04.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඥාන සාගර පරමාත්ම පියා දැන් ඔබට ඥානයේ තෙවෙනි ඇස දීමට පැමිණ සිටිනවා. ඔය ජීවාත්මයන් ඒකාලෝක වන්නේ එමඟිනි.

ප්‍රශ්නය:
පරමාත්ම පියාට කරන්කරවන්හාර් කියා කියන්නේ ඇයි? ඔහු තමන් විසින්ම ඉටු කරනා කාර්ය භාරයන් මොනවා ද? අන් අයව දිරිමත් කරවමින් කරනා කාර්ය භාරයන් මොනවා ද?

පිළිතුර:
බාබා කියනවා: මම ඔය දරුවන්ට මුරලිය දීමේ කාර්යය කරනවා. මම ඔබට මුරලිය කියා දී, මන්ත්‍රයක් දී ඔබව වටිනා කෙනෙක් බවට පත් කරවනවා. ඉන් පසුව මම දෙව්ලොව විවෘත කිරීමේ කාර්යයත් ඔය දරුවන් හරහා කරනවා. ඔබලා දූතයින් වී සැමටම පණිවිඩය බෙදා හරිනවා. මම ඔය දරුවන්ට උපදෙස් දෙනවා. මේ මගේ කරුණාව හා ආශිර්වාදයි.

ගීතය:
උදේ පාන්දරින් මෙහි පැමිණියේ කවුරුන් දෝ?

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට ගීතය ඇසුණා. දරුවන් වෙත අපගේ තෙවෙනි ඇස හොඳින්ම විවර කරවීම සඳහා උදේ පාන්දරින්ම අපව අවදි කරවිමට පැමිණෙන්නේ කවුද? අපගේ ඥානයේ තෙවෙනි ඇස විවර කළේ ඥාන සාගර පරමාත්ම පියා පරමාත්ම ජීවය විසිනුයි. අපගේ ආලෝකය ඒකාලෝක කරන්නේ පරමාත්ම පියායි කියා කිව්වත් ඔහු තමයි පරමාත්ම පියා කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. බ්‍රහ්ම සමාජීන් ඔහු ආලෝක දැල්ලක් කියා. එළියක් කියා සලකනවා. ඔවුන් තම දේවාල වල නිරන්තරයෙන් දැල්වී පවතින පහනක් තබනවා. ඒ දෙවියන් ආලෝකයක් කියා ඔවුන් විශ්වාස කරනා නිසායි. මෙන්න මේ නිසා තමයි ඔවුන් නිරන්තරයෙන්ම තම දේවාල වල පහනක් දල්වා තබන්නේ. මේ පරමාත්ම පියා ගිණිකූරක් ගෙන ඔබගේ පහන පත්තු කරන්නේ නැහැ. මෙය මුලුමනින්ම අසහාය වුවක්. දෙවියන්ගේ කියුම් කෙරුම් අසහායයි කියා කියනවා. පරමාත්ම පියා පැමිණ විමුක්තිය සඳහා ඔය දරුවන්ට ඥානය හා යෝගාව කියා දෙන බව ඔබලා දැන් තේරුම් ගෙන සිටිනවා. මෙය ඔබට කියා දිය හැකි කෙනෙක් අනිවාර්යෙන්ම සිටිය යුතුයි. ශරීරය කිසිම දෙයක් කියා දෙන්නේ නැහැනේ. සියල්ල කරන්නේ ජීවත්මයයි. හොඳ නරක සංස්කාර ඇත්තේ ජීවාත්ම සත්තාවේයි. මේ කාලයේ සිටිනා රාවණ නිසා මිනිසුන්ගේ සංස්කාර නරක් වෙලා. ඒ සෑම කෙනෙක් තුළටම දුර්ගුණ පහ ඇතුලු වෙලා. මේ පංච දුර්ගුණ දේවතාවරුන්ට නැහැ. භාරතය පුරා දේවතා ආධිපත්‍යය පැවති කළ මෙම නරක සංස්කාර තිබුණේ නැහැ. ඔබලා සියලුම ගුණධර්ම වලින් පිරී සිටියා. දේවතාවරුන්ට ඉතාමත් හොඳ සංස්කාර තිබුණු අතර ඔබලා දැන් ඒවා ධාරණය කර ගනිමින් සිටිනවා. එක් තත්පරයකින් සෑම කෙනෙකුටම මුක්තිය ලබා දෙන්නේ පරමාත්ම පියා පැමිණි විට පමණයි. භක්ති මාර්ගය ආරම්භයේ පටන් ගුරුන් සිටියත් ඒ කිසිම කෙනෙකුට මුක්තිය හෝ ජීවන මුක්තිය දානය කරන්න බැහැ. සෑම කෙනෙකුටම විමුක්තිය ලැබෙන්නේ පරමාත්ම පියා පැමිණි විට පමණයි. අපිරිසිඳු ලෝකය විනාශ කර පාරිශුද්ධ ලෝකය විවෘත කරන්න. පාරිශුද්ධ ලෝකයේ දොරටු විවර කරන්නැයි කියා මිනිස්සු පරමාත්ම පියා පරමාත්ම ජීවයට කන්නලව් කරනවා. පරමාත්ම පියා පැමිණ දොරටු විවර කරන්නේ ශිව ශක්ති මව්වරුන් මඟිනුයි. "මව්වරුන්ට නමස්කාර". මේ කාලයේ සිටිනා කිසිම කාන්තාවකට එසේ නමස්කාර පිදෙන්නේ නැත්තේ ඔවුන් කිසිම කෙනෙක් උසස් අය නොවන නිසාවෙනි. උසස් අයයි කියා හැඳින්වෙන්නේ යෝග බලයෙන් උපත ලද අයයි. ලක්ෂ්මි නාරායන උසස් අයයි කියා කියනවා. දේවතාවරුන් භාරතයේ සිටි කළ එය උතුම්වට තිබුණා. මිනිස්සු මේ දේවල් ගැන දන්නේ නැහැ. ඔවුන් දිගටම තම තමන්ගේ සැලසුම් සාදමින් සිටිනවා. ගාන්ධිජී පවා රාම රාජ්‍යය බලාපොරොත්තු වුණා. එයිනුත් අදහස් වන්නේ මෙය රාවණ රාජ්‍යය බවයි. භාරතය අපිරිසිඳුයි. කෙසේවෙතත්, රාම රාජ්‍යය ස්ථාපනය කිරීමටත් රාවණ රාජ්‍යය විනාශ කිරීමටත් අසීමිත බාපුජී (පියා) අවශ්‍ය වෙනවා. රාවණ රාජ්‍යය දැන් ගිණි ගෙන දැවීමට තිබෙන බව ඔය දරුවන් දන්නවා. සෑම ජීවාත්මයක්ම මෝහ අන්ධකාර නිද්‍රාවේ නිදි. ඔබලාත් නිද්‍රාවේ සිටි අතර පරමාත්ම පියා පැමිණ තමන්ව අවදි කරවූ බව ඔබලා දන්නවා. භක්තියේ රාත්‍රිය අවසාන වෙමින් තිබෙනා අතර හිමිදිරිය උදාවෙමින් පවතිනවා. රාත්‍රිය අවසන් වී දවස ඇරඹෙනවා. පරමාත්ම පියා පැමිණෙන්නේ සංගම යුගයේ දීයි. ඔහු ඔය දරුවන්ට දිව්‍යමය දර්ශනත් ඥානයේ තෙවෙනි ඇසත් දී තිබෙන නිසා ඔබ දැන් මුලු ලෝකය ගැනම දන්නවා. මෙය කල්තබාම තීරණය වුණු අවිනාශී නාටකයක් බවත් එය දිගටම කැරකෙන බවත් ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් තිබෙනවා. ඔබලා දැන් අවදි වෙලා. මුලු ලෝකයම සිටින්නේ නිද්‍රාවේයි. මුලු ලෝකයේම මුල, මැද හා අග ගැනත් අශාරීරික ලෝකය. සුක්ෂම ලෝකය හා ශාරීරික ලෝකය ගැනත් ඔය දරුවන් දැන් දන්නවා. ලෝකයේ සිටිනා අන් සෑම කෙනෙක්ම කුම්භකරණ නිද්‍රාවේ හොඳටම නිදි. පාරිශුද්ධකරු කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මිනිස්සු අහෝ පාරිශුද්ධකරුවාණනි. වඩිනු මැනව කියා කන්නලව් කරනවා. ලෝකයේ මුල, මැද හා අග ගැන අපට කියා දෙන්නැයි කියා ඔවුන් ඔහුට කතා කරන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා: මෙම ලෝක චක්‍රය ගැන දැන ගැනීමෙන් ඔබලා ගෝලයේ පාලකවරුන් වේවි. ඔබට පාරිශුද්ධ විය හැක්කේ ස්මරණය තුළින්ම පමණයි. විනාශයත් ඉහමත්තේ බව ඔබලා දන්නවා. යුද්ධය සිදු විය යුතුයි. කවුරවයින් හා පාන්දවයින් අතර යුද්ධයක් සිදු වූයේ නැහැ. පාන්දවයින් කවුද? කිසිම කෙනෙක් දන්නේ නැහැ. යුධ සේනාවක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔබගේ පැත්තට මෙම ලෝකයෙන් එහා සිටිනා පරමාත්ම ජීවය ඔබලා සමඟම සිටිනවා. උරුමයක් ලද හැක්කේ ඒ පරමාත්ම පියාගෙන් පමණයි. ක්‍රිෂ්ණා ජීවාත්මය උපත් 84ක් ගන්නා බවත් ඔහු දැන් තැවතත් වතාවක් පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගනිමින් සිටිනා බවත් ඔබලා දන්නවා. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවතත් කැරකිය යුතුයි. විනාශයට පෙර ඔය දරුවන් අනිවාර්යෙන්ම සතෝප්‍රධාන් විය යුතුයි. තම පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන විට නෙළුම් මලක් සේ පිරිසිඳුව ජීවත් වන්න."දෙවියන් කතා කරයි" කියා සඳහන් වී තිබෙනවා. නිවසේ ජීවත්ව සිටිනා අතර මෙම උපතේ දී පාරිශුද්ධව සිටින්න. අතීතය අතීතයටමයි. මේ සියල්ල නාටකයේ නියමිත දේවල්ය. ලෝකය සතෝප්‍රධාන් විය යුතුයි. මෙය ද නාටකයේ නියම වූවකි. එය දෙවියන් විසින් නියම කළ දෙයක් නොවෙයි. නාටකය නිර්මාණය වී ඇත්තේ මෙලෙසිනුයි. පරමාත්ම පියා මෙහි සිට කියා දෙන්නේත් මෙයමයි. කල්පයේ දෙවන භාගය අවසන් වන විට පරමාත්ම පියා පැමිණිය යුතුයි. පරමාත්ම පියා කියනවා: රාත්‍රිය අවසන් වී දවස උදාවන විට මා පැමිණෙනවා. මිනිස්සු ශිව රාත්‍රිය ගැනත් කියනවා. ශිව බැතිමතුන් ශිවරාත්‍රිය ගැන විශ්වාස කරනවා. එදින නිවාඩු දිනයක් ලෙස සැමරීමත් ආණ්ඩුව විසින් නතර කර තිබෙනවා. නැතිනම් ඒ නිවාඩුව එක මාසයක්වත් සැමරිය යුතුයි. ශිව පරමාත්මය සෑම දෙනාටම විමුක්තිය දානය කරන්නායි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. සෑම කෙනෙකුගේම දුක නැති කර සතුට දානය කරන්නා ඔහු පමණයි. ඔහුගේ ජන්ම දිනය සෑම ආගමිකයෙක් විසින්ම මාසයක් පුරාවත් මහා ඉහළින් උත්සවශ්‍රීයෙන් සැමරිය යුතුයි. පරමාත්ම පියා පැමිණ විශේෂයෙන්ම භාරතයට විමුක්තිය දානය