03.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම නාටකයේ මුල, මැද හා අග පිළිබඳව ඔබලා දන්නවා. ඔබ සෑම කෙනෙක්ටම පරමාත්ම
පියාගෙන් ඥානයේ තෙවෙනි ඇස ලැබී තිබෙනවා. මෙන්න මේ නිසා තමයි ඔබලා දේවවාදීත් වන්නේ.
ප්‍රශ්නය:
පරමාත්ම
පියාගේ කුමන නාමය ද ආගම් ස්ථාපනය කළ අයට දිය නොහැක්කේ?
පිළිතුර:
පරමාත්ම පියා සත්ගුරුයි. කිසිම ආගමක් ස්ථාපනය කළ කිසිම කෙනෙකුට ගුරුයි කියා කියන්න
බැහැ. මන්ද ගුරු කෙනෙක් කියන්නේ ඔබව දුකින් මුදවාගෙන සතුට වෙතට ගෙන යන කෙනෙකුටයි. ඒ
ඒ ආගම් වලට අයත් ජීවාත්ම ඒවා ස්ථාපනය කළ අයත් සමඟ පහළට පැමිණෙනවා. ආගම් ස්ථාපනය කළ
අය කිසිම කෙනෙකුව ආපසු ගෙන යන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණි විට, ඔහු සෑම
ජීවාත්මයක්වම ආපසු නිවහන බලා ගෙන යනවා. එමනිසා, ඔහු සෑම කෙනෙකුගේම සත්ගුරුයි.
ගීතය:
මෙම පාපකාරි
ලෝකයෙන් අපව ඉවතට ගෙන නිදහස් නිවහල් තැනකට ගෙන යනු මැනවි.
ඕම් ශාන්ති.
ඔය ආදරණීය,
ආධ්‍යාත්මික දරුවන් ගීතයේ පද වැලකට ඇහුම් කන් දුන්නා. මේ පව්කාර ලෝකයයි. මෙය
පාපකාරී ජීවාත්මයන්ගේ ලෝකයක් බව ඔය දරුවන් දන්නවා. "පව" යන වචනය ඉතාමත් නරක වචනයක්
වුවත් මෙම ලෝකය සැබවින්ම පාපකාරී ජීවාත්මයන්ගේ ලෝකයය යන්න මිනිසුන් තේරෙන්නේ නැහැ.
පින්වත් ජීවාත්මයන්ගේ ලෝකයකුත් අනිවාර්යෙන්ම තිබි ඇති. එය හඳුන්වන්නේ දෙව්ලොව
කියලයි. පාපකාරී ජීවයන්ගේ ලෝකය හඳුන්වන්නේ අපාය කියලයි. භාරතය පුරා දෙව්ලොව හා අපාය
ගැන නොයෙකුත් කතාන්දර තිබෙනවා. මිනිසෙක් මිය ගිය විට ඔහු ස්වර්ගස්ත වුණායි කියා
මිනිස්සු කියනවා. මෙයින් අදහස් වන්නේ ඔහු අපායවැසියෙක්ව සිටි බවයි. එමනිසා ඔහු
අපිරිසිඳු ලෝකයෙන් පිරිසිඳු ලෝකයට ගියා වෙනවා. කෙසේවෙතත්, මිනිස්සු කිසිම දෙයක්
දන්නේ නැහැ. ඔවුන් තමන්ගේ හිතට එන ඕනෑම දෙයක් කියනවා. නිවැරදි අර්ථය ඔවුන් තේරුම්
ගන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණ ඔය දරුවන්ට සහතිකයක් දෙනවා. ටිකක් ඉවසන්න. පව් බර
නිසා ඔබලා බර වැඩි වෙලා. දැන් ඔබලාව පින්වත් ජීව බවට පත් කරවා දෙව්ලොව කියා හඳුන්වන
ලෝකයට ගෙන යනවා. එහි කිසිම දුකක් හෝ පාපයක් නැහැ. ඔය දරුවන්ට ඉවසීම දී තිබෙනවා. අද
මෙහි සිටිනා ඔබලා හෙට ඔබගේ සාම දේශයට ගිහින් පසුව සතුටු දේශයට යනවා. අසනීපයෙන් සිටි
පුද්ගලයෙක් සුව වෙමින් සිටිනා විට වෛද්‍යවරුන් ඔහුට ඉක්මන් සුවය සහතික කරනවා. මෙහි
ඇත්තේ අසීමිත ඉවසීමකි. අසීමිත පියා කියන්නේ: ඔබලා ඉතාමත් දුකින් පිරි අපිරිසිඳු අය
බවට පත් වෙලා. මම දැන් ඔය දරුවන්ව දේවවාදීන් කරවනවා. ඔහු නිර්මාණයේ හැඳින්වීමත් ලබා
දෙනවා. ඍෂිවරුන් ආදී අය තමන් නිර්මාණකරු හෝ නිර්මාණය ගැන දන්නේ නැහැයි කියා කියනවා.
කවුද ඒවා දන්නේ? කාගෙන් කවදා ඒවා දැන ගත හැකිදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ.
නාටකයේ මුල, මැද හා අග ගැනවත් කවුරුවත් දන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා: මම සංගම
යුගයේ දී පැමිණ. නාටකයට අනුව පළමුව ඔය දරුවන්ව දේවවාදීන් කරවා පසුව ඔබලාට නිර්මාණයේ
මුල, මැද හා අග ගැන කියා දෙනවා. එනම් ඥානයේ තෙවෙනි ඇස ඔබට දෙනවා. ඔබලාව ඒකාලෝක කරවා
තිබෙනවා. කෙනෙකුගේ ඇස් පෙනීම දුබල වුණු විට ඔහු අන්ධ වෙනවා. මේ කාලයේ දී කිසිම
පුද්ගලයෙකුට ඥානයේ තෙවෙනි ඇස නැහැ. මිනිසුන් ලෙසින් ඔවුන් නිර්මාණයේ මුල, මැද හා අග
ගැන දන්නේ නැතිනම් එවන් අයට කියන්නේ බුද්ධියක් නොමැති අය කියායි. ගීතයේත් කියන්නේ:
අන්ධයින්, අන්ධයින්ගේ දරුවන් හා පෙනීම ඇත්තන්. මහා භාරත යුද්ධය පෙන්නුම් කර ආදී
සනාතන දේවි දේවතා ධර්මයේ ස්ථාපනය ගැන කියැවෙනවා. පරමාත්ම පියා පැමිණ ඔය ජීවාත්මයන්ට
රාජයෝගාව උගන්වන්නේ ස්වර්ණමය යුග ස්වාධිපත්‍යය ඔබට ලබා දීමටයි. ජීවාත්මයන් කියන්නේ:
"මම රජෙක්". "මම නීතිඥවරයෙක්". තමන් දැන් ලෝකය නිර්මාණය කළ පරමාත්ම පියාගෙන් ලෝක
ස්වාධිපත්‍යය දිනා ගනිමින් සිටිනවා කියා ඔබලා දන්නවා. ඔහු කුමක නිර්මාණකරුද? නව
ලෝකයේ. පරමාත්ම පියා නව ලෝකය නිර්මාණය කරයි. ඔහු නිර්මාණකරු වන අතර ඔහු තුළ මුලු
ඥාන සම්භාරයම තිබෙනවා. වෙන කිසිම කෙනෙක් මුලු ලෝකයේම ඉතිහාසය දන්නේ නැහැ. කිසිම
කෙනෙකුට ඥානයේ තෙවෙනි ඇස නැහැ. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට බැහැ ඔබට
තෙවෙනි ඇස දෙන්න. ලෝකයේ - අශාරීරික ලෝකය, සුක්ෂම ලෝකය. ශාරීරික ලෝකය - ඉතිහාසය හා
භූගෝලය ගැන ඔබ දන්නවා. අශාරීරික ලෝකය ජීවාත්මයන්ගේ ලෝකයයි. සන්නාසීන් තමන් බ්‍රහ්ම
ලෝකයේ. නැතිනම් ආලෝක ධාතුවේ ගිලෙනවායි කියා කියනවා. එසේ විය නොහැකියි. ඔබ ගිහින්
බ්‍රහ්ම ලෝකයේ නතර වන බව ඔබලා දන්නවා. ඒ ශාන්ත දේශය ඔබගේ නිවහනයි. බ්‍රහ්ම ධාතුව
පරමාත්ම දෙවියන් කියාත් ඔවුන් කියනවා. ලොකු වෙනසක් තිබෙනවා බ්‍රහ්ම ලෝකය ධාතුවක්.
