03.10.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දැන් මේ ඇත්තේ වියපත් වූ ලෝකයේ අවසානයයි. මෙන්න මේ නිසා තමයි මෙම සංගම
යුගයේ දී ඔබලා අනාගත රාජ්‍යය සඳහා සුදුස්සන් විය යුත්තේ.
ප්‍රශ්නය:
සිහසුනේ අසුන්
ගැනීම සඳහා ඔය දරුවන් තුළ තිබිය යුතු ආසාව කුමක්ද?
පිළිතුර:
සෑම ආකාරයක සේවාවක්ම කිරීමට ඔබ තුළ ආසාවක් තිබිය යුතුයි. එවිට ඔබට සිහසුන මත අසුන්
ගත හැකි වේ. සෑම ආකාරයකම සේවාවන් කරමින් බොහෝ පිරිසකට සතුට දෙන්නන්ට එහි ඵලය ලැබෙනු
ඇත. ඔය දරුවන් සෑම විටම සෑම ආකාරයකම සේවා කටයුතු සඳහා ඉදිරිපත් විය යුතුයි. තම මව
හා පියා එළිදරව් කළ හැකි තරමට දක්ෂ වන්න. ඔබ "මමා, බාබා" කියා කියනවා. ඉතින් එසේනම්
ඔවුන් මෙන් වී පෙන්වන්න.
ගීතය:
මෙම පව්කාර
ලෝකයෙන් ඈත්ව අපව සැප සනීප ලෝකයකට ගෙන යන්න!
ඕම් ශාන්ති.
සුමිහිරිම
සුමිහිරි බ්‍රහ්ම කුමරුන් හා කුමාරියන් පමණයි පව්කාර ලෝකය කුමක්ද, පින්වත් ලෝකය
කුමක්ද කියාත් අපිරිසිඳු ලෝකය කුමක්ද, පිරිසිඳු ලෝකය කුමක්ද කියාත් දන්නේ.
"අපිරිසිඳු ලෝකය පාරිශුද්ධ කරනා පාරිශුද්ධකරුවාණනි. වඩිනු මැනව" කියා ඔවුන්
කිව්වත්, ඔවුන් ඔහුව හඳුන්නනේ නැහැ. අහෝ පාරිශුද්ධකරුවාණනි, කියා කියන්නේ
ජීවාත්මයනුයි. සෑම මානව ජීව සත්තාවක්ම කන්නලව් කරනවා. නමුත් කිසිම කෙනෙක් පාරිශුද්ධ
ලෝකය කුමක්දැයි කියා දන්නේ නැහැ. කවදාද කොහොමද එය ස්ථාපනය වන්නේ? ඥානයෙන් පිරි
ධර්මධර පරමාත්ම පියාට ඔබ දැන් අයිති නිසා ඔබ පමණයි ඒ ධර්මධර පරමාත්ම පියාව, ඥාන
සාගරය හඳුනන්නේ. පාරිශුද්ධ ලෝකය පසුව අපිරිසිඳු වන්නේ කෙසේද, අපිරිසිඳු ලෝකය
පාරිශුද්ධ වන්නේ කෙසේද. කියා හෝ අපිරිසිඳු ලෝ වැසියන් කවුද පිරිසිඳු ලෝවැසියන් කවුද
කියාවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේ කාලයේ දී මේ දේවල් දන්නේ ඔබ පමණයි. ස්වර්ණමය
යුගය හඳුන්වන්නේ පාරිශුද්ධ ලෝකය කියලයි. භාරතීය පාරිශුද්ධ ලෝකය තුළ ආදි සනාතන
දේවිදේවතා ධර්මයේ රාජ්‍යය අනිවාර්යයෙන්ම පවතින්න ඇති. මෙන්න මේ නිසා තමයි භාරතය
ඉතාමත් පෞරාණික දේශයක් කියා සලකන්නේ. පාරිශුද්ධකර පරමාත්ම පියා දැන් නැවතත් වතාවක්
