04.09.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා, සෙනෙහසේ සාගරය, සංගම් යුගයෙදී ඔබගේ සෙනෙහසේ උරුමය ඔබට ලබා දෙයි. එබැවින් සැමටම සෙනෙහස ලබා දෙන්න, කිසි විටෙකත් තරහ ගන්න එපා.

ප්‍රශ්නය:
ඔබගේ වාර්තා පොත යහපත් කර ගැනීම සඳහා පියා ඔබට පෙන්වන ක්‍රමය කුමක්ද?

පිළිතුර:
පරම පියා ඔබට සෙනෙහසේ මාර්ගය පෙන්වයි. ඔහු ඔබට ශ්‍රීමත් ලබා දෙයි : දරුවනි, සෑම කෙනෙක් සමඟම සෙනෙහසින් ක්‍රියා කරන්න. කිසිම කෙනෙකුට දුක් දෙන්න එපා. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් තුළින් කිසිම වැරදි ක්‍රියාවක් කරන්න එපා. සෑම විටම පරික‍්ෂා කරන්න: මාහට කිසියම් රාක‍්ෂ ගතියක් තිබේද? මගේ හැඟීම් වෙනස් වන සුළුද? මා යම් යම් දේවල් පිළිබඳව සිත නරක් කර ගන්නවාද?

ගීතය:
කාලය ගෙවී යයි.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන් ගීතය ඇසුවා. දවසින් දවස අප අපගේ නිවහනට, එනම් ගමනාන්තයට ලංවෙයි. දැන් ශ්‍රීමත් කියන දේ පිළිබඳව නොසැලකිලිමත් වන්න එපා. සෑම දෙනාටම පණිවිඩය දෙන්න, යන පියාගේ උපදෙස අපට ලැබෙයි. ඔය දරුවන් සිය දහස් දෙනෙකුට පණිවිඩය දිය යුතු බව ඔබට වැටහෙයි. ඔවුන් පැමිණෙන කාලයක් එයි. බොහෝ දෙනෙක් පැමිණි විට, ඔවුන් තව බොහෝ දෙනෙකුට පණිවිඩය දෙයි. සෑම කෙනෙකුටම පියා ගේ පණිවිඩය ලැබෙයි. මෙම පණිවිඩය ඉතාමත් පහසුයි. නිකම්ම ඔවුන්ට කියන්න තමන් ජීවාත්මයක් ලෙස සලකා පරම පියාව සිහිපත් කරන්න. ඔබගේ භෞතික ඉන්ද්‍රියන්, සිතිවිලි, වචන හෝ ක්‍රියාවන් තුළින් කිසිම නරක ක්‍රියාවක් සිදු නොකරන්න. පළමුව ඔබගේ සිතට ඇතුළු වෙයි, ඉන්පසු එය වචන බවට පත්වෙයි. ඔබට දැන් හරි-වැරදි වටහා ගත හැකි බුද්ධියක් අවශ්‍යයි මෙය පුණ්‍ය කර්මයක්, මා මෙය කළ යුතුයි. තරහ ගන්නා සිතිවිල්ලක් ඔබගේ හදවතේ ඇත්නම්, තරහ ගතහොත් එය පාපයක් බව දන්නා බුද්ධියක් ඔබට තිබේ. පියා සිහිපත් කිරීමෙන් ඔබ පුණ්‍ය ආත්මයක් බවට පත් වෙයි. වැරදි දෙයක් කොට, ඉන්පසු එය නැවත සිදු වන්නේ නැතැයි කීම, සිදු නොකළ යුතුයි. එය දිගටම කීමෙන් පුරුද්දක් බවට පත්වෙයි. මනුෂ්‍යයින් එවැනි ක්‍රියාවන් සිදුකළත් ඒවා පාපයන් යැයි නොසිතයි. දුර්ගුණයන්හි යෙදීම පාපයක් යැයි ඔවුන් සිතන්නේ නැත. විශාලතම පාපය එය බව පරම පියා ඔබට දැන් පවසා ඇත. ඔබ එය ජය ගෙන, සෑම