කරනවා. භාරතය දෙව්ලොව ලෙස පැවති කළ, එය දේවතා රාජ්‍යය ලෙසින් තිබුණා. ඒ කාලයේ වෙනත් කිසිම දහමක් තිබුණේ නැහැ. දේවතාවරුන් ලෝක පාලකවරුන් වුණා. එහි කිසිම සීමා මායිම් තිබුණේ නැහැ. මෙන්න මේ නිසා තමයි: අපි දැන් නැවතත් වතාවක් අපගේ බලවත්, නොබෙදුණු. දිව්‍යමය සාමයේ. සතුටේ රජ දහන දිනා ගනිමින් සිටිනවායි කියා කියන්නේ. වසර 5000කට පෙරදී ඔබ අසීමිත පියාගෙන් අසීමිත උරුමයක් ලැබුවා. සුර්ය හා චන්ද්‍ර වංශික රාජ්‍ය වලදී දුකක් කියා දෙයක් ගැන සඳහනක්වත් තිබුණේ නැහැ. රාම රජු කොයි වගේද රාමගේ වැසියනුත් ඒ වගේයි කියා කියනවා. එහි කිසිම අධර්මයක් පැවතියේ නැහැ. බ්‍රහ්ම හා විෂ්ණු ගැනත් ඔවුන් එකිනෙකා අතර ඇති සබඳතාවය ගැනත් බාබා ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. බ්‍රහ්මාගේ පෙකණියෙන් මතු වන විෂ්නු පෙන්වන අපුරු පින්තූරයක් නිර්මාණය කර තිබෙනවා. ලක්ෂ්මි නාරායන තමයි. අවසානයේදී ජගත් මාතා. ජගත් පිතා වන සරස්වතී හා බ්‍රහ්මා වන බව බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා. මේ දෙදෙන විෂ්ණු වෙනවා. එනම්, ලක්ෂ්මි හා නාරායනයි. ඔබට පෙනෙන ඒ රූප සෑම එකක්ම වැරදි බව පරමාත්ම පියා කියා දෙනවා. ඔවුන් විසින් සාදා ඇති විශාල ශිව ප්‍රතිමාව පවා වැරදියි. විශාල ප්‍රතිමා නිර්මාණය කළේ භක්තිය සඳහායි. නැතිනම් තිතක් වන්දනා කරන්නේ කෙසේද බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර්ව වත් ඔවුනට තේරුම් ගත නොහැකියි. ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන කතා කරනවා. බ්‍රහ්මා මඟින් සිදුවන ස්ථාපනයත් විෂ්ණු මඟින් සිදුවන පෝෂණයත් ගැන කතා කළත් බ්‍රහ්මා ස්ථාපනයක් කරන්නේ නැහැ. බ්‍රහ්මා දෙව්ලොව ස්ථාපනය කරන්න ද? නැහැ. එය කරන්නේ පරමාත්ම පියා පරමාත්ම ජීවය විසින් පමණයි. මේ ජීවාත්මය අපිරිසිඳුයි, ඔහුට කියන්නේ ශාරිරික බ්‍රහ්මා කියලයි. පසුව මෙම ජීවාත්මය පාරිශුද්ධ වී නැවතත් නිවස බලා යාවි. පසුව ඔහු ස්වර්ණමය යුගයට ගිහින් නාරායන වේවි. ඉතින් මෙහිදී ප්‍රජාපිත බ්‍රහ්මා අනිවාර්යෙන්ම අවශ්‍යයි. කෙසේවෙතත්, ඔහුගේ රූප ඔවුන් තබා ඇත්තේ එහියි. ඒ වගේම තමයි ඥාන සැරසිලිත් හරිනම් අයිති ඔබලාටයි. නමුත් ඔවුන් ඒවා විෂ්ණුට දී තිබෙනවා. දැඩි භක්තියකින් පසුව ඔවුන්ට දර්ශන ලැබෙනවා. මීරාගේ නම සඳහන් කර තිබෙනවා. පිරිමි අය අතරින් ඉහළම බැතිමතා වන්නේ නාරදයි. ස්ත්‍රීන් අතරින් මිරායි. ඔබලා දැන් මෙම ඥානයට ඇහුම් කන් දෙන්නේ ලක්ෂ්මි හා නාරායන ආවාහ කර ගැනීමට සුදුස්සන් වීමටයි. ඔබගේ විවාහය සිදු වන්නේ මෙහිදීයි. නාරද විශාල පිරිසක් සිටිනා තැනකට ගිහින් තමන්ට ලක්ෂ්මිව විවාහ කර ගත හැකි දැයි කියා අසනා බව පෙන්වනවා. ඔබලා දැන් ලක්ෂ්මි විවාහ කර ගැනීමට සුදුස්සන් වෙමින් සිටිනවා. ඒ සෑම කතාන්දරයක්ම අයිති වන්නේ භක්ති මාර්ගයටයි. පරමාත්ම පියා මෙහි සිට ඔබලාට සත්‍ය දේවල් පැහැදිලි කර කියා දෙනවා. ලක්ෂ්මි සිටියේ ස්වර්ණමය යුගයේයි. නමුත් බැතිමතෙක් වන නාරද සිටියේ තඹ යුගයේයි. නාරද කොහොම ද ස්වර්ණමය යුගයට ඇතුලු වුණේ? රාධේ හා ක්‍රිෂ්ණාව තමයි ඔවුන්ගේ විවාහයෙන් පසුව ලක්ෂ්මි නාරායන කියා නම් කළේ. භාරතීය ජනතාව මේ ගැනවත් දන්නේ තැහැ. මහා විශාල මෝහ අන්ධකාරයකින් සියල්ල වැසිලා. පරමාත්ම පියා දානපතියායි. ඔහු ඔබලාවත් දානපතියත් කරවනවා. අන් අයට පැහැදිලි කර දිය හැක්කේ කෙසේද කියා ඔබ ඥානය ආවර්ජනය කරමින් බැලිය යුතුයි. පින්තූර නිර්මාණය වුණේ කෙසේදැයි කියා පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා. නේරුව පවා ගාන්ධිගේ පෙකණියෙන් මතුවන ආකාරයෙන් පෙන්වා තිබෙනවා. දේව විෂ්ණුත් ඒ මනුෂ්‍යයාත් අතර විශාල වෙනසක් තිබෙනවා. මේ දේවල් තේරුම් ගන්නේ ඔය දරුවන් පමණයි. ඔබලා එක් එක් මට්ටම් වලින් සතුට විඳිනවා. අසීමිත පියා අපට උගන්වනවා. මීට පෙර ඔබ මේ කිසිවක් අසා නැහැ. මන්ද ගීතාව කිව්වේ ක්‍රිෂ්ණා දෙවියන් විසින් තමයි කියා දී තිබෙන්නේ. දෙවියන් පැමිණියේ කවදාද. ගීතාව දුන්නේ කවදාද? දිනයක් කාලයක් සඳහන් වී නැහැ. කල්පයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් කියා මිනිස්සු කියනවා. එය කිසිම කෙනෙකුගේ සිහියට ඇතුලු වන්නේ නැහැ. පරමාත්ම පියා දැත් මෙහි සිට ඔය දරුවන්ට කරුණු පහදා කියා දෙනවා. බ්‍රහමිණ්වරුන්ගේ ගස දිගටම වර්ධනය වෙනවා. ඔබලාගේ ගණන ක්‍රමයෙන් වැඩිවේගෙන එන අතර එය ගණනය කළ නොහැකි තරමට වැඩි වේවි. එක් එක් වංශ කල්පය වටා යන්නේ කෙසේදැයි කියා ඔය දරුවන් දන්නවා. අපගේ බ්‍රාහ්මණ වංශය තමයි ඉහළම වංශය. අපි සැබෑම, කාටත් නොපෙනෙන භාරතයේ සමාජසේවකයිනුයි. පරමාත්ම පියා. පරමාත්ම ජීවය අපව සේවයේ පිහිටුවනවා. අපි ආධ්‍යාත්මික සේවය කරනා අතර ඒ අය කරන්නේ භෞතික සේවයයි. ඔබලා භාරතයට සේවය කරන්නේ කෙසේදැයි ඔබගෙන් ඇසු විට කියන්න: අපි ආධ්‍යාත්මික සේවකයින්. අපි දෙව්ලොව ස්ථාපනය කර විවර කරනවා. ශිව බාබා කරන්කරවන්හාර් වන නිසා ඔහු අප ලවා සියල්ල කරවා ගන්නවා. ඔහුමත් එය කරනවා. මුරලිය දෙන්නේ කවුද? එම ක්‍රියාව කරන්නේ ඔහුයි. ඔහු ඔබටත් එය කරනා විධිය කියා දෙනවා. ඔහු ඔබට මන්මනාභව මහා මන්ත්‍රය දෙනවා. ක්‍රියා කරනා ආකාරය උගන්වනවා. පසුව ඔහු කියන්නේ: දැන් අනිත් අයට උගන්වන්න. මෙන්න මේ නිසා තමයි ඔහු කරන්කරවන්හාර් කියා කියන්නේ. ඔය දරුවනුත් ඒ දෙයම කියා දෙනවා: පරමාත්ම පියාත් උරුමයත් සිහි කරන්න. ඔය දරුවන් මෙම පණිවිඩය සෑම කෙනෙක්ටම ලැබීමට සැලැස්විය යුතුයි. එය අන් අයට කියා දී තමන් එම සිහියේ නොසිටීමක් සිදු නොවිය යුතුයි. එවිට කුමක් සිදුවේවිද? අන් අය උත්සාහ දරා ඔබටත් ඉදිරියෙන් යාවි. නමුත් ඔවුනට ඥානය දුන් අය පසුපසම සිටීවි. සිහි කිරීම සඳහා උත්සාහයක් නොදැරූවිට උසස් තත්වයක් දිනා ගත නොහැකි වෙනවා. අන් අය ස්මරණ වන්දනා ගමනින් පාරිශුද්ධ වන අතර, බාබා බන්ධනයේ සිටින කාන්තාවන් ගැන කියනවා. ඔවුන් ඉතාමත් හොඳින් සිහි කරනවා. බාබාව මුණ ගැසී නොමැති වුවත් ඔවුන් බාබාට ලියුම් ලියනවා: "බාබා, මම දැන් ඔබට අයිතියි. මම අනිවාර්යෙන්ම පාරිශුද්ධව සිටින්නම්." ඔය දරුවන් පරමාත්ම පියාට ආදරෙයි. ඔබගේ රෝසරිය නිර්මාණය වී තිබෙනවා. විෂ්ණු රෝසරියේත්, රුද්‍රාක්ෂ මාලාවේත් ද්විත්ව බීජ පෙන්වා තිබෙනවා. මාලාවක් ඇල්ලු සැනකින්ම මුදුන් මලත් ඒත් එක්ක ඇති ද්විත්වයත් තමයි පළමුව ඔබගේ අතට එන්නේ. ඔබ එයට නමස්කාර කරනවා. එතැනින් මාලාව. ඔබ භාරතය දෙව්ලොව කරනා නිසා තමයි මෙය ඔබගේ සිහිවටනය වන්නේ. පරමාත්ම පියා ගීතාවේ ඥාන යාගය නිර්මාණය කර තිබෙනවා. මුලු පැරණි ලෝකයම එයට බිලි වෙනවා. පරමාත්ම පියා තමයි ආදරණීයම පියා වන්නේ. ඔහු ඔබට අඛණ්ඩ සතුටක් අනාගත උපත් 21කටම ලබා දෙනවා. මීට පෙර කල්පයේ දී තම උරුමය දිනා ගත්තත් නැවතත් වතාවක් අනිවාර්යයෙන්ම පැමිණ නාටක සැලැස්මට අනුව තම උරුමය දිනා ගනීවි. පරමාත්ම පියා කියනවා:දරුවනි. සතුටු දේශයට යාමට අවශ්‍ය නම් පාරිශුද්ධ වන්න. මා සිහිපත් කරන්න. කරුණාව හෝ උදව් ඉල්ලිය යුත්තේ නැහැ. මම සැමටම උදව් කරනවා, නමුත් උත්සාහය දැරිය යුත්තේ ඔබයි. ආශිර්වාද කියා දෙයක් නැහැ. පරමාත්ම පියා කියනවා: නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. මා සිහි කිරීම ඔබගේ රාජකාරියයි. ඔබට උපදෙස් දීම ඔහුගේ කරුණාවයි. ඔබට