පාරිශුද්ධ ලෝකයට යන ක්‍රමවේදය ඔබට පෙන්වනා බව ඔබ තේරුම් ගෙන සිටිනවා. පරමාම පියා
කියනවා: මම එක් තත්පරයකින් ඔබට මෙම ක්‍රමය පෙන්වනවා. පරමාත්ම පියා පැමිණෙන්නේ තව
ලෝකයේ ඔබගේ රාජ්‍යයේ වාසනාව ඔබටම හිමි කර දීම සඳහා පමණයි. අසීමිත පරමාත්ම පියාගෙන්
ලැබෙනා අසීමිත උරුමය මෙයයි. පරමාත්ම පියා පමණයි පැමිණ ඔබට රාජයෝගාව උගන්වන්නේ. අපි
දැන් රාජයෝගාව ඉගෙන ගනිමින් සිටිනවා. පරමාත්ම පියා කියනවා: ඔබලා සතෝප්‍රධාන්ව
සිටියා දැන් නැවතත් වතාවක් ඔබ සතෝප්‍රධාත් විය යුතුයි. ආදි සනාතන දේව දේවතා ධර්මය
තිබුණා. හින්දු දහම නොවෙයි. මුලදී භාරතයේ තිබුණේ දේවතා ධර්මය පමණයි.
ක්‍රිස්තියානුවන් නැවත උපත් ගනිමින් ගණනින් වැඩි වෙනවාක් සේ, ඔවුනුත් නැවත උපත්
ලබන්නට ඇති. බුද්ධ ධර්ම ස්ථාපනය කළේ බුදුනුයි. එමනිසා එම ධර්මයේ මූලිකයා ඔහුයි. එක්
බුදුන්ගෙන් බෞද්ධයින් රැසක් මතු වුණා. තති ක්‍රිස්තුන්ට දැන් ක්‍රිස්තියානුවරුන් කී
දෙනෙක් එකතු වී ඇත්දැයි කියා බලන්න. සෑම ආගමක්ම මේ ලෙසින් පැමිණ සිටිනවා.
කෙසේවෙතත්, ආදි සනාතන දේවි දේවතා ධර්මය තිබුණු කළ, වෙන කිසිම කෙනෙක් සිටියේ නැහැ.
අනිත් අය ගැන ඔබ දන්නවා. ක්‍රිස්තුන් ක්‍රිතු දහම ස්ථාපනය කළ අතර ඒබ්‍රහම් ඉස්ලාම්
දහම ස්ථාපනය කළා. අච්චා, ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කළේ කවුද? එකළ
ස්වර්ණමය යුගයේ තිබුණේ දේවතා රාජ්‍යයයි. ඉතින් කවුරු හෝ කෙනෙක් අනිවාර්යයෙන්ම එම
රාජ්‍යය ස්ථාපනය කරන්න ඇති. ස්වර්ණමය යුගයේ දේවතා ධර්මය තිබුණු අතර පරමාත්ම පියා මේ
කාලයේ දී එය ස්ථාපන කරමින් සිටිනවා. මෙන්න මේ නිසා තමයි සංගම යුගයේ දී පරමාත්ම පියා
පැමිණිය යුතු වන්නේ. සියලුම මිනිසුන් දැන් සිටින්නේ අපිරිසිඳු ලෝකයේයි. පැරණි ලෝකයේ
මිනිස්සු මිලියන ගණන් සිටිනවා. නව ලෝකයේ එතරම් මිනිසුන් ගණනක් සිටිය නොහැකියි. එහි
තිබුණේ එක් ධර්මයක් පමණයි. ඉස්ලාම්වරුන්, බෞද්ධයින් හෝ ක්‍රිස්තියානුවන් කිසිවෙක්
එහි සිටියේ නැහැ. ඒ දේවතා ධර්මය දැන් අතුරුදන් වෙලා. පරමාත්ම දෙවියන් ඒ ධර්මය
ස්ථාපනය කළේ කෙසේද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. දේවතා ධර්මයේ නම ඔවුනට අමතක වෙලා.
ඒ වෙනුවට ඔවුන් කතා කරන්නේ හින්දු ධර්මය ගැනයි. පරමාත්ම පියා දැන් ඔබට පැහැදිලි කර
කියනවා: පැරණි ලෝකය වෙනස් විය යුතු කළ පමණයි මා පැමිණෙන්නේ. දැන් මේ ඇත්තේ පැරණි
ලෝකයේ අවසානයයි. ඔය බ්‍රහමිණ්වරුන් පමණයි මෙය දන්නේ. මෙම වියපත් ලෝකයේ අවසානය
පැමිණියේ මෙම මහාභාරත යුද්ධයෙනුයි. සෑම කෙනෙක්ම විනාශ වී කිසිම කෙනෙක් ඉතිරි නොවුණු
බව ගීතාවේ සඳහන්ව තිබෙනවා. පාන්දවයින් පස් දෙනා බේරුණු බව ඔවුන් කීවත් ඔවුනුත්
කන්දේ අතුරුදන්ව ගියා. කෙසේවෙතත්, එවන් කිසිම දෙයක් නැහැ. මෙම ධර්මය ස්ථාපනය කරන්නේ
පරමාම පියායි. සියල්ල සම්පුර්ණයෙන්ම විනාශ වී යාමක්වත් මහා විශාල ජල ගැලීමක්වත්
සිදු වන්නේ නැහැ. මිනිස්සු බාබාට කන්නලව් කරනවා: අහෝ පාරිශුද්ධකරුවාණනි, වඩිනු
මැනව. අපේ දුක් නැති කර සතුට දානය කරන්න, දැන් මේ ඇත්තේ රාවණ රාජ්‍යයයි. මිනිස්සු
රාම රාජ්‍යය බලාපොරොත්තු වෙනවා. ඉතින් එසේනම් මෙය අනිවාර්යෙන්ම රාවණ රාජ්‍යය විය
යුතුයි. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: රාම රාජ්‍යයේ ස්ථාපනයත් රාවණ රාජ්‍යයේ
විනාශයත් දැන් සිදු වෙමින් පවතිනවා. මා විසින් උගන්වන ක්‍රම විධි ඉගෙන ගන්නා අය
පසුව ගොස් නව ලෝක රාජ්‍යය පාලනය කරාවි. මේ කිසිම ඥානයක් එහි දී පවතින්‍නේ නැහැ.
ඔබගේ බුද්ධියේ මේ සියලු ඥාන සම්භාරයම පවතිනවා. මෙලෙස මෙය තම බුද්ධියේ රඳවා තබා ගෙන
සිටිනා අය එය අන් අයටත් කියා දෙනවා. ඒ පිළිවෙළට, සේවාධාර දරුවන්ගේ බුද්ධියේ මුලු
ඥාන සම්භාරයම නිරන්තරයෙන්ම කිති කැවි කැවී පවතිනවා. ඔවුන් ස්වර්ණමය යුගයේ දී
අනිවාර්යෙන්ම දේවතා ධර්මයට අයිතිව සිටි අය විය යුතුයි. මෙය දන්නේ ඔබ පමණයි. පරමාත්ම
පියා පළමුවෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මා හරහා බ්‍රහමිණ්වරුන් නිර්මාණය කරනවා. මෙය ඥාන
යාගයයි, එමනිසා බ්‍රාහ්මණ ප්‍රජාව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ බ්‍රහමිණ් ප්‍රජාව
අනිවාර්යෙන්ම සංගම යුගයේ සිටීවි. යක්ෂ ප්‍රජාව සිටින්‍නේ කලි යුගයේයි, දේවතා
ප්‍රජාව සිටින්නේ ස්වර්ණමය යුගයේයි. එමනිසා, දේවතා ප්‍රජාව අනිවාර්යෙන්ම මෙම සංගම
යුගයේ දී ස්ථාපනය වන්න ඇති. පිනුම් ගසනා විට හිසත් ඔළුවත් එකට ලං වෙනවා. තමන්
බ්‍රහමිණ්වරුන් බව නැවතත් වතාවක් මතක් කර ගන්න. බහුරෑපී පින්තුරයත් අනිවාර්යෙන්ම
අවශ්‍යයි. මෙහි පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි. ඔබ කියනවා: බාබා, මම ඔබගේ මාස හයක
දරුවෙක්, මම ඔබගේ දවස් හතරක දරුවෙක්. තවත් අය කියනවා: මම ඔබගේ එක් දිනැති දරුවායි.
අද තමයි මම බබාගේ වුණේ. මම කටින් උපන් අයෙක් වුණා. ජීවතුන් අතර සිටියදීම පරමාත්ම
පියාට අයිති වත අය කියනවා: බාබා මම දැන් ඔබට අයිතියි. කුඩා දරුවෙකුට මේ වගේ කතා
කරන්න බැහැ. මේ ඥානය ඇත්තේ වැඩිහිටියන්ටයි. ඔබ කියනවා: බාබා, මම ඔබගේ කුඩා දරුවායි.
කුඩා දරුවන්ට පින්තූර පෙන්වා ඉගැන්වීම හරිම පහසුයි. දවසින් දවස පැහැදිලි කිරීමේ
ක්‍රමත් වැඩි වර්ධනය වෙනවා. නාටක සැලැස්මට අනුව. පින්තූර භාවිත කිරීමේ මේ ක්‍රමයත්
වසර 5000කට පෙර දී නිර්මාණය වුණා. ඇයි මේ වගේ ක්‍රම මුලදී මතු නොවී දැන් මතු වන්නේ
කියා ප්‍රශ්නයක් පැන නඟින්න බැහැ. නාටකයට අනුව යම් යම් කාලයන්හි දී මතු විය යුතු
යම් යම් ක්‍රම විධි ඒ ඒ කාලයේ දී මතු වෙනවා. පාසල් පන්ති වල අනුපිළිවෙලක් තිබෙනවා.
ශිෂ්‍යයින් මුලදීම මහ විභාගය සමත් වන්නේ නැහැ. මුලදී ඔවුන්ට කියා දෙන්නේ ඇල්ෆා,
බීටා (අ, ආ) පමණයි. පරමාත්ම පියාගේ දරුවන් බවට ඔබ පත් වීමෙන් පමණයි ඔහු ඔබට දෙවිලොව
රාජ්‍යය දිනා දෙන්නේ. තම පියාට "තාත්තේ" කියා වරක් කියු පසු, ඒ විශ්වාසය නැවත
කැඩෙන්නේ නැහැ නේද? මෙහිදී, "බාබා,බාබා" කියලත් ඔවුන්ගේ විශ්වාසය කැඩෙනවා. ඒ
අසීමිත පියා බව ඔබ දන්නවා. අසීමිත පියාගෙන් ඔබ අසිමිත උරුමය දිනා ගන්නා නිසා දැන්
ඔබ ඔහුගේ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. පරමාත්ම පියා කියනවා: අන් සියල්ල අතහැර දමා
මාත් ඔබගේ උරුමයත් සිහි කරන්න. යන එන අතරතුර මෙය සිහි කිරීමෙන්, ඔබට සතුටක් දැනේවි.