අහස ධාතුවක් වන්නාක් සේ බ්‍රහ්ම ලෝකය ද ධාතුවක් වෙනවා. ජීවාත්ම වන අපත් පරමාත්ම
ජීවයත් වාසය කරනා ස්ථානය මිහිරි නිවහන යයි කියනවා: ඒ ජීවාත්මයන්ගේ නිවහනයි.
ජීවාත්මයන්ට මහා බ්‍රහ්ම ලෝකයේ ගිලිය නොහැකි බවත් ඒ ජීවාත්මයන් කෙදිනකවත් විනාශ කළ
නොහැකි බවත් ඔබලා දන්නවා. ඔය ජීවාත්මයන් අවිනාශීයි. මේ දෛවෝපගත නාටකයත් අවිනාශීයි.
මෙම නාටකයේ නළුවන් රැසක් සිටිනවා. සෑම නළුවෙක්ම පෙනී සිටිනා කාලය දැන් මේ ඇති සංගම
යුගයයි. නාට්‍යයක් අවසන් වන විට එහි තළු නිළියන් හා අධ්‍යක්ෂක සෑම කෙනෙක්ම වේදිකාවට
පැමිණෙනවා. මේ කාලයේ දී මෙම අසීමිත නාටකය අවසන් වෙමින් පවතිනා අතර එය නැවතත්
ක්‍රියාත්මක වෙනවා. සීමිත නාටකයක යම් යම් වෙනස්කම් තිබිය හැකියි. ඒ නාටකය පැරණි
වෙනවා. මෙය සදාතනික හා අවිනාශී නාටකයයි. පරමාත්ම පියා ඔබලාව ත්‍රිකාලදර්ශී හා
ත්‍රිනේත්‍රි කරවනවා. දේවතාවරු හෝ ශුද්‍ර වංශයට අයත් අය ත්‍රිකාලදර්ශී වන්නේ නැහැ.
බ්‍රාහ්මි කුළයට අයත් ඔබ පමණයි තිකාලදර්ශී වන්නේ. බ්‍රහමින්වරයෙක් වුණේ නැතිනම් ඔබට
ඥානයේ තෙවෙනි ඇස ලද නොහැකියි. වෘක්ෂයේ මුල, මැද හා අග ගැනත් සෑම ආගමක් ගැනමත් ඔබලා
දන්නවා. ඔබ ඥාන මාස්ටර්වරුන් වෙනවා. පරමාත්ම පියා තම දරුවන්වත් තමා හා සම තතත්වයට
පත් කරවනවා නේද? ඥාන සාගරය වන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. ඔහු සෑම ජීවාත්මයකම
පරමාත්ම පියායි. ඔහු සියලුම දරුවන්ව දේවවාදීන් හා ත්‍රිකාලදර්ශී කරවනවා. ශිව බාබා
දැන් පැමිණ සිටිනා බවත් ඔබලා ඔහුව සිහි කළ යුතු බවත් දැන් ඔය දරුවන් සෑම කෙනෙක්ටම
කිව යුතුයි.දේවවාදීන් වුණු අය පරමාත්ම පියාට ඉතාමත් ආදරෙයි. පියාත් ඔබට ආදරෙයි. ඔහු
ඔබට ඔබගේ දෙව්ලොව උරුමය උරුම කර දෙනවා. විනාශය සිදු වන මොහොතේදී අකාරුණික බුද්ධියක්
ඇති අය විනාශයට යොමු වන බවත් කාරුණික බුද්ධියක් ඇති අය ජය ලබන බවත් සඳහන් වී
තිබෙනවා. ගීතාවේ සඳහන් වී ඇති ඇතැම් කරුණු නිවැරදියි. ඉතාමත් උසස්ම උසස් ආගමික
ග්‍රන්ථය ගීතාවයි. එය ආදී සනාතන දේවි දේවතා ධර්මයේ ග්‍රන්ථයයි. ප්‍රධාන ආගමික
ග්‍රන්ථ හතරක් ඇති බව සඳහන් වී තිබෙනවා. පැමිණෙන අනිකුත් ආගම් කරන්නේ තම තමන්ගේ ආගම
ස්ථාපනය කිරීම පමණයි. අධිරාජ්‍යයක් ගැන එහිදී සඳහනක් නැහැ. ඔවුන්ට ගුරුන් කියා
කියන්නත් බැහැ. ගුරු කෙනෙක් විසින් කළ යුත්තේ සියලු දෙනාවම ආපසු ගෙන යාමයි.