දෙනාටම පියාගේ පණිවිඩය දිය යුතුයි, එනම් පරම පියා පවසන්නේ මරණය ඔබ ඉදිරිපිට සිටගෙන සිටින බැවින් මා සිහිපත් කරන්න. කෙනෙක් මරණාසන්න වන විට ඔහුට මෙසේ කියනු ලබයි දෙව් පියා සිහි කරන්න! දෙව් පියා සිහි කරන්න! ඔවුන් සිතන්නේ ඔහු දෙව් පියා වෙතට යයි කියා, එහෙත් දෙව් පියා සිහිපත් කිරීමෙන් සිදුවන්නේ කුමක්ද කියාවත්, ජීවාත්මය යන්නේ කොතැනටද කියාවත් ඔවුන් නොදනී. ජීවාත්මය එක් ශරිරයක් අතහැර තවෙකක් ගනී. කිසි කෙනෙකුට දෙව් පියා වෙතට යා නොහැක. එබැවින්, ඔය දරුවන්ට, සනාතන පියා පිළිබඳ අවිනාශි සිහිපත් කිරීම තිබීම අවශ්‍යයි. මිනිසුන් තමෝප්‍රධාන් වී දුකට පත් වන විට, එකිනෙකාට මෙසේ කියයි දෙව් පියා සිහිපත් කරන්න. සෑම ජීවාත්මයක්ම එකිනෙකාට මෙසේ කියයි. මෙසේ කියන්නේ ජීවාත්මයන් නොවේද? මෙය කියන්නේ උත්තරීතර ජීවාත්මය නොවේ. ජීවාත්මයන්, ජීවාත්මයන්ට මෙසේ කියයි පියා සිහිපත් කරන්න! මෙය සාමාන්‍ය සිදුවීමකි. මරණාසන්න මෙහොතේදී ඔවුන් පරමාත්ම දෙවියන් සිහි කරන්නේ දෙවියන් පිළිබඳ බියක් ඇති නිසයි. හොඳ සහ නරක ක්‍රියාවන්ගේ ඵලය ලබා දෙන්නේ දෙවියන් යැයි ඔවුන් විශ්වාස කරයි. ඔබ නරක ක්‍රියාවන් සිදු කර ඇත්නම් පරමාත්ම දෙවියන්, ධර්මරාජ් නම් උත්තරීතර විනිශ්චයකරු මාර්ගයෙන් බොහෝ දඬුවම් ලබා දෙයි. මේ නිසයි බිය ඇත්තේ. අනිවාර්යෙන්ම කර්ම විඳීම් සිදුවෙයි. ඔය දරුවන්ට දැන් ක්‍රියාවන්, උදාසීන ක්‍රියාවන් සහ පාපකාරී ක්‍රියාවන්ගේ වැදගත්කම වැටහෙයි. එම ක්‍රියාවන් උදාසීන ක්‍රියාවන් බව ඔබ දන්නවා. සිහිපත් කිරීමේ සිටින අතරේ සිදුකරන ක්‍රියාවන් හොඳ ක්‍රියාවන්ය. රාවණ්ගේ රාජධානියේ මිනිසුන් නරක ක්‍රියාවන් පමණයි සිදුකරන්නේ. රාමාගේ රාජධානියේ නරක ක්‍රියාවන් කිසිසේත්ම තිබිය නොහැක. ඔබ දැන් දිගටම ශ්‍රීමත් ලබයි. සෑම දෙයක් පිළිබඳවම අවවාද ගැනීම දිගටම සිදු කරන්න. ඔබට යම් තැනකට ආරාධනාවක් ලැබුණු විට, යන්නද නොයන්නද කියා අසන්න. උදාහරණයක් වශයෙන් කෙනෙක් පොලිස් නිලධාරියෙක් වශයෙන් සේවය කරන්නේ නම්, ඔහුට කියා ඇත්තේ පළමුව සෙනෙහසින් විස්තර කරන්න. ඔවුන් සත්‍යය නොපවසයි නම්, ඉන්පසු බලය පාවිච්චි කළ හැක. සෙනෙහසින් විස්තර කරන විට ඔවුන් සමහර විට ඇත්ත කියයි. කෙසේවෙතත්, එම සෙනෙහස, යෝගා බලයෙන් පිරී ඇත්නම්, ඔබ සෙනෙහසේ බලයෙන් විස්තර