03.08.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සැබෑ රාජඍෂිවරුන් සහ රාජයෝගීන් ඔබලාය, එබැවින් රාජධානියක් හිමි කරගැනීම සඳහා, ඔබ නියත වශයෙන්ම පිවිතුරු විය යුතුයි.

ප්‍රශ්නය:
රාජධානියක් සඳහා තමන්ව සුදුසු කරගැනීම සඳහා, ඔබ යොමු කළ යුතු අවධානය කුමක්ද?

පිළිතුර:
ඉගෙනුම කෙරෙහි ඔබ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ නම්, ඔබට රාජධානිය හිමි කරගත හැක. පියා පවසන දේට ප්‍රවේසමින් සවන් දී, එය හොඳින් ධාරණය කරගන්න. පියා ඔබට කතා කරන විට සහ ඔය දරුවන් එයට සවන් දෙන විට, ඔබට රාජධානිය හිමි වෙයි. ඔහුට සවන් දීමෙන් පසු, ඔබ ඈණුම් අරින්නේ නම්, හෝ නිදි කිරා වැටෙන්නේ නම්, හෝ ඔබගේ බුද්ධිය එහෙ මෙහෙ සැරිසරන්නේ නම්, ඔබට රාජධානිය අහිමි වෙයි. එබැවින් සම්පූර්ණ අවධානය යොමු කරන්න!

ගීතය:
විටෙක ඇද වැටෙන මෙම මාවතේ අප ගමන් කළ යුතුයි, එබැවින් අපි ප්‍රවේසම් විය යුතුයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. අද බාබා ඔය දරුවන්ට හත යෝගාව සහ රාජයෝගාව ගැන විස්තර කරනවා. පිටත මිනිසුන් කුමන යෝගාවක් ඉගැන්වූවත්, එය හත යෝගාව බව ඔය දරුවන් දන්නවා, මන්ද, ඔවුන් සන්යාසීන් වන අතර කර්මය අත්හළ අයයි. ඇත්ත වශයෙන්ම ගෘහවාසීන් හතයෝගාව හෝ කර්මය අත්හැරීම හැදෑරිය යුතු නැත. එය හුදකලා මාවත වන අතර එය වෙනම ආගමකි. ඔබගේ ආගම දේවතා ධර්මයයි. එම දේවතාවන් රාජධානිය හිමි කරගත්තේ, රාජයෝගාව ඉගෙන ගැනීමෙනි. ඔබ දැන් රාජ ඍෂිවරුන්ය. ඍෂිවරුන් යනු පාරිශුද්ධව රැඳී සිටින අයයි. ඔබ දැන් පාරිශුද්ධයි. ඔබ පිවිතුරුව රැඳී නොසිටින්නේ නම්, ඔබට ඍෂිවරුන් යැයි කිව නොහැක. ඔබ පිවිතුරු වන්නේ රාජධානියක් හිමි කර ගැනීම සඳහාය. ඒ මිනිසුන් රාජධානියක් හිමි කරගැනීමට පිවිතුරු වන්නේ නැත. පිවිතුරු ලෝකයේ, අපට පිවිතුරු රාජධානියක් තිබුණු බව, ඔබ දන්නවා. වසර 5000කට පෙරාතුව, දේවතාවන්ගේ පිවිතුරු, පිදුම් ලැබීමට සුදුසු, ගෘහ මාවත පැවතීය. ඔවුන් දැන් අපවිත්‍ර වඳින්නන් බවට පත් වී ඇත. ඔවුන් අපවිත්‍ර වූයේ කෙසේද? උපත් 84හි ගිණුම තිබේ. ඔබට පහසු රාජයෝගාව උගන්වන පරමාත්ම පියා, උපත් 84හි ගිණුම ගැනද ඔබට කියයි. සන්යාසි ආගමේ අය, වෙනත් ආගම් ගැන දන්නේ මොනවාද? මෙය දේවතාවන්ගේ ආදිතම ධර්මයයි. එම ආගමේ පැවැත්ම ආරම්භ වන්නේ පසුවයි. අතීතයේ සිදුවුණූ දේ ගැන සන්යාසීන්ට වැටහෙන්නේ නැත. ඔවුන්ට පසුකාලීනව සිදු වූ සෑම දෙයක්ම විස්තර කළ හැක. බොහෝ විවිධ හතයෝගා වර්ග තිබෙන බව ඔබ දන්නවා. භක්ති මාර්ගය ආරම්භ වන එම කාලයේදී, තඹ යුගයෙදී, හත යෝගාවද ආරම්භ වෙයි. මෙය දැන් රාජ යෝගාවයි. ඒ මිනිසුන් උපතින් උපතට හත යෝගාව හදාරා ඇත. ඔබ රාජ යෝගාව ඉගෙන ගන්නේ එක් උපතකදී පමණයි. ඔවුන් පුනර්භව ගන්නා අතර, උපතින් උපතට ඔවුන්ට හතයෝගාව ඉගෙන ගැනීමට සිදුවෙයි. රාජයෝගාව හැදෑරීමට ඔබට පුනර්භව ගැනීමට අවශ්‍ය නැත. ඔබ මෙම රාජ යෝගාව ඉගෙන ගන්නේ සංගම යුගයෙදී පමණයි. ඔබට රාජධානිය හිමි වී, එය දිව්‍ය ලෝකය වූ කල්හි, අන් සෑම ආගමක්ම අතුරුදහන් වෙයි. ඔබ රාජ ඍෂිවරුන්ය. රාධේ සහ ක්‍රිෂ්ණා පාරිශුද්ධයි. ක්‍රිෂ්ණාට මහාත්මයෙක් (ශ්‍රේෂ්ඨ ආත්මයක්) යැයිද කියයි. මහාත්මයන් පිවිතුරුයි. ඔබත් දැන් මහාත්මයන් මෙන්ම රාජ ඍෂිවරුන්ය. මහාත්මයක් යනු, පිවිතුරු, ශ්‍රේෂ්ඨ ආත්මයක්. මෙම දේවල් ග්‍රන්ථ වල සඳහන් කර නැත. ග්‍රන්ථ නිර්මාණය වන්නේ පසුවයි. ඔවුන් අසුන්ගෙන, කතාන්දර මෙන්, ඒවා ලියයි. ඔවුන් අසුන්ගෙන අතීතයේ සිදු වුණු දේවල් ගැන නාට්‍ය සාදයි. ඒ කිසිවක් සත්‍යය නොවෙයි. පියා දැන් ඔය දරුවන්ට ප්‍රායෝගික අන්දමකින් උගන්වයි. ඔවුන් ඉන්පසුව මේ පිළිබඳව යම් ඉතිහාසයක් ගොතා තිබේ. යාදවයන්, කෞරවයන් සහ පාණ්ඩවයන් සිටියා. ඔවුන් නියත වශයෙන්ම සිටින්නට ඇත්තේ සංගම යුගයෙදීය. මිනිසුන් අසුන්ගෙන, සංගම යුගය ගැන, ඉතිහාසයක් ගොතා තිබේ. උත්සවද අයත් වන්නේ සංගම යුගයටයි. රක්ෂා බන්දන උත්සවය පදනම් වී ඇත්තේ පාරිශුද්ධත්වය මතයි. පරම පියා මෙහි සෑම කෙනෙක්වම පිවිතුරු කර, ඔවුන් ලවා පොරොන්දුවක් ගනී. එහි සිහිවටනය ආරම්භ වන්නේ පසුකාලීනවයි. සීක්වරුන් වානේ වළල්ලක් පලඳින අතර, එය පාරිශුද්ධත්වයේ සලකුණකි. හින්දූන් ඉන වටේ පටියක් පලඳියි, එයද පාරිශුද්ධත්වයේ සලකුණකි. කෙසේවෙතත්, ඔවුන් පිවිතුරුව රැඳී සිටින්නේ නැත. ඔවුන් රාඛියක් බැඳගන්නා නමුත් ඔවුන්ට එහි අරුත වැටහෙන්නේ නැත. පෙරකල රාඛී බඳින ලද්දේ බ්‍රහ්මණ පූජකයෙක් විසින් වන නමුත් දැන් සහෝදරියක් ඇගේ සහෝදරයාට රාඛියක් බඳින අතර, ඔහු ඇයට මුදල් ත්‍යාගයක් ලබා දෙයි. මෙම මෝස්තරය දැන් නිර්මාණය වී තිබේ. ඇත්ත වශයෙන්ම එය පාරිශුද්ධත්වය පිළිබඳ කරුණකි. පියා පවස්නනේ දරුවනි, විශාලතම