03.09.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සැබෑ වන්දනාව ඔබට ඉගැන්වීම සඳහා සැබෑ මග පෙන්වන්නා පැමිණ සිටියි. ඔබගේ
වන්දනාවේ ප්‍රධානම දෙය නම් පාරිශුද්ධත්වයයි. බාබාව සිහිපත් කර පාරිශුද්ධත්වයට පත්
වන්න.
ප්‍රශ්නය:
දූතයාගේ
දරුවන් වන ඔබලා වාද විවාද නොකළ යුතු නමුත් සැලකිලිමත් විය යුතු කරුණ කුමක්ද?
පිළිතුර:
දූතයාගේ දරුවන් මෙම පණිවිඩය සෑම කෙනෙක්ටම දිය යුතුයි: තමා ජීවාත්මයක් බව සලකා
පරමාත්ම පියාව සිහිපත් කරන්න. මෙම යෝගා ගින්නෙන් ඔබගේ පාප සියල්ල දුරුවනු ඇත. මේ
කෙරෙහි පමණක් සැලකිලිමත් වන්න. වෙනත් දේවල් හා සම්බන්ධව සිටීමෙන් කිසිදු ඵලයක්
නොමැත. දේවවාදීන් බවට ඔවුන්ව පත්කළ හැකි ආකාරයට පියාගේ හැඳින්වීම ලබාදීම පමණයි ඔබ
විසින් කළ යුත්තේ. පියා, නිර්මාණකරු කවුද කියා ඔවුන් දැනගත් විට පමණයි නිර්මාණය
හරිහැටි අවබෝධ කර ගත හැකි වන්නේ.
ගීතය:
අපගේ වන්දනා
ගමන අසහායයි.
ඕම් ශාන්ති.
සුමිහිරි
ආධ්‍යාත්මික දරුවන් වන ඔබලා තමන් සැබෑම වන්දනීය ස්ථානයක නේවාසිකයින් බව දන්නවා.
සැබෑම මඟ පෙන්වන්නා හා ඔහුගේ දරුවන් වන අපි සැබෑම වූ වන්දනාවක යමින් සිටිමු. මෙය
මිත්‍යාවේ දේශයයි. අපිරිසිඳු දේශයයි. අපි දැන් සත්‍යය දේශය වන පාරිශුද්ධ දේශය වෙතට
යමින් සිටිමු. මිනිස්සු වන්දනා ගමන් යනවා. ඇතැම් විට, ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක යා
හැකි ආකාරයේ විශේෂ වන්දනා ගමනුත් තිබෙනවා. සැබෑම මඟපෙන්වන්නාම පැමිණ සිටිනා මෙයත්
වන්දනා ගමනකි. ඔහු සෑම කල්පයකම සංගමයේ දී පැමිණෙනවා. මෙහි උෂ්ණය සීතල කියා දෙයක්
නැහැ. රස්තියාදු වීමකුත් නැහැ. මෙය ස්මරණ වන්දනාවයි. සන්යාසිවරුන් පවා ඒ වන්දනා
ගමන් යනවා. තම වන්දනාව සම්බන්ධයෙන් අවංක අය පාරිශුද්ධව සිටිනවා. ඔබ සෑම කෙනෙක්මත්
සිටින්නේ වන්දනාවකයි. ඔබලා බ්‍රහමිණ්වරුන්ය. සැබෑම බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන්
කවුරුන්ද? කවදාවත් පාපයේ නොගැලෙන්නන්. ඔබ සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම උත්සාහවන්තයින්.
මනසේ සිතිවිලි ඇති වූවා උවත් ප්‍රධානම දෙය වන්නේ ඇත්තටම පාපයේ නොගැලීමයි.
බ්‍රහමිණ්වරුන් වන ඔබලාගෙන් කී දෙනෙක් පාපයෙන් තොරද කියා ඇසුවහොත්, ඔහුට කියන්න: ඒ
වගේ ප්‍රශ්නයක් අහන්න ඕනේ නැහැ. ඒ දේවල් වලින් ඔබ සෑහීමකට පත් වෙනවාද? ඔබ විසින් කල
යුත්තේ වන්දනාකරුවෙක් බවට පත් වීම පමණි. වන්දනාකරුවන් කී දෙනෙක් ඉන්නවාද කියා ඇසීම
වැඩක් වෙන්නේ නැහැ. ඇතැම් බ්‍රහමිණ්වරුන් සැබෑම අය වන නමුත් අනිත් අය බොරුකාරයින්.
