයි. මේ නිසයි ලෝකයට කළ නොහැකි දේ, ඔබට පහසු සහ කළ හැකි දෙයක් වී තිබෙන්නේ. පරමාත්ම දෙවියන්ගේ ඍජු දරුවන් වීමේ ආධ්‍යාත්මික කුල්මත් බව ඔබට තිබෙනවා. මෙම කුල්මත් බව සහ විශ්වාසය නිසා, පරමාත්ම දෙවියන්ගේ දරුවන් වීම නිසා, ඔබ මායාගෙන් ආරක්ෂිතයි. දරුවෙක් (බච්චා) වීම යනු පහසුවෙන් බේරීමයි (බච්නා). ඔබ සියලු දෙනාම මගේ දරුවන් මෙන්ම සියලුම බාධක සහ ගැටළු වලින් ආරක්ෂිතයි.

ඉතිං, ඔබගේ මේ සියලුම ශ්‍රේෂ්ඨ ස්ව-අභිමන් ගැන ඔබ දන්නවා නේද? එය පහසු වන්නේ ඇයි? මන්ද, නිහැඩියාවේ බලයෙන්, ඔබ පරිවර්ථන බලය භාවිතා කරන නිසයි. ඔබ ඍණාත්මක දේ ධනාත්මක බවට පරිවර්ථනය කරයි. මායා කෙතරම් ගැටළුකාරී ආකාර වලින් පැමිණියත්, පරිවර්ථන බලයෙන් සහ නිහැඩියාවේ බලයෙන්, ඔබ ඕනෑම ගැටළුවක් විසදුමක ස්වරූපයට වෙනස් කරයි. ඔබ හේතුවක් විසදුමකට වෙනස් කරයි. ඔබට මෙතරම් බලය තිබෙනවා නේද? ඒ වගේම ඔබ පාඨමාලාද ලබා දෙනවා නේද? ඍණාත්මක දේ, ධනාත්මක බවට පරිවර්ථනය කරන අන්දම ඔබ ඔවුන්ට කියා දෙයි. පරම පියාගෙන් උරුමයක් ලෙසින් ඔබට මෙම පරිවර්ථන බලය ලැබී තිබේ. එය එක බලයක් පමණක් නොවෙයි, නමුත් ඔබගේ දේවමය උරුමය ලෙසින් ඔබට සියලුම බල ලැබී ඇත, මේ නිසයි බාප්දාදා ඔබට දිනපතාම කතා කරන්නේ. ඔබ දිනපතාම මුරලියට සවන් දෙනවා නේද? ඉතිං බාප්දාදා ඔබට දිනපතා පවසන්නේ: පරම පියාව සිහි කරන්න, එමෙන්ම, උරුමය සිහිපත් කරන්න. ඔබ මෙතරම් පහසුවෙන් පියාව සිහි කරන්නේ ඇයි? ඔබ උරුමයේ ලැබීම සිහි කරන විට, එම ලැබීම නිසා ඔබට පහසුවෙන් පියාව සිහි වෙයි. ඔය සෑම දරුවෙකුටම මෙම ආධ්‍යාත්මික කුල්මත් බව තිබේ. ඔබගේ හදවතින් ඔබ මෙම ගීතය ගායනා කරයි: ‘මට ලබා ගැනීමට අවශ්‍ය වූ දේ මට ලැබී තිබේ.’ ඔබ සියලු දෙනාගේ හදවත් තුළ මෙම ගීතය ස්වාභාවිකව වාදනය වනවා නේද? ඔබට මෙම ආධ්‍යාත්මික කුල්මත් බව තිබෙනවා නේද? ඔබ මෙම ආධ්‍යාත්මික කුල්මත් බව (ෆකූර්) පවත්වා ගන්න ප්‍රමාණයට අනුව, එහි ලක්ෂණය වන්නේ ඔබ කණස්සලු (බේෆිකාර්) වලින් නිදහස්ව සිටීමයි. ඔබගේ සිතිවිලි, වචන හෝ නෑ සබදතා තුළ කිසියම් හෝ කණස්සලු ඇත්නම්, ආධ්‍යාත්මික කුල්මත් බව තිබිය නොහැක. බාප්දාදා ඔබව සැහැල්ලු අධිරාජවරු බවට පත් කර ඇත. කතා කරන්න, ඔබ සැහැල්ලු අධිරාජවරුන්ද? ඔබ මෙයද? සැහැල්ලු අධිරාජවරු වන අය අත් ඔසවන්න! එසේ නැත්නම් ඔබට විටෙක කණස්සලු තිබෙනවාද? ඔබ විටෙක කණස්සලු වනවාද? එය හොදයි. පරම පියා සැහැල්ලු බැවින්, දරුවන් කණස්සලු වන්නේ කුමටද?

