04.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ සෑම කෙනෙක්ම අසීමිත පරමාත්ම පියා ළඟට පැමිණ සිටින්නේ කෙළෙස් බවින්
නිකෙළෙස් වීමටයි.
ප්රශ්නය:
පරමාත්ම පියා
දැන් ඔබට උගන්වන්නේ කුමන, මුලු කල්පය පුරාවටම කියා නොදුන්, කුමන පාඩමද?
පිළිතුර:
මේ කාලයේ දී පරමාත්ම පියා විසින්ම පමණක් කියා දෙන ඉගැන්වීම වන්නේ නව රාජ්‍යය
ස්ථාපනය වන්නේ කෙසේද, මිනිසුන් තුළ රාජකීය තත්ත්වයක් ලද හැකි ඉගැන්වීම කුමක්ද යන
කාරණයයි. මෙම නව ඉගෙනීම මුලු කල්පය පුරාවටම වෙන කිසිම කාලයකදී කියා දී නැත. මෙම
ඉගෙනීම මඟින් ස්වර්ණමය යුග රාජ්‍යය ස්ථාපනය වෙමින් පවතී.
ඕම් ශාන්ති.
තමත් ශරීර නොව
ජීවාත්මයන් බව ඔය දරුවන් දනී. ජීවාත්ම අවධානයට පත් වෙනවා යනුවෙන් අදහස් කරන්නේ
මෙයයි සෑම මනුෂ්‍යයෙක්ම සිටින්නේ ශාරීරික අවධානයෙනුයි. මෙය පාපකාරීන්ගේ ලෝකයයි.
එනම් එය පාපකාරී ලෝකයයි: රාවණගේ රාජ්‍යයයි. ස්වර්ණමය යුගය දැන් නැහැ. එහි සිටි සෑම
කෙනෙක්ම නිකෙලෙස් අයයි. තමන් පාරිශුද්ධ දේවතාවරුන් ලෙසින් සිටි අතර දැන් උපත් 84ක්
ගැනීමෙන් අනතුරුව නැවතත් වතාවක් අපිරිසිඳු වී සිටිනා බව ඔය දරුවන් දනී. සෑම කෙනෙක්ම
උපත් 84ක් ගන්නේ නැහැ. උපත් 82,83 හෝ 84ක් ගත් භාරතීයයන් පමණයි දේවතාවරුන්ව සිටියේ.
දැන් ඔවුන් අපිරිසිඳු වෙලා. අවිනාශී දේශය ලෙසින් හැඳින්වෙන්නේ භාරතය පමණයි. භාරතයේ
ලක්ෂ්මි නාරායන රාජ්‍යය පැවති කාලයේ දී එය හැඳින්වූයේ නව භාරතය කියලයි. දැන් ඇත්තේ
වියපත් ලෝකයක්, වියපත් භාරතයක්. ඒ අය මුළුමනින්ම කෙලෙස් වලින් තොරයි; ඔවුන් තුළ
කිසිම පාපයක් නැහැ. ඒ දේවතාවරුන් උපත් 84ක් ගෙන පැමිණ දැත් අපිරිසිඳු වෙලා: මහා
බලගතු රාග, කෝප හා තෘෂ්ණා යක්ෂයින් තමයි ඒ. ඒ සියල්ල අතුරින් ප්‍රධානම යක්ෂයා නම්
ශාරීරික අවධානයයි. මෙය රාවණ රාජ්‍යයයි. පංච පාප මිනිසුන් තුළට ඇතුලු වුණු විට මෙම
රාවණ කල්ප බාගයක් පුරාවටම භාරතයේ සතුරා වේ. මේ භූතාත්මයන් දේවතාවරුන් තුළ නැහැ.