අද හොඳින් ඉන්නා අය හෙට බොරුකරුවන් වෙනවා. කෙනෙක් පාපයට වැටුණොත් ඔහු
බ්‍රාහ්මිණ්වරයෙක් වශයෙන් ඉන්නේ නැහැ. නැවතත් ශුද්‍ර යෙක් බවටම පත්වෙනවා. අද ඔහු
පොරොන්දුවක් වෙනවා. හෙට පාපයට වැටී යක්ෂයෙක් වගේ වෙනවා. බාබා මෙහි අසුන් ගෙන කොපමණ
වෙලාවක් මේ දේවල් පහදා දෙන්න ද? ඔබගේ බඩ පිරෙන්නේත් නැහැ. රස නහර පිනවෙන්නේත් නැහැ.
මෙහි අපි පියාව සිහිපත් කරනා අතර පියාගේ නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ වූ
අවබෝධයටත් පැමණෙනවා. වෙන කිසිම දෙයක එතරම් දෙයක් නැහැ. ඔවුන්ට කියන්න: මෙහි පියාව
සිහිපත් කරනා අකාරය කියා දෙනවා. එහි වැදගත්ම කාරණය වන්නේ පාරිශුද්ධත්වයයි. අද
පාරිශුද්ධව සිට පසුව අපිරිසිඳු වන අය තව දුරටත් බ්‍රහමිණ්වරුන් වන්නේ නැහැ. කොපමණ
කාලයක් පුරා මේ දේවල් කියා දෙන්නද? මේ ආකාරයෙන් මායාගේ කුණාටු නිසා බොහෝ දෙනෙක්
වැටෙනවා. මෙන්න මේ නිසා තමයි බ්‍රහමිණ්වරුන්ගේ මාලාවක් නිර්මාණය කල නොහැක්කේ. අපි
දූතයාගේ දරුවන් අපි ඔහුගේ පණිවිඩය ඔබට ලබා දෙනවා. දූතයාගේ දරුවන් වන අපි මෙම
පණිවිඩය ඔබට දෙනවා: තමා ජීවාත්මයක් වශයෙන් සලකා පියාව සිහිපත් කරන්න. මෙම යෝගා
බලයෙන් ඔබගේ පාප දුරු වෙනවා. මේ දේ සම්බන්ධයෙන් පමණක් සැලකිලිමත් වන්න. මිනිස්සු
නොයෙකුත් ප්‍රශ්න අසනවා. මෙම එකම එක කාරණය සම්බන්ධයෙන් පමණක් හැරෙන්න වෙන කිසිම
දෙයක් හා එකතු වීමෙන් කිසිදු ඵලයක් ලැබෙන්නේ නැහැ. අදේවවාදියෙක් දේවවාදියෙක් බවට
පත් වන්නේ කෙසේද යන්නත් අනාථයෙක් සනාථයෙක් බවට පත් කරවන ආකාරයත් එමඟින් තම උරුමය
දිනා ගන්නා ආකාරයත් ඔබ දැන ගත යුතුයි. ඔබ විසින් ඇසිය යුත්තේ මෙවන් ප්‍රශ්නයි.
නැතිනම් ඔබ සෑම කෙනෙක්ම උත්සාහවන්තයින්. බොහෝ අය පාපය නිසා පරාජය වෙනවා. කෙනෙක්ට තම
බිරිඳව බොහෝ කාලයකට පසුව හමු වුණු විට. ඒ ගැන අහන්නවත් එපා. මත්පැන් පානය හෝ
දුම්පානය පුරුද්දක් කර ගත් අයට එය නතර කල නොහැකි නිසා වන්දනා ගමනක් ගිය විටෙක පවා
රහසිගතව මත්පැන් බීමට හෝ දුම්පානය කිරීමට පටන් ගන්නවා. ඒකට මොනවාද කල හැක්කේ? තමා
කරනා දෙය ඇත්ත නොකියා සඟවනා අය රාශියක් සිටිනවා. උපායශීලිව කිව හැකි දේවල් රාශියක්
බාබා ඔබට කියා දෙනවා. මිනිසුන්ට දේවවාදීන් බවට පත් විය හැකි ආකාරයේ පියාගේ
හැඳින්වීම පමණක් ලබා දෙන්න. පියා ගැන දැන ගන්නා තෙක්. ප්‍රශ්න ඇසීමෙන් ඵලයක් නැහැ.
