04.10.26    Avyakt Bapdada      Sinhala Murli     31.12.2011    Om Shanti    Madhuban


නව වසරේ, ‘ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වේවා’ යන ආශිර්වාදයෙන්, ඔබගේ මුහුණේ, ඔබගේ සුරදූත ස්වරූපය පෙන්වන්න. ඔබගේ ආලෝකය සහ ශක්ති ස්වරූපයේ, ගිණි කන්දක් වැනි යෝගාවෙන්, සියලු නිෂ්ඵලත්වය පුළුස්සා දමා, දුකෙන් සහ අසාමයෙන් සිටින ජීවාත්මයන්ට බල දන් දෙන්න.


අද දින, බ්‍රහ්මින් පවුලේ නිර්මාණකරු, සෑම තැනකම සිටින ඔහුගේ බ්‍රහ්මින් පවුල දකිනවා. එය පුංචි පවුලක්, පුංචි ලෝකයක්, නමුත් එය බොහෝ ආදරණීයයි, මන්ද, එය කෝටි ගණනකින් අතලොස්සක අය නිසා. ඔවුන් ආදරණීය වන්නේ ඇයි? ඔවුන් පරම පියාව හඳුනාගෙන ඇති නිසා. ඔවුන් පියාගේ උරුමයට අයිතියක් හිමි කරගෙන ඇත. පියා ආදරණීය වන සේම, මෙම බ්‍රහ්මින් පවුලත් ආදරණීයයි. ඔබගේ උපතේ සිටම බාප්දාදා වාසනාවේ තාරකාව ඔබගේ නළලේ බැබලීමට සලස්වා තිබේ, මේ නිසයි මෙම පුංචි ලෝකය උපරිම ලෙස ආදරණීය වන්නේ. ඔබ සියලු දෙනාම ඔබගේ මෙම ආත්ම-ගෞරවය ගැන දන්නවා නේද? සෑම දරුවෙක්ව දැකීමට බාප්දාදා බොහෝ සතුටු වනවා එබැවින් ඔහු ගායනා කරන්නේ කුමන ගීතයද? අපූරුයි දරුවනේ! අපූරුයි!