බාප්දාදා දැනටමත් පවසා ඇත්තේ : ඔබගේ සියලු කණස්සලු හෝ ඕනෑම අන්දමක බරක්, බාප්දාදාට භාර දෙන්න. පරම පියා සාගරය නොවේද? එබැවින් සියලු බර වෙනුවෙන් එහි ඉඩ ඇත. විටෙක බාප්දාදාට දරුවන්ගේ එක් ගීතයක් ඇසී සිනහ යයි. එම ගීතය කුමක්ද කියා ඔබ දන්නවාද? ‘මා මොනවා කරන්නද? මා මෙය කරන්නේ කෙසේද? ඔබ මෙය ගායනා කරයි: බාප්දාදාට එය නිතරම ඇසෙයි. කෙසේවෙතත්, බාප්දාදා සියලුම දරුවන්ට පවසන්නේ: ඕ මගේ සුමිහිරි දරුවනේ, මගේ ආදරණීය දරුවනේ, නොබැදි නරඹන්නෙකුගේ ස්ථිතියේ අසුනේ තමන්ව තැන්පත් කර, ආසනයේ තැන්පත්ව සිටින අතර ක්‍රීඩා නරඹන්න. ඔබ සැබවින්ම විශාල විනෝදයක් ලබයි. එසේ නැත්නම් තමන්ව ත්‍රිකාලදර්ශී ස්ථිතියේ (තුන් කාලය ගැන දන්න කෙනා) ස්ථාවර කරගන්න. ඔබ අප්සෙට් වන්නේ ඔබගේ ආසනය අත්හරින නිසයි. ඔබ තැන්පත්ව සිටින්නේ නම් ඔබ අප්සෙට් නොවෙයි. ඔය දරුවන්ට කරදර කරන දේවල් තුන මොනවාද? 1) දගකාර මනසක් 2) සැරිසරන බුද්ධියක් 3) පැරණි සංස්කාර. දරුවන්ගේ එක් දෙයක් ගැන ඇසීමෙන් බාප්දාදාට සිනහ යයි. එය කුමක්ද කියා ඔබ දන්නවාද? දරුවන් පවසන්නේ: ‘බාබා, මා කුමක් කරන්නද? මේවා මගේ පැරණි සංස්කාරයි.’ බාප්දාදා මද සිනහවක් පායි. ඔබම මෙසේ කියන නිසා, ‘මේවා මගේ සංස්කාර’ ඉන් අදහස් වන්නේ, ඔබ ඒවා ‘මගේ’ බවට පත් කර ඇති බවයි, එමෙන්ම ඒවා ‘මගේ’ වන විට, ඒවා මත අයිතිවාසිකමක් තිබේ. ඔබ පැරණි සංස්කාර අයිති කරගෙන ඇති නිසා, එවිට තමන්ගේ දේවල් යම් ඉඩක් ගන්නවා නේද? බ්‍රහ්මින් ජීවාත්මයන්ට කිසි විටෙක ‘මගේ සංස්කාර’ කියා පැවසිය හැකිද? ‘ඒවා මගේ’ කියා ඔබ කියා තිබේ, එබැවින් එම ‘මගේ’ තමන්ගේම ඉඩක් සාදා ගනී. ‘ඒවා මගේ’ කියා ඔය බ්‍රහ්මණයන්ට පැවසිය නොහැක. ඒවා ඔබගේ අතීත ජීවිත වල සංස්කාරයි. ඒවා බ්‍රහ්මින් දිවියක නොව, ශුද්‍රා ජීවිතයක සංස්කාරයි. එබැවින් ඔබ ‘මගේ, මගේ’ කියා ඇති නිසා, ඒවා ඔබට අයත් වීමේ එම අයිතිවාසිකමින් තැන්පත්වී සිටිනවා. බ්‍රහ්මින් දිවියේ ශ්‍රේෂ්ඨ සංස්කාර ගැන ඔබ දන්නවා නේද? කෙසේවෙතත්, ඔබ ‘පැරණි සංස්කාර’ ලෙස හදුන්වන එම සංස්කාර සැබවින්ම පැරණි නැහැ. ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගේ පැරණිතම සංස්කාර වන්නේ ඔබගේ ආදි සනාතන සංස්කාරයි. අනෙක් සංස්කාර මැද කාල වකවානුවේ, තඹ යුගයේ සංස්කාරයි. එබැවින් දැන් මැද කාල වකවානුවේ සංස්කාර අවසන් කරන්න; පරම පියාගේ උපකාරයෙන් එය අපහසු නැත. කෙසේවෙතත්, ඒ වෙනුවට සිදු වන්නේ කුමක්ද? කාලයට අනුව, පියා ඔබ සමග ඒකාබද්ධවී සිටියි, එමෙන්ම ඔහු ඒකාබද්ධව සිටින බව ඔබ දන්නවා. ‘ඒකාබද්ධ’ යනු, අවශ්‍ය වෙලාවක ඔහු සහයෝගී වන බවයි. කෙසේවෙතත්, අවශ්‍ය වන වෙලාවක ඔබ එම උදව් නොගන්න නිසා, මැද කාල වකවානුවේ සංස්කාර කැපී පෙනෙයි.

