04.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරමාත්ම පියාගේ දකුණු අත්වීමට නම් සෑම කරුණක් සම්බන්ධයෙන්ම ධාර්මික වන්න.
සෑම විටම උසස් ක්‍රියාම කරන්න.
ප්‍රශ්නය:
සේවයේ දී බොහෝ
බාධක ගෙන එන්නේ කුමන සංස්කාරය ද?
පිළිතුර:
ජීවාත්මයන්ගේ ගති ස්වභාවයන් හා හැඟීම් නිසා සංස්කාර ඝට්ටණ ඇති වී සේවය කරනා විට
බොහෝ බාධා පමුණුවයි. මත ගැටුම් නිසා විශාල හානි සිදු වේ. කෝප යක්ෂයා කොයි තරම් ද
කියතොත් කෙනෙක් එනිසා දෙවියන්ට විරුද්ධ වීමටවත් එතරම් කාලයක් ගන්නේ නැහැ. මෙන්න මේ
නිසා තමයි බාබා කියන්නේ: සුමිහිරි දරුවනි. එවන් සංස්කාර ඔබ තුළත් තිබෙනවා නම් වහාම
ඒවා ඉවත් කර ගන්න.
ගීතය:
මගේ වාසනාව
උදා කර ගනිමින් මම පැමිණ සිටිමි ...
ඕම් ශාන්ති.
මිහිරිම
මිහිරි ආධ්‍යාත්මික දරුවන්ට ගීතය ඇසුණා. ආධ්‍යාත්මික දරුවන්, පරමාත්ම ශිව බබාගේ දරු
ජීවාත්ම තම තමන්ගේ භෞතික සිරුරු ඉන්ද්‍රියන් හරහා ගීතයට ඇහුම් කන් දුන්නා. ඔය
දරුවන් දැන් ජීවාත්ම සත්තා විඤ්ඤාණයට පැමිණිය යුතුයි. මේ සඳහා ලොකු උත්සාහයක් දැරිය
යුතුයි. නිතර නිතර තමන් ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහිපත් කරන්න. මෙම
උත්සාහය නොපෙනෙන උත්සාහයකි. පරමාත්ම පියා නොපෙනෙන කෙනෙක් වන අතර නොපෙනෙන උත්සාහයක්
දැරීමට ඔහු ඔබව පොළොඹවනවා. පරමාත්ම පියාම පැමිණ කියන්නේ දරුවනි, මා සිහි කරන්න. ඔබ
නැවතත් වතාවක් මීට වසර 5000කට උඩ දී සිටියාක් සේ සතෝප්‍රධාන් වේවි. සතෝප්‍රධාන්ව
සිටි තමන් දැන් තමෝප්‍රධාන් වී ඇති බව ඔය දරුවන්ට තේරෙනවා. ඔබ අනිවාර්යෙන්ම
සතෝප්‍රධාන් විය යුතුයි. ගීතයේ සඳහන් වන්නේ ද නැවතත් වතාවක් උත්සාහ දරා තමාට අහිමි
වුණු වාසනාව දිනා ගන්නැයි කියා ඔබලාව දිරිමත් කරවන්නේ එකම එක සර්ව ශක්ති පරමාත්ම
පියාම පමණයි. මන්ද ඔහු සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවනවා. පියා දරුවන්ට කියා දෙනවා:
අහෝ ආධ්‍යාත්මික දරුවනි - ඔබ දැන් ඔබගේ වාසනාව දිනා ගැනීමට පැමිණ සිටිනවා. ඒ
ශිෂ්‍යයින් තම වාසනාව දිනා ගැනීමට පාසලකට යනවා. ඔවුන් කුඩා දරුවනුයි. ඔබ ඉතින් දැන්
පොඩි ළමයි නොවෙයි. දැන් ඔබ ලොකු මහත් වුණු පරිණත වැඩිහිටියෝයි. ඔබ තම වාසනාව සාදා
ගන්නවා. ඔව් මහළු අය කිහිප දෙනෙකුත් සිටිනවා. තරුණ වයසේ දීම අධ්‍යයනයේ නිරත වෙන එක
හොඳයි වයසට ගිහින් කරනවාට වඩා. තරුණ අයගේ සිහි බුද්ධිය හොඳයි. මෙය සෑම කෙනෙකුටම
ඉතාමත් පහසුයි. ඔබගේ සිරුර උස් මහත් වෙලා. මේ පොඩි ළදරුවෙක්. කුඩා අවයව නිසා ඔහුට
එතරම් දෙයක් තේරුම් ගත නොහැකියි. නින්දා ප්‍රශංසා. දුක සැප ආදිය ගැන ඔබට තේරෙනවා.