කරද්දී ඕනෑම කෙනෙකුට වැටහෙයි. පරමාත්ම දෙවියන් විස්තර කරනවා වගේය. පරමාත්ම දෙවියන් ගේ දරුවන් වන ඔබලා යෝගීන් නොවේද? ඔබට දිව්‍ය බලය ද ඇත. පරමාත්ම දෙවියන් සෙනෙහසේ සාගරයයි. ඔහුට මෙම බලය තිබේ, එසේ නොවේද? ඔහු සෑම කෙනෙකුටම උරුමයක් ලබා දෙයි. ස්වර්ණමය යුගයේ බොහෝ සෙනෙහස ඇති බව ඔබ දන්නවා. ඔබ දැන් සෙනෙහසේ මුළු උරුමයම හිමි කරගනිමින් සිටී. මෙය හිමි කරගන්නා අතරේ සහ අංක අනුසාරයෙන් උත්සාහ දරණ අතරෙදී ඔබ බොහෝ පියකරු වෙයි. පරම පියා පවසන්නේ කිසිවෙකුට දුක් දෙන්න එපා, නැත්නම් ඔබට දුකින් මැරෙන්නට සිදුවෙයි. පරම පියා ඔබට සෙනෙහසේ මාර්ගය පෙන්වා දෙයි. යමක් ඔබගේ සිතට ඇතුළු වන විට, එය මුහුණේද මතු වෙයි. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් තුළින් ඔබ අපිරිසිදු ක්‍රියාවක් සිදු කළොත්, ඔබගේ වාර්තා පොත පළුදු වෙයි. දේවතාවන්ගේ චරිතය සහ ක්‍රියාවන් ප්‍රශංසාවට ලක් වෙයි. මේ නිසයි බාබා කියන්නේ දේවතාවන්ට වන්දනාමාන කරන්නන්ට විස්තර කරන්න. ඔවුන් ප්‍රශංසා ගීත ගායනා කරයි ඔබ සෑම ගූණාංගයකින්ම පිරිපුන්, කලා 16 ක් සම්පූර්ණයි. ඉන්පසු ඔවුන් තමන්ගේම චරිතය සහ හැසිරීම ගැනත් කතා කරයි. ඔවුන්ට කියන්න ඔබ එලෙස විය. කෙසේවෙතත්, ඔබ දැන් එසේ නොවේ, එහෙත් අනිවාර්යෙන්ම ඔබ නැවතත් ඒ ලෙසට පත්වෙයි. ඔබට එම දේවතාවන් ලෙසට පත් වන්නට අවශ්‍ය නම්, ඔබගේ චරිතය ඒ හා සමාන කරන්න, එවිට ඔබ ඔවුන් ලෙසට පත් වෙයි. තමන්ව පරික‍්ෂා කරන්න මා සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොර වී ඇත්ද? මාහට රාක‍්ෂක ගති තිබේද? මා කුමන හෝ අන්දමකින් කනස්සලුභාවයට පත්වන්නේද, නැත්නම් හැඟීම්බර වන්නේද? ඔබ මෙම උත්සාහය ගණන් කළ නොහැකි වාර ගණනක් කර ඇත. පරම පියා පවසන්නේ ඔබ එලෙසට පත් විය යුතුයි. ඔබව ඒ අන්දමට පත් කරවන කෙනා ද මෙහි සිටියි. ඔහු පවසන්නේ චක්‍රයෙන් චක්‍රයට මා ඔබව එලෙසට පත් කරවන්නෙමි. චක්‍රයකට පෙර, ඥානය ලබා ගත් අය අනිවාර්යෙන්ම පැමිණ එය ලබා ගනී. ඔබව උත්සාහ දැරීම සඳහා උනන්දු කරවන අතර ඔබ සැහැල්ලු ද වන්නේය. නාටකය මෙලෙසින් නියම වී තිබේ. සමහරු කියන්නේ එය නාටකයේ ඇත්නම් මම එය අනිවාර්යෙන්ම කරමි. මට එම කොටස තිබේ නම්, නාටකය මා ලවා එය කරවයි. මෙයින් වැටහෙන්නේ එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති බවයි. මුල් කාලයේදි, කනස්සලු වූ කෙනෙක් විය එය ඔහුගේ භාග්‍යයේ නොවීය. ඔහු කීවේ එය නාටකයේ තිබේ නම්, නාටකය මට උත්සාහ කිරීමට දිරි ගන්වයි! ඉන්පසු ඔහු පිටව ගියේය. එවන් බොහෝ දෙනෙකු ඔබට මුණ ගැසේ. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබගේ ඉදිරියේ ඇත. ඔබට බැජ් එකක් තිබේ. ඔබගේ දින වාර්තා සටහන දෙස බලන අන්දමටම ඔබගේ බැජ් එක දෙසද බලන්න. ඔබගේ හැසිරීම සහ ඔබගේ චරිතය දෙස බලන්න. කිසි විටෙක සාපරාදි ද්‍රිෂ්ටියක් ඇති කර නොගන්න. කිසිම දුෂ්ඨ දෙයකට ඔබගේ දෙතොලින් මතු වන්නට ඉඩ නොහරින්න. දුෂ්ඨ දෙයක් කතා කරන කිසිවෙකු නොසිටි නම්, ඔබගේ කන් දුෂ්ඨ දෙයක් අසන්නේ කෙසේද? ස්වර්ණමය යුගයේ සෑම කෙනෙකුටම දිව්‍යමය ගුණාංග තිබේ. එහි දුෂ්ඨ කිසිවක් නොමැත. ඔවුන්ද තම උරුමය පරම පියාගෙන් හිමි කර ගෙන තිබේ. සෑම කෙනෙකුටම කියන්න පරම පියාව සිහිපත් කරන්න එවිට ඔබගේ පාප දුරු වෙයි. මෙහි පාඩුවක් නැත. සෑම ජීවාත්මයක්ම ඔහුගේ සංස්කාර තමන් සමඟ රැගෙන යයි. සන්‍යාසි කෙනෙක් වන කෙනා, සන්‍යාසි ආගමට යයි. ඔවුන්ගේ වෘක‍්ෂය වැඩෙමින් පවතී. මේ කාලයේදී ඔබ වෙනස් වෙමින් සිටියි. දේවතාවන් බවට වෙනස් වන්නේ මනුෂ්‍යයින්ය. සෑම කෙනෙක්ම එකට පහළට පැමිණෙන්නේ නැත ඔවුන් පහළට පැමිණෙන්නේ අංක පිළිවෙලටයි. නාටකයක, ඔවුන්ගේ වාරය පැමිණෙන තුරු නළුවන් වේදිකාවට පැමිණෙන්නේ නැත ඔවුන් පසුතලයට පිටුපසින් සිටියි. තමන්ගේ කාලය එන විට, ඔවුන් ගේ චරිත කොටස් රඟ පෑමට වේදිකාව මතට එයි. එම නාටක සීමිත වන අතර මෙම නාටකය අසීමිතයි. ඔබ නළුවන් බවත් නිවැරදි වේලාවට ඔබගේ චරිත කොටස් රඟ පෑ යුතු බවත් ඔබගේ බුද්ධියේ ඇත. මෙය අසීමිත විශාල වෘක‍්ෂයකි. ඔබ පැමිණ, පිට වන්නේ අංක පිළිවෙලටයි. පළමුව තිබුණේ එක් ආගමක් පමණයි. සෑම ආගමකටම මුලදි පැමිණිය නොහැක. දෙවිදේවතා ධර්මයේ අය ඔවුන්ගේ කොටස් රඟපෑම සඳහා පළමුව පහළට පැමිණෙයි. එයද අංක පිළිවෙලටයි. ඔබ වෘක‍්ෂයේ රහස් වටහා ගත යුතුයි. පරම පියා පැමිණ මුළු කල්ප වෘක‍්ෂයේම ඥානය විස්තර කරයි. මෙම වෘක‍්ෂය ඉන්පසු අශාරීරික වෘක‍්ෂය සමඟ සංසන්දනය කරයි. ඒකායන පියා පමණයි පවසන්නේ මම මනුෂ්‍ය ලෝක වෘක‍්ෂයේ බීජයයි. වෘක‍්ෂය, බීජය තුළ ගැබ් වී නැති මුත්, වෘක‍්ෂය පිළිබඳ ඥානය බීජය තුළ ගැබ් වී ඇත. සෑම කෙනෙකුටම රඟපෑමට