ඒත්, ඇයි ඔබට ඒස්මරණයේ සිටින්න බැරි? ඔබ බාබාට සහතික වෙනවා: බාබා, මම ඔබට අයිති වී
වෙන කිසිම කෙනෙකුට නොබැඳී සිටින්නම්. ඔබගේ උපදෙස්ම පමණක් පිළිපදින්නම්. පරමාත්ම
පියාත් කියනවා: ශ්‍රීමත් පිළි නොපැදීමෙන් ඔබ දිගටම වැරදි කරනවා. ශ්‍රීමත්
පිළිපැදීමෙන්, ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ නඟිනවා. ජීවාත්මය අතීන්ද්‍රිය සුවය විඳිනා
අතර ඉතාමත් සතුටට පත් වෙනවා. පරමාත්ම පියා, පරමාත්ම ජීවය අපට අපගේ උපත් 84 ගෙන
පැමිණෙන අතර අහිමි වුණු රාජ්‍යයේ වාසනාව දිනා දෙනවා. පරමාත්ම පියා දැන් නැවතත්
වතාවක් ඔබට එය දෙනවා. එමනිසා, ඔබ තුළ අප්‍රමාණ සතුටක් තිබිය යුතුයි. අභ්‍යන්තර
සතුටත් විද්‍යමානයි. ලක්ෂ්මි නාරායනගේ මුහුණු වලින් ඔබට එය දැක ගත හැකි යි. ඇතැම්
අය අඥාන මාර්ගයේ ඉතාමත් සතුටින් සිටිනවා. ඒවගේම අන් අය සමඟ කතා බහටත් ඔවුන් හරිම
දක්ෂයි. මාවන ලෝකයේ ඉහළම නිලය ඇත්තේ කාටද? ඇත්තටම කියනවා නම් සෑම කෙනෙක්ම පරමාත්ම
පියා කියා කතා කරනා පරමාත්ම ශිව ජීවය තමයි ඉහළම ඉහළ. නමුත් කිසිම කෙනෙක් ඔහුගේ
කාර්යභාරය දන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණි විට පමණයි ඔහු තම හැඳින්වීම ඔබට දෙන්නේ.
තමන් දැන් බාබාගෙන් පාරාදීස රාජ්‍යය දිනා ගනිමින් සිටිනා බව ඔය දරුවන් දන්නවා.
ඉතින් තමන් දැන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන වෙනවා ය යන සතුට ඔබලාට තිබිය
යුතුයි. ඇතැම් අය අත එසෙව්වාට කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. මෙම ශ්‍රද්ධා
විශ්වාසය ඇති අයට තමන් දැන් උපත් 84 සම්පූර්ණ කර ඇතය යන සතුටත් තිබෙනවා. අපි දැන්
පරමාත්ම පියාගේ උපදෙස් පිළිපැද ලෝක පාලකවරුන් වෙමින් සිටිනවා. මෙම ඉගෙනීම
සම්බන්ධයෙන් ඔබලා තුළ සෑහෙන කුල්මත් බවක් තිබිය යුතුයි. ජනාධිපති, ආණ්ඩුකාරතුමා
වැනි අය සිටින්නේ හරිම සතුටින්. ඔවුන්ට මුණගැසීමට වැදගත් පුද්ගලයින් යනවා. තමාව මුණ
ගැසීමට පැමිණෙන අයගේ නිලතල පිළිපඳව හරියටම නොදැන ඔවුන් කාවවත් හමු වීමට යන්නේ නැහැ.
බාබාත් නිකම් හැම කෙනෙක්ම මුණගැසෙන්නේ නැහැ. බබාගේ නිලය ගැන දන්නේ ඔය දරුවන් පමණයි.
