03.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියාගෙන් ලද ඥානය ඔබ නිතරම ඔබගේ සිහියේ තබා ගත යුතුයි. උදේ පාන්දරින්ම අවදි වී ස්වදර්ශන චක්‍රය කරකවා ඥාන සාගරය කලඹන්න.

ප්‍රශ්නය:
මෙම දේව අධ්‍යාපනයේ ඇති නීතිය කුමක්ද? ඒ වෙනුවෙන් ඔබ ලබා ඇති උපදේශය කුමක්ද?

පිළිතුර:
මෙම දේව අධ්‍යාපනයේ ඇති නීතිය නම් ඔබ දිනපතා එය හැදෑරිය යුතු වීමයි. එක වෙලාවකට ඉගෙනගැනීමත් තවත් වෙලාවකට නිකම් සිටිමත් එහි නීතිය නොවෙයි. මෙම අධ්‍යාපනය සඳහා බාබා ඔබට බොහෝ පහසුකම් ලබා දී තිබෙනවා. මුරලි තැපැල් කර හරිනවා. එමෙන්ම දවස් හතේ පාඨමාලාව ගත් පසු ඔබට ඕනෑම තැනක සිට ඥානය හැදෑරිය හැකියි. ඔබ කවදාවත් එම ඉගෙනීම අතපසු නොකළ යුතුයි.

ගීතය:
ශිවාට ආචාර වේවා...

ඕම් ශාන්ති.
මෙහි අසුන් ගෙන සිටින දරුවන් නිර්මාණකරුවාත් ඔහුගේ නිර්මාණයෙහි මුල, මැද සහ අග පිළිබඳවත් සිහිපත් කරනවා. එනම්, ඔවුන් ස්වදර්ශන චක්‍රය සිහිපත් කරනවා. පියා, දරුවන් වන ඔබට ස්වදර්ශන චක්‍රය කරවන්නන් බවට පත්වීම සඳහා වූ ඥානය ලබා දී තිබෙනවා. බ්‍රහමිණ් දරුවන් වන ඔබගේ ඉලක්කය වන්නේ ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත්වීමයි. ඔබ අශාරීරික ලෝකයත්, සූක්ෂම කලාපයත්, භෞතික ලෝකයත්, ඔබගේ උපත් 84හි චක්‍රයත් සිහියේ තබා ගත යුතුයි. අනෙක් සියලු දේ ඔබගේ සිතින් ඉවත් කර දමන්න. බාබා ඇත්තෙන්ම, අපව සූර්ය හා චන්ද්‍ර වංශිකයන් බවට පත්කළා යන්න ගැන දරුවන්ගේ සිහියේ තිබෙනවා. ඔබ උපත් 84ක් ගත්තා. වෙනයම් වැඩක යෙදී සිටින විටත්, ජීවය, නැතිනම්, තමා තුළ පියාත්, මෙම නිර්මාණයෙහි මුල, මැද හා අග පිළිබඳ වූ ඥානයත් තිබෙනවා. ශිව බාබා දැන් ඔබව ශුද්‍ර තත්ත්වයෙන් බ්‍රහමිණ් තත්ත්වයට පත්කරවා තිබෙනවා. ඔබ තම උපත් 84හි චක්‍රය තුළ තමාගේ කොටස රඟපාන්නේ කෙසේද යන්න ගැන බාබා ඔබට විස්තර කර දී තිබෙනවා. පළමුවෙන්ම ඔබලා බ්‍රහමිණ්වරුන්ය, ශිව බාබා තමයි බ්‍රහ්මා මාර්ගයෙන් ඔබව නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණකරුවාත් ඔහුගේ නිර්මාණය පිළිබඳ වූ ඥානයත් මාර්ගයෙන් තමයි ඔබ ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත්වන්නේ. ඔබ සෑම විටම මෙම ඥානය ඔබගේ බුද්ධියෙහි තබා ගත යුතුයි. උදේ පාන්දරින්ම අවදි වී ස්වදර්ශන චක්‍රධාරී අයෙක් බවට පත්වීමේ අවධානයෙන් යුතුව