03.05.25    Avyakt Bapdada      Sinhala Murli     18.01.2010    Om Shanti    Madhuban


බ්‍රහ්ම පියා හා සමානව, බැඳීම් ජයගත්තෙක් සහ ස්මරණයේ ප්‍රතිරුවක් වීම සඳහා,
ඔබගේ මනසට කාල සටහනක් සාදා, සෑම දෙයක්ම සිදු කරන අතර
අශාරීරික කර්ම යෝගීවරයෙක් වීම පුහුණු වන්න.


අද දින, සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන් තුළ විශේෂයෙන් සෙනෙහස මුසු වී තිබේ. අද දවස හැඳින්වෙන්නේ සිහි කිරීමේ දිනය ලෙසයි. අම්රිත් වේලාවේ සිට, මේ දේශයේ සහ විදෙස් රටවල බාප්දාදා සෑම තැනකම දැක තිබෙන්නේ, සෑම දරුවෙකුගේම හදවත තුළ පියාගේ සෙනෙහසේ චිත්‍රය දිස්වන බවත් සෑම දරුවෙකුගේම සෙනෙහසේ චිත්‍රය, පියාගේ හදවත තුළ මුසු වී තිබෙන බවත්ය. අද විශේෂයෙන්, සෙනෙහසේ දිනය, සිහි කිරීමේ දිනය ලෙස හඳුන්වයි. අම්රිත් වේලාවට පෙර පවා දරුවන්ගේ සෙනෙහසේ මුතු මාලා බාප්දාදා දුටුවා. සෑම දරුවෙකුගේම හදවත තුළ මෙම ගීතය ඉබේටම වාදනය වනවා: ‘මගේ බාබා, බ්‍රහ්ම බාබා, මිහිරි බාබා’, එමෙන්ම බාප්දාදාගේ හදවතේ වාදනය වන ගීතය වන්නේ: මිහිරි දරුවනේ, ආදරණීය දරුවනේ. අද දින සියලු දෙනා තුළ, අනෙක් සියලුම බල වෙනුවට, සෙනෙහසේ බලය, බොහෝ ප්‍රමාණයකින් මුසු වී තිබේ. මෙම දේවමය සෙනෙහස, මෙම ආධ්‍යාත්මික සෙනෙහස, අත්විඳින්නේ සංගම යුගයෙදී පමණයි. පරමාත්ම දෙවියන්ගේ මෙම සෙනෙහස ගැන දන්නේ, අත්දැකීම් ඇති අය පමණයි: එය ඔය සියලුම දරුවන්ව සහජ යෝගීවරු බවට පත් කරවයි. සියලුම දරුවන් තුළ සෙනෙහසේ බොහෝ, බොහෝ අත්දැකීම් මුසු වී ඇති බව, බාප්දාදා දුටුවා. ඔබගේ උපතේ පදනම සෙනෙහසයි. වෙනත් බලයන්ගේ අඩුවක් ඇති, නමුත් පරම පියාගේ සෙනෙහසේ අත්දැකීම සහ උපකරණ වී ඇති විශේෂ ජීවාත්මයන්ගේ සෙනෙහසේ අත්දැකීම, ඔය බහුතරයක් දරුවන්ගේ හදවත් තුළ සහ මුහුණේ දිස්වෙයි. ඔබ සියලු දෙනාට විශේෂයෙන් අද මෙහි පැමිණීමට හේතු වූයේ කුමක්ද? ඔබ පැමිණියේ කුමන ගුවන් යානයෙන්ද? ඔබ පැමිණියේ දුම්රියෙන්ද, ගුවන් යානයෙන්ද? ඔබ සියලු දෙනා තුළ සෙනෙහස මුසු වී ඇති බව සියලු දෙනාගේ මුහුණේ දිස්වන අතර ඔබ සියලු දෙනාම මෙහි පැමිණියේ සෙනෙහස් ගුවන් යානයෙන්ය. ඔබට කුමක් කිරීමට සිදුවුනත්, ඔබ සියලු දෙනාම සෙනෙහස් ගුවන් යානාවෙන් මෙහි ළඟා විය.

