04.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශ්‍රීමත් වල පදනමට අනුව ඔබ දැන් නිහඬතාවයේ ගැඹුරටම යමින් සිටියි. පියාගෙන් ඔබ සාමයේ උරුමය ලබා ගනී. සාමය තුළ සෑම දෙයක්ම අන්තර්ගතයි.

ප්‍රශ්නය:
අළුත් ලොව ස්ථාපනය වන්නේ කුමන ප්‍රධානතම පදනම මතද?

පිළිතුර:
පාරිශුද්ධත‍වය. අළුත් ලොව ස්ථාපනය කිරීම සඳහා පරමාත්ම පියා බ්‍රහ්මාගේ ශරීරය තුළට පැමිණෙන විට ඔබ සහෝදර සහෝදරියන් වෙයි. ගැහැණු සහ පිරිමි පිළිබඳ සෑම අවධානයක්ම අවසන් වෙයි. මෙම අවසාන උත්පත්තියේදි පාරිශුද්ධ වූ විට ඔබ පාරිශුද්ධ ලොවෙහි අධිපතියන් බවට පත්වෙයි. සහෝදර සහෝදරියන් ලෙසින් එකට ජීවත් වන බවත්, දුර්ගුණ පිළිබඳ ද්‍රිෂ්ඨියක් ඇති නොකරන බවත්, එකිනෙකාගේ අවධානය යොමු කරමින් ඉදිරියට යන බවත් ඔබ තමන්ට පොරොන්දු වෙයි.

ගීතය:
අවදිවන්න මනාලියනි, අවදිවන්න! නව අරුණෝදය ළඟ ළඟම ඇත ...

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන් ගීතය ඇසූ විට ස්වදර්ශන චක්‍රය ඔබගේ බුද්ධියෙහි බ්‍රමණය විය. පියාටද ස්වදර්ශන චක්‍රධාරි යැයි කියයි, මන්ද ලොවෙහි මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම තිබීම යනු ස්වදර්ශන චක්‍රධාරි වීමය. පියා හැරුණු කොට වෙන කිසිවෙකුට මෙම දේවල් විස්තර කළ නොහැක. බ්‍රහ්මිණ්වරුන් වන ඔබට සෑම දෙයක්ම රඳා පවතින්නේ නිශ්ශබ්දතාවය මතය. සෑම මනුෂ්‍යයෙක්ම, ඔහුට ‘සාමය ලබාදෙන්නා‘ යැයි කියයි. ‘හේ සාමය ලබා දෙන්නා!‘. සාමය ලබාදෙන්නේ කවුරුන්ද කියාවත්, අපව සාම දේශයට රැගෙන යන්නේ කවුරුන් විසින්ද කියාවත් කිසිවෙකු නොදනී. ඔය දරුවන් පමණයි මෙය දන්නේ. බ්‍රහ්මිණ්වරුන් වන ඔය දරුවන් පමණයි ස්වදර්ශන චක්‍රධාරි වන්නේ. දෙවි දේවතාවරුන්ට ස්වදර්ශන චක්‍රධාරි යැයි කිව නොහැක. එහි දහවල සහ රාත්‍රිය මෙන් වෙනසක් ඇත. ඔය සෑම දරුවෙක්ම අංක පිළිවෙලකට අනුව, උත්සාහ දරන තරමට ස්වදර්ශන චක්‍රධාරියෙකි. ප්‍රධානතම දෙය වන්නේ පියා ස්මරණය කිරීමයි. පියා ස්මරණය කිරීම යනු තම සාමයේ උරුමය හිමි කර ගැනීමයි. සාමය තුළ සෑම දෙයක්ම අඩංගු වී ඇත. ඔබගේ ආයුෂ වැඩිවන අතර ඔබගේ ශරීරය ලෙඩ රෝග වලින් නිදහස් වෙයි. පියා හැරුණු කොට අන් කිසිවෙකුට ඔබව ස්වදර්ශන චක්‍රධාරි කළ නොහැක. මෙය වන්නේ ජීවයයි. පියාද මෙය වන්නේය, මන්ද ලොවෙහි මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ඔහු තුළ තිබෙන නිසා. තවද, දැන් නව