ඉන්න. අප දැන් අපගේ උපත් 84හි චක්‍රය ගැන දන්නවා. පියා, ජීව වන අප සියල්ලන්ගේම නිර්මාණකරුවා, ඒකායන කෙනායි. අප කියනවා, අප සියලුම දෙනා සහෝදරයෝ. අපගේ පියා තමයි ඒ උත්තරීතර දනව්වේ වාසය කරන්නා වූ උත්තරීතර පියා, උත්තරීතර ජීවය කියා. අපත් එහි වාසය කළා. ඔහු අපේ බාබායි. ’බාබා‘ කියන වචනය ඉතාමත් ආදරණීයයි. මිනිස්සු ශිව බාබා කෝවිල්වලට ගොස් ඔහුට වන්දනා කරනවා. ඒ වගේම බොහෝ සෙයින් ඔහුව සිහිපත් කරනවා. පියා කියනවා මා ඔබව මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට, පරිහාණියට පත් වූ බුද්ධියක් ඇති අයගෙන් පිරිසිඳු හා පැහැදිලි බුද්ධියක් ඇති අය බවට වෙනස් කරනවා. මා, ශුද්‍ර, පරිහාණියට පත් ඔබගේ බුද්ධීන් පිරිසිඳු හා පැහැදිලි එනම්, ඉහළින් වූ උසස් බුද්ධීන් බවට පත් කෙරෙව්වා. සෑම මනුෂ්‍යයෙක්මත්, කාන්තාවක්මත් ලක්ෂ්මි හා නාරායන ඉදිරියේ දණ නමා වඳිනවා, නමුත්, ඔවුන් කවුද, ආවේ කවදාද, කළේ මොනවාද ආදී කිසිම දෙයක් ඔවුන් දන්නේ නැහැ. ඒ වගේම භාරතය අවිනාශී වූ දේශයක් ලෙසත් බාබා විස්තර කරනවා. මන්ද, එය ඒ සදාකාලික උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ උපන් ස්ථානය ද වන හෙයිනි. එය ඒ පාරිශුද්ධකරුවා, සියලුම දෙනාට විමුක්තිය ලබා දෙන්නා වන ඔහුගේ උපන් ස්ථානයයි. ඉතින් එය තමයි සියලුම පූජනීය ස්ථානවලින් උසස්ම වූ ස්ථානය වන්නේ. කිසිම කෙනෙක් තුළ, මෙය ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ, සියලුම දෙනාට විමුක්තිය ලබාදෙන්නා වන ඔහුගේ උපන් ස්ථානය යන කුල්මත්භාවයක් නැහැ. පාරිශුද්ධකරුවාගේ උපත සිදු වූයේ භාරතයේයි. මිනිස්සු අනිවාර්යෙන්ම ශිවාගේ උපන් දිනය සමරණවා. ඉතින් ශිවා අනිවාර්යෙන්ම උපත ලබන්නේ මෙහි විය යුතුයි. භාරතය උසස් පූජනීය ස්ථානයක්. නමුත් නාටක සැලැස්ම අනුව කිසිම කෙනෙක් එය පරමාත්ම දෙවියන්ගේ, අපගේ පියා, අපගේ මව, පාරිශුද්ධකරුවා හා සියලුම දෙනාට විමුක්තිය ලබා දෙන්නා වූ පරම පියාගේ උපන් ස්ථානය බව දන්නේ නැහැ. මේ නිසා තමයි ඔවුන් භාරත දේශය ගැන මෙසේ කියන්නේ භාරත මාතාවට අචාර. ඒ කියන්නේ, මෙම ලෝකයේ ඉඳගෙනම ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් භාරතය දිව්‍ය ලෝකයක් බවට පත්කරන දූවරුන් වන ඔබ තුළ, ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් අප