අද, සිහි කිරීමේ දිනය ලෙස හඳුන්වයි, නමුත් සිහි කිරීමේ දිනයට අමතරව, එය බලයේ දිනය ලෙසත් හඳුන්වයි. අද අභිශේක දිනය ලෙස හඳුන්වනවා, මන්ද, බාප්දාදා සහ විශේෂයෙන් බ්‍රහ්ම පියා, උපකරණ මහාවීර දරුවන්ව ලෝක සේවයේ ඔටුන්නෙන් ඔටුනු පැලඳවූයේ මෙදින නිසා. පියා, බ්‍රහ්ම පියාම, අප්‍රසිද්ධ වී, ලෝක සේවය වෙනුවෙන් සිහි කිරීමේ තිලකය දරුවන්ට ලබා දුන්නා. ඔහු දරුවන්ව කරන්හාර් (කරන අය) බවට පත් කර, ඔහු කරවන්හාර් (එය කිරීමට දිරිමත් කරවන කෙනා) විය. තමන් හා සමාන, සුරදූත ස්වරූපයේ ආශිර්වාදය ලබා දී, ඔවුන්ට ආලෝක ඔටුන්නක් ලබා දුන්නා. එබැවින් බාප්දාදා ලබා දුන් ඔටුන්න සහ තිලකයේ ආශිර්වාදයට අනුව, දරුවන් ඔවුන්ගේ වගකීම ඉටු කරන අන්දම දැක, බාප්දාදා සතුටු වනවා. සේවය සඳහා ආශිර්වාදය, දරුවන් ප්‍රායෝගිකත්වයට දැමූ අතර, මෙය දැක, බාප්දාදා සතුටු වනවා. මේ වනතුරු ඔබ රඟ දක්වා ඇති චරිත කොටස වෙනුවෙන් සහ ඔබට ඉදිරියට රඟපෑමට ඇති චරිත කොටස වෙනුවෙන් බ්‍රහ්ම පියා විශේෂයෙන් කෝටි ගුණයක සුබ පැතුම් ලබා දුන්නා. අපූරුයි දරුවනේ! අපූරුයි! බාබා විදෙස් රටවලත් සංචාරය කළ අතර ඔහු දුටුවේ කුමක්ද? සෑම දරුවෙක්ම සෙනෙහසේ ගිලී සිටින බව. මේ දිනය විශේෂයෙන් සෙනෙහසින්, බලයන්ගේ ආශිර්වාද ලැබීමට ඇති දිනය නිසා, ඔබට පරම පියාගෙන් බල ලැබී තිබේ. සමහර දරුවන් සිහි කිරීමේ ගැඹුරින් ගිලී සිටිමින් සේවය කිරීමේ කාර්යබහුල වී සිටින බව බාප්දාදා දුටුවා. ඔවුන් ඉතා හොඳ අම්රිත් වේලාව අත්විඳිනවා. අශාරීරික වීමේ අත්දැකීම පවා ඔවුන්ට තිබෙන නමුත්, කර්ම යෝගීවරු වීමට කාලය පැමිණෙන විට, එවිට දෙකම එකවර කිරීමට හැකි වීමේ වෙනසක් තිබෙයි: යෝගීවරයෙක් වීම සහ ක්‍රියා කිරීමේ. කර්ම සහ යෝගාවේ තුලනයක් පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ දරයි, නමුත් ඔවුන් අම්රිත් වේලාවේ බලවත් මනෝ ස්ථිතියක් අත්විඳින නමුත්, ඔවුන්ගේ ක්‍රියාවල වෙනසක් තිබෙයි; ඔවුන්ට වෙහෙස වීමට සිදු වෙයි.

මෙම ලෝකයේ විනාශය සිදුවීමට යන්නේ හදිසියේ බව, බාප්දාදා ඔය සියලුම දරුවන්ට පවසා තිබේ. දවස පුරාම අවධානයෙන් නොසිටීම නිසා, ඔබ යම් දෙයක් ධාරණය කිරීමට අසමත් වන්නේ නම්, එවිට ඔබ කර්ම යෝගීවරයෙක් වීමේ ඔබගේ මනෝ ස්ථිතියේ වෙනසක් ඇති වෙයි. එසේ නම් විනාශය සිදුවන විට ඔබ කුමක් කරයිද? ලෝක විනාශයේ දිනය, බාප්දාදා නිවේදනය කරන්නේ නැත. ඔබගේ ජීවිතය අවසන් වන්නේ කවදාද කියා ඔබ දන්නවාද? ඔබගේ මරණය සිදු වීමට යන්නේ කුමන දිනයේද කියා ඔබගෙන් කිසිවෙකු දන්නවාද? ඔබගෙන් කිසිවෙක් දන්නවාද? දන්න අය අත් ඔසවන්න! ඕනෑම