මෙහි පැමිණියත් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැති අය රාශියක් සිටිනවා. නිකම් ඔහේ අහගෙන
ඉන්නවා. නමුත් කිසිම ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැහැ. ඇතැම් අය බාබාට ලියනවා: දාහක්
දෙදාහක් විතර මෙහාට ආවා. නමුත් එක්කෙනයි දෙන්නයි හරියට තේරුම් අරගෙන දිගටම එන්නේ.
නොයෙකුත් වැදගත් පුද්ගලයින් දිගටම ලොකු රැස්වීම් වලට පැමිණෙනවා. ඔවුන් විසින් ලද
යුතු නියම හැදින්වීම තවමත් ලබා නොමැති බව පැහිදිලියි. සම්පූර්ණ හැදින්වීමම හොඳින්
ලැබුණු විටෙක පමණයි ඔබ කියනා දෙය හරියි කියා ඔවුනට තේරෙන්නේ. ජීව වන අපගේ පියා
වන්නේ උත්තරීතර ජීවය වන උත්තරීතර පියායි. ඔහු අපට උගන්වනවා. ඔහු කියනවා: තමා ජීවයක්
වශයෙන් සලකා මා සිහිපත් කරන්න. මෙම අවසන් උපතේදී පාරිශුද්ධත්වයට පත්වන්න. පාරිශුද්ධ
නොවනා අය බ්‍රාහ්මිණ්වරුන් නොවෙයි: ඔවුන් ශුද්‍රයින්. මෙය සටන් බිමක් ගස දිගටම
වර්ධනය වන අතර කුණාටුත් හමනවා. කොළ රාශියක් බිමට කඩා හැලෙනවා. සෑබෑම බ්‍රහමිණ්වරුන්
කවුද කිය කියා ගණන් කරන්න ඉන්නේ කවුද? සැබෑම බ්‍රහ්මිණ්වරුන් වන්නේ කවදාවත්
ශුද්‍රයින් නොවනා සුළු වශයෙන් හෝ කිසිම කෙනෙක්ට ආකර්ෂනය නොවනා ඇස් ඇති අය පමණයි.
කර්මාතීත් තත්ත්වය ලැබෙන්නේ අවසානයේදියි. ගමනාන්තය ඉතාමත් ඉහළයි. කිසිම දෙයක් ඔබගේ
මනසට ඇතුළු නොවිය යුතුයි. ඒ තත්ත්වයට ඔබ පත් වන්නේ අවසානයේදියි. මේ කාලයේදී එකම එක
පුද්ගලයෙකුටවත් එවන් තත්ත්වයක් නැහැ. ඔබ සෑම කෙනෙක්ම දැන් උත්සාහවන්තයින් වන අතර
නිතරම චංචල වෙනවා. ප්‍රධානම දෙය ඇස් පිළිබඳ ප්‍රශ්නයයි. අප ජීව වන අතර මෙම ශරීර
හරහා අපි අපේ චරිත රඟදක්වනවා. මෙම පුහුණුව ඉතාමත් හොදින් ඇති කර ගතයුතුයි. රාවන්ගේ
මෙම අධිරාජ්‍යය තිබෙනතාක්කල් යුද්ධය පවතිනවා. කර්මාතීත් තත්ත්වයට ලඟා විය හැක්කේ
අවසානයේදී පමණයි. තව දුරටත් ඉදිරියට යන විට, මෙම හැඟීම ඇති වන අතර ඔබට දිගටම සියල්ල
අවබෝධ වේවි. දැනට තවමත් ගස ඉතාමත් කුඩායි. කුණාටුවක් ඇති වුණු ගමන් කොළ කඩා
හැලෙනවා. දුර්වල අය ගසින් කඩා වැටෙනවා. තම තමන්ම තමන්ගෙන්ම අසා බලන්න තමාගේ තත්ත්වය
කොයි වගේද කියලා. ප්‍රශ්න අහනා අයත් සමඟ ඕනෑවට වැඩියෙන් සම්බන්ධ වෙන්න එපා. ඔවුන්ට
කියන්න: අපි බාබාගේ ශ්‍රීමත් අනුගමනය කරනවා. අසීමිත පියා පැමිණ අපට අසීමිත සතුටක්
දෙනවා. සතුටම පමණක් ඇති. අළුත් ලෝකයක් ඔහු ස්ථාපනය කරනවා. මිනිසුන් ජීවත් වන කලාපය
තමයි ලෝකය කියන්නේ. අශාරීරික ලෝකයේ සිටින්නේ ජීවම පමණයි. සෑම ජීවයක්ම කුඩා තිතක්
කියන එක කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. අළුත් අයට එක පාරටම මේ දේවල්
කොකිය යුතුයි. පළමුවෙන්ම අසීමිත පියා ඔබට අසීමිත උරුමයක් ලබා දෙනවාය යන්න පමණක්
පැහැදිලි කර කියා දෙන්න. භාරතය පාරිශුද්ධව තිබුණා නමුත් දැන් එය අපිරිසිඳු වෙලා.
