03.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා දැන් අළුත්ම නෑ සබඳකම් වෙත ඇතුළු වෙමින් සිටියි.එමනිසා,කර්ම බන්ධන මතපදනම් වුණු ඔබගේ සෑම නෑ සබඳකමක්ම අමතක කර දමා කර්මතීත් වීමට උත්සාහ දරන්න.

ප්‍රශ්නය:
පරමාත්ම පියා ගායනා කරන්නේ කුමන දරුවන්ගේ ගුණද?ඔහු වැඩිපුරම සෙනෙහස දක්වන්නේ කුමනදරුවන්ටද?

පිළිතුර:
බාබා තම දිළිඳු දරුවන්ගේ ගුණ ගායනා කරයි,“මේ දුප්පත්කම හරිම අපූරුයි.” තණ්හාධික නොවී සුවෙන්සිටින්න;චපාති දෙකක් කන්න.දුප්පත් දරුවන් සෙනෙහසින් පරමාත්ම පියාව සිහි කරනවා.වැඩිය යමක්ඉගෙන නොගත් දරුවන්ට තමන් ඉගෙන ගත් දේ අමතක කිරීමේ උත්සාහය දැරීමට සිදු නොවනා නිසාබාබා ඒ දරුවන් දැකීමට ඉතාමත් සතුටුයි.

ඕම් ශාන්ති.
තම තමන් ජීව ලෙසින් සලකන්නැයි කියා ඔය දරුවන්ට සෑම දිනකම කීමේ අවශ්‍යතාවයක් නැහැ.ඔබ ජීව අවධානයට පත් වේවා යනු අශාරීරික අවධානයේ ඔබ සිටීවා යන්නයි.මේ වචන වලින් අදහස් වන්නේ එකම දෙයයි.පරමාත්ම පියා කියනවා:තමන් ජීවාත්මයක් බව සලකන්න.උපත්84ක චරිත කෙටසක් ඔය සෑම ජීවාත්මයක් තුළම පටිගත වී තිබෙනවා.ඔය ජීව ශරීර ගෙන තම තමන්ගේ චරිත කොටස් රඟදක්වනවා පසුව ඔබලාගේ ශරීර විනාශ වී යනවා.ජීවාත්මයන් අවිනාශයි.ඔය දරුවන්ට මෙම දැනුම ලැබෙන්නේ මේ කාලයේදී පමණයි.වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ.පරමාත්ම පියා කියනවා:දැන් තමාට හැකි උපරිමයෙන් පරමාත්ම පියාව සිහි කිරීමට උත්සාහ දරන්න.තම තමන්ගේව්‍යාපාරිකකටයුතු වල නිරත වන විට ඔබලාට එසේ හොදින් පියාව මතකයේ තබාගන්න බැහැ.තම පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වෙන්න.නමුත් නෙළුම් මලක් සේ පාරිශුද්ධ ජීවිතයක් ගෙවමින් හැකි උපරිමයෙන් මා සිහි කරන්න.විශේෂයෙන් සංවිධානය කළ භාවනා සැසියකට මෙහිදී අසුන් ගැනීම පමණක් නොවෙයි කළ යුත්තේ.භාවනා මග පෙන්වීම කියා කීම වැරදියි.ඇත්තටම කියනවා නම් එය හුදෙක් සිහි කිරීමත් පමණයි ඔබ කොහේ සිටියත් පරමාත්ම පියාව සිහිකළ යුතුයි.මායාගේ කුණාටු ගණනාවක් පැමිණේවි.එක් අයෙක් එක් දෙයක් සිහි කරාවි.තවත් කෙනෙක් තවත් දෙයක් සිහිකරාවි.කුණාටු අනිවාර්යෙන්ම පැමිණේවි.එමනිසා,ඒ වෙලාවට ඔබ ඒ කුණාටු වලට ඉඩ නොදිය යුතුයි.