දෙයක් හදිසියේ සිදුවිය හැක. පදාර්ථ මගින් යම් දෙයක් සිදුවන විට, බොහෝ දෙනෙක් එකවර මිය යයි. එබැවින් ලෝක විනාශයේ දිනය ගැන සිතමින් නොසැලකිලිමත් නොවන්න. ඔබගේ ජගදම්බා (ජගත් මාතාව) ගේ පාඨය වුනේ: කිසි විටෙක “යම් වෙලාවක” (කබ්) නොකියන්න, නමුත් දැන් (අබ්). ඕනෑම දෙයක් හෙට දිනයේ සිදුවිය හැක, නමුත් මා නියත වශයෙන්ම නිති සූදානමින් සිටිය යුතුයි. ඉතිං ඔබ සියලු දෙනා ඔබගේ සූදානමට මේතරම් අවධානයක් යොමු කරනවාද? ඔබගේ කර්මයේ ගිණුම් ඔබ පියවා තිබෙනවාද? විෂයයන් සතරින්ම - දැනුම, යෝගාව, ධාරණාව සහ සේවය - ඔබ සෑම ආකාරයකින්ම සූදානම්ද? ඔබ සම්පූර්ණ සහ අසීමිත නිරාශාව අත්විඳින්නේද කියා ඔබ පරීක්ෂා කර බලා තිබෙනවාද? ඔබ නිති-සූදානම්ද කියා, ඔබ හදවතින් පරීක්ෂා කර බලා තිබෙනවාද? ඔබ බැඳීම් ජයගත්තෙක් සහ ස්මරණයේ ප්‍රතිමූර්තියක්ද? ඔහුගේ උත්සාහ තුළින් බ්‍රහ්ම පියා තමන්ව මෙය බවට පත් කරගත් අතර අත්දැකීම් ඇති දරුවන් එය දුටුවා. ඔහුගේ කර්මික ගිණුම් වල කිසිම වාතාවරණයක් නොතිබුණි, මන්ද, නිතර අශාරීරීක වීමේ ඔහුගේ පුහුණුව, හදිසියේ අශාරීරික වීමට ඔහුට උපකාරී විය; එක් දිනයක ඔහු ඉගිලී ගියා. බ්‍රහ්ම පියා පිටත්ව යයි කියා, කිසිවෙක් සිතුවද? කෙසේවෙතත්, ඔහු බැඳීම් ජයගත්තෙක්. ඔහුගේ අත, දරුවන්ගේ අතේ තිබුණු අතර, කිසිදු ආකර්ෂණයක් තිබුණාද? ඔහු සුරදූතයෙක් විය. දරුවන්ට සුරදූතයන් වීමට තිලකය ලබා දීමෙන් පසුව ඔහු පිටව ගියා. මෙයට හේතුව, දීර්ඝ කාලයක් පුරා අශාරීරික වීමේ පුහුණුවයි. සෑම දෙයක්ම සිදු කරන අතර, ඔහු අශාරීරික වීම, බාබා සමග වාසය කළ අත්දැකීම් ඇති බොහෝ දරුවන් අත්දුටුවා. ඔබගේ කර්මයෝගී ස්ථිතියේ වෙනසට හේතුව වන්නේ, ඔබ ක්‍රියා සිදු කරන අතර මෙය ඔබගේ අවධානය තුළ ඉස්මතු වන්නේ නැත: මා ජීවාත්මයක්. සියලු දෙනා මෙය දන්නවා: මා කුමන අන්දමේ ජීවාත්මයක්ද? මා වන ජීවාත්මය කරවන්හාර් වන අතර මෙම භෞතික ඉන්ද්‍රියන් කරන්හාර්ය. සෑම දෙයක්ම සිදු කරන අතර, කරවන්හාර් කෙනෙක්ගේ ආත්ම-අභිමන් අවධානයේ ප්‍රතිමූර්තියක් වන්න. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ලවා ඔබට යම් දෙයක් සිදු කිරීමට අවශ්‍ය වූ විටදි පවා මෙය සිහි කරන්න: මා කරවන්හාර්. පාලකයා මමයි. ඔබ එම ආසනයේ තැන්පත්ව සිටියි නම්, එවිට ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් පිළිවෙලකට තිබෙයි. ඔබ එකිනෙකා, ඔබගේ අසුන මත තැන්පත්ව නොසිටින විට, කිසිම කෙනෙක් ඔබට සවන් නොදෙයි. ජීවාත්මය, කරවන්හාර් වන අතර ඔබගේ භෞතික ඉන්ද්‍රියන් කරන්හාර්ය, කරවන්හාර් නොවෙයි.