කලි යුගයට පසුව එන්නේ ස්වර්ණමය යුගයයි. බීකේ වරුන් වන ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුට
මෙය පැහැදිලි කරන්න බැහැ. මෙය අළුත් නිර්මාණය වන අතර පියා ඔබට උගන්වනවා. මෙම
පැහැදිලි කිරීම ඔබගේ සිහියේ තිබිය යුතුයි. එහි කිසිම අපහසු කාරණයක් නැහැ.
කොහොමනමුත්, මායා ඔබට සියල්ල අමතක කරවා ඔබ ලවා පාපකාරී ක්‍රියාවක් කරවනවා. කල්ප
බාගයක් පුරාවටම පාපකාරී ක්‍රියා කිරීමේ පුරුද්ද තිබී තිබෙනවා. ඒ සියලුම යක්ෂ පුරුදු
දැන් අත්හල යුතුයි. බාබාම කියනවා : ඔබ සෑම කෙනෙක්මඋත්සාහවන්තයින්.කර්මාතීත් තත්ත්වය
ලබාගැනීමට සෑහෙන කාලයක් ගත වෙනවා. බ්‍රහමිණ්වරුන් කවදාවත් පාපයේ ගැලෙන්නේ නැහැ.
සටන් බිමේ සිටිනා අතර ඔවුන් පරාජයට පත්වෙනවා. මේ ප්‍රශ්න ඇසීමෙන් කිසිදු ඵලයක්
ලැබෙන්නේ නැහැ. පළමුවෙන්ම ඔබගේ පියාව සිහිපත් කරන්න. ශිව බාබා හරියටම මීට පෙර
කල්පයේදීත් කල ආකාරයෙන්ම අපට අණ දෙනවා: තමා ජීවයක් වශයෙන් සලකා මා සිහිපත් කරන්න.
මේ ඒ සටනම තමයි. පියා එකම එක කෙනායි. ක්‍රිෂ්ණාට පියා කියා කියන්න බැහැ.
ක්‍රිෂ්ණාගේ නම දමා තිබෙනවා. වැරදි දේ වෙනස් කර එය හරිගස්සන්නේ පියාම පමණයි. මෙන්න
මේ නිසා තමයි ඔහු සත්‍යයයි කියා හැඳින්වෙන්නේ. මේ කාලයේදී මුළු ලෝකයේම රහස් දන්නේ
දරුවන් වන ඔබලා පමණයි. ස්වර්ණමය යුගයේ තිබෙන්නේ දේවතා වංශය පමණයි. රාවන්ගේ
රාජ්‍යයේ ඇත්තේ යක්ෂ වංශයයි. ඉතාමත් පැහැදිලිව සංගම යුගය පෙන්විය යුතුයි. මෙය
ඉතාමත් උසස් සංගම යුගයයි. ඒ පැත්තේ දේවතාවරුන් සිටිනා අතර, මේ පැත්තේ සිටින්නේ
යක්ෂයනුයි. කොහොම නමුත්, ඔවුන් එකිනෙකා සමඟ සටන් කරන්නේ නැහැ. සටන ඇත්තේ
බ්‍රහමිණ්වරුන් වන ඔබ අතරයි. ඔබ තමා ලඟ ඇති පාප සමඟ සටන් වදිනවා. නමුත් එයත් සටනක්
කියාම කියන්න බැහැ. ලොකුම පාපය රාගයයි. මෙම පාපය තමයි ලොකුම සතුරා. එය ජය ගැනීමෙන්
ඔබ ලෝකය ජය ගත්තන් බවට පත් වෙනවා. අහිංසක අයට පවා පහර දෙන්නේ මේ පාපය නිසායි. බාධක
රාශියක් තිබෙනවා. ප්‍රධානම දෙය පාරිශුද්ධත්වයයි. දිගටම උත්සාහ දැරීමෙන් හා කුණාටු
අත්විදීමෙන් අවසානයේදී ඔබ ජය ලබනා අතර මායා වෙහෙසට පත් වේවි. බොක්සිං තරඟයකදී පවා
ශක්තිමත් කෙනා තම එදිරිවාදියාව ඉක්මනින් පරාජය කර දමනවා. ඔවුන්ගේ ව්‍යාපාරය හොඳින්
සටන් කර ජය ලැබීමයි. ශක්තිමත් අය ප්‍රසිද්ධ වන අතර ත්‍යාග පවා ලබනවා. මෙහි ඔබට
ඇත්තේ අදෘශ්‍යමාන දෙයකුයි. තමන් පාරිශුද්ධව සිටි බවත් දැන් අපිරිසිඳු වී ඇති බවත්
ජීව වන ඔබලා දන්නවා. ඔබලා දැන් නැවතත් පාරිශුද්ධ විය යුතුයි. සෑම කෙනෙක්ටම මෙම
පණිවිඩය දෙන්න. ඔවුන් අසනා ප්‍රශ්න වල පැටලෙන්න එපා. ඔබගේ ව්‍යාපාරය ආධ්‍යාත්මිකයි.
