02.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
ඔබේ උසස් වාසනාව බෙහෙවින් නොකඩවා උදාවේවි.

ප්‍රශ්නය:
උපත් 21ක් සඳහා වූ වාසනාව ඔබ සාදාගන්නේ සංගම යුගයෙහි කිනම් ශ්‍රීමතය

පිළිතුර:
සංගම යුගයේ දී පරම පියාගේ ශ්‍රීමතය: සුමිහිරි දරුවනි, නිර්විකාරි (පාපයෙත් තොර වූවන්)

ප්‍රශ්නය: අනුගමනය කිරිමෙන් ද?

ප්‍රශ්නය: උපත් 21ක් සඳහා වූ වාසනාව ඔබ සාදාගන්නේ සංගම යුගයෙහි කිනම් ශ්‍රීමතය

පිළිතුර:
සංගම යුගයේ දී පරම පියාගේ ශ්‍රීමතය: සුමිහිරි දරුවනි, නිර්විකාරි (පාපයෙත් තොර වූවන්)

පිළිතුර: වන්න. ජීවාත්ම අවධානයට පත්වීමට පූර්ණ උත්සාහය යොදන්න. ඔබ කිසිම විටෙක කිසිම

ඕම් ශාන්ති.
ගත් අය අත් ඔසවන්න. "මම මගේ වාසනාව අවදි කරමින් පැමිණ සිටිමි" කියා කිව්වේ කවුද? ජීවාත්මයයි. ඔබ සෑම කෙනෙකුගේම ජීවාත්ම කියයි:"මම මාගේ වාසනාව අවදි කරමින් පැමිණ සිටිමි" එහෙත් මොන වාසනාව ද? නව ලොවට යාමේ වාසනාවයි. නව ලෝකය දිව්‍ය ලෝකයයි. එවිට මේ පැරණි ලෝකය අපායයි. සියලුම ජීවාත්මයත් මෙය කියයි. ජීවාත්මයකට අනිවාර්යයෙන්ම ශරිරයක් අවැසියි. ඔහුට කතා කළ හැක්කේ එවිටයි. ජීවත්වන කෙනෙකුගේ ජීවාත්මය කියනවා: මම මේ පාසලට පැමිණියේ මගේ වාසනාව උදාකර ගැනීමටයි. ඔබට උගන්වන්නේ කවුද? ඥාන සාගරය වූ ශිව් බාබා. ඒ එකම එක පියා පමණයි මනුෂ්‍යයන් දේවත්වයට පත් කරවන්නේ. අපිරිසිඳු මනුෂ්‍යයන් පාරිශුද්ධ මනුෂ්‍යයන් බවට හා අපායේ වැසියන් දිව්‍ය ලෝක වැසියන් බවට පත් කරවන්නේ. මෙම අපාය ගිනි ගත යුතුමයි. තමා ඒ අසීමිත පියා ලඟට පැමිණ සිටිනවා කියා දරුවන් කියන පාසලක් ලෝකයේ වෙන කොතැනකවත් නැහැ. ඒ වාගේම මමයි පියා ගුරුවරයා සහ ගුරු කියා කියන වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ බ්‍රහ්මාට පවා මෙසේ පැවසිය නොහැකියි. ශිව බාබා පමණයි කියන්නේ මම සැමගේම පියා, ගුරුවරයා සහ සත්ගුරු වෙමි. මම මෙහි අසුන් ගෙන ඔබට උගන්වනවා. ඉතින් ඔය දරුවන් දැන් තමන්ගේ වාසනාව උදාකර ගත යුතුයි. දරුවන් කියනවා: අප පැමිණ සිටින්නේ ඒ නව ලෝකයේ අපගේ අධිරාජ්‍ය වාසනාව ලබා ගැනීම උදෙසායි. අප දන්නවා මේ පැරණි ලෝකය දැන් විනාශ වීමට තිබෙන බව. පියා පැමිණ නව ලෝකය ස්ථාපනය කරනවා. ඔබ මෙහි ඉගෙන ගන්නේ උපත් 21ක් සඳහා