ආරම්භක කාලයේ බ්‍රහ්ම පියා දිනපතාම මෙය පුහුණු කරන ආකාරය ගැන, බ්‍රහ්ම පියාගේ අත්දැකීම් වල ඔබට අසන්නට ලැබුණි: දවස අවසානයේ ඔහුගේ සියලුම භෞතික ඉන්ද්‍රියන්ගේ අධිකරණයක් ඔහු පැවැත්විය. ජ්‍යෙෂ්ඨ දරුවන්, බාබාගේ දිනපොත දකින්නට ඇති, එහි, බාබා දිනපතා අධිකරණය පැවැත්වූ අන්දම සහ කරවන්හාර්, පාලකයා වීමෙන්, ඔහුගේ සියලු භෞතික ඉන්ද්‍රියන් සමග දිනපතා කතාබහක් පැවැත්වූ අන්දම ගැන. ආරම්භක කාලයේ, බ්‍රහ්ම පියා මෙතරම් අවධානයක් යොමු කළ අතර එබැවින් ඔබද තමන් කරවන්හාර්, පාලකයන් බව සැලකිය යුතුයි, මන්ද, ඔය ජීවාත්ම රජවරු වන අතර ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබගේ සහකරුවන් බැවින්. එබැවින් අද දින ඔබගේ මනස, බුද්ධිය, සංස්කාර, ස්වභාවය හෝ සංස්කාර - ඔබ ඒවා කෙසේ හැඳින්වුවද, ඒවායේ තත්ත්වය කෙබඳු වුවාද කියා, පරීක්ෂා කර බලන්න. ඔබ ඒවා සැනෙකින් පරීක්ෂා කිරීමෙන්, ඔබගේ භෞතික ඉන්ද්‍රියන් අවධානය යොමු කරයි, මන්ද, ඔවුන්ගේ රජතුමා, ඔවුන්ගේ දුක සැප ගැන විමසීමට යන නිසා. එබැවින් කරවන්හාර් වන ජීවාත්මය, රජතුමා, භෞතික ඉන්ද්‍රියන් වන කරන්හාර් පරීක්ෂා කළ යුතුයි. එසේ නැත්නම් සමහර දරුවන් මෙසේ පවසන බව දැක තිබේ: ‘අපගේ භෞතික ඉන්ද්‍රියන් වලට අප නියෝග කරන නමුත් ඒවා වෙනස් වනවා. අප උත්සාහ දරන නමුත් ඇතැම් සංස්කාර සහ ස්වභාවයන් පිළිවෙලකට රැඳී නොතිබෙයි.’ මෙයට හේතුව වන්නේ ඔබගේ ආත්ම-අභිමන් අසුනේ ඔබ තැන්පත්ව අසුන්ගෙන නොසිටීමයි. ඔබගේ ආසනයේ ඔබ අසුන් නොගන්නේ නම්, ඔබ කෙතරම් නියෝග ලබා දුන්නත්, ඔබගේ නියෝග වලට කීකරු අය වුනත්, ඔබට සවන් නොදෙනු ඇත. එබැවින් සෑම දෙයක්ම සිදු කරන අතර, කරවන්හාර්, පාලකයා, වීමේ ඔබගේ ආසනයේ තැන්පත්ව අසුන්ගෙන සිටින්න. සමහර දරුවන් බාප්දාදා සමග හදවතට සමීප කතාබහක යෙදී මෙසේ පවා කියයි: බාබා, ඔබ අපව සර්ව බලධාරීන්, ඇතැම් බල පමණක් නොවෙයි, සියලු බල ඇති අය බවට පත් කර තිබේ, සෑම දරුවෙක්ම මෙම බ්‍රහ්මින් උපත ලද සැනින් ඔබ ඔවුන්ට සර්ව බලධාරියෙකු වීමේ වරදානය ලබා දුන්නා. ඔබ උපත ලද මොහොතේ ඔබට ලබා දුන් වරදානය ඔබට මතකද? පරම පියා සෑම දරුවෙකුටම මාස්ටර් සර්ව බලධාරියෙක් වීමේ ආශිර්වාදය ලබා දුන්නා. ආශිර්වාදය ලබා දුන්නේ කවුද? සර්ව බලධාරියා. කෙසේවෙතත්, ඔබට අවශ්‍ය බලය එම වෙලාවේදි නොපැමිණෙන බව, එය ඔබගේ අණට කීකරු නොවන බව, ඔබ පැමිණිලි කරයි. එයට හේතුව කුමක්ද? ඔබට සර්ව බලධාරියාගෙන් මෙම ආශිර්වාදය ලැබී තිබෙන අතර ඔහුට වඩා උත්තමයෙක් නොමැත. ඔබ ආශිර්වාදයේ ස්ථිතියේ ස්ථාවරව රැඳී සිටිමින් නියෝගයක් නිකුත් කරන්නේ නම්, ඔබ නියෝගයක් නිකුත් කළ පසු එයට අවනත නොවී සිටීම සිදුවිය නොහැක්කක්. එකක්, ජීවාත්මය, පාලකයා