ජීවාත්ම නැවත නැවතත් උපත් ගනිද්දී ඔවුන් මෙම භුතාත්මයන්ගේ බලපෑමට හසු වුණා. තමන්
දේවතාවරුන්ව සිටි කාලයේ දී, ඒ කිසිම පාපයක භුතාත්මයක් ඔබට තිබුණේ නැහැ. ස්වර්ණමය හා
රිදී යුග හැඳින්වූයේ රාම රාජ්‍යය කියලයි. තඹ යුගය හා කලි යුගය රාවණ රාජ්‍යය ලෙසින්
හැඳින්වීය මෙහි ස්ත්‍රී පුරුෂ සෑම කෙනෙක් තුළම දුර්ගුණ පහ තිබෙනවා. එම දුර්ගුණ පහ
පැමිණෙන්නේ තඹ යුගය හා කලි යුග කාලයේ සිටනුයි. ඔබ දැන් සිටින්නේ ඉතාමත් සුබම සුබ
සංගම යුගයේයි. කෙළෙස් වලින් මිදී නිකෙළෙස් වීම සඳහා ඔබ අසීමිත පරමාත්ම පියා ලඟට
පැමිණ සිටිනවා. ඔබ තම මුහුණ අවලස්සන කර ගත් නිසා දැන් නැවතත් ලස්සන වීම ටිකක්
අපහසුයි. එය හරියට පස්වෙනි තට්ටුවෙන් බීමට වැටෙනවා වැනියි. ඇටකටු පවා බීඳී යනවා.
ගීතාවේත් සඳහන් වී තිබෙන්නේ: පරමාත්ම දෙවියන් කියන්නේ රාගය පරම සතුරා බවයි. භාරතයේ
පුරාතනම ආගමික ග්‍රන්ථය ගීතාවයි. සෑම ආගමකටම එක ග්රන්ථයක් තිබෙනවා. භාරතයේ අයට
ග්රන්ථ ගණනාවක්ම තිබෙනවා. භක්ති වන්දනාව කියන්නේ එයටයි. නව ලෝකය සස්තෝප්රධාත් වන
අතරම ස්වර්ණමය යුගිත් වෙනවා. එහි කිසිම රණ්ඩුසරුවල් ඇත්තේ නැහැ. සෑම කෙනෙකුගේම ආයුෂ
දීර්ඝ වන අතර ඔවුන් සදා නිරෝගීයි සදා ධනවත්. දේවතාවරුන් වශයෙන් තමන් ඉතාමත් සතුටින්
සිටි බව ඔබලාට දැන් මතකයි. එහි කිසිම අකල් මරණයක් නැහැ: මරණය ගැන බියක් නැහැ. එහි
දී ඔබට සියල්ලම නිදුක්, නිරෝගී සියලු සැප සම්පත් සියල්ලම තිබෙනවා. අපායේ කිසිම
සතුටක් නැහැ. සෑම විටම කුමන හෝ ආකාරයක ලෙඩක් දුකක්. මෙය සීමාවක් නැති දුක් ලෝකයක්,
නමුත් එය අසීමිත සතුටේ ලෝකයයි. අසීමිත පියා දුක් ලෝකයක් නිර්මාණය කරන්නේ නැහැ.
