04.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා පැමිණ සිටින්නේ ඔබව මල් රජවරුන් බවට පත් කරවීමටයි. එමනිසා, කිසිම ආකාරයක දුර්ගුණ දුර්ගන්ධයක් නොතිබිය යුතුයි.

ප්‍රශ්නය:
දුර්ගුණ වල සේයාවක්වත් ඉතිරි නොවන සේ සියල්ල විනාශ කර දැමීමට ඔබ විසින් දැරිය යුතු උත්සාහය කුමක්ද?

පිළිතුර:
නිරන්තරයෙන් අභ්‍යන්තරගතව සිටීමට උත්සාහ දරන්න. අභ්‍යන්තරගතව සිටිනවා යනු එක් තත්පරයකින් ඔබගේ ශරීරයෙන් මිදී සිටීමයි. මෙම ලෝකයේ සෑම දෙයක්ම ඔබ මුළුමනින්ම අමතක කර දැමිය යුතුයි. එක් තත්පරයකින් ඉහළට ගොස් පහළට පැමිණෙන්න. මෙය පුහුණු කළ විට දුර්ගුණයන්හි සේයාවක්වත් ඉතිරි නොවන සේ සියල්ල අවසන්ව යයි. එක් එක් දේ කරනා අතරතුරදීත් අභ්‍යන්තරගත වන්න: එය මළ නිහැඬියාවක් සේ දැනිය යුතුයි. සුළු හෝ හඬක් චලනයක් නොතිබිය යුතුයි. මෙම ලෝකය නැතුවාක් සේ දැනිය යුතුයි.

ඕම් ශාන්ති.
ඔබ සෑම කෙනෙක්වම මෙහි හිඳුවා ගෙන අශාරීරික වී පරමාත්ම පියාව සිහි කරන්නයි කියා කියා දුන්නා. ඒත් සමඟම ලෝක චක්‍රය ද සිහි කරන්න. උපත් 84 චක්‍රය ගැන මිනිස්සු දන්නේ නැහැ. ඔවුන් එය කිසිසේත්ම අවබෝධ කර ගන්නේ නැහැ. උපත් 84 චක්‍රය වටා ගොස් සිටිනා අය පමණයි මෙය අවබෝධ කර ගන්නේ. ඔබ කළ යුත්තේ නිකම්ම එය සිහි කර ගැනීම පමණයි. සියළුම යක්ෂ සිතිවිලි අවසන් කර දමනා ස්වදර්ශන චක්‍රය කරකැවීම කියන්නේ මෙයටයි. ගෙල සිදලීමටයි කියා මෙහි යක්ෂයෙක් අසුන් ගෙන සිටිනවා කියා දෙයක් නැහැ. ස්ව දර්ශන චක්‍රය යන්නෙහි අරුතවත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඔය දරුවන්ට මෙහිදී මෙම ඥානය ලැබෙනවා. නිවසේ ජීවත් වන ගමන් ඔබලා නෙළුම් මලක් සේ ජීවත් විය යුතුයි. පරමාත්ම දෙවියන් කියනවා: මෙම එක් උපතේදී පාරිශුද්ධ වීමෙන් ඔබ අනාගත උපත් 21 කටම නව පාරිශුද්ධ ලෝකයක පාලකවරුන් බවට පත්වේවි. ස්වර්ණයමය යුගය ශිව දේවාලය කියාත් කලි යුගය ගණිකානිවසක් ලෙසත් හඳුන්වනවා. මෙම ලෝකය වෙනස් වෙනවා එය භාරතය පිළිබඳ පමණක් වූ කතාවකි. අන් අය කියනා දේ ගැන ඔබ සැලකිලිමත් විය යුත්තේ නැහැ. ඇතැම් අය අහනවා: සතුන්ට මොකද වෙන්නේ? අනිකුත් ආගම් වලට මොකද වෙන්නේ? ඔවුන්ට කියන්න: පළමුව තමන් පිළිබඳව හරිහැටි අවබෝධ කර ගන්න. ඉන් පසුව අන් අය ගැන අහන්න. භාරතවාසීන්ට තමන්ගේම ධර්මය අමතකව ගිහින් නිසා. ඔවුන් අවලස්සන වෙලා. ඔබ තමයි මව ඔබ තමයි