සියලුම දරුවන් පරම පියාගේ සෙනෙහස ලැබීමට සුදුසු බව, ඔවුන්ට එයට අයිතියක් ඇති බව බාප්දාදා දන්නවා. ඔබ විදෙස් රටකින් පැමිණියත් මෙරටින් පැමිණියත්, ඔබ සියලු දෙනාම මෙහි පැමිණ ඇත්තේ මෙම සෙනෙහස නිසා බව, බාප්දාදා දන්නවා. කෙසේවෙතත්, ඔබ සියලු දෙනා ඔබගේ නිවසට ළගා වී ඇත්තේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ ආකර්ෂණය නිසයි. සෙනෙහස යන විෂයෙන් ඔබගෙන් වැඩි දෙනෙක් සමත් වී ඇති බව බාප්දාදා දන්නවා. විදෙස් රටවල අය සෙනෙහස් ගුවන් යානාවෙන් මෙහි ඇවිත්. මට කියන්න, ඔබ සියලු දෙනා මෙහි ළගා වුනේ සෙනෙහසේ බන්දනයෙන් බැදී සිටින නිසා නේද? පරමාත්ම දෙවියන්ගේ මෙම සෙනෙහස කෙබදු වන්නේද යත් එය හදවතට සැනසීම ගෙන දෙයි. අච්චා.

ප්‍රථම වතාවට මෙහි පැමිණි අය අත් ඔසවන්න! ඔබගේ අත් වනන්න! සාදරයෙන් පිළිගන්නවා!