සෑම චක්‍රයකදීම භාරතය පාරාදීසයක් බවට පත්කරනවා යන කුල්මත්භාවය තිබිය යුතුයි. ඔබ සෑම කෙනෙක්ම ශ්‍රීමත් අනුගමනය කරනා තරමට උසස් ස්ථානයක් හිමි කර ගන්නවා. භාරතයේ මිනිස්සු එක චක්‍රයක කාල පරිච්ඡේදය අවුරුදු සියදහස් ගණනක් තිබෙනා බව කියනවා. ඔබ දන්නවා, ගීතාව භාරතයේ උපත ලද බාබා විසින් ස්ථාපනය කරන ලද ධර්මයේ දෙයක් බව. ගීතාව ගායනා කළේ කවුද යන්න ගැන භාරතයේ මිනිස්සු අමතක කර තිබෙනවා. ඒ අශාරීරික පියා හා ශ්‍රී ක්‍රිෂ්ණා අතර විශාල වෙනසක් තිබෙනවා. ඔබ දන්නවා ඒ ලස්සනට සිටි ක්‍රිෂ්ණා ජීවය දැන් ඔහුගේ උපත් ගණනාවක අවසන් උපතට පැමිණ සිටිනා නිසා දැන් තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී තිබෙන බව. පසුව මා ඔහු තුළට ඇතුළු වී ඔහුව ලස්සන ශ්‍රී ක්‍රිෂ්ණා බවට පත් කරවනවා. මේ නිසා තමයි ක්‍රිෂ්ණා අවලස්සන මෙන්ම ලස්සනම තැනැත්තා, ශ්‍යාම් සුන්දර් ලෙස හඳුන්වන්නේ. ඔහු තමයි ස්වර්ණම යුගයේ පළවන නොම්මරය ලත් කුමරා. ඔහුගේ කීර්තිය පැතිරී තිබෙන්නේ, උසස්ම වූ උපදෙස් පිළිපදින්නා වූත්, තම උත්තරීතර ධර්මය පාපයෙන් තොර තත්ත්වය ඇතිකර ගත්තා වූත් මනුෂ්‍යයා ලෙසයි. භාරතයේ මිනිස්සු රාධේ හා ක්‍රිෂ්ණාත්, ලක්ෂ්මි හා නාරායනුත් අතර තිබෙන සම්බන්ධතාවය කුමක්ද යන්න දන්නේ නැහැ. පියා කියනවා මේ වන තෙක් ඔබ අධ්‍යයනය කර තිබෙන කිසිම දෙයක, කිසිම අර්ථයක් නැහැ. ඔබ දැන් පෞද්ගලිකවම පියා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. ඔබ දන්නවා බාබා නැවතත් අවුරුදු 5000කින් පසු ඔබට රාජයෝගා ඉගෙනුම ලබා දෙන බව. මුළු ලෝකයාම කියන්නේ ගීතාව කිව්වේ ක්‍රිෂ්ණා බවයි. පියා කියනවා ක්‍රිෂ්ණාට අඩුම ගණනේ මේ ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ දැනුමවත් නැහැ. ක්‍රිෂ්ණාගේ ජීවය මීට ප්‍රථම උපතේදීත් මෙම ඥානය ලැබුවා. දැන් ඔහු නැවතත් එම ඥානය ලබා ගන්නවා. මා ඔහුව බ්‍රහ්මා යනුවෙන් නම් කර තිබෙනවා. මා ඔහුගේ උපත් ගණනාවකින් අවසානම උපතේදී ඔහු තුළට ඇතුළු වනවා. ඔබ දැන් ජීව මරණයක් ලබා තිබෙනවා. ඔබට සූක්ෂම වූ නම් දුන්නා. තවදුරටත් ඔබට මෙම නම් දෙන්නේ නැහැ. මන්ද ඒ බොහෝ අය දැන් පියාව අත්හැර ගොස් තිබෙන නිසයි. කෙනෙක් පියාට අයිති වී, අලුත් නමකුත් ලබා ඔහුව අත්හැර යෑම හරි දෙයක් නොවේ. මේ නිසා තමයි බාබා, නම් දිම නැවැත්වූයේ. ඔබ දැන් බ්‍රහමිණ්වරුන්, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් හා ශිව බාබාගේ මුණුපුරන් බවට පත් වී තිබෙනවා. පියා කියනවා ඔබ මගෙන් උරුමය ලබා ගත යුතුමයි. එමනිසා, මා සිහිපත් කරන්න! මෙය මොහුගේ උපත් ගණනාවකින් අවසානම උපතයි. සූක්ෂම ලෝකයේ පෙන්නුම් කර තිබෙන බ්‍රහ්මා පාරිශුද්ධයි. ජනතාවගේ පියා සූක්ෂම ලෝකයේ සිටිය නොහැකියි. මොහු වෘක්ෂයේ මුදුනෙහිම සිටගෙන සිටින භෞතික තැනැත්තා බව පියා විස්තර කරනවා. මොහු පිරිසිඳු ඉෂ්ඨ දේවතාවක් බවට පත්වීම සඳහා මෙහි යෝගා කරමින් අසුන්ගෙන සිටිනවා. මේ නිසා තමයි ඔහුවත් සූක්ෂම ලෝකය තුළ පෙන්නුම් කළ යුතු වන්නේ. මෙහිදි අනිවාර්යෙන්ම ප්‍රජාපිතාව අවශ්‍ය වෙනවා. ඔහු සූක්ෂම වන අතර මොහු භෞතිකය. ඔබත් මෙහි පැමිණ සිටින්නේ ඉෂ්ඨ දේවතාවන් බවට පත්වීමටයි. මෙහිදී තමයි මිනිස්සු පටලැවිලි සහගත තත්ත්වයට පත්වන්නේ. මන්ද, මෙම ඥානය සම්පූර්ණයෙන්ම අලුත් වූ දැනුමක් වන නිසයි. කිසිම ආගමික ග්‍රන්ථයක මෙම ඥානය සොයා ගන්න බැහැ. දෙවියන් කියන්නේ ඒකායන කෙනයි. උසස්ම වූ තැනැත්තා අශාරීරක උත්තරීතර පියා, උත්තරීතර ජීවය සියලුම දෙනාගේ පියායි. ඔහු වාසය කරන ස්ථානය වන්නේ ඒ උත්තරීතර දනව්වයි. සෑම කෙනෙක්ම ඔහුව සිහිපත් කරනවා එන්න, මායා අප වෙත සෙවනැල්ලක් යොමු කර තිබෙන හෙයින් අප අපිරිසිඳු වී තිබෙනවා. අලුත් අයගේ බුද්ධිය තුළට මේවා ඇතුළු වන්නේ නැහැ. ඔබ දැන් මෙම නිර්මාණයෙහි මුල, මැද හා අග ගැන දන්නවා. ස්වර්ණම යුගයේ රාජ්‍යය පාලනය කළේ අපි ටික දෙනෙක් පමණයි. එහි කිසිම අසත්‍යයක් නැහැ. ආගමික ග්‍රන්ථ වල ඔවුන් නොයකුත් දේවල් ලියා තිබෙනවා. නමුත් ඒ කිසිම දෙයක කිසිම අර්ථයක් නැහැ. ඉනිමගෙහි කෙමෙන් කෙමෙන් පහළට බැසගෙන ඒමේදී, ඔබ දැන් මේ අවසානයේ අපිරිසිඳුතාවයට පත්ව තිබෙනවා. ඔබ දැන් පිම්මක් ගන්නවා. පහළට ඒමට ඔබ උපත් 84ක් ගන්නවා. පසුව එක් ක්ෂණයකින් ඔබ පිම්මක් ගන්නවා. දරුවන් වන ඔබ දැන් රාජයෝගා ඉගෙන ගන්නවා. පසුව ඔබ සාම දේශයටත්, ඉන්පසු සතුටු දේශයටත් යනවා. මෙය දුක් සහිත දේශයයි. ඔබ ප්‍රථමයෙන්ම පහළට පැමිණියා. ඉතින් පියාත් පළමුවෙන්ම ඔබව මුණගැසෙනවා. පියා හා දරුවන්ගේ, ජීව හා උත්තරීතර ජිවයේ හමුවීම සිදුවන්නේ මෙහිදීයි. එහි නිවැරදිම සංඝණනය තිබෙනවා අප පියාගෙන් වෙන් වී අවුරුදු 5000යි. ප්‍රථමයෙන්ම