පියා කියා කන්නලව් කරන්නේ භාරතයේදියි. පිට රට වල මව පියා කියන වචනය භාවිත වන්නේ නැහැ: ඔවුන් නිකම්ම කියන්නේ දෙවි පියාණනි කියලා පමණයි. භාරතය පුරා සතුට ඕනෑ තරමින් තිබුණා. භාරතය දෙව්ලොව වශයෙන් පැවති බව දන්නේ ඔබලා පමණයි. පරමාත්ම පියා පැමිණ කටු මල් බවට පත් කරවනවා. පරමාත්ම පියාට ගෙවතු අයිතිකරු කියාත් කියනවා. මිනිස්සු ඔහුට කන්නලව් කරනවා: වඩිනු මැනව. කටු මල් බවට පත් කර දෙනු මැනව. පරමාත්ම පියා මල් වත්ත නිර්මාණය කරනවා. ඉන් අනතුරුව මායා එය කටු කැළයක් බවට පත් කරවනවා. මිනිස්සු - අනේ දෙවියනේ ඔබ වහන්සේගේ මායා නම් හරිම බලගතුයි කියා කියනවා. ඔවුන් දෙවියන් ගැන දන්නේත් නැහැ මායා ගැන දන්නේත් නැහැ. පරිසක් ඒ වචන කියූ අතර අනිත් අයත් එයම කිය කියා යන්න පටන් ගත්තා. ඒවායේ කිසිම අරුතක් නැහැ. මෙම නාටකය රාම රාජ්‍යයත් රාවණ රාජ්‍යයත් අතර ඇතිවුණු සෙල්ලමක් කියා ඔය දරුවන් දන්නවා. රාම රාජ්‍ය ‍යේ සතුට තිබෙනවා. රාවණ රාජ්‍ය යේ ඇත්තේ දුකයි. මෙය අදාල වන්නේ මෙහෙටයි. මෙය දෙවියන්ගේ මායා නොවෙයි. මායා කියා හඳුන්වන්නේ දුර්ගුණ පහයි. ඔවුන් රාවණ කියාත් හඳුන්වනවා. කෙසේවෙතත් මිනිස්සු නැවත උපත් ගෙන උපත් 84 චක්‍රයට ඇතුලු විය යුතුයි. සතෝගුණී බවින් ඔබලාට තමෝගුණී විමට සිදු විය. මේ කාලයේදී සෑම කෙනෙක්ම පාපයෙන් ඉපදී ඇති නිසා සෑම කෙනෙක්වම පාපකාරි අය ලෙසින් හඳුන්වයි. ඒවායේ නම්ම පව්කාර ලෝකය හා පින්බර ලෝකය යන්නයි. නව ලෝකය පැරණි වූයේ කෙසේදැයි කියා තේරුම් ගැනීම ඉතාමත් සාමාන්‍ය කරුණක්. මුල්ම කාලයේ නව ලෝකයේ තිබුණේ දෙව්ලොවම පමණයි. පරමාත්ම පියා වන පරමාත්ම ජීවය දෙව්ලොව ස්ථාපනය කරනා බවත් එහි ඕනෑ තරම් සතුට ඇති බවත් ඔය දරුවන් දන්නවා. ඥානයෙන් එළිය වැටෙන්නේ කෙසේද භක්තියෙන් අඳුර වැටෙන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. බ්‍රහ්මාගේ හා මුඛයෙන් උපන් බ්‍රහමිණ්වරුන්ගේ දවස ගැන සඳහන් වී තිබෙනවා. පසුව එම බ්‍රහමිණ්වරුන්ගේම රාත්‍රියත් ඇති වෙනවා. දිවා රෑ දෙකම සිදු වන්නේ මෙහි දී බව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ රාත්‍රිය නම් අනිවාර්යෙන්ම එය මුඛයෙන් උපන් බ්‍රහමිණ්වරුන්ගේත් රාත්‍රිය වේ. කල්ප බාගයක් පුරාවටම දවස වන අතර ඉතිරිය රාත්‍රිය වේ. පරමාත්ම පියා දැන් පැමිණ සිටින්නේ ලෝකය පාපයෙන් තොර කරවීමටයි. පරමාත්ම පියා කියනවා: දරුවනි ලොකුම සතුරා රාගයයි. ඔබ එය දමනය කළ යුතුයි. ඔබ මුලුමනින්ම පාපයෙන් තොර හා පාරිශුද්ධ අය විය යුතුයි. අපිරිසිදු වීමෙන් ඔබ මහා පාපකර්ම රැසක් කරගෙන ඇත. මෙය පාපකාරී ජීවයන්ගේ ලෝකයයි. පාප කෙරෙන්නේ අනිවාර්යෙන්ම ශරීරය මඟිනි. ජීවාත්මයන් පාපකාරි වන්නේ එවිටයි. පාරිශුද්ධ දේවතා ලෝකයේදී පාප සිදු වන්නේ නැත. මෙහිදී ඔබ ශ්‍රීමත් අනුගමනය කර උතුම් පින්වත් ජීවාත්මයන් බවට පත් වෙති. ශ්‍රී ශ්‍රී 108 ක රෝසරියක් ඇත. ඉහළින්ම මුල් මල වන ශිවා සිටියි. එය අශාරීරික මලයි. පසුව භෞතික ස්වරූපයේදීත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම රෝසරියක් නිර්මාණය වේ. වන්දනාවට හා සිහි කිරීමට යෝග්‍ය අය බවට ඔවුන්ව පත් කරවන්නේ ශිව් බාබා විසිනුයි. බාබා පැමිණ සිටින්නේ ඔබව ජයග්‍රාහී මාලාවේ පුරුක් බවට පත් කරවීමටයි කියා ඔය දරුවන් දන්නවා. අපි ස්මරණ බලයෙන් ලෝකය ජය ගන්නෙමු. පාප ගෙවෙන්නේ මෙම ස්මරණයෙනි. එවිට ඔබ සතෝප්‍රධාන් වේ. දෙවියනේ ඔබගේ මායා හරිම බලවත් කියා මිනිස්සු කිසිම තේරුමකින් තොරව කියනවා. කෙනෙක්ට විශාල ලෙසින් ධනය ඇති විට ඔහුට මායා වැහිලායි කියා කියනවා. ඇත්තටම කියනවා නම් මායා යන්නෙන් අදහස් වන්නේ මුල් දුර්ගුණ පහයි. රාවන් කියාත් හඳුන්වන්නේ එයටයි. ඔළු දහයක් ඇති රාවණගේ පින්තූරයක් සාදා තිබෙනවා. එවන් පින්තූරයක් ඇති නිසා එහි පැහැදිලි කිරීම කළ යුතුයි. උදාහරණයක් ලෙස කියතොත්, අන්ගත් ගැන කියනා විට රාවණ ඔහුව සෙලවීමට උත්සාහ කළත් දශමයකින්වත් ඔහු සෙලවුණේ නැහැයි කියා කියනවා. එවන් ආදර්ශ රැසක් නිර්මානය කර තිබෙනවා. නමුත් එවන් කෙනෙක් ඇත්තටම නැහැ. පරමාත්ම පියා කියනවා: මායා ඔබව කොපමණ දුරට සෙලවීමට උත්සාහ කළත් ඔබ ස්ථාවරව සිටිය යුතුයි. රාවණ, හනුමන් අන්ගත් වැනි අයගේ ආදර්ශ කතා තිබෙනවා. ඒවායේ අරුත ඔබට තේරෙනවා. ගුමු ගුමු නද දෙන මී මැස්සන්ගේ උදාහරණයත් තිබෙනවා. ඒ මී මැස්සියත් (බ්‍රහ්මරී) බ්‍රාහ්මන ගුරුවරයාත් (බ්‍රහ්මණී) යන නම් දෙකේ ශබ්දය එක හා සමානයි. කිලිටි කුරුමිණියන්ට ඥාන යෝගාව නද දී ඔබ ඔවුන්ව අපිරිසිදු බවින් පිරිසිදු කරවනවා. පරමාත්ම පියාව සිහි කරන්න ඔබ සතෝප්‍රධාන් වේවි. ඉබ්බෙකුගේ උදාහරණයක් තිබෙනවා: ඔවුන් තම සියලුම ඉන්ද්‍රියන් හකුලා ගෙන බාහිරය අතහැර දමා අභ්‍යන්තරයට යනවා. පරමාත්ම පියා ඔබට කියනවා: කළ යුතු සෑම දෙයක්ම කරන්න