ඔබගේ රාජ්‍ය වාසනාව මුදුන්පත් කර ගැනීමටයි. ඒ කියන්නේ ඔබ මෙහි පැමිණ සිටින්නේ එම රාජ්‍යය වෙත යාමට ඔබේ වාසනාව උදාකරගන්නයි. ඔබ මෙහි රාජ යෝග හදාරයි. මෙම ගීතය රචනා කර තිබෙන්නේ සිනමා කරුවන් විසින් වුවත් එහි අර්ථය දැන් නැවතත් ඔබට පහදා දුන්නා. එය හරියටම, පරම පියා මෙහිදී සියලු ආගමික වේද ග්‍රන්ථයන්ගේ සාරය විස්තර කර දෙන්නාක් මෙනි. මේ කාලයේදී ලෝකය පුරාම තිබෙන්නේ භක්තියයි. ස්වර්ණමය යුගයේ භක්ති හෝ දේවාල කිසිවක් නැත. ඔබ කල්ප භාගයක් පුරා භක්ති කරමින් සිට දැන් දෙවියන් සොයාගෙන තිබෙනවා. මුලදී භාරතයේ මෙම දේවතාවන්ගේ රාජ්‍යයයි තිබුණේ, පසුව උපත් 84ක් ගැනීමෙන් පසු ඔබේ වාසනාව නාස්ති වුණා. දැන් නැවතත් ඔබේ වාසනාව නිර්මාණය වෙනවා. පියා පැමිණ සිටින්නේ වාසනාව නිර්මාණය කිරීම සඳහායි. ඔහු කියනවා: "දරුවනී, මා සිහිපත් කරන්න". ඔබ බෙහෙවින් පාපකාරී ජීවාත්මය බවට පත්වී ඇත. මුලදී භක්ති සියල්ලම ශිව බාබා වෙනුවෙන් පමණයි. එය නුමුසු භක්තියයි. පසුව එම භක්තියම මිශ්‍ර එකක් වුණා. එමනිසා, දරුවන් තුළ පළමුවෙන්ම තිබිය යුතු විශ්වාසය තමයි දෙවියන් යැයි හඳුන්වන කෙනා තමයි අපට උගන්වන්නේ යන්න. ඔහුටම කියා ශරීරයක් නැහැ. එහෙත්, ජීවාත්ම වන ඔබ ශරීරයකට ඇතුළු වී කතා කරන්නේ කෙසේද? ඒ ආකාරයටම ඔහු මේ ශරිරයට ඇතුල් වී කතා කරනවා. සමහර විට පුද්ගලයෙක් මිය ගොස් සුසාන භූමියට ගෙන යන අතර මග ඔහු චලනය වෙන්න පටන් ගන්නවා. එහිදී සිදුවන්නේ ජීවාත්මය පිටට ගොස් නැවත පැමිණීමක් ද? තැහැ. ජීවාත්මය ඉතා සූක්ෂමයි. එය කොහේ හෝ සැඟවී සිටිනවා. එම තැනැත්තාගේ සිහිමූර්ජාව කිසිම කෙනෙක් දැන සිටියේ නැතුවා වීමට පුළුවන්. සමහර විට එසේ සිදුවෙනවා. සමහර විට ඇතැමුන් ගිනි සෑයෙත් පවා නැගිටිනවා. එවිට ඔහුව ගින්නෙත් එළියට ගන්නවා. ඉතින් ඒ සිදුවන්නේ කුමක් ද? ජීවාත්මය කොහේ හෝ සැඟවී සිට යළිත් එතැනට පැමිණෙන්න ඇති. ශරීරයේ ජීවාත්මය නොමැති විට එය සම්පුර්ණ මළමිනියක්. ජීවාත්මයන්ගේ දේශය පරම දනව්වයි. ඔබ දන්නවා අප එම දේශයේ වැසියන් බව. පළමුවෙන්ම, ජීවාත්ම වන අප අපගේ නිවසේ සිට ස්වර්ණමය යුගයට පැමිණියා. දේවතාවන්ව සිටි භාරතයේ අය තමයි මුලින්ම පැමිණ තිබෙන්නේ. ඇත්තෙන්ම ආගමක් ස්ථාපනය කරන අය අවසානය වන තුරුම