කන්න බොන්න, ගමන් බිමන් යන්න පුළුවනි. නමුත් ඔබ ගත යුත්තේ පිරිසිඳු ආහාර පමණයි. අපි දේවතාවරුන් වෙමු. එහි රතුළූණු ආදිය නැහැ. ඒ සියල්ල මෙහිදී අත්හළ යුතුයි. එහි ඒවා නැහැ. ඒවායේ බිජවත් නැහැ. ඒ වගේම ස්වර්ණමය යුගයේ කිසිම ලෙඩක්වත් නැහැ. බලන්න දැන් රෝග කීයක් නම් මතු වී තිබෙනවා දැයි කියලා. එහි කිසිම අපිරිසිඳු දෙයක් නැහැ. සෑම දෙයක්ම සතෝප්‍රධාන්. මෙහි සිටිනා මිනිස්සු කන දේවල් දෙස බලන්න! පරමාත්ම පියා දැන් ඔය දරුවන්ට කියන්නේ: මා සිහි කර අන් සෑම කෙනෙකුගෙන්ම බිඳී විත් මා හා සමඟ පමණක් සම්බන්ධ වන්න. ඔබ පාරිශුද්ධ වේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අතීතය අතීතයටයි. අතීතය අමතක කර ඔබගේ පවුලේ අයත් සමඟ ජීවත් වන ගමන් සතෝප්‍රධාන් වීමට උත්සාහ දරන්න. අනිවාර්යෙන්ම විනාශයට පෙර පාරිශුද්ධ වන්න.

2. භාරතය දෙවේලාව කරවීමේ සත්‍ය සේවයේ නියැලෙන්න. ඔබගේ කෑම බිම ඉතාමත් පාරිශුද්ධ විය යුතුයි. පිරිසිඳු කෑම පමණක් කන්න.

වරදානය:
ඔබ ශාරීරික වැඩ කිරීමත් සමඟම, ඔබේ මනසින් ලෝක පරිවර්තනයේ කාර්යය කරන වගකිවයුතු ජීවාත්මයක් වේවා.

ඕනෑම භෞතික වැඩක් කරන අතරතුර, ඔබ ලෝක වේදිකාවේ ලෝක යහපත උදෙසා සේවය සඳහා මෙවලමක් බව නිරන්තරයෙන් මතක තබා ගන්න: මගේ උසස් මානසික තත්ත්වයෙන් ලෝක පරිවර්තනයේ කාර්යය කිරීමට මට විශාල වගකීමක් ලබා දී ඇත. ඔබට මෙම අවධානය ඇති විට, සියලු නොසැලකිලිමත්කම අවසන් වන අතර, කාලය නාස්ති කිරීම වෙනුවට, ඔබ එය ඉතිරි කරනු ඇත. සෑම තත්පරයක්ම අමිල ලෙස සලකන අතරම, ඔබ ඔබේ කාලය ලෝක යහපත සඳහා සහ අජීවී සහ ජීවමාන දේ පරිවර්තනය කිරීමේ කාර්යය සඳහා වටිනා ආකාරයකින් භාවිත කරනු ඇත.

පාඨය:
දැන්, රණශූරයන් වීම වෙනුවට, යෝගීවරුන් වන්න.

අව්‍යක්ත සංඥාව: ගිණි කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණය අත්දකින්න.

විනාශය දැන් සිදුවිය යුතු බවට අසතුටින් සිටින ජීවාත්මයන්ගේ මනසෙහි ශබ්දය මතු වීමට පටන් ගෙන තිබේ. එලෙසම, සියලු ජීවාත්මයන්ට දැන් ඉක්මනින් ප්‍රතිලාභ ලැබිය යුතු බවට සිතිවිල්ල ලෝක දානපති ජීවාත්ම තුළ මතු විය යුතුය, මන්ද එවිට පමණක් පරිපූර්ණ වීම සිදුවනු ඇත. විනාශය කරන අයට, ඔබ දානපති ජීවාත්මයන්ගේ සිතිවිලි වලින් සංඥාවක් ලැබිය යුතුයි. එමනිසා, ඔබේ බලවත් සිතිවිල්ලෙන් සැමවිටම සූදානම් වීමට, ඔබේ ගිණිකඳු යෝගාවෙන් විනාශයේ ගිණිදැල් තීව්‍ර කරන්න.