පරමාත්ම පියා නිර්මාණය කරන්නේ සතුටු ලෝකයකි. පසුව රාවණ රාජ්‍යය පැමිණී විට ඔබට
එහිදී විඳීමට සිදු වන්නේ දුක හා දුකම පමණයි. ස්වර්ණම යුගය සතුටු ලෝකය වන අතර කලි
යුගය දුක් ලෝකයයි. පාපයේ ගැලෙනවා යනු එකිනෙකා මත රාග අසිපත යෙදවීමයි. "ඒක දේව
නිමැවුමයි" කියා මිනිස්සු කියනවා. අනේ නැහැ. එය දේව නිමැවුමක් නොවෙයි. එය රාවණගේ
නිර්මාණයයි. පරමාත්ම දෙවියන් විසින් නිර්මාණය කරන්නේ දෙව්ලොවයි. එහි රාග අසිපත
නැහැ. දෙවියන් සතුටත් දුකත් දෙකම දෙනවායි කියා දෙයක් නැහැ. පරමාත්ම දෙවියන් අසීමිත
පියායි. ඉතින් ඔහු තම දරුවන්ට දුක් දෙන්නේ කෙසේද? මා ඔබට සතුටේ උරුමය උරුම කර දෙනවා
කියායි ඔහු පවසන්නේ. එතැනිත් කල්ප බාගයකින් පසුව රාවණ ඔබට ශාප කරනවා ස්වර්ණම
යුගයේදී ඔබට අසීමිත සතුටක් තිබුණු අතර ඔබ ඉතාමත් ඉසුරු බරව සිටියා. එකම එක සෝමනාථ
දේවාලයේම පමණක් දියමන්ති හා මුතු මැණික් ගණනාවක් තිබුණා. භාරතය හරිම ස්වාධිනව
සිටියා, දැන් එය ණය බරින් පිරිලා. ස්වර්ණම යුගයේ දී ඔබ 100%ක්ම ධන සම්පතින් පිරි
සිටියා. කලි යුගයේදී 100%ක්ම ණය බරින් පිරි ගිහින්. මෙම නාටකය නියමිත වූවක්. දැන්
ඇත්තේ කලි යුගයයි. ජීවාත්ම මත කහට බැඳී ඇති නිසා ඔවුන් දැන් මුලුමනින්ම තමෝප්‍රධාත්
වී ඇත. ඇත්තේ මහා දුකකි. මෙම අහස් යානා ආදියත් සොයා ගත්තේ මීට වසර 100ක පමණ කාලය
තුළදීයි. මායාගේ පම්පෝරිය කියන්නේ මෙයටයි. ඉතින් මිනිස්සු සිතන්නේ දෙව්ලොව ර්මාණය
වන්නේ විද්‍යාවේ බලයෙන් කියලයි. නමුත් ඒ රාවණගේ දෙව්ලොවයි. කලි යුගයේ මායාගේ
පම්පෝරිය දකිනා අයගෙන් ඔබට ලඟට කෙනෙක් පැමිණෙන්නේ ඉතාමත් කලාතුරකිනුයි. තමන්ට
මාළිඟා යාන වාහන සියල්ල තිබෙනවා කියා ඔවුන් සිතාගෙන සිටියි. පරමාත්ම පියා කියනනේ:
දෙව්ලොව කියා හදුන්වන්නේ ස්වර්ණම යුගයේ ලක්ෂ්මි නාරායන්ගේ රාජධානියටයි. දැන් තව
දුරටත් ලක්ෂ්මි නාරායන රාජ්‍යයන් නැහැ. ඔවුන්ගේ රාජ්‍යයක් නැවතත් පැමිණෙන්නේ කලි
යුගයට පසුවයි. පළමුවෙන්ම භාරතයේ සිටියේ ඉතාමත් කුඩා ජනගහනයකි. නව ලෝකයේ ජනගහනය
900,000ක් පමණයි. එතැනින් වර්ධනය ඇරබෙනවා. මුලු ලෝකයම ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වේ.