ලොව ස්ථාපනය වෙමින් පවතින බව ඔබ ගීතයෙහි ඇසුවේය. මෙම ගීත ලියා ඇත්තේ මනුෂ්‍යයන්ය. පියා මෙතැන අසුන්ගෙන ඒ හැම එකකම සාරය ඔබට විස්තර කර දෙයි. ඔහු සෑම ජීවියෙකුගේම පියායි. එබැවින් දරුවන් සැවොම සහෝදර සහෝදරියන්ය. පියා නව ලොව නිර්මාණය කරන විට ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙන් සහෝදර සහෝදරියන් වෙයි. ඔබ සෑම කෙනෙක්ම බ්‍රහ්ම කුමාරයෙක් හෝ බ්‍රහ්ම කුමාරියෙකි. මෙය ඔබගේ බුද්ධියෙහි රැඳෙන විට ගැහැණු පිරිමි පිළිබඳ අවධානය ඉවත්වෙයි. අප ඇත්ත වශයෙන්ම සහෝදරයන් බව මනුෂ්‍යයන්හට නොවැටහෙයි. ඉන්පසු පියා නිමැවුම නිර්මාණය කරන විට අප සහෝදර සහෝදරියන් වී අපරාධකාර ද්‍රිෂ්ඨිය අවසන් වෙයි. අහෝ පාරිශුද්ධත්වයට පත් කරවන්නා පැමිණෙන්න! කියමින් අප අඬ ගැසු බව ද පියා අපට මතක් කර දෙයි. දැන් මා පැමිණ ඇති බැවින් ‘මා ඔබට මෙම අවසන් උපතේදී පාරිශුද්ධව හිඳින ලෙස කියා සිටිමි.‘ ඔබ එවිට පාරිශුද්ධ ලොවෙහි අධිපතියන් බවට පත්වෙයි. ඔය දරුවන් බ්‍රහ්මිණ්වරුන් බැවින් ඔබගේ ප්‍රදර්ශන පිංතූර සෑම නිවසකම තිබිය යුතුයි. මෙම පිංතූර අනිවාර්යෙන්ම ඔබගේ නිවෙස් වල තිබිය යුතුයි. මෙම පිංතූර භාවිත කරමින් විස්තර කිරිම ඉතා පහසුයි. උපත් 84 චක්‍රය ඔබගේ බුද්ධියෙහි ඇත. හොඳයි ඔබ වෙතට ගුරුවරයෙක් එවිය හැක. ඇයට පැමිණ සේවය කොට නැවත පිටත්ව යා හැක. ඔබට ප්‍රදර්ශනයක් සකස් කළ හැක. භක්ති මාර්ගයේ කෙනෙක් ක්‍රිෂ්ණාට වන්දනාමාන කරන අයුරු හෝ කිසිම මන්ත්‍රයක් හෝ නොදන්නා විට ඔහු බ්‍රහ්මණ පූජකයෙකුට පැමිණෙන ලෙස ආරාධනා කරයි. ඔහු දිනපතා පැමිණ කුමක් හෝ වත් පිළිවෙතක් පවත්වයි. ඔබටද කෙනෙකුට ආරාධනා කළ හැක. ඇත්ත වශයෙන්ම මෙම දැනුම ඉතා පහසුයි. පියා ලොව නිර්මාණය කරන්නට ඇත්තේ ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙනි. එබැවින් බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් සහෝදර සහෝදරියන් බවට පත් වන්නට ඇත. ඔබ සහෝදර සහෝදරියන් ලෙසින් එකට ජීවත් වන බවත්, දුර්ගුණයේ ද්‍රිෂ්ඨියක් ඇති නොකරන බවත් දෙදෙනාම පොරොන්දු වෙයි. ඔබ එකිනෙකාට අවධානයෙන් සිටින ලෙස මතක් කරමින් ඉදිරියට යයි. ප්‍රධානතම දේ වන්නේ ස්මරණ වන්දනාවේ යෙදීමය. එම මිනිසුන් විද්‍යාවේ බලයෙන් ඉහළට යෑමට බොහෝ වෙහෙසෙති. කෙසේවෙතත්, එම ඉහළ ලෝකයක් නොමැත. එයට විද්‍යාවේ පත්ලටම යෑම යැයි කියයි. ඔබ දැන් ශ්‍රීමත් වලට අනුව නිශ්ශබ්දතාවයේ පතුලටම යයි. ඔවුන්ට විද්‍යාව ඇති අතර ඔබට නිශ්ශබ්දතාවය ඇත. ජීවාත්මයන් වන ඔබ නිශ්ශබ්දතාවයේ ප්‍රතිරූපයන් බව ඔය දරුවන් දනී. ශරීර ගන්නේ ඔබගේ කොටස රඟපෑමට පමණයි. කිසි කෙනෙකුට ක්‍රියාවන්හි නොයෙදී ජීවත් විය නොහැක. පියා පවසන්නේ තමන් එම ශරීරයෙන් වෙන් වූ ජීවයක් ලෙස සළකා පියාව ස්මරණය කරන්න, එවිට ඔබගේ පාප දුරු වෙයි. මෙය ඉතා පහසුයි. මෙය මගේ භක්තිකයන්ට, ශිවා වන්දනාමාන කරන්නන්ට වැඩි වශයෙන්ම විස්තර කර දෙන්න. සැමට වඩා උසස්ම වන්දනාව ශිව වන්දනාවයි, මන්ද සැමටම විමුක්තිය ලබා දෙන්නේ ඔහුයි. පියා පැමිණ ඇති බවත් අප සැවොම ඔහුත් සමඟ රැගෙන යන බවත් ඔය දරුවන් දැන් දන්නවා. නාටකයට අනුව නිවැරදි වේලාවට, අපි අපේ කර්මතීත් තත්ත්වයට පත්වෙයි එවිට විනාශය සිදුවෙයි. ජීවාත්මයන් වන අප සතෝප්‍රධාන් වීම සඳහා බොහෝ උත්සාහ දැරිය යුතුයි. අප පියාගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ගීතාවට, ශ්‍රීමත් භගවත් ගීතාව යැයි කියයි. මෙය මහත් ප්‍රශංසාවකි. දෙවි දේවතාවන් ගැන ගයන ප්‍රශංසා නම්, ඔවුන් ගුණ ධර්ම වලින් පරිපූර්ණ බවත්, දුර්ගුණ සම්පූර්ණයෙන්ම දුරු කර ඇති බවත්ය. පියාම පැමිණ අපව සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ කරයි. ලොව සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වූ විටයි පියා පැමිණ ලොව සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත‍වයට පත් කරන්නේ. සෑම කෙනෙක්ම, ඔවුන් දෙවියන්ගේ දරුවන් බව පවසයි. එබැවින් අනිවාර්යෙන්ම දෙව්ලොවෙහි උරුමය තිබිය යුතුයි. මනුෂ්‍ය ප්‍රජාවගේ පියා, ප්‍රජාපිතා බ්‍රහ්මා ගේ මාර්ගයෙන් අප දැන් සහෝදර සහෝදරියන් බවට පත් වී ඇත. පියා පසුගිය චක්‍රයේද පැමිණුනි. මේ නිසයි ශිව් ජයන්ති සමරන්නේ. ඔබ අනිවාර්යෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මා ගේ දරුවන් වන්නට ඇති. බාබා, අපි සහකරුවන් ලෙස එකට ජීවත් වී පාරිශුද්ධ ජීවිතයක් ගත කරන්නෙමු, කියා ඔබ පියාට පොරොන්දු වෙයි. අපි ඔබගේ උපදෙස් අනුගමනය කරන්නෙමු. මෙය විශාල දෙයක් නොවේ. මෙය දැන් ඔබගේ අවසාන උපතයි. මෙම මරණයේ ලෝකය දැන් නිමාවන්නට යයි. ඔබ දැන් නුවණැත්තන් බවට පත්වී ඇත. යම් කෙනෙක් තමන් දෙවියන් යැයි කියා, කියා සිටින්නේ නම්, ‘දෙවියන් සැමටම විමුක්තිය ලබා දෙන්නාය, එම කෙනා කෙසේද මෙසේ කියන්නේ?