ජීවාත්මය කුඩා තිතක්. ශරීරය දිගටම වර්ධනය වෙනවා. ජීවාත්මය සෑම විටම එකම ප්‍රමාණයේ:
ලොකු වෙන්නේත් නැහැ පොඩි වෙන්නේත් නැහැ. ඔබලාගේ බුද්ධිය මුලුමනින්ම තමෝප්‍රධාන් වී
තිබෙනා නිසා පරමාත්ම පියා දැන් ඒ බුද්ධියට කස්තුරි ත්‍යාගය පිරිනමනවා. දැන් එය
පිරිසිඳු වෙමින් පවතිනවා. මෙම පින්තුර පැහැදිලි කිරීමට හරිම පහසුයි. භක්ති මාර්ගයේ
මිනිස්සු දේව පිළිම ඉදිරියට ගිහින් වැඳ වැටි වැටී ඒවා වන්දනා කරනවා. මීට පෙර ඔබලාත්
අන්ධ විශ්වාසයෙන් ඒවා කළා. ශිව දේවාලයට ඔබ ගියත් ඒ ශිව බාබා බව ඔබ දැනගෙන සිටියේ
නැහැ. ඔබ අනිවාර්යෙන්ම බාබාගෙන් උරුමයක් ලබනවා. මෙන්න මේ නිසා තමයි ඔහුගේ ගුණ ගායනා
කරන්නේ. තම ජීවිත කාලය පුරාවට යම් යහපත් ක්‍රියාවක් කළ කෙනෙකුව අනිවාර්යෙන්ම
ප්‍රශංසාවට ලක් වෙනවා. ඔබලා ශිව බාබාගේ මුද්දරයක් මුද්‍රණය කළ යුතුයි. ගීතාව දේශනා
කළ ශිව බබාගේ මුද්දරයක් හරිම පහසුවෙන් නිර්මාණය කළ හැකියි. ඒ පරමාත්ම පියා සැමටම
සතුට දෙනවා. පරමාත්ම පියා කියනවා: මම ඔබලාව සතුටු දේශයේ පාලකවරුන් කරවනවා. තමන් මේ
පැමිණ සිටින්නේ. රූපකායක් නොමැති ශිව බාබා ලඟට බවත් ඔහු රූපයක් ඇති මොහුගේ ශරීරයට
ඇතුලු වී ඇති බවත් වයසක අම්මලාට වුණත් තේරුම් ගත හැකියි. රූපකායක් නොමැති කෙනා යැයි
කියන්නේ අශාරීරික කෙනාටයි. තාවකාලිකව මෙම රූපයට ඇතුලු වී සිටිනා ශිව බාබා ලඟටයි
තමන් මේ යන්නේ කියා ඔබගේ සිහියේ තිබෙනවා. ඔහු අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවා මුක්තිය
හා ජීවන මුක්තිය දානය කරනවා. සාම දේශයේ හා සතුටු දේශයේ වැසියන් බවට ඔහු ඔවුන්ව පත්
කරවනවා. සාමය වෙනුවෙන් මිනිස්සු බොහෝ වෙහෙසෙනවා. පරමාත්මය හමු වුණා නම් ඔවුන්ට සාමය
ලැබෙනවා.සතුට සඳහා ඔවුන් කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. පරමාත්ම පියාගේ නිවහනට
ගිහින් දෙවියන් සොයා ගැනීම පමණයි ඔවුනට අවශ්‍ය. මේ කාලයේ සෑම කෙනෙකුටම අවශ්‍ය
මුක්තියයි. ජීවන මුක්තිය ලබන්නේ ඔය බ්‍රහමිණ්වරුන් පමණයි. අන් සෑම කෙනෙකුටම අවශ්‍ය