ඒබ්‍රහම්. බුද්ධ හා ක්‍රිස්තු වැන්නන් පැමිණෙන විට ඔවුන්ගේ වංශයත් ඒ සමඟ පහළට
පැමිණෙනවා. ගුරු කෙනෙක් ඔබව දුකින් මුදවා ගෙන සතුටට ගෙන යන්නෙකුයි. ඒ අය පැමිණෙන්නේ
තම තමන්ගේ ආගම් ස්ථාපනය කිරීමට පමණයි. මෙහි බොහෝ අයට ගුරු කියනවා. කෙසේවෙතත්,
බ්‍රහ්ම. විශ්නු හා ශංකර්ටවත් ගුරු කියන්න බැහැ. සැමටම යහපත සලසන්නේ ශිව බාබාම
පමණයි. මිනිස්සු එකම එක රාමාට කන්නලව් කරනවා. ශිව බාබාට රාමා කියලත් කියනවා. භාෂා
ගණනාවක් ඇති අතර ඔහුට නම් රාශියක් දී තිබෙනවා. නමුත් ඔහුගේ සැබෑම නම "ශිව" යන්නයි.
ඔහුට සෝමනාථ කියාත් කියනවා. ඔහු ඔබට අමෘතය දුන්නා. ඒ, ඥාන ධනයයි. කෙසේවෙතත්, වතුර
පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔහුම පැමිණ ඔබව දැනුමින් හා ප්‍රමෝදයෙන් පුරවනවා. පරමාත්ම
පියා ඥාන සාගරයයි. ඔහු ඔය දරුවන්ව ඥාන ගංඟා බවට පත් කරවනවා. ඇත්තේ එකම එක සාගරයක්
වන අතර එම එක් සාගරයෙන් ගංඟා ගණනාවක් මතු වෙනවා. ඔබ දැත් සිටින්නේ සංගම යුගයේයි. මේ
මොහොත වන විට මුලු මහ පොළොවම රාවණගේ වාසස්ථානයක් වෙලා. ලංකාව පමණක් නොවෙයි රාවණට
අයිති. මුලු පොළෝ තලයම රාවණ රාජ්‍යය වෙලා. රාම රාජ්‍යයේ සිටින්නේ ඉතාමත් සුළු
පිරිසක්. මේ කාලයේ දී පමණයි මෙය ඔබගේ බුද්ධියට ඇතුලු වන්නේ. බාබා ආගම් තුනක්
ස්ථාපනය කරනා බව ඔහු කියා තිබෙනවා: බ්‍රාහ්මණ, දේවතා, ක්ෂත්‍රිය. අනිකුත් සියලුම
ආගමික ස්ථාපනකරුවත් වෙළඳ හා ශුද්‍ර කුළ වලට ඇතුලු වී තම තමන්ගේ ආගම් ස්ථාපනය කරනවා.
ඒ වගේම ඔහු ආගම් ගණනාවක විනාශයටත් සියල්ල මෙහෙයවනවා. භාරතයේ ත්‍රිමූර්ති පින්තුරයක්
සාදා තිබෙනවා. නමුත් එහි ශිව රූපය ඔවුන් ඉවත් කරලා. ශිව රූපය තිබෙනවා නම් පමණයි.