ඉන්නවා. බෞද්ධ ධර්මය සැමදා තිබෙන අතර ක්‍රිස්තියානි ධර්මයත් සැමදා තිබෙනවා. (ඔවුන් තම ආගම ස්ථාපනය කළ දිනයේ සිට). දේව ධර්මයේ අයගේ නම පමණයි. රාජධානිය පාලනය කළ අයගේ නම පමණයි දැන් අතුරුදන් වී තිබෙන්නේ. තමා දේව ධර්මයට අයත් යැයි පවසන වෙන කිසිවකු නැත. පියා විස්තර කරනවා. භාරතයේ මිනිස්සු දැන් තම ධර්මය අමතක කර තිබෙන බව. අපගේ ගෘහස්ථ ධර්මය ඉතාමත් පාරිශුද්ධ වූවා. එය අධිරාජ්‍යයන් සහ අධිරාජිනියන්ගෙන් පිරි සම්පූර්ණයෙන් පාපයෙන් තොර ස්ථානයක් වූවා. ඔවුන්ව හඳුන්වන්නේ ලක්ෂ්මි දේවිය සහ නාරායන දේව් ලෙසයි. ඇත්තෙන්ම, මෙහි ඉන්නේ එකම පරමාත්ම දෙවියන් පමණයි. ඥාන සාගරය ලෙස හඳුන්වන්නේ ඔහුවයි. ලක්ෂ්මි, නාරායනට මෙම ඥානය නැහැ. ශිව් බබා පමණයි ඥාන සාගරය. ඔහු මෙහි ඉඳගෙන දරුවන්ට ඥානය දෙනවා. ඔබ දැන් ඉගෙන ගනී. නමුත් එහි ගිය පසු මෙම ඥානය අමතක කර දමනවා. දැන් ජීවාත්ම වූ ඔබ සෑම කෙනෙක්ම, චරිත 84ක කොටසක් ඔබ තුළ පටිගත වී තිබෙන බව තේරුම් ගන්නවා. ජීවාත්ම වන ඔබ දැන් ඥානය ලබා, පසුව ගොස් ස්වර්ණමය යුගයේ ඔබගේ රාජ්‍යය පාලනය කරනවා. ඔබ මෙම උපත් 84හි චක්‍රය පුරා යාමෙන් පසු දැන් බාබාගෙන් දිව්‍ය ලෝකයේ අධිකාරිත්වය ලබාගන්නවා. ඔබ සැවොම ඒ සීයාගෙන් ඔබගේ උරුමය ලබාගන්නවා. නමුත් ඒ ඔබගේ උත්සාහය අනුවයි. මෙය ඔබ අතර සම සමව බෙදා දෙන දෙයක් නොවෙයි. අඥාන මාර්ගයේ නම්, එය එසේ බෙදා දෙනවා. ඒ අසීමිත පරම පියා කියනවා: මා දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා. එහි උසස් තත්වයක් ලැබීම ඔබ දරන උත්සාහය මත පදනම් වෙයි. ඔබ පියාව සිහිපත් කරන තරමට ඔබගේ පාප නැතිවී ගොස් පාරිශුද්ධත්වයට පත්වනු ඇත. රත්රන් වල මිශ්‍රණය අයින් කිරීම සඳහා ගින්දරට දමනවා. එවිට එය රන් කාසියක් බවට පත්වෙනවා. මෙම ජීවාත්මයත් නියම රත්රන් සේ සිට එහි කොටස රඟ දැක්වීම සඳහා මෙහි පැමිණියා. මුලින්ම එය ස්වර්ණමය යුගයයි. පසුව එහි රිදී මිශ්‍ර වුණා. ජීවාත්මය මදක් අපිරිසිඳු වන විට, එහි බලය ටිකක් අඩු වෙනවා. ගොඩනැගිල්ලක් වුවත් මුලදී අළුත් පිට තිබෙනවා. පසුව කෙමෙන් එය පරණ වෙනවා. අවුරුදු සියයකින් පසු ඔබ කියනවා එය පරණ ගොඩනැගිල්ලක් කියා. ලෝකයත් පරණ වෙනවා. ඒ වාගේම අළුත් වෙනවා. අදට අවුරුදු 5000කට