නමුත් පසුව මෙවන් ලෝකයක් නොමැත්තාක්සේ අභ්‍යන්තරගව සිටින්න. සියලුම හැල හොල්මන් අවසන්ව යාවි. භක්ති මාර්ගයේ දී මිනිස්සු සිටින්නේ බාහිරයට නැඹුරු වෙලායි. ඔවුන් ගීත ගයමින් එක් එක් දේ කරමින් විශාල ලෙස මුදල් වියදම් කර කර නොයෙකුත් දේ කරනවා. නොයෙකුත් වර්ගයේ සැණකෙලි පවත්වනවා. පරමාත්ම පියා කියන්නේ: ඒ සියල්ල කිරීම නතර කර දමා මෙවන් ලෝකයක් නැති ගානට යන තෙක් අභ්‍යන්තරගතව සිටින්න. තමන් වටිනා කෙනෙක් වී ඇත්දැයි කියා තමාවම පරීක්ෂා කර බලන්න: කුමන හෝ පාපයක් මට කරදර කරනවා ද? මම පරමාත්ම පියාව සිහි කරනවා ද? ඔබව ලෝක පාලකවරුන් කරවනා පරමාත්ම පියාව ඔබ දිවා රෑ සිහි කළ යුතුයි. මම ජීවාත්මයක් ඔහු මගේ පරමාත්ම පියායි. සෑම විටම අභ්‍යන්තරයෙන් සිහි කරන්න. මම නව ලෝකයේ මලක් වෙමි. මම අක් මලක් හෝ වස මලක් විය යුත්තේ නැහැ. මම ඉතාමත් සුවඳවත් මලක් විය යුතුයි. මල් රජෙක් විය යුතුයි. කිසිම දුර්ගන්ධයක් නොතිබිය යුතුයි. සියලුම නරක සිතිවිලි ඉවත් කර දැමිය යුතුයි. ඔබව බිමට ඇද දැමීමට නොයෙකුත් වර්ගයේ මායා කුණාටු පැමිණේවි. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් මඟින් කිසිම ආකාරයක පාපකාරී ක්‍රියාවක් කරන්න එපා. මේ ආකාරයෙන් ඔබව ඉතාමත් ශක්තිමත් කර ගනිමින් ප්‍රාණවත් කර ගන්න. මම කිසිම ශාරීරික කෙනෙක්ව සිහි නොකළ යුතුයි. පරමාත්ම පියා කියනවා: තමා ජීවයක් බව සලකා මා සිහි කරමින් ඔබගේ ශාරීරික ජීවිකාව සඳහා අවශ්‍ය කරනා ඕනෑම දෙයක් කරන්න. ඒ සඳහා ඔබට කාලයත් සොයා ගත හැකියි. ඔබගේ කෑම බීම ගන්නා විටත් නිරතුරුවම පියාගේ ගුණ ගයන්න. බාබාව සිහි කරමින් කෑම ගන්නා විට, ආහාර පාරිශුද්ධ වේවි. නිරන්තරයෙන් පරමාත්ම පියාව සිහි කරනා විට එම සිහි කිරීම ඔබගේ උපත් ගණනාවක පාප කපා දමා ඔබව සතෝප්‍රධාන් කරවාවි. තමන් කෙතරම් දුරට සැබෑ රත්‍රං වී ඇත්දැයි කියා ඔබ පරීක්ෂා කර බැලිය යුතුයි. මම අද පැය කීයක් සිහි කිරීමේ සිටියාද? ඊයේ මම පැය තුනක් පියාව සිහි කළා. අද සිටියේ පැය දෙකයි. එමනිසා, අද පාඩුවක් සිදු වුණා. දිගටම ආරෝහණය හා අවරෝහණය සිදු වෙනවා. මිනිස්සු වන්දනා ගමනක් යන ව්ට, ඇතැම් ස්ථාන වලදී ගමන ඉහළට යාමක් වන අතර අනිකුත් තැන් වලදී පහළට යාමක් වෙනවා. ඔබගේ තත්ත්වයත් ඉහළ පහළ යනවා. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ ගිණුම පරීක්ෂා කර බලා ගත යුතුයි. ප්‍රධානම දෙය ස්මරණ වන්දනාවයි. මේවා දෙවියන් විසින්ම කියූ කාරණා නිසා ඔහුත් අනිවාර්යෙන්ම ඒවා උගන්වන්නේත් ඔහුගේ දරුවන්ටම විය යුතුයි. ඔහු කොහොමද මුලු ලෝකයටම උගන්වන්නේ? දෙවියන් කියන්නේ කාටද? ක්‍රිෂ්ණා ශාරීරික අයෙකි. දෙවියන් කියා හඳුන්වන්නේ පරමාත්ම පියා වන පරමාත්ම ජීවයවයි. ඔහුම කියනවා: මම සාමාන්‍ය ශරීරයකට ඇතුළු වෙමි. බ්‍රහ්මාට ඇත්තේ මහළු අයෙකුගේ ශරීරයක් කියා සඳහන්ව තිබෙනවා. සුදු රැවුලක් හා උඩු රැවුලක් ඇත්තේ වයසක අයෙකුට පමණයි. පරිණත අත්දැකීම් බහුල රථයක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. දෙවියන් තරුණ රථයකට ඇතුලු වන්නද? ඔහුම කියනවා: කිසිම කෙනෙක් මාව දන්නේ නැහැ. ඔහු පරමාත්මයයි. දෙවියනුයි. පියායි. ඔහු පරමාත්ම ජීවයයි. ඔබ 100% ක් පාරිශුද්ධව සිටියා. දැන් ඔබ 100% ක් අපිරිසිදු වෙලා. ස්වර්ණමය යුගයේදී 100% ක පාරිශුද්ධත්වයක් තිබුණා. එමනිසා, එහි සාමය හා සෞභාග්‍යය තිබුණා. ප්‍රධානම දෙය පාරිශද්ධත්වයයි. අපිරිසිදු අය පිරිසිදු දේවතා පිළිම ඉදිරියේ වැඳ වැටෙමින් ඔවුන්ගේ ගුණ ගයන්නේ කෙසේදැයි කියා ඔබට දැක බලා ගත හැකියි. ඔවුන් කවදාවත් සන්නාසිවරයෙකුට ඔබලා ඉතාමත් ගුණවත් අපි නම් පව්කාරයි කියා කියන්නේ නැහැ. එසේ කියන්නේ දේවතා පිළිම ඉදිරියේයි. බාබා පහදා තිබෙනවා: කුමරියක් ඉදිරියේ කවුරුත් දණ නමනවා. පසුව විවාහ වුණු විට ඇය පාපයේ ගැලී අපිරිසිදු වන නිසා සෑම කෙනෙක්ම ඉදිරියේ දණ නැමීමට ඇයට සිදු වෙනවා. පරමාත්ම පියා කියනවා: ඔබ දැන් පාපයෙන් තොර වූවා නම් කල්ප බාගයකටම ඔබ පාපයෙන් තොර අයෙක් වේවි. පස් පව් රාජ්‍යය දැන් අහවර වෙමිනුයි යන්නේ. මෙය මරණයේ දේශයයි. එය අමරණීය දේශයයි. ඔය ජීවාත්මයන් දැන් ඥානය නමැති තෙවන ඇස ලබා තිබෙනවා. මෙය ඔබට දෙන්නේ පරමාත්ම පියාම පමණයි. නළල මැද තිලකයක් තබනවා. ඔය ජීවයන්ට දැන් ඥානය දී තිබෙනවා. කුමක් සඳහාද? එවිට ඔබට ස්වාධිපත්‍යය තිලකයක් පළඳා ගත හැකියි. කෙනෙක් නීති වරයෙක් වීමට ඉගෙන ගන්නා විට, නීතිවරයෙකුගේ තිලකය ඔහු පළඳා ගන්නවා. කෙනෙක් ඉගෙන ගන්නවා නම් තිලකයක් දෙනවා. ආශිර්වාද ඉල්ලීමෙන් එවන් දෙයක් දෙන්න බැහැ. එහෙම වුවහොත් සෑම කෙනෙක් ගැනම කරුණාවන්ත වී ගුරුවරයාට සෑම කෙනෙක්වම සමත් කරවීමට සිදු වේවි. ඔය දරුවන් තම තමන්ට ස්වාධිපත්‍යය තිලකය දී ගත යුතුයි. පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබගේ පාප දුරුවන අතර චක්‍රය කැරකීමෙන් අධිරාජ්‍යවරුන් වී ගෝලය පාලනය කරන්නන් බවට ඔබ පත් වේවි. පරමාත්ම පියා කියනවා: මම ඔබව රජවරුන්ගේත් රජවරුන් බවට පත් කරවමි. දේවතාවරුන් කිරුළු දෙකක් පැළඳි අය වේ. අපිරිසිදු රජවරුන් පවා ඔවුන් වන්දනා කරයි. ඔබලාට වන්දනා කරනා රජවරුන්ටත් වඩා උතුම් අය බවට මම ඔබව පත් කරවමි. මහා දාන මානදී පින්දහම් කළ අය ඔවුන්ගේ යහපත් ක්‍රියාකලාපය නිසා ඊලඟ උපතේ දී රජ කෙනෙකුට දාව ඉපදේවි. ඔබ දැන් අවිනාශී ඥාන ධනය ලබනවා. එය ඔබ ධාරණය කර ගෙන අන් අයටත් දානය කළ යුතුයි. මෙය ඔබගේ ආදායම් මාර්ගයයි. ඒ ගුරුවරුන් දානය කරන්නේ ඒ ඉගෙනුමයි. ඒ ඉගෙනුම ඇත්තේ තාවකාලික කාලයකටයි. ඒ ශිෂ්‍යයින් පිටරට වල අධ්‍යාපනය අවසන් කර නිවසට පැමිණි පසු මිය ගියහොත් ඉගෙන ගත් දේ සියල්ල එයින්ම අවසන්. එමනිසා එය විනාශ වන සුළුයි නේද? ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක වෙලා. ඔබගේ උත්සාහය එසේ අපතේ යා නොහැකියි. වැඩි වැඩියෙන් ඉගෙන ගත් තරමට ඔබත් 21ක් පුරාවටම එම ඉගෙනුම වැඩි වැඩියෙන් ඔබ ලඟ තිබේවි. එහි කිසිම අකල් මරණ නැත. ඔබ මෙම ඥානය ඔබ සමඟ ගෙන යති. පරමාත්ම පියා උපකාරකයා වන්නාක් සේම ඔය දරුවනුත් උපකාරකයින් වී සැම මාවත පෙන්වා දිය යුතුයි. බාබා ඔබට ඉතාමත් හොඳ උපදෙස් දෙනවා. සියලුම ග්‍රන්ථ අතරින් උතුම්ම මැණික වන ශ්‍රීමත් භගවත් ගීතාවට එතරම් ගුණ වර්ණනාවක් ඇත්තේ ඇයිදැයි කියා සෑම කෙනෙක්ටම පහදා දෙන්න. උසස් වන්නේ දේව උපදෙස් පමණි. නමුත් දෙවියන් කියන්නේ කාටද? සිටිය හැක්කේ එකම එක දෙවි කෙනෙක් පමණයි. ඔහු අශාරීරිකයි. සියළුම ජීවාත්මයන්ගේ පියායි. මෙන්න මේ නිසා තමයි සෑම කෙනෙක්ම සහෝදරයෙක් කියා කියන්නේ. පසුව බ්‍රහ්මා මඟින් නව ලෝකය නිර්මාණය වුණු විට ඔබ සහෝදර සහෝදරියන් වෙනවා. මේ කාලයේදීත් ඔබ සහෝදර සහෝදරියන්ය. එමනිසා ඔබ පාරිශුද්ධව සිටිය යුතුයි. මෙය පිරිසිදුව සිටීමට හොඳ උපක්‍රමයකි. සාපරාධි ඇස සම්පූර්ණයෙන්ම අවසන් විය යුතුයි. ඔබගේ ඇස් ඇතැම් විට මුරණ්ඩු වීමට ඉඩ ඇති. ඒ නිසා ඔබ ඒ සම්බන්ධයෙන් ඉතාමත් ප්‍ර‍වේසම් විය යුතුයි. පාර දිගට බැදපු කඩල විකුණන්න තිබෙනවා දැක්කොත් එහෙම ඔබට කන්න හිතෙන්නේ නැහැ නේද? බොහෝ අයට එවන් ආසාවන් ඇති වෙනවා. ඔවුන් ඒවා අරගෙන කනවා. බ්‍රහමිණ් සහෝදරියක් තවත් සහෝදරයෙක් සමඟ කොහේ හෝ යන විට