සතුරා වන්නේ රාගයයි. එම බ්‍රහ්මණ පූජකයන් මේ අන්දමින් විස්තර කරන්නේ නැත. අසීමිත පියා දැන් පවසන්නේ දරුවනි, ඔබ කිසිදා පාපයේ නොගැලෙන බවට සහ පාරිශුද්ධව රැඳි සීටින බවට පොරොන්දු වන්න. පැමිණ, අපවිත්‍ර අයව පිවිතුරු කරන්නට කියා ඔබ පියාට අඬ ගසයි. ස්වර්ණමය සහ රිදී යුගයන්හිදි, කිසි කෙනෙක් ඔහුට අඬගසන්නේ නැත. එය රාමාගේ රාජධානියයි. මෙය රාවණගේ රාජධානියයි. රාමාගේ රාජධානියේ පාපයන් පහ නොපවති. රජ සහ රැජින කෙසේද පුරවැසියන්ද එසේය. ඔබ බාබාගෙන් දිව්‍ය ලෝකයේ රාජධානිය හිමි කරගන්නා බව, ඔය දරුවන් දන්නවා. ඔබ නියත වශයෙන්ම මෙම අපාය හැර යා යුතුයි. අපව පිවිතුරු කර, දිව්‍ය ලෝකයට රැගෙන යාමට, බාබා පැමිණ සිටියි. එබැවින් අප පිවිතුරු නොවන්නේ ඇයි? ඔවුන්ට බොහෝ විවිධ හතයෝගා ක්‍රම තිබේ. ගොස්, ජායිපූර්හි කෞතුකාගාරයේ සිටින විවිධ හත යෝගීන් දෙස බලන්න. එය තුළින් කිසි දෙයක් ලැබෙන්නේ නැත ඔවුන් දිගින් දිගටම ඉනිමඟ දිගේ පහළට පැමිණෙයි. භාරතය අපවිත්‍ර වී, රාවණගේ රාජධානිය ආරම්භ වන විට, මහා පොළව කම්පා වීමට පටන් ගන්නා බව, පියා පහදා දී ඇත. සියලුම රත්තරං මාලිගා ආදිය යටට කිඳා බසියි. මාලිගා මංකොල්ල කෑමට ලක් වූවා නොවෙයි. මංකොල්ල කෑමට ලක් වී සමහර රත්තරං සහ ආභරණ ගනු ලැබුවේ, දේවාල වලින් පමණයි. ආභරණ ආදිය ගැන විශාලතම උනන්දුවක් තිබෙන්නේ ඔබලාටයි. ඔබ දිව්‍ය ලෝකයට යන විටම, ඔබ ආභරණ ආදිය පැලඳගෙන රාජධානිය පාලනය කරයි. අනෙත් ආගම් වල අය පැමිණි වහාම රාජධානියක් පාලනය කරන්නේ නැත. ඔබ අසීමිත පියාගෙන් ඔබගේ දිව්‍ය ලෝක රාජධානියේ උරුමය හිමි කරගන්නවා. පියා මෙහි අසුන්ගෙන මෙය විස්තර කරයි. ඔහු ඔබට ගීතාව පවසන්නේ නැත. ගීතාවේ ලියා ඇති සෑම දෙයක්ම මා ඔබට පැවසුවේ නැත. මා පැවසූ උසස් වදන් වලින් පසුකාලීනව, එම ග්‍රන්ථය ගොතන ලද්දේ, මනුෂ්‍යයන් විසිනි. මා ඔබට පැවසූ දේ ඇසුණේ ඔබට පමණයි, ඉන්පසුව ඔබ ගොස් රාජධානිය පාලනය කළේය. මෙම ඥානය එහි රැඳෙන්නේ නැත. පියා මෙහි, ගුරුවරයා ලෙසින් අසුන්ගෙන ඔබට උගන්වයි. පියා විස්තර කරන්නේ හින්දි වලින් පමණයි. ඔබගේ භාෂාව හින්දි නිසා, මෙහි, සෑම කෙනෙක්ම කතා කරන්නේ හින්දි වලින්ය. ඇත්ත වශයෙන්ම ආදිතම භාෂාව සංස්කෘත නොව, හින්දිය. සංස්කෘත භාෂාව මතු වුයේ, ශංකරාචාර්ය ගෙනි. පසුව පැමිණෙන අය, ඔවුන්ගේම භාෂා ආරම්භ කරයි. බාබා, ගීතාව පැවසුවේ සංස්කෘත භාෂාවෙන් නොවෙයි නැහැ. ගුරු නානාක්ට තමන්ගේම ග්‍රාන්ත් පොත ඇත. ඔහු සීක් ආගම ස්ථාපිත කළ නිසා, ඔහු අවතරණයක් බව මිනිසුන් විශ්වාස කරයි. එම ආගමේ රජවරුන් පවා සිටිනවා. සන්යාසීන් අතරේ රජවරුන් නැත. බාබා විස්තර කර තිබෙන්නේ බුදුන්, ක්‍රිස්තු ආදීන් මුලදී, ගෘහ වාසී ජීවාත්මයන්ය. කෙසේවෙතත්, අපවිත්‍ර ගෘහවාසීන්ට ආගමක් ස්ථාපිත කළ නොහැක. ඔවුන් දෙදෙනා තුළටම පිවිතුරු ජීවාත්මයක් ඇතුළු වී ආගමක් ස්ථාපිත කළා. වෙනත් බොහෝ විවිධ ආගම් තිබේ. ඔවුන් පැමිණ තමන්ගේම කුඩා නිකායන් ආදිය ස්ථාපිත කරයි. වෘක්ෂයේ පිංතූරයේ මෙයත් පෙන්වා ඇත. හතයෝගාව සහ රාජයෝගාව අතර විශාල වෙනසක් තිබේ. මෙම කාරණා වටහා ගත යුතුයි. මෙම දේවල් වටහාගැනීමට නොහැකි අය, දිගින් දිගටම නිදි කිරයි එසේත් නැත්නම් සෑම විටෙකම ඈණුම් අරියි. ඔබට මෙහිදි නිධන් ලැබෙනවා. ආදායම ඉතා විශාලයි. ඔබ ඔබගේ ඒප්‍රන, මැණික් වලින් පුරවාගනී. ඔබ මෙයට සවන් දිය යුත්තේ, ඔබගේ ඇස් විවර කරගෙනයි. ඔබ දිගින් දිගටම නිදි කිරන්නේ නම් හෝ ඔබගේ බුද්ධිය, දිගටම පිටත සැරිසරන්නේ නම්, ඔබට රාජධානියක් හිමි කරගැනීමට නොහැක. ඔබලා රාජධානියක් හිමිකරගන්නා රාජඍෂිවරුන්ය. ක්‍රිෂ්ණා නොව, රාජධානිය ස්ථාපනය කරන්නේ පරමාත්ම පියාය. ක්‍රිෂ්ණා, පියාගෙන් උරුමය හිමි කරගනී. ලෝක රාජධානියේ උරුමය, ඔබට හිමිකරදෙන ඔබගේ පියා, අශාරීරික කෙනාය. ඔබ බොහෝ සෙයින් ධනවත් වෙයි! මෙහි පැමිණ ඔබට රාජයෝගාව උගන්වන්නේ ඒකායන පියා පමණයි. ඔබට ගමන් යෑමට, සංචාරය කිරීමට සහ කමින් බොමින් සිටිය හැක, නමුත් ඔබ පියාගේ සිහිපත් කිරීමේ සිටිය යුතුයි, එපමණයි. ධනවත් අය නිසැකයෙන්ම හොඳ කෑම කයි ඔවුන්, ඔවුන්ගේ ආදායමේ ඵලය බුදියි. ඔබට අවශ්‍ය නම් මාල්පුඩා (බදින ලද පැණි රස රොටී - මම්මාගේ දිනයේදී විශේෂයෙන් භෝග් වශයෙන් සාදයි) හෝ එසේ නැත්නම් නිකම් රොටී කෑ හැක, නමුත් පියාව සිහි කරන්න. ඔබට ඕනෑම දෙයක් කෑ හැක. සියලුම මුදල් ඔබට තිබෙන්නේ කුමකටද? බාබා ඔබට කිසිම දෙයක් තහනම් කරන්නේ නැත. පියා සමඟ යෝගාවේ සිටින්න, එපමණයි. මෙම රාජධානිය ස්ථාපිත කිරීමේ වියදමක් නැත. එම යුද්ධ වෙනුවෙන් බොහෝ වියදම් තිබේ! ගුවන්යානා ආදිය වෙනුවෙන් අධික වියදම් තිබෙයි! ගුවන්යානා හැපී වැටෙන විට, ඒවා මුළුමනින්ම විනාශ වෙයි. බොහෝ විශාල හානි සිදුවෙයි! පියා පවසන්නේ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, පියාව සිහිපත් කරන්න. අඛණ්ඩව ස්ව-දර්ශන චක්‍රය බ්‍රමණය කරන්න. අපි අපගේ උපත් 84 අවසන් කර ඇත. අපි දැන් අපගේ නිවසට යනවා. අපි ආපසු නිවසට ගොස් ඉන්පසුව පැමිණ, රාජධානිය පාලනය කරයි. ඔබ නළුවන්ය. එම චිත්‍රපටි, පැය දෙකක් හෝ පැය දෙකහමාරක් පවති. මෙම අසීමිත නාටකය, වසර 5000ක් පවති. මෙය වටහාගත හැක්කේ මනුෂ්‍යයන්ට පමණයි. මෙම ලෝකය කටු කැලෑවකි. විශාලතම කටුව වන්නේ රාගයයි, මන්ද, එය එහි ආරම්භයේ සිට මැද හරහා අවසානය තෙක් දුක ඇති කරයි. දෙවැනි අංකයේ කටුව වන්නේ කෝපයයි. එහි සලකුණු දෙස බලන්න-මහාභාරත යුද්ධය. ඔවුන් යම් දෙයක් ගැන කෝපයට පත් වූ විට, සැනෙකින් බෝම්බ හෙලීම ආරම්භ කරයි. ඔවුන් දැන් එවන් බෝම්බ නිපදවා ඇත - අහන්නවත් එපා! ස්වර්ණමය යුගයේ සටන් කිරීම ආදිය නැත. මහා භාරත යුද්ධය පෙන්වා තිබෙන්නේ සංගම යුගයෙදීය. වෙනත් කිසිම ග්‍රන්ථයක මෙම යුද්ධය ගැන සඳහන් කර නැත. ඔබ එහි සිටින විට, ඔබ මුළු ලෝකයේම අධිපතියන්ය. යුද්ධයක් ගැන ප්‍රශ්නයක් තිබිය නොහැක. ඔවුන් ග්‍රන්ථ වල, අසුරයන් සහ දේවතාවන් අතර යුද්ධයක් පෙන්වා තිබේ. කෙසේවෙතත්, දේවතාවන් අවිහිංසකය. ඔබ ලෝකයේ අධිපතියන් වන්නේ යෝගා බලයෙනි. මෙය නිහැඬියාවේ බලයයි. ඔබ කිසිවක් පැවසිය යුතු නැත. මෙම සිහිපත් කිරීමේ බලයෙන්, ඔබ බාබාගෙන් ලෝක රාජධානිය හිමි කරගනී. බලන්න කෙතරම් වෙනසක්ද කියා! විනාශය සිදුවන්නේ විද්‍යාවේ බලයෙනි. එම විද්‍යාවෙන්ම ඔබ ඉන්පසුව ස්වර්ණමය යුගයේ සතුට දකියි. ඔවුන් විද්‍යාව තුළින් විවිධ දේවල් නිර්මාණය කරති. ඔවුන් එසේ කරන්නේ සතුට සඳහාය. ඔවුන්ද පැමිණ ඥානය ලබාගනී. සෑම කෙනෙක්ම ප්‍රදර්ශන වලට පැමිණෙනවා. ඔබ තව තව දියුණුවත්ම සෑම කෙනෙක්ම පැමිණෙයි. ඔබගේ නිහැඬියාවේ හඬ පැතිරෙයි. ගීතාවේ දෙවියන් කවුරුන්ද කියා ඔබ ඔවුන්ගෙන් විමසයි. එවන් ප්‍රශ්නයක් වෙනත් කිසිවෙකුට ඇසිය නොහැක. ඔබ මෙම ප්‍රශ්නය අසන ස්ථානයේ ඉහළින්, පිංතූරයක්ද තැබිය යුතුයි. ගීතාවේ දෙවියන් වන්නේ පරම පියා, පරමාත්ම ජීවයද, එසේත් නැත්නම් සම්පූර්ණ උපත් 84 ගන්නා, ශ්‍රී ක්‍රිෂ්ණාද? ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කරන්නේ පරමාත්ම පියා පමණයි. ක්‍රිෂ්ණා ජීවාත්මය, උපත් 84ක් ගෙන, අවලස්සන වනවා. පරම පියා මෙහි අසුන් ගෙන විස්තර කරයි ඔබ උපත් 84ක් ගෙන තිබේ ඔබ ඔබගේම උපත් ගැන නොදනී. ඔවුන් උපත් 84ක් ගන්නා අන්දම ගැන, නළුවන් දැන සිටිය යුතුයි. සන්යාසීන්ගේ ආගම, මුළුමනින්ම වෙනස්ය. භාරතයේ ජනයා තමන්ගේම ධර්මය නොදන්නා නිසා, ඔවුන් දිගින් දිගටම වෙනත් ආගම් තුළට යයි. කෙනෙක් ගුරු කෙනෙකුගේ ආශිර්වාදයෙන් ධනය ලැබූ විට, ඔහු එම ගුරුට ඇලෙයි. කෙසේවෙතත්, ඉන්පසුව ඔහු බංකොලොත් වූයේ නම්, එය දෙවියන්ගේ කැමැත්ත බව, ඔහු පවසයි. ඔවුන්ට පුතෙක් ලැබුණු විට, ඔවුන් බොහෝ සතුටට පත් වෙයි, නමුත් දින 10ක් හෝ 12කට පසුව එම පුතා මිය යන්නේ නම්, එය දෙවියන්ගේ කැමැත්ත බව, ඔවුන් පවසයි. ඔහුට නැවත පණ දීම, මගේ අතේ ඇති දෙයක් නොවෙයි. බාබා එවන් බොහෝ නිදසුන් දැක තිබේ. එවන් බොහෝ දෙනෙක් සිටියි. පියා මෙහි අසුන්ගෙන සිටින අතර, ඔහු ඔය දරුවන්ට පවසන්නේ සුමිහිරි දරුවනි, පිවිතුරු වන්න! විශාල මහා භාරත යුද්ධය සිදු වූ අවස්ථාවේ, ද්‍රෟපදී මෙසේ හැඬූ බව ඔබට මතකද බාබා, මෙම රකුසන් මාව නිරුවත් කරනවා. මාව ඔවුන්ගෙන් ආරක්ෂා කරන්න! මෙය වසර 5000ක කාරණාවකි. අහිංසක අය පහර කෑමට ලක් වන්නේ මෙම පාපය නිසාය. සමහර ස්ත්‍රීන්ද කෙබඳු වන්නේද යත්, ඔවුන්ට විෂ නොමැතිව සිටියි නොහැක. ඔවුන්ට සූර්පංකා සහ පුතානා ආදී නම් දී තිබේ. පාපය වෙනුවෙන් අන් අයට හිංසා කරන අය කාන්ස්, ජරාසඳ, ශිෂුපාල් ආදියයි. (ග්‍රන්ථ වල ඇති රකුසන්ගේ නම්). ඔවුන් සියලු දෙනා විනාශ වීමට ඇත. මෙකල එය රාවණගේ රකුසු රාජධානිය වන අතර, ඉන්පසුව එය දෙවියන්ගේ රාජධානිය වෙයි. ඔබ උපත් 84ක් ගන්නේ කෙසේද යන මුළු චක්‍රයම ඔබ දැන් දන්නවා. ඔබ පාපයේ ගැලෙන විට, ඔබට මෙය අමතක වෙයි. පාපයේ ගැලෙන අයගේ මුහුණු සුදුමැලි වෙයි. ඔවුන්ටම වැටහී මෙසේ හැඟෙයි මා සිදුකර ඇත්තේ කුමක්ද? පියා පවසන්නේ දරුවනි, විෂ කාණුවට ඇද නොවැටෙන්න. එහි ආරම්භයේ සිට මැද හරහා අවසානය තෙක් එය ඔබට දුක ගෙන දෙයි. එහි පැටලෙන්න එපා. ඔබ කිසිදා පාපයේ ගැලෙන්නේ නැති බවට දිවුරන්න. පරමාත්ම දෙවියන් පවසයි විශාලතම සතුරා, රාගයයි! සෑම පිංතූරයකම පළමුව මෙය ලියන්න ඥානයේ මහා සයුර, පාරිශුද්ධකරු, ගීතාවේ දැනුම පිරිනමන්නා වන ශිවා පවසයි. එවිට ක්‍රිෂ්ණාගේ නම ඉවත් වෙයි. ගීතාවේ දෙවියන් මෙහි අසුන් ගෙන අපට මෙය උගන්වයි. එම දැනුමම අපට