තමන්ගේම චරිත කොටස ඇත. මෙය ජීවමාන වෘක‍්ෂයකි. මෙම වෘක‍්ෂයේ පත්‍රද, අංක අනුපිළිවෙලට මතුවෙයි. කිසිකෙනෙකුට මෙම වෘක‍්ෂය වැටහෙන්නේ නැත. මෙම වෘක‍්ෂයේ බීජය ඇත්තේ උඩ ඉහළය. මේ නිසයි එයට උඩු යටිකුරු වූ වෘක‍්ෂයක් යැයි කියන්නේ. නිර්මාණකරු වන පරම පියා සිටින්නේ උඩ ඉහළය. ඔබ දන්නවා අපි නිවහනට, ජීවාත්මයන් වෙසෙන ස්ථානයට යා යුතු බව. අපි දැන් පාරිශුද්ධ වී, ඉන්පසු ආපසු නිවහනට යා යුතුයි. මුළු ලෝකයම පාරිශුද්ධ වන්නේ ඔබගේ යෝගා බලයෙනි. ඔබට පාරිශුද්ධ ලොවක් අවශ්‍යයි. ඔබ පාරිශුද්ධ වන විට ලොව පාරිශුද්ධත්වයට පත් කළ යුතුයි. සෑම කෙනෙක්ම පාරිශුද්ධත්වයට පත්වෙයි. මනස සහ බුද්ධිය, ජීවාත්මය තුළ ඇති බව දැන් ඔබගේ බුද්ධියේ ඇත. ජීවාත්මයන් ජීවමානය. ඥානය උකහා ගන්නේ ජීවාත්මයයි. එබැවින් සුමිහිරි දරුවනි, ඔබ පුනරුත්පත්ති ගන්නා අන්දම පිළිබඳ, සම්පූර්ණ රහසම ඔබගේ බුද්ධිය වටහා ගත යුතුයි. ඔබගේ උපත් 84 හි චක්‍රය නිමාවට පත්වන විට, අන් සෑම කෙනෙකුගේම චක්‍රද එසේ වෙයි. සෑම කෙනෙක්ම පාරිශුද්ධත්වයට පත් වෙයි. මෙම නාටකය අනන්තයි. එය තත්පරයකට වත් නවතින්නේ නැත. තත්පරයෙන් තත්පරයට කුමක් සිදුවන්නේද, එය නැවතත් චක්‍රයකට පසුව එලෙසින්ම සිදුවෙයි. සෑම ජීවාත්මයක් තුළම අවිනාශි චරිත කොටසක් පටිගත වී තිබේ. අර නළුවන් තමන්ගේ කොටස් රඟපාන්නේ පැය දෙකේ සිට හතරක් පමණ දක්වාය. කෙසේවෙතත්, ජීවාත්මයන්ට ස්වභාවික චරිත කොටසක් ලැබේ. එබැවින් ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. අතීන්ද්‍රිය සුඛයෙහි ප්‍රශංසාව ඇත්තේ මෙම සංගම් යුගයෙහිය. පියා පැමිණ උපත් 21 කට අපට නිරන්තර සතුට ලබා දෙයි. මෙය සතුටු විය යුතු කාරණාවක් නොවේද? හොඳින් වටහා ගන්නා අය සහ හොඳින් විස්තර කරන අය සේවයෙහිම යෙදී සිටියි. සමහර දරුවන් කේන්ති ගන්නා විට, එම තරහව අන් අය තුළද කේන්තිය ඇති කරවයි අත්පුඩි ගැසීමට අත් දෙකක් අවශ්‍යයි! එහිදී එසේ වන්නේ නැත. මෙහි ඔය දරුවන්ට ඉගැන්වීම් ලැබෙයි. කෙනෙක් කේන්ති ගන්නේ නම්, ඔහුට මල් ඉහින්න. කේන්තිය කියන්නේ දුෂ්ඨ අවතාරයක් බව ඔහුට සෙනෙහසින් විස්තර කර දෙන්න. එය විශාල වශයෙන් පාඩු ඇති කරවයි. කිසි විටෙක කේන්ති නොගන්න! උගන්වන කෙනා ලඟ කිසිම තරහවක් නොතිබිය යුතුයි. සෑම කෙනාම අංක අනුසාරයෙන් උත්සාහ ගැනීම දිගටම සිදු