අද දින, ඔබ සියලු දෙනා මෙම ශ්‍රේෂ්ඨ දිනයේ, පරම පියාව මුණ ගැසීමට ඇවිත්. අද සංගමයේ දවසයි: එය සමුදීමේ දවස මෙන්ම සුභාශිංසන ලබා දීමේ දවසයි. කෙසේවෙතත්, සංගමයක වැදගත්කමක් තිබේ. සාගරයක සහ ගංගාවක සංගමයක් ඇති ඕනෑම විටෙක, එයට බොහෝ වැදගත්කමක් තිබෙයි. එබැවින් අද දිනයේ වැදගත්කම ප්‍රශංසනීයයි. මෙම පැරණි වසර අවසන් වී, නව වසරක් ආරම්භ වීමට තිබේ. මෙම දිනයේ, පැමිණෙන වසර වෙනුවෙන් ඔය සෑම කෙනෙකුගේම හදවතේ බොහෝ උද්යෝගයක් තිබේ. ඔබ අත්හළ යුත්තේ කුමක්ද සහ ඔබ පත්විය යුත්තේ කුමක් බවටද කියා, ඔබ සෑම කෙනෙක්ම, හදවතේ සැලසුමක් සාදා තිබේ. ඔබ සැලසුම් දෙකම සාදා තිබෙනවාද? තිබෙනවාද? පැමිණෙන වසරේ ඔබට ඉදිරියට ගමන් කිරීමට සහ තීව්‍ර උත්සාහයේ යෙදීමට සැලසුමක් සාදා ඇති අය අත් ඔසවන්න! ඔබ සැලසුමක් සාදා තිබෙනවාද? සුබ පැතුම්! සෑම දරුවෙක් වෙනුවෙන්ම බාප්දාදාට අවශ්‍ය කුමක්ද කියා සෑම කෙනෙක්ම දන්නවා. බාප්දාදාට සෑම දරුවෙක් වෙනුවෙන්ම මෙම පිවිතුරු ප්‍රාර්ථනාව තිබේ; සෑම දරුවෙක්ම පියා හා සමානව පරිසමාප්ත සහ අංගසම්පූර්ණ වේවා. දැන් කාලය පවා ඔබට සහයෝගය ලබා දෙනවා. ඔය සෑම කෙනෙක්ම තමා වෙනුවෙන් ඔබගේ මනසේ අළුත් සැලසුමක් සාදා තිබෙනවා නේද? ඔබ යමක් අත්හළ යුතුයි, එමෙන්ම ඔබ ටිකක් ඉදිරියට ගමන් කළ යුතුයි. ඉතිං ඔබ අත්හැරීමට යන්නේ කුමක්ද? මෙම පැරණි ලෝකය සහ නෑකම් අත්හැරීම අතින්, මෙයට උත්සාහ දැරීමට ඔබ සියලු දෙනා අවධානය යොමු කරන බව බාප්දාදා දැක තිබෙනවා. ඔබ සියලු දෙනාම අත්හැරීමට පතන, එක් දෙයක් තිබේ, නමුත් මේ වන තුරු, පැරණි සංස්කාර අත්හැරීමට ඔබට ටිකක් උත්සාහ දැරීමට සිදුවී ඇති බව බාප්දාදා දැක තිබෙනවා. නව වසරේ බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔය සෑම දරුවෙක්ම ඔබගේම පැරණි සංස්කාර නව වසරේ ආදාහනය කළ යුතු බවයි. ඔය සියලු දෙනාටත් මෙම සිතිවිල්ල ඉටු කිරීමට අවශ්‍යයි නේද? ඔබගේ ස්වභාවය ලෙස ඔබ හඳුන්වන්නේ පැරණි සංස්කාරයි. “එය මගේ චේතනාව නොවෙයි, නමුත් එය මගේ ස්වභාවයයි!” එබැවින් එය මෙම බ්‍රහ්මින් උපතේ ස්වභාවය නොවෙයි, නමුත් එය පැරණි ස්වභාවයක්. මෙදින, එම පැරණි සංස්කාරය ආදාහනය කරන්න. ඔය සෑම කෙනෙක්ම තමන්ව හඳුනනවා. එබැවින් අද දින, වසරට සමුදීමත් සමගම, එම සංස්කාරය අත්හැරීමේ අධිෂ්ඨානගත සිතිවිල්ල ඔබට ඇති කළ හැකිද? ඔබට එය කළ හැකිද? ඔබට එය අවශ්‍යයි, ඔබට එය අනවශ්‍ය නැහැ, නමුත් ඔබගේ උත්සාහයට තීව්‍රතාවය දැමීමේදි, විවිධ ආකාර වලින් බාධක නිර්මාණය කරන්නේ එම සංස්කාරයමයි. එබැවින් බාප්දාදාට අවශ්‍ය වන්නේ, වසරට සමුදීමත් සමගම, මෙම දිනයේ, ඔබ එම සංස්කාරයටත් සමුදිය යුතු බවයි. එසේ කිරීමට ඔබ සූදානම්ද? එයට සූදානම් අය, අත් ඔසවන්න! ඒ වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද? තමන් වෙනුවෙන් ඔබ සැලසුමක් ගැන සිතා තිබේද? එයට හොඳම දේ වන්නේ අධිෂ්ඨානගත සිතිවිල්ලකි. එය සිදුවිය යුතු බවට සිතිවිල්ල ඔබට තිබේ, නමුත් ඔබගේ සිතිවිලි වල එම දැඩි බව (ශක්තිය) තිබිය යුතුයි. ඔබ බ්‍රහ්මින් කෙනෙක් වූ සැනින්ම, ඔබ කිසිදු අපවිත්‍ර ආහාරයක් නොගැනීමට පොරොන්දු විය. ඔබගේ අධිෂ්ඨානගත සිතිවිලි වලින්, ඔබගෙන් බහුතරයක් මෙයින් සමත් වී ඇති බව බාප්දාදා දුටුවා. ඔබගේ ශරීරයට අපවිත්‍ර ආහාර නොගැනීමේ සිතිවිල්ල ඔබ ඇති කළ අයුරින්ම, එමෙන්ම ඔබ එය ප්‍රායෝගිකව සිදු කරනවා, ඒ අන්දමින්ම, ඔබගේ මනසටත් මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඔබ තුළ තිබිය යුතුයි: කිසිම අවස්ථාවකදි, කිසි කෙනෙක් ගැන හෝ කිසි දේකට ඔබ නිෂ්ඵල සිතිවිලි කිසිසේත්ම ඇති නොකරන බවත් ඔබ සෑම ජීවාත්මයක් වෙනුවෙන් අනිවාර්යෙන් නිරන්තර සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඇති කළ යුතු බව. සිතිවිලි යනු මනසට ආහාරයි, එබැවින් ශරීරය පිළිබඳව ඔබගෙන් බහුතරයකට අධිෂ්ඨානගත සිතිවිල්ල තිබුණු අන්දමින්ම, ඔබට නිෂ්ඵල සිතිවිලි සහ අපවිත්‍ර හැඟීම් මකා දැමිය නොහැකිද? ඔබගේ මනසේ, සෑම ජීවාත්මයක් වෙනුවෙන් ඔබගේ හදවත තුළ සෙනෙහස සහ සහයෝගය තිබිය නොහැකිද?