මෙහි අසුන් ගෙන සිටිනා විට පවා මායා ඔබට බොහෝ හිරිහැර කිරීමට පටන් ගනීවි.මෙය සටනක් සැහැල්ලුවෙන් සිටි තරමට ඔබට බන්ධන අඩුවේවි.මුලදී ඔය ජීව බන්ධන වලින් නිදහස්ව සිටියා ඉපදෙන විට ඔබගේ සිහිය දෙමාපියන් වෙතට ඇදී තිබෙනවා.පසුව සහකරුවෙක් ගන්නවා.ඉන් අනතුරුව කවදාවත් නැති දේවල් තමා ඉදිරියේ මතු වීමට පටන් ගන්නවා.දරුවන් ඉපදුණු පසු අවධානය ඔවුන්වෙතට යොමු වෙනවා.ඒ සියල්ල දැන් අමතක කළ යුතුයි.එකම පරමාත්ම පියා පමණයි සිහි කළ යුත්තේ.මෙන්න මේ නිසා තමයි පියාව වර්ණනා කෙරෙන්නේ ඔහු ඔබගේ මවයි,පියායි.ඔහු ඔබට සියල්ලමයි.ඔහු පමණක්ම සිහි කරන්න.අනාගතය සඳහා ඔහු දෙන සෑම දෙයක්ම අළුත් දෙයක්ය.ඔහු ඔබව නව සබඳතා වලටත් ගෙන යනවා.එහිත් එවන් සබඳතා තිබෙනවා.සම්පූර්ණයෙන් සියල්ල නැති වී විනාශ වී යන්නේ නැහැ.තම ශරීර අතහැර දමා ඔබලා තවත් ශරීර වලට ඇතුළු වෙනවා.ඉතාමත් හොඳින් සිටි අය අනිවාර්යෙන්ම උසස් පවුල් වල උපත ලබාවි.ඔබ දැන් ඉගෙන ගන්නේ ඔබගේ අනාගත උපත්21සඳහායි.ඔබගේ ඉගෙනීම අවසන් වී එහි ඵල ලැබීම ආරම්භ වේවි.පාසලකදීත් දරුවන් ඉගෙන ගනිමින් යන අතර අළුත් පන්ති වලට මාරු කිරීම් කරනවා.ඔබලාවත් දැන් මාරු කරනවා.පළමුවෙන්ම ශාන්ත දේශයටත් ඉන් පසුව සතුටේ දේශයටත්.මෙම කිලිටි ලෝකයෙන් ඔබ නිදහස්වෙනවා.මෙය හඳුන්වන්නේ අපාය කියලයි.ස්වර්ණමය යුගය හඳුනවන්නේ දිව්‍ය ලෝකය කියලයි.මෙහි සිටිනා මිනිසුන් සෑම කෙනෙක්ම සිටින්නේ ඝන අන්ධකාරයේයි.ධනවත් අයට මෙය දිව්‍ය ලෝකයක්.දිව්‍ය ලෝකය ඇත්තේ නව ලෝකයේයි.මෙම පැරණි ලෝකය විනාශ විමටයි යන්නේ.කර්මතීත් අවදියට ලඟා වූවන්ටධර්මරාජ්ගේ දඬුවම් විඳීමට සිදු වන්නේ නැහැ.දෙව්ලොව දඬුවම් නැහැ.එහි ඔබ ඇතුළු වන ගර්භාෂය පවා මාලිගාවක් වගේයි.එහි කිසිම දුකක් කියා සඳහනක් නැහැ.මෙහි ගර්භාෂයක් පවා සිරකුටියක් වැනියි.ඒ නිසා දඬුවම් විඳීමට සිදුවෙනවා.තමන් කී වතාවක් දෙව්ලොව වැසියෙක් වී සිටියාදැයි කියා මදක් සිහි කර ගන්න.එවිට ඔබට මුළු චක්‍රයම සිහියට නැගේවි.මෙමඑකකරුණ පවා රුපියල්සිය දහස් ගණනක් වටිනවා.මෙය අමතක කර ශාරීරික අවධානයට පත් වුණු විට මායා ඔබට හානි කිරීමට පටන් ගන්නවා.ඔබ විසින් දැරිය යුතු උත්සාහය මෙයයි.උත්සාහයක් දැරීමකින් තොරව කිසිම කෙනෙකුට උසස් තත්ත්වයක් දිනා ගත නොහැකියි.