මුක්තියයි. ජීවන මුක්තියට මඟ පෙන්වීමට වෙන කිසිම කෙනෙක් නැහැ. මිනිස්සු
සන්නාසීවරුන් ලඟට ගිහින් සාමය ඉල්ලනවා. සිතේ සාමය ඇති කර ගත හැක්කේ කෙසේද කියා
ඔවුන් අහනවා. ඔවුන් පෙන්වන සෑම මාවතක්ම මුක්තියට යන මාවත් පමණයි. සදාකාලික මෝක්ෂය
යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න ඔවුන්ගේ සිහියට ඇතුලු වන්නේ නැහැ. වෙහෙසට පත් වුණු
ඔවුන් "මුක්තියට යන එක හොඳයි" කියා කියනවා. ඇත්තටම කියනවා නම් මුක්ති දේශය
ජීවාත්මයන්ගේ නිවහනයි. සෑම මධ්‍යස්ථානයකම සිටිනා සෑම දරුවෙක්ම අපි අපේ නව ලෝක
රාජධානිය දිනාගනිමින් සිටිනවාය කියා දන්නවා. බාබා අපට නව ලෝකයේ රාජධානිය භාර කරනවා.
කොහේදී ද ඔහු දෙන්නේ? පැරණි ලෝකයේදී දෙයිද, නව ලෝකයේදී දෙයිද? පරමාත්ම පියා කියනවා:
මම පැමිණෙන්නේ සංගම් යුගයේදීයි. මම ස්වර්ණමය යුගයට එන්නෙත් නැහැ කලි යුගයට එන්නෙත්
නැහැ. අතරමැද යුගයේදී යි මා පැමිණෙන්නේ. පරමාත්ම පියා සෑම කෙනෙකුටම විමුක්තිය දානය
කරනවා. ඔහු කිසිම කෙනෙක්ව පරිහාණි තත්වයක දමා යන්නේ නැහැ. විමුක්තියත් පරිහාණියත්
දෙකම එකම විටෙක තිබෙන්න බැහැ. මෙම පැරණි ලෝකය විනාශ වීමට යන බව ඔය දරුවන් දන්නවා.
මෙන්න මේ නිසා තමයි ඔබ ඒ කෙරෙහි කිසිම බැඳියාවක් තබා නොගත යුත්තේ. අපි සැබවින්ම
සිටින්නේ සංගම් යුගයේයි කියා බුද්ධිය කියනවා. මෙම පැරණි ලෝකය වෙනස් වීමටයි යන්නේ.
පරමාත්ම පියා දැන් පැමිණ කියනවා. මම සෑම කල්පයකදීම ඔබව දුකින් මුදවා හරිද්‍රවාරයට
(නිදුකාණන්) සංගම් යුගයේ දී පැමිණෙනවා. මෙය ඥාන කරුණකි. හරිද්‍රවාරය ක්‍රිෂ්ණා
දේශයට යාමට මඟයි. අච්චා. ලක්ෂ්මන් ඔන්චිල්ලාවකුත් තිබෙනවා. පළමුවෙන්ම ඔබ
හරිද්‍රවාරයට පැමිණෙනවා. හරිද්‍රවාරය කියන්නේ ස්වර්ණමය යුගයයි. ඒ වගේම රාමා,
ලක්ෂ්මන් ආදී අයවත් පෙන්වනවා. ඒවා සැබෑවටම ඇති දේවල් නොවෙයි. ඒවා මිනිසුන් විසින්
සාදා ඇති කතාන්දරයි. රාමාට සහෝදරයින් කී දෙනෙක් ඉන්නවා කියලා ද ඔබ පෙන්වා තිබෙන්නේ?