ඒත් ඔය එකිනෙකා දරණා උත්සාහයේ තරමටයි. ඒකත් දන්නේ, ඔබ තම තමන්ව බ්‍රහ්ම කුමර
කුමරියන් කියා හඳුන්වා ගත්තත්, තමන් ශිව බබාගේ දරුවන්ය යන්නත් තමන් ඔහුගෙන් දෙව්ලොව
රාජ්‍යය ස්ථාපනය කරගන්නා බවත් ඔබගේ සිහියේ රැ ඳෙන්නේ නැහැ. පියාව මතකත් නැහැ උරුමය
මතකත් නැහැ. මෙය මතක් වුණා නම්, ඔබත් ඇතුලාන්ත සතුට විඳීවි. කුළ කුමරියක් විවාහ
වුණු විට ඇයට රහස් දායාදයක් දෙනවා. ඇයගේ දායාදය ඇති පෙට්ටිය අඟුළු දමා වසා ඇය අතට
යතුර දෙනවා. පරමාත්ම පියාත් ලෝක ස්වාධිපත්‍යයේ යතුර ඔබගේ අතට දෙනවා. ඔබ දෙව්ලොව නව
ලෝකය විවෘත කරනවා. ඔබ දෙව්ලොවට යාවි. බාබා ඔබව යෝග්‍යයන් කරවනවා. බාබා ඥානය දී
පාරිශුද්ධත්වයට පත් වන තෙක් බැතිමතුන්ට දෙව්ලොවට යාමට සුදුස්සන් විය නොහැකියි.
මෙන්න මේ නිසා තමයි නාරදගේ ආදර්ශ කතාව තිබෙන්නේ.ඉතාමත් හොඳ බැතිමතුන් රැසක්ම
සිටියත්, ජීවාත්මයන් තවමත් අපිරිසිඳුයි. ඔවුන් උපතක් උපතක් පාසා අපිරිසිඳු වෙමින්
පැමිණියා. පරමාත්ම පියාව මුණ ගැසෙනා තෙක් ඔබට දෙලොවට යා නොහැකියි. පරමාත්ම පියා
බ්‍රහ්මා හරහා ඔබව භාරයට ගෙන සිටිනා නිසා ඔබ තව ලෝකය පාලනයට යාවි. වෙන කිසිම කෙනෙක්
රාජ්‍යයක් ස්ථාපනය කරන්‍නේත් නැහැ. ඒ කිසිම කෙනෙක් මේ ගැන දන්නේත් නැහැ. පරමාත්ම
පියා පමණයි සංගම යුගයේ දී පැමිණ අනාගත උපත් 21කටම රාජ්‍යයක් ස්ථාපනය කරන්නේ. කිසිම
කෙනෙක් මේ පරමාත්ම පියාව දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් සැබවින්ම වසර 5000කට පෙරදී
පැමිණ, මිනිසුන් දේවතාවරුන් කරවන ගීතා ඥානය දුන් බව ඔබට තේරෙනවා. ගීතාව ආදි සනාතන
දේවි දේවතා ධර්මයේ ග්‍රන්ථයයි. ස්වර්ණමය යුගයේ ග්‍රන්ථ ආදිය නැහැ. පරමාත්ම පියා
කියනවා: මා පැමිණෙන්නේ සංගම යුගයේදී පමණයි. මම නැවතත් වතාවක් පැමිණ ලෝකයේ මූල, මැද
හා අග පිළිබඳ ඥානය කියා දෙනවා. දේවතාවරුන් වන්නේ ඔවුනුයි. උපත් 84ක් ගෙන චක්‍රයේ
අවසානයට පැමිණි කළ තමයි මම නැවතත් වතාවක් ඔවුනට මෙය පැහැදිලි කර කියා දෙන්නේ. මම
කිසිම විටෙක කල්පයේ මැද දී පැමිණෙන්නේ නැහැ. මෙම ලෝකයට ආගමක් ස්ථාපනය කළ
ක්‍රිස්තුන් වැනි අය අතර මැද දී පැමිණෙන්නේ නැහැනේ (ඔවුනුත් තමන්ට අයිති කාල වලදී
පැමිණෙනවා). ආගමක් ස්ථාපනය කිරීමට පැමිණෙන සෑම කෙනෙක්ම එය කරන්නේ මේ ලෝකයටයි. මම
සංගම යුගයට පැමිණෙන්නේ නවලෝකය ස්ථාපනය කිරීමටයි. ක්‍රිස්තු ජීවය තවත් කෙනෙකුගේ
ශරීරයට ඇතුලු වී තම ධර්මය ස්ථාපනය කරනවා. නමුත් මේ පරමාත්ම පියා කරන්නේ රාජ්‍යයක්
ස්ථාපනය කිරීමයි. ලක්ෂ්මි නාරායන රාජ්‍යය ස්ථාපනය කළේ කවුද කවදාද කියා කිසිම කෙනෙක්
දන්නේ නැහැ. ලක්ෂ්මි නාරායන දේවාල සෑදු අයගෙන් ඔබ ඒ ගැන ඇසිය යුතුයි. කණ්ඩායමක දීත්
ඇසිය හැකියි. මෙම රහස ඔබගේ සිහියේ තිබෙනවා. සෑම කල්පයක දීම බාබා,බ්‍රහ්මා හරහා
ස්ථාපනය සිදුකරනවා. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. මෙසේ කීවත්, කිසිම කෙනෙකුගේ
බුද්ධියේ මේ කිසිම දෙයක් නිසිලෙස රඳන්නේ නැහැ. ඇතැම් දරුවන් මත නරක අපල තිබෙනවා.