පෙර මෙය අළුත් ලෝකයක්. එම රාජ්‍යයේ සිටි දේවතාවන් ගියේ කොහේද? උපත් 84ක් ගන්නා අතර ඔවුන් දැන් මහලු වී ඇත. ජීවාත්මය කිළිටි වී ඇත. ඉතිත් ශරිරය කිළිටි වෙනවා. ඔහු ලස්සන බවින් අවලස්සන වෙනවා. ක්‍රිෂ්ණාට ද අවලස්සන හා සුන්දර (ශ්‍යාම් සුන්දර්) කෙනා යැයි කියනවා. ඔහුව පෙන්වා තිබෙනවා කකුල් දෙක අපාය දෙසටත් මුහුණ දිව්‍ය ලෝකය දෙසටත් යොමු වූ ආකාරයට. ඔබ මුලින්ම ශබ්ද වලින් අභිබවා යන අතර පසුව දිව්‍ය ලෝකයට යනවා. කලි යුගයට ගිනි තැබෙනවා. කල්පාන්තයේ ඇතිවෙන වර්ෂාව ගිනි ජාල හා භූමිකම්පා ආදී සියල්ල සිදුවෙනවා. අපිරිසිඳු ජීවාත්ම තම සියලු කර්ම ගිණුම් ගෙවා දමා ගෙදර යන අතර ඉතාමත් ටික දෙනෙක් පමණයි ආරක්ෂා වන්නේ. නොකඩවා අපිරිසිඳු ජීවාත්ම මෙහි එනවා. දැන් සෑම දෙනාම කටු වැනියි. රාගය නම් වූ කඩුව භාවිත කිරීම යනු කෙනෙක්ට ඇනීමකි. මෙහිදී පියා කියනවා: ඔබ සම්පූර්ණයෙන් පාපයෙන් තොර තත්වයට පත් විය යුතුමයි. පරම පියා කියනවා: මා සිහිපත් කරන්න, මම ඔබට දිව්‍ය ලෝක උරුමය හිමි කරදෙන අතර ඔබ පාරිශුද්ධත්වයට පත්වනු ඇත. ඔබ පාරිශුද්ධත්වයෙන් සිටි කල ඔබගේ ගෘහස්ථ කාර්යයන් සියල්ලම පිරිසිඳු වෙනවා. දැන් ඔබ අපිරිසිඳු වී තිබෙනවා. ගෘහස්ථ සියලුම දේත්

අපිරිසිඳු පාපකාරී අතට හැරී තිබෙනවා. ස්වර්ණමය යුගයේ දී සියලු ව්‍යපාරික ක්‍රියා අවංක බව පෙරදැරි කරගෙන සිදුවුවා. එහිදී කිසිම බොරුවක් කීමට අවැසි නැහැ. ඔබ බොරු කියන්නේ මුදල් ඉපැයීමට තණ්හාවක් ඇති වූ විට පමණයි. එහි දී ඔබට බොහෝ ධනය තිබෙනවා. ධාන්‍ය වර්ග තිබෙනවා. ඒ කිසිම දෙයකට වියදමක් යන්නේ නැහැ. එහි කිසිම කෙනෙක් දුප්පත් නැහැ. හොඳින් උත්සාහයෙහි යෙදෙන අය අධිරාජ්‍යයන් බවට පත් වී දියමන්ති හා මිණිමුතු වලින් සැදී මාළිගා ලබා ගන්නවා. සම්පූර්ණ උත්සාහයෙහි නොයෙදෙන අය සේවකයන් බවට පත්වනවා. එහි රජ රැජිණත් කුමරු කුමරියනුත් මුළු වංශයක් ම සිටිනවා. පසුව අනුපිළිවෙලින් එන සේවකයන්, පොහොසතුන් සහ දුප්පතුත් එනවා. එහිදී සෑම කෙනෙක්ම පිරිසිඳුයි. එහි රජත් රැජිණත් උපදේශකයෙක් ද ඉඳී. එහි එතරම් උපදේශකවරු නැහැ. රජතුමාට රාජ්‍ය පාලනය කිරිමේ ඥාන ශක්තිය තිබෙනවා. එමනිසා, දරුවනුත් පියා ඔබට පහදා දෙන ආකාරයටම පහදා දිය යුතුයි. භාරතයේ මිනිසුන් වන