ඇතැම් අය කියනවා:බාබා මම එතරම් දුරට ඉගෙන ගෙන නැහැ.බාබා මම මුකුත්ම දන්නේ නැහැ.එසේ කියනා විට බාබාට හරිම සතුටුයි.මන්ද මෙහිදී ඔබ විසින් ඉගෙන ගත් සෑම දෙයක්ම අමතක කර දැමිය යුතුයි.ඔබ ඉගෙන ගත් දේ තාවකාලිකයි.තම ජීවිකාව සඳහා ආදායමක් උපයා ගැනීමට පමණයි.දැන් සියල්ල විනාශ වීමට යන බව ඔබ දන්නවා.හැකි උපරිමයෙන් පරමාත්ම පියාව සිහි කර චපාති කැබැල්ල සතුටින් කා සිටින්න.මේ කාලයේ දුප්පත් වීම හොඳයි.තන්හාධික වන්න එපා.සතුටින් සුවෙන් චපාති රොටියක් කා සිටින්න.මේ දිනවල ධාන්‍ය වර්ග පවා අඩුයි.ටික කාලයක් යන විට සීනිවත් හොයා ගැනීමට නැති වේවි.පරමාත්ම දෙවියන්ගේ සේවය කරනා නිසා ආණ්ඩුවෙන් ඔබට සෑම දෙයක්ම ලැබෙනවා කියා දෙයක් සිදු වන්නේ නැහැ.ඔවුන් කිසිම දෙයක් දෙන්නේ නැහැ.ඔව්ඔය දරුවන්ටකියා තිබෙනවා.අපි සෑම කෙනෙක්ම අපගේ දෙමාපිය නිවසට යාමට සිටිනා බව රාජ්‍ය නිලධාරීන්ට කියා දෙන්න කියලා.බාබා දරුවන්ට තෝලි යවනවා.මෙහි ඔවුන් නැහැ.අපි ලඟ මුකුත් නැහැයි කියා ඔවුන් කෙළින්ම කියනවා මහා ධනවතෙක් පිඬුසිඟා යන සිවුරුධාරියෙකුට සුළුවෙන් යමක් දෙන්නාක් සේ කුමන හෝ අසරණ අවස්ථාවක සිටිනා කෙනෙකුට පමණක් ඔවුන් යමක් දේවි.දුප්පතුන් දෙන්නේ ටිකයි.සීනි ආදිය මෙහිදී ගත හැකියි.නමුත් ඔය දරුවන්ගේ යෝගාව අඩුවේගෙන යනවා.ඔබලා පරමාත්ම පියාව සිහි කරමින් ඉගෙන නොගන්නා නිසා ශාරීරික අවධානය නිසා කිසිවක් කර කියා ගන්නේ නැහැ.යෝගාවෙන් තරම් යමක් කර ගැනීමට මෙම කාර්යය සඳහා දැනුමට හැකි වන්නේ නැහැ.ඉතාමත් සුළු යෝගාවක් පමණයි ඉතිරි වී තිබෙන්නේ.මායා ඔබට සිහි කිරීමට අමතක කරවනවා.බලවත් අයව ඇය ඉතාමත් තදින් අල්ලා ගන්නවා.ඉතාමත් හොඳ අංක එකේ දරුවන්ටත් නරක අපල ලබනවා.ඔවුන්ගේ නරක අපල වලට ප්‍රධානම හේතුව වන්නේ යෝගාවේ අඩුකමයි.ඒ නරක අපල නිසා ඇතැම් දරුවන් කාගේ හෝ නමේ රූපයේ පැටලෙන්න පටන් ගන්නවා.මෙම ගමනාන්තය ඉතාමත් ඉහළයි.තම ගමනාන්තය කරා ඔබට සැබැවින්ම යාමේ අවශ්‍යතාවය තිබෙනවා නම් ඔබ සිහි කිරීමේ නිරත විය යුතුයි.පරමාත්ම පියා කියනවා:ධ්‍යාන වලට වඩා ඥානය හොඳයි.නමුත් ඥානයටත් වඩා ස්මරණය හොඳයි.ඕනවට වඩා ධ්‍යානවලට යන විට මායා භූත ඔබ තුලට ඇතුළු වෙනවා.බොහෝ අය අනවශ්‍ය ලෙස ධ්‍යානගත වීම් වලට යනවා.