පරමාත්ම ශිව දෙවියන්, බ්‍රහ්මා මඟින් ස්ථාපනයත් විශ්නු මඟින් පැවැත්මත් කරනා බව
ඔප්පු වන්නේ. ඔහුව හඳුන්වන්නේ කරන්කරවන්හාර් කියලයි. ඔහුම අවශ්‍ය දේ කර ඔය
දරුවන්ටත් උගන්වනවා. කර්ම, විකර්ම හා අකර්ම නියාමය ගැනත් ඔහු ඔබට කියා දෙනවා. රාවණ
රාජ්‍යයේ දී ඔබ කරනා සෑම ක්‍රියාවක්ම පාපකාරී වෙනවා. ස්වර්ණමය යුගයේ දී කරනා සෑම
ක්‍රියාවක්ම අකර්මයි. මෙහි ඇත්තේ පාප ක්‍රියා පමණයි මන්ද මෙය රාවණ රාජ්‍යයයි.
ස්වර්ණමය යුගයේ දී පංච දුර්ගුණ ක්‍රියාකාරිත්වයක් නැහැ. සෑම කරුණක්ම අවබෝධ කර ගත
යුතුයි. එය එක් තපරයකින් පැහැදිලි කෙරෙනවා. අනිකුත් අය "ඕම්" යන්නෙහි අරුත මහා
ඉහළින් විස්තර කරනවා. පරමාත්ම පියා කියන්නේ: "ඕම්" යනු, මම ජීවාත්ම සත්තාවක් වන අතර
මේ මගේ ශරීරය යන්නයි. එය ඉතාමත් පහසුයි. ඔබ දැන් සතුටු දේශය බලා යන බව ඔබලා දන්නවා.
ක්‍රිෂ්ණා දේවාලයකටත් සතුටු දේශය යි කියනවා. ඒ ක්‍රිෂ්ණ දේශයයි. ක්‍රිෂ්ණ දේශයට
යාමට මව්වරුන් විශාල වෙහෙසක් දරණවා. ඔබ තව දුරටත් භක්ති වන්දනා කරන්නේ නැහැ. මන්ද
ඔබට ඥානය ලැබී තිබෙනවා. අන් කිසිම කෙනෙකුට මෙම ඥානය නැහැ. මම ඔබව පාරිශුද්ධ කරවා
ආපසු යනවා. ඉතින් ඉන් අනතුරුව ඔබව අපිරිසිඳු කරවන්නේ කවුද? කිසිම කෙනෙකුට මෙයට
පිළිතුරු දෙන්න බැහැ. ගැහැණු පිරිමි සියලු දෙනාම සීතාවන්ය. පරමාත්ම පියා සෑම
කෙනෙකුටම ගැලවීම දානය කරනවා. සෑම කෙනෙක්ම සිටින්නේ රාවණගේ සිර කුටියේයි. මෙය දුකින්
පිරි දේශයයි. පරමාත්ම පියා ඔබව සතුටු දේශයේ පාලකවරුන් කරවනවා. වසර 5000කට පසුව එවන්
පියෙක්ව දකින්නේ ඔබ පමණයි. ලක්ෂ්මි හා නාරායන ජීවාත්මයන්ට දැන් ඥානය තිබෙනවා. මම
මෙවන් දරුවෙක් (ක්‍රිෂ්ණා) බවට පත් වී පසුව ලොකු මහත් වී වයසට ගිය පසු ඒ ශරීරය
අතහැර දමා තවත් එකක් ගන්නවා. වෙන කිසිම කෙනෙක් ලඟ මෙම ඥානය නැහැ. පරමාත්ම පියා
කියනවා: ඔබ සෑම කෙනෙක්ම පාර්වතීලායි. ඔබව අමරණීය කරවා අමරණීය දේශයට ගෙන යාමට ශිව
බාබා ඔබට අමරණීයත්වයේ කතාන්දරය කියා දෙනවා. මේ මරණීය දේශයයි. ඔය සියලුම පාර්වතීන්
අමරනාථ දෙවියන්ගෙන් අමරණීයත්වයේ කතාන්දරය අසා ගන්නවා. ඔබ සැබවින්ම මේ තත්ත්වයට පත්
වෙනවා. පරමාත්ම පියාව සිහි කර ඔබලා අමරණීය වෙනවා. එය කිසිම දුකක් නැති දේශයයි.
ගැරඬියෙක් පැරණි සම ඉවත් කර අලුත් සමක් ගන්නවා සේ ඔබලාත් එහිදී ඉතාමත් පහසුවෙන්
තවත් ශරීරයකට ඇතුලු වෙනවා. ඒ සෑම උදාහරණයක්ම අදාල වන්නේ මේ කාලයටයි. ගුමු ගුමු නද
දෙන මි මැස්සන්ගේ කතාවත් අදාල වන්නේ මෙහාටයි. ඔය බ්‍රහමින්වරුන් කරන්නේ මොනවා ද?
විසකුරු කුරුමිණියන්ව ඔබලා දේවතාවරුන් කරවනවා. මෙය අදාල වන්නේ මිනිස්
ජීවාත්මයන්ටයි. ගුමු නද දෙන මී මැස්සන්ගේ කතාව උදාහරණයක් පමණයි. ඔය බ්‍රහමින්
දරුවන් දැන් පරමාත්ම පියාගෙත් අමරණීයත්වයේ කතාව අහගන්නවා. ඔබ මෙහි සිට මානව
ජීවාත්මයන්ට දේවතාවරුන්. දෙව්ලොව සුරඟනන්. කරවන මෙම ඥානයේ ගුමු නද දසත පතුරුවනවා.
මානස විලේ නෑවයි කියා ඕනෑම කෙනෙක් සුර දෙව්දුවක් වෙනවායි කියා දෙයක් සිදුවන්නේ
නැහැ. ඒ සියල්ල බොරුයි. ඔබ මෙපමණ කාලයක් පුරා ඇහුම් කන් දී ගෙන සිටියේ බොරුවලටයි.
දැන් පරමාත්ම පියා ඔබට කියන්නේ ඇත්තයි. පරමාත්ම පියා කියනවා: තමන් ජීවාත්ම සත්තාවක්
බව සලකන්න. පරමාත්ම පියා. පරමාත්ම ජීවය මෙම මුඛය මඟින් ඔබට ඥානය කියා දෙන අතර ඔබලා
කන් වලින් අසාගෙන සිටිනවා. ඔබ ජීවාත්ම අවධානයට පත් වුණු විට පරමාත්ම දෙවියන් තමන්
කවුද යන්න ඔබට අවබෝධ කර දෙනවා. වෙන කිසිම කෙනෙකුට ඔබව ජීව අවධානයට පත් කරවන්න බැහැ.
පරමාත්ම පියා හැර වෙන කිසිම කෙනෙකුට: ජීවාත්ම අවධානයට පත් වෙන්න කියා ඔබට කියන්න
බැහැ. මිනිස්සු ශිව ජයන්තිය සමරනවා. නමුත් ඔහුගේ ඉපදීම සිදු වන්නේ කෙසේදැයි කියා
කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියාම පැමිණ කියන්නේ: මම ඇතුළු වන්නේ සාමාන්‍ය
මහළු ශරීරයකටයි. නැතිනම් බ්‍රහ්මා වෙන කොහෙන් එන්න ද? අපිරිසිඳු ශරීරයක් අවශ්‍යයි.