පළමුවෙන්ම සිටියේ දේවතාවරුන් පමණයි. ඉතින් අසීමිත පියා මෙහි අසුන් ගෙන ඔබට ලෝකයේ
ඉතිහාසය හා භුගෝලය කියා දේ. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට එය ඔබට කිව
නොහැකියි. ඔහුව හඳුන්වන්නේ ඥාන-සපිරි, පරමාත්ම දෙවි පියාණන්, සියලුම ජීවාත්මයන්ගේ
පරමාත්ම දෙවියන් ලෙසිනුයි. සෑම ජීවාත්මයක්ම සහෝදරයින්ය. පසුව ඔවුන් සහෝදර සහෝදරියන්
වේ. ඔබ සෑම කෙනෙක්ම එකම එක ප්‍රජාපිතා බ්රහ්මා විසින් දරුකමට ගත් දරුවනුයි. සෑම
ජීවාත්මයක්ම පරමාත්ම දෙවියන්ගේ දරුවනුයි. ඔහුට පරමාත්ම පියා කියා කියනා අතර ඔහුගේ
තම ශිවායි. එපමණයි. පරමාත්ම පියා පැහැදිලි කර කියන්නේ: මට තිබෙන්නේ ශිව නම් වූ නාමය
පමණයි. පසුව භක්ති වන්දනා මර්ගයේ දී මිනිස්සු දේවාල ගණනාවක් සාදා මට නම් ගණනාවක් දී
තිබෙනවා. භක්ති වන්දනාවන් මහා ආටෝපයන්ගෙන් පිරුණුඒවායි. එයට අධ්‍යයනයක් යැයි කිව
නොහැකියි. එහි කිසිම අරමුණක් හෝ ඉලක්කයක් නැත. එය ඇත්තේ පරිහාණීයටයි. පහළට බැසගෙන
එන අතර ඔබ තමෝප්රදාන් විය. දැන් ඉතින් සෑම කෙනෙක්ම සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ
සතෝප්‍රධාන් වී දෙව්ලොවට ගිය විට අන් සෑම කෙනෙක්මත් සස්තෝප්රධාන් වී ශාන්ත දේශයට
යාවි. මෙය හොඳින් මතක තබා ගත්ත. ඔබ මට කතා කළා, බාබා, පැමිණ අපිරිසිඳු අපව පිරිසිඳු
කරවන්න කියා ඔබ මට කන්නලව් කළා. දැන් මුලු ලෝකයම පාරිශුද්‍ර කරවීමට මා පැමිණ සිටිමි.
ගංඟා නදියේ ස්නානය කිරීමෙන් තමන් පාරිශුද්ධ වේවි කියා මිනිස්සු සිතාගෙන සිටිනවා.
ඔවුන් ගංඟා නදිය පාරිශුද්ධකරුවාණනුයි කියා සලකති. ළිඳක ඇති වතුරත් ගංඟා නදියේ පැන්
කියා සලකාගෙන ඔවුන් ඉන් දිය ස්නානය කරති. එය නොපෙනෙන ගංඟාවක් කියා ඔවුන් සලකති.
වන්දනා ගමන් හෝ ජලය මතු වන කඳු මුදුන් වලට යන විට ඔවුන් ඒ ජලය අදෘෂ්‍යමාන ගංඟාවයි
කියා සිතති. මිත්‍යාව කියන්නේ මෙයයි. පරමාත්ම දෙවියන් පරම සත්‍යයයි. ඒ වුවත් රාවණ
රාජ්‍යයේ සිටිනා සෑම කෙනෙක්ම පවසන්නේ මුසාවනුයි. පරමාත්ම පරම සත්‍ය දෙවියන් පමණයි
සත්‍යයේ දේශය ස්ථාපනය කරන්නේ. එහි කිසිම මිත්‍යාවක් නැහැ. දේවතාවරුන්ට භෝග් වශයෙන්
පිරිසිඳු ආහාර පිළිගන්වති. දැන් මෙය යක්ෂ රාජ්‍යයයි. ස්වර්ණමය හා රිදී යුග වල ඇත්තේ
පරමාත්ම දේව රාජධානියයි. දැන් ස්ථාපනය වෙමින් පවතින්නේ එයයි. පරමාත්ම දෙවියන්ම
පැමිණ සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවයි. දේවතාවරුන් තුළ කිසිදු පාපයක් නොමැත.
පුරවැසියනුත් රජ රැජිණ සේම පාරිශුද්ධය. මෙහි සෑම කෙනෙක්ම පාපකාරීයි, රාගිකයි.
කෝපාවිෂ්ටයි. නව ලෝකය දෙව්ලොව කියා හැඳින්වෙන අතර මෙම ලෝකය හඳුන්වන්නේ අපාය
වශයෙනුයි. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට අපාය දෙව්ලොව කළ නොහැක. මෙහි,
සෑම කෙනෙක්ම අපායේ අපිරිසිඳු වැසියනුයි. ස්වර්ණම යුගයේ දී, ඔවුන් පාරිශුද්ධයි.