කරයි. සමහරු දැඩි උත්සාහයන් ගන්නා අතර අන් අයගේ උත්සාහයන් මන්දගාමීය. තම උත්සාහයන් වලදී මන්දගාමී වන අය අනිවාර්යෙන්ම තමන්ව නින්දාවට පත් කරවාලයි. කොහේ ගියත්, තරහ ඇති අයව එම ස්ථානයෙන් පිටමං කරනු ලබයි. නරක චරිතයක් ඇති අයට මෙහි සිටීමට නොහැකි වෙයි. පරීක‍්ෂණය අවසන් වන විට, කවුරු කුමක් වන්නේද කියා දැන ගැනීමට ලැබෙයි. ඔබට සෑම දෙයක් පිළිබඳවම දර්ශන ඇතිවෙයි. එක් එක් කෙනා තම තමන්ගේ ක්‍රියාවන් වලට අනුව ප්‍රශංසා ලබයි. ඔය දරුවන් නාටකයේ මුල, මැද සහ අවසානය දනී. ඔබ සෑම කෙනෙක්ම ඇතුලාන්තය තුළ ඇති දේවල් දන්නා අයයි (අන්තර්යාමී). ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය, ඔබ තුළ ඇති ජීවය දනී. මුළු ලොවෙහි සිටින මිනිසුන්ගේ ක්‍රියාවන් සහ චරිතය පිළිබඳ ඥානය ද, සියලුම ආගම් පිළිබඳ ඥානය ද ඔබට තිබේ. මෙයට කියන්නේ අන්තර්යාමී වීම කියායි. ජීවාත්මය සෑම දෙයක්ම දනී. පරමාත්ම දෙවියන් සෑම අංශුවකම වෙසෙන්නේ නැත. සෑම දෙයක්ම දැන ගැනීමට ඔහුට ඇති අවශ්‍යතාවය කුමක්ද? දැන් වුවද ඔහු අපට පවසන්නේ ඔබ කුමන උත්සාහයක් දරන්නේද, එයට අනුව ප්‍රතිඵලය ලබයි. ඒ සියලු දෙයක්ම දැන ගැනීමට මට ඇති අවශ්‍යතාවය කුමක්ද? යමෙකු කුමක් හෝ කරන්නේද, එයට දඬුවම් ලබයි. ඔබගේ හැසිරීම ඒ වගේ නම්, ඔබ බොහෝ පහත් තත්ත්වයක් ලබයි ඔබගේ තත්ත්වය ඉතා අඩු වෙයි. ලෞකික පාසැලකදි, ඔබ සමත් නොවන්නේ නම්, ඔබ තව වසරක් ඉගෙන ගත යුතුයි. කෙසේවෙතත්, මෙම ඉගෙනුම, චක්‍රයෙන් චක්‍රයටයි. ඔබ දැන් ඉගෙන ගන්නේ නැතිනම්, ඔබ සෑම චක්‍රයකදීම ඉගෙන ගන්නේ නැත. ඔබ මුළු දේව ලොතරැයියම හිමි කර ගත යුතු නොවේද? ඔය දරුවන්ට පමණයි මෙම දේවල් වැටහෙන්නේ. භාරතය සතුටේ දේශය වන විට, අන් සියලුම දෙනා සාම දේශයේ හිඳීයි. ඔය දරුවන්ගේ සතුටු දිනයන් දැන් මෙහි ඇති බැවින් ඔබ තුළ බොහෝ සතුට තිබිය යුතුයි. දීපමාලා දින ලං වන විට මිනිසුන් තුළ බොහෝ සතුට ඇති වෙයි මන්ද, ඔවුන්ට අළුත් ඇඳුම් ඇඳීමට ඇත්තේ තව දින කිහිපයක් පමණක් බැවින්. ඔබද දෙව්ලොව පැමිණෙන බව කියයි. අපි අපව සරසා ගතහොත්, දෙව්ලොවදී සතුට භුක්ති විඳී. මනුෂ්‍යයින් ගැඹුරු නින්දක නිදි. ඉන්පසු ඔවුන්ට හදිසියේම ඔබ කීවේ සත්‍යය බව වැටහෙයි. ඔවුන්ට සත්‍යයේ ආශ්‍රය ඇති විට සත්‍යය වැටහෙයි. ඔබ දැන් සත්‍යයේ ආශ්‍රයේ සිටියි. ඔබ සත්‍ය පියාගේ ආශ්‍රයෙන් සත්‍යය බවට පත් වන්නේය. ඔවුන් සියල්ලන්ම අසත්‍යයේ ආශ්‍රයෙන් අසත්‍ය වන්නේය. දැන් ඔබ පරමාත්ම දෙවියන් පවසන දේ සහ මනුෂ්‍යයින් පවසන දේ අතර වෙනස මුද්‍රණය කොට ඇත. ඔබට එයද සඟරාවේ පළ කළ හැක. අවසානයේදී ඔබ ජය ගනී. පෙර කළ තත්ත්වයක් හිමි කර ගත් අය අනිවාර්යෙන්ම එය නැවතත් හිමි කර ගනී. මෙය නිශ්චිතයි. එහි අකල් මරණ නොමැත. ඔබගේ ආයුෂ කාලය දීර්ඝයි. පාරිශුද්ධත්වය තිබූ විට ආයුෂ කාලය දීර්ඝ විය. පියා පාරිශුද්ධත්වයට පමුණුවන්නා බැවින්, ඔහු අනිවාර්යෙන්ම සෑම කෙනාවම පිවිතුරු කරවන්නට ඇති. ක්‍රිෂ්ණා පිළිබඳව මෙය පැවසීම නිවැරදි බව නොහැඟෙයි. මෙම උතුම් වූ සංගම් යුගයෙදි ක්‍රිෂ්ණා කොහේ සිට පැමිණෙන්නද? එම මුහුණුවරම ඇති මනුෂ්‍යයෙක් නොමැත. උපත් 84, මුහුණුවර 84, සහ ක්‍රියාකාරකම් 84 ක් යන සියල්ලම නාටකයේ පෙර නියම වී තිබේ. එහි කිසිම වෙනසක් විය නොහැක. නිර්මාණය වී ඇති මෙම නාටකය කෙතරම් චමත්කාරජනකද! එක් එක් ජීවාත්මය ඉතා කුඩා ආලෝකමය තිතක් වන අතර, ඔහු තුළ සනාතන චරිත කොටසක් පටිගත වී තිබේ. මෙයට ස්වභාව ධර්මයේ ආශ්චර්යය යැයි කියනු ලබයි. මිනිසුන්ට මෙය ඇසෙන විට ඔවුන් ආශ්චර්යමත් වන්නේය. කෙසේවෙතත් පළමුව, පරම පියා සිහිපත් කිරීමේ පණිවිඩය දෙන්න. සැමට විමුක්තිය ලබා දෙන, පාරිශුද්ධත්වයට පමුණුවන කෙනා ඔහුම පමණයි. ස්වර්ණමය යුගයේදි දුකක් නොමැත. කලි යුගයේ බොහෝ දුක තිබේ. කෙසේවෙතත්, මේ දේවල් වටහා ගන්නා අය අංක පිළිවෙලට අනුවයි. පරම පියා සෑමදාම විස්තර කරයි. ශිව් බාබා අපට ඉගැන්වීම සඳහා පැමිණ ඇති බවත් ඉන්පසුව අපව ඔහු සමඟ නිවහනට රැගෙන යන බවත් ඔබට වැටහෙයි. බාබා සමඟ මෙහි ජීවත් වන අයට වඩා වැඩියෙන්, බැඳීම් ඇති අය ඔහුව සිහිපත් කරයි. ඔවුන්ට උසස් තත්ත්වයක් හිමි කර ගත හැක. මෙම කරුණු වටහා ගත යුතුයි. සමහරුන්ට බාබා සිහිපත් නොකොට ජීවත් විය නොහැක. පරම පියා පවසන්නේ දරුවනි, පියා සිහිපත් කිරීමේ වන්දනාවේ රැඳී සිට, දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. එවිට ඔබගේ බන්ධන අවසන් වෙයි. පාප කළය අවසන් වේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ චරිතය සහ හැසීරීම දේවතාවකගේ මෙන් කරන්න. දුෂ්ඨ වචන කිසිවක් කතා නොකරන්න. ඔබගේ දෙනෙත් කිසි විටෙක සාපරාදි නොවිය යුතුයි.