ඔහුට සිව් සොයුරන් ඉන්න විදියක් නැහැ. මෙහි දී පමණයි ඕනෑම කෙනෙකුට සහෝදරයින් හතරක්
නැත්නම් අටක් වුවත් ඉන්න පුළුවන්. එක් පැත්තකින් පරමාත්මයේ දරුවන් සිටිනා අතර අනිත්
පැත්තෙන් යක්ෂ දරුවන්. ශිව බාබා දැන් බ්‍රහ්මාගේ ශරීරයට ඇතුලු වී සිටිනා බව ඔබ
දන්නවා. ශිවා බාබා වන අතර මා දාදා වේ: ඔහු ප්‍රජාවගේ පියායි (ප්‍රජාපිතා) අර කෙනා
ජීවාත්මයන්ගේ පියායි: ඔහු සදාතනිකයි. ඔහු මේ කාලයේදී බ්‍රහමිණ්වරුන්ව නිර්මාණය
කරමින් සිටිනවා. ශිව බාබා සලිග්‍රාමයින් හදනවා නොවෙයි; සලිග්‍රාමයන් අවිනාශියි.
පරමාත්ම පියා පැමිණ ඔබලාව පාරිශුද්ධ කරවනවා. ජීවාත්මයක් පිරිසිඳු වන තෙක් ශරීරයක්
පිරිසිඳුවන්නේ කෙසේද? අප ජීවාත්මයන් පාරිශුද්ධව සිටි කළ අප සතෝප්‍රධාන්ව සිටියා. අප
ජීවාත්මයන් දැන් අපිරිසිඳුයි. තමෝප්‍රධාන්. කොහොමද අපි නැවතත් සතෝප්‍රධාන් වන්නේ?
මෙය ඉතාමත් පහසුවෙන් තේරුම් ගත හැකි දෙයක්. ඔබ මත නොයෙකුත් කහට බැඳී ඇති නිසා ඔබ
අපිරිසිඳු හා තමෝප්‍රධාන් වෙලා. දැන් ඔබ නැවතත් වතාවක් සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ
සෑම කෙනෙක් තම තමන්ගේ ගිණුම් පියවා ශාන්ත දේශයටත් සතුටු දේශයටත් යාවි. ජීවාත්මයන්
පහළට පැමිණෙන්නේ කෙසේද? ක්‍රිස්තියානුවන් ගසක ආලෝක බුබුලු දල්වා සැමරීමක් කරනවා.
සෑම ශාඛාවක්ම එක් එක් ආගම් බව ඔබ දන්නවා. ජීවාත්මයන් ඉහළ සිට පහළට පැමිණෙන්නේ කෙසේද
යන ඥානය දැන් ඔබලාට තිබෙනවා. ශාන්ත දේශය අප ජීවාත්මයන්ගේ නිවහනයි. දැන් මේ සංගම්
යුගයයි. සෑම ජීවාත්මයක්ම එහි සිට පහළට පැමිණ නැවතත් නිවහන බලා යාවි. සම්පූර්ණයෙන්ම
ශුන්‍ය වී යාමක් සිදු වන්නේ නැහැ. තම බාබා ලඟට පැමිණ සිටින්නේ වාසනාව නිර්මාණය කර
ගැනීමටත් ස්ව-ආධිපත්‍යය දිනා ගැනීමටත් බව ඔබ දන්නවා. මේක මේ නිකම් කියන්නන් වාලෙට
කියනා දෙයක් නොවෙයි. ස්මරණය තුළින් අපට අපගේ උරුමය උරුම වේවි. පරමාත්ම පියා කියනවා:
ඔබගේ සියලුම ශාරීරික ඥාති හිත මිතුරන්ද ඇතුලුව මුලු ශරීරයම අමතක කර දමන්න. රූපකායක්
ඇත්තෙක් හා නැත්තෙක් සිටිනවා. රූපකායක් නැත්තා තමයි නොදැකිය හැකි කෙනා. මේ කරුණු
ඉතාමත් සියුම් කරුණුයි. ජීවාත්ම සත්තාව ඉතාමත් කුඩායි. ඔහු තම චරිත කොටස නැවත
නැවතත් රඟදැක්විය යුතුයි. මේ කරුණු කිසිම කෙනෙකුගේ සිහියේ රැඳෙන්නේ නැහැ. පළමුව තම
තමන් ජීවාත්මයන් බවත් ඔවුන්ගේ පරමාත්ම පියා ඔහු බවත් මිනිසුන්ට අවබෝධ කර දෙන්න.