අප දේවතාවන් වූවා. ස්වර්ණමය යුගයේ අපගේ රාජ්‍යය තිබුණා. අප දිව්‍ය ලෝක වැසියන් වී සිටින කල අපගේ ගෘහ ජීවිතයෙහි පාරිශුද්ධත්වයෙන් සිටියා. පසුව කෙමෙන් අපිරිසිඳු වන විට අප අපායෙහි වැසියන් වී දැන් යලිත් දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත්වෙනවා. මෙම නාටකය දෛවෝපගත වුවකි. දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත්වීමට එක් උපතකුත් අපායෙහි වැසියන් වීමට උපත් 84ක් ගත වනවා. ඉනිමගේ පින්තුරයෙහි මෙය ඉතා පැහැදිලිව පෙන්වා තිබෙනවා. ඔබ දැන් එම දිව්‍ය ලෝකයට ගොස් එහි පාලන බලය හිමි කරගන්නා බව ඔබේ බුද්ධියෙහි තිබෙනවා. ඔබ දැන් පියාගෙන් ඔබගේ උරුමය ලබනවා. පරම පියා පමණයි ඔබට සත්‍යය පවසා ඔබව සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පත්කරන්නේ. මිනිසුන් සත්‍ය නාරායනගේ කතාව කියති. නමුත් ඔවුන් සත්‍ය ලෙසම සමාන්‍ය මනුෂ්‍යයාගෙන් නාරායත බවට පත්වන්නේ නැහැ. ඒ නිසා ඒ කතාව බොරුවකි. ඔබ මෙහි අසුත් ගෙන සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන විමටයි. ඔවුන් ඔබට පාරිශුද්ධ වී නිරන්තරයෙන් බාබා පමණක් ස්මරණය කරන්න කියා කියන්නේ නැහැ. ඔවුන් පුර හඳ තිබෙන දින වලදී සත්‍ය නාරායනගේ කතාන්දරය කියනවා. දැන් පුර හඳ තිබෙන විට එයට කියන්නේ සොළොස් කලාවන්ගෙන් පිරි පුරහඳ ලෙසටයි. අවසානයේදී හඳෙන් පුංචි තීරුවක් පමණයි ඉතිරි වන්නේ. ඔවුන් මෙය හඳුන්වන්නේ අමාවක සම්පූර්ණ අන්ධකාරයෙන් යුතු රාත්‍රිය ලෙසයි. ස්වර්ණම සහ රිදී යුගයන්, දහවල ලෙස හඳුන්වන අතර තඹ හා කලි යුගයන් රාත්‍රිය ලෙස හඳුන්වනවා. මේ සෑම කරුණක්ම ඔබ තේරුම් ගත යුතුයි. ශිව බාබා මෙහි අසුන් ගෙන ඔබට උගන්වනවා. ඔහු පියා, ගුරුවරයා සහ සත්ගුරු වේ. ඔහු මොහු තුළට ඇතුළු වී ඔය ජීවාත්මයන්ට උගන්වනවා. පරම පියා කියනවා: මොහුගේ ජීවාත්මය නළල මධ්‍යයේ තිබෙන්නාක් සේම මමත් පැමිණ ඒ මත අසුන් ගන්නවා. මා මෙහි අසුන් ගෙන ඔබට පහදා දෙනවා. මුලදී, ඔබ පිරිසිඳුව සිටියා නමුත් දැන් ඔබ අපිරිසිඳුවී සිටිනවා. දැන් පියා වන මා සිහිපත් කරන්න. පාරිශුද්ධ නොවී කිසිම කෙනෙකුට ගෙදර යා නොහැකියි. ඔබ පාරිශුද්ධ වූ කල ඔබ පියාඹා යයි. සෑම කෙනෙක්ම කන්නලව් කරනවා: අහෝ පාරිශුද්ධකරුවාණෙනි, එන්න. පැමිණ අපව පාරිශුද්ධත්වයට පත් කරන්න. එවිට අපගේ නිවහන වූ මුක්ති දේශයට අපට යා හැකි වේ. එය අප ජීවාමයන්ගේ නිවහනයි. අපිරිසිඳු අයට ගෙදර යා නොහැකියි. මෙම කරුණු හොඳින් ධාරණය කරගන්නා අය ඉතා ඉක්මණින් දිව්‍ය ලෝකය වෙත යාවි. නැත්නම් ඔවුන් එන්නේ ප්‍රමාද වීය. නව ගොඩනැගිල්ලට කෙනෙක් යා යුතුයි. මන්ද, නව ගොඩනැගිල්ලේ සෑහෙන විනෝදය තිබෙනවා. ඔබ පළමුවෙන්ම ස්වර්ණමය යුගයට පැමිණිය යුතුයි. මමා සහ බාබා දිව්‍ය ලෝකයට යනවා. ඉතින් ඔබ පහු වී යන්නේ ඇයි? ඔබට බ්‍රහ්මාව අනුගමනය කරන්න පුළුවන්. නොකඩවා පරම පියා සිහිපත් කරන්න. යම් දෙයක කුමන හෝ අපහසුතාවයක් තිබේනම්, ඔබට ශිව බාබාගෙන් අහන්න පුළුවන්. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පමණයි ඔබ උසස් තත්ත්වයක් ලබන්නේ. පැරණි ලෝකයේ ඔබ දිගින් දිගටම පාප පහ නම් වූ රාවණාගේ උපදෙස් තමයි අනුගමනය කළේ. පළවෙනිම පාපය ශරීර අවධානයයි. දරුවන් වන ඔබ දැන් ජීවත්ම අවධානයට පත්විය යුතුයි. ජීවාත්මය වන මම පරම දනව්වේ වැසියෙක්මි. එය සාම දේශය ලෙසත් හඳුන්වනවා. එවැනි දේවල් අන් කිසිවෙකුට විස්තර කළ නොහැකියි. පරම පියා පමණක් විස්තර කරන අතර ඔබ ජීවාත්මයම ඉන්ද්‍රිය මාර්ගයෙන් ඊට සවන් දෙනවා. ස්වර්ණමය යුගයේදී කිසිම කෙනෙකුගේ ශරීරය නරක් වෙන්නේ නැහැ. එහි කිසිම අකල් මරණයක් සිදුවන්නේ නැහැ. ස්වර්ණමය යුගයේ එවැනි දේවල් නැහැ. එයට දිව්‍ය ලෝකය, ස්වර්ගය හා පාරාදීසය කියති. යළි යළි උපත ලබමින් අප චක්‍රය වටා ගොස් දැන් අපගේ උපත් 84 සම්පූර්ණ කර ඇත. පසුව බාබා පැමිණ ඔය දරුවන්ට දිව්‍ය ලෝකයට යාමට සුදුස්සන් බවට පත්කරවනවා. ඔබ දැන් නව ලෝකයට යාමට සුදුස්සන් වී සිටිනවා. මේ අපාය යි. ඔබ දැන් අපායේ වැසියන්ගෙන් දිව්‍ය ලෝක වැසියන් බවට පත්වීමට මෙහි පැමිණ සිටිනවා. ඔබ කියනවා: මා මාගේ වාසනාව ලබා ගැනීම සඳහා ශිව බාබා ලඟට පැමිණ සිටිනවා කියා. ඔබ සෑම චක්‍රයේ දීම සෑම අවුරුදු 5000ක දීම ඔබගේ වාසනාව උදාකර ගන්නවා. ඔබ දිව්‍ය ලෝක වැසියන් වනවා. පසුව එය රාවණ රාජ්‍යය බවට පත් වූ වහාම අප පාපතර වෙනවා. දැන් සෑම කෙනෙක්ම අපවිත්‍ර සහ පාපතර වී සිටිනවා. ඉතින් මේ වේලාවේදී පමණයි පරම පියා පැමිණ නව ලෝකය ස්ථාපනය කරන්නේ. ඒ නව ලෝකයේ සිටින්නේ ඔය