දැන්, බාප්දාදා ඔබට ගෙදර වැඩ ටිකක් දුන්නා. ඔබට ගෙදර වැඩ මතකද? ඔබට එය මතකද? බොහෝ ස්ථාන වලින් බාප්දාදාට ප්‍රතිඵලය ලැබී තිබෙනවා. නමුත් ඔබ කිරීමට යන්නේ කුමක්ද? සියලු දෙනාගේ ප්‍රතිඵල ඇවිත් නැහැ. සමහරු ඔවුන්ගේ ප්‍රතිඵලයෙන් යම් ප්‍රතිශතයක් එවා තිබේ. බාප්දාදාට අවශ්‍ය කුමක්ද? බාප්දාදාට අවශ්‍ය වන්නේ - ඔබ සියලු දෙනාම පිදුම් ලැබීමට සුදුසු ජීවාත්මයි. එබැවින් පිදුම් ලැබීමට සුදුසු ජීවාත්මයන්ගේ විශේෂ ගුණය වන්නේ, අනිවාර්යෙන් ආශිර්වාද දීමය. ඉතිං ඔබ පිදුම් ලැබීමට සුදුසු ජීවාත්ම බව ඔබ සියලු දෙනා දන්නවාද? එසේ නම් මෙම ආශිර්වාද ලබා දෙන්න. ආශිර්වාද ලබා දීම යනු ආශිර්වාද ලැබීම කියාද වැටහෙයි. ඔබ ආශිර්වාද ලබා දෙන අයගේ හදවත් වලින් නැවත නැවතත් ඉබේටම එම ආශිර්වාද ලබා දෙන අය වෙනුවෙන් ආශිර්වාද මතු වෙයි. ඕ වන්දනීය ජීවාත්මයනේ, ආශිර්වාද ලබා දීම ඔබගේ ස්වාභාවික සංස්කාරයයි. ආශිර්වාද ලබා දීම ඔබගේ සදාතනික සංස්කාරයයි. ඔබගේ අජීවි පිළිම ආශිර්වාද ලබා දෙන්නේ නම්, එවිට ඔබගේ ජීවමාන ස්වරූප වල සිටින ඔය වන්දනීය ජීවාත්මයන්ට, ආශිර්වාද ලබා දීම ඔබගේ ස්වාභාවික සංස්කාරයක් විය යුතුයි. මෙයට ‘මගේ සංස්කාර’ කියා ඔබට කිව හැක. මැද කාල වකවානුවේ තඹ යුගයේ සංස්කාර, ස්වාභාවික වී තිබේ. ඒවා ඔබගේ ස්වභාවය බවට පත් වී තිබේ. ඇත්ත වශයෙන් ආශිර්වාද දීමේ සංස්කාරයයි, ඔබගේ ස්වාභාවික ස්වභාවය වන්නේ. ඔබ කෙනෙකුට ආශිර්වාද ලබා දෙන විට, එම ජීවාත්මය බොහෝ සතුටට පත් වනවා. එම සතුටේ වාතාවරණය බොහෝ සතුට ලබා දෙනවා. එබැවින් ඔබගේ ගෙදරවැඩ කළ ඔබ කවුරු වුනත්, ඔබ මෙහි පැමිණියත් නැතත්, ඔබ සිටින්නේ බාප්දාදා ඉදිරියේය. බාප්දාදා ඒ දරුවන්ට සුබ පතනවා. ඔබ ඔබගේ ගෙදරවැඩ සිදුකර ඇති අතර එය ඔබගේ ස්වාභාවික ස්වභාවය බවට පත් කරගන්නවා, එය නොකඩවා සිදුකර, අන් අයටත් එයම කිරීමට දිරි ගන්වන්න. ඔබගේ ගෙදරවැඩ සුළුවෙන් කළ අය, හෝ නොකළ අය; ඔබ සියලු දෙනා තුළ සෑම විටම මෙම අවධානය තිබිය යුතුයි, ‘මා වන්දනීය ජීවාත්මයක්.’, ‘මා පරම පියාගේ ශ්‍රීමත් පිළිපදින විශේෂ ජීවාත්මයක්’. මෙම අවධානය නැවත නැවතත් ඔබගේ සිහියට සහ ස්වරූපය තුළට දමන්න, මන්ද, ඔබ වීමට යන්නේ කවුරු බවටද කියා ඔබ එක් එක් කෙනාගෙන් විමසූ විට, ඔබ සියලු දෙනාම පවසන්නේ, මා ලක්ෂ්මි සහ නාරායන වෙනවා. රාමා සහ සීතා වීමට ඔබ කිසිවෙක් අත ඔසවන්නේ නැහැ. දිව්‍යමය කලා 16කින් පිරිපුන් වීමේ අරමුණ ඔබට තිබෙන බැවින්, දිව්‍යමය කලා 16කින් පිරිපුන් වීම යනු, උත්තරීතර ලෙස වන්දනීය වීමයි. වන්දනීය ජීවාත්මයකගේ යුතුකම වන්නේ ආශිර්වාද දීමය. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, මෙය ඔබගේ නිරන්තර සහ සහජ සංස්කාරය බවට පත් කරගන්න. ඔබ පිදුම් ලැබීමට සුදුසුයි. ඔබ දිව්‍යමය කලා 16කින් පිරිපුන්; ඔබගේ අරමුණ මෙය නේද?