ඔහු ඇයට කඩල අරන් දුන්නොත් එක පාරක් කෑවට කමක් නැහැයි කියා ඇය සිතනවා. දුර්වල අය කිසිම පැකිලීමකින් තොරව ඒවා අරගෙන කනවා. මේ සම්බන්ධයෙන් අර්ජුනගේ කතාවක් තිබෙනවා. ඔවුන් එවන් කතා සාදා තිබෙනවා. ඒ සියල්ල අයිති මේ කාලයටයි. ඔබ සෑම කෙනෙක්ම සීතාවරුන්ය. පරමාත්ම පියා ඔබට එකම එක පියාව සිහි කරන්නැයි කියා කියනවා. එවිට ඔබගේ පාප දුරු වේවි. කෙසේවෙතත්, වෙනත් දෙයක් නැහැ. රාවණ යනු ඇත්තටම කෙනෙක් නොවන බව එබ දන්නවා. පාප ඇතුලු වුණු විට මිනිස්සු අයිති රාවණ ප්‍රජාවටයි කියා කියනවා. කෙනෙක් එවන් ක්‍රියාවක් කළ විට: ඔබ යකෙක් වගේ කියා කියනවා. ඔහුගේ හැසිරීම යක්ෂ හැසිරීමක් වෙලා. වංශයේ නමට අපහාස කරන්නන් පාපකාරී දරුවන් කියා කියනවා. අසීමිත පියා කියනවා: මම ඔබව අවලස්සන බවින් ලස්සන කරවනවා. පසුව ඔබ තම මුහුණ කැත කර ගන්නවා. පාරිශුද්ධ වීමට පොරොන්දුවක් වී ඔබ පසුව නැවතත් පාපකාරී වෙනවා. එවන් අය හිටියාටත් වඩා අවලස්සන වෙනවා. මෙන්න මේ නිසා තමයි ඔවුන් ගල් බුද්ධියක් ඇති අය ලෙස හඳුන්වන්නේ. ඔබ දැන් දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත් වෙමින් සිටිනවා. ඔබගේ තත්ත්වය දැන් වර්ධනය වෙනවා. පරමාත්ම පියාව හඳුනා ගත් සැනකින් ඔබ ලෝක පාලකවරයෙක් වෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම සැකයක් නැහැ. පරමාත්ම පියා දෙව්ලොව පියායි. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම දෙව්ලොව තෑග්ගක් ලෙස ඔය දරුවන්ට ගෙනැවිත් දේවි. මිනිස්සු ශිව ජයන්තිය සමරනවා. එවිට ඔවුන් කරන්නේ කුමක්ද? ඔවුන් ශිලයක් රකිනවා. ඇත්තෙන්ම කියනවා නම් රැකිය යුතු ශීලය නම් දුර්ගුණ පිළිබඳ වූ ශිලයයි. ඔබ පාපයේ නොගැලිය යුතුයි. ආරම්භයේ පටන් මැද අවසානය දක්වාම ඔබට දුක් විඳීමට සිදු වන්නේ එයිනුයි. දැන් මෙම එක් උපතේදී පාරිශුද්ධ වන්න. පැරණි ලෝකයේ විනාශය අත ලඟයි. භාරතය පුරා 900,000 ක් පමණක් ඇති වන්නේ කෙසේද කියා බලන්න: එවිට සාමය පවතීවි. කිසිම අපහසුතාවයක් ඇති කරවීමට වෙන කිසිම ආගමක් ඉතිරි වන්නේත් නැහැ. එක් ආගමක් ස්ථාපිත වන අතර අනෙක් සියලුම ආගම් විනාශ වේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අවිනාශි ඥාන මිණිමුතු ධාරණය කර ගෙන පසුව ඒවා දන් දෙන්න. මෙම ඥානය මගින් තමාටම ස්වාධිපත්‍ය යේ තිලකය පළඳා ගන්න. පරමාත්ම පියා සේම උපකාරකයෙක් වන්න.