අප දිව්‍ය ලෝකයේ අපගේ චරිත කොටස රඟපා පසුව දිගටම පහළට බැසගෙන ආවා. ඔබ දැන් පියා ළඟට පැමිණ සිටින අතර, එහි සිටින ටික දෙනත් මෙහි එනවා. එවිට ඔබගේ ඉගෙනුම අවසන් වනවා. සෑම කෙනෙක්ම මෙහි පැමිණිය යුතුයි එහි හිස් වූ කල, බාබා සෑම කෙනෙක්වම නැවතත් ගෙන යනවා. මෙය ඔබ තේරුම් ගත යුතු දෙයක්. ඔබ ඉගෙන ගත යුතුමයි. සමහර වෙලාවට පාසැල් යාමත්, සමහර වෙලාවට නොයා සිටීමත් නීතිය නොවේ. ඉගෙන ගැනීම සඳහා බාබා ඔබට නොයෙකුත් පහසුකම් ලබා දී තිබෙනවා. නැතිනම් කිසිම කෙනෙක්ට තැපෑලෙන් මෙම ඥානය ලබන්න බැහැ. මේ අසීමිත පියාගේ ඉගැන්වීම සෑම තැනකටම තැපැල් කර හරිනවා. පත්‍රිකා බොහොමයක් මුද්‍රණය කෙරෙනවා. නොයෙකුත් ස්ථාන වලට ඒවා බෙදා හරිනවා. දින හතක පාඨමාලාව ලැබුවායින් පසුව ඔබට ඕනෑම ස්ථානයකට ගොස් ඉගෙනීම කළ හැකියි. මේ වන විට චක්‍ර භාගයක් පුරාම සෑම කෙනෙක්ම අසනීප වී සිටිනවා. මේ නිසා තමයි ඔවුන්ව දින හතක යාගයකට යොමු කළ යුතු වන්නේ. මේ පාපයන් පහේ අසනීපය මුළු ලෝකය පුරාම පැතිරී ගොස් තිබෙනවා. ස්වර්ණම යුගයේ, ඔබට අසනීප වලින් තොර ශරීරයක් තිබුණා. ඔබ සැමදා, සෞඛ්‍යමත්ව ධනවත්ව සිටියා. දැන් පත් වී ඇති තත්ත්වය දෙස මදක් බලන්න. මේ මුළු නාටකයම පදනම් වී තිබෙන්නේ භාරතය මතයි. ඔබට දැන් ඔබගේ උපත් 84 මතකයි. සෑම චක්‍රයකදීම ඔබ ස්වදර්ශන චක්‍රධාරීන් මෙන්ම ලෝකය පාලනය කරන්නන් බවට පත්වෙනවා. දැන් රාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතින අතර සෑම කෙනෙක්ම අනුපිළිවෙලක් ඇතිව එහි තත්ත්වයක් හිමි කර ගන්නවා. සෑම ආකාරයකම සේවකයිනුත් අවශ්‍යයි. ඔබ කී දෙනෙක්ව ඔබ වගේම ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත්කර තිබෙනවාද යන්න ඔබගෙන්ම විමසිය යුතුයි. ඔබ කොතරම් දුරට අන් අයවත් ඔබ හා සම තත්ත්වයට පත් කරනවාද, ඒ තරමට තමයි ඔබ උසස් තත්ත්වයක් හිමි කර ගන්නේ. පියා ඔබට මායාත් සමඟ සටන් කරන ආකාරය උගන්වනවා. මේ නිසා තමයි මොහු යුධිෂ්ධීර ලෙස හඳුන්වන්නේ. ඔහු ඔබට මායා පරාජය කිරීමට ඇය හා සටන් කරන අන්දම උගන්වනවා. ඔවුන් යුධීෂ්ධීර හා ද්‍රෘතරාෂ්ට්‍රව පෙන්නුම් කර තිබෙනවා. මායාව පරාජය කරන අය මුළු ලෝකයමත් ජය ගන්නවා කියාත් කියනවා. කෙතරම් කාලයක් ඔබ ජයග්‍රාහීව සිටියාද, කෙතරම් කාලයක් ඔබ පරාජය වූවාද යන්න ගැන දන්නේ ඔබ පමණයි. මෙය භෞතික