පාරිශුද්ධකරුවාණනි. දෙවියනේ කියා කියනා විට ඔවුන් සිහි කරන්නේ ඔහුවයි. වෙන කොහේවත්
යා යුත්තේ නැහැ. එමනිසා, ඔවුන් සිහි කළ යුත්තේ එම ඒකායනයම පමණයි. පරමාත්ම දෙවියන්ව
සිහි කරනා නිසා. අනිවාර්යෙන්ම ඔවුන් ඔහුගෙන් යමක් ලබාවි. එමනිසා, දොරින් දොර
අරමුණක් නොමැතිව ඇවිද යා යුත්තේ ඇයි? පරමාත්ම දෙවියන් පැමිණෙන්නේ පරම දනවේ සිටයි.
අපි අපිරිසිඳු නිසා අපට එහි යා නොහැකියි. අපිරිසිඳු අයට එහි යා නොහැකියි. භක්ති
මාර්ගය කෙතරම් නම් අපුරු මාවතක්දැයි කියා ඔබ දැන් පුදුම වෙනවා ඇති. ඒකායන දෙවියන්ව
සිහි කර මිනිස්සු ඊශ්වරයාණනි, දෙවි පියාණනි කියනවා. ඔහු එක්කෙනෙක්ම වන නිසා, වෙන
කොහේවත් සොයන්නේ ඇයි? ඔහු ඉහළ ස්ථානයේ වාසය කරයි. කොහොම නමුත්, මේ සියල්ල නියමිතව
ඇත. ඔවුන් සෑම දෙන භක්ති සිදු කරන්නේ නාටකයට අනුවය. ඔවුන් එය කරන්නේ කිසිඳු
අවබෝධයක් නැතුවයි. ඔබ දැන් අසීමිත ආකාරයෙන් අර්ථාන්විත වෙමින් සිටී. ශ්‍රීමත්
පිළිපදින අය පමණක් අර්ථාන්විත වෙයි. ඔවුන් සැඟවී සිටිය නොහැකියි. ඔවුන් සෑම විට
උසස් ක්‍රියා කරයි. පරම පියා මෙසේ කියයි: මා දුකින් මුදවන්නා සහ සතුට ලබා දෙන්නා වන
අතර ඔබ දරුවන්ද එලෙසම මිහිරිතාවයට පත් විය යුතුය. ඔබ පරම පියාගේ දකුණු අත් බවට පත්
විය යුතුය. පරම පියා එවැනි දරුවන්ට සෙනෙහස දක්වන්නේ ඔවුන් දකුණු අත් නිසාය. ඔබ
දන්නවා වම් අතින් ඔබට එතරම් වැඩ කළ නොහැක්කේ දකුණු අත යහපත් දේ කරන නිසා බව. එම
නිසයි දකුණු අත සුබ කටයුතු වලට යොදන්නේ. වන්දනා වලට යොදා ගන්නේ දකුණු අතයි. පරම
පියා මෙසේ කියයි: හැම දේකටම යහපත් වන්න. ඔබට පරම පියා හමුවී ඇති අතර එම සතුට තිබිය
යුතුයි. පරම පියා මෙසේ කියයි: නිරතුරුවම මා පමණක් සිහිකරමින් සිටින විට ඔබේ අවසන්
සිතිවිලි ඔබේ ගමනාන්තය වෙත ගෙන යයි. ඔබට ගැලවීම ලැබෙන්නේ එකම උපදේශයකිනි. අනුස්මරණය
කෙරෙන්නේ දෙවියන් පමණක් ගැලවීම සඳහා ඔහුගේ ක්‍රම සහ විධි දන්නා බවයි.