2. කේන්තිය නම් වූ දුෂ්ඨ අවතාරය බොහෝ හානි සිදු කරයි. අත්පුඩි ගැසීම සඳහා අත් දෙකක් අවශ්‍ය වේ. එබැවින් කෙනෙක් කේන්ති ගන්නේ නම්, ඔබ ඔහු ගෙන් දුරස් වී ඔහුට සෙනෙහසින් විස්තර කරන්න.

වරදානය:
අත්හැරීම හා තපස්යාව සහ සේවය යන ක්‍රමය විධිය තුළින් ඔබ නිරන්තර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත්වේවා.

අත්හැරීම හා තපස්යාව සාර්ථකත්වයේ පදනමයි. අත්හැරීමේ සැබෑ අභිප්‍රාය ඇති අයට පමණක් සැබෑ සේවාධාරීන් විය හැකිය. අත්හැරීම තිබීම මගින් ඔබට ඔබේම භාග්‍යය සහ අන් අයගේ භාග්‍යය තනා ගත හැකිය. මෙම අධිෂ්ඨානය තබා ගැනීම යනු තපස්යාවයි. එබැවින්, අත්හැරීම, තපස්යාව සහ සේවය කිරීමේ අභිප්‍රාය තිබීමෙන් ඔබේ සියලු සීමිත අභිප්‍රායන් අවසන් වන අතර සමූහය බලවත් වේ. එක් අයෙක් යමක් යෝජනා කරන විට සහ අනෙකා එය අනුගමනය කරන විට, "මම" හෝ "ඔබ" හෝ "මගේ" හෝ "ඔබගේ" නොමැති විට, ඔබ එවිට සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත් වන අතර බාධක වලින් නිදහස් වනු ඇත.

පාඨය:
ඔබේ සිතිවිලි වලින් පවා කිසිවෙකුට දුකක් ඇති නොකිරීම, සම්පූර්ණ අවිහිංසාවෙන් යුතු වීමයි.

අව්‍යක්ත සංඥාව: දැන් සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.

ඔබේ යෝගාව ගිනි කන්දක් බවට පත් කිරීම සඳහා, තත්පරයකින් තිතක ස්වරූපය බවට පත්වීම පුහුණු වන අතර ඔබේ මනස සහ බුද්ධිය ඒකාග්‍ර කරගන්න. ඔබ "නවතින්න" යැයි පැවසූ වහාම, මනස සහ බුද්ධිය ඒකාග්‍ර වී ඕනෑම නාස්තිකාර අවධානයන්ගෙන් නිදහස් වීමට ඉඩ දෙන්න. දවස පුරා මෙම පාලන බලය භාවිතා කරන්න. මෙම බලගතු තිරිංගයෙන් ඔබේ මනස සහ බුද්ධිය පාලනය කරන්න. තත්පරයක් ඇතුළත අවශ්‍ය ඕනෑම තැනක ඔබේ මනස සහ බුද්ධිය හි අවධානය යොමු කිරීමට ඔබට හැකි විය යුතුය.