වීමයි, ඔබට එම ආශිර්වාදය ලැබී ඇත්තේ සර්ව බලධාරියාගෙනි. එබැවින් ඔබ එම ස්වරූපයේ ස්ථාවරව සිටින විට, ඔබ පාලකයා වන අතර ඔබට එම ආශිර්වාදය තිබේ. එබැවින් ස්වරූප දෙකේ ස්ථිතියේ අවධානය තුළ ස්ථාවරව රැඳී සිටිමින් නියෝගයක් නිකුත් කරන්න. එම බලයට ඔබට සවන් නොදී සිටීම සිදුවිය නොහැක්කකි, මන්ද, ඔබට ආශිර්වාදය තිබෙන අතර එමෙන්ම ඔබට පරම පියාගේ දේපළ වලට සංගම යුගයෙදි අයිතියක් තිබේ. ඔබ සියලු දෙනාටම සර්ව බලධාරියෙක් යන නම්බු නාමය ලැබී තිබෙනවා. නමුත් සිදුවන්නේ ඔබ එම ස්ථිතියේ ස්ථාවරව රැඳී නොසිටීමයි. ඔබ සෑම විටම එම ස්තිථියේ රැඳී නොසිටියි. මෙහි ‘ඇතැම් විට’ තිබෙයි. ඔබගේ බ්‍රහ්මින් ශබ්දකෝෂයෙන් මෙම ‘ඇතැම් විට’ ඉවත් කරගන්න. වර්ථමානයේ, මේ දැන් පෙනී සිටින්න. ඔබ පවසන්නේ: ‘බාබා, අප ඔබව සිහි කරන අතර එවිට ඔබ ඉදිරිපත් වෙයි.’ ඔබට මෙම අත්දැකීම තිබෙනවාද? අත් ඔසවන්න! ඔබට මෙම අත්දැකීම තිබෙනවාද? දැන් බලන්න! ඔබ අත් ඔසවනවා. පරම පියා ඉදිරිපත් වනවා. ස්වාමී ඉදිරිපත් වනවා, එබැවින් මෙම බලය කුමක්ද? ඔබට මෙම බල, පියාගේ දේපළ වලින් ලැබී තිබේ. එබැවින් පාලකයා ලෙස රැඳී සිටිමින් නියෝගයක් නිකුත් කරන්න. ඔබ පාලකයා ලෙස නොසිට නියෝගයක් නිකුත් කරන විට ඔබගේ බලය අහිමි වෙයි. එබැවින්, ඔබ එවන් ස්ථිතියක සිට නියෝගයක් නිකුත් කිරීම සිදු නොකරන්නේ නම්, එවිට ඔබ ඔවුන්ගේ පාලකයා නොවෙයි නම්, බල ඔබට කීකරු වන්නේ කුමටද?

ඉතිං බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ කුමක්ද? ඔබ එය දන්නවා නේද? පියාට අවශ්‍ය වන්නේ ඔහුගේ සෑම දරුවෙක්ම, සෑම දෙයක්ම සිදු කරන අතර රජ දරුවෙක්, තමන්ගේ පාලකයෙක් විය යුතු බව සහ ඔහුගේ ආත්ම-අභිමන් ආසනය අත් නොහැරීය යුතු බවයි. රජ කෙනෙක් දවස පුරාම රජ කෙනෙක් නේද? එසේ නැත්නම්, ඔහු විටෙක රජ කෙනෙක් වන අතර විටෙක රජ කෙනෙක් නොවන්නේද? සිහසුනේ අසුන්ගෙන සිටීම හෝ නොසිටීම, වෙනම දෙයක් නමුත්, නිවසේ සිටින විට පවා ඔහු රජු බව ඔහුට අමතක නොවෙයි නේද? එබැවින් කර්ම යෝගීවරයෙක් වීම සහ අම්රිත් වේලාවේ නිවැරදි යෝගාවේ බලවත් මනෝ ස්ථිතියක් තිබීම අතර වෙනස දැනගන්න. එය දෙගුණයක කාර්යයක්, නමුත් ඔබ කවුරුන්ද? ඔබ ලෝක පරිවර්ථකයන් සහ ලොවට සෙත සළසන්නන්. මේ නිසයි පියාට අවශ්‍ය වන්නේ, ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට තමන් රජු බව අමතක නොකළ යුතු බව; ඔබගේ අසුන අත් නොහරින්න. ඔබගේ ආසනය නොමැති නම් කිසිවෙක් ඔබගේ අණට කීකරු නොවෙයි. මෙකල, ආසනයක් වෙනුවෙන් ඔවුන් කෙතරම් දේ සිදු කරන්නේද කියා ටිකක් බලන්න! ඔවුන්ගේ අයිතිය ලබා ගැනීමට ඔවුන් බොහෝ තැත් කරයි! ඔවුන්ගෙන් කිසි කෙනෙක් තම අයිතිය අත්හැරීමට කැමති