පාරිශුද්ධකරුවාණන් වන්නේ ඔහු පමණි. ඔහු දන්නවා ඔහු මනුෂ්‍යයින් පිරිසිඳු කර ඔවුන්
දුකින් මුදවා ගැලවීම කරා ගෙන යන බව. ඔවුන් භක්ති මාර්ගයේ බොහෝ උත්සාහ කළත් ගැලවීමක්
නොලැබේ. කිසිඳු ඵලයක් නැත. ගැලවීම ලබා දෙන්නේ පරම පියා පමණි. භක්තිවන්තයින්
භක්තිමාර්ගයේ දී කාට වන්දනා කළත්, ඔවුන්ට ගැලවීම ලබා දෙන්නේ මාය. එය නාටකයේ නියමිතව
ද ඇත. ඔවුන්ගේ උත්සාහයන් අනුව එය ඔවුන්ට නිරායාසයෙන් ලැබේ. දැන් ඔබ දරුවන්ද ඔබේ ම
වු උත්සාහය තුළින් පාරිශුද්ධියට පත් විය යුතුව ඇත. පරම පියා මෙසේ කියයි: මිහිරිතම
පරම පියා සිහිකරන්න. සර්වබලධාරී ඔහු පමණි. ඔහු අපව ඉතා හොඳ අය බවට පත් කරවයි! දැන්
ඔබ සියලු දේ දන්නා අතර පරම පියාගෙන් උරුමය ලබයි. ඔබේ බුද්ධියේ නිර්මාණකයා සහ
නිර්මාණය ගැත ඥානය ඇත. ඔබට මේ ඥානය කලින් නොතිබුණු බව ඔබ දනී. යාග හෝම පැවැත්වීමද
තපස්යාවෙන් සිටිමද බණ ඇසීම ආදිය ලේඛණ වල ඥානයයි. එය භක්තියයි. එහි අරමුණක් හෝ
ඉලක්කයක් නැත. අරමුණක් හෝ ඉලක්කයක් ඇත්තේ අධ්‍යයනයකය. කුමන වර්ගයේ හෝ ඥානයක් ද
ලැබේ. පාරිශුද්ධකරුවාණන් වන පරම පියා අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත් වන ආකාරයේ
ඥානයක් ලබා දෙයි. පරම පියා අපට ලෝකයේ මුල, මැද, අග පිළිබඳ ඥානයත් චක්‍රය කැරකෙන
ආකාරයත් කියා දෙයි. අප සැවොම මෙහි නළුවන්ය. මේ නාටකය සදාතනිකව නිර්මාණය වූවකි. ඔබ
මේ අසීමිත ඥානය නියතයෙන්ම ලැබිය යුතුයි. ඔබ දරුවන්න් මහා ඝණ අන්ධකාරයෙන් මිදෙන අතර
මහා ආලෝකය කරා යන බව දනී. ඔබ දැන් දේවතාවෝ බවට පත් වෙමින් සිටී. ඔබ තේරුම් කළ
යුතුයි ආදී සනාතන දේවි දේවතා ධර්මය දේවතා ආගම බවත් දැන් එයට කියන්නේ හින්දු ආගම
බවත්. ක්‍රමානුකූලව ඔබ මෙය තේරුම් ගනී. ඔබ දරුවන් දැඩි අවධානයෙන් සිටිය යුතුය. මේ
සඳහා බොහෝ දරුවන් අවශ්‍යය. ඔබ දිල්ලි නගරයේ සම්මේලනයක් පැවැත්විය යුතුයි. දිල්ලියට
සුර දූතයින්ගේ දේශය යැයි නමක් ඇත. එය යමුනා ගඟ අසබඩ ඇත. දිල්ලිය අග නගරයයි. එය බොහෝ
අය විසින් පාලනය කර ඇත. එය දෙවි දේවතාවන්ගේද අග නගරයයි. දිල්ලියේ විශාල සම්මේලනයක්
පැවැත්විය යුතුය. කොහොම නමුත්, මායා ඔබට මේ සඳහා ඉඩ නොදේ. ඇය බොහෝ බාධා ඇති කරයි.