2. ඔබගේ කෑම බීම සම්බන්ධයෙන් ගත යුතු සෑම ආරක්ෂිත පිළියමක්ම ගන්න. ඔබගේ ඇස් ඔබව නොරවටන බවට වග බලා ගන්න. තමාව අලුත් කරවා ගන්න. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් හරහා කිසිම පව්කාර ක්‍රියාවක් කරන්න එපා.

වරදානය:
ඔබේ මනසෙහි බලය නිරන්තරයෙන් අත්විඳ අසීමිත කාර්යයන්හි සහයෝගයෙන් කටයුතු කිරීමට එය භාවිතා කරත්වා.

පදාර්ථය සහ තමෝගුණී ජීවාත්මයන්ගේ කම්පන පරිවර්ථනය කිරීමට සහ අනවශ්‍ය ලේ වැගිරීම් ඇති වාතාවරණයක කම්පනවලින් ඔබව ආරක්ෂිතව තබා ගැනීමටත්, බොහෝ ජීවාත්මයන්ට සහයෝගය ලබා දීමටත්, නව ලෝකය සඳහා යෝග බලයෙන් නව නිර්මාණය ආරම්භ කරන්න: මේ සියලු දැවැන්ත කාර්යයන් සඳහා, ඔබට ඔබේ මනසෙහි බලය අවශ්‍ය වේ. ඔබේ අවසාන මොහොත ලස්සන වන්නේ ඔබේ මනසෙහි බලයෙන් පමණි. කෙනෙකුගේ මනසෙහි බලය යනු උසස් සිතිවිලි වල බලයයි, ඒකායන තැනැත්තා වෙත පැහැදිලි රේඛාවක් තිබීමයි. දැන්, මේ තුළ අත්දැකීම් ලබා ගන්න, එවිට ඔබට මෙම අසීමිත කාර්යයන්හි සහයෝගයෙන් කටයුතු කිරීමට සහ එම අසීමිත රාජධානියට අයිතියක් ලබා ගැනීමට හැකි වනු ඇත.

පාඨය:
බිය නැතිකම සහ නිහතමානීකම යෝගී සහ ඥානී ජීවාත්මයක ස්වරූප වේ.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

දෙවියන්ගේ සෙනෙහස යනු ප්‍රමෝදයේ ඔංචිල්ලාවයි. මෙහි ඔංචිලි පදින විට සතුට ඇතිවන අතර දෙවියන්ගේ සෙනෙහසේ එකට එක්වී සිටීමෙන්, කිසිදු අවාසනාවන්ත තත්ත්වයක් හෝ මයාගේ කැලඹීමක් ඔබ වෙත ඒමට ඉඩක් නොමැත. දෙවියන්ගේ සෙනෙහස අසීමිත සහ නොවෙනස්ය. එහි තිබෙන්නේ අසීමිත ශක්තියකි. කෙසේ වුවද, දෙවියන්ගේ සෙනෙහස ලබාගන්න ක්‍රමය නම් නොබැඳිව සිටීමයි. නොබැඳිව සිටින තරමට, ඔබට දෙවියන්ගේ සෙනෙහසට අයිතියක් ලබා ගත හැක.