අංක එකේ නරක අපලයනම්, ශාරීරික අවධානයයි. පරමාත්ම පියා කියනවා: දරුවනි, ඔබ ජීව
අවධානයට පත්වේවා. ලක්ෂ්මි නාරායන පින්තුරය ඉණිමඟ පෙන්වන පින්තුරය ආදීය පැහැදිලි
කිරීම සඳහා ඉතාමත් හොඳයි. ඒ මඟින් බොහෝ දෙනෙකුට යහපත සැලසේ. කෙසේවෙතත්, නාටකයට අනුව
එය ප්‍රමාද වීමට තිබෙනවා විය හැකියි. ඒ නිසා තමයි ස්ථාපනය වෙමින් පවතින රාජ්‍යයට
බාධා පැමිණෙන්නේ. පරමාත්ම පියාම කියනවා: බාධක ගණනාවක් තිබෙනවා. මායා ඉතාමත් බලවත්.
ඇය ඉතාමත් ඉක්මනින් මගේ දරුවන් නහයෙන්ම නැතිනම් කණින්ම අල්ලා ගන්නවා. නරක අපල ග්‍රහ
බලපෑම කියන්නේ ඒකයි. මේ කාලයේ දී විශේෂයෙන්ම භාරතයේ සියයට සියයක් ඇත්තේ රාහු,
දුර්ගුණ අපලයයි. මෙම භාරතය දියමන්තියක් සේ පාරිශුද්ධව පැවති බව ඔබට එක් තත්පරයකින්
ඔප්පු කළ හැකියි. දැන් එය දුෂිත සිප්පි කටුවකට සම දෙයක් වෙලා. නැවතත් දියමන්තියක්
විය යුතුයි. මුලු කතාන්දරයම භාරතය හා බැඳුනකි. පරමාත්ම පියා පැමිණ ඔබව දියමන්තියක්
හා සම කරනවා. ඒත්, බාධක රැසක්, ශාරීරික අවධානයේ බාධාව හරිම ඉහළයි. ලක්ෂ්මි නාරායන
පින්තූරය ඕනෑම කෙනෙකුට පැහැදිලි කර දීම ඉතාමත් පහසුයි. සේවය කිරීමේ ආශාවත් ඔය
දරුවන් තුළ මහත් ඉහළින් තිබිය යුතුයි. සේවා වර්ග රැසක් තිබෙනවා. බොහෝ දෙනෙකුට සතුට
දෙන අයට එහි ඵලය ලැබෙනවා. ඇතැම් අය තම ඇට මිදුලු වලින්ම සෑම ආකාරයකම සේවයක් කරනවා.