ඉතිං, අද දින, මෙම පැරණි වසර සමගම, බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම එම පැරණි ආකල්පයට සහ ද්‍රිෂ්ඨියට සමුදිය යුතු බවයි. ඔබට මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කළ හැකිද? පුළුවන්ද? කතා කරන්න! මව්වරු, ගුරුවරු සහ සියලු සහෝදරයන්ට තවමත් මෙය අවශ්‍යයි. ඔව්, ඔබගේ අත් ඔසවන්න! හෙට සිට, ඔබට කිසිදු නිෂ්ඵලත්වයක්, නිෂ්ඵල හැඟීම් හෝ ඕනෑම ජීවාත්මයක් වෙනුවෙන් නිෂ්ඵල චේතනා ඇත්නම්, ඔබට නිමාවේ උත්සවය අද සැමරීමට අවශ්‍යයි නේද? කතා කරන්න! ඔය සියලුම ගුරුවරු සූදානම්ද? ගුරුවරු අත් දෙකම ඔසවන්න! ඒවා ඔසවන්න! අච්චා. අත් එසවූ නැති අය, අත් ඔසවන්න! අත් එසවූ නැති අය, සිටගන්න! එය හොඳයි. උත්සාහ දරන නමුත් අධිෂ්ඨානගත සිතිවිලි ඇති කර නොගන්න අය, එවන් කිසිවෙක් සිටිනවාද? සිටගත් අය, ඔබ අරමුණ තබාගෙන උත්සාහ දරන්නේ නම් අත් ඔසවන්න. කාලය ගැන අවධානයේ තබා ගන්න අතර ටිකක් සිතන්න: සංගම යුගයේ මෙම කාලයේදි, ඔබ සියලු දෙනා අනාගතය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා සාර්ථකත්වය ලබා ගත යුතුයි. ඔබ උපත් 21කට උරුමය හිමි කරගත යුතුයි. එබැවින් මෙම එක උපත සහ උපත් 21ක් අතර විශාල වෙනසක් තිබේ. මෙම එක උපතෙදි වුවද, ඔබ දීර්ඝ කාලයක් තීව්‍ර උත්සාහ දැරිය යුතුයි, මන්ද, ඔබ දීර්ඝ කාලයක් පුරාවට ලැබීම් අත්කර ගන්නේ එවිට පමණයි. ඔබ තුළ පියා කෙරෙහි සෙනෙහස තිබේ, එබැවින් ඔබට ඔහු සමග හිඳීමට අවශ්‍යයි නේද? ඔබට ඔහු සමීපයේ සිටීමට අවශ්‍ය්‍යි නේද? බ්‍රහ්ම පියාගේ සහකරුවන් වී, රාජධානියට අයිතියක් හිමි කරගැනීමට ඔබට අවශ්‍යයි නේද? එබැවින් දැන් වුවද, ඒතරම්ම කාලයක් ඔබ පියාට සමාන විය යුතුයි. සෑම දරුවෙක් වෙනුවෙන්ම බ්‍රහ්ම බාබා තුළ කෙතරම් සෙනෙහසක් තිබේද කියා ඔබ සියලු දෙනාම දැනටමත් දන්නවා. සෑම කෙනෙක්ම පවසන්නේ: “මගේ බාබා. බාබා තුළ, මා කෙරෙහි ඇති සෙනෙහස තරම් වෙන කෙනෙකුට සෙනෙහසක් නැත. ඔහු තුළ මට බොහෝ සෙනෙහස තිබේ.’ එබැවින් මෙම උපතෙදි බාප් සහ දාදා යන දෙදෙනාගේම සෙනෙහස ඔබ අත්විඳිනවා; එමෙන්ම ඔබ සෙනෙහස දක්වන කෙනාට, ඔබට කිසිදා බැහැ කියා කිව නොහැක. ඉතිං ඔබ සියලු දෙනාට බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබේ. ඔබ තුළ කොපමණ සෙනෙහස තිබෙනවාද? ඔබට බොහෝ සෙනෙහස තිබේ. ඇතැම් විට ඔබට එය පෙන්විය නොහැකි වෙයි, නමුත් සියලුම දරුවන් ඔහුට සෙනෙහස පාන බව, පියා දන්නවා. එය අංක පිළිවෙලයි, නමුත් ඒ තිබියදි බාප්දාදා සියලු දෙනාට සහතිකයක් ලබා දෙනවා, මන්ද සෑම දරුවෙක් තුළම ඔහු කෙරෙහි සෙනෙහස තිබේ. ඔබ තුළ ඔහුට සෙනෙහස තිබේ, නමුත් ඔබ විටෙක දඟකම් කරන බව පියා දැක තිබෙනවා. ඉතිං පරම පියා ඒ වෙලාවට කරන්නේ කුමක්ද? ඒ සියල්ල දැක, පියා අඛණ්ඩව විශේෂ බලය ලබා දෙයි, මන්ද, ඔහුට අවශ්‍ය වන්නේ, ඔහුගේ සෑම දරුවෙක්ම රජ දරුවෙක් කිරීමටයි. ලෝකයේ, විශේෂ ආදරණීය දරුවෙක්ව හඳුන්වන්නේ, ‘රාජ-බච්චා!’ කියා (රාජකීය රජ දරුවා). ඔහු රජෙක් නොවෙයි, නමුත් ඔහුට අමතන්නේ රජෙක් කියා. ඔබ සියලු දෙනා දැන් බාප්දාදාගේ රජ දරුවන්ය, එමෙන්ම අනාගතයේද ඔබ රජ දරුවන් වෙයි. වර්ථමානයේ ඔබට ස්ව-අභිමානය සහ ස්ව-ආධිපත්‍යය තිබේ. දැන් ඔය ජීවාත්ම ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් මත පාලනය කරයි. එබැවින් වර්ථමානයේ ඔබ තමන්ගේ පාලකයන් වන අතර අනාගතයේ ඔබ රාජධානියට අයිතියක් ඇති අය වෙයි. එබැවින් ඔබ රජ දරුවන් නොවේද? ඔබ මෙය නම් හිස වනන්න!

ඉතිං, අද අම්රිත් වේලාවේ, බාප්දාදා සෑම තැනකම සංචාරයක යෙදුණා: මේ දේශයේ සහ විදෙස් රටවල. ඔහු දුටුවේ කුමක්ද? ඔබගෙන් බහුතරයක් අම්රිත් වේලාවේ යෝගාවේ අසුන්ගනී. ඔබ සෙනෙහසින් අසුන්ගනී, ඔබ බාප්දාදා සමග සතුටු සාමීචියේ යෙදෙයි, ඔබ බාප්දාදාගෙන් බලය පවා ගනී. කෙසේවෙතත්, බාප්දාදාට අවශ්‍ය වන්නේ නව වසරේ නවතාවයක් තිබිය යුතු බවයි, මන්ද, දිනෙන් දින, කාලය දැන් වැඩි වැඩියෙන් සංවේදී වීමට යනවා. එවන් කාලයකදි, ඔබට දැන් ගිණි කන්දක් වැනි (තීව්‍ර) යෝගාව තිබීම අත්‍යාවශ්‍යයි. ගිණි කන්දක් වැනි යෝගාව යනු, ආලෝකය සහ ශක්තියේ බලවත් ස්වරූපයක සිටීමයි, මන්ද, කාලයට අනුව, දුක, අශාන්තිය සහ කැලඹීලි දැන් වැඩි වීමට යනවා. මේ නිසයි ඔබ දැන් ඔබගේ විශේෂ ගිණි කන්දක් වැනි යෝගාවෙන් එම දුකින් සහ කැලඹිල්ලෙන් සිටින ජීවාත්මයන්ට බල ලබා දිය යුත්තේ. ඔවුන්ගේ දුක සහ අසාමය වෙනුවට, ඔබගේ මනසේ සේවයෙන් ඔබ ඔවුන්ට යම් ශක්තීන් සහ සාමය ලබා දිය යුතුයි. ඔබ වත්මන් කාලයට මෙම තේමාව ගෙන තිබේ: “එක පවුලක්”. දැන් මෙය එක පවුලක් බැවින්, එයට අනුව, අසාමයෙන් සිටින ජීවාත්මයන්ට, ඔබ එක හෝ තව දෙයක බිඳක් ලබා දිය යුතුයි. එබැවින් බාප්දාදා දැන් විශේෂයෙන් පැමිණෙන නව වසර තුළදි ගිණි කන්දක් වැනි යෝගාවේ අවශ්‍යතාවයට ඔබගේ අවධානය යොමු කරනවා. දැන් ගිණි කන්දක් වැනි යෝගාවේ අවශ්‍යතාවයක් තිබේ. ඉතිරිව ඇති සංස්කාර පිළිස්සී යන්නේ ඔබගේ ගිණි කන්දක් වැනි යෝගාව තුළින් පමණයි.

දැන් පෙර ගමන් ගිය ඔබගේ සහකරුවන්ට (advance party) අවශ්‍ය වී ඇත්තේ, ඔය සෑම කෙනෙක්ම කාලය සහ පරිසමාප්තියේ කාලය, සියලු දෙනා ඉදිරියට ගෙන ආ යුතු බවයි. දැන් ආපසු යන ගමන සිහි කරන්න. ඔබගේ දීදී (මන්මෝහිනී දීදී) ඔබට මතක් කර දෙනවා: මා සෑම විටම මෙය සිහි කළා: ‘අපි දැන් ආපසු නිවහනට යා යුතුයි. අපි නිවසට යා යුතුයි’. ඔබගේ දාදී ඔබට මතක් කර දෙන්නේ: ‘අප සියලු දෙනාම පරිසමාප්ත සහ අංග සම්පූර්ණ විය යුතු බව, මා සෑම විටම සිහි කළා, මට සෑම විටම මෙම ගැඹුරු සැලකිල්ල තිබුණා.’

ඉතිං අද, විශේෂයෙන් අම්රිත් වේලාවේ, බාප්දාදා සමග හමුවක් සමරන අතරේ ඔවුන් මෙසේ පවසමින් සිටියා: දැන් අප සියලු දෙනා වෙනුවෙන්, පිටව ගොස් ඇති සියලුම දාදීන් එකතුව මෙසේ පවසනවා: දැන් ගිණි කන්දක් වැනි යෝගාව සඳහා විශාල අවශ්‍යතාවයක් තිබෙනවා, අන් අයට ශාන්තිය ලබා දීමට හෝ බ්‍රහ්මින් පවුල සම්පූර්ණ කිරීම සඳහා. කාලය සමීපයට ගෙන ඒමට දැන් උපකරණ වන්නේ ඔබයි. එබැවින් පැමිණෙන වසරේ ඔබ කුමක්ද කරන්නේ? ඔබ විශේෂයෙන් සිදු කරන්නේ කුමක්ද? එකිනෙකා සමග ආදරණීය සහ සහයෝගී වනවාට අමතරව, සෑම මධ්‍යස්ථානයක්ම ගිණි කන්දක යෝගාවේ චිත්ත තරංග නිර්මාණය කරයි. එකිනෙකා සමග ආදරණීය සහ සහයෝගී වනවාට අමතරව සෑම කෙනෙක්ම ක්‍රියා සිදු කරන අතර අවධානය යොමු කරයි; තවමත් ඉතිරිව ඇති දුර්වලතා වලට ඔබ සහයෝගය ලබා දෙයි. ඔබගේ මනසින් තව බොහෝ ජීවාත්මයන්ට සේවය කරන්න, එමෙන්ම විශේෂයෙන් ඔබගේ සහයෝගය තුළින් ඔබගේ බ්‍රහ්මින් සහකරුවන්ට සේවය කරන්න. ඔවුන්ගේ හදවත්වල ආශා ඉටු වන්නේ එවිට පමණයි. ඉතිං අද පෙර ගමන් ගිය කණ්ඩායම සූක්ෂම කලාපයේ සිට මතක් කර දෙන අතර, පැමිණෙන වසර වෙනුවෙන් ඔවුන්ගේ හදවත් වල ඇති බලාපොරොත්තු ගැනත් ඔබට පවසනවා. එබැවින් කතා කරන්න! ඔබට දැනටමත් බාප්දාදාගේ සිතිවිල්ල ඇසුණා, එමෙන්ම එය සමගම එලඹෙන වසර වෙනුවෙන් ඔබගේ දාදීලාගේ පිවිතුරු හැඟීම් ගැනත් ඔබට ඇසුණා නේද? ඔබ දුර්වල වුනත්, ඔබ තීව්‍ර උත්සාහ දරන්නන් වුනත්, බාප්දාදා ඔය සියලුම දරුවන්ට තුන් ආකාරයක සුබ පැතුම් ලබා දෙනවා.

1) ඔබගේ නව දිවියට සුබ පැතුම්. 2) නව වසරට සුබ පැතුම්. 3) සහකරුවෙක් ලෙස නව ලෝකයට ආපසු යාම වෙනුවෙන් සුබ පැතුම්.

තවද බාප්දාදා මෙසේ පවසා තිබේ: ඔය සෑම කෙනෙක්ම තමන් වෙනුවෙන් කාලයක් නියම කරගත යුතුයි: මා පරම පියාට සමාන වන්නේ කවදා වන විටද? මෙය අභ්‍යන්තරයෙන් තමන් වෙනුවෙන් නියම කරගන්න. මෙය නියම කරගන්න අන්දම ඔබ දන්නවා නේද? අද දින, සෑම දරුවෙක්ම දැක, බාප්දාදා මෙම ආශිර්වාදය ලබා දෙනවා: ලබන වසරේ, සෑම දරුවෙක්ම තීව්‍ර උත්සාහ දරන්නෙක් වේවා. අම්රිත් වේලාවේ, ඔබ සිහි කිරීමට අසුන්ගන්න විට සහ ඔබට නැගිටීමට වෙලාව පැමිණෙන විට, බාප්දාදාගෙන් ලද මෙම ආශිර්වාදය ඔබගේ හදවතින් සිහිපත් කරන්න: ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වේවා. ආරම්භයේදි බාප්දාදා කරුණු දෙකකට ඔබගේ අවධානය යොමු කළා, මන්ද, සංගම යුග කාලය, හදිසියේ අවසන් වීමට යනවා. 1) කාලයට. 2) ඔබගේ සිතිවිලි වලට. සෑම මොහොතකම මෙම කරුණු දෙකට අවධානය යොමු කරන්න. සෑම දරුවෙක් වෙනුවෙන්ම බාප්දාදා තුළ ඇති පිවිතුරු හැඟීම් මේවාය: මෙම වසරේ, සෑම දරුවෙක්ම විය යුත්තේ කුමක්ද? ඔබ කවුරු බවටද පත් වන්නේ? ඔබගේ මුහුණ දෙස බලන ඕනෑම කෙනෙක්, ඔබගේ මුහුණින් ඔබගේ සුරදූත ස්වරූපය දැකිය යුතුයි. මම ‘අහවල් කෙනා, අහවලා’ නොවෙයි. ඔබ සුරදූතයෙක් ලෙස ඔවුන් අත්විඳිය යුතුයි; එබැවින් මේ සඳහා, ඔබට ගිණි කන්දක් වැනි යෝගාව තිබිය යුතුයි. නිෂ්ඵලත්වය නැති! ඔබගේ යෝගාවේ ආලෝක සහ ශක්ති ස්වරූපයෙන් සියලු නිෂ්ඵලත්වය පුළුස්සා දමන්න. ඔවුන් කවුරු දෙස බැලුවත්, ඔවුන්ට දෑකීමට හැකි විය යුත්තේ, බලවත් සුරදූතයෙක් පමණයි. මන්ද, ඔබ පරම පියාගේ බොහෝ-කලක් නැතිව සිට දැන් හමුවූ දරුවන් නේද? බොහෝ විවිධ ස්ථාන වලින් පියා ඔබව විශේෂයෙන් තෝරාගෙන ඔබව ඔහුට අයිති කරගත්තා.

එබැවින්, මෙම අරමුණ තබාගන්න: මම සුරදූතයෙක් වීමට යන බ්‍රහ්මින් කෙනෙක්. එබැවින් අම්රිත් වේලාවේ, ඔබගේ කාල සටහනේ මෙය මතක තබාගන්න: මම බ්‍රහ්මින් කෙනෙක් එබැවින් සුරදූතයෙක්. ඔබ ගමන් කරන අතර ඔබගේ සුරදූත ස්වරූපයේ රැඳී සිටින්න. ඔබ සුරදූත ස්වරූපයට කැමතියි නේද? බ්‍රහ්ම පියා සුරදූතයෙක් විය; එබැවින් පියා අනුගමනය කරන්න!

මේ වසර වෙනුවෙන් ඔබට ආශිර්වාදය ලබා දුන්නා. තීව්‍ර උත්සාහ දරන්නෙක් - සාමාන්‍ය උත්සාහ දරන්නෙක් නොව. ඔබ සාමාන්‍ය උත්සාහයක් දරන්නේ නම්, ඔබ රාජධානියේ සහකරුවෙක් නොවෙයි. පරම පියාගේ ආශාව වන්නේ: මුරලිය ඉගෙන ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව කුමක්ද, දේවමය ශිෂ්‍යයන් කී දෙනෙක් සිටිනවාද, ඔවුන් සියලු දෙනාම කවුරු බවටද පත්වන්නේ? සුරදූතයන්. සියලු බර ඉවත් කෙරෙයි. සියලු සංස්කාර වල බර අවසන් වෙයි. එසේ නම් මේ වසරට ගෙදරවැඩ මොනවාද? එය: සුරදූත ස්වරූපයේ සිටින්න. මෙය හැඳින්වෙන්නේ තීව්‍ර උත්සාහය ලෙසයි. දැන්, සෑම මධ්‍යස්ථානයක්ම, සෑම සතියකම, සියලුම ශිෂ්‍යයන්ගේ ප්‍රතිඵලය දෙස බලමින්, මෙය බැලිය යුතුයි: ඔවුන් තීව්‍ර උත්සාහ දරන්නන් වුණාද? ඕනෑම සිදුවීමක් පැන නඟින්නේ නම්, සහයෝගී වී, එඩිතරකම සමග සෙනෙහස ලබා දී, එම මධ්‍යස්ථානය සහ එහි ශිෂ්‍යයන්ව තීව්‍ර උත්සාහ දරන්නන් බවට පත් කරන්න. සෑම සතියකම ප්‍රතිඵලය දෙස බලන්න, මන්ද, කාලය නියත වශයෙන්ම චංචල වෙයි.

ඉතිං, අද, සංගම දිනයේදි, සමුදීමේ සහ සුබ පැතුම් ලබා දෙන දවසේ, ඔබ කොහේ අසුන්ගෙන සිටියත් ඔය සියලුම දරුවන්ට: විද්‍යාවේ පහසුකම් තුළින් ඔය සියලුම දරුවන් සෑම දෙයක් දෙස බලමින් බොහෝ සතුටු වන අන්දම බාප්දාදා දකිනවා. සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට බාප්දාදා විශේෂ ආශිර්වාදයක් ලබා දෙනවා: ඔබ නිරන්තර තෘප්තිමත් මැණිකක් වේවා. තෘප්තිමත්ව රැඳී සිට, අන් අයව තෘප්තිමත් කරන්න. අච්චා.

දැන්, දාදීලා එකට එකතු වී නව සැලසුමක් සෑදිය යුතුයි. ඔබ කියන්නේ කුමක්ද? (දාදී ජන්කි පැවසුවේ: බාබා, ජනවාරී මාසය ඉතා වැදගත්. සියලු දෙනාම එකට එකතු වී, ජනවාරී මාසයේ උත්සාහ දරන්නේ නම්, එවන් සේවයේ සැලසුමක් සාදන්නේ නම්, එනම්, ‘මගේ බාබා’ යන හැඟීම සෑම කෙනෙකුගේම හදවතේ ගැඹුරින් ඉස්මතු වන අන්දමට - මගේ හැඟීම මෙයයි.)

බාප්දාදාට නව වසරේ යම් නවතාවයක් අවශ්‍යයි. එම සංස්කාරම ඔහුට අනවශ්‍යයි. සෑම දරුවෙක්ම, පියාට සමාන ලෙසින් දිස්විය යුතුයි. බ්‍රහ්ම පියාව අනුගමනය කරන්න. පියා ඉදිරියේද අවස්ථා සහ සිදුවීම් පැන නැගුණා, ඒ තිබියදි වුවද, ඔහු සුරදූතයෙක් විය. ඔය සෑම කෙනෙක් තුළම, තමන් වෙනුවෙන් මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න: මම සුරදූතයෙක් විය යුතුයි. තමන් වෙනුවෙන් මෙම සිතිවිල්ල තිබෙන විට, ඔබ එයට අවධානය යොමු කරයි: මා මෙය විය යුතුයි. ඔබ මෙය බවට පත් වන විට, ඔබ ස්වභාවිකවම එම තරංග විහිදුවා හරියි. ඉතිං ඔබ දැනට තබා ඇති අරමුණ කුමක්ද? මම සුරදූතයෙක් විය යුතුයි. කතා කරන්න! මෙය ස්ථිරයිද? අච්චා. හදවතින් බොහෝ, බොහෝ සෙනෙහස සහ ඔබ සියලු දෙනාටම සුබ පැතුම්.

වරදානය:
ඔබ, ඒකායන පියා සමග සියලු ගිණුම් සහ සියලු සම්බන්ධතා ඇති, ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයෙක් වේවා.

ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයන් (double light) වීම සඳහා, ශරීර පිළිබඳ සෑම අවධානයක්ම ඉක්මවා සිටින්න, මන්ද, ශරීර අවධානය යනු මඩය, එමෙන්ම ඔබට එම බර ඇත්නම්, ඔබට පීඩනයක් දැනෙයි. සුරදූතයන් යනු තමන්ගේම සිරුරු සමග පවා සම්බන්ධතාවයක් නොමැති අයයි. පරම පියා ඔබට ලබා දුන් සිරුර, ඔබ පියාට ලබා දී තිබේ. තමන්ගේ දෙයක් ඔබ වෙනත් කෙනෙකුට ලබා දුන් පසුව, එය සමග ඔබගේ සම්බන්ධතාවය අවසන් වෙයි. ඔබගේ සියලු ගිණුම් සහ ඔබගේ සියලු ගනු-දෙනු දැන් පියා සමගයි, මන්ද, අතීතයේ සියලු ගිණුම් සහ සබඳතා දැන් අවසන් වී ඇත. ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයන් වන්නේ, එවන් පූර්ණ යාචකයන් වන අය පමණයි.

පාඨය:
ඔබගේ විශේෂතා භාවිතා කරන්න, එවිට ඔබ සෑම පියවරකදීම ප්‍රගතිය අත්දකියි

අව්‍යක්ත සංඥාව: අන් අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.

අන් අයගෙන් යමක් ලැබීමෙන් පසු පමණක් අන් අයට ලබා දීමේ ආශාව නොතිබිය යුතුයි. ඔබගේ සිතිවිලි තුළට වත් මෙය ඇතුළු නොවිය යුතුයි: මේ කෙනා මේ දේ කළොත්, එවිට මා මෙය කරන්නම්, මේ කෙනා වෙනස් වුනොත්, එවිට මා වෙනස් වෙන්නම්; ඔවුන් ටිකක් වෙනස් වුනොත් පමණක් මාද ටිකක් වෙනස් වෙන්නම්. යාචකයන්ව පවා සියලු සම්පත් වලින් පුරවා, ඔවුන්ට අපහාස කරන අයව ඉහළ නංවන අයට පමණයි, අන් අයව ඉහළ නැංවීමේ හැඟීම් වලින් පිරි සිටිය හැකි වන්නේ.