මෙකල ස්වභාව ධර්මයේ බොහෝ ගැටුම් ඇත. දරුවන් සේවය කළ යුත්තේ එකිනෙකා අතර සමගිය
ඇතිවයි. ඔවුන් එකමුතුව නැති කල රජදහන අහිමි වේ. පක්‍ෂ දෙකක් ඇති කල ජනාධිපති පහ කළ
හැක. මත දෙකක් ඇති කල බොහෝ හානි සිදුවේ. එවිට ඔවුන් වැඩි කල් නොගෙන දෙවියන්ට පවා
විරුද්ධ වෙයි. බොහෝ හානි සිදු කරගනී. වෛරය ඇති කල අහන්න දෙයක් නැත! බාබා මෙසේ
කියන්නේ ඒ නිසයි: හකුරු සහ හකුරු මුල ගැන දනී. පරම පියා ඔබට ලෝකයේ මුල, මැද, අග
ඥානය දෙයි. එය උකහා ගැනීම හෝ නොගැනීම ඔබ සතුය. එය ඔබේ උත්සාහය මත රඳාපවතී. බාබා
කිසිවිට ඔබ ගැන අනුකම්පා ඇති කරගැනීමට ආශිර්වාද නොදේ. මෙහිදී අනුකම්පාව ඉල්ලා
සිටිමේ ප්‍රශ්නයක් නැත. පරම පියා මෙසේ කියයි: මම යම් බලයකින් ඥානය සහ යෝගා
ඉගැන්වීමට හැකියාව තිබුණා නම්, මා මේ කිලිටි ලෝකයට එන්නේ ඇයි? එම බල සහ වරදාන ආදිය
භක්ති මාර්ගයේ වචනය. මෙහිදී ඔබ උත්සාහ දැරිය යුතුය. වෙනත් බලයක් ගැන ප්‍රශ්නයක්
නැත. ඔබට එකම වෙලාවක යන්ත්‍ර තුනක් ලැබී ඇත. එහිදී, පියා ගුරුවරයාගෙන් වෙන් වන අතර
පසු කලෙක ගුරු කෙනෙක් ද වෙයි. මෙහිදී තිදෙනාම එකට සිටි. පරම පියා මෙසේ කියයි: මම
ඔබව වන්දනාවට සුදුසු බවට පත් කරවමි. පසුව ඔබ වන්දනා කරුවන් බවට පත් වේ. එය ඉතා
උපක්‍රම ශීලීව ඉදිරිපත් කළ යුතුය. කෙනෙක් සිහිසුන් නොවිය යුතුය. පළමු සහ ප්‍රධාන
විස්තර කර දිය යුතු දේ නම් පියවරුන් දෙදෙනා ගැනය. පරමාත්ම දෙවියන් පරමාත්ම පියාය.