සටනකුත් නොවේ. ඒ වාගේම යක්ෂයින් හා දේවතාවන් අතරත් සටනක් ඇති වූයේ නැහැ. ඒ වාගේම කෞරවයින් හා පාණ්ඩවයින් අතරත් කිසිම සටනක් තිබුණේ නැහැ. කතාවක් තියෙනවා මායාත් බොරු, ශරීරයත් බොරු කියලා. මෙම භාරතය දැන් බොරුවෙහි දේශයකි. එය සත්‍යයේ දේශයක් වූවා. නමුත් එය රාවණගේ දේශය වීමෙන් පසුව බොරුවෙහි දේශයක් බවට පත් වූවා. ඔවුන් දෙවියන් ගැන නොයෙකුත් බොරු කියනවා. බොහෝ සෙයින් ඔහුට නිග්‍රහ කරනවා. නිග්‍රහවට ලක් වී තිබෙන ප්‍රතිමාවත් මෙහිදී සිහිපත් වනවා. වැඩියෙන්ම නිග්‍රහවට ලක්වන්නේ පියායි. ඔවුන්, ඔහු මාළුවන් තුළත්, කිඹුලන් තුළත් වගේම ගස්ගල් වලත් සිටිනවා යනුවෙන් ඔහුට අපහාස කරනවා. ශිෂ්ටත්වය කියන්නේ මෙයද? ඔබ දැන් උසස් බවට පත්වනවා. ඔබ දන්නවා පියා දැන් ඔබට වෙන කවුරුවත් නොදන්නා, නිර්මාණකරුවා ගැනත්, ඔහුගේ නිර්මාණයෙහි මුල, මැද හා අග පිළිබඳවත් විස්තර කර දෙන බව. සියලුම දෙනාට විමුක්තිය ලබාදෙන එකම තැනැත්තා පියායි. සෑම කෙනෙක්ම ඥානය මාර්ගයෙන් බාබාගෙන් විමුක්තිය ලබනවා. තමාම පරිහාණියට පත් වී සිටින අය තවත් කෙනෙක්ට විමුක්තිය ලබා දෙන්නේ කෙසේද? මා පැමිණ ඔබව රජවරුන්ගේත් රජවරුන් බවට පත් කරවනවා. ඔබ පාරිශුද්ධත්වයෙන් සිට වන්දනීයත්වයට පාත්‍ර වී, දැන් වන්දනාකරුවන් බවට පත් වී තිබෙනවා. අපිරිසිඳු රජවරුන් පාරිශුද්ධත්වයෙන් යුතු රජවරුන්ට වන්දනා කරනවා. ස්වර්ණම යුගයේදී ඔබ ඔටුණු දෙකක් පැළඳ සිටියා. රජවරුන් පාපකාරී වූ විට ඔවුන්ට තිබෙන්නේ එක ඔටුන්නකුයි. ඔවුනුත් අධිරාජ්‍යයන් හා අධිරාජිනියන්, කොහොමනමුත්, අපිරිසිඳු අය තවමත් ගිහින් පිරිසිඳු අය ඉදිරියේ දණ නමා වඳිනවා. පළමුව පිරිසිඳු ගෘහ ජීවිත මාර්ගයේ සිටි භාරතයේ ජනතාව, පසුව අපිරිසිඳු ගෘහ ජීවිත මාර්ගයට එක් වනවා. පියා කියනවා මේ මෙම මරණීය දේශයේ අවසානම උපතයි. මා දැන් ඔබව නැවතත් ස්වර්ණමය යුගය වෙත ගෙන යාම සඳහා පැමිණ සිටිනවා. මේ මිසයිල වලින් කරන යුද්ධය අවුරුදු 5000කට ප්‍රථමත් සිදු වූවා. මේ පැරණි ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ. පියා විස්තර කරනවා, ගෙදර පවුලේ අයත් සමඟ සිටිනා අතරම ඔබ නෙළුම් මලක් සේ ජිවත් විය යුතුයි. බ්‍රහමිණ්වරුන් වන ඔබ තමයි නෙළුම් මලක් වැනි තත්ත්වයට පත් වන්නේ. නමුත් ඔබ එය නිරන්තරවම තබාගන්නේ නැති නිසා මිනිස්සු එම සංකේතය