දැන් ලැබෙනවා. පරමාත්ම දෙවියන් පැමිණ නව ලෝකය ස්ථාපිත කරන අතර ඉන්පසුව පැරණි ලෝකය විනාශ වනවා. රුද්‍රාගේ ඥානයේ යාගහෝමය තිබේ. එය ඇත්ත වශයෙන් ශිව බාබාය. ඔබ රුද්‍රා බාබා යැයි නොකියයි. බොම්බායේ බබුරිනාථ දේවාලය (කටු වලට අධිපති ස්වාමි) තිබේ. බබුල් යනු කටුය. ඔහුට බබුරිනාථ කියා ඔවුන් නම් තබා ඇත්තේ ඇයි? කිසි කෙනෙකුට මෙය වැටහෙන්නේ නැත. පිළිරුව, ශිවාගේය. ඔවුන් ඔහුට බොහෝ නම් දී තිබේ. ශිව බාබා පැමිණ, කටු කැලය, මල් උයන බවට පරිවර්ථනය කරයි. ඔහු ඔබගේ බාබා වන අතර ඔහුගේ නම ශිවාය. වචන ඉතා පැහැදිලියි ශිව පරම පියාට නමස්කාර වේවා, එමෙන්ම දේවතාවන් වීමට යන බ්‍රහ්මණයන්ට නමස්කාර වේවා. භෞතික පියෙක් විස්තර කරන ආකාරයෙන්, පරම පියා පරමාත්ම ජීවය, මෙහි අසුන් ගෙන මෙම රථය තුළින් එම ආකාරයටම විස්තර කරදෙයි දරුවනි, මගේ වංශයේ නමට අපහාස කරන්න එපා! කිසිම නරක දෙයක් කරන්න එපා! මෙම බාබාද පවසන්නේ දරුවනි, කිසිම විටෙක පාපයේ නොගැලෙන්න. ඔබ පිවිතුරු නොවී, ඔබට දිව්‍ය ලෝකයේ උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. ඔබ ඉතා විශාල ආදායමක් උපයා ගන්නා අතර අන් සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අහිමි කරගන්නවා. යමෙකුට කෝටි ගණනක මුදල් තිබී, විශාල මාලිගා ගොඩනඟමින්, රුපියල් සිය දහස් ගණනක් වියදම් කරන නමුත්, ඒ සියල්ල කාලය අපතේ හැරීමක් බව, ඔබට වැටහෙයි. ඒ කිසිම දෙයක් ප්‍රයෝජනවත් නොවෙයි. සියලු දේ විනාශ වෙයි. ඔවුන් සිතන්නේ එය වසර දහ දොලොස් දහසක් පවති කියාය. මරණය ඔබට සමීපව, ඔබගේ හිසට උඩින් එල්ලී තිබෙන බව, ඔය දරුවන් දන්නවා. කෙටි කාලයකදී භූමිකම්පා ඇති වී, සෑම දෙයක්ම සෙලවීමට පටන් ගනී. භූමිකම්පා වලදී අසංඛේය මිනිසුන් මිය යති. විනාශය දැන් සිදුවිය යුතුයි. ඔබට විනාශයේ සහ ස්ථාපනයේ දර්ශන ලැබී තිබේ. පසුව ඔබට නැවතත්, ඒවා ඔබගේ භෞතික ඇස් වලින් දැක ගැනීමට ලැබෙයි. ඔවුන් භක්ති මාර්ගයේදී බොහෝ උත්සාහ දරන නමුත්, කිසිවෙකුට වයිකුන්තයට (පාරාදීසියට) යාමට නොහැක. ඥානය නොමැතිව විමුක්තියක් තිබිය නොහැක. ඒ සියල්ල භක්ති මාර්ගයේ ක්‍රීඩා භාණ්ඩයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. වංශයේ නාමයට අපහාස වන අන්දමේ කිසිම නරක ක්‍රියාවක් සිදු නොකරන්න. ඔබ පිවිතුරුව රැඳී සිටින බවට, තමාට පොරොන්දු වන්න.