නොයෙකුත් දේ ගැන කතා කරනවා.ඔවුන්ව විශ්වාස කරන්න බැහැ.ඥානය ලබන්නේ බාබා ගේ මුරලියෙනුයි.ධ්‍යානගත වීම් වලින් ඇති ඵලක් නැහැයි කියා පියා ඔබට නිතර නිතර කියනවා.එහි මායාගේ බලපෑම් නිතර නිතර පැමිණෙනවා.අහංකාරයකුත් ඇති වෙනවා.සෑම කෙනෙක්ම මෙම ඥානය ලබනවා.ඔබට මෙම දැනුම දෙන්නේ ශිව් බාබායි.මමාත් දැනුම ලැබුවේ මෙහිදීයි.එයටත් මන්මනාබව කියා කිව හැකියි.පරමාත්ම පියා සිහි කර දිව්‍යමය ගුණ ධර්ම උකහා ගන්න.තමන් දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගනිමින් සිටිනවාදැයි කියා පරීක්ෂා කර බලන්න.දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගත යුත්තේ මෙහිදියි.එක් මොහොතක ඉතාමත් උද්යෝගයෙන් සියල්ල හොඳින් කරමින් ඉහලම තත්ත්වයක සිටිනා කෙනෙකුට ඊලඟ මෙහොතේ යකා ඇවිස්සී කෙන්තියෙන් කෑ ගසා සියල්ල අවසන් කර ගන්නා දේවල් ඔබ දැක ඇති.පසුව තමන් වැරැද්දක් කළ බව තේරුම් ගත් විට ඔහු තමාව නිවැරදි කරගන්නවා.ඔබෙන් ඇතැම් අය ඔර්ලෝසු කටුවක් වගේයි එවන් දරුවන් රැසක් බාබාට සිටිනවා.එක් මොහොතකදී ඔවුන් හරිම හොඳින් මිහිරිව සිටිනවා.බාබා පවා එවන් දරුවන් වෙනුවෙන් කැප වීමට සූදානම්.නමුත් තවත් පැයක් දෙකක් යන විට ඔවුන් කුමන හෝ හේතුවක් නිසා කණස්සල්ලට පත්වෙනවා.කේන්තියක් පැමිණි විට ඒ වන තෙක් උපයා ගත් සියල්ලම විනාශ වී යනවා.එක් මොහොතකදී ආදායමක් උපයා ගන්නා අතර ඊලඟ මොහොතේදී පාඩු විඳිනවා.සියල්ල රඳා පවතින්නේ සිහි කිරීම මතයි.දැනුම ඉතාමත් පහසුයි කුඩා දරුවෙකුට පවා එය පැහැදිලි කර කියා දිය හැකියි.කෙසේවෙතත්,ඔවුන් නිවැරදිව මා අවබෝධ කර ගත යුතුයි.මම කවුද මම මොනවාද කරන්නේ?තම තමන් ජීව ලෙස සලකා මා සිහි කිරීම කුඩා දරුවන්ට කරන්න බැහැ.කෙනෙක් මිය යාමට සිටිනා විට දෙවියන්වසිහිකරන්නැයි කියා කියනවා.නමුත් ඔහු හරිහැටි දෙවියන්ව හඳුනන්නේ නැති නිසා හරියට ඔහුව සිහි කළ නොහැකි වේවි.දැන්ම කිසිම කෙනෙකුට නිවහනබලා යන්නත් බැහැ.කිසිම කෙනෙකුගේ පාප දුරු කර ගන්නත් බැහැ.ආරම්භයේ පටන් සෘෂිවරයින් මුනිවරයින් තමන් නිර්මාණය ගැනවත් නිර්මාණකරු ගැනවත් දන්නේ නැහැයි කියා තමයි කිය කියා සිටියේ.මුලදීඔවුන් අවම තරමින් සතෝගුණී වී සිටියා.දැනට තිබෙනා ඔවුන්ගේ තමෝප්‍රධාන් බුද්ධියට මේවා තේරුම් යන්නේ කෙසේද?පරමාත්ම පියා කියනවා:ලක්ෂ්මි නාරායන්වත් මා ගැන දන්නේ නැහැ.රජ රැජිණ දන්නේ නැතිනම් පුරවැසියන් දැන ගන්නේ කෙසේද?කිසිම කෙනෙක් මාව දන්නේ නැහැ දැනට මං ගැන දන්නේ ඔය දරුවන් පමණයි.ඔබ අතරිනුත් ඇතැම් අය හරියටම මාව හඳුනා ගෙන සිටිනවා.අනිත් අය:බාබා මට ඔබව නිතර නිතරම අමතක වෙනවා.පරමාත්ම පියා කියනවා:ඔබ කොහේ ගියත් නිකම් ඉන්නා අතර පරමාත්ම පියාව සිහි කරන්න.මෙයින් ඔබ උපයන ආදායම ඉතාමත් ඉහළයි.උපත්21කටම ඔබ ලෙඩ රෝග වලින් නිදහස් වෙනවා.එවන් පියෙක්ව සිහි කිරිමට ඔබ අභ්‍යන්තර ගත විය යුතුයි.කෙසේවෙතත්.මායා ඔබට ඔහුව නිතර නිතරම අමතක කරවා කුණාටු ගෙන එනවා.මෙහිදී ඔබලා අභ්‍යන්තර ගත වී ඥාන සාගරය කැලඹිය යුතුයි.දැනුමේ සාගරය ඔබ විසින් කැළඹිය යුත්තේ දැනුයි.සියල්ලන්ටම වඩා උසස්ම උසස් අය බවට පත් වන්නේ මෙම සංගම් යුගයේ දීය එකම පවුලක සැමියා තමන් සංගම් යුගයට අයිති කෙනෙක් කියා කියනා අතර ඔහුගේ බිරිඳත් දරුවනුත් තමන් අයිති කලි යුගයටයි කියා කියනා පවුල් ඔබ දැක ඇති.එහි විශාල වෙනසක් තිබෙනවා.පරමාත්ම පියා විසින් උගන්වන දේවල් ඉතාමත් සියුම් මෙන්ම ඉතාමත් පැහැදිලි කරුණුයි.තම පවුලේ අයත් සමඟ නිවසේම ජීවත් වුණත් තමන්මලක් බවට පත් වීමට යනවාය යන කරුණඔබ සිහියේ තබා ගෙන සිටිය යුතුයි.මෙය අත්දැකීමේ කරුණක් මෙයප්‍රායෝගික උත්සාහයක් බවට පත් කල යුතුයි.එකම ගෙදරක එක් අයෙක් හංසයෙක් වන අතර අනිත් කෙනා පාත්තයෙක් වී සිටීවි.ඇතැම් විවාහක ජෝඩු ඉතාමත් ඉහළයි.ඔවුන්ට කවදාවත් පාපකාරී සිතිවිලි පහළ වන්නේ නැහැ.එකටම ජීවත් වුනත් ඔවුන් පාරිශුද්ධව සිටිනවා.තමන් කොපමණ ධෛර්යවන්ත ද කියා ඉන් ඔවුන් පෙන්වනවා.එමනිසා,ඔවුන් ඉහල තත්ත්වයක් දිනා ගනීවි.එවන් දරුවන් රාශියක් සිටිනවා.ඇතැම් අය පාපය සඳහාම අනිත් අයට ගුටි බැට දෙමින් රණ්ඩු සරුවල් වෙනවා.අපිරිසිදු වීමේ සිතිවිලි මාත්‍රයක්වත් නොඑන තරමට ඔබගේ අභ්‍යන්තර තත්ත්වය ඉතාමත්ඉහළ තත්ත්වයක් විය යුතුයි.පරමාත්ම පියා සෑම සිදුවීමකටම ඔබට උපදෙස් දෙනවා ශ්‍රී ශ්‍රී ගේ උපදෙස් අනුගමනය කර තමන්ට ශ්‍රී ලක්ෂ්මි හෝ ශ්‍රී නාරායන් විය හැකි බව ඔබ දන්නවා.ශ්‍රී යනු උසස් යන්නයි.ස්වර්ණමය යුගයේදී ඔබ අංක එකේ ඉහළ තත්ත්වයෙන් සිටියා.රිදී යුගයේදී කලා අංශක දෙකක් අඩු වෙනවා.මෙම දැනුම ඔය දරුවන් ලබන්නේ දැන් මේ කාලයේදීයි.මෙම දේව කණ්ඩායමේ නීතිය තමයි මෙම ඥාන මිණිමුතු ඉහළින්ම අගය කරනා සහ කිසිම විටෙක ඇනුම් නොහරින අය පමණයි ඉදිරියේ අසුන් ගත යුත්තේ.ඇතැම් දරුවන් පියා ඉදිරියේම අසුන් ගෙන පසුව ඈනුම් අරිමින් කිරා වැටි වැටී සිටිනවා.ඒ වගේ අය ගිහින් පිටිපස්සේ අසුන් ගත යුතුයි.මෙය පරමාත්ම දෙවියන්ගේ දරුවන්ගේ දේව හමුවයි.ඒ වුනත්ඇතැම් ගුරුවරුන් එවන් අයව මෙහි ගෙන එනවා.ඔබ පරමාත්ම පියාගෙන්ධනය ලබනවා.සෑම වචනයක්ම රුපියල්සියදහස්ගණනක් වටිනවා.ඔබට මම දැනුම දෙන්නේ මෙම සංගම් යුගයේ පමණක් බව ඔබලා දන්නවා.ඔබ කියනවා:බාබා අපි නැවතත් වතාවක් අපගේ අසීමිත උරුමය දිනා ගැනීමට පැමිණසිටිමු.ඔය මිහිරි දරුවන්ට බාබා නැවත නැවතත් කියන්නේ:මෙම ලෝකය අපිරිසිදුයි.ඒ කෙරෙහි ඔබ තුල අසීමිත නිරාශාවක් ඇති විය යුතුයි.පරමාත්ම පියා කියනවා:අද ඔබ ලෝකයේ දකිනා දේ හෙට තිබෙනා එකක් නැහැ.දේවාල කියා දෙයක් ගැන සඳහනක්වත් තිබෙනා එකක් නැහැ.දිව්‍ය ලෝකයේ දී පෞරාණික දේවල් වන්දනා කරන්න කියා කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වන එකක් නැහැ.මෙහි පැරණි දේවලට විශාල වටිනාකමක් දී තිබෙනවා.ඇත්තටම කියනවා නම් පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිමදෙයකකිසිම වටිනාකමක් නැහැ.පරමාත්ම පියාකියනවා:මම පැමිණියේ නැතිනම් ඔබ කොහොමද රාජ්‍යය දිනා ගන්නේ?මේ ගැන දන්නා අය පැමිණ පරමාත්ම පියාගෙන් තම උරුමයදිනාගනීවි.මෙන්න මේ නිසා තමයි සිය දහසක් අතරින් අතලොස්සක් පමණක් සිහි කෙරෙන්නේ.ඒ ගැන කිසිම ගැටළුවක් ඇති නොවිය යුතුයි.භෝග් පිළිගැන්වීමේ සිරිත අපටත් තිබෙනවා.දැනුම හෝ සිහි කිරීමට එහි සම්බන්ධතාවයක් නැහැ.වෙන කිසිම දෙයක් සමඟ ඔබ කිසිම සබඳතාවයක් නැහැ ඇත්තේ කරුණු දෙකයි:ඇල්ෆා හා බීටා රාජ්‍යය ඇල්ෆා කියා හඳුන්වන්නේ පරමාත්ම දෙවියනුයි.මිනිස්සු ඔහුව සිහි කිරීමට තම ඇඟිල්ල ඉහළට ඔසවනවා.ඒ පෙන්වන්නේ ජීවාත්මයයි.පරමාත්ම පියා කියනවා:ඔබභක්ති මාර්ගයේ දී මා සිහි කරනවා.ඔබ සෑම කෙනෙක්ම මගේ ආදරවන්තියන්ය.බාබා සෑම කල්පයකදීම පැමින සියළුම මිනිසුන්ව ඔවුන්ගේ දුකින් මුදවා ගෙන සාමය හා සතුට ඔවුනට දානය කරනා බවඔබලා දන්නවා.