ඔබගේ ගෙදරවැඩ සිදුකළ සියලු දෙනාටම පරම පියා විසින් ඔබගේ නළලේ ජයග්‍රාහී තිලකයක් තැබීම ගැන බාප්දාදා සතුටු වනවා. එය සමගම සෑම තැනකින්ම බාප්දාදාට සේවා පුවත්ද ලැබී තිබේ - විවිධ අංශ වලින්, මධ්‍යස්ථාන වලින්. ඔවුන් ඉතා හොද ප්‍රතිඵල සමග මෙහි පැමිණ සිටියි. එබැවින් පළමුව ගෙදරවැඩ කිරීම වෙනුවෙන් සුබ පැතුම්, එමෙන්ම එයත් සමගම ඔබ සිදු කළ සේවය වෙනුවෙන් සුබ පැතුම්. කෝටි- කෝටි ගුණයක සුබ පැතුම්! සියලු ගම්බද ප්‍රදේශ වලට බාබාගේ පණිවිඩය ලබා දීමේ සේවය ඔබ ඉතා හොද ආකාරයකට සිදුකළ බව, වැඩි ප්‍රදේශ ගණනාවක පරම පියා දුටුවා. එබැවින් ඔබ සානුකම්පිත වීම සහ සේවය කිරීමට උනන්දුව සහ උද්යෝගය තිබීම නිසා, එම සේවයේ ප්‍රතිඵලය ඉතා හොදයි. වෙහෙස වී වැඩ කළ සියලු දෙනාට - එය වෙහෙසකාරී වැඩක් නොවෙයි - නමුත් පියාට සෙනෙහස තිබීම යනු පණිවිඩය ලබා දීමට ප්‍රිය කිරීමයි. එබැවින් පරම පියා කෙරෙහි ඇති සෙනෙහස නිසා සේවය කළ අයට, ඔබ සියලුම සේවයට ලැදි ජීවාත්මයන්ට, ඉබේටම කෝටි-කෝටි ගුණයක සෙනෙහසේ ප්‍රතිලාභය ලැබෙන අතර එය ලැබෙයි. එයට අමතරව ඔබ සියලු දෙනාම, බොහෝ සෙනෙහසින් ඔබගේ දාදිජීව සිහි කරන අතර දාදිට ඔබගේ සෙනෙහසේ ප්‍රතිඋපකාරය ලබා දෙනවා. මෙම සෙනෙහසේ ඉතා හොද සුගන්ධයක් බාප්දාදා වෙතට ළගා වී ඇත.

දැන් වුවද මධුබන් වල සිදුවෙමින් පවතින සියලුම වැඩ කටයුතු, විදේශිකයන් හෝ භාරතයේ අයගේ වුවද, ඒ සියලු කාර්ය සාර්ථකව සිදුවෙමින් පවතින්නේ සහයෝගය සහ එකිනෙකාට ඇති ගෞරවය පදනම් කරගෙනයි, එමෙන්ම අනාගතයේ සිදුවීමට යන වැඩ කටයුතුද සාර්ථක වීම දැනටමත් සහතික වී ඇත්තේ, සාර්ථකත්වය ඔබගේ ගෙල වටා ඇති මල්දම නිසයි. ඔබත් බාබාගේ ගෙල වටා මල්දමයි. ඔබ කිසි විටෙක පරාජය නොවිය යුතු බව (හාර් නා) පියා ඔබට මතක් කර දී තිබේ, මන්ද, ඔබ බාබාගේ ගෙල වටා ඇති මල්දම (හාර්) නිසා. ගෙල වටා මල්දම වන අයට කිසි විටෙක පරාජය විය නොහැක. ඔබට අවශ්‍ය මල්දම වීමටද, පරාජය වීමටද? මල්දමක් වීම හොදයි නේද? එබැවින් කිසි විටෙක පරාජය නොවන්න. පරාජය වන කෝටි ගණනක ජීවාත්ම සිටියි, නමුත් ඔබ මල්දම වී ඇති අතර බාබාගේ ගෙල වටා මල්දම බවට පත් වී ඇත. එය එහෙමයි නේද? ඉතිං දැන් මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න: පරම පියා කෙරෙහි ඇති සෙනෙහස නිසා, මායා ඔබ ඉදිරියට කෙතරම් කුණාටු ගෙන ආවත්, ඔය මාස්ටර් සර්ව බලධාරී ජීවාත්ම ඉදිරියේ, කුණාටු (ටූෆාන්) පවා තෑග්ගක් (ටෝෆා) බවට පත් වනවා. නිරන්තරයෙන් එම ආශිර්වාදය මතක් කර ගන්න. කන්ද කෙතරම් විශාල වුනත්, එය පුළුං බවට හැරෙයි. දැන් කාලයේ සමීපත්වයට අනුව, සෑම මොහොතකදීම ආශිර්වාද අත්විදින්න. අත්දැකීම් වල අධිකාරියෙක් වන්න.