දරුවන් පමණයි. අන් සැම දෙනාම සාම දේශය වෙත යනවා. ඉහළින් ඇත්තේ ජීවාත්මයන්ගේ වෘක්ෂයයි. පසුව තම තමන්ගේ වේලාවට ඔවුන් පහළට යනවා. එය අපගේ රාජ්‍යය වනවිට, වෙන ආගමික අය එහි නැහැ. පසුව තඹ යුගයේ දී රාවණ රාජ්‍යය ඇරඹෙයි. මේ සියලුම දේ හොඳින් ධාරණය කරගන්න. මෙහිදී ඔබ අපායේ වැසියන් බවින් දිව්‍ය ලෝක වැසියන් බවට පත්විය යුතුයි. අපායේ වැසියන් වන මනුෂ්‍යයන් යක්ෂයන් ලෙස හැඳින්වෙන අතර දිව්‍ය ලෝක මනුෂ්‍යයන් දේවතාවන් ලෙස හැඳින්වෙනවා. දැන් හැමෝටම තිබෙන්නේ යක්‍ෂ ගතිගුණයි. පියා මෙහි ඉඳිමින් ඔබට උත්සාහ දැරීමට උපකාර කරනවා. ඔහු කියනවා: පාරිශුද්ධ වෙන්න. සෑම අවස්ථාවකදීම බාබාගෙන් අහන්න. සමහරු බාබාට කියනවා: බාබා, මගේ ව්‍යාපාරයේදී මට බොරු කියන්න සිද්ධ වෙනවා. බොරු කීමෙන් පුංචි පාපයක් එකතුවෙනවා. පසුව ඔබ දිගින් දිගටම පියාව සිහි කළොත් ඔබගේ පාපය කැපී යනවා. අද ලෝකයේ සෑම කෙනෙක්ම නොකඩවා පව් කරනවා. ඔවුන් බොහෝ අල්ලස් ගන්නවා. ප්‍රදර්ශන වල තිබෙන පින්තූර සිතියම් වේ. එවැනි සිතියම් වෙන කොහේවත් නැහැ. කෙනෙක් ඒවා දැක එලෙසින්ම සටහත් කර ගත් ඔහු ඒවායේ අර්ථය වටහා ගන්නේ නැහැ. බොහෝ මිනිස්සු ප්‍රදර්ශන වලට හා ආගමික උත්සව වලට එනවා. මෙසේ කියනවා: පැමිණ දින හතකට මෙම ඥානය තේරුම් ගන්න. එවිට ඔබ දිව්‍ය ලෝකයේ වාසය කරන්නට සුදුස්සෙක් වෙනවා. ඔබ දැන් අපායේ වැසියෙකි. ඉනිමගේ පින්තූරයෙහි මෙය ඉතා පැහැදිලි ලෙස පෙන්නුම් කර ඇත. මෙය අපිරිසිඳු ලෝකය වන අතර පිරිසිඳු ලෝකය මුදුනේ තිබෙනවා. ඔය දරුවන් දැන් ශිව බාබාට පොරොන්දු වෙනවා: බාබා, මා අනිවාර්යෙන්ම අපායේ වැසියෙකුගෙන් දිව්‍ය ලෝකයේ වැසියෙක් බවට පත්වෙනවා. ඔබ දැන් ශිවාලය වෙත යාමටයි සූදානම් වෙමින් සිටින්නේ. මේ නිසා තමයි ඔබ කිසිසේත් පාපයේ නොගැලිය යුත්තේ. මායාගේ නොයෙකුත් කුණාටු එනවා. කොහොම නමුත්, ඔබ කස පහරකට ලක් නොවිය යුතුයි (අපවිත්‍ර වීම). ඔබ අපවිත්‍ර වුවොත් විශාල වැරැද්දක් සිදුවන අතර ධර්මරාජ්ගෙත් බොහෝ දඬුවම් ලැබිය යුතු වෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මනුෂ්‍යයෙකුගෙන් දේවතාවක් බවට වෙනස් වීම සඳහා ඔබේ යක්‍ෂ ගතිගුණ සහ බොරු කියන

2. පුරුද්ද අත් හරින්න. දිව්‍යමය ගති ස්වභාවයක් ධාරණය කරගන්න.