ජීව වන අපව බාබා ඥානයෙන් පුරවා තිබෙනවා. පසුව අපට අපගේ ලාභය ලැබුණු අතර ඥානය
අතුරුදන් වුණා. බාබා දැන් නැවතත් වතාවක් අපව ඥානයෙන් පුරවනවා. දැන් ඔබගේ කුල්මත් බව
රඳවා තබාගන්න. ඔවුන්ට කියන්න: අපි ඔබට දෙන්නේ පියාගේ පණිවිඩයයි: පියාව සිහිපත්
කරන්න එවිට ඔබට යහපත සැලසේවි. ඔබගේ ව්‍යාපාරය ආධ්‍යාත්මිකයි. පළමුම කාරණය පියාව දැන
ගැනීමයි. ඥානයේ සාගරය වන්නේ පියාම පමණයි. ඔහු ග්‍රන්ථ කියවන්නේ නැහැ. දර්ශන සූරින්
බවට පත් වන්නන් පොත පත හදාරනවා. නමුත් දෙවියන් ඥනයෙන් පිරුණු කෙනායි. මුළු ලෝකයේම
මුල, මැද හා අග පිළිබඳ වූ ඥානය ඔහුට තිබෙනවා. ඔහු කිසිම දෙයක් ඉගෙන ගත්තාද, සියළුම
වේද ග්‍රන්ථ ගැන ඔහු දන්නවා. පියා කියනවා: මගේ චරිතය ඔබට ඥානය කියා දීමයි. ඥානය හා
භක්තිය අතර ඇති වෙනස කියා දෙන්න වෙන කිසිම කෙනෙක්ට බැහැ. මෙය ඥානය හැදෑරීමකි.
භක්තියට ඥානය කියා කියන්න බැහැ. ගැලවීම ලබා දෙන්නා එකම එක පියායි. ලෝක ඉතිහාසය
අනිවාර්යෙන්ම නැවතත් ක්‍රියාත්මක වෙනවා. පරණ ලෝකය අවසන් වුණු විට, අළුත් ලෝකය
අනිවාර්යෙන්ම පැමිණිය යුතුයි. බාබා දැන් අපට නැවතත් වතාවක් උගන්වනවාය යන්න දරුවන්
වන ඔබලා දන්නවා පියා කියනවා: මා සිහිපත් කරන්න. ඔහු වැඩියෙන්ම අවධාරණය කරන්නේ
මෙයයි. ඉතාමත් හොඳ කවුරුත් දන්නා දරුවන් බොහෝ දෙනා පවා මෙම ස්මරණ වන්දනාවෙන් දුර්වල
බව බාබා දන්නවා. කවුරුත් වැඩිය එතරම් නොදන්නා බන්ධන වල දරිද්‍රව සිටිනා අය ඉතාමත්
හොඳින් ස්මරණ වන්දනාවේ නිරතව සිටිනවා. ඔබ සෑම කෙනෙක්ටම තම තමන්ගේ හදවතින් අසා බැලිය
හැකියි: මම කෙතරම් දුරට බාබාව සිහිපත් කරනවාද? පියා කියනවා : දරුවනි හැකි
උපරිමයෙන්ම මා සිහිපත් කරන්න. තම ඇතුලාන්තයෙන් ඉතාමත් ප්‍රමෝදමත්ව සිටින්න. ඔබට
උගන්වන්නේ දෙවියනුයි. එමනිසා, ඔබ තුළ ලොකු සතුටක් තිබිය යුතුයි. පියා කියනවා: ජීව
වන ඔබලා පාරිශුද්ධව සිටියා. පසුව තම තමන්ගේ චරිත රඟ දක්වමින් විවිධ ශරීර ගනිමින් එන
අතර ඔබලා අපිරිසිඳු වුණා. දැන් නැවතත් ඔබලා පාරිශුද්ධ විය යුතු අතර තම දිව්‍යමය
චරිත රඟ දැක්විය යුතුයි. ඔබලා අයිති දේවතා ධර්මයටයි. නේද? ඔබලා උපත් 84 චක්‍රය
වටාසිටියා. සූර්ය වංශයේ සෑම කෙනෙක්ම උපත් 84 ගන්නේ නැහැ. ඇතැම් අය එන්නේ පසුවටයි.