එහිදී ඔවුන්: අපිරිසිඳු අපව පිරිසිඳු කර ගැනීමට ගංඟා නදියේ දිය නෑමට යනවායි කියා
කියන්නේ නැහැ. මෙය විවිධාකාර වූ මානව ලෝක වෘක්ෂය වන අතර පරමාත්ම දෙවියන් එහි
බීජයයි. නිර්මාණය කරවන්නේ ඔහු පමණී. පළමුවෙන්ම ඔහු දේවතාවරුන් නිර්මාණය කරයි. පසුව
ව්‍යාප්තිය සිදු වෙනවාත් සමඟ ආගම් ගණනාවක් බීහි වේ. මුලදී ඇත්තේ එකම එක ධර්මයක් හා
එකම එක රාජ්‍යයකි; එහි සතුටම මිසක් වෙන කිසිවක් නොමැත. මිනිසුන් ලෝක සාමය පතති. ඔබ
දැන් එය ස්ථාපනය කරති. අන් සියල්ල විනාශ වේ. ඉතිරි වන්නේ ටික දෙනෙකුයි. මෙම චක්‍රය
දිගින් දිගටම කැරකේවි. දැන් මේ ඇත්තේ කලි යුගයේ අවසානයත් ස්වර්ණම යුගයේ ආරම්භයත්
අතරමැද වන සුබම සුබ වූ සංගම යුගයයි. හිතකර, සුබදායි සංගම යුගය කියන්නේ මෙයටයි. කලි
යුගයට පසුව ස්වර්ණම යුගය ස්ථාපනය වේවි. ඔබ සංගම යුගයේ සිට ඉගෙන ගන්නා අතර එහි ඵලය
ස්වර්ණම යුගයේ දී ලබාවි. මෙහිදී ඔබ පාරිශුද්ධ වී හොඳින් ඉගෙන ගත් තරමට, එහිදී ඉහළ
තත්ත්වයක් ලබනු ඇත. එවන් අධ්‍යාපනයක් වෙත කොහිවත් සිදු විය නොහැක. මෙම හැදෑරීමේ
සතුට ඔබ ලබන්නේ නව ලෝකයේදීයි. කුමන හෝ භුතාත්මයක් ඉතිරිව සිටියහොත් පළමුවෙන්ම ඔබට
දඩුවම් විඳීමට සිදු වන අතර දෙවනුව පහත් තත්ත්වයක් ලැබීමට ද සිදු වේවි. පරිපූර්ණ වී
අන් අයටත් උගන්වන්නෝ උසස් තත්ත්වයක් දිනා ගනු ඇත. මධ්‍යස්ථාන ගණනාවක් ඇත.
මධ්‍යස්ථාන සිය දහස් ගණනක් ඇත. මුලු ලෝකය පුරාම මධ්‍යස්ථාන විවෘත කරාවි. ඔබ පාපකාරි
බවින් පිවිතුරු පින්වත් ජීවාත්ම බවට පත්විය යුතුයි. ඔබට අරමුණක් හා ඉලක්කයක් තිබේ.