එවන් සර්ව-සේවකරුවන් වීමේ සතුට ඔබට තිබිය යුතුයි. "බාබා, සේවය සිදුවන ඕනෑම තැනක මම
සිටිමි". ආධ්‍යත්මික සේවය කරනා ඉතාමත් හොඳ දරුවන් තමන්ගේ ආහාර වේල තමන් විසින්ම
සකසා ගන්නවා. දරුවන් ඉතාමත් දක්ෂ වී සිහසුන දිනා ගන්නා බව ඔබ දන්නවා. මෙහි ගෙවල්
දොරවල් බලා කියා ගන්නේ කාන්තාවනුයි. දැන් මව්වරුන් හා කුමාරින් සේවය සඳහා සිහි
කල්පනාවෙන්, කඩිසරව සිටිය යුතුයි. මමා කළ ආකාරයෙන්ම ඔබ සේවය කර මෙය පෙන්විය යුතුයි.
ඔබත් මෙය පෙන්විය යුතුයි. නිකම් "මමා, මමා" කිය කියා ඉඳීමෙන් ඇති ඵලය කුමක්ද? ඔබ ඇය
වගේ විය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. යගියාවට
බාධාවක් වන්නේ ශාරීරික අවධානයේ අපලයයි. එමනිසා, ජීවාත්ම අවධානයට පත් වීමට හැකි සෑම
උත්සාහයක්ම දරන්න.
2. තම ඉගෙනුමත්
ස්වර්ණමය යුග තත්ත්වයත් පිළිබඳ සතුට පවත්වා ගන්න. ශ්‍රීමත් පිළිපදින්න. කිසිම
වැරැද්දක් කරන්න එපා.
වරදානය:
අධ්‍යාත්මික
අභ්‍යාස සහ ස්වයං-පාලනය තුළින් ඔබ සුරදූත ස්වරූපය ඇතිව , පිරිසිදු හා සියුම්
බුද්ධියක් අත්විඳින අයෙකු වේවා.
බුද්ධියේ සියුම් බව
සහ සැහැල්ලු බව යනු බ්‍රාහ්මණ ජීවිතයේ සැබෑ ස්වභාවයයි. එම සියුම් බව යනු
ශ්‍රේෂ්ඨත්වයයි. කෙසේවෙතත්, ඒ සඳහා දිනපතා අම්රිත් වේලාවේ දී අධ්‍යාත්මික අභ්‍යාස
වල නිරත වන්න; එමෙන්ම නිශ්ඵල සිතිවිලි නම් වූ ආහාරය නොගැනීමට වගබලා ගන්න. මේ සඳහා
ස්වයං-පාලනයක් පවත්වා ගන්න. සෑම මොහොතකම, එම අවස්ථාවට සුදුසු සිතිවිලි පමණක් මනසට
ඇතුළත් කරගන්න. නිශ්ඵල සිතිවිලි නම් වූ අමතර ආහාරය නොගන්න; මන්ද, එවිට පමණක් ඔබට
පිරිසිදු බුද්ධියක් හිමිවන අතර සුරදූත ස්වරූපයක් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට
හැකි වනු ඇත.
පාඨය:
සෑම තත්පරයකම
සහ සෑම පියවරකදීම 'ශ්‍රීමත්' නිවැරදිව අනුගමනය කරන්නා ශ්‍රේෂ්ඨ ජීවාත්මයකි.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
ඔබේ සිතිවිලි වල බලය,
වචන වල බලය, ඇසුරේ වර්ණය, ආදරණීය සබඳතා සහ සතුටේ අනන්ත නිධානය තුළින් අන් අයට
නිමාවක් නොමැතිව දානය කිරීම යනු ඔවුන් කෙරෙහි දයාව දැක්වීම සහ ඔවුන්ව ඉහළ නැංවීමයි.
ඔබ සමඟ සම්බන්ධ වන ඕනෑම ජීවාත්මයක් සතුටේ නිධානයෙන් පිරී ඉතිරී ගොස් ආපසු යන
තත්ත්වයක් ඇති කරන්න. එවැනි අනන්ත දානපතියන් වන්න.