විශ්ණු සමඟ ඈඳා තිබෙනවා. අද ඔබ නෙළුම් මලක් සේ ඉන්නවා, පසුව අවුරුදු දෙකකට පසුව ඔබ අපිරිසිඳු වනවා. මේ ඔබගේ උසස්ම වූ වංශයයි. මුදුණින්ම සිටින්නේ බ්‍රහමිණ්වරුන් වන ඔබයි. පසුව, නැවත නැවතත් උපත් ගැනීමෙන් ඔබ දේවතා, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර තත්ත්වයන්ට පත්වනවා. ඔබ එක ක්ෂණයකින්ම ශුද්‍රයින්ගෙන් දේවතාවන් බවට පත්වන්නේ නැහැ. බ්‍රහමිණ් මුදුන්කඩත් අවශ්‍යයි. බාබා දැන් බ්‍රහමිණ්වරුන් වන ඔබට උගන්වනවා. එමනිසා, ඔබ එවන් වූ පියෙක් අත් නොහළ යුතුයි. බාබා කියනවා මෙම ඥානය අසා පුදුමයට පත් වූ, මා හට අයිති වූ, මට සවන් දුන් අය මා අත්හැර ගොස් මායාට අයිති වූවා. ඔවුන් මගේ ද්‍රෝහීන් බවට පත් වී මට නිග්‍රහ කළා. සත්ගුරුට නිග්‍රහ කළ අයට දිව්‍ය ලෝකයේ උසස් තත්ත්වයක් ලද නොහැකියි යනුවෙන් කතාවත් තිබෙනවා. භක්ති මාර්ගයේ ඒ ගුරුන් විමුක්තිය ලබා දෙන්නන් නොවේ. සෑම ජීවයකගේම පියා, ගුරුවරයා හා ගුරූ වන්නේ ඒ එකම එක අශාරීරික පියායි. ඔහු සෑම කෙනෙක්වම අභිවෘද්ධිය කරා ගෙන යාම සඳහා පැමිණ සිටිනවා. අනාගතයේදී මිනිස්සු තේරුම් ගනීවි, නමුත් එවිට ප්‍රමාද වැඩියි. එවිට ඔවුන් තමන්ගේම ආගම්වලට යනවා. දේව ධර්මය තමයි සියලුම ආගම් වලට වඩා උසස්ම වූ ආගම වන්නේ. පියා සමඟ අසුන්ගෙන සිටින බ්‍රහමිණ්වරුන් වන ඔබ, ඔවුන්ටත් වඩා උසස් වූ අයයි. පිළිරුවකින් තොර වූ අශාරීරික තැනැත්තා ඔබට උගන්වනවා. පරම පියා කියනවා මට මටම කියා ශරීරයක් නැහැ. මා හඳුන්වන්නේ ශිවා ලෙසයි. එමෙන්ම මගේ නම වෙනස් කිරීමටත් බැහැ. අනෙක් සෑම කෙනෙකුගේම ශරීරයෙහි නම වෙනස් වෙනවා. මම උත්තරීතර ජිවයයි. ඉතින් කිසිම කෙනෙක්ට මගේ කේන්දරය කියවන්නත් බැහැ. මා අසීමිත සේ අඳුරෙන් පිරි රාත්‍රියේදී එය හිමිදිරියක් බවට පත්කිරීම සඳහා මෙහි පැමිණෙනවා. මේ සංගම් යුගයයි. මේවා හොඳින් තේරුම් ගෙන, ඒවා ධාරණය කර ගන්න. ඔබ මෙම කරුණු තම ආකල්පය මත තබා ගත යුතුයි. දරුවන් මෙහි පැමිණි කල ඔබට බොහෝ කාලවේලාව තිබෙනවා; මෙහිදී ඔබට ඉතාමත් හොඳින් ඥාන සාගරය නැවත නැවතත් ආවර්ජනය කළ හැකියි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉතාමත් උසස් වූ වංශයට අයත් වීමේ අවධානයත් සමඟ ඔබගේම නිවසේම ජීවත් වන අතර නෙළුම් මලක් සේ පාරිශුද්ධ වන්න. කවදාවත් සත්ගුරුව අපහාසයට ලක් කරන්න එපා.