‘ යැයි ඔබට කිව හැක. කෙසේවෙතත්, මෙය නාටකයේ ක්‍රීඩාවක් බව ඔබට වැටහේ. පියා ඔබව ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත් කරන්නේය. පියා පවසන්නේ ‘සේවයේ නිරත වී සිටින්න‘ කියාය. සෑම නිවසකම ප්‍රදර්ශනයක් ආරම්භ කරන්න. මීට වඩා උසස් පුණ්‍යකර්මයක් නැත. පියා වෙතට යන මාර්ගය පෙන්නුම් කර දීමට වඩා උසස් තවත් පුණ්‍යකර්මයක් නොමැත. පියා පවසන්නේ මා පමණක් ස්මරණය කරන්න එවිට ඔබගේ පාප දුරු වේවි. මේ නිසයි ඔබ පියාට අඬ ගැසුවේ අහෝ පාරිශුද්ධත‍වයට පමුණුවන්නා, විමුක්තිය ලබා දෙන්නා, මඟ පෙන්වන්නා, පැමිණෙන්න! පාණ්ඩවයන් ලෙස සිහිපත් කරන්නේද ඔබලාවයි. පියා මඟ පෙන්වන්නාය. ඔහු සෑම ජීවාත්මයක්ම ආපසු ගෙන යයි. එම මඟ පෙන්වන්නන් භෞතික වන අතර මෙම කෙනා ආධ්‍යාත්මික මඟ පෙන්වන්නායි. ඒවා භෞතික වන්දනා ගමන් වන අතර මෙය ආධ්‍යාත්මික වන්දනා ගමනකි. ස්වර්ණමය යුගයේදි භක්ති මාර්ගයේ භෞතික වන්දනා ගමන් නොමැත. එහිදී ඔබ පිදුම් ලබන්නට සුදුසුයි. පියා දැන් ඔබව බොහෝ සේ නුවණැත්තන් බවට පත් කරවයි. එබැවින් ඔබ පියාගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. එසේ නොවේද? යම්කිසි සැකයක් ආදිය තිබේ නම් ඔබ එය ඇසිය යුතුයි. පියා කියන්නේ සුමිහිරි දරුවනි, ජීව අවධානයට පත්වන්න කියාය. තමන් ජීවයක් ලෙස සළකා පියා ස්මරණය කරන්න. ඔබ මගේ සෙනෙහෙබර දරුවන් නොවේද? ඔබ චක්‍රයෙන් භාගයක්ම මගේ පෙම්බරයන් වී සිටියේය. එකම කෙනාට, නම් බොහොමයක් තිබේ. බොහෝ නම් දී තිබෙන අතර දේවාල බොහොමයක් ගොඩනගා ඇත. කෙසේ වෙතත්, මම එක් අයෙක් පමණයි. මගේ නම ශිවාය. මම වසර 5000 කට පෙර භාරතයට පැමිණ ඔය දරුවන් හදා ගත්තේය. මම දැන් නැවත වතාවක් ඔබව හදා ගන්නෙමි. ඔබ බ්‍රහ්මා ගේ දරුවන් නිසා ඔබ මුනුබුරන් සහ මිනිබිරියන් ද වන්නේය. මෙහිදී උරුමයකට හිමිකම් ලබන්නේ ජීවයයි. මෙහිදි සහෝදරයෙක් හෝ සහෝදරියක් වීමේ ප්‍රශ්නයක් නැත. ඉගෙනගෙන උරුමයක් හිමි කරගන්නේ ජීවයයි. මේ සඳහා සෑම දෙනාටම අයිතියක් ඇත. මෙම පැරණි ලොවෙහි ඔය දරුවන්ට පෙනෙන සෑම දෙයක්ම විනාශ වීමට යයි. ඇත්ත වශයෙන්ම මහාභාරත යුද්ධය ඇත. අසීමිත පියා ඔබගේ අසීමිත උරුමය ලබා දෙයි. ඔහු අපට අසීමිත දැනුම ලබා දෙයි. එබැවින් අසීමිත අත්හැරීමක් ද තිබිය යුතුයි. ඔබ දන්නවා චක්‍රයකට පෙරද පියා ඔබට රාජයෝගා ඉගැන්වු බව. අශ්වයා බිලි දෙන මෙම යාගහෝමය නිර්මාණය කර ඇත. එවිට රාජධානියට, ස්වර්ණමය යුගයක් වූ අළුත් ලොවක් අනිවාර්යෙන්ම අවශ්‍ය විය. පැරණි ලොව විනාශ විය. එය වසර 5000ක කාරණාවකි. මෙම යුද්ධය හට ගැනීම තුළිනුයි දෙව්ලොව දොරටු විවෘත වූයේ. පුවරුවක ලියන්න ‘දෙව්ලොව දොරටු විවෘත වන අන්දම පැමිණ වටහා ගන්න.