ඔබට උගන්වන්නේ ශිව බාබා පමණයි. ඥාන සාගරය සතුටු සාගරය ඔහුයි. මෙහි පැමිණ ඔබට
උගන්වන්නේ පරමාත්ම පියාම පමණයි. මොහු උගන්වන්නේ නැහැ: මොහු මඟින් ඔබට උගන්වන්නේ
ඔහුයි. දේව රථය, භාග්‍ය රථය කියාත් මොහුට කියනවා. ඔහු ඔබව කෝටිගුණයකින් වාසනාවන්ත
කරවයි. ඔබ ඉතාමත් ධනවත් අය බවට පත් වෙති. ඔබ කිසිදු විටෙක ලෙඩ නොවේ. නිදුක්, නිරෝගී
බවත් සියලු ධන සම්පත් සියල්ලත් ඔබ ලබාවි මෙහිදී ඔබට ධනය තිබුණත් ලෙඩ දුක් වලත්
අඩුවක් නැහැ. එමනිසා, සතුටක් ඉතිරි වන්නේ නැහැ; කුමන හෝ දුකක් ඉතිරි වේ. ඒ ලෝකය
හඳුන්වත්තේ සතුටු ලෝකය, දෙව්ලොව, පාරාදීසය කියලයි. ලක්ෂ්මි හා තාරායනට ඒ රාජ්‍යය
දුන්නේ කවුද? කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් සිටියේ භාරතයේයි. ඔවුන් ලෝක
පාලකවරුන්ව සිටියහ. එකළ කිසිදු බෙදා වෙන් කිරීමක් තිබුණේ නැත. දැන් විවිධ මායිම්
ගණනාවක් ඇත. මෙය රාවණ රාජ්‍යයයි. එය කැබලි ගණනාවකට බෙදී ගොසින්ය. ඔවුන් නොනවත්වා
අඩදබර කර ගනී. මුලු භාරතය පුරාම තිබුණේ දේවතා රජදහනයි. එහි කිසිදු උපදේශකවරයෙක්
සිටියේ නැත. බලන්න මෙහේ නම් උපදේශකවරුන්ම කී දෙනෙක් නම් සිටිනවා ද කියලා.
මිනිස්සුත් ඒ තරමටම අසංවේදීයි. උපදේශකවරුනුත් තමෝප්රදාන් වගේම අපිරිසිඳුයි.
අපවිත්‍ර අය අපවිත්‍ර අයට ආකර්ෂණය වෙනවා. ඔවුන් දිගින් දිගටම දරිද්‍රතාවයට ඇද
වැටෙමින් ණය බරිත වෙනවා. ස්වර්ණම යුගයේ ආහාරපාන සියල්ල හරිම රසවත්. ඔබ එහි ගොස්
සියල්ල අත්විඳ ආපසු පැමිණෙනවා; ඔබ සූක්ෂම කලාපයටත් දෙව්ලොවටත් පැමිණෙනවා. ලෝක
චක්‍රය කරකැවෙන්නේ කෙසේදැයි කියා පරමාත්ම පියා ඔබට කියා දෙනවා. මුලදී භාරතයේ තිබුණේ
එකම එක දේවතා ධර්මය පමණයි. වෙන කිසිදු ධර්මයක් තිබුණේ නැහැ. පසුව තඹ යුගයේ දී රාවණ
රාජ්‍යය ඇරබේ. දැන් මේ ඇත්තේ දුෂිත ලෝකයයි. ඔබ දැන් පාරිශුද්ධ වෙමින් සිටිනා අතර
නිකෙළෙස් දේවතාවරුන් වේවි. මෙය පාසලකි. පරමාත්ම දෙවියන් ඔබ අමතයි: මා ඔය දරුවන්ට
රාජයෝගා උගන්වනවා. ඔබ අනාගතයේ දී ඒ තත්ත්වයට පත් වේවි. වෙන කිසිදු තැනකදී ඔබට
රාජධානියක් සඳහා ඉගෙන ගත නොහැකියි. පරමාත්ම පියාම ඔබට උගන්වා නව ලෝක රජදහන ඔබට භාර
කරයි. පරමාත්ම පියා, පරම ගුරුවරයා හා සත්ගුරු වන්නේ ශිව බාබාම පමණයි. "බාබා" කියා
කියූ විට අනිවාර්යෙන්ම ඔබ උරුමයක් දිනා ගනී. දෙව්ලොව උරුමය ඔබට උරුම කර දෙන්නේ
පරමාත්ම දෙවියන්ම පමණයි. සෑම වසරකදීම පිළිස්සූ රාවණ තමයි භාරතයේ පළමු සතුරා. රාවණ
ඔබව එවන් යක්ෂයින් බවට පත් කරවා තිබේ. ඔහුගේ රජදහන වසර 2500ක් පුරා පැවතිණී.