2. ශ්‍රීමත් අනුගමනය කරමින් භාරතය දිව්‍යලෝකයක් බවට පත්කරවීමේ සේවය කරන්න. තමනුත් ස්වදර්ශන චක්‍රධාරී කෙනෙක් බවට පත් වී අන් අයවත් එම තත්ත්වයට පත් කරවන්න. කාලය ලැබෙන සෑම අවස්ථාවකදීම අනිවාර්යෙන්ම ඥාන සාගරය කලඹන්න.

වරදානය:
ඔබ නිරතුරුවම යහපත සළසන හැඟීමෙන් යුතුව අන් අයගේ ගුණධර්ම උකහා ගෙන නොසැලෙන සහ නිශ්චල බවට පත්වේවා.

ඔබේ ආධ්‍යාත්මික ස්ථිතිය නොසැලෙන සහ නිශ්චල කර ගැනීමට නම්, නිරන්තරයෙන් ගුණධර්ම ග්‍රහණය කර ගන්න. සෑම අවස්ථාවකදීම ගුණධර්ම එකතුකර ගැනීමට ඔබ පුරුදු වුවහොත්, ඔබේ මනස කිසිවිටෙකත් චංචල නොවනු ඇත. ගුණධර්ම එකතුකර ගැනීම යනු යහපත් චේතනා පවත්වා ගැනීමයි. යම් අයෙකුගේ අඩුපාඩු තුළින් පවා ගුණධර්ම දැකීම යනු ගුණධර්ම එකතුකර ගැනීමයි. එබැවින්, අඩුපාඩු ඇති අයගෙන් පවා ගුණධර්ම උකහා ගන්න. අන් අය තම අඩුපාඩු සම්බන්ධයෙන් කෙතරම් ස්ථිර අදහසක සිටියද, එලෙසම ඔබද ඔබේ ගුණධර්ම සම්බන්ධයෙන් ස්ථිරව සිටිය යුතුය. අඩුපාඩු සොයන්නෙකු නොව, ගුණධර්ම ගන්න කෙනෙකු වන්න.

පාඨය:
තමන් සතු සියල්ල පරම පියාට​​ පුද කර, ආලෝකමත් තත්ත්වයට පත්වන අය සුර දූතයන්ය.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

ඔබ පියාට සමාන වීම සඳහා ඔහුව අනුගමනය කරයි. එසේ නම්, බ්‍රහ්ම බාබා පරිසමාප්තියට පත් වූයේ කෙසේදැයි සිතා බලන්න. ඔහු තුළ තිබූ විශේෂ ලක්ෂණ මොනවාද? ඔහුගේ පරිපූර්ණත්වයට සාධක වූ විශේෂ කරුණ කුමක්ද? බ්‍රහ්ම පියා තම සෑම හුස්මක්ම සහ සෑම තත්පරයක්ම ඉතා අර්ථවත් ලෙස, ප්‍රයෝජනවත් අයුරින් යොදා ගත්හ. එබැවින්, පියාට සමාන වීම සඳහා, ඔබ සතු සියල්ල වටිනා ලෙස යොදා ගැනීමටත්, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත්වීමටත් ඉලක්කයක් තබා ගන්න.