3. නිවසට හරවා යාම සඳහා ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. මායාගේ කුණාටු ආවත්.
4. කිසිසේත් මොනම පාප ක්‍රියාත් ඔබේ භෞතික ඉන්ද්‍රියන් වලින් සිදු නොකරන්න.

වරදානය:
'සියලු අයිතිවාසිකම් හිමි' ස්ථිතිය තුළ පිහිටා, පරම පියාව ඔබේ සහකාරයා කර ගැනීම තුළින් ඔබ නිරන්තරයෙන් ජයග්‍රාහී වේවා!

පරම පියාව ඔබේ සහකාරයා කර ගැනීමට ඇති පහසුම ක්‍රමය වන්නේ 'සියලු අයිතිවාසිකම් හිමි' ස්ථිතිය තුළ සිටීමයි. ඔබ මෙම ස්ථිතිය තුළ ස්ථාවරව සිටින විට, ඔබේ බුද්ධිය නිශ්ඵල හෝ අපවිත්‍ර සිතිවිලි වෙතට හෝ වෙනත් දේවල ඇති ආකර්ෂණීය බව වෙතට ඇදී යමින් චංචල නොවනු ඇත. ඔබේ බුද්ධිය ඒකාග්‍ර කර ගැනීම තුළින්, ඔබට මුහුණ දීමේ, විමසා බැලීමේ (විචාර බුද්ධිය) සහ තීරණ ගැනීමේ ශක්තීන් වර්ධනය කර ගත හැකි වනු ඇත. මේවා මගින් 'මායා' වෙතින් එල්ල වන විවිධ ආකාරයේ ප්‍රහාරයන් හමුවේ ජයග්‍රහණය කිරීම ඔබට ඉතා පහසු වනු ඇත.

පාඨය:
රාජ යෝගියෙකු යනු තත්පරයක් තුළ සාරයේ සිට ප්‍රසාරණය වෙතටත්, නැවත ප්‍රසාරණයේ සිට සාරය වෙතටත් ගමන් කිරීමට පුරුදු වී සිටින්නෙකි.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

පරිපූර්ණ අවධියට පත්වීම සඳහා, බ්‍රහ්ම බාබා ආරම්භයේ සිට අවසාන දිනය දක්වා තම සතුව තිබූ සියලු වස්තු සම්පත් ඉතා අර්ථවත් ලෙස භාවිතා කළේය. එහි ප්‍රායෝගික ප්‍රතිඵලය වූයේ ඔහු පරිසමාප්ති සුර දූතයෙකු බවට පත්වීමයි. එබැවින්, පියා මෙන් ඔබත් අනිවාර්යෙන්ම පරිපූර්ණ සහ පරිසමාප්ති වීමට ඉලක්කයක් තබා ගන්න. ඔබ කුමන ආකාරයේ උත්සාහයක් දැරීමට සිදු වුවද, පරම පියා හා සමාන තත්ත්වයට පත්වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයකි.