03.08.25    Avyakt Bapdada      Sinhala Murli     28.03.2006    Om Shanti    Madhuban


මෙම දුක් ලෝකයෙන් ජීවාත්ම නිදහස් කරගැනීමට නම්, ඔබගේ මනසින් කරන සේවය වැඩි කරන්න; පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වන්න.


අද, සියලු සම්පත් වල අධිපති වන බාප්දාදා, සියලු සම්පත් වලින් පිරි සිටින සෑම තැනකම සිටින ඔහුගේ දරුවන්ව දකිනවා. බාප්දාදා, සෑම දරුවෙක්ව සියලු සම්පත් වල පාලකයෙක් බවට පත් කර ඇත. පිරිනමන්නා එක්කෙනෙක් වන අතර ඔහු සියලු දෙනාටම එකම ප්‍රමාණයෙන් ලබා දී ඇත. ඔහු සමහරුන්ට අඩුවෙන් සහ සමහරුන්ට වැඩියෙන් දී නැත. ඇයි? පරම පියා අනන්ත සම්පත් වල අධිපතිය. සම්පත් අසීමිතයි, මේ නිසයි සෑම දරුවෙක්ම මෙම අනන්ත සම්පත් වල පාලකයෙක් වන්නේ. බාප්දාදා සෑම දේකින්ම සියලු දෙනාටම එකම ප්‍රමාණයට ලබා දී තිබේ. කෙසේවෙතත්, ඒවා ධාරණය කරගෙන ඇති අය අතරින්, සමහරු සියලු සම්පත් ධාරණය කරගෙන ඇති අතර සමහරු ඔවුන්ගේ ධාරිතාවයට අනුව ඒවා ධාරණය කර තිබේ. සමහරු අංක එක වන අතර සමහරු අංක පිළිවෙලයි. ඔබ සෑම කෙනෙක්ම කෙතරම් සම්පත් ධාරණය කරගෙන තිබෙන්නේද, ඔබගේ මුහුණේ සහ දෑස් වල මෙහි කුල්මත් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙයි. මෙම සම්පත් වලින් පිරි සිටින ජීවාත්මයන්ට, ඒවාගෙන් පිරි ඇති බව ඔවුන්ගේ මුහුණින් සහ දෑස් වලින්ද දැකිය හැක. භෞතික සම්පත් ලබා ඇති ජීවාත්මයකගේ හැසිරීමෙන් සහ මුහුණෙන්, ඔහුට එම සම්පත් ලැබී ඇති බව කිව හැකි සේම, මෙම අවිනාශී සම්පත් වල කුල්මත් බව සහ සතුටද පැහැදිලිව දිස්වෙයි. පිරිපුන්ව සිටීමේ ආධ්‍යාත්මික කුල්මත් බව, ඔබව සැහැල්ලු අධිරාජයෙක් බවට පත් කරවයි. දේවමය කුල්මත් බව ඇති තැන, කිසිදු කණස්සල්ලක් තිබිය නොහැක; ඔබ සැහැල්ලු අධිරාජයන්, දුක නොමැති දේශයේ අධිරාජයන් වෙයි. එසේ නම් ඔබ සියලු දෙනාම දේවමය සම්පත් වලින් පිරිපුන් සැහැල්ලු අධිරාජයන් නේද? ඔබ දුක නොමැති දේශයේ අධිරාජයන්. ඔබට කිසි කණස්සල්ලක් තිබෙනවාද? ඔබට කිසි දුකක් තිබෙනවාද? කුමක් වෙයිද හෝ එය කෙසේ වෙයිද, කියා ඔබට කිසි කණස්සල්ලක් තිබෙනවාද? ඔබ ත්‍රිකාලදර්ශී මනෝ ස්ථිතියේ ස්ථාවරව රැදී සිටින අය වන අතර කුමක් සිදු වුනත් එය හොද වන බවත්, ඉදිරියේ සිදුවීමට තිබෙන දේ, ඊටත් වඩා හොද වන බවත් ඔබ දන්නවා. ඇයි? ඔබ සර්ව බලධාරි පරම පියාගේ සහකරුවන්; ඔබ නිරන්තරයෙන් ඔහු සමග රැදී සිටියි. බාප්දාදා ඔබගේ හදවතේ නිරන්තරයෙන් සිටින බවත් ඔබ නිරන්තරයෙන් පියාගේ හදවත් සිහසුනේ සිටින බවට, ඔය සෑම කෙනෙකුටම කුල්මත් බවක් සහ ආඩම්බරයක් තිබේ. ඉතිං, ඔබට එවන් කුල්මත් බවක් තිබෙනවා නේද? ඔබ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටිනවා. එබැවින් ඔබගේ සිතිවිලි වල නොවෙයි, ඔබගේ සිහිනෙන්වත්, දුකෙහි සුළුම රැල්ලක් හෝ සලකුණක් වත් තිබිය නොහැක. ඇයි? ඔබ සියලු සම්පත් වලින් පිරිපුන්, එමෙන්ම පිරී ඇති දෙයක් සෙලවෙන්නේ නැත.

එබැවින් සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ පරිසමාප්ත ස්ථිතිය දෙස බාප්දාදා බලමින් සිටියා. බාප්දාදා එක් එක්කෙනාගේ රැස් කිරීමේ ගිණුම පරීක්ෂා කළා. ඔබට අනන්ත සම්පත් ලැබී තිබේ, නමුත් ඒවා භාවිතා කිරීමෙන් පමණක් ඔබ ඒවා ප්‍රයෝජනයට ගත්තාද, නැත්නම් ඒවා භාවිතා කිරීමෙන් එම සම්පත් ඔබ වැඩි කරගත්තාද? එක් එක් කෙනාගේ ගිණුමේ කුමන ප්‍රතිශතයක් රැස්කර ගෙන තිබෙනවාද? මෙම සම්පත් තිබෙන්නේ මේ වත්මන් මොහොත වෙනුවෙන් පමණක් නොවෙයි; මෙම සම්පත් අනාගතයේද ඔබ රැගෙන යයි. ඔබ රැස්කර ඇති දේ පමණයි ඔබ සමග යන්නේ. එබැවින් බාප්දාදා ප්‍රතිශතය දෙස බලමින් සිටියා. ඔහු දුටුවේ කුමක්ද? සියලුම දරුවන් ඔවුන්ගේ යෝගාවට සහ ධාරිතාවයට අනුව සේවය කරමින් සිටිනවා, නමුත් ඔවුන්ගේ සේවයේ ඵලය එක්රැස් කිරීමේදි වෙනසක් නිර්මාණය වනවා. දරුවන් ටික දෙනෙකුගේ රැස් කිරීමේ ගිණුම් බාබා දුටුවා. ඔවුන් බොහෝ සේවය කරයි, නමුත් සේවයේ ඵලය එක්රැස් කිරීමේ ලක්ෂණය වන්නේ, සේවය කරන ජීවාත්ම, සිතිවිලි, වදන් සහ ක්‍රියා වලින් ලකුණු හිමි කර ගැනීමයි - තුනෙන්ම ලකුණු 100%. ඔවුන් සේවය සිදු කළා, නමුත් සේවය කරන වෙලාවේ හෝ සේවය කිරීමෙන් පසුව වුවද, ඔවුන්ගේ මනසින් ඔවුන් තමන් සමග තෘප්තිමත් නම්, තවද ඔවුන් සේවය ලබා දුන් ජීවාත්ම සහ සේවයේදි ඔවුන්ගේ සහකරුවන් වූ අය සහ එම සේවය කිරීම දුටු හෝ ඇසූ අය, ඔවුන්ද තෘප්තිමත් වුනේ නම්, ඔවුන් ඵලය රැස් කරගත් බව ඔබට වටහා ගත හැක. තමන් තුළ හෝ අන් අය තුළ තෘප්තිය නොමැති නම්, එවිට රැස්කරගත් ප්‍රතිශතය අඩුවෙයි.

සේවය කරන නිවැරදි අන්දම ගැන ඔබට දැනටමත් පවසා තිබේ. නිවැරදි අන්දමට තුනම නිසියාකාරව සිදු කර ඇත්නම්, ඔබ රැස් කර ගනි. ඔබට පවසා ඇත්තේ 1) උපකරණයක් වීමේ අවධානය 2) නිහතමානි හැගීම් 3) (අ) පිවිතුරු ස්වභාවයක් (ආ) පිවිතුරු වදන්. චේතනාව (අවධානය), හැගීම් සහ ස්වභාවය, වචන - එක කාරණාවක් හෝ අඩු නම්, ඔබට එකක් තිබෙන නමුත් අනෙක් දෙක නොමැති නම්, එසේ නැත්නම් ඔබට දෙකක් තිබෙන අතර තුන්වැන්න නොමැති නම්, එවිට එම දුර්වලතාවය ඔබ එක්රැස් කරගන්න ප්‍රතිශතය අඩු කරයි. එබැවින් විෂයයන් සතරින්ම ඔබව පරීක්ෂා කර බලන්න (උපකරණයක්, නිරහංකාරකම, පිවිතුරු ස්වභාවය සහ පිවිතුරු වදන්. විෂයයන් සතරින්ම මම මගේ ගිණුමේ රැස් කරගෙන තිබෙනවාද? ඇයි? බාබා පැවසූ කරුණු සතරින්, එම කාරණා සතර ගැන සමහර දරුවන් බොහෝ සේවා පුවත් ලියයි, නමුත්, එයට අනුව, ඔවුන්ගේ රැස් කිරීමේ ගිණුම අඩු බව බාප්දාදා දැක තිබෙනවා.

සෑම සම්පතක්ම පරීක්ෂා කර බලන්න. මෙම දැනුමේ සම්පත යනු: මා සෑම සිතිවිල්ලක් ඇති කළේ සහ සෑම ක්‍රියාවක්ම සිදු කළේ දැනුමින්-පිරිපුන්ව රැදි සිටින අතරද? එය සාමාන්‍ය වුනේ නැහැ නේද? යෝගාව යනු, සියලු බලයන්ගේ සම්පත් ගබඩාව පිරි ඇති බවයි. එබැවින් දිනපතා කාල සටහන පරීක්ෂා කරන්න: වෙලාවට අනුව අවශ්‍ය වුනු බලය, එයට නියෝග කළ විට තිබුණාද? මාස්ටර් සර්ව බලධාරියෙක් යනු, පාලකයෙකි. වෙලාව ගෙවී ගියාට පසුව, ඔබ දිගින් දිගටම එම බලය ගැන සිතමින් සිටීම නොවෙයි සිදුවිය යුත්තේ. එයට නියෝග කරන විට, බලයට මතු වීමට නොහැකි නම්, ඔබගේ නියෝගය යටතේ ඔබට බලයක් ක්‍රියා කරවිය නොහැකි නම්, බාධක වලින් නිදහස් රාජධානියට ඔබ අයිතියක් හිමි කරගන්නේ කෙසේද? ඔබ බලයන්ගේ සම්පත් කොපමණ රැස් කරගෙන තිබෙනවාද? නිවැරදි වෙලාවට ඔබට භාවිතා කිරීමට හැකි වූ ඕනෑම එකක්, රැස් වෙයි. ඔබ රැස් කරගෙන ඇත්තේ කුමක්ද කියා ඔබ නොකඩවා පරීක්ෂා කරනවාද? ඔය සියලුම දරුවන් කෙරෙහි බාප්දාදා තුළ ගැඹුරු සෙනෙහසක් තිබේ. බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙකුගේම රැස් කිරීමේ ගිණුම පිරි තිබෙනවා දැකීමටයි. ධාරණාවේද: ධාරණාවේ ලක්ෂණය වන්නේ, ඔබගේ සෑම ක්‍රියාවක්ම ගුණධර්ම වලින් පිරී තිබෙයි; ඕනෑම වෙලාවක, අවශ්‍ය වන ගුණධර්මය මතු වී, ඔබගේ මුහුණේ සහ හැසිරීමේ දිස් වෙයි. යම් ගුණධර්මයක අඩුවක් ඇත්නම්, නිදසුනක් ලෙස, යමක් කරන වෙලාවේ ඔබගේ වචන හෝ ක්‍රියාවල, පහසු බවේ, චාම් බවේ හෝ මිහිරි බවේ ගුණධර්මය අවශ්‍ය නම්, එවිට පහසු බව, සරල බව සහ මිහිරියාව වෙනුවට ඔබගේ වදන් වල සුළු හෝ බල කිරීමක් ඇත්නම්, හෝ වෙහෙස නිසා එම මිහිරි බව නොමැති නම්, වචන මිහිරි නොමැති නම්, ඔබගේ මුහුණ මිහිරි නැත්නම්, එමෙන්ම ඔබ ගාම්භීර නම් (serious), එවිට එය ගුණදම් වලින් පිරිපුන්ව සිටීම ලෙස හදුන්වන්නේ නැත. අවස්ථාව කෙබදු වුනත්, ඔබගේ ගුණධර්ම කුමක් වුනත්, එම ගුණදම් පමණක් මතු විය යුතුයි. බාබා දැන් ඔබට කියන්නේ කෙටියෙන්.

ඒ ආකාරයෙන්ම සේවයේදි: සේවාධාරීයෙක් සේවය කරන බවට හොදම සලකුණ වන්නේ ඔහු නිරතුරුවම සැහැල්ලුවෙන් සිටියි, ඔහු සැහැල්ලුවෙන් සහ සතුටින් බව පෙනෙයි. සේවයේ ඵලය, සතුටයි. සේවය කරන අතර ඔබගේ සතුට අතුරුදහන් වන්නේ නම්, එය ඔබගේ සේවා ගිණුමේ රැස් වන්නේ නැහැ. ඔබ සේවය සිදු කර, ඔබගේ කාලය ලබා දුන්නා, ඔබ උත්සාහ දැරුවා, එබැවින් සුළු ප්‍රතිශතයක් රැස් වෙයි; එය අපතේ නොයයි. කෙසේවෙතත්, ඔබ රැස්කළ යුතු ප්‍රතිශත ප්‍රමාණය නොතිබෙයි. ඒ අන්දමින්ම, නෑ සම්බන්ධතා අතින්, මෙහි සලකුණ වන්නේ ආශිර්වාද ලබා ගැනීමය. ඔබ සම්බන්ධතා හෝ නෑකම් පවත්වන ඕනෑම කෙනෙක්ගේ මනසින් ඔබ වෙනුවෙන් ආශිර්වාද මතු විය යුතුයි: “ඉතාම හොදයි!” පිටතින් නොවෙයි, නමුත් ඔවුන්ගේ හදවතින්. ඔවුන්ගේ හදවතින් ආශිර්වාද මතු විය යුතු අතර ඔබට ඔවුන්ගේ ආශිර්වාද ලැබී ඇත්නම්, එවිට ආශිර්වාද හිමි කරගැනීම, උත්සාහ දැරීමේ ඉතා පහසු මාර්ගයකි. දේශන නොපවත්වන්න. හොදයි, ඔබගේ මනසින් කරන සේවය එතරම් බලවත් නොමැති අතර නව සැලසුම් සාදන්නේ කෙසේද කියා ඔබ නොදනී. එයට කම් නැත. උත්සාහ දැරීමේ පහසුම ක්‍රමය වන්නේ ආශිර්වාද දීම සහ ආශිර්වාද ලැබීමයි. බොහෝ දරුවන්ගේ මනසේ සිතිවිලි බාබා කියවයි. කාලයට සහ ඔවුන්ගේ අවස්ථාවන්ට අනුව සමහර දරුවන් පවසන්නේ: “යම් නරක දෙයක් කරන කෙනෙකුට මා ආශිර්වාද දෙන්නේ කෙසේද?” එම පුද්ගලයා කෙරෙහි කෙනෙකුට කෝපයක් ඇති වෙයි, එබැවින් කෙනෙක් ආශිර්වාද දෙන්නේ කෙසේද? ඔව්, කෝපයටත් බොහෝ දරුවන් සිටියි. හොදයි, ඒ පුද්ගලයා යම් නරක දෙයක් කළ බැවින් ඔහු නරකයි, එමෙන්ම ඒ කෙනා නරක දෙයක් සිදු කළ බව, ඔබ නිවැරදිව වටහා ගත්තා. ඔබ හොද විනිශ්චයක් සිදුකළ අතර ඔබ ඔහුව හොදින් වටහාගත්තා. කෙසේවෙතත්, වටහා ගැනීම එක දෙයක් වන අතර අනෙක් කෙනා සිදුකළ කුමන හෝ නරක දේවල් සහ නරක අවස්ථාවන් ඔබගේ හදවත තුළට ගැනීම වෙනම දෙයකි. එය වටහා ගැනීම සහ එය ඔබ තුළට ගැනීම අතර වෙනසක් තිබේ. ඔබට නුවණ ඇත්නම් එවිට නුවණැති පුද්ගලයෙක් තමන් තුළ නරක දේවල් තබා ගනීද? ඒ පුද්ගලයා නරකයි, එමෙන්ම ඔබ එය ඔබගේ හදවත තුළ මුසු කරගත්තා, එනම්, ඔබ එම නරක දේ ඔබ තුළ තබා ගෙන එය රැක බලා ගත්තා. එය වටහාගැනීම එක දෙයක් වන අතර එය ඔබගේ ඇතුලාන්තයට ගැනීම වෙනම දෙයක්. නුවණ තිබීම හොදයි, එසේ වන්න, නමුත් ඔබ තුළට එය නොගන්න: “මේ කෙනා කොහොමත් ඒ වගෙයි.” එය, ඔබ තුළට එය ගැනීමයි. එම දැක්ම තබාගෙන අන් අය සමග සම්බන්ධතා පැවැත්වීම නුවණැති ක්‍රියාවක් නොවෙයි. එබැවින්, බාප්දාදා මෙය පරීක්ෂා කළා. දැන්, කාලය සමීපයට පැමිණෙන්නේ නැහැ, ඔබ එය සමීපයට ගෙන ආ යුතුයි. සමහරු අසන්නේ: “අපට පොඩි සංඥාවක් ලබා දෙන්න: එයට තව කොපමණ කාලයක් යයිද? වසර 10ක්? 20ක්? එයට කොපමණ කාලයක් ගත වෙයිද?”

එබැවින් බාප්දාදා ඔය දරුවන්ගෙන් ප්‍රශ්නයක් විමසනවා. ඔබ පියාගෙන් බොහෝ ප්‍රශ්න අසයි. එබැවින් අද පියා ඔබගෙන් ප්‍රශ්නයක් අසනවා. කාලය සමීපයට ගෙන එන අය කවුද? එය නාටකයේ තිබේ, නමුත් උපකරණ වන්නේ කවුද? ඔබට මෙවන් ගීතයක් තිබේ: “කෙනෙක් එය නතර කිරීමට තැත් කරයි නම්, උදෑසන පැමිණීම නතර කිරීමට කිසිවෙකුට හැකි වුණාද?” ඔබට මෙම ගීතය තිබෙනවා නේද? එසේ නම්, උදෑසන ගෙනෙන්නේ කවුද? විනාශය වෙනුවෙන් ක්‍රියා කරන අයට, විනාශය ගෙන ඒමට විශාල උද්යෝගයක් තිබේ, නමුත් පුනරුදය සිදු කරන අය ඒ තරමටම සූදානම්ද? පැරණි ලෝකය විනාශ වන නමුත් නව ලෝකය තවම සූදානම් නැත්නම්, කුමක් සිදු වෙයිද? මේ නිසයි බාප්දාදා, දැන් පියාගේ ස්වරූපය වෙනුවට ගුරුවරයාගේ ස්වරූපය ගෙන තිබෙන්නේ. ඔබට ගෙදරවැඩ දී තිබෙනවා නේද? ගෙදරවැඩ දෙන්නේ කවුද? ගුරුවරයෙක්. අවසානයේ, සත්ගුරූගේ චරිත කොටස තිබේ. එබැවින්, තමන්ගෙන් විමසන්න: ඔබ කෙතරම් දුරට ඔබගේ පරිසමාප්ත සහ අංගසම්පූර්ණ ස්ථිතිය නිර්මාණය කරගෙන තිබෙනාවද? ශබ්දය ඉක්මවා යාම සහ ශබ්දය වෙතට පැමිණීම යන මනෝ ස්ථිති දෙකේදීම ඔබ සමානද? ඔබට අවශ්‍ය ඕනෑම විටෙක, ශබ්දය වෙත පැමිණීම පහසු වන සේම, ඔබට අවශ්‍ය ඕනෑම විටෙක සහ ඕනෑම අන්දමකට ඔබට ශබ්දය ඉක්මවා යා හැකිද? ඔබට තත්පරයකදි ශබ්දය වෙත පැමිණිය හැක. එබැවින් ඔබට තත්පරයකදි ශබ්දය ඉක්මවා යාමේ පුහුණුව තිබෙනවාද? භෞතිකව ඔබගේ ශරීරයෙන් ඔබට අවශ්‍ය තැනකට, අවශ්‍ය වෙලාවක, ඔබට එන්න යන්න පුළුවන් නේද? ඒ අන්දමින්ම ඔබගේ මනස සහ බුද්ධියෙන් ඔබට අවශ්‍ය තැනකට, අවශ්‍ය විටෙක, එන්න යන්න පුළුවන්ද? අවසානයේ ඔවුන්ට අවශ්‍ය කුමක්ද, අවශ්‍ය අන්දමට, ඔවුන්ගේ නියෝග වලට අනුව තත්පරයකදි සිදු කිරීමෙන්, සාර්ථක වන අයට සමත් ලකුණු ලැබෙයි. විද්‍යාඥයින්ද මෙය කිරීමට තැත් කරමින් සිටිනවා: ඕනෑම දෙයක් පහසු විය යුතුයි එමෙන්ම එයට ඉතා කෙටි කාලයක් වැය විය යුතුයි. එබැවින්, ඔබගේ ස්ථිතිය මෙවැනිද? ඔබ විනාඩි හෝ තත්පර ස්ථිතියටද, ළගා වී තිබෙන්නේ? ඔබ ළගා වී ඇත්තේ කොතැනටද? ඔබ එහි ස්විචය දැමූ සැනින් තත්පරයකදි ප්‍රදීපාගාරයකට සහ බලාගාරයකට එහි ආලෝකය විහිදුවා හැරීමට හැකි සේම, ඔබට තත්පරයකදි ප්‍රදීපාගාරයක් වි, ඔබගේ ආලෝකය විහිදුවා හැරිය හැකිද? ඔබ යම් තැනක අසුන්ගෙන සිටින අතර ඔබගේ භෞතික ඇස් දෙකට දුර ඈත දැකිය හැකියි, නේද? ඔබට ඔබගේ ද්‍රිෂ්ඨිය ඈතට යොමු කළ හැකියි නේද? ඒ අන්දමින්ම, ඔබට යම් තැනක අසුන්ගෙන, ආශිර්වාද පිරිනමන්නෙක් සහ භාග්‍යය පිරිනමන්නෙක් වී, අන් අයව එක බැල්මකින් එපිට රැගෙන යාමට ඔබගේ තෙවැනි ඇස භාවිතා කළ හැකිද? ඔබ තමන්ව මේ සියලු දෙයින් පරීක්ෂාවට ලක් කරනවාද? ඔබගේ තෙවැනි ඇස ඒ තරමට පිරිසිදු සහ පැහැදිලිද? සුළු දුර්වලතාවයක් පවා ඇත්නම්, එමෙන්ම මින් පෙර සෑම දේකින්ම ඔබට එයට හේතුව පවසා තිබේ: “මම” සහ “මගේ” යන සීමිත බැදීම්. ඔබට “මම” පිළිබද අවධානය ගැන පැහැදිලිව පැවසූ අතර ඔබට එම ගෙදරවැඩ ද ලබා දුන්නා. ඔබ “මම” දෙකක් අවසන් කර, එක “මම” අවධානයක් තබා ගත යුතුයි. ඔබ සියලු දෙනා මෙම ගෙදරවැඩ කළාද? මෙම ගෙදරවැඩෙන් සාර්ථක වූ අය අත් ඔසවන්න. ඔබ සාර්ථක වුණාද? බාප්දාදා සියලු දෙනාව දුටුවා. එඩිතර වන්න. බිය නොවන්න. එය හොදයි. එවිට ඔබට සුබ පැතුම් ලැබෙයි. ඇත්තේ ඉතා ටික දෙනෙක් පමණයි. ඔබ එය සිදුකර ඇත්නම්, ඔබගේ අත් ඔසවන්න. රූපවාහිනියේ ඔවුන්ගේ අත් පෙන්වන්න. අත් ඔසවා ඇත්තේ ඔබගෙන් ඉතා ස්වල්ප දෙනෙකි. අප දැන් කළ යුත්තේ කුමක්ද? ඔබ හැමෝම ඔබ ගැනම ප්‍රීතිමත් වෙනවා.

අච්චා. අනෙක් ගෙදරවැඩය වුනේ, කෝපය අත්හැරීමටයි. එය පහසුයි, නේද? කෝපය අත්හලේ කවුද? මේ සියලු දිනවල කෝප නොවූයේ කවුද? (මෙහිදි බොහෝ දෙනෙක් අත් එසවූවා). මෙහිදී පෙරට වඩා ටික දෙනෙක් වැඩියි. කෝපයට පත් නොවූ අය - ඔබට සමීපව වාසය කරන අයගෙන් ඔබ ගැන විමසනු ලබනවා. බොහෝ දෙනෙක් සිටිනවා. ඔබ කෝප වුනේ නැහැ? ඔබගේ සිතිවිලි වලින්, ඔබගේ මනසින්, ඔබ කෝපයට පත් වූයේ නැහැ? හොදයි, කෙසේවුවද, සුබ පැතුම්! ඔබගේ මනසේ කෝපය තිබුණු නමුත් ඔබ වචන වලින් කෝපයට පත් වූයේ නැත්නම්, එවිට සුබ පැතුම්! ඉතා හොදයි.

එබැවින් ප්‍රතිඵලයට අනුව, තමන්ව පිරිපුන් කර, සියලු ජීවාත්මයන්ට විමුක්තියේ උරුමය ලබා දීමේ ස්ථාපනයේ කාර්යය, සම්පූර්ණද කියා ඔබටම දැක බලා ගත හැක. තමන්ව ජීවන-මුක්තියේ ප්‍රතිමූර්තියක් බවට පත් කර, සියලු ජීවාත්මයන්ට ඔවුන්ගේ විමුක්තියේ උරුමය හිමි කරගැනීමට මග පෑදීම - ස්ථාපන කාර්යය සිදු කරන ජීවාත්මයන්ගේ වඩාත්ම ශ්‍රේෂ්ඨ ක්‍රියාව මෙයයි. මේ නිසයි බාප්දාදා මෙසේ විමසන්නේ: ඔබ සංගම යුගයේ සියලු බන්දන වලින් නිදහස් වී, ජීවන-මුක්ති ස්ථිතියට ළගා වීමට යනවාද, එසේ නැත්නම් ඔබ එම ස්ථිතියට ළගා වීමට යන්නේ ස්වර්ණමය යුගයේද? ඔබ සංගම යුගයේදි පරිසමාප්ත වනවාද, නැත්නම් ඔබ එහිදී පවා රාජ යෝගාව හැදෑරීමට යනවාද? ඔබ පරිසමාප්ත විය යුත්තේ මෙහිදීය. ඔබ අංගසම්පූර්ණ විය යුත්තේ මෙහිදීය. ශ්‍රේෂ්ඨතම සම්පත, සංගම යුගී කාලයයි. එබැවින් එය නැවැත්වීමට තැත් කළ කෙනෙක් විසින් උදෑසන පැමිණීම, නතර කර තිබෙනවාද? කතා කරන්න!

ඉතිං, බාප්දාදාට අවශ්‍ය කුමක්ද? ඔය දරුවන් පියාගේ බලාපොරොත්තුවේ පහන්ය. එබැවින් ඔබගේ ගිණුම ඉතා හොදින් පරීක්ෂා කර බලන්න. බාබා ඇතැම් දරුවන්ව දුටුවා: ඔවුන් ඉන්නේ ඉතා සැප පහසුවෙන්, සැපයේ මාස්ටර්ලා (සැහැල්ලු - මෞජිරම්), තමන්ගේ සුව පහසුවෙන් ගමන් කරනවා. “කුමක් සිදු වුනත් හොදයි. හරි, අපි දැන් විනෝද වෙමු. ස්වර්ණමය යුගය දකින්නේ කවුද? එය දැන ගන්නේ කවුද?” රැස් කිරීමේ ගිණුමේ, එවන් සුව පහසුවේ මාස්ටර්වරු වන සමහර දරුවන්ව බාබා දුටුවා. “අපි විනෝද වෙමු.” ඔවුන් අන් අයටද මෙසේ කියයි: “ඔබට දැන් කිරීමට ඇත්තේ කුමක්ද? තමන්ව විනෝදමත් කරවන්න, එපමණයි. කාලා, බීලා, ප්‍රීති වෙන්න! විනෝද වන්න.” එබැවින් පරම පියාද පවසන්නේ: විනෝද වන්න. ඔබ සුළු ප්‍රමාණයකින් පමණක් සෑහීමට පත් වන අය නම්, එසේ නම් එපමණකින් පමණක් සතුටු වන්න. එම විනාශ වන සුළු පහසුකම් වල විනෝදය තාවකාලිකයි. ස්ථිර විනෝදය අතහැර, ඔබට තාවකාලික පහසුකම් වල විනෝදය අවශ්‍ය නම්, එවිට බාප්දාදාට කිව හැක්කේ කුමක්ද? ඔහු ඔබට සංඥාවක් ලබා දෙයි; ඔහු වෙන කුමක් කරන්නද? දියමන්ති ආකරයකට ගොස්, දියමන්ති දෙකකින් පමණක් සතුටට පත්වන කෙනෙකුට ඔබ පවසන්නේ කුමක්ද? එබැවින් එසේ නොවන්න. අතීන්ද්‍රීය සුඛයේ විනෝදමත් ඔංචිල්ලාවේ පැද්දෙන්න. අවිනාශී ලැබීම්වල සතුටු ඔංචිල්ලාවේ පැද්දෙන්න. නාටකය දෙස බලන්න. මායාගේ චරිත කොටස පවා අසහායයි. පෙර කල නොතිබූ පහසුකම් මෙකල මතු වී තිබේ. කෙසේවෙතත්, එම පහසුකම් කිසිවක් නොමැතිව ආධ්‍යාත්මික උත්සාහයේ යෙදී සේවය සිදු කළ අයගේ නිදසුන්ද ඔබ ඉදිරියේ තිබේ. එම පහසුකම් කිසිවක් එවිට තිබුණාද? ඒ තිබියදි සේවය කෙතරම් සිදු වුණාද? අඩු තරමින් ගුණාත්මක බව මතු විය. අඩු තරමින් ආදිතම මැණික් සූදානම් විය. එම පහසුකම් ආකර්ෂණීයයි. පහසුකම් භාවිතා කිරීම වැරදි බව නොකියන නමුත්, ඔබගේ ආධ්‍යාත්මික උත්සාහ අමතක කර දමා පහසුකම් සමග පමණක් නියැලී සිටීම, එය වැරදි බව බාප්දාදා පවසයි. පහසුකම්, ඔබගේ ජීවිතයේ පියාසර ස්ථිතියේ පදනම නොවෙයි. එහි පදනම ආධ්‍යාත්මික උත්සාහයයි. ආධ්‍යාත්මික උත්සාහ වෙනුවට ඔබ පහසුකම් ඔබගේ ජීවිතයේ ආධාරකය බවට පත් කරගතහොත් එහි ප්‍රතිඵලය කුමක් වෙයිද? ආධ්‍යාත්මික උත්සාහය අවිනාශීය, එබැවින් ප්‍රතිඵලය කුමක් වෙයිද?

බාප්දාදාට සේවා පුවත්, ලිපි සහ දරුවන්ගේ උත්සාහ සහ සෙනෙහස පිළිබද ලිපි සෑම තැනකින්ම ලැබී ඇත. උනන්දුව සහ උද්යෝගයෙන් පිරි දරුවන්ගේ පුවත් ඇසීමෙන් බාප්දාදා සතුටු වනවා: “අපි මේ දේ කරන්නම්, අහවල් දේ කරන්නම්.” දැන් ඔබට තිබෙන එඩිතරකම සහ උනන්දුව සහ උදයෝගයට නැවත නැවතත් අවධානය යොමු කර, එය ප්‍රායෝගික ස්වරූපයකට දමන්න. ඔබ සියලු දෙනාටම බාප්දාදාගේ හදවතින් දෙන ආශිර්වාද මේවාය.

ඔවුන්ගේ සිතිවිලි, වදන්, ක්‍රියා සහ නෑ සම්බන්ධතා තුළින් පිරිපුන් වීමට යන, සෑම තැනකම සිටින ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෑම විටම තමන් දෙස බලන ස්ව-දර්ශන චක්‍රධාරී දරුවන්ට, ඔවුන්ගේ අධිෂ්ඨානයෙන් මායා පරාජය කරන සහ පියාට තමන්ව හෙළිදරව් කරන අයට, පරම පියාව ලෝකයට හෙළිදරව් කරන සේවයට සුදුසු, දැනුමින් පිරිපුන් සහ සාර්ථක දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස සහ ස්මරණය. හදවතින් කෝටි-කෝටි ගුණයක ආශිර්වාද සහ නමස්තේ. නමස්තේ.

වරදානය:
ඔබට දිළාරාම්, හදවත සනසන්නාගේ සෙනහස ලැබ, අවංක සහ පිරිසිදු හදවතක් තිබීමේ පදනමින් අංක එක හිමි කරගනිත්වා.

හදවත සනසන්නා වන පියා තුළ සෙනෙහස තිබෙන්නේ, අවංක හදවත් ඇති දරුවන්ට පමණයි. කෙනෙක් ලෞකික අතින් අනුවණ වුවද, අවංක සහ පිරිසිදු හදවතක් ඇත්නම්, ඔහු අංක එක හිමි කරගනිවි. පරම පියා ඔබට කෙතරම් විශාල බුද්ධි ලබා දෙන්නේද යත්, එය තුළින් නිර්මාණකරුව හදුනාගැනීමෙන්, ඔබ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබදව දැනුම ගැන දැනුවත් වෙයි. එබැවින් අංක පදනම් වන්නේ සේවයේ පදනම මත නොවෙයි, පිරිසිදු සහ අවංක හදවත් තිබීම මතයි. අවංක හදවතකින් සිදු කරන සේවය, හදවත් මත බලපෑමක් ඇති කරයි. හොද මොළයක් ඇති අය නමක් උපයා ගන්න අතර හදවත් ඇති අය ආශිර්වාද උපයා ගනී.

පාඨය:
සියලු දෙනා කෙරෙහි පිවිතුරු සිතිවිලි සහ සුබ පැතුම් තිබීම, සැබෑ ලෙසටම ඉහළ නැංවීමයි.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.