‘ ඔබට විස්තර කළ නොහැකි නම් වෙනත් අයට පැමිණ විස්තර කරන ලෙස ආරාධනා කරන්න. එවිට ඔබගේ සංඛ්‍යාව ක්‍රම-ක්‍රමයෙන් වැඩි වෙයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන ඔබ බ්‍රහ්මිණ්වරු බොහෝ දෙනෙකු සිටියි. උරුමය ලැබෙන්නේ ශිව් බාබා ගෙනුයි. ඔහු සැම දෙනාගේම පියායි. ඔබ, බ්‍රහ්මිණ්වරුන්ගෙන් දෙවි දේවතාවරුන් බවට පත්වන බව ඔබගේ බුද්ධියෙහි පැහැදිලිව තබා ගන්න. අප දෙවි දේවතාවරුන්ව සිට ඉන්පසු චක්‍රය වටා ගියේය. අප දැන් බ්‍රහ්මිණ්වරුන් වී ඇති අතර ඉන්පසු විෂ්ණුගේ දේශයට යයි. මෙම දැනුම ඉතාම පහසුයි එහෙත් කෝටි ගණනකින් කිහිප දෙනයි මතුවන්නේ. ප්‍රදර්ශන වලට බොහෝ දෙනෙකු පැමිණියත් ඉන් මතුවන්නේ කිහිප දෙනෙකි. සමහරු නිකම්ම එය වර්ණනා කොට එය බොහෝ හොඳ බව පවසා, ඔවුන් එන බවද කියා යති. කලාතුරකින් කිහිප දෙනෙක් පමණයි පැමිණ දින 7 පාඨමාලාව හදාරන්නේ. කෙසේ වෙතත්, දැන් දින 7 ක් යනු කුමක්ද? ගීතාව දින 7 ක් පුරා කියවනු ලැබේ. ඔබද දින 7 ක් බතියක සිටිය යුතුයි. තමන් ජීවයක් ලෙස සළකා පියාව ස්මරණය කිරීමෙන් තමන් තුළින් සෑම අපද්‍රව්‍යයක්ම ඉවත් වෙයි. චක්‍ර භාගයක් පුරා ඔබ රැස් කළ ශරීර අවධානය නම් වූ අපවිත්‍ර රෝගය ඉවත් කළ යුතුයි. ජීව අවධානයට පත්වන්න. දින හතේ පාඨමාලාව ලොකු දෙයක් නොවේ. සමහරුන්ට තත්පරයකින් ඊතලය පතිත වෙයි. අන්තිමේට පැමිණෙන අයට වේගයෙන් ඉදිරියට යා හැක. ඔවුන් තරඟ කොට පියා ගෙන් අනිවාර්යෙන්ම උරුමය හිමි කර ගන්නා බව පවසයි. සමහර දෙනෙක් පැරණි අයටත් වඩා වේගයෙන් ඉදිරියට යයි, මන්ද ඔවුන්ට දැන් ඉතා හොඳ, කලින් සකස් කරන ලද කරුණු දෙනු ලබන නිසා. ප්‍රදර්ශන වලදී පිංතූර ආදිය විස්තර කර දීම ඉතාමත් පහසුයි. ඔබට විස්තර කළ නොහැකි නම් සහෝදරියකට දිනපතා පැමිණ විස්තර කර දෙන්න කියා ආරාධනා කරන්න. වසර 5000 කට පෙර එය ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය වූයේය. එය වසර 1250 ක් පැවතුනි. එය බොහෝ සෙයින් කෙටි කතාවකි. අප දෙවි දෙවතාවරුන්ව සිට, පසුව සටන්කාමීන්ද ඉන්පසු වෙළෙඳුන්ද පසුව ශුද්‍රයින්ද විය. ජීවයක් වූ මම