ඔබට අවශ්‍ය ඕනෑම විටෙක, අශාරීරික වීමේ, සුරදූත ස්වරූපය වීමේ අභ්‍යාසය නොකඩවා සිදු කරන්න. එක මොහොතක බ්‍රහ්මින් කෙනෙක්, එක මොහොතක සුරදූතයෙක්, එක මොහොතක අශාරීරිකයි. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඔබගේ වැඩ කටයුතු කරන අතර පවා, මෙය පුහුණු කිරීමට විනාඩියක් දෙකක් ගන්න. පරීක්ෂා කරන්න: මට කුමන සිතිවිල්ලක් ඇති වුණාද, මා එහි ස්වරූපය බවට පත් වුණාද? අච්චා.

ඔබගේ ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානයේ නිරතුරුව රැදී සිටින සෑම තැනකම සිටින ඔය සියලු දරුවන්ට, තමන් උත්තරීතර ලෙස වන්දනීය සහ පූර්වජ බව සෑම විටම අත්දකින අයට, සෑම විෂයකින්ම තමන්ව අත්දැකීම් වල ප්‍රතිමූර්ති බවට පත් කරගන්න අයට, සෑම විටම පරම පියාගේ හදවත් සිහසුනේ සහ නළල් සිහසුනේ අසුන්ගෙන සිටින අයට, තම ශ්‍රේෂ්ඨ ස්ථිතියේ අත්දැකීමේ සෑම විටම ස්ථාවරව රැදී සිටින අයට, සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

බාප්දාදාට සෑම තැනකින්ම බොහෝ ලිපි, ඊමේල් සහ පුවත් ලැබී තිබෙනවා. සියලුම සේවාධාරී දරුවන්ට සේවයේ ඵලය සහ බලය ලැබී තිබේ, එමෙන්ම නොකඩවා එය ලැබෙනු ඇත. බාබාට බොහෝ සෙනෙහසේ ලිපි සහ ඔවුන්ගේ පරිවර්තනය පිළිබද ලිපි ලැබෙයි. බාප්දාදා ඔවුන්ට ‘ඔබ අමරණීය වේවා!’ යන ආශිර්වාදය ලබා දෙනවා. ඉතා හොදින් ශ්‍රීමත් පිළිපැද ඇති ජීවාත්මයන්ට, පියාව අනුගමනය කර ඇති එවන් දරුවන්ට, බාප්දාදා මෙම ආශිර්වාදය ලබා දෙනවා, ‘අපූරුයි මගේ කීකරු දරුවනේ! අපූරුයි!’ බාබා කෙරෙහි සෙනෙහස ඇති අයට, බොහෝ සෙනෙහසින් ඔවුන්ගේ හදවත් තුළ පරම පියාව මුසු කර ඇති අයට බාප්දාදා මෙම ආශිර්වාදය ලබා දෙනවා: ‘ඔබ උපරිම ලෙස ආදරණීය සහ මායාගේ සියලු බාධක වලින් ඈත්ව සිටිත්වා’. අච්චා.