නැත. එබැවින් ඔබගේ දේවමය අයිතිය ඔබ හිමි කරගත යුතුයි: මා කවුද? ඔබ වැඩ කරන සෑම විටෙකම, ඔබගේ වැඩ සිදුකරන අතර වුවද, ඔබගේ මනසට කාලසටහනක් සාදාගන්න: “මෙම කාර්යය සිදු කරන අතර මගේ මනසේ ආත්ම-අභිමානය විය යුත්තේ කුමක්ද? මා අද දවසේ තබා ගන්න අරමුණ කුමක්ද?” ඔබගේ කාර්ය සිදු කරන වේලාවේ, ඔබගේ ආත්ම-අභිමානයේ ලැයිස්තුවෙන්, විවිධ කාලසටහන් නිර්මාණය කරන්න. ඔබගේ භෞතික කාර්ය සඳහා ඔබ කාල සටහනක් සකස් කරගන්න ආකාරයටම, ඔබගේ මනසට කාල සටහනක් සකස් කරගන්න. මේ වෙලාවේ ඔබ සිදු කළ යුත්තේ මෙම කාර්යය බව ඔබ දන්නවා, එබැවින් එම කාර්යය සමග ඔබ පවත්වා ගන්නේ කුමන ආත්ම-අභිමානයද? ඔබ පාලකයෙකුගේ අයිතිය හිමි කරගන්නේ ආත්ම-අභිමානයේ කුමන ස්වරූපයෙන්ද? මේ සඳහා ඔබගේ මනසට කාලසටහනක් සාදා ගන්න. කාලසටහනක් සාදාගන්න අන්දම ඔබ දන්නවා නේද? ඔය මව්වරු එය සාදාගන්න අන්දම දන්නවාද? මව්වරු තමන්ට වැඩසටහනක් නිර්මාණය කරගන්න. ආහාර පිළියෙල කරන වේලාවේ, ඔබගේ බුද්ධියේ ඔබ ඉස්මතු කර තබා ගන්නේ කුමන ආත්ම-අභිමානයද? ආත්ම-අභිමානයේ දිගු මාලාවක් තිබෙනවා. ආත්ම-අභිමානයේ මාලාව කෙතරම් දීර්ඝද යත්, ඔබට එය නොකඩවා ගණන් කරමින් එය තුළ මුසු විය හැක. සමහර දරුවන් ‘දීර්ඝ කාල වකවානුවක්’ ගැන කියයි: “අපට තවමත් විනාශයේ කිසිදු සලකුණක් නොපෙනෙයි. එයට තවමත් දිනය නියම කර නැත, එබැවින් අපි යම් වෙලාවක එය සිදු කරනවා, එය සිදුවෙයි.” මෙය නොසැලකිල්ලයි. ඔබ, පණිවිඩය ලබා දීමේ ලොවට යහපත සළසන්නන්ය, එබැවින් සමහර දරුවන් සිතන්නේ තව කාලය ඉතිරිව ඇති බවත්, ඔවුන් තව දුරටත් ප්‍රගතිය ලබා, ඉන්පසුව පණිවිඩය ලබා දෙන බවයි, නමුත් නැහැ. ඔබ පසුව පණිවිඩය ලබා දෙන අය ඔබට පැමිණිලි කරයි. ඔවුන් පැමිණිලි කරන්නේ කුමක් ගැනද? ‘අපට යමක් කිරීමට හැකි වන පරිදි ඔබ අපට කලින් නොකියුවේ ඇයි? ඔබ අපට දැන් අවසන් මොහොතේ එය කියනවා! දැන් අපට කළ හැක්කේ ඔහුව හඳුනාගෙන මෙසේ පැවසීම පමණයි: ‘අහෝ දෙවියනේ, ඔබගේ දිව්‍යමය ක්‍රියාකාරකම් බොහෝ ආශ්චර්යමත්ය!’ අපට කිව හැක්කේ මෙය පමණයි, නමුත් අපට තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි!’ ඇයි? දීර්ඝ කාල වකවානුවක සහයෝගය තිබිය යුතුයි. මෙහි අසුන්ගෙන සිටින ඔබ සියලු දෙනා උරුමකරුවන් නේද? තමන් උරුමකරුවන් බව සලකන අය අත් ඔසවන්න! ඔබ උරුමකරුවන්ද? අච්චා, ඔබ උරුමකරුවන් නම්, ඔබගේ සම්පූර්ණ උරුමය ඔබ හිමි කරගන්නවද නැත්නම් ටිකක් පමණයිද? ඔබට සම්පූර්ණ උරුමයක් අවශ්‍ය බව ඔබ සියලු දෙනා කියයි. සම්පූර්ණ උරුමය යනු ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ උපත් 21කි. රාජකීය පුරවැසියන් ලෙස නොවෙයි, නමුත් රාජකීය පවුල තුළට පැමිණීමයි. ඔබ රාජකීය පවුල තුළට