බ්‍රහ්මිණ් කෙනෙකු වූයෙමි. ‘හම් සෝ (මා සිටි අන්දමට මා නැවත පත්වෙමි) හි තේරුම ඉතා නිවැරදිව විස්තර කර ඇත. විවිධත‍ව (බහුරූපී) රූපයේ පිංතූරය ඇතත් එයින් බ්‍රහ්මිණ්වරුන් සහ ශිව් බාබාව ඉවත් කොට ඇත. එම පිංතූරයේ අරුත කිසි කෙනෙකුට වැටහෙන්නේ නැත. ඔය දරුවන් දැන් ස්මරණයේ සිටීම සඳහා උත්සාහ දැරිය යුතුයි. ඔබ තුළ සැකයන් නොතිබිය යුතුයි. ඔබට පාප ක්‍රියාවන් ජයගෙන උසස් ස්ථානයක් හිමි කර ගැනීමට අවශ්‍ය නම්, යම් කිසි දෙයක් සිදුවන්නේ මන්ද, සහ කෙනෙක් යම් යම් ක්‍රියාවන් කරන්නේ මන්ද යන සිතිවිලි ඇතිවීම නතර කළ යුතුයි. ඒ සෑම දෙයක්ම නවතා තමෝප්‍රධාන් සිට සතෝප්‍රධාන් වීමේ සිතිවිල්ල පමණක් ඇති කර ගන්න. ඔබ පියාව ස්මරණය කරන තරමට, ඒ තරමින් ඔබ පාපකාරි ක්‍රියාවන් ජයගෙන උසස් ස්ථානයකට හිමිකම් ලබයි. ඒ සමඟම වැඩකට නැති දේවලට සවන් දී ඔබගේ ඔළුව නරක් කර නොගන්න. සැමටම වඩා වඩාත්ම වැදගත් දේ වන්නේ ඔහුව අමතක නොකිරීමයි. කිසි කෙනෙක් සමඟින් තම කාලය අපතේ නොහරින්න. ඔබගේ කාලය බොහෝ සේ වටිනවා. කුණාටු වලට බිය නොවන්න. බොහෝ දුෂ්කරතා පැමිණෙන අතර පාඩු ද සිදුවිය හැක. එහෙත් පියාගේ ස්මරණයේ සිටීමට කිසි විටෙක අමතක කරන්න එපා. මෙම ස්මරණය තුළිනුයි අප පාරිශුද්ධත‍වයට පත් විය යුත්තේ. අපගේම උත්සාහයෙනුයි අප උසස් ස්ථානයකට හිමිකම් ලබා ගත යුත්තේ. මෙම මහළු පියා බොහෝ සෙයින් උසස් තත්ත්වයකට හිමිකම් ලබයි නම් ඔබ එය නොකරන්නේ මන්ද? මෙයද ඉගෙනුමකි. ඔබට පොත් පත් ආදිය අතට ගැනීමට උවමනාවක් නැත. මුළු කතාවම ඔබගේ බුද්ධිය තුළ ඇත. එය ඉතාමත්ම කෙටි කතාවකි. එය තත්පරයක සිදුවීමකි. ‘ජීවන් මුක්තිය ලැබෙන්නේ තත්පරයකදී‘ය. ප්‍රධානතම දේ වන්නේ පියා ස්මරණය කිරිමයි. ඔබව ලොවෙහි අධිපතියන් බවට පත් කරවන පියාව ඔබ අමතක කරයි! සෑම කෙනෙක්ම රජ කෙනෙක් නොවන බව ඔබ කියයි! ආ! එහෙත්, ඔබ සෑම කෙනෙක් ගැනම කනස්සලු වන්නේ කුමකටද? පාසැලේ දී සෑම කෙනෙක්ම ශිෂ්‍යත‍වයක් ලැබිය යුතු බවට ඔවුන් සැළකිලිමත් වෙනවාද? ඔවුන් නිකම්ම ඉගෙනුම ආරම්භ කරයි. සෑම කෙනෙකුගේම උත්සාහය අනුව ඔවුන් කුමන තත්ත්වයකට හිමිකම් ලබයිද කියා වටහා ගත හැක. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම කාලය ඉතාම වටිනා එකකි. අනවශ්‍ය දේවල් මත එය අපතේ නොහරින්න. මොන තරම් කුණාටු පැමිණියත්, කුමන පාඩුවක් විඳින්නට සිදු වූවත් පියාගේ ස්මරණයේ සිටින්න.