පරමාත්ම පියා ඔබට කියන්නේ: මා ඔබව සතුටු දේශයේ පාලකවරුන් බවට පත් කරවමි. රාවණ ඔබව
දුක් දේශයට ගෙන යයි. ඔබගේ ආයු කාලය ද කෙටි වේවි. ක්ෂණික අකල් මරණ සිදු වන අතර
නොයෙකුත් වර්ගයේ ලෙඩ රෝග ද නොකඩවා ඉස්මතු වේ. එහි එවත් දේ සිදු වන්නේ නැත: එහි නම ම
දෙව්ලොවයි. මිනිසුන් දැන් තමන් අපවිත්‍ර නිසා හින්දුවරුන් කියා ආමන්ත්‍රණය කර ගනී.
එමනිසා ඔවුන්ට දේවතාවරුන් කියා ඇමතිය නොහැක. පරමාත්ම පියා මෙහි සිට මෙම රථය මඟින්
ඔබට පැහැදිලි කර දේ. ඔහු පැමිණ ඔබට ඉගැන්වීම සඳහා මොහු ලඟින් අසුන් ගනී. ඉතින්
මොහුත් ඉගෙන ගනී. අප සෑම කෙනෙක්ම සිසුන්ය. එකම එක පරමාත්ම පියා පමණයි පරම ගුරුවරයා
වත්තේ. පරමාත්ම පියා දැත් අපට උගන්වයි. නැවතත් වතාවක් වසර 5000කට පසුව ඔහු පැමිණ
අපට උගත්වාවි. මෙම ඥානයත් ඉගෙනුමත් අතුරුදන් වේවි. ඔබ ඉගෙන ගෙන දේවතාවරුන් විය. වසර
2500කට ඔබ සතුටේ උරුමය ලදී. පසුව රාවණගේ සාපයේ දුක ඇරබීණී. දැන් භාරතය සිටින්නේ
හරිම දුකිනි. එය දුක් දේශයයි. අහෝ පාරිශුද්ධකරුවාණනි. වඩිනු මැනව කියා මිනිසුන්
කන්නලව් කරති. පැමිණ අපව පවිත්‍ර කරවන්න. ඔබ තුළ දැන් කිසිදු පාපයක් තිබීය
නොහැකියි. ඒ කෙසේවෙතත්, කල්ප බාගයක රෝගය එතරම් ඉක්මනින් දුරු වන්නේ නැත. අනිකුත්
අධ්‍යාපන වලදීත් හොඳින් ඉගෙන නොගන්නා අය අසමත් වෙති. ගෞරවයෙන් සමත් වන්නෝ ශිෂ්‍යත්ව
දිනා ගනිති. ඔබ අතරිනුත් ඉතාමත් හොඳින් පාරිශුද්ධ වී අන් අයවත් පිවිතුරු කරවන්නන්
මෙම ත්‍යාගය දිනා ගනී. අට දෙනාගේ රොසරිය ගෞරවයෙන් සමත් වන්නන්ගේයි. 108 දෙනෙකුගේ
රොසරියකුත් තිබෙනවා. ඒ මාලාවත් සිහි කෙරෙනවා. මිනිසුන්ට ඒවායේ අර්ථය වැටහෙන්නේ
නැහැ. රොසරියක පළමුවෙන්ම ටසලය (මුදුන් මල) තිබෙන අතර පසුව ද්විත්ව පබළුව තිබෙනවා.