මෙන්න මේ නිසා තමයි බාබා මෙවන් පුවරුවක් සවි කරන්න කියා කියන්නේ:අසීමිත පරමාත්ම පියා ලෝකය පුරා සාමය ස්ථාපනය කරන්නේ කෙසේදැයි කියා පැමින අවබෝධකර ගන්න.එක් තත්පරයකින් උපත්21කට ලෝක පාලකවරයෙක් වෙන්නේ කෙසේදැයි කියා දැන ගැනීමට අවශ්‍ය නම් මෙහි පැමිණ එය අවබෝධ කර ගන්න.ඔබගේ නිවස ඉදිරියේ මෙවන්පුවරුවක් සවි කරන්න.වර්ග අඩි තුනක බිම් කැබැල්ලක විශ්ව විද්‍යාලයකුත් රෝහලකුත් ඉඳිකල හැකියි.බාබාව සිහි කිරිමෙන්ඔබ උපත්21කට ලෙඩ රෝග වලින් නිදහස් වී දිව්‍ය ලෝක ස්වාධිපත්‍යයත්ඉන් ලබනවා.තමන් දෙව්ලොව පාලකයින් කියා පුරවැසියන් පවා කියනවා.අද ලෝකයේ සිටිනා මිනිසුන් අපාය වාසීන් වී සිටිනා නිසා ඔවුන් සිටින්නේ ලැජ්ජාවෙන් ඔවුන්ම කියනවා:අපේ පියා ස්වර්ගස්ත වෙලා ඉතින් ඒ නිසා අපි සිටින්නේ අපායේයි.අපිත් මිය ගිය පසු ස්වර්ගයට යමු.මෙය එතරම් පහසු කරුණක්.කිසියම් යහපත් කාර්යයකින් ජය ගත් කෙනෙක් ගැන කියනා විට ඒ පුද්ගලයා සුවිශේෂී කෙනෙක් මහා දානපතියෙක්.දැන් එයා ස්වර්ගස්ත වෙලා කියා කියනවා.කෙසේවෙතත් කිසිම කෙනෙකුට දැන්ම එහි යන්න බැහැ.නාටකය අවසන් වුණු විට සෑම කෙනෙක්ම පැමිණ වේදිකාවේ සිට ගන්නවා.මෙම යුද්ධය අවසන් වන්නේ සියළුම නළුවන් මෙහි පැමිණි විට පමණයි ඉන් පසුව සෑම කෙනෙක්ම ආපසු නිවස බලා යනවා.ශිව මෞලි මංගල්‍යය කියා කියනවා.සෑම ජීවාත්මයක්ම ශිව් බාබා සමඟ ආපසු යන්න යාවි.ප්‍රධානම දෙය නම් ඔබගේ උපත්84දැන් අවසන් වෙමින් පවතී.ගැරඬියෙක් තම පැරණි සම ඉවත් කර අළුත් සමකට ඇතුළු වන්නාක් සේ මෙම සපත්තුව දැන් ඉවත් කරලිය යුතුයි.ස්වර්ණමය යුගයේ දී ඔබට අළුත් සමක්(ශරීරය)ලැබේවි.ශ්‍රී ක්‍රිෂ්ණා ඉතාමත් ලස්සනයි.ඔහු හරිම ආකර්ෂණීයයි.පළමු ගණයේ ශරීරයක් ඔහුට තිබෙනවා අප සෑම කෙනෙකුටමත් එවන් ශරීර ලැබේවි.මම නාරායන් වෙනවා කියා ඔබ කියාවි.මෙම සම දිරාපත් වී කිලිටි වෙලා.මම මෙය අතහැර නව ලෝකයට යන්නම්.සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් තමන් නාරායන් ‍වෙනවා කියා ඔබ කියනවා නම් එය සිහිපත් කර ඇයි සතුටින් ඉන්නේ නැත්තේ?සත්‍ය නාරායනගේ මෙම සත්‍ය කථාව හොඳින් තේරුම් ගන්න.ඔබ කියනා දෙයක් කර පෙන්වන්න.ඔබ කරනා දෙය කියනා දෙය හා සම විය යුතුයි.ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය කර ගෙන යන්න:අනිත් වැඩපළ කරද්දී හදවතට පරම පියාගේ සිහියේ සිටීමට ඉඩ හරින්න.වැඩි වැඩියෙන් ඥානය ධාරණය කර ගත් තරමට ඔබ එයට වැඩි වටිනාකමක් දෙනු ඇත.මෙම දැනුම ධාරණය කර ගැනීමෙන් ඔබ ඉතාමත් ධනවත් අය බවට පත් වේවි.මෙය ආධ්‍යත්මික ඥානයයි.ඔබලා ජීවාත්ම සන්තාවනුයි.ශරීරයෙන් කතා කරන්නේ ජීවාත්මයයි.දැනුම දෙන්නේ ජීවයයි.දැනුම ධාරණය කර ගන්නේ ජීවයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි ලෝකයේ පැරණි දේ දැකීමට සිදු වුණත් ඒ දෙසනොබලන්න.සාමාන්‍යමනුෂ්‍යයෙකුගෙන්නාරායන කෙනෙක් වීම සඳහා ඔබ කරනා දෙය කියනා දෙය හා සම කර ගන්න.

2. මෙම අවිනාශි ඥාන මිණිමුතු අගය කරන්න.ඔබ උපයනා ආදායම ඉතාමත් ඉහළ ආදායමකි.කිසිම විටෙක ඈනුම්අරින්නවත් නිදි කිරා වැටෙන්නවත් එපා.තවත් කෙනෙකුගේ නම හෝ රූපයට ආකර්ෂණය වීමේ නරක අපලයෙන් බේරී සිටීමට නම් සිහි කිරීමේ නිරතව සිටීමට උත්සාහ දරන්න.

වරදානය:
ඔබ පියාගේ ආරක්ෂක වියන යට හිඳිමින්, සියුම් තත්ත්වයන් මධ්‍යයේ වුවද, නෙළුම් මලක් මෙන් ළබැඳි හා නොබැඳි බවට පත් වේවා.

සංගම් යුගයේ දී, පරමාත්ම පියා සේවකයා ලෙස පැමිණෙන විට, ඔහු ඔබ සියලු දරුවන්ට නිරන්තරයෙන් ආරක්ෂක වියනකින් සේවය කරයි. ඔබ ඔහුව සිහිපත් කළ වහාම, ඔබ තත්පරයකින් ඔහුගේ ඇසුර අත්විඳියි. මෙම සිහි කිරීමේ ආරක්ෂක වියන ඔබව සියුම් තත්ත්වයන් මධ්‍යයේ නෙළුම් මලක් මෙන් ළබැඳි හා නොබැඳි බවට පත් කරවයි. ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු නැත. පරමාත්ම පියා ඔබ ඉදිරියට ගෙන ඒමෙන් සහ ඔබේ මුල් අවධියේ ස්ථාවර වීමෙන්, ඕනෑම ආකාරයක තත්ත්වයක් පරිවර්ථනය වනවා ඇත.

පාඨය:
ඔබ අතරට වචන තිරයකට ඒමට ඉඩ නොදෙන්න, එවිට ඔබට පියාගේ ඇසුර දිගටම අත්විඳිය හැකිය.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

ඕනෑම බාධකයකින් නිදහස් විමට ඇති මාර්ගය වන්නේ ඔබගේ ස්වරූපය ගැන අවධානය තිබීමයි, එනම්, තත්පරයකදි ඔබගේ ආලෝකමත් ජීව අවධාන ස්වරූපය තිබීම සහ ක්‍රියා සිදු කරන විට, උපකරණයක් වීමේ අවධානය ඇති කරගන්න. මෙම ආලෝකමත් සහ සැහැල්ලු ස්වරූපයේ ස්ථාවර වන්න, එවිට ඔබ තත්පරයකදි උස පැනීමක් ගනීවි. එවිට කිසිම බාධාවක් ඔබගේ ඉදිරි ගමනට බාධාවක් නොවෙයි.