ශිව ජයන්ති නම් වූ ඔහුගේ උපන් දිනය සැමරේ. ඔහු නියතයෙන්ම අපව දෙව්ලොව හිමිකරුවන්
බවට පත් කරවයි. දෙව්ලොව තිබෙන්නේ භාරතයේ පමණි. අපායේ විනාශය සඳහා මහාභාරත යුද්ධය
ඉදිරියේ ම ඇත. පරම පියා නියතයෙන්ම නව ලෝකය ස්ථාපනය කරයි. පරම පියාගේ ශ්‍රීමත් අනුව
අප මෙසේ කියමු: අපි නියතයෙන්ම භාරතය පිරිසිඳු කරමු. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම
පියා දුක නැති කර සතුට දානය කරන්නා වන සේ ඔබත් පියා හා සම විය යුතුයි. ඉතාමත්
මිහිරි වන්න. නිරන්තරයෙන්ම ධර්මිෂ්ඨ ක්‍රියා කර දකුණු අතක් වන්න.
2. කිසිම විටෙක මත
ගැටුමකට ඉඩ තබා ගන්න එපා. කිසිම කෙනෙකුගේ ගති ස්වභාවය මත පැටලී එකිනෙකා අතර විරෝධතා
ඇති කර නොගන්න. කෝප යක්ෂයා පන්නා දමන්න.
වරදානය:
ඔබ පිළිබඳව
නිරන්තර සිහියෙන් සිටිමින් සහ ඔබේ සෑම ක්‍රියාවක්ම ආදර්ශවත් විනයක් බවට පත්
කරගනිමින්, ඔබ අධිකාරීත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.
භෞතික ස්වරූපයෙන්
සිටිය දී බාබා තමා පිළිබඳව සිහියෙන් කළ සෑම ක්‍රියාවක්ම බ්‍රාහ්මණ පවුලට ආදර්ශමත්
විනයක් බවට පත් විය. තමා පිළිබඳ එම අභිමානයෙන්, සාකාර් (භෞතික) ස්වරූපය තුළින් යම්
වැරැද්දක් සිදු වුවහොත් පරමාත්ම දෙවියන් එය නිවැරදි කරන බවට අධිකාරීත්වයෙන් පැවසීමට
ඔහුට හැකි විය. තම ස්වරූපය පිළිබඳ සිහියෙන් සිටීම නිසා, කිසිදු ක්‍රියාවක් කිසිදා
වැරදි නොවන බවට වූ අභිමානය ඔහු තුළ විය. ඔය දරුවන් ඔබේම අධ්‍යාත්මික ස්ථිතිය තුළ
ස්ථාවරව සිටින විට, ඔබ තුළ ඇති වන සිතිවිලි, ඔබ පවසන වචන හෝ ඔබ කරන ක්‍රියා
ආදර්ශමත් විනයක් බවට පත් වනු ඇත.
පාඨය:
ඔබේ
පාරිශුද්ධත්වයේ කුළුණ ශක්තිමත් කරගන්න; එවිට එම කුළුණ ප්‍රදීපාගාරයක් මෙන් ක්‍රියා
කරනු ඇත.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
ඔබේ බුද්ධියට
අපවිත්‍ර සිතිවිලි හෝ පැරණි සංස්කාර මගින් මඳ හෝ බලපෑමක් සිදු වුවහොත්, ඔබට
පරිපූර්ණ වෛෂ්ණවයෙකු යැයි කිව නොහැක. යමෙකු වැරදි දෙයක් කරනවා ඔබ දුටු විට, එය
දැකීමෙන් පවා ඔබට බලපෑමක් ඇති වන අතර ඒ හා සම්බන්ධ කර්ම ගිණුමක් නිර්මාණය වේ. ඒ හා
සමානවම, මෙසේ සිතන්න: ඔබේ බුද්ධියට පැරණි සංස්කාර හෝ අපවිත්‍ර සිතිවිලි මගින් මඳ හෝ
බලපෑමක් සිදු වුවහොත්, ඔබට පරිපූර්ණ වෛෂ්ණවයෙකු හෝ සම්පූර්ණයෙන්ම පවිත්‍ර කෙනෙකු
යැයි කිව නොහැක.