නැතිනම්, සෑම කෙනෙක්ම ඉක්මනින්ම පහළට පැමිණේවි. කෙනෙක් උදේ පාන්දරින්ම අවදි වී තම
බුද්ධිය පාවිච්චි කළ හොත්, ඔහුට මේ දේවල් තේරුම් ගත හැකි වේවි. ඥානයේ සාගරය කැලඹිය
යුත්තේ දරුවන් වන ඔබලාමයි. ශිව බාබා මෙය කරන්නේ නැහැ. ඔහු කියනවා: නාටකයට අනුව මා
මොනවා කීවත්, මීට පෙර කල්පයේ දීත් මා විසින් ඔබට පැහැදිලි කර දුන් දේම පමණයි
කියන්නේ යන්න අවබෝධ කර ගන්න. ඥාන සාගරය කැලඹිය යුත්තේ ඔබයි. මන්ද අන් අයට මෙම ඥානය
දී සියල්ල පැහැදිලි කර කියා දිය යුත්තේ ඔබයි. මේ බ්‍රහ්මාත් ඥානය ආවර්ජනය
කරනවා.ඥානය ආවර්ජනය කල යුත්තේ බීකේ වරුන් වන ඔබලායි ශිව බාබා නොවෙයි. ප්‍රධානම දෙය
කිසිම කෙනෙක් සමඟ ඕනෑවට වඩා කතා නොකිරීමයි. ග්‍රන්ථ හදාරනා අය වාද විවාද වලට එනවා.
ඔබ කිසිම කෙනෙක් සමඟ වාද විවාද වලට නොයා යුතුයි. ඉතාමත් සරළව සෑම කෙනෙක්ටම පණිවිඩය
දීම පමණයි ඔබ කල යුත්තේ. පළමුවෙන්ම, ප්‍රධානම දේ පැහැදිලි කරන්න. ඔබට උගන්වන්නේ
කවුද යන පළමු පාඩම ලියන්න දෙන්න. මේක කියන්නේ අන්තිමට නම් ගැටුම් ඇති වේවි.