සුක්ෂම කලාපයේ සිටිනා අව්යක්ත බ්‍රහ්මාට ඇතුලු වී ඔහු බ්‍රහමින්වරුන් නිර්මාණය
කරන්නේ නැහැ. ඔහු කියනවා: මම ඇතුලු වන්නේ අපිරිසිඳු ලෝකයේ අපිරිසිඳු ශරීරයකටයි
බ්‍රහ්මා මඟින් ස්ථාපනය සිදු වුණු පසු මෙම ඥානය ලද්දන් දේවතාවරුන් වන බව සඳහන් වී
තිබෙනවා. බ්‍රහ්මාගේ පින්තුරයක් දුටු විට මිනිස්සු කලබලයට පත් වෙනවා. එය දාදාගේ
ජායාරූපයක් කියා ඔවුන් කියනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ
මෙහියි. වෙන කොහොමද සුක්ෂම කලාපයේ මිනිස්සු හදන්න පුළුවන්? බ්‍රහ්ම කුමර කුමරියන්,
ප්‍රජාපිත බ්‍රහ්මාගේ දරුවන් දහස් ගණනක් සිටිනවා. මෙය බොරුවක් නොවෙයි. අපි ශිව
බාබාගෙන් අපගේ උරුමය දිනා ගන්නවා. ඒ අව්යක්ත බ්‍රහ්මා කියා ඔබට පැහැදිලි කර කියා දී
තිබෙනවා. ප්‍රජාපිතා සිටිය යුත්තේ භෞතික ලෝකයේයි. මේ අපිරිසිඳු කෙනා පසුව පාරිශුද්ධ
වෙනවා. ඔබටත් අදාල වන්නේ එයමයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ජීවාත්ම
සත්ථාමය අවධානයට පැමිණ ඔබගේ දෙසවනින් අමරණීයත්වයේ කතාන්දරයට සවන් දෙන්න. ඥානයේ ගුමු
ගුමු නද පතුරවමින් අන් අයවත් තමා හා සම කරවිමේ සේවයේ කාර්යබහුල වන්න.
2. පරමාත්ම පියා සේම
ඥානයෙන් පිරි හා ප්‍රමෝදයෙන් පිරි අයෙක් වන්න. ඥාන අමෘතය පානය කර අන් අයටත් පානය
කිරීමට දෙන්න.
වරදානය:
ඔබ මාස්ටර්
ලෝක නිර්මාපකයෙකු වී මායාගේ ඕනෑම බාධකයක් ක්‍රීඩාවක් මෙන් අත්විඳිත්වා.
කුඩා දරුවන් තම
වැඩිහිටියන් ඉදිරියේ තම ළමා කාලයේ නොසැලකිලිමත්කමෙන් යමක් පවසන විට හෝ ඔවුන් එවැනි
ක්‍රියාවන් කරන විට, වැඩිහිටියන් විශ්වාස කරන්නේ දරුවන් හුදෙක් නිර්දෝෂී, අහිංසක
කුඩා දරුවන් බවත්, එබැවින් ඔවුන්ට බලපෑමක් නොවන බවත්ය. එලෙසම, ඔබ මාස්ටර් ලෝක
නිර්මාණකරුවන් ලෙස සලකන්නේ නම්, මායාගේ ඕනෑම බාධකයක් ළමා ක්‍රීඩා හා සමාන වනු ඇත.
මායා ජීවාත්මයක් හරහා යම් ආකාරයකින් ඔබ ඉදිරියට පැමිණියද - ගැටලුවක් හෝ බාධාවක් ලෙස
හෝ පරීක්ෂණ පත්‍රිකාවක් ලෙස, ඔබ බිය නොවනු ඇත, මන්ද ඔබ එම ජීවාත්මය අහිංසක යැයි
සලකන බැවිනි.
පාඨය:
සෙනහස, බලය සහ
අධ්‍යාත්මික ආකර්ෂණයෙන් ඔබව පුරවා ගන්න, එවිට සෑම කෙනෙකුම ඔබ සමඟ සහයෝගයෙන් කටයුතු
කරනු ඇත.
අව්‍යක්ත සංඥාව: ගිණි
කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණය අත්දකින්න.
දැන්, “ජ්වාලාමුඛි”
(ගිණිකඳු) බවට පත් වී ඔබේ යක්ෂ සංස්කාර සහ ගති ස්වභාවය පුළුස්සා දමන්න.
දේවතාවරුන්ගේ ස්මාරක වල, ඔවුන් යක්ෂයන් විනාශ කරන ආකාරය පෙන්වා ඇත. යක්ෂයන්
මිනිසුන් නොවේ, නමුත් ඔවුන් (දේවතාවියන්) යක්ෂ බලවේග අවසන් කළා. මේ අවස්ථාවේදී ඔබගේ
ගිණිකඳු ස්වරූපයේ සිහිවටනය මෙයයි. දැන්, මේ කලි යුගයේ ලෝකය සම්පූර්ණයෙන්ම දැවී යන
තරමට යෝගා දැල්ලක් දල්වන්න.