2. තමෝප්‍රධාන් සිට සතෝප්‍රධාන් බවට පරිවර්ථනය වීම පිළිබඳව පමණක් සිතන්න. වෙනින් කිසිම දෙයක් ගැන නොසිතන්න. ‘හම් සෝ සෝ හම්‘ යන කෙටි කතාව වටහා ගෙන නිවැරදිව විස්තර කරන්න.

වරදානය:
සෙනෙහසේ ගිලී සිටීමේ අවධිය අත්විඳීමෙන් ඔබ මායා ජයගත්තෙකු වී, එමඟින් මායා ඔබේ භක්තිවන්තයා කරවන්න.

සෙනෙහසේ ගිලී සිටීමේ අවධිය අත්විඳීමට, ඔබේ බොහෝ නම්බු නාම, ඔබේ ගුණධර්ම වල සැරසිලි, ඔබේ බොහෝ ආකාරයේ සතුට, ඔබේ ආධ්‍යාත්මික කුල්මත් බව, නිර්මාණකරු හා නිර්මාණය පිළිබද කරුණු සහ ඔබේ ලැබීම් සියල්ල සිහියේ තබා ගන්න. ඔබ කැමති මාතෘකාවන් මතගාන්න, එවිට ඔබට සෙනෙහසේ ගිලී සිටීමේ අවධිය පහසුවෙන් අත්විඳිය හැකිය. එවිට ඔබ කිසි විටෙකත් වෙනත් කිසිවෙකුගේ බලපෑමට හසු නොවනු ඇති අතර මායා ද ඔබට ආචාර කරනු ඇත. මායා සංගම් යුගයේ පළමු භක්තිවන්තයා බවට පත්වනු ඇත. ඔබ දේවපුත්‍රයෙකු වශයෙන් මායා ජයගත්තෙකු වූ විට, මායා ඔබේ භක්තිවන්තයා බවට පත්වනු ඇත.

පාඨය:
ඔබගේ වචන සහ ක්‍රියාකාරකම් බ්‍රහ්ම බාබාගේ ඒවාට සමාන කරගන්න, එවිට ඔබට සැබෑ බ්‍රහ්මින්වරයෙකු යැයි කියනු ලැබේ.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

නිරන්තර ස්මරණයේ සිටීමට ඇති පහසු මාර්ගය වන්නේ ඔබගේ ගෘහයේ (ප්‍ර වෘති) සිටින අතර එපිට සිටීමේ (පාර් වෘති) ආකල්පයක් තිබීමයි. එපිට සිටීමේ ආකල්පයක් යනු ජීව අවධානයයි. ඔවුන්ගේ ජීව අවධාන ස්වරූපය පවත්වා ගන්න අය නිරන්තරයෙන් නොබැදීව සහ පියාට ආදරණීයව සිටියි. කුමක් කළත් ඔවුන් යමක් කළ බවක් ඔවුන්ට නොදැනෙන අතර ඔවුන් ක්‍රීඩාවක් පමණක් කළ බව හැගෙයි. ඔවුන්ගේ ආධ්‍යාත්මික දෑස් සහ ආධ්‍යාත්මික පිළිරුව, සෑම ජීවාත්මයකටම උත්සාහ නොදරාම තම ජීව අවධාන ස්වරූපය දැකගත හැකි කැඩපතක් වෙයි.