බුද්ධියේ විශ්වාසය නොමැති නිසා ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන්
කියන්නේ: ඔබ කියනා දේ හරියි. පළමුවෙන්ම නිර්මාණකරු වන පියා කවුද යන්න දැන ගැනීම
පැහැදිලි කර නිර්මාණයේ රහස් පහදා දෙන්න. ප්‍රධානම දෙය නම් ගීතාවේ දෙවියන් කවුද
යන්නයි. ඒ කාරණය සම්බන්ධයෙන් ඔබ ඔවුන්ව දිනා ගත යුතුයි. පළමුවෙන්ම ස්ථාපනය වුණේ
කුමන ධර්මයද? පරණ ලෝකය අළුත් කළේ කවුද? ජීවයන්ට අළුත් ඥානය දෙන්නේ පියා පමණයි. නව
ලෝකය ස්ථාපන වන්නේ එමඟිනුයි. පියාගේ හැඳින්වීමත් නව ලෝකයේ හැදින්වීමත් ඔබට දී
තිබෙනවා. පළමුවෙන්ම ඇල්ෆා හොඳින් පහදා දෙන්න. එවිට අනිවාර්යෙන්ම ඔවුන්ට අධිරාජ්‍යය
දිනා ගත හැකියි. මෙම උරුමය ලබාගත හැක්කේ පියාගෙන් පමණයි. පියාව දැන ගත් ගමන් ඔබ
උරුමයට හිමිකම් කියනවා. දරුවෙක් ඉපදී තම දෙමාපියන් දුටු ගමන්, එය ඔහුගේ සිතේ ධාරණය
වෙනවා. කිරි ලැබෙන්නේ මවගෙන් නිසා අම්මා අතට මිසක් වෙන කිසිම කෙනෙකුගේ අතට ඒ දරුවා
යන්නේ නැහැ. ඔබලාත් ලබන්නේ ඥානයේ කිරියි. ඔහු මවයි, පියායි නැද්ද? මේවා ඉතාමත්
සියුම් කාරණා. කිසිම කෙනෙක් මේ දේවල් ඉක්මනින් තේරුම් ගන්නේ නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සැබෑම
පිරිසිඳු බ්‍රහමිණ්වරයෙක් වන්න. අපිරිසිඳු ශුද්‍රයෙක් බවට පත් වීම කෙරෙහි කිසිදු
සිතිවිල්ලක් තබා ගන්න එපා. තම දෑස් කිසිම කෙනෙකුට ආකර්ෂණය නොවන තත්ත්වයට පත් කරවා
ගන්න.
2. බාබා කියා දී ඇති
සෑම දෙයක්ම හොඳින් මතක තබා ගන්න. පාපකාරී ක්‍රියා කරමින් තමා තුළ ගොඩනඟා ගෙන ඇති
යක්ෂ ගති අවසන් කර දමන්න. සම්පූර්ණ පාරිශුද්ධත්වය නම් වූ උසස් ගමනාන්තය වෙත යාමට
අඛණ්ඩව උත්සාහයක් දරන්න.
වරදානය:
ඔබ මාස්ටර්
සර්වබලධාරියෙකු වී සියලු "හේතු" වලට විසඳුම් සොයා ගැනීමෙන් බියෙන් හා කනස්සල්ලෙන්
නිදහස්ව සිටිත්වා.
වර්තමානයේ, තාවකාලික
සතුට සමඟම, කනස්සල්ල සහ බිය යන දෙක ද තිබේ. කනස්සල්ල ඇති තැන, මනසේ සාමය තිබිය
නොහැක. බිය ඇති තැන, සාමය තිබිය නොහැක. එබැවින්, සතුට සමඟ, දුක හා අසාමයට "හේතු" ද
තිබේ. කොහොමනමුත්, ඔබ සියලු බලයන්ගේ නිධානයෙන් පිරී ඇති, සියලු "හේතු" වලට විසඳුම්
සොයා ගන්නා, සියලු ගැටළු වලට විසඳුම් සොයා ගන්නා විසඳුම් වල ප්‍රතිමූර්තීන් වන
මාස්ටර් සර්වබලධාරී දරුවන් වන බැවින්, ඔය දරුවන් කනස්සල්ලෙන් හා බියෙන් නිදහස්ය. ඔබ
ඉදිරිපිටට එන ඕනෑම ගැටළුවක් පැමිණෙන්නේ ඔබ සමඟ සෙල්ලම් කිරීමට මිස ඔබව බිය ගැන්වීමට
නොවේ.
පාඨය:
ඔබගේ ආකල්පය
(වෘති) උසස් කරගන්න, එවිට ඔබගේ නිවස සහ පවුල (ප්‍රාවෘති) නිරායාසයෙන්ම උසස් වනවා
ඇත.
අව්‍යක්ත සංඥාව: දැන්
සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.
කාලයට අනුව, ඔබ
බ්‍රහ්මින්වරු ජීවාත්මයන් සමීප කරවන විට, ඔබ පරිසරය ද ගින්නක් මෙන් බලවත් කිරීමට
සේවය කිරීම දිගටම කරගෙන යා යුතුය. මේ සඳහා, ඔබට ඔබ අතර බති සහ ගැඹුරු සාකච්ඡා
පැවැත්විය හැකිය, නමුත් ඔබ ගිණිකඳු ස්වරූපය අත්විඳිය යුතු අතර අන් අයටද මෙම
අත්දැකීම ලබා දිය යුතුය. මෙම සේවය කිරීමේ කාර්යබහුලව සිටින්න, එවිට සියලු සුළු
කාරණා පරිවර්තනය වනු ඇත.