පැමිණිය යුතුයි. සිහසුනේ අසුන් ගන්නේ එක්කෙනෙක් පමණයි. යුවලක් එය මත අසුන් ගනී, නමුත් එහි රාජ සභාව පවත්වන විට, එහි අසුන් ගන්න රාජකීය පවුලේ විශේෂ උපකරණ ජීවාත්මයන්ට ඔටුනු පළන්දයි. ඔවුන් ඔටුන්නක් නොමැතිව අසුන් ගන්නේ නැත; එමෙන්ම සෑම කාර්යයක් ගැනම උපදේශන ලබා ගන්නා අය සිටිවි. පාලනය කරන්නේ එක්කෙනෙක් පමණක් නොවෙයි; එහි ඔවුන් සෑම දෙයක්ම කරන්නේ උපදේශන ඇතිවයි, මේ නිසයි, ඔබට ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කරගැනීමට අවශ්‍ය නම්, එවිට - ප්‍රථම උපතේ සිට අවසානය දක්වා, සම්පූර්ණ උපත් 21ක්, අඩක් පමණක් නොවෙයි - ඔබ අතරමැදදී පිට වන්නේ නැත. අකල් මරණ නොතිබෙයි. එසේ නම්, ඔබ සම්පූර්ණ උරුමයම හිමි කරගන්නවාද, නැත්නම් ටිකකින් විතරක් සතුටු වනවාද? බාප්දාදා ලබා දුන් සියලුම ශ්‍රීමත්, සිතිවිලි, වචන සහ ක්‍රියා වෙනුවෙන් ඇයට ලබා දුන් සියළුම ශ්‍රීමත්, ඇය අනිවාර්යෙන් සිදු කළ යුතු බවට අරමුණ, ඔබගේ ජගදම්බාට සෑම විටම තිබුණි. තම සම්පූර්ණ උරුමය හිමි කරගැනීමට යන අය, ඔවුන්ගේ බුද්ධිය තුළ මෙම අරමුණ තබා ගත යුතුයි: හදිසියේම, නිති-සූදානමින් සහ දීර්ඝ කාලයක් පුරාවට. මෙම කාරණා තුන එකට සිහි කර ගන්න. මේ නිසයි බලාපොරොත්තුවේ පහන් වන ඔය සියලුම දරුවන්ට බාප්දාදාගේ ආශිර්වාදය වන්නේ: නිරන්තරයෙන් මෙම කාරණා තුන මතකයේ තබාගෙන බලාපොරොත්තුවේ පහන් වීම, ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන්න. අච්චා.

විදෙස් රට වලින් පැමිණි අය, ඔබගේ මනසින් සේවය කිරීමේ සහයෝගිශිලී නේද? සියලුම ආගම් තුළ ව්‍යාප්තිය සිදු වන බව බාප්දාදා දැක තිබෙනවා. එය එක ආගමක් පමණක් නොවෙයි; හින්දු ආගම පමණක් නොවෙයි, නමුත් මුස්ලිම්වරු, බෞද්ධයින් සහ ක්‍රිස්තියානුවන්, ඔවුන් සියලු දෙනාම ක්‍රම-ක්‍රමයෙන් ආධ්‍යාත්මිකත්වය ගැන උනන්දුවක් දක්වනවා. පෙරකල, බ්‍රහ්ම කුමාරීන්ගේ නම ඇසුණු විට මිනිසුන් බියට පත් විය. ‘විනාශය, විනාශය, කියමින්, ඔවුන් පවසන්නේ කුමක්ද?’ එමෙන්ම ඔවුන් දැන් පවසන්නේ කුමක්ද? ඔවුන් දැන් කියන්නේ: ‘විනාශය සිදුවන්නේ කවදාද කියා අපට කියන්න! එය සිදුවන්නේ කෙසේද? අප කළ යුත්තේ කුමක්ද?’ එය සිදුවන බව සහතිකයකි. ඔබ සියලු දෙනාටම මෙම සහතිකය තිබෙනවා නේද? විදේශයකින් වුනත්, භාරතයෙන් වුනත්, ඔබට මෙම සහතිකය තිබෙනවා නේද? ඔබගේ උත්සාහය තීව්‍ර කිරීමට කියා බාප්දාදා සංඥාවක් ලබා දී තිබේ. සාමාන්‍ය උත්සාහය නොවෙයි, උත්සාහ දැරීමේ කාලය දැන් ගෙවී ගොස් ඇති අතර එය දැන් තීව්‍ර උත්සාහය වෙනුවෙන් කාලයයි, එමෙන්ම ‘යම් වෙලාවකදි’ නොවෙයි, නමුත් ‘දැන්!’. ඔබ දැන් මෙය සිදුකර, දැන් මෙය බවට පත් විය යුතුයි. එබැවින් එය සිදුවිය යුතුයි. අච්චා.