ඔබගේ හදවත් වල ඔබ සියලු දෙනාට තිබෙන්නේ කුමන උද්යෝගයද? ඔබට තිබෙන්නේ එක උද්යෝගය පමණයි: ‘මා පරම පියාට සමාන විය යුතුයි’. ඔබට මෙම උද්යෝගය තිබෙනවාද? පාණ්ඩවයන් අත් ඔසවන්න! ‘මා අනිවාර්යෙන් එය බවට පත් විය යුතුයි’. මා එය වෙන්නම් නොව; ‘මා වෙන්නම්; මා එය කරන්නම්. මා ඒ ගැන බලන්නම්. මා එය බවට පත් වෙන්නම්...’ නොකියන්න; ‘මා කරන්නම්, මා කරන්නම්’ නොකියන්න, නමුත්, මා එය විය යුතුමයි. එය ස්ථිර කරගන්න! එය ස්ථිරයිද! අච්චා. ඔබගේ වාර්ථාවේ ස්වරූපයෙන් ඔය සියලු දෙනාම ඔබගේ, මා හොදින් ඉන්නවා (OK) කාඩ්පත ඔබගේ ගුරුවරයාට දිගටම ලබා දිය යුතුයි. බොහෝ දේවල් නොලියන්න. එක කාඩ්පතක් ගෙන එහි ‘මා හොදින්’ කියා ලියන්න. එසේ නැත්නම් මා හොදින් හරහා ඉරක් දමන්න. එපමණයි. ඔබට මෙපමණක් කළ හැකියි නේද? දීර්ඝ ලිපි නොලියන්න. අච්චා.

වරදානය:
ඔබ සංගම යුගයේ ප්‍රායෝගික සහ ක්ෂණික ඵල කෑමෙන් බලවත් වන, නිරන්තර බලවත් ජීවාත්මයක් වේවා.

සංගම යුගයේ අසීමිත සේවය සිදු කිරීමට උපකරණ වන ජීවාත්මයන්ට, උපකරණ වීමේ ක්ෂණික ඵලය ලෙස බලය ලැබෙයි. මෙම ප්‍රායෝගික සහ ක්ෂණික ඵලය, මෙම ශ්‍රේෂ්ඨ යුගයේ ඵලයයි. එවන් ඵල බුදින බලවත් ජීවාත්ම, පැමිණෙන ඕනෑම අහිතකර සිදුවීමක් අභිබවා ජය ගනියි. සර්ව බලධාරී පියා සමග සිටීම නිසා ඔවුන් සියලු නිෂ්ඵලත්වයෙන් පහසුවෙන් නිදහස් වෙයි. සර්පයෙක් තරම් විෂ සිදුවීමකදි පවා ඔවුන් ජය ගනියි. ශ්‍රී ක්‍රිෂ්ණා සර්පයෙක් උඩ නර්ථනය කරන ආකාරය සිහිවටනයක් ලෙස පෙන්වා ඇත්තේ මේ නිසයි.

පාඨය:
පරම පියාට නිරතුරුව සමීපව සිටීමෙන් සහ සම්මාන ඇතිව සමත් වීමෙන් (pass) අතීතය, අතීතයේම තබන්න. (හින්දියෙන් පාස් යනු, සමීපව සිටීමයි.)

අව්‍යක්ත සංඥාව: අශාරීරික (අශරීරී සහ විදේහි) පුහුණුව වැඩි කරන්න.

බාප්දාදා අශරීරික වන අතර ශරීරයක් තුළට ඇතුළු වන සේම, ඔය දරුවන්ද අශරීරික වී ඉන්පසුව සිරුරු තුළට පැමිණිය යුතුයි. අව්‍යක්ත ස්ථිතියේ ස්ථාවරව රැඳී සිට ඉන්පසුව ඔබගේ භෞතික ස්වරූප තුළට යන්න. ශරීරයක් හැර දමා ගොස් වෙනත් ශරීරයක් ගැනීමේ අත්දැකීම සියලු දෙනාටම තිබේ. ඒ ආකාරයටම ඔබට අවශ්‍ය විටෙක එම සිරුර පිළිබඳ අවධානය අතහැර අශරීරික වී, අවශ්‍ය විටෙක ක්‍රියා සිදු කිරීමට එම සිරුරේ ආධාරය ලබා ගන්න. එම භෞතික ඇඳුම, මෙම ශරීරයට ඇතුළු වන, මා වන ජීවාත්මයෙන්, මුළුමනින්ම වෙන්ව ඇති බව අත්විඳින්න.