2. ඔබගේ මුදල් හෝ කාලය අපතේ නොහරින්න. මල් උයනට යාම සඳහා, කටු ඉවත් කරගන්න.

වරදානය:
ඔබ අලෞකික සෙල්ලම් බඩු භාවිතයෙන් අලෞකික ක්‍රීඩා කර නිරන්තරයෙන් බලසම්පන්න වී, ඒ තුළින් නොසැලී අචලව සිටිත්වා.

මෙම අලෞකික ජීවිතයේ දී මායාගේ බාධක වලට මුහුණ දීම ද එක්තරා අලෞකික ක්‍රීඩාවකි. ශාරීරික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ක්‍රීඩා කරනවාක් මෙන්ම, මෙම අලෞකික යුගයේ දී අහිතකර තත්ත්වයන් සෙල්ලම් බඩු ලෙස සලකා අලෞකික ක්‍රීඩා කරන්න. ඒවා ගැන බිය වී කලබලට පත් නොවිය යුතුයි. ඔබව සහ ඔබේ සියලු සිතිවිලි බාප්දාදා වෙත භාර දෙන්න; එවිට මායා කිසිවිටෙකත් ඔබට පහර නොදෙනවා ඇත. දිනපතා අම්රිත්වේලාවේදී, නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස සිටිමින් සියලු බල වලින් ඔබව සන්නද්ධ කරගන්න; එවිට ඔබ නොසැලී අචලව සිටිනු ඇත.

පාඨය:
ලෞකික පුවත් වලට සවන් දීමත් ඒවා ගැන කතා කිරීමත් තමා තුළ කුණු කසළ එකතු කර ගැනීමකි.

අව්‍යක්ත සංඥාව: අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.

බාප්දාදාගේ ප්‍රධාන නියෝගය වන්නේ නිරන්තරයෙන් ස්මරණයේ රැඳී සිටීම සහ ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළ පිරිසිදුව සිටීමයි. සිතිවිලි තුළ පවා කිසිදු අපවිත්‍රතාවයක් හෝ අශුද්ධත්වයක් නොතිබීම යනු සම්පූර්ණ පිරිසිදුකමයි. ඔබේ සිතිවිලි පැරණි, අපවිත්‍ර සංස්කාර වල ස්පර්ශය ලබා ඇත්නම්, හෝ ඔබට නිෂ්ඵල සිතිවිලි ඇති වේ නම්, එසේත් නැතිනම් ඒවා ඔබේ සිහින තුළට පැමිණේ නම්, එය සම්පූර්ණ පවිත්‍රත්වය ලෙස නොසැලකේ. එබැවින්, "ඔබ පවිත්‍ර වේවා සහ ඔබ යෝගී වේවා" යන පළමු පාඩම ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන්න; මන්ද එවිට පමණක් ඔබ පරම පියාට සමාන වී පියාට සමීප වීමට අයිතියක් හිමි කරගනු ඇත.