නිරන්තර උනන්දුව සහ උද්යෝගයෙන් ඉදිරියට පියවර තබා, සෑම දෙයක්ම අවංක හදවතකින් සිදු කරන, සෑම තැනකම සිටින ඔය සියලුම තීව්‍ර උත්සාහ දරන්නන්ට, ඔබගේ නළල් මත බාප්දාදා ජයග්‍රහණයේ තිලකය දකිනවා. සෑම දරුවෙක්ම බාප්දාදාගේ හදවත තුළ මුසුවී ඇති අතර පරම පියා, සෑම දරුවෙකුගේම හදවත තුළ මුසු වී සිටියි. ඔය දරුවන් පියාගේ හදවත තුළ මුසුවී සිටියි. සුබ පැතුම්, සුබ පැතුම් සහ සුබ පැතුම් සමග නමස්තේ.

වරදානය:
ඔබ මාස්ටර් නිර්මාණකරුවෙක් වී, නිර්මාණයේ සියලු ආකර්ෂණ වලින් ඈත්ව සිටීමට ඔබගේ බලවත් ස්ථිතිය භාවිතා කරත්වා.

මාස්ටර් නිර්මාණකරුවෙක්, මාස්ටර් දැනුමින් පිරිපුන් වීමේ බලවත් ස්ථිතියේ සහ කුල්මත් බවේ ස්ථාවරව රැඳී සිටින විට, එවිට ඔහුට සියලු ආකර්ෂණ වලින් ඈත්ව සිටීමට හැකි වෙයි. මෙයට හේතුව නිර්මාණය දැන් වඩාත් විවිධ වර්ණ සහ ස්වරූප නිර්මාණය කරන බැවින්ය. එබැවින් ඔබ නොසැලකිල්ල, කම්මැලිකම, සහ ගණන් නොගෙන සිටීමේ ආකල්පය වැනි ඉතිරිව ඇති ළමා වියේ සියලු වැරදීම් අමතක කළ යුතුයි. එවිට ඔබගේ ශක්ති කෙනෙකුගේ බලවත් ස්වරූපය, ආයුධ අත දරා සිටීමේ ඔබගේ ස්වරූපය සහ ඔබගේ නිරන්තර ආලෝකමත් ස්වරූපය හෙළිදරව් කළ හැක. ඔබ මාස්ටර් නිර්මාණකරුවෙක් ලෙස හැඳින්වෙන්නේ එවිට පමණයි.

පාඨය:
කිසිම සිදුවීමකට එය දිය කිරීමට නොහැකි වන සේ, ඔබගේ මානසික තත්ත්වයෙන් බොහෝ තද (ස්ථිර) වන්න.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

ඔබ කුමන අන්දමක වාතාවරණයක ජීවත් වුවත්, ඔබගේ මනෝ ස්ථිතිය සෑම විටම නොසැලී, අචලව තබා ගන්න. උපකරණයක් ඔබට අවවාද කරන විට ඉන් ව්‍යාකූලත්වයට පත් නොවන්න, මන්ද, උපකරණ වන අය අත්දැකීම් ඇති අයයි. ඔවුන් ලබා දෙන උපදෙස් පැහැදිලි නැති වුනත්, කිසිදු කැලඹිල්ලක් ඇති කර නොගන්න. ඔබ වටහාගැනීමට උත්සාහ ගන්නා බව ඔවුන්ට ඉවසීමෙන් කියන්න, මන්ද, ඔබගේ මනෝ ස්ථිතිය නිරන්තරව, අචලව සහ නොසැලී තිබෙන්‌නේ එවිට පමණයි.