සැමියා හා බීරිඳ දෙදෙනාම පාරිශුද්ධව සිටිනවා. ඔවුන් පාරිශුද්ධ නිසා දෙව්ලොව වැසියන්
ලෙසින් හැඳින්වූවා. ඒ ජීවාත්ම නැවත උපත් ලැබ පැමිණ දැන් අපිරිසිඳු වෙලා. ඔවුන් දැන්
මෙහිදී නැවතත් පාරිශුද්ධ වී පිවිතුරු ලෝකයට යාවි. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවතත්
කැරකෙනවා. පාපී රජවරු පින්වත් රජවරුන්ට දේවාල සාදා ඔවුන්ව වන්දනා කරනවා. වන්දනීයව
සිටි ඔවුන් පසුව වන්දනා කරන්නන් වෙනවා. පාපී වීමෙන් ඔවුන්ගේ අලෝක කිරුළවත් ඔවුනට
ඉතිරි වන්නේ නැහැ. මෙම නාටකය කල්තබාම තීරණය වූවක්. මෙය අසීමිත අරුම පුදුම නාටකයයි.
පළමුවෙන්ම, රාම රාජ්‍යය ලෙසින් හැඳින්වූ ඒකීය ධර්මය පවතිනවා. ඉන්අනතුරුව අනිකුත්
ධර්ම ඇරබේ. මෙම ලෝක චක්‍රය දිගටම කැරකෙන්නේ කෙසේදැයි කියා පැහැදිලි කළ හැක්කේ ඒකායන
පරමාත්ම පියාටම පමණි. පරමාත්ම දෙවියන් එක්කෙනෙක් පමණයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වූ ඔය දරුවන්ව ඔබගේ මව හා
පියා වන බාප්දාදා, සෙනෙහසින් සිහිකර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියා
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර කරයි.
ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම
දෙවියන්ම ඔබගේ ගුරුවරයා වී ඔබට උගන්වයි. එමනිසා, ඔබ හොඳින් ඉගෙන ගත යුතුයි.
ශිෂ්‍යත්වයක් දිනා ගැනීම සඳහා පාරිශුද්ධ වී අන් අයවත් පිවිතුරු කරවීමේ සේවය කරන්න.
2. ඔබ තුළ ඇති රාගය
හා කෝපය වැනි සියලුම භුතාත්ම ඉවත් කර දමන්න. තම අරමුණ හා ඉලක්කය ඉදිරියේ තබා ගෙන
උත්සාහ දරන්න.
වරදානය:
ඔබ සිහිකිරීමේ
ආරක්ෂක වියන යට රැඳෙමින් මායාගේ ඕනෑම සෙවණැල්ලකින් ඈත් වූ සැහැල්ලු අධිරාජයෙක්
වේවා.
පරමාත්ම පියාගේ
ස්මරණය නමැති ආරක්ෂාවේ වියන යට රැඳී සිටින්නෝ නිරතුරුවම ආරක්ෂාව අත්විඳිති.
මායාගේ ඕනෑම සෙවනැල්ලකින් (චායා) ඔබව ගලවා ගැනීමේ මාර්ගය වන්නේ පරමාත්ම පියාගේ
ආරක්ෂාවේ වියන (චත්‍ර-චායා) යටතේ සිටීමයි. මෙම ආරක්ෂාවේ වියන යටතේ රැඳී සිටින අය
නිරන්තරයෙන් සැහැල්ලු අධිරාජයන් වනු ඇත. ඔබට යම් දුකක් ඇත්නම්, ඔබේ සතුට නැති වී
යයි. සතුට නැති වූ විට, ඔබ දුර්වල වන අතර, පසුව මායාගේ සෙවණැල්ලේ බලපෑමට ලක් වේ,
මන්ද, එය මායා කැදවන දුර්වලකමකි. මායා ගේ යම් සෙවණැල්ලක් ඔබේ සිහින තුළ වුව ද
ඇත්නම්, ඇය ඔබට බොහෝ පීඩා ගෙන දෙන අතර, මේ ආරක්ෂාවේ වියන යට නිරතුරුව සිටිය යුතු
වන්නේ එබැවිනි.
පාඨය:
අවබෝධයේ
ඉස්කුරුප්පු නියනින් නොසැලකිලිමත්කමේ